Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Yesterday at 12:57 PM
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Monday at 4:56 PM
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
samanala sandhawaniya (Butterfly Symphony)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සපත්තුවේ තරමට කකුල කපා ගත් 'සමනල සංධ්වනිය'

'සමනල සංධ්වනිය' ප්‍රදර්ශනය ආරම්භ කළ දිනයේ ම මතුගම ජානකී සිනමාහලේදී එය නැරඹීමි. එය රසවත් අත්දැකීමක් විය. විශිෂ්ට චිත්‍රපටයක් නො වුණත්, යමක් කතා කිරීමට සිතෙන චිත්‍රපටයකි.

'සමනල සංධ්වනිය' චිත්‍රපටයයේ අදීශගේ අත්දැකීම ජී.බී. සේනානායක විසින් ලියන ලද 'උදුරා ගත් සපත්තුව' කෙටිකතාව සිහිගන්වයි. මෙම කෘති දෙකෙහි ම ඉන්නේ සුළු සිද්ධියක් විසින් සිතෙහි ඇති කරන ලද ශෲංගාරාත්මක බලපෑම හේතුවෙන් විඳවන පුද්ගලයෝ දෙදෙනෙකි.

'සමනල සංධ්වනිය' චිත්‍රපටයේ අදීශ නම් පාසල් සිසුවා අත අහම්බයකින් පත් වන අනුන්ගේ පෙම් හසුනක් හේතුවෙන් ඔහුගේ ජීවිතය සපුරා වෙනස් වේ. ඔහුට වඩා වයසින් වැඩි කාන්තාවක් විසින් ඇගෙන් වෙන් වුණ පෙම්වතාට ලියන ලද මෙම පෙම් හසුන ඔහු තුළ කම්පනයක් ඇති කරයි.

තමන් දෙදෙනාට වැදගත් දිනයක් වන මාර්තු 07දා සෑම අවුරුද්දකදී ම තමන් කුමාරි උද්‍යානයට එන බව ඇය සිය පෙම්වතාට පවසයි. අදීශ එහි යන්නේ ඒ ලිපිය ඇයට දීමටයි. එහෙත්, ඔහුට එය දෙන්නට ලැබෙන්නේ නැත. ඔහු එම ලිපිය විනාශ කරන්නට උත්සාහ කළ ද ඔහුට එය කරන්නට බැරි ය. ඒ ලියුම නිසා ඔහු කරදර රැසකට මුහුණ දෙයි. ඔහුගේ සොහොයුරා එය ඔහුගෙන් උදුරා ගත්ත ද ඒ ලියුම ඔහුගේ ජීවිතයෙන් ඉවත් වන්නේ නැත. වසර බොහෝ ගණනකට පසුව පවා ඔහු එය හා සම්බන්ධ වේදනාවකින් පෙළෙයි.

සංගීතඥයකු වන ඔහුගේ නිර්මාණ පසුපස මේ සිද්ධිය හොල්මන් කරයි. ඔහුගේ පවුල් ජීවිතයේ ගැටලු ඇති වන්නේ ද ඒ නිසා බව චිත්‍රපටයෙන් පෙන්වා දෙයි. අවසානයේදී ඔහුගේ සොයුරා උපන් දින තෑග්ගක් ලෙස එම ලියුම ඔහුට ආපසු දෙයි. ඔහු වසර ගණනාවකට පසු මීළඟ මාර්තු 07දා නැවතත් කුමාරි උද්‍යානයට යයි. ඔහුට ඇය හමු වේ. ඒ වන විට ඇය වියපත් කාන්තාවකි. ඒ සම්බන්ධය ඔස්සේ ඉදිරියට සිදු වන සිදුවීම්වලිය අවසානයේදී ඔහු වසර බොහෝ ගණනකට පසුව තමන්ගේ සිතට මහා බරක් වූ ඒ ලියුම ඇයට ආපසු දෙයි. එයින් ඔහුගේ සිත නිදහස් වූ බවක් චිත්‍රපටය අවසානයේදී ඇඟවේ.

මිනිස් සිත ගුප්ත ය. එය විග්රහ කිරීම අතිශය දුෂ්කර ය. විද්‍යාඥයෝ එක් ආකාරයකට මිනිස් සිත විවරණය කරති. ඒ මනෝ විද්‍යාවෙනි. කලාකරුවෝ සිය නිර්මාන හරහා මනෝ විශ්ලේෂණයක යෙදෙති. ඔවුහු මිනිස් සිත හැසිරෙන ආකාරය විවරණය කරති.

ජයන්ත චන්ද්‍රසිරි සිය කෘතියෙන්අදීශගේ සිත විවරණය කරන්නේ කෙසේ ද? අදීශ ඒ ලියුම ලියූ කාන්තාවට ආදරය කරනවා ද? චිත්‍රපටය පුරා දිවෙන ඔහුගේ අග්‍ර නිර්මානය වන ගීතයෙන් කියවෙන පරිදි නම් එය ආදරයකි. අදීශ ඇයට ආදරය කරන බවක් එහි නිරූපණයන් ඔස්සේ මට නම් නො පෙනිණි. ඔහු ඇය දකින්නට උද්‍යානයට යයි. ඇය පසුපස යයි. ඇය නිසා රණ්ඩු සරුවල්වල පැටලෙයි. ඇය නිසා බුම්මාගෙන සිටියි. අසනීප වෙයි. මත්පැන් බොයි. ගීත ගයයි. එහෙත් ඒ නිරූපණයන් තුළ එවැනි ආදරයක ඉසියුම් ශෲංගාරාත්මක සුන්දරත්වය ගැබ් වී තිබේ ද? මට නම් සිතෙන්නේ 'නැත' කියා ය.

මෙහිදී මට මජීඩ් මජිඩිගේ බරන් චිත්‍රපටය සිහි වේ. එහි පිරිමි වෙස් ගෙන ඉදිකිරීම් වැඩපළක වැඩ කරන දිළිඳු ඇෆ්ගන් සරණාගත තරුණියකට පෙම් කරන විකාර ගති පැවතුම් ඇති කම්කරු තරුණයාගේ ප්‍රේමය සිනමාකරුවා විසින් නිරූපණය කරන ආකාරය අතිශය සුන්දර ය. විකාර ගති පැවතුම් ඇති මෙම තරුණයා තරුණියගේ පියා වැඩපළට පැමිණෙන අවස්ථාවකදී සැඟවෙන ආකාරය මගේ සිත් තදින් පැහැර ගත්තේ ය. තුරුණු ප්‍රේමයේ ශෲංගාරය ඇතැම් විටෙක විකාර ලක්ෂණවලින් ද යුක්ත ය. පෙම්වතුන්ට/වතියන්ට අනෙකාගේ පවුලේ අය දැකීමෙන් පවා පෙම්වතිය හා සම්බන්ධ ශෲංගාරාත්මක හැඟීම් තීව්ර වේ.

අදීශගේ ජීවිතයට ලියුමේ සිද්ධිය මෙතරම් බලපාන්නේ කෙසේද යන්න පිළිගත හැකි ආකාරයෙන් පැහැදිලි කර දීමට නිර්මානකරුවා අසමත් වී තිබේ. මනස නම් ගුප්ත ලෝකයේ සොඳුරු හා අඳුරු අහු මුළු වෙත දීප්තිමත් ආලෝක ධාරාවක් එල්ල කිරීමට ඔහු සමත් වන්නේ නැත. ඔහු කරන්නේ මතුපිට අතපතගෑමක් පමණි.

ජයන්ත චන්ද්‍රසිරිට ප්‍රේමයේ ඒ සියුම් සුන්දරත්වය හසු වන්නේ නැත. එහෙත්, ඔහු දක්ෂ සිනමාකරුවෙකි. ඔහු විසින් කරන ලද එක් ශ්රව්යමය පෙළහරක් මගේ සිතේ තදින් කා වැදී තිබේ. එහෙත්, ඒ 'සමනල සංධ්වනියෙහි' නො වේ. දඬුබස්නාමානයෙහි ය. එහි මරණ ගෙදරක රාත්‍රියේ දුක, බිය, ගුප්තකම හා නිදිමත මැද මරණ ගෙදර රැස් වූ මිනිසුන්ගේ මුණුමුණුව නිරූපණය කර තිබෙන ඉසියුම්කම අති විශිෂ්ට ය. 'සමනල සංධ්වනියෙහි' ගීත නිර්මානයෙහි දක්නට ලැබෙන මෙම සියුම්කම සමස්තයක් ලෙස චිත්‍රපටයෙන් ගිලිහී තිබේ. එසේ වන්නේ ඇයි?

කතන්දර කීම කලාවේ මූලික ලක්ෂණයකි. විශේෂයෙන් ම, සිනමාවට, නවකතාවට කතන්දරය ඉතා වැදගත් ය. සිනමාකරුවකු හොඳ කතන්දරකාරයකු විය යුතු බව මගේ අදහසයි. ජයන්ත චන්ද්‍රසිරි කතන්දරකරුවකු ලෙස කලින් පෙන්වූ දක්ෂතා පිරිහෙමින් ඇති බවට 'සමනල සංධ්වනිය' සාක්ෂියකි. අතිශය සුන්දර නාට්‍යමය නිර්මාණයක වස්තු බීජයක් ඔහු අත අතු ඉති ලා වැඩෙන්නේ නැත.

කතා පුවත ඉතා සියුම් අන්දමින් ගොතන ආකාරය පිළිබඳ මට සිහිපත් වන හොඳ උදාහරණයක් වන්නේ මිස්ටර් බීන්ගේ චරිතය නිරූපණය කිරීමෙන් ප්‍රසිද්ධ වූ රොවන් ඇට්කින්සන් රඟපාන 'ජොනී ඉංග්ලිෂ්' චිත්‍රපටයයි. එහි පහර දීමක් පිළිබඳ ජොනී සපයන බොරු සාක්ෂි මත පොලිස් සිත්තරෙක් පුද්ගලයකුගේ චිත්‍රයක් අඳියි. එම සිද්ධිය එතනින් හමාර ය. එහෙත් චිත්‍රපටය අවසාන ජවනිකාවේ ජොනීට තෑගි ලැබුණු නවීන මෝටර් රියේ සිය පෙම්වතියත් සමග රවුමක් යමින් සිටියදී ඔහු එහි බොත්තමක් ඔබයි. අසුනත් සමග ගැලවී උඩින් විසි වන ජොනී පිහිනුම් තටාකයකට ඇද වැටෙයි. ඒ තටාකය අද්දර අසුනක දිගා වී සිටින පුද්ගලයෙකි. ඒ අර පොලිස් සිත්තරා විසින් අඳින ලද පුද්ගලයා ය.

විකාරරූපිත්වය ඔහුගේ කලින් නිර්මානවල ද දක්නට ලැබුණු විශේෂ ලක්ෂණයකි. විකාරරූපිත්වය කලාත්මක ලක්ෂණයකි. එහෙත්, 'සමනල සංධ්වනියෙහි' තිබෙන්නේ විකාරරූපිත්වයක් නොව විකාර ගොඩකි. එහි සීරියස් පෙම්වතා හැර අනෙක් සියලුම චරිත විකාරකාරයෝ ය. පෙම්වතා ද පසුකාලයේ විකාරකාරයෙකි. කුමාරි උද්‍යානයේදී අදීශ රණ්ඩුවකට පැටලෙන සිද්ධිය පරම විගඩමකි. ඒවා විහිළු ද නො වේ.

මෙම ජවනිකා විසින් අමතනු ලබන්නේ පරපීඩනයෙන් සතුටු වන, ගැඹුරු විහිළුවක් රසවිඳිය නො හැකි අඳබාල ප්‍රේක්ෂක ප්‍රජාවටයි.

ජාතිකවාදී සිනමා රැල්ල විසින් රසඥතාවට දැවැන්ත බලපෑමක් කර තිබෙන බවට ද 'සමනල සංධ්වනිය' සාක්ෂියකි. සෝමරත්න දිසානායක වැනි අය රාජ්‍ය අනුග්‍රහය ලබා ගනිමින් චිත්‍රපට ශාලාවලට ආකර්ශනය කරගෙන තිබෙන ප්‍රේක්ෂක ප්‍රජාවට ජයන්ත චන්ද්‍රසිරි වැනි සිනමාකරුවෝ බියක් දක්වන බව පෙනේ. එහි ලියුම ලියූ කාන්තාවගේ පෙම්වතා හමුදා නිලධාරියකු බව හෙළි කරමින් ඔහු මේ ප්‍රේම වෘත්තාන්තය ජාතිකවාදය සමග සම්බන්ධ කරයි. එහෙත්, එය චිත්‍රපටයට අවශ්‍ය ද? එයින් සිදු වන්නේ මෙම විශ්ව සාධාරණ අත්දැකීම පටු කෝවකට ඇතුළු කිරීම පමණි.

සමාජය හා සිනමාව පුරා වැතිරුණු හිස් ස්වෝත්තමවාදී ජාතිකවාදය තුළ සිරගත කරන ලද ප්‍රේක්ෂක පිරිස නම් සපත්තුවේ තරමට ජයන්ත සිය 'සමනල සංධ්වනිය' නම් කකුල කපාගෙන තිබේ.

'සමනල සංධ්වනිය' ප්‍රේක්ෂකයන්ගේ රසඥතා සිර ගෙවල් පුපුරුවා හැර, වින්දනයේ නිම් වළලු පුළුල් කරන නිර්මානයක් නො වේ.

උපුටා ගැනීම w3lanka

[QUOTE="Metalica, post: 15794176, member: 493970"] [SIZE="2"]සපත්තුවේ තරමට කකුල කපා ගත් 'සමනල සංධ්වනිය' 'සමනල සංධ්වනිය' ප්‍රදර්ශනය ආරම්භ කළ දිනයේ ම මතුගම ජානකී සිනමාහලේදී එය නැරඹීමි. එය රසවත් අත්දැකීමක් විය. විශිෂ්ට චිත්‍රපටයක් නො වුණත්, යමක් කතා කිරීමට සිතෙන චිත්‍රපටයකි. 'සමනල සංධ්වනිය' චිත්‍රපටයයේ අදීශගේ අත්දැකීම ජී.බී. සේනානායක විසින් ලියන ලද 'උදුරා ගත් සපත්තුව' කෙටිකතාව සිහිගන්වයි. මෙම කෘති දෙකෙහි ම ඉන්නේ සුළු සිද්ධියක් විසින් සිතෙහි ඇති කරන ලද ශෲංගාරාත්මක බලපෑම හේතුවෙන් විඳවන පුද්ගලයෝ දෙදෙනෙකි. 'සමනල සංධ්වනිය' චිත්‍රපටයේ අදීශ නම් පාසල් සිසුවා අත අහම්බයකින් පත් වන අනුන්ගේ පෙම් හසුනක් හේතුවෙන් ඔහුගේ ජීවිතය සපුරා වෙනස් වේ. ඔහුට වඩා වයසින් වැඩි කාන්තාවක් විසින් ඇගෙන් වෙන් වුණ පෙම්වතාට ලියන ලද මෙම පෙම් හසුන ඔහු තුළ කම්පනයක් ඇති කරයි. තමන් දෙදෙනාට වැදගත් දිනයක් වන මාර්තු 07දා සෑම අවුරුද්දකදී ම තමන් කුමාරි උද්‍යානයට එන බව ඇය සිය පෙම්වතාට පවසයි. අදීශ එහි යන්නේ ඒ ලිපිය ඇයට දීමටයි. එහෙත්, ඔහුට එය දෙන්නට ලැබෙන්නේ නැත. ඔහු එම ලිපිය විනාශ කරන්නට උත්සාහ කළ ද ඔහුට එය කරන්නට බැරි ය. ඒ ලියුම නිසා ඔහු කරදර රැසකට මුහුණ දෙයි. ඔහුගේ සොහොයුරා එය ඔහුගෙන් උදුරා ගත්ත ද ඒ ලියුම ඔහුගේ ජීවිතයෙන් ඉවත් වන්නේ නැත. වසර බොහෝ ගණනකට පසුව පවා ඔහු එය හා සම්බන්ධ වේදනාවකින් පෙළෙයි. සංගීතඥයකු වන ඔහුගේ නිර්මාණ පසුපස මේ සිද්ධිය හොල්මන් කරයි. ඔහුගේ පවුල් ජීවිතයේ ගැටලු ඇති වන්නේ ද ඒ නිසා බව චිත්‍රපටයෙන් පෙන්වා දෙයි. අවසානයේදී ඔහුගේ සොයුරා උපන් දින තෑග්ගක් ලෙස එම ලියුම ඔහුට ආපසු දෙයි. ඔහු වසර ගණනාවකට පසු මීළඟ මාර්තු 07දා නැවතත් කුමාරි උද්‍යානයට යයි. ඔහුට ඇය හමු වේ. ඒ වන විට ඇය වියපත් කාන්තාවකි. ඒ සම්බන්ධය ඔස්සේ ඉදිරියට සිදු වන සිදුවීම්වලිය අවසානයේදී ඔහු වසර බොහෝ ගණනකට පසුව තමන්ගේ සිතට මහා බරක් වූ ඒ ලියුම ඇයට ආපසු දෙයි. එයින් ඔහුගේ සිත නිදහස් වූ බවක් චිත්‍රපටය අවසානයේදී ඇඟවේ. මිනිස් සිත ගුප්ත ය. එය විග්රහ කිරීම අතිශය දුෂ්කර ය. විද්‍යාඥයෝ එක් ආකාරයකට මිනිස් සිත විවරණය කරති. ඒ මනෝ විද්‍යාවෙනි. කලාකරුවෝ සිය නිර්මාන හරහා මනෝ විශ්ලේෂණයක යෙදෙති. ඔවුහු මිනිස් සිත හැසිරෙන ආකාරය විවරණය කරති. ජයන්ත චන්ද්‍රසිරි සිය කෘතියෙන්අදීශගේ සිත විවරණය කරන්නේ කෙසේ ද? අදීශ ඒ ලියුම ලියූ කාන්තාවට ආදරය කරනවා ද? චිත්‍රපටය පුරා දිවෙන ඔහුගේ අග්‍ර නිර්මානය වන ගීතයෙන් කියවෙන පරිදි නම් එය ආදරයකි. අදීශ ඇයට ආදරය කරන බවක් එහි නිරූපණයන් ඔස්සේ මට නම් නො පෙනිණි. ඔහු ඇය දකින්නට උද්‍යානයට යයි. ඇය පසුපස යයි. ඇය නිසා රණ්ඩු සරුවල්වල පැටලෙයි. ඇය නිසා බුම්මාගෙන සිටියි. අසනීප වෙයි. මත්පැන් බොයි. ගීත ගයයි. එහෙත් ඒ නිරූපණයන් තුළ එවැනි ආදරයක ඉසියුම් ශෲංගාරාත්මක සුන්දරත්වය ගැබ් වී තිබේ ද? මට නම් සිතෙන්නේ 'නැත' කියා ය. මෙහිදී මට මජීඩ් මජිඩිගේ බරන් චිත්‍රපටය සිහි වේ. එහි පිරිමි වෙස් ගෙන ඉදිකිරීම් වැඩපළක වැඩ කරන දිළිඳු ඇෆ්ගන් සරණාගත තරුණියකට පෙම් කරන විකාර ගති පැවතුම් ඇති කම්කරු තරුණයාගේ ප්‍රේමය සිනමාකරුවා විසින් නිරූපණය කරන ආකාරය අතිශය සුන්දර ය. විකාර ගති පැවතුම් ඇති මෙම තරුණයා තරුණියගේ පියා වැඩපළට පැමිණෙන අවස්ථාවකදී සැඟවෙන ආකාරය මගේ සිත් තදින් පැහැර ගත්තේ ය. තුරුණු ප්‍රේමයේ ශෲංගාරය ඇතැම් විටෙක විකාර ලක්ෂණවලින් ද යුක්ත ය. පෙම්වතුන්ට/වතියන්ට අනෙකාගේ පවුලේ අය දැකීමෙන් පවා පෙම්වතිය හා සම්බන්ධ ශෲංගාරාත්මක හැඟීම් තීව්ර වේ. අදීශගේ ජීවිතයට ලියුමේ සිද්ධිය මෙතරම් බලපාන්නේ කෙසේද යන්න පිළිගත හැකි ආකාරයෙන් පැහැදිලි කර දීමට නිර්මානකරුවා අසමත් වී තිබේ. මනස නම් ගුප්ත ලෝකයේ සොඳුරු හා අඳුරු අහු මුළු වෙත දීප්තිමත් ආලෝක ධාරාවක් එල්ල කිරීමට ඔහු සමත් වන්නේ නැත. ඔහු කරන්නේ මතුපිට අතපතගෑමක් පමණි. ජයන්ත චන්ද්‍රසිරිට ප්‍රේමයේ ඒ සියුම් සුන්දරත්වය හසු වන්නේ නැත. එහෙත්, ඔහු දක්ෂ සිනමාකරුවෙකි. ඔහු විසින් කරන ලද එක් ශ්රව්යමය පෙළහරක් මගේ සිතේ තදින් කා වැදී තිබේ. එහෙත්, ඒ 'සමනල සංධ්වනියෙහි' නො වේ. දඬුබස්නාමානයෙහි ය. එහි මරණ ගෙදරක රාත්‍රියේ දුක, බිය, ගුප්තකම හා නිදිමත මැද මරණ ගෙදර රැස් වූ මිනිසුන්ගේ මුණුමුණුව නිරූපණය කර තිබෙන ඉසියුම්කම අති විශිෂ්ට ය. 'සමනල සංධ්වනියෙහි' ගීත නිර්මානයෙහි දක්නට ලැබෙන මෙම සියුම්කම සමස්තයක් ලෙස චිත්‍රපටයෙන් ගිලිහී තිබේ. එසේ වන්නේ ඇයි? කතන්දර කීම කලාවේ මූලික ලක්ෂණයකි. විශේෂයෙන් ම, සිනමාවට, නවකතාවට කතන්දරය ඉතා වැදගත් ය. සිනමාකරුවකු හොඳ කතන්දරකාරයකු විය යුතු බව මගේ අදහසයි. ජයන්ත චන්ද්‍රසිරි කතන්දරකරුවකු ලෙස කලින් පෙන්වූ දක්ෂතා පිරිහෙමින් ඇති බවට 'සමනල සංධ්වනිය' සාක්ෂියකි. අතිශය සුන්දර නාට්‍යමය නිර්මාණයක වස්තු බීජයක් ඔහු අත අතු ඉති ලා වැඩෙන්නේ නැත. කතා පුවත ඉතා සියුම් අන්දමින් ගොතන ආකාරය පිළිබඳ මට සිහිපත් වන හොඳ උදාහරණයක් වන්නේ මිස්ටර් බීන්ගේ චරිතය නිරූපණය කිරීමෙන් ප්‍රසිද්ධ වූ රොවන් ඇට්කින්සන් රඟපාන 'ජොනී ඉංග්ලිෂ්' චිත්‍රපටයයි. එහි පහර දීමක් පිළිබඳ ජොනී සපයන බොරු සාක්ෂි මත පොලිස් සිත්තරෙක් පුද්ගලයකුගේ චිත්‍රයක් අඳියි. එම සිද්ධිය එතනින් හමාර ය. එහෙත් චිත්‍රපටය අවසාන ජවනිකාවේ ජොනීට තෑගි ලැබුණු නවීන මෝටර් රියේ සිය පෙම්වතියත් සමග රවුමක් යමින් සිටියදී ඔහු එහි බොත්තමක් ඔබයි. අසුනත් සමග ගැලවී උඩින් විසි වන ජොනී පිහිනුම් තටාකයකට ඇද වැටෙයි. ඒ තටාකය අද්දර අසුනක දිගා වී සිටින පුද්ගලයෙකි. ඒ අර පොලිස් සිත්තරා විසින් අඳින ලද පුද්ගලයා ය. විකාරරූපිත්වය ඔහුගේ කලින් නිර්මානවල ද දක්නට ලැබුණු විශේෂ ලක්ෂණයකි. විකාරරූපිත්වය කලාත්මක ලක්ෂණයකි. එහෙත්, 'සමනල සංධ්වනියෙහි' තිබෙන්නේ විකාරරූපිත්වයක් නොව විකාර ගොඩකි. එහි සීරියස් පෙම්වතා හැර අනෙක් සියලුම චරිත විකාරකාරයෝ ය. පෙම්වතා ද පසුකාලයේ විකාරකාරයෙකි. කුමාරි උද්‍යානයේදී අදීශ රණ්ඩුවකට පැටලෙන සිද්ධිය පරම විගඩමකි. ඒවා විහිළු ද නො වේ. මෙම ජවනිකා විසින් අමතනු ලබන්නේ පරපීඩනයෙන් සතුටු වන, ගැඹුරු විහිළුවක් රසවිඳිය නො හැකි අඳබාල ප්‍රේක්ෂක ප්‍රජාවටයි. ජාතිකවාදී සිනමා රැල්ල විසින් රසඥතාවට දැවැන්ත බලපෑමක් කර තිබෙන බවට ද 'සමනල සංධ්වනිය' සාක්ෂියකි. සෝමරත්න දිසානායක වැනි අය රාජ්‍ය අනුග්‍රහය ලබා ගනිමින් චිත්‍රපට ශාලාවලට ආකර්ශනය කරගෙන තිබෙන ප්‍රේක්ෂක ප්‍රජාවට ජයන්ත චන්ද්‍රසිරි වැනි සිනමාකරුවෝ බියක් දක්වන බව පෙනේ. එහි ලියුම ලියූ කාන්තාවගේ පෙම්වතා හමුදා නිලධාරියකු බව හෙළි කරමින් ඔහු මේ ප්‍රේම වෘත්තාන්තය ජාතිකවාදය සමග සම්බන්ධ කරයි. එහෙත්, එය චිත්‍රපටයට අවශ්‍ය ද? එයින් සිදු වන්නේ මෙම විශ්ව සාධාරණ අත්දැකීම පටු කෝවකට ඇතුළු කිරීම පමණි. සමාජය හා සිනමාව පුරා වැතිරුණු හිස් ස්වෝත්තමවාදී ජාතිකවාදය තුළ සිරගත කරන ලද ප්‍රේක්ෂක පිරිස නම් සපත්තුවේ තරමට ජයන්ත සිය 'සමනල සංධ්වනිය' නම් කකුල කපාගෙන තිබේ. 'සමනල සංධ්වනිය' ප්‍රේක්ෂකයන්ගේ රසඥතා සිර ගෙවල් පුපුරුවා හැර, වින්දනයේ නිම් වළලු පුළුල් කරන නිර්මානයක් නො වේ. උපුටා ගැනීම w3lanka[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom