Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
SAITM අවනඩුව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

SAITM අවනඩුව මගේ ඇසින්

Posted on February 3, 2017

https://ajperera.wordpress.com/2017/02/03/saitm-අවනඩුව-මගේ-ඇසින්/

මාගේ මිතුරන් කීපදෙනෙකු අද ගුවන් නියමුවන් ලෙස ජාත්‍යන්තර තලයේ සේවය කරති. ඔවුන් ගෙන් ඇතැමෙකු අ.පො. උසස් පෙළ අසමත් ය. මගේ බිරිඳ සහ දියණිය සමඟ මා පියාසර කරන විට එම මිතුරන් සේවය කරන ගුවන් සමාගම් මඟ ඇරීමට මම උත්සහ නොකරමි. මා අසුන් ගෙන සිටින ගුවන් යානයේ ගුවන් නියමුවා එම මිතුරෙකු බව දැනගත්තොත් මට දැනෙනු ඇත්තේ පුදුමාකාර සතුටකි. අප ගමනේ සුරක්ෂිය භාවය ගැන මසිතේ මොහොතකට වත් කුකුසක් නොදැනේ මන්දයත් ඔවුන් යානයේ සුක්කානම හසුරුවන්නේ..ඔව්, අධික මුදලක් යට කර ලැබූ පුද්ගලික අධ්‍යාපනයකිනි, නමුත් ප්‍රමාණවත් සුදුසුකම් සහ ප්‍රයෝගික පුහුණව නොමැතිව එම අසුනේ වාඩි විය නොහැකි බව මට විශ්වාස බැවිනි.

එම විශ්වාසය හෙට SAITM වෛද්‍යවරයෙකු කෙරෙහි ඔබට මට තිබේ ද? එසේ නොමැති නම්, ඒ එහි උගත් සිසුන්ගේ පුද්ගලික අඩු පාඩුවක් නිසා නොව, හොර පාරෙන් අටවා ගත් ආයතනයේ බරපතල වරදක් නිසා ය. එම වරද අතකොළුවක් කරගෙන සිය පුත්ගලික න්යායපත්ර මුදුන් පමුණුවා ගැනීමට කටයුතු කරන්නන් ගේ ක්‍රියාවන් නිසා ය.

SAITM ආයතනයේ පියා S. B. දිසානායක මහතා යි. ඔහු කවරෙක් ද යත්, ප්රජාතන්ත්රවාදයේ කල හැකි දරුණුම අපරාධයක් වන හොර ඡන්ද දැමීම [1], [2] පමණක් නොව එම ක්‍රියාව ආභරණයක් සේ ප්‍රසිද්ධියේ පැළඳීමට තරම් අවලජ්ජාසහගත පුද්ගලයෙකි. SAITM ආයතනය ට වලංගුතාවයක් ලැබෙන ගැසට් පත්‍ර නිකුත් කළේ, ඔහු රටේ සෞඛ්‍ය ක්ෂේත්රය සහ දරුවන් ගේ අධ්‍යාපන අයිතිය ගැන සිතාමද?

වෛද්‍ය සභාව කෙතරම් අපක්ෂපාතී ද?

ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් SAITM වෛද්‍ය අධ්‍යාපනයේ ගුණාත්මක අඩුපාඩු මෙසේ ඉදිරිපත් කර ඇත. වෛද්‍ය සභාව සිය රාජකාරිය අකුරටම ඉෂ්ඨ කර ඇති බව පෙනේ. එය ට මගේ ආචාරය. මට මතුවන පැනය නම්, වෛද්‍ය සභාව, විදේශීය විශ්වවිද්‍යාල වලටද එම හැන්දෙන් ම බෙදයි ද යන්න යි.

