Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Sam_sajith කිව්වෙ අැත්ත..චීනය වැටෙන්න ළගයි!😢
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වසර 2008 දී ඇමරිකාව දැවැන්ත ආර්ථික අර්බූදයකට මුහුණ දුන්නේ ය. ඇමරිකාවේ දේපල වෙළෙඳපොළ කඩා වැටුණේ ය. ඇමරිකානුවන්ට නිවාස ඇතුළු දේපල මිලදී ගැනීමට වැඩි වශයෙන් ණය ලබාදුන් Lehman Brothers මූල්‍ය ආයතනය බංකොලොත්වීමත් සමඟ මේ අර්බූදය මතු වූයේ ය. ඒ සමඟම ඇමරිකානු කොටස් වෙළෙඳපොළ බිඳ වැටුණි. එහි බලපෑම් ලොව පුරා පැය කිහිපයකින්ම පැතිර ගියේ ය. ලෝකයේ සෑම කොටස් වෙළෙඳපොලක්ම බිඳ වැටුණි.

ඇමරිකානු දේපල වෙළෙඳපොළ කඩා වැටීම..

එහි බලපෑම් ලොකු කුඩා සෑම රටකටම දැණුන අතර සමස්ත ලෝකයම ආර්ථික අවපාතකයට ගමන් කළේ ය. එය එකින් එක සම්බන්ධ "ඩොමිනො" කඩාවැටීමකි. ඇමරිකාවේ පමණක් මිලියන 8.8 කට රැකියා අහිමි විය. මධ්‍යම පංතිකයන්ගේ වසර ගණනනාවක ඉතිරිකිරීම් මොහොතකින් අතුරුදහන් විය. විශ්‍රාම වැටුප් අරමුදල් වාෂ්ප වී ගියේ ය. වසර 1930න් පසුව ඇමරිකාව මුහුණ දුන් දැවැන්ත ආර්ථික අවපාතය එය විය.

කෘතීම "නිවාස බුබුලක්"...

මේ දැවැන්ත ආර්ථික අවපාතයට පාර කැපුවේ ඇමරිකානු දේපල වෙළෙඳපොළ කඩා වැටීමයි. ඒ සඳහා මූලික වශයෙන් බලපෑවේ බැංකු සහ මූල්‍ය ආයතන නිසි පරීක්ෂාවකින් තොරව ඇමරිකානුවන්ට නිවාස ණය ලබාදීමයි. ලිහිල් ණය කොන්දේසි යටතේ විශාල වශයෙන් නිවාස මිලදී ගැනීම නිසා දේපල වෙළෙඳපොළ සීඝ්රයෙන් වර්ධනය විය. ඒ හරහා කෘතීම "නිවාස බුබුලක්" නිර්මාණය විය. මේ වෙළෙඳපොළ වසන්තය වසර කිහිපයක් පැවති අතර නිවාස හිමියන්ට ණය වාරික නිසිපරිදි ගෙවීමට නොහැකිවීමත් සමඟ අර්බූදය නිර්මාණය විය. ණය ලබාදුන් මූල්‍ය ආයතන සහ බැංකු බිඳ වැටෙන්නට පටන් ගත්තේ ය. එයට තවත් ආර්ථික සාධක කිහිපයක් එක්වීමෙන් සමස්ත ලෝකයටම බලපාන ආර්ථික අවපාතයක් නිර්මාණය විය.

චීන "දේපල වෙළෙඳපොළ බුබුල" බිඳවැටෙමින්...

මේ මොහොතේ චීනය ගමන් කරමින් තිබෙන්නේ ද ඇමරිකාව වසර 2008 දී මුහුණදුන් ඉරණමයට ය. දශක දෙකකට වැඩි කාලයක් පුරා චීනයේ පැවති "දේපල වෙළෙඳපොළ බුබුල" මේ මොහොතේ බිඳ වැටෙමින් පවතී.

China Evergrande Group ණය ඇ.ඩො බිලියන 305ක්...

චීනයේ ප්‍රධානතම දේපල සමාගමක් වන "එවර්ග්‍රෑන්ඩ්" (China Evergrande Group) මේ වනවිට මූල්‍ය වශයෙන් කඩාවැටී අවසානය. පසුගිය සැප්තැම්බර් 23 වන දා එම සමාගම තමන් නිකුත් කළ බැදුම්කර සඳහා ඇමරිකානු ඩොලර් 83ක් පොලී ගෙවීමට නියමිත තිබිණ. එහෙත් එදින එම මුදල පියවීමට එම සමාගම අසමත් විය. "එවර්ග්‍රෑන්ඩ්" සමාගමේ සමස්ත ණය ප්‍රමාණය පසුගිය ජූනි 30 වන දා වන විට

ඇමරිකානු ඩොලර් බිලියන 305කි. මේ මුදලින් වැඩි කොටසක් චීන ජනතාවගෙන් ආයෝජන වශයෙන් " එවර්ග්‍රෑන්ඩ්" සමාගම ලබාගත් ණය මුදල්ය. එයට අමතරව චීනයේ සහ ජාත්‍යන්තර, බැංකු, මූල්‍ය ආයතනයන්ගෙන් ලබාගත් ණය මේ අතර වෙයි. එම සමාගමට තම ආයෝජකයන්ට පොරොන්දු වූ ප්රතිලාභ ලබාදීමට නොහැකිවී ඇත. කොන්ත්‍රාත්කරුවන්ගේ ගෙවීම් මෙන්ම සමාගමේ සේවක වැටුප් පවා ගෙවීම සමාගම මගහැර තිබේ.

