"SF නිදහස් කරන්න" දැවැන්ත සත්‍යග්‍රහයක් කො
ජනරාල් නිදහස් කරන්නැයි ඉල්ලා කොළඹදී දැවැන්ත සත්‍යග්‍රහයක්
2010 අප්‍රේල් 06 වෙනි අඟහරුවාදා, 16:52 ජනරාල් සරත් ෆොන්සේකා මහතා නිදහස් කරන ලෙස බල කරමින් අද කොළඹදී දැවැන්ත සත්‍යග්‍රහයක් පැවැත්විණී. ජනාරාල් නිදහස් කර ගැනීමේ ජනතා ව්‍යාපාරාය විසින් සංවිධානය කළ මෙම සත්‍යග්‍රහය සඳහා ජනරාල් සරත් ෆොන්සේකා මහතාගේ බිරිඳ අනෝමා ෆොන්සේකා මහත්මිය හා ප්රජාතන්ත්රවාදී ජාතික සන්ධානයේ මහ ලේකම් විජිත හේරත්, සුනිල් හඳුන්නෙත්ති යන මහත්වරුන් ඇතුළු නායකයින් විශාල පිරිසක් හා විශාල ජනකායක් රැස්ව සිටියහ.
මෙම සත්‍යග්‍රහය ආරම්භ කිරීමට ප්‍රථම එම ස්ථානය වට කොට සිටි තුන්සියයකට අධික පොලිසි බල ඇණිය විසින් අදාල සත්‍යග්‍රහය පැවැත්වීමට වෙනුවෙන් විරෝධය දැක්වීය. මේ අවස්ථාවේදී ප්රජාතන්ත්රවාදී ජාතික සන්ධානයේ මහ ලේකම් විජිත හේරත් මහතා ඇතුළු පිරිස හා පොලිස් නිලධාරීන් අතර උනුසුම් කතාබහක් ඇතිවිය. මේ අවස්ථාවේදී විජිත හේරත් මහතා පොලිස් නිලධාරීන්ගෙන් විමසා සිටියේ සත්‍යග්‍රහයක් යනු නිහඬව විරෝධය දැක්වීමේ අවස්ථාවක් බවත්, එම නිහඬ විරෝධය දැක්වීමට නොහැකි මට්ටමකට රටේ ප්රජාතන්ත්රවාදය අහිමිව ගොස් ඇති ද යන්නයි.
පසුව විරෝධතාකරුවන් සැවොම එක්ව සත්‍යග්‍රහය වෙනුවෙන් කොටුව දුම්රිය පොළ ඉදිරිපිට බිම වාඩිවී සිටි අතර, මේ අවස්ථාවේදී ජනරාල් සරත් ෆොන්සේකා මහතා නිදහස් කරන ලෙස බල කරමින් භික්ෂූන් වහන්සේ පැවැත්වූ උපවාසයේ අවස්ථාවන් හා එම උපවාසය කළ භික්ෂූන් වහන්සේ පොලිස් ආරක්ෂාව යටතේ සිවිල් ඇඳමින් සැරසුණු පුද්ගලයින් විසින් පැහැරගෙන ගිය අවස්ථාව ඇතුළත් විශාල ප්‍රමාණයේ ඡායාරූපද ප්‍රදර්ශනය කරමින් සිටියහ.