බංග්ලාදේශයේ USTC පුද්ගලික විශ්ව විද්‍යාලය, වෛද්‍ය සභාව විසින් 2014 වසර මැදක් වන තෙක් පිළිගත් ආයතනයකි. ශ්‍රී ලාංකීය සිසුන් 200 ට අධික පිරිසක් එම විශ්ව විද්‍යාලයේ වෛද්‍ය උපාධිය හදාරා ඇත. 2014 සිට අද දක්වා එම විශ්වවිද්‍යාලය බංග්ලාදේශ වෛද්‍ය සභාව (BMDC) විසින් ගුණාත්මක කරුණු මත පදනම් කරගෙන ප්‍රතික්ෂේප කර ඇත [3]. ශ්‍රී ලංකා වෛද්‍ය සභාව, එම තීරණය මත පදනම් කරගෙන USTC විශ්වවිද්‍යාලය 2014 වසරෙදී සිය පිළිගත් විශ්වවිද්‍යාල ලැයිස්තුවෙන් ඉවත් කරන ලදී [4]. ආරංචි මාර්ග අනුව, USTC හිටපු හිමිකරු බංග්ලාදේශයේ ප්‍රබල ප්රභූවරයෙකු වන අතර ඔහු ජීවතක්ෂයට පත් වීමත් සමඟ USTC ආයතනය BMDC විසින් ප්‍රතික්ෂේප වූ බවත් ප්‍රමිතිය අඩු වීමට හේතු 2014 ට පෙර වකවානුවේ සිට පවතී බවත් ය. තව කෙතරම් මෙවැනි විදේශ විශ්වවිද්‍යාල, වෛද්‍ය සභාවේ පිළිගැනීම ලැබී ඇති ද?

අභියාචනාධිකරණය පසුගිය දින SAITM ආයතනයට වාසිදායක රික්ටආඥාවක් නිකුත් කළේ ද වෛද්‍ය සභාව සිය රාජකාරියේ දී අනුගමනය කල මෙවැනි ම දෙබිඩි පිළිවෙතක් හුවා දක්වමිනි [5], [6].

GMOA ඒකාධිකාරිය

රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය මෙම අර්බුදයේ දී SAITM සිසුන් ට සායනික පුහුණුව ලැබීම වලකමින් භූමිකාවක් රඟ දක්වයි. GMOA යනු හුදු වුර්තීය සමිතියකි. ඔවුන් සිය වුර්තිකයන්ගේ ඒකාධිකාරය රැක ගැනීම සඳහා ඉතා වගකීමෙන් කටයුතු කරයි. එහිදී රෝගීන් වුවද ප්‍රාණ ඇපයට ගනිමින් එය සිදු කරයි. SAITM ආයතනයට එරෙහි ඔවුන්ගේ ප්‍රතිපත්තිය තර්කානුකූල ය. නමුත් එම තර්ක අවංක ද? නැතිනම්, සිය ඒකාධිකාරී සංගමයේ කේවල් කිරීමේ බලය ට තර්ජනයක් වන මාර්ග අවහිර කිරීමක් ද?

අධ්‍යාපනයේ නිදහස ද නිදහස් අධ්‍යාපනය ද?

අධික ආදායම් සහ සම්පත් විෂමතාවයක් තියෙන රට ක උසස් පෙළ ප්‍රතිඵල මත සිසුවෙකුගේ බුද්ධිමත් අබුද්ධිමත් බව තීරණය කිරීම සර්ව සාධාරණ නැත.

බඩට හරි හැටි අහරක් නැතිව හවසට ගල් කොරියක වැඩ කර උදේට ගුරුවරු නැති ගමේ පාසල් යන සිසුවා සහ සුපිරි පාසලෙන් උපකාරක පන්තියට සහ එතනින් නිවසට සුඛෝපභෝගී රථයේ පිටුපස ආසනයේ ගමන් ගන්නා සිසුවා ද එකම විභාගයට සහ එකම කඩයිම් ලකුණු වලට යටත් ය.

දිස්ත්‍රික් කුසලතා මත පදනම් වූ ප්‍රවේශය මඟින් යම් දුරකට එම විෂමතාවය මඟ හැරී යනු ඇත. නමුත්, ඇතැම් ඇති හැකි පිටිසර සිසුන්, කොළඹ හෝ ප්‍රධාන නගර අවට නවාතැන් ගෙන උපකාරක පන්ති ගොස් අඩු කඩයිම් ලකුණු මත රාජ්‍ය විශ්වවිද්‍යාල ප්‍රවේශ ලබන බව නොදන්නා රහසක් නොවේ.

අධ්‍යාපනය මිළ දී ගන්නවා යැයි පුද්ගලික විශ්වවිද්‍යාලයීය සිසුන්ව හංවඩු ගහන ඇතැම් රජයේ සිසුන්, තමා ද රජයේ විශ්ව විද්‍යාලයකට ප්‍රවේශ ලැබුවේ තමාට වඩා දුප්පත් දරුවකු ව අභිබවා යාමට මුදල් කරමතින් උපකාරක පන්ති ගොස් ඇති බව අමතක කරමිනි.

රටේ අන්ත දුගී දුප්පත් දරුවන්ට කිසිම විශ්වවිද්‍යාලයක අධ්‍යාපනයට ‘නිදහසක්’ නැත. සැබවින්ම නියම ජාතික අරගලය නම්, උපකාරක පන්ති අහෝසි වන තත්වයකට රටේ සියලු පාසල් වලට සම්පත් බෙදී යාම සඳහා පාලකයන් දක්කාගෙන යාමයි. තමා ට වඩා නැති කෙනා වෙනුවෙන් සටන් කිරීම පසෙක ලා තමා ට වඩා ඇති කෙනෙකුට අකුල් හෙලීම හෝ ඇති අය කල දුටු කල වල ඉහ ගැනීම, අධ්‍යාපනයේ නිදහස වෙනුවෙන් පෙනී සිටීමක් නොවේ.

පුද්ගලික වෛද්‍ය අධ්‍යාපනය ලංකාවට යෝග්‍ය ද?

ශ්‍රී ලංකාවට පුද්ගලික වෛද්‍ය අධ්‍යාපනය යෝග්‍ය ද නැති ද යන්න සංකීර්ණ මාතෘකාවකි. ඒ ගැන පුළුල්, තර්කානුකූල, අදේශපාලනික විග්‍රහයක් මෙම ලිපියේ දැක්වේ.එම ලිපියට අනුව, දූෂිත ලාංකීය දේශපාලන සංධර්භය තුල දීර්ඝ කාලීනව බැලූ කල පුද්ගලික වෛද්‍ය අධ්‍යාපනය රට ට අයහපත් වනු ඇති බව මගේ තේරුම් ගැනීමයි. සමාජ සුභසාධන හා මානව සංවර්ධන දර්ශක වලින් ලොව ඉදිරෙයෙන් ම සිටින ස්කැන්ඩිනෙවියානු රටවල විවිධ අධ්‍යාපන ක්ෂේත්‍ර පෞද්ගලිකරණය වුවද වෛද්‍ය අධ්‍යාපනයේ පුද්ගලීකරණයට දොරගුළු වැසී ඇත්තේ එම රටවල් ධනවත් නිසා පමණක් නොවේ. නොර්වේ හි ද සුවිශ්ෂ්ටතම ලකුණු ලාභින් පමණක් නොමිලේ රාජ්‍ය වෛද්‍ය අධ්‍යාපනයට හිමිකම් කියන අතර අනෙකුත් සිසුන් නැගෙනහිර යුරෝපීය රටවල මුදල් ගෙවා එම අධ්‍යාපනය ලබයි.

මාලඹේ වෛද්‍ය පිඨය හෝ එයින් ඔබ්බට ගිය වෛද්‍ය අධ්‍යාපනයේ පුද්ගලීකරණය සම්බන්ධව පුළුල් විද්වත් කතිකාවක් වෙනුවට මා අසා ඇත්තේ ‘හොර උපාධි කඩ’ වැනි සිල්ලර සටන් පාඨ පමණයි. අනෙක එම සටනේ පෙරමුණ, රාජ්‍ය විශ්වවිද්‍යාල සිසුන් විසින් ගෙන යාම, සටන හෑල්ලු වීමට කරුණකි. එමෙන්ම ලංකාවේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකම පුද්ගලික අධ්‍යාපනයට අනුබල දෙන බැවින් මෙම සටන බෙහෙවින් දුෂ්කර ය.

වැරදි සහ ව්‍යාජ ක්‍රමවේද නිසා SAITM ආයතනය අර්බුදයක් විය. එක් වැරැද්දක්, තවත් වැරැද්දකින් නිවැරදි නොවේ. අභියාචනාධිකරණ තීන්දුව වැදගත් හා කාලෝචිත එකකි. මාලඹේ වෛද්‍ය පීඨය රජය ට වග කියන සහ නිවැරදි ප්‍රමිතියකින් නියාමනයන වන ආයතනයක් බවට පත් කිරීම තුලින් එහි අවාසි අවම කරගත හැක, එහි සිසුන් කෙරෙහි ඇති අවිශ්වාසය මඟ හරවා ගත හැක. නමුත් අවසානයේදී.. සුක්කානම ඇත්තේ දේශපාලකයා අතෙහි ය. මුදල් ආකරයක සෙවනැළි පෙනෙන මෙවන් ගණුදෙනුවක් දීර්ඝකාලීන රටේ සුභ සිද්ධිය වෙනුවෙන් හසුරුවන ලබන දේශපාලකයෝ අද සිටිති ද? ක්‍රිස්ටෝෆර් විලියම් විජේකෝන් කන්නන්ගර මහතා මේ මොහොතේ දී මට සිහිපත් වෙන්නේ අසීමත කෘතඥතාවයකි නි.

[QUOTE="Sri_Sampath, post: 21215645, member: 264139"] [SIZE="3"][SIZE="4"][CENTER]SAITM අවනඩුව මගේ ඇසින් Posted on February 3, 2017[/CENTER][/SIZE][CENTER] [url]https://ajperera.wordpress.com/2017/02/03/saitm-අවනඩුව-මගේ-ඇසින්/[/url] [/CENTER] මාගේ මිතුරන් කීපදෙනෙකු අද ගුවන් නියමුවන් ලෙස ජාත්‍යන්තර තලයේ සේවය කරති. ඔවුන් ගෙන් ඇතැමෙකු අ.පො. උසස් පෙළ අසමත් ය. මගේ බිරිඳ සහ දියණිය සමඟ මා පියාසර කරන විට එම මිතුරන් සේවය කරන ගුවන් සමාගම් මඟ ඇරීමට මම උත්සහ නොකරමි. මා අසුන් ගෙන සිටින ගුවන් යානයේ ගුවන් නියමුවා එම මිතුරෙකු බව දැනගත්තොත් මට දැනෙනු ඇත්තේ පුදුමාකාර සතුටකි. අප ගමනේ සුරක්ෂිය භාවය ගැන මසිතේ මොහොතකට වත් කුකුසක් නොදැනේ මන්දයත් ඔවුන් යානයේ සුක්කානම හසුරුවන්නේ..ඔව්, අධික මුදලක් යට කර ලැබූ පුද්ගලික අධ්‍යාපනයකිනි, නමුත් ප්‍රමාණවත් සුදුසුකම් සහ ප්‍රයෝගික පුහුණව නොමැතිව එම අසුනේ වාඩි විය නොහැකි බව මට විශ්වාස බැවිනි. [CENTER][IMG]https://ajperera.files.wordpress.com/2017/02/1254935948_how_to_be_a_pilot.gif?w=584[/IMG][/CENTER] එම විශ්වාසය හෙට SAITM වෛද්‍යවරයෙකු කෙරෙහි ඔබට මට තිබේ ද? එසේ නොමැති නම්, ඒ එහි උගත් සිසුන්ගේ පුද්ගලික අඩු පාඩුවක් නිසා නොව, හොර පාරෙන් අටවා ගත් ආයතනයේ බරපතල වරදක් නිසා ය. එම වරද අතකොළුවක් කරගෙන සිය පුත්ගලික න්යායපත්ර මුදුන් පමුණුවා ගැනීමට කටයුතු කරන්නන් ගේ ක්‍රියාවන් නිසා ය. SAITM ආයතනයේ පියා S. B. දිසානායක මහතා යි. ඔහු කවරෙක් ද යත්, ප්රජාතන්ත්රවාදයේ කල හැකි දරුණුම අපරාධයක් වන හොර ඡන්ද දැමීම [1], [2] පමණක් නොව එම ක්‍රියාව ආභරණයක් සේ ප්‍රසිද්ධියේ පැළඳීමට තරම් අවලජ්ජාසහගත පුද්ගලයෙකි. SAITM ආයතනය ට වලංගුතාවයක් ලැබෙන ගැසට් පත්‍ර නිකුත් කළේ, ඔහු රටේ සෞඛ්‍ය ක්ෂේත්රය සහ දරුවන් ගේ අධ්‍යාපන අයිතිය ගැන සිතාමද? වෛද්‍ය සභාව කෙතරම් අපක්ෂපාතී ද? ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් SAITM වෛද්‍ය අධ්‍යාපනයේ ගුණාත්මක අඩුපාඩු මෙසේ ඉදිරිපත් කර ඇත. වෛද්‍ය සභාව සිය රාජකාරිය අකුරටම ඉෂ්ඨ කර ඇති බව පෙනේ. එය ට මගේ ආචාරය. මට මතුවන පැනය නම්, වෛද්‍ය සභාව, විදේශීය විශ්වවිද්‍යාල වලටද එම හැන්දෙන් ම බෙදයි ද යන්න යි. බංග්ලාදේශයේ USTC පුද්ගලික විශ්ව විද්‍යාලය, වෛද්‍ය සභාව විසින් 2014 වසර මැදක් වන තෙක් පිළිගත් ආයතනයකි. ශ්‍රී ලාංකීය සිසුන් 200 ට අධික පිරිසක් එම විශ්ව විද්‍යාලයේ වෛද්‍ය උපාධිය හදාරා ඇත. 2014 සිට අද දක්වා එම විශ්වවිද්‍යාලය බංග්ලාදේශ වෛද්‍ය සභාව (BMDC) විසින් ගුණාත්මක කරුණු මත පදනම් කරගෙන ප්‍රතික්ෂේප කර ඇත [3]. ශ්‍රී ලංකා වෛද්‍ය සභාව, එම තීරණය මත පදනම් කරගෙන USTC විශ්වවිද්‍යාලය 2014 වසරෙදී සිය පිළිගත් විශ්වවිද්‍යාල ලැයිස්තුවෙන් ඉවත් කරන ලදී [4]. ආරංචි මාර්ග අනුව, USTC හිටපු හිමිකරු බංග්ලාදේශයේ ප්‍රබල ප්රභූවරයෙකු වන අතර ඔහු ජීවතක්ෂයට පත් වීමත් සමඟ USTC ආයතනය BMDC විසින් ප්‍රතික්ෂේප වූ බවත් ප්‍රමිතිය අඩු වීමට හේතු 2014 ට පෙර වකවානුවේ සිට පවතී බවත් ය. තව කෙතරම් මෙවැනි විදේශ විශ්වවිද්‍යාල, වෛද්‍ය සභාවේ පිළිගැනීම ලැබී ඇති ද? අභියාචනාධිකරණය පසුගිය දින SAITM ආයතනයට වාසිදායක රික්ටආඥාවක් නිකුත් කළේ ද වෛද්‍ය සභාව සිය රාජකාරියේ දී අනුගමනය කල මෙවැනි ම දෙබිඩි පිළිවෙතක් හුවා දක්වමිනි [5], [6]. GMOA ඒකාධිකාරිය රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය මෙම අර්බුදයේ දී SAITM සිසුන් ට සායනික පුහුණුව ලැබීම වලකමින් භූමිකාවක් රඟ දක්වයි. GMOA යනු හුදු වුර්තීය සමිතියකි. ඔවුන් සිය වුර්තිකයන්ගේ ඒකාධිකාරය රැක ගැනීම සඳහා ඉතා වගකීමෙන් කටයුතු කරයි. එහිදී රෝගීන් වුවද ප්‍රාණ ඇපයට ගනිමින් එය සිදු කරයි. SAITM ආයතනයට එරෙහි ඔවුන්ගේ ප්‍රතිපත්තිය තර්කානුකූල ය. නමුත් එම තර්ක අවංක ද? නැතිනම්, සිය ඒකාධිකාරී සංගමයේ කේවල් කිරීමේ බලය ට තර්ජනයක් වන මාර්ග අවහිර කිරීමක් ද? අධ්‍යාපනයේ නිදහස ද නිදහස් අධ්‍යාපනය ද? අධික ආදායම් සහ සම්පත් විෂමතාවයක් තියෙන රට ක උසස් පෙළ ප්‍රතිඵල මත සිසුවෙකුගේ බුද්ධිමත් අබුද්ධිමත් බව තීරණය කිරීම සර්ව සාධාරණ නැත. බඩට හරි හැටි අහරක් නැතිව හවසට ගල් කොරියක වැඩ කර උදේට ගුරුවරු නැති ගමේ පාසල් යන සිසුවා සහ සුපිරි පාසලෙන් උපකාරක පන්තියට සහ එතනින් නිවසට සුඛෝපභෝගී රථයේ පිටුපස ආසනයේ ගමන් ගන්නා සිසුවා ද එකම විභාගයට සහ එකම කඩයිම් ලකුණු වලට යටත් ය. දිස්ත්‍රික් කුසලතා මත පදනම් වූ ප්‍රවේශය මඟින් යම් දුරකට එම විෂමතාවය මඟ හැරී යනු ඇත. නමුත්, ඇතැම් ඇති හැකි පිටිසර සිසුන්, කොළඹ හෝ ප්‍රධාන නගර අවට නවාතැන් ගෙන උපකාරක පන්ති ගොස් අඩු කඩයිම් ලකුණු මත රාජ්‍ය විශ්වවිද්‍යාල ප්‍රවේශ ලබන බව නොදන්නා රහසක් නොවේ. අධ්‍යාපනය මිළ දී ගන්නවා යැයි පුද්ගලික විශ්වවිද්‍යාලයීය සිසුන්ව හංවඩු ගහන ඇතැම් රජයේ සිසුන්, තමා ද රජයේ විශ්ව විද්‍යාලයකට ප්‍රවේශ ලැබුවේ තමාට වඩා දුප්පත් දරුවකු ව අභිබවා යාමට මුදල් කරමතින් උපකාරක පන්ති ගොස් ඇති බව අමතක කරමිනි. රටේ අන්ත දුගී දුප්පත් දරුවන්ට කිසිම විශ්වවිද්‍යාලයක අධ්‍යාපනයට ‘නිදහසක්’ නැත. සැබවින්ම නියම ජාතික අරගලය නම්, උපකාරක පන්ති අහෝසි වන තත්වයකට රටේ සියලු පාසල් වලට සම්පත් බෙදී යාම සඳහා පාලකයන් දක්කාගෙන යාමයි. තමා ට වඩා නැති කෙනා වෙනුවෙන් සටන් කිරීම පසෙක ලා තමා ට වඩා ඇති කෙනෙකුට අකුල් හෙලීම හෝ ඇති අය කල දුටු කල වල ඉහ ගැනීම, අධ්‍යාපනයේ නිදහස වෙනුවෙන් පෙනී සිටීමක් නොවේ. පුද්ගලික වෛද්‍ය අධ්‍යාපනය ලංකාවට යෝග්‍ය ද? ශ්‍රී ලංකාවට පුද්ගලික වෛද්‍ය අධ්‍යාපනය යෝග්‍ය ද නැති ද යන්න සංකීර්ණ මාතෘකාවකි. ඒ ගැන පුළුල්, තර්කානුකූල, අදේශපාලනික විග්‍රහයක් මෙම ලිපියේ දැක්වේ.එම ලිපියට අනුව, දූෂිත ලාංකීය දේශපාලන සංධර්භය තුල දීර්ඝ කාලීනව බැලූ කල පුද්ගලික වෛද්‍ය අධ්‍යාපනය රට ට අයහපත් වනු ඇති බව මගේ තේරුම් ගැනීමයි. සමාජ සුභසාධන හා මානව සංවර්ධන දර්ශක වලින් ලොව ඉදිරෙයෙන් ම සිටින ස්කැන්ඩිනෙවියානු රටවල විවිධ අධ්‍යාපන ක්ෂේත්‍ර පෞද්ගලිකරණය වුවද වෛද්‍ය අධ්‍යාපනයේ පුද්ගලීකරණයට දොරගුළු වැසී ඇත්තේ එම රටවල් ධනවත් නිසා පමණක් නොවේ. නොර්වේ හි ද සුවිශ්ෂ්ටතම ලකුණු ලාභින් පමණක් නොමිලේ රාජ්‍ය වෛද්‍ය අධ්‍යාපනයට හිමිකම් කියන අතර අනෙකුත් සිසුන් නැගෙනහිර යුරෝපීය රටවල මුදල් ගෙවා එම අධ්‍යාපනය ලබයි. මාලඹේ වෛද්‍ය පිඨය හෝ එයින් ඔබ්බට ගිය වෛද්‍ය අධ්‍යාපනයේ පුද්ගලීකරණය සම්බන්ධව පුළුල් විද්වත් කතිකාවක් වෙනුවට මා අසා ඇත්තේ ‘හොර උපාධි කඩ’ වැනි සිල්ලර සටන් පාඨ පමණයි. අනෙක එම සටනේ පෙරමුණ, රාජ්‍ය විශ්වවිද්‍යාල සිසුන් විසින් ගෙන යාම, සටන හෑල්ලු වීමට කරුණකි. එමෙන්ම ලංකාවේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකම පුද්ගලික අධ්‍යාපනයට අනුබල දෙන බැවින් මෙම සටන බෙහෙවින් දුෂ්කර ය. [B]වැරදි සහ ව්‍යාජ ක්‍රමවේද නිසා SAITM ආයතනය අර්බුදයක් විය. එක් වැරැද්දක්, තවත් වැරැද්දකින් නිවැරදි නොවේ. අභියාචනාධිකරණ තීන්දුව වැදගත් හා කාලෝචිත එකකි. මාලඹේ වෛද්‍ය පීඨය රජය ට වග කියන සහ නිවැරදි ප්‍රමිතියකින් නියාමනයන වන ආයතනයක් බවට පත් කිරීම තුලින් එහි අවාසි අවම කරගත හැක, එහි සිසුන් කෙරෙහි ඇති අවිශ්වාසය මඟ හරවා ගත හැක. නමුත් අවසානයේදී.. සුක්කානම ඇත්තේ දේශපාලකයා අතෙහි ය. මුදල් ආකරයක සෙවනැළි පෙනෙන මෙවන් ගණුදෙනුවක් දීර්ඝකාලීන රටේ සුභ සිද්ධිය වෙනුවෙන් හසුරුවන ලබන දේශපාලකයෝ අද සිටිති ද? ක්‍රිස්ටෝෆර් විලියම් විජේකෝන් කන්නන්ගර මහතා මේ මොහොතේ දී මට සිහිපත් වෙන්නේ අසීමත කෘතඥතාවයකි නි.[/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom