I really don’t understand why you keep talking about eating when we are talking about killing.What kind of teeth Allah has given you or what you eat to fill your stomach is NOT my concern . You see, we try to get rid of a dead body of a human being very quickly by burning or burying. So, if you take a dead body of an animal home and eat it is not my problem. This thread is about slaughtering . What I am trying to point out is that these animals too fear death. They too have their loved ones. If not most of these creatures care for each other. We have no right to separate them from their loved ones to kill them or inflict fear of death.
මෙතනදී මෙය හොදින් තේරුම් කිරීමට වෙනත් භාෂාවකින් නැවත ලියමි. මෙහිදී කතා කරන්නේ මැරීම ගැන මිස මල කුණු කන නොකන එක ගැන නෙවෙයි. ඔබතුමාට අල්ලා දී ඇත්තේ කුමන වර්ගයේ දත්ද, නැතිනම් ඔබතුමා කන්නේ එලවළුද , නැතිනම් වෙනත් සතෙකුගේ මලකුණුද යන්න වැදගත් නොවේ. වැදගත් වන්නේ මෙම සතුන් අප මෙන්ම මරණයට බිය බව තේරුම් ගැනීමයි. මාළුවා , කුකුලා හෝ හරකා කියා වෙනසක් නැත . කුමන වර්ගයක සතෙකු වුවද මරණයට බිය
දක්වති. කෙසේ හෝ ජීවත් වීමට උත්සහ කරති . එම නිසා මරණ ක්‍රමය කුමක් වුවද එසේ කිරීමේදී එම සතාට මරණ බිය ඇති වේ. තවද මෙම සතුන් ඕපපාතික නොවෙති. ඔවුන්ටද බිහි කල දෙමව්පියන් මෙන්ම බිහි කල දරුවෝද ඇත . යම් මිනිසෙක් මුදලට මෙම දරුවන් දෙමව්පියන්ගෙන් වෙන් කර මරා දමයිද නැතහොත් විකුණයිද එය ඉතා පහත් ක්‍රියාවක් බව මෙය කියවන බුද්ධිමත්
අයට තේරුම් ගැනීමට හැකි වෙනු ඇත. මෙවැනි පහත් ක්‍රියා සාධාරණ බව ඔප්පු කිරීමට විටින් විට ලිවීමෙන් තමන්ගේ තත්වයට වන හානිය කුමක්දැයි සිතා බලන්නේ නම් වඩාත් සුදුසු වේ.