චීන මධ්‍යම පංතියේ නිවාස සිහිනය...

චීන පාලකයන් වසර 1998 දී හඳුන්වාදුන් නව ආර්ථික ප්‍රතිසංස්කරණ හරහා දේපල වෙළෙඳපොළට වැඩි ආකර්ෂණයක් නිර්මාණය විය. චීනයේ අලුතින් බිහිවූ මධ්‍යම පංතිය දේපල වෙළඳපොළහි වැඩි වශයෙන් ආයෝජනය කිරීමට පටන් ගත්තේ ය. සීඝ්‍ර නාගරීකරණයත්, මධ්‍යම පංතිය අතර මුදල් සංචිත ඒකරාශීවීම චීන දේපල වෙළෙඳපොළ වර්ධනයට මූලිකව බලපෑවේය. චීන ධනපති ක්‍රමය යටතේ මධ්‍යම පංතිය තම ආර්ථික ශක්තිය සහ සමාජ ස්ථාවරත්වය ප්‍රදර්ශනය කරන මාර්ගයක් වන්නේ දේපල වෙළඳපොළහි සිදු කරන ආයෝජනයි. මිලියන සිය ගණනක් මධ්‍යම පාන්තික චීන ජාතිකයෝ දේපල ප්‍රධාන පවුල් වත්කමක් සහ තත්ත්ව සංකේතයක් ලෙස සලකති.

පසුගිය දශක දෙකකට අධික කාලය තුළ මේ ප්රවනතාව සීඝ්රයෙන් ඉහළ ගියේ ය. මධ්‍යම පංති පවුල් සුපිරි නිවාස සංකීර්ණයන්හි නිවාස කිහිපයක් මිලදී ගනිති. විශේෂයෙන්ම චීන දෙමව්පියෝ තම දරුවාට මෙවැනි සුපිරි නිවාසයක් මිලදී ගැනීම තම යුතුකමක්සේ සළකති.

චීනයේ දළ ජාතික නිෂ්පාදනයෙන් සියයට 30ක් දේපල වෙළඳපොළ මත...

මේ ඉල්ලුමට සැපයීම ලබාදීම සඳහා චීනය තුළ දේපල සමාගම් රාශියක් බිහි විය. වසර 1996 දී ෂු ජියායින් විසින් ගොඩනගන ලද "එවර්ග්‍රෑන්ඩ්" සමාගම මේ අතරින් ප්‍රධානය. මේ සමාගම නගර 280ක් පුරා පැතිර පවතියි. ඇමරිකාවේ මෙන්ම ජපානයේ සිදුවූ දේපල වෙළඳපොළ බිඳ වැටීමට වඩා භයානක තත්ත්වයක් චීනය තුළ මතුවිය හැක. එයට මූලික හේතුව වන්නේ චීනයේ දළ ජාතික නිෂ්පාදනයෙන් සියයට 30ක් දේපල වෙළඳපොළ මත රඳාපැවතීමය. චීන ජනතාව ද තම ඉතිරි කිරීම් සහ ආයෝජන විශාල වශයෙන් දේපල වෙළඳපොළට යොමු කර ඇත. ඔවුන් වෙනත් විකල්ප ආයෝජන මාවත්වලට යොමුව නැත. චීන පුරවැසියන්ගේ නිවාස අයිති ප්‍රතිශතය සියයට 90කි. ඔවුහු ඉතිරි කිරීම් සියල්ල නිවාස මිලදී ගැනීමට යොමු කළහ. නාගරික චීන ජනතාව සිය ශුද්ධ වත්කම් වලින් සියයට 70ක් දේපල වෙළෙඳපොළහි ආයෝජනය කර ඇත. චීන දේපල වෙළෙඳ පොළ කඩාවැටීම යනු එරට අතිබහුතරයක් වන සාමාන්‍ය ජනතාවගේ ජීවිත කාලයක් පුරා රැස් කළ ඉතිරිකිරීම් ක්ෂණිකව විනාශවීම ය.

චීන ආණ්ඩුවේ ආර්ථික වර්ධනය පිළිබඳ බොරු සංඛ්‍යා...

චීනයේ ආර්ථික වර්ධනය පිළිබඳ මිථ්‍යාව ද මේ අර්බූදය හමුවේ නිරාවරණය වී ඇත. චීන රජයේ නිළ සංඛ්‍යාලේඛනයන්ට අනුව චීනය "දැවැන්ත" ආර්ථික වර්ධනයක් අත්කර ගනිමින් තිබේ. එහෙත් පසුගිය දශකයක පමණ කාලය තුළ චීන ආර්ථික වර්ධනය පහළ වැටෙමින් පවතියි. චීන රජයේ අපේක්ෂිත ආර්ථික ඉලක්ක සපුරාගැනීමට නොහැකිවී ඇත. චීනයේ දේපල සමාගම් ඉදිකළ නිවාස සංකීර්ණයන්හි නිවාස විකුණා ගැනීමට නොහැකිවි තිබේ. අපේක්ෂිත ආර්ථික වර්ධනය මත පදනම්ව මේ සමාගම් නිවාස ඒකක ඉදිකළ ද දැන් ඒවා අලෙවි කර ගැනීමට නොහැකිව ඇත. එවැනි නිවාස ඒකක ලක්ෂ 500 ක් චීනය පුරා පවතින බව වාර්තාවෙයි. චීන දේපල සමාගම් ඉදිකිරීම් ආරම්භ කළ නිවාස සංකීර්ණ රාශියක වැඩ සම්පූර්ණ කර ගැනීමට නොහැකිව අතරමග නතර කර ඇත. එම සමාගම්වලට ඒ සඳහා මූල්‍ය සම්පත් නැත. එම ආයෝජන සඳහා ලබාගත් බැංකු ණය ගෙවා ගැනීමට අදාළ සමාගම්වලට නොහැකිවීමෙන් බැංකු පද්ධතියද අනතුරට පත්ව ඇත. පසුගිය අගෝස්තුවේ චීනයේ කුන්මින් හි මෙසේ ඉදිකිරීම් සම්පූර්ණ කිරීමට නොහැකිව වසර 8 ක් පුරා පැවති නිවාස සංකීර්ණ 15 ක් රජය මැදිහත්වී විනාශ කළේ ය.

චීන බැංකු පද්ධතිය කඩා වැටේද...?

"එවර්ග්‍රෑන්ඩ්" සමාගම පමණක් චීනයේ බැංකු 171 කින් සහ මූල්‍ය ආයතන 121කින් ණය ලබා ගෙන තිබේ. ඔවුනට අද මේ ණය ගෙවා ගැනීමට නොහැක. මේ තත්ත්වය චීන බැංකු පද්ධතියේ ස්ථාවරත්වයට තර්ජනයකි. චීන බැංකු පද්ධතිය ශක්තිමත් කිරීමට චීන මහබැංකුව පසුගියදා ඇමරිකානු ඩොලර් බිලියන 71ක් ආර්ථිකයට පොම්ප කළේ ය. එහෙත් තව කොපමණ කාලයකට මෙසේ මුදල් පොම්ප කළ හැකිවේ ද යන්න අවිනිශ්චිතය.

"එවර්ග්‍රෑන්ඩ්" සමාගමට අද තම ආයෝජකයන්ට පොරොන්දු වූ ප්රතිලාභ ලබාදීමට නොහැකිවී ඇත. කොන්ත්‍රාත්කරුවන්ගේ ගෙවීම් මෙන්ම සමාගමේ සේවක වැටුප් පවා ගෙවීම සමාගම මගහැර තිබේ. තමන්ට ගෙවීමට පොරොන්දු වූ ප්රතිලාභ ලබා දෙන ලෙසට බලකරමින් ආයෝජකයෝ උද්ඝෝෂණ කරති. සාමාන්‍ය ආයෝජකයෝ සමාගම අබියසට පැමිණ දිවි නසා ගැනීමට තැත් කරති. මේ ප්රවනතාව චීනය පුරාම දැකිය හැක. චීන රජය සුපුරුදු ලෙස මේ උද්ඝෝෂකයන් මර්දනය කරමින් සිටියි. විශේෂයෙන් ම මේ ආර්ථික අර්බූදය පිළිබඳ තොරතුරු පැතිරයාම පාලනය කර තිබේ.

චීනයේ බලශක්ති අර්බූදය හේතුවෙන් විදුලි කප්පාදුවක්….

අවාසනාවකට මේ දේපල වෙළඳපොළ කඩාවැටීම මතට බලශක්ති අර්බූදය ද එක්ව ඇත. මේ වනවිට චීනය පුරා විදුලි කප්පාදුවක් සිදුවෙන අතර මේ කප්පාදුව හේතුවෙන් චීනයේ කර්මාන්ත ශාලා තම නිෂ්පාදන ක්‍රියාවලිය අවම කර ඇත. ඇතැම් කර්මාන්තය ශාලාහි මෙහෙයුම් කටයුතු කරනුයේ දිනයකට එක් වරුවක් පමණි. එමගින් චීන නිෂ්පාදන අංශයට සැළකිය යුතු බලපෑමක් නිර්මාණය වී තිබේ. ඉදිරියට එන ශීත සෘතුව සඳහා ඉන්ධන සැපයුම් සුරක්ෂිත කරන ලෙස චීනයේ රජයේ බලධාරීන් රජයට අයත් බලශක්ති සමාගම්වලට නියෝග කර තිබේ. චීන උප අගමැති හෑන් ෂෙන්ග් බලශක්ති සමාගම්වලට අනතුරු හඟවා ඇත්තේ අවශ්‍ය ඉන්ධන ප්‍රමාණය ඇති බවට වග බලා ගන්නා ලෙසත් බීජිං නුවර අන්ධකාරයේ ගිලීයෑමට ඉඩදිය නොහැකි බවයි. බලශක්ති අර්බූදය හේතුවෙන් චීනයේ මේ වසරේ ආර්ථික වර්ධනය තවදුරත් පහත වැටෙනු ඇතැයි බලාපොරොත්තු වෙයි. Nomura මූල්‍ය විශ්ලේෂකයන්, මේ වසරේ චීනයේ තුන්වන සහ සිව්වන කාර්තුවේ ආර්ථික වර්ධනය 4.7% සිට 3.0%, දක්වාත්, 5.1% සිට 4.4% දක්වාත් පිළිවෙලින් පහළට වැටෙන බව දැනටමත් ප්රක්ෂේපණය කර ඇත.

ආර්ථික අර්බූදය ලොවට සැඟවීමේ උත්සාහය...

ඇමරිකාවේ, ජපානයේ හෝ යුරෝපයේ ආර්ථික කඩාවැටීමක් සිදුවූවිට එය ලොවට රහසක් නොවෙයි. එහෙත් චීනය යනු රහස්‍ය රාජ්‍යයකි. ඔවුහු සියළුදේ ලොවට සඟවති. වසර දෙකකට පෙර ඔවුහු කෝවිඩ් වෙෙරසය ලොවින් සැඟවූහ. අද දේපල වෙළඳපොළ කඩාවැටීම, විදුලිය අර්බුදය මෙන් චීන ආර්ථිකයේ පසුබැසීම් ලොවට සඟවති. එහෙත් චීන රජයේ කෝවිඩ් පිළිබඳ මුග්ධ ප්‍රතිපත්ති හේතුවෙන් සමස්ත ලෝකයට ජීවිත මිලියන ගණනින් වන්දිගෙවීමට සිදුවිය. චීන ආර්ථිකය බිඳවැටීම සම්බන්ධයෙන් ලෝකයේ කිසිදු රටක් සතුටු වන්නේ නැත. එහි බලපෑම ලොකු කුඩා සෑම රටකටම දැනෙනු ඇත. ගෝලීයකරණය වූ ආර්ථිකයක කොටස්කරුවන් වූ අපට චීනයේ ආර්ථික බිඳවැටීම ගැන දෑස පියා ගෙන සිටීමට නොහැක. චීන රජය මේ අර්බූදයෙන් ගොඩ ඒමට ගන්නා ක්‍රියාමාර්ග ගැන සමස්ත ලෝක ප්‍රජාව දැනුවත් කළ යුතුය. එම ආර්ථික බිඳ වැටීම තවදුරටත් සඟවා ගෙන සිටීමෙන් තත්ත්වය දරුණු මට්ටමකට ලඟා වනු ඇත.

ලංකාව අරභයා චීනය..

ගිණි පොලී චීන ණය රැගෙන කළ පාඩු සහගත ආයෝජන වල ණය ගෙවා ගත නොහැකි නිසා ඒවා යළි චීනයටම විකිණීමට ලංකාවේ ආණ්ඩුවලට සිදුවිය. හොඳම උදාහරණය හම්බන්තොට වරාය යි. වරාය සමග අක්කර 15000 ක් ද චීනයට විකුණා දැමීම ආරම්භ වූයේ 2017 දෙසැම්බර් සිට ය. දැන් වසර 4 ක් ගෙවී ගොස් ඇති නමුත් චීනය එහි සිදුකිරීමට පොරොන්දු වූ චීන ආයෝජන කිසිවක් ආරම්භ කරලාවත් නැත.

කොළඹ පෝර්ට් සිටි නගරය දැන් ගොඩකර අවසන්ය. කොළඹ හදවත වන් වටිනා එම භූමියෙන් අක්කර 286 ක් තරම් විශාල ප්‍රමාණයක් චීනයට අයිති ය. මෙම ඉඩම් ආයෝජන සඳහා ලබා දීම ආරම්භ වූයේ චම්පික රණවක ඇමැති කාලයේ දී ය. නමුත් අද දක්වා එහි විකිණූ එකම ඉඩම් කෑල්ල අරගෙන ඇත්තේ එල්ඕඑල්සී අයිතිකාර ඉෂාර නානායක්කාර පමණි. චීනය තමන් සතු අක්කර 286 හි කිසිදු ආයෝජනයක් ආරම්භ කිරීමට සිතලාවත් නැත.

ඒ සියල්ලට හේතුව චීනය මුහුණ දී ඇති ආර්ථික අර්බූදයයි. ලංකාවට පැමිණෙන කුඩා කුඩා කපටි චීනුන් සමග හවුල් ව්‍යාපාර ආරම්භ කිරීමට තැත්කරන ලංකාවේ කුඩා කුඩා ආයෝජකයන් දෙවතාවක් නොව පස්වතාවක් යළි කල්පනා කිරීම ගුණදායක ය.

ශ්‍රී ලංකාව චීන යටත්විජිතයක් බවට පත්වී ඇති බැවින් ලංකාවේ මාධ්‍ය චීන ආර්ථික අර්බූදය සඟවමින් සිටියි. එහෙත් චීන හාම්පුතාට කෙළවෙන විට එහි ඉක්මන් ප්‍රතිඵල ලැබෙන්නේ ශ්‍රී ලංකාව වැනි යටත්වැසියන්ට බව මතක තබා ගැනීම වැදගත්ය.

[QUOTE="skymicro, post: 26957313, member: 510144"] වසර 2008 දී ඇමරිකාව දැවැන්ත ආර්ථික අර්බූදයකට මුහුණ දුන්නේ ය. ඇමරිකාවේ දේපල වෙළෙඳපොළ කඩා වැටුණේ ය. ඇමරිකානුවන්ට නිවාස ඇතුළු දේපල මිලදී ගැනීමට වැඩි වශයෙන් ණය ලබාදුන් Lehman Brothers මූල්‍ය ආයතනය බංකොලොත්වීමත් සමඟ මේ අර්බූදය මතු වූයේ ය. ඒ සමඟම ඇමරිකානු කොටස් වෙළෙඳපොළ බිඳ වැටුණි. එහි බලපෑම් ලොව පුරා පැය කිහිපයකින්ම පැතිර ගියේ ය. ලෝකයේ සෑම කොටස් වෙළෙඳපොලක්ම බිඳ වැටුණි. [HEADING=3]ඇමරිකානු දේපල වෙළෙඳපොළ කඩා වැටීම..[/HEADING] එහි බලපෑම් ලොකු කුඩා සෑම රටකටම දැණුන අතර සමස්ත ලෝකයම ආර්ථික අවපාතකයට ගමන් කළේ ය. එය එකින් එක සම්බන්ධ "ඩොමිනො" කඩාවැටීමකි. ඇමරිකාවේ පමණක් මිලියන 8.8 කට රැකියා අහිමි විය. මධ්‍යම පංතිකයන්ගේ වසර ගණනනාවක ඉතිරිකිරීම් මොහොතකින් අතුරුදහන් විය. විශ්‍රාම වැටුප් අරමුදල් වාෂ්ප වී ගියේ ය. වසර 1930න් පසුව ඇමරිකාව මුහුණ දුන් දැවැන්ත ආර්ථික අවපාතය එය විය. [HEADING=3]කෘතීම "නිවාස බුබුලක්"...[/HEADING] මේ දැවැන්ත ආර්ථික අවපාතයට පාර කැපුවේ ඇමරිකානු දේපල වෙළෙඳපොළ කඩා වැටීමයි. ඒ සඳහා මූලික වශයෙන් බලපෑවේ බැංකු සහ මූල්‍ය ආයතන නිසි පරීක්ෂාවකින් තොරව ඇමරිකානුවන්ට නිවාස ණය ලබාදීමයි. ලිහිල් ණය කොන්දේසි යටතේ විශාල වශයෙන් නිවාස මිලදී ගැනීම නිසා දේපල වෙළෙඳපොළ සීඝ්රයෙන් වර්ධනය විය. ඒ හරහා කෘතීම "නිවාස බුබුලක්" නිර්මාණය විය. මේ වෙළෙඳපොළ වසන්තය වසර කිහිපයක් පැවති අතර නිවාස හිමියන්ට ණය වාරික නිසිපරිදි ගෙවීමට නොහැකිවීමත් සමඟ අර්බූදය නිර්මාණය විය. ණය ලබාදුන් මූල්‍ය ආයතන සහ බැංකු බිඳ වැටෙන්නට පටන් ගත්තේ ය. එයට තවත් ආර්ථික සාධක කිහිපයක් එක්වීමෙන් සමස්ත ලෝකයටම බලපාන ආර්ථික අවපාතයක් නිර්මාණය විය. [HEADING=3]චීන "දේපල වෙළෙඳපොළ බුබුල" බිඳවැටෙමින්...[/HEADING] මේ මොහොතේ චීනය ගමන් කරමින් තිබෙන්නේ ද ඇමරිකාව වසර 2008 දී මුහුණදුන් ඉරණමයට ය. දශක දෙකකට වැඩි කාලයක් පුරා චීනයේ පැවති "දේපල වෙළෙඳපොළ බුබුල" මේ මොහොතේ බිඳ වැටෙමින් පවතී. [HEADING=3]China Evergrande Group ණය ඇ.ඩො බිලියන 305ක්...[/HEADING] චීනයේ ප්‍රධානතම දේපල සමාගමක් වන "එවර්ග්‍රෑන්ඩ්" (China Evergrande Group) මේ වනවිට මූල්‍ය වශයෙන් කඩාවැටී අවසානය. පසුගිය සැප්තැම්බර් 23 වන දා එම සමාගම තමන් නිකුත් කළ බැදුම්කර සඳහා ඇමරිකානු ඩොලර් 83ක් පොලී ගෙවීමට නියමිත තිබිණ. එහෙත් එදින එම මුදල පියවීමට එම සමාගම අසමත් විය. "එවර්ග්‍රෑන්ඩ්" සමාගමේ සමස්ත ණය ප්‍රමාණය පසුගිය ජූනි 30 වන දා වන විට ඇමරිකානු ඩොලර් බිලියන 305කි. මේ මුදලින් වැඩි කොටසක් චීන ජනතාවගෙන් ආයෝජන වශයෙන් " එවර්ග්‍රෑන්ඩ්" සමාගම ලබාගත් ණය මුදල්ය. එයට අමතරව චීනයේ සහ ජාත්‍යන්තර, බැංකු, මූල්‍ය ආයතනයන්ගෙන් ලබාගත් ණය මේ අතර වෙයි. එම සමාගමට තම ආයෝජකයන්ට පොරොන්දු වූ ප්රතිලාභ ලබාදීමට නොහැකිවී ඇත. කොන්ත්‍රාත්කරුවන්ගේ ගෙවීම් මෙන්ම සමාගමේ සේවක වැටුප් පවා ගෙවීම සමාගම මගහැර තිබේ. [HEADING=3]චීන මධ්‍යම පංතියේ නිවාස සිහිනය...[/HEADING] චීන පාලකයන් වසර 1998 දී හඳුන්වාදුන් නව ආර්ථික ප්‍රතිසංස්කරණ හරහා දේපල වෙළෙඳපොළට වැඩි ආකර්ෂණයක් නිර්මාණය විය. චීනයේ අලුතින් බිහිවූ මධ්‍යම පංතිය දේපල වෙළඳපොළහි වැඩි වශයෙන් ආයෝජනය කිරීමට පටන් ගත්තේ ය. සීඝ්‍ර නාගරීකරණයත්, මධ්‍යම පංතිය අතර මුදල් සංචිත ඒකරාශීවීම චීන දේපල වෙළෙඳපොළ වර්ධනයට මූලිකව බලපෑවේය. චීන ධනපති ක්‍රමය යටතේ මධ්‍යම පංතිය තම ආර්ථික ශක්තිය සහ සමාජ ස්ථාවරත්වය ප්‍රදර්ශනය කරන මාර්ගයක් වන්නේ දේපල වෙළඳපොළහි සිදු කරන ආයෝජනයි. මිලියන සිය ගණනක් මධ්‍යම පාන්තික චීන ජාතිකයෝ දේපල ප්‍රධාන පවුල් වත්කමක් සහ තත්ත්ව සංකේතයක් ලෙස සලකති. පසුගිය දශක දෙකකට අධික කාලය තුළ මේ ප්රවනතාව සීඝ්රයෙන් ඉහළ ගියේ ය. මධ්‍යම පංති පවුල් සුපිරි නිවාස සංකීර්ණයන්හි නිවාස කිහිපයක් මිලදී ගනිති. විශේෂයෙන්ම චීන දෙමව්පියෝ තම දරුවාට මෙවැනි සුපිරි නිවාසයක් මිලදී ගැනීම තම යුතුකමක්සේ සළකති. [HEADING=3]චීනයේ දළ ජාතික නිෂ්පාදනයෙන් සියයට 30ක් දේපල වෙළඳපොළ මත...[/HEADING] මේ ඉල්ලුමට සැපයීම ලබාදීම සඳහා චීනය තුළ දේපල සමාගම් රාශියක් බිහි විය. වසර 1996 දී ෂු ජියායින් විසින් ගොඩනගන ලද "එවර්ග්‍රෑන්ඩ්" සමාගම මේ අතරින් ප්‍රධානය. මේ සමාගම නගර 280ක් පුරා පැතිර පවතියි. ඇමරිකාවේ මෙන්ම ජපානයේ සිදුවූ දේපල වෙළඳපොළ බිඳ වැටීමට වඩා භයානක තත්ත්වයක් චීනය තුළ මතුවිය හැක. එයට මූලික හේතුව වන්නේ චීනයේ දළ ජාතික නිෂ්පාදනයෙන් සියයට 30ක් දේපල වෙළඳපොළ මත රඳාපැවතීමය. චීන ජනතාව ද තම ඉතිරි කිරීම් සහ ආයෝජන විශාල වශයෙන් දේපල වෙළඳපොළට යොමු කර ඇත. ඔවුන් වෙනත් විකල්ප ආයෝජන මාවත්වලට යොමුව නැත. චීන පුරවැසියන්ගේ නිවාස අයිති ප්‍රතිශතය සියයට 90කි. ඔවුහු ඉතිරි කිරීම් සියල්ල නිවාස මිලදී ගැනීමට යොමු කළහ. නාගරික චීන ජනතාව සිය ශුද්ධ වත්කම් වලින් සියයට 70ක් දේපල වෙළෙඳපොළහි ආයෝජනය කර ඇත. චීන දේපල වෙළෙඳ පොළ කඩාවැටීම යනු එරට අතිබහුතරයක් වන සාමාන්‍ය ජනතාවගේ ජීවිත කාලයක් පුරා රැස් කළ ඉතිරිකිරීම් ක්ෂණිකව විනාශවීම ය. [HEADING=3]චීන ආණ්ඩුවේ ආර්ථික වර්ධනය පිළිබඳ බොරු සංඛ්‍යා...[/HEADING] චීනයේ ආර්ථික වර්ධනය පිළිබඳ මිථ්‍යාව ද මේ අර්බූදය හමුවේ නිරාවරණය වී ඇත. චීන රජයේ නිළ සංඛ්‍යාලේඛනයන්ට අනුව චීනය "දැවැන්ත" ආර්ථික වර්ධනයක් අත්කර ගනිමින් තිබේ. එහෙත් පසුගිය දශකයක පමණ කාලය තුළ චීන ආර්ථික වර්ධනය පහළ වැටෙමින් පවතියි. චීන රජයේ අපේක්ෂිත ආර්ථික ඉලක්ක සපුරාගැනීමට නොහැකිවී ඇත. චීනයේ දේපල සමාගම් ඉදිකළ නිවාස සංකීර්ණයන්හි නිවාස විකුණා ගැනීමට නොහැකිවි තිබේ. අපේක්ෂිත ආර්ථික වර්ධනය මත පදනම්ව මේ සමාගම් නිවාස ඒකක ඉදිකළ ද දැන් ඒවා අලෙවි කර ගැනීමට නොහැකිව ඇත. එවැනි නිවාස ඒකක ලක්ෂ 500 ක් චීනය පුරා පවතින බව වාර්තාවෙයි. චීන දේපල සමාගම් ඉදිකිරීම් ආරම්භ කළ නිවාස සංකීර්ණ රාශියක වැඩ සම්පූර්ණ කර ගැනීමට නොහැකිව අතරමග නතර කර ඇත. එම සමාගම්වලට ඒ සඳහා මූල්‍ය සම්පත් නැත. එම ආයෝජන සඳහා ලබාගත් බැංකු ණය ගෙවා ගැනීමට අදාළ සමාගම්වලට නොහැකිවීමෙන් බැංකු පද්ධතියද අනතුරට පත්ව ඇත. පසුගිය අගෝස්තුවේ චීනයේ කුන්මින් හි මෙසේ ඉදිකිරීම් සම්පූර්ණ කිරීමට නොහැකිව වසර 8 ක් පුරා පැවති නිවාස සංකීර්ණ 15 ක් රජය මැදිහත්වී විනාශ කළේ ය. [HEADING=3]චීන බැංකු පද්ධතිය කඩා වැටේද...?[/HEADING] "එවර්ග්‍රෑන්ඩ්" සමාගම පමණක් චීනයේ බැංකු 171 කින් සහ මූල්‍ය ආයතන 121කින් ණය ලබා ගෙන තිබේ. ඔවුනට අද මේ ණය ගෙවා ගැනීමට නොහැක. මේ තත්ත්වය චීන බැංකු පද්ධතියේ ස්ථාවරත්වයට තර්ජනයකි. චීන බැංකු පද්ධතිය ශක්තිමත් කිරීමට චීන මහබැංකුව පසුගියදා ඇමරිකානු ඩොලර් බිලියන 71ක් ආර්ථිකයට පොම්ප කළේ ය. එහෙත් තව කොපමණ කාලයකට මෙසේ මුදල් පොම්ප කළ හැකිවේ ද යන්න අවිනිශ්චිතය. "එවර්ග්‍රෑන්ඩ්" සමාගමට අද තම ආයෝජකයන්ට පොරොන්දු වූ ප්රතිලාභ ලබාදීමට නොහැකිවී ඇත. කොන්ත්‍රාත්කරුවන්ගේ ගෙවීම් මෙන්ම සමාගමේ සේවක වැටුප් පවා ගෙවීම සමාගම මගහැර තිබේ. තමන්ට ගෙවීමට පොරොන්දු වූ ප්රතිලාභ ලබා දෙන ලෙසට බලකරමින් ආයෝජකයෝ උද්ඝෝෂණ කරති. සාමාන්‍ය ආයෝජකයෝ සමාගම අබියසට පැමිණ දිවි නසා ගැනීමට තැත් කරති. මේ ප්රවනතාව චීනය පුරාම දැකිය හැක. චීන රජය සුපුරුදු ලෙස මේ උද්ඝෝෂකයන් මර්දනය කරමින් සිටියි. විශේෂයෙන් ම මේ ආර්ථික අර්බූදය පිළිබඳ තොරතුරු පැතිරයාම පාලනය කර තිබේ. [HEADING=3]චීනයේ බලශක්ති අර්බූදය හේතුවෙන් විදුලි කප්පාදුවක්….[/HEADING] අවාසනාවකට මේ දේපල වෙළඳපොළ කඩාවැටීම මතට බලශක්ති අර්බූදය ද එක්ව ඇත. මේ වනවිට චීනය පුරා විදුලි කප්පාදුවක් සිදුවෙන අතර මේ කප්පාදුව හේතුවෙන් චීනයේ කර්මාන්ත ශාලා තම නිෂ්පාදන ක්‍රියාවලිය අවම කර ඇත. ඇතැම් කර්මාන්තය ශාලාහි මෙහෙයුම් කටයුතු කරනුයේ දිනයකට එක් වරුවක් පමණි. එමගින් චීන නිෂ්පාදන අංශයට සැළකිය යුතු බලපෑමක් නිර්මාණය වී තිබේ. ඉදිරියට එන ශීත සෘතුව සඳහා ඉන්ධන සැපයුම් සුරක්ෂිත කරන ලෙස චීනයේ රජයේ බලධාරීන් රජයට අයත් බලශක්ති සමාගම්වලට නියෝග කර තිබේ. චීන උප අගමැති හෑන් ෂෙන්ග් බලශක්ති සමාගම්වලට අනතුරු හඟවා ඇත්තේ අවශ්‍ය ඉන්ධන ප්‍රමාණය ඇති බවට වග බලා ගන්නා ලෙසත් බීජිං නුවර අන්ධකාරයේ ගිලීයෑමට ඉඩදිය නොහැකි බවයි. බලශක්ති අර්බූදය හේතුවෙන් චීනයේ මේ වසරේ ආර්ථික වර්ධනය තවදුරත් පහත වැටෙනු ඇතැයි බලාපොරොත්තු වෙයි. Nomura මූල්‍ය විශ්ලේෂකයන්, මේ වසරේ චීනයේ තුන්වන සහ සිව්වන කාර්තුවේ ආර්ථික වර්ධනය 4.7% සිට 3.0%, දක්වාත්, 5.1% සිට 4.4% දක්වාත් පිළිවෙලින් පහළට වැටෙන බව දැනටමත් ප්රක්ෂේපණය කර ඇත. [HEADING=3]ආර්ථික අර්බූදය ලොවට සැඟවීමේ උත්සාහය...[/HEADING] ඇමරිකාවේ, ජපානයේ හෝ යුරෝපයේ ආර්ථික කඩාවැටීමක් සිදුවූවිට එය ලොවට රහසක් නොවෙයි. එහෙත් චීනය යනු රහස්‍ය රාජ්‍යයකි. ඔවුහු සියළුදේ ලොවට සඟවති. වසර දෙකකට පෙර ඔවුහු කෝවිඩ් වෙෙරසය ලොවින් සැඟවූහ. අද දේපල වෙළඳපොළ කඩාවැටීම, විදුලිය අර්බුදය මෙන් චීන ආර්ථිකයේ පසුබැසීම් ලොවට සඟවති. එහෙත් චීන රජයේ කෝවිඩ් පිළිබඳ මුග්ධ ප්‍රතිපත්ති හේතුවෙන් සමස්ත ලෝකයට ජීවිත මිලියන ගණනින් වන්දිගෙවීමට සිදුවිය. චීන ආර්ථිකය බිඳවැටීම සම්බන්ධයෙන් ලෝකයේ කිසිදු රටක් සතුටු වන්නේ නැත. එහි බලපෑම ලොකු කුඩා සෑම රටකටම දැනෙනු ඇත. ගෝලීයකරණය වූ ආර්ථිකයක කොටස්කරුවන් වූ අපට චීනයේ ආර්ථික බිඳවැටීම ගැන දෑස පියා ගෙන සිටීමට නොහැක. චීන රජය මේ අර්බූදයෙන් ගොඩ ඒමට ගන්නා ක්‍රියාමාර්ග ගැන සමස්ත ලෝක ප්‍රජාව දැනුවත් කළ යුතුය. එම ආර්ථික බිඳ වැටීම තවදුරටත් සඟවා ගෙන සිටීමෙන් තත්ත්වය දරුණු මට්ටමකට ලඟා වනු ඇත. [HEADING=3]ලංකාව අරභයා චීනය..[/HEADING] ගිණි පොලී චීන ණය රැගෙන කළ පාඩු සහගත ආයෝජන වල ණය ගෙවා ගත නොහැකි නිසා ඒවා යළි චීනයටම විකිණීමට ලංකාවේ ආණ්ඩුවලට සිදුවිය. හොඳම උදාහරණය හම්බන්තොට වරාය යි. වරාය සමග අක්කර 15000 ක් ද චීනයට විකුණා දැමීම ආරම්භ වූයේ 2017 දෙසැම්බර් සිට ය. දැන් වසර 4 ක් ගෙවී ගොස් ඇති නමුත් චීනය එහි සිදුකිරීමට පොරොන්දු වූ චීන ආයෝජන කිසිවක් ආරම්භ කරලාවත් නැත. කොළඹ පෝර්ට් සිටි නගරය දැන් ගොඩකර අවසන්ය. කොළඹ හදවත වන් වටිනා එම භූමියෙන් අක්කර 286 ක් තරම් විශාල ප්‍රමාණයක් චීනයට අයිති ය. මෙම ඉඩම් ආයෝජන සඳහා ලබා දීම ආරම්භ වූයේ චම්පික රණවක ඇමැති කාලයේ දී ය. නමුත් අද දක්වා එහි විකිණූ එකම ඉඩම් කෑල්ල අරගෙන ඇත්තේ එල්ඕඑල්සී අයිතිකාර ඉෂාර නානායක්කාර පමණි. චීනය තමන් සතු අක්කර 286 හි කිසිදු ආයෝජනයක් ආරම්භ කිරීමට සිතලාවත් නැත. ඒ සියල්ලට හේතුව චීනය මුහුණ දී ඇති ආර්ථික අර්බූදයයි. ලංකාවට පැමිණෙන කුඩා කුඩා කපටි චීනුන් සමග හවුල් ව්‍යාපාර ආරම්භ කිරීමට තැත්කරන ලංකාවේ කුඩා කුඩා ආයෝජකයන් දෙවතාවක් නොව පස්වතාවක් යළි කල්පනා කිරීම ගුණදායක ය. ශ්‍රී ලංකාව චීන යටත්විජිතයක් බවට පත්වී ඇති බැවින් ලංකාවේ මාධ්‍ය චීන ආර්ථික අර්බූදය සඟවමින් සිටියි. එහෙත් චීන හාම්පුතාට කෙළවෙන විට එහි ඉක්මන් ප්‍රතිඵල ලැබෙන්නේ ශ්‍රී ලංකාව වැනි යටත්වැසියන්ට බව මතක තබා ගැනීම වැදගත්ය. [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom