Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Yesterday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Yesterday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Wednesday at 5:34 PM
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Jun 5, 2026
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Jun 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
Offline Business
Share Market Mega Thread
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ටික ටික දාන්නම් මචංලා...ඒවා හොයා ගන්නත් ඕන

කොටස් වෙළෙඳපොළට පිවිසෙමු

කොටස් වෙළෙඳපොළට අලුතින්ම පිවිසීමට බලාපොරොත්තු වන නවක ආයෝජකයකු ඒ සඳහා කළ යුත්තේ කුමක්ද? එසේත් නැත්නම් කොටස් වෙළෙඳපොළේ මුදල් ආයෝජනය කිරීමට (සමාගම් කොටස් මිලදී ගැනීමට) කැමැති අයකු ඒ සඳහා කුමක් කළ යුතුද? කොටස් වෙළෙඳපොළට පිවිසීමට කැමැත්තෙන් සිටින අයට දැනගැනීමට වඩාත්ම අවශ්‍ය වන්නේ මේ කාරණය බවට කිසිම සැකයක් නැත. ඒ නිසා මේ ලිපියෙන් අපගේ මූලික අවධානය යොමු වන්නේ යම් ආයෝජකයකුට කොටස් වෙළෙඳපොළට පිවිසිය හැක්කේ කෙසේද යන්න ගැනයි.

කොටස් වෙළෙඳපොළට පිවිසීම කැමැති අයෙක් ඒ සඳහා මුලින්ම කළ යුතු වන්නේ කොටස් තැරුව්කාර ආයතනයක් වෙත ගොස් ලියාපදිංචි වීමයි. එනම් ඔබ වෙනුවෙන් ගිණුමක් විවෘත කර ගැනීමයි. කොටස් වෙළෙපොළක ගනුදෙනු කළ හැක්කේ කොටස් තැරැව්කාර ආයතන මගින් පමණි. ඒ නිසා ඔබට කොටස් වෙළෙඳපොළේ මුදල් ආයෝජනය කිරීමට අවශ්‍ය නම් ඒ සඳහා කොටස් තැරැව්කාර ආයතනයක් වෙත යැම අනිවාර්යය කරුණකි.

කොටස් මිලදී ගැනීම

කොටස් වෙළෙඳපොළේ මුදල් ආයෝජනය කිරීමට කැමැති අයකුට එය කළ හැකි ප්‍රධාන ආකාරයන් දෙකකි. ඒ මෙසේයි.

1. ප්‍රාථමික වෙළෙඳපොළ මගින් (මුලින්ම කොටස් නිකුත් කරන සමාගමකින් සෘජුවම කොටස් මිලදී ගැනීම.)

2. ද්විතීයික වෙළෙඳපොළ මගින් (කොළඹ කොටස් වෙළෙඳපොළ තුළින් කොටස් මිලදී ගැනීම)

ප්‍රාථමික වෙළෙඳපොළ සහ ද්විතීයික වෙළෙඳපොළ යන වචන ගැන ඔබ කළබල විය යුතු නැත. ඒවා අපි ඉතා සරලව පැහැදිලි කර ගනිමු.

ප්‍රාථමික වෙළෙඳපොළ (Primary Market)

සමාගමක් මුලින්ම මහජනයාට කොටස් නිකුත් කිරීම ප්‍රථමික වෙළෙඳපොළයි. එම අවස්ථාවේදී එම සමාගමෙන් සෘජුවම කොටස් මිලදී ගැනීම හඳුන්වන්නේ ප්‍රාථමික වෙළෙඳපොළෙන් කොටස් මිලදී ගැනීමක් ලෙසයි. සමාගමක් මෙසේ මහජනයාට කොටස් නිකුත් කරන්නේ ඇයි ද යන්න ගැන අප දැනටමත් සාකච්ඡා කර තිබේ.

සමාගමක් මහජනයාට කොටස් නිකුත් කිරීමේදී එම කොටස් නිකුතුව පිළිබඳව ජනමාධ්‍ය මගින් පුළුල් ප්‍රචාරයක් ලබාදේ. ඒ පිළිබඳ පුවත්පත් දැන්වීම් පළ කරයි. සියලු ජනමාධ්‍ය ආයතන නියෝජනය කරන මාධ්‍යවේදීන් කැඳවා ප්රවෘත්ති සාකච්ඡාවක් ද පවත්වයි. ඒ හරහා කොටස් නිකුතුව පිළිබඳ විස්තර ප්‍රසිද්ධියට පත් කරනු ලබයි. මෙවැනි පුවත්පත් දැන්වීම් සහ ප්රවෘත්ති ඔබ කොතෙකුත් පුවත්පත්වල දැක තිබෙනවා විය හැකිය. මේ ප්‍රචාරය හරහා යම් සමාගමක් මහජනයාට කොටස් නිකුත් කිරීමට යන බව අපට දැනගත හැකිය. විශේෂයෙන්ම අදාළ සමාගම විසින් තම කොටස් නිකුතුව පිළිබඳ පළ කරනු ලබන පුවත්පත් දැන්වීම්වල, සමාගම විසින් කොටස් නිකුතුව ආරම්භ කරන දිනය සහ අවසන් කරන දිනය මෙන්ම කොටස් මිලදී ගැනීමට බලාපොරොත්තු වන පුද්ගලයන් හට ඒ සඳහා අවශ්‍ය වන ලිපිලේඛන ලබා ගත හැකි ස්ථාන පිළිබඳවද සඳහන් කරනු ලබයි.

මෙසේ ජනමාධ්‍ය මගින් කරන ප්රචාරයට අමතරව යම් සමාගමක් කොටස් නිකුතුවක් සිදුකිරීමේදී, එම කොටස් නිකුතුවට අදාළ සියලු විස්තර සඳහන් කර පොතක් නිකුත් කරයි. එය හඳුන්වන්නේ සංස්ථා ප්‍රකාශය (Prospectus)වශයෙනි. ඇතැම් සමාගම් මෙම සංස්ථා පත්‍රය සිංහලෙන්ද මුද්‍රණය කරයි. එහෙත් බොහෝ සමාගම් තවමත් මෙය ප්‍රකාශයට පත් කරන්නේ ඉංගී්රසි භාෂාවෙන් පමණකි.

සංස්ථා ප්‍රකාශයට ඇතුළත් වන කරුණු

සමාගමක කොටස් මිලදී ගැනීමට අපේක්ෂා කරන ආයෝජකයන්ට, තම තීරණය ගැනීමේ ක්‍රියාවලිය සඳහා අවශ්‍ය සියලු තොරතුරු මෙම සංස්ථා ප්‍රකාශයේ ඇතුළත්ය. ඒ අතරින් පහත සඳහන් කරුණු සංස්ථා ප්‍රකාශයට ප්‍රධාන වශයෙන්ම ඇතුළත් කරයි.

* සමාගමේ නම.

* අධ්යක්ෂ මණ්ඩලය පිළිබඳ විස්තර.

* කොටස් නිකුත් කිරීමේ අරමුණ.

* කොටස් නිකුතුවේ විස්තර.

* නිකුත් කරන කොටස් ප්‍රමාණය.

* කොටසක් නිකුත් කරන මිල.

* කොටස් නිකුතුව ආරම්භ වන දිනය සහ අවසන් කරන දිනය.

* සමාගමේ ප්රාග්ධනය සහ කොටස් ප්‍රමාණය පිළිබඳ විස්තර.

* සමාගමේ ගිණුම් විස්තර.

* කොටස් මිලදී ගත හැකි ආකාරය.

* කොටස් බෙදා හරින ආකාරය.

* සමාගමේ ව්‍යාපාර කටයුතු හා ඒවායේ ස්වභාවය.

* සමාගමේ ව්‍යහය සහ ශාඛා ජාලය පිළිබඳ විස්තර.

* සමාගමේ ප්‍රධාන නිලධාරීන් පිළිබඳ විස්තර.

මීට අමතරව ආයෝජකයාට එම සමාගමේ කොටස් මිලදී ගැනීමේ තීරණය ගැනීමට වැදගත් වන තවත් තොරතුරු රැසක් සංස්ථා ප්‍රකාශයට ඇතුළත් වේ. මෙය කියවා බැලීමෙන් පසු ආයෝජකයාට එම සමාගම පිළිබඳ පුළුල් දැනීමක් ලබාගත හැකි වේ. මෙම සංස්ථා ප්‍රකාශය, සමාගම සඳහන් කරන ඕනෑම ස්ථානයකින් නොමිලයේ ලබාගත හැකිය.

සංස්ථා ප්‍රකාශය ලබාගත හැකි තැන්

* සමාගමෙන් හෝ සමාගමේ ශාඛා ජාලය හරහා.

* සියලුම කොටස් තැරැව්කාර ආයතන මගින්.

* කොළඹ කොටස් වෙළෙඳපොළේ වෙබ් අඩවියෙන්.

* සමාගමේ වෙබ් අඩවියෙන්.

* සමාගම සඳහන් කරන වෙනත් ඕනෑම ස්ථානයකින්.

සංස්ථා ප්‍රකාශය කියවා තේරුම් ගැනීමට අපහසු ඕනෑම අයකුට තමා තෝරාගත් කොටස් තැරැව්කාර ආයතනය මගින් ඒ පිළිබඳ වැඩිදුර විස්තර විමසා දැන ගත හැකිය. සමාගම් විසින් සංස්ථා ප්‍රකාශය නිකුත් කිරීමේදී එම සමාගමේ කොටස් ඉල්ලුම් කිරීම සඳහා අයදුම්පතක් ද නොමිලයේම ලබාදෙයි. සංස්ථා ප්‍රකාශය කියවීමෙන් පසු එම සමාගමේ කොටස් මිලදී ගැනීමට තීරණය කරන්නේ නම් අයදුම්පත්‍රය පිරවිය යුතු වන අතර ඒ සඳහා ද කොටස් තැරැව්කාර ආයතනයේ සහාය ලබාගත හැකිය.

Asanka Senevirathna (Biz Assist Holdings) අයියා පල කල පෝස්ටුවකින්

[QUOTE="Investor, post: 25769887, member: 563891"] ටික ටික දාන්නම් මචංලා...ඒවා හොයා ගන්නත් ඕන කොටස් වෙළෙඳපොළට පිවිසෙමු කොටස් වෙළෙඳපොළට අලුතින්ම පිවිසීමට බලාපොරොත්තු වන නවක ආයෝජකයකු ඒ සඳහා කළ යුත්තේ කුමක්ද? එසේත් නැත්නම් කොටස් වෙළෙඳපොළේ මුදල් ආයෝජනය කිරීමට (සමාගම් කොටස් මිලදී ගැනීමට) කැමැති අයකු ඒ සඳහා කුමක් කළ යුතුද? කොටස් වෙළෙඳපොළට පිවිසීමට කැමැත්තෙන් සිටින අයට දැනගැනීමට වඩාත්ම අවශ්‍ය වන්නේ මේ කාරණය බවට කිසිම සැකයක් නැත. ඒ නිසා මේ ලිපියෙන් අපගේ මූලික අවධානය යොමු වන්නේ යම් ආයෝජකයකුට කොටස් වෙළෙඳපොළට පිවිසිය හැක්කේ කෙසේද යන්න ගැනයි. කොටස් වෙළෙඳපොළට පිවිසීම කැමැති අයෙක් ඒ සඳහා මුලින්ම කළ යුතු වන්නේ කොටස් තැරුව්කාර ආයතනයක් වෙත ගොස් ලියාපදිංචි වීමයි. එනම් ඔබ වෙනුවෙන් ගිණුමක් විවෘත කර ගැනීමයි. කොටස් වෙළෙපොළක ගනුදෙනු කළ හැක්කේ කොටස් තැරැව්කාර ආයතන මගින් පමණි. ඒ නිසා ඔබට කොටස් වෙළෙඳපොළේ මුදල් ආයෝජනය කිරීමට අවශ්‍ය නම් ඒ සඳහා කොටස් තැරැව්කාර ආයතනයක් වෙත යැම අනිවාර්යය කරුණකි. කොටස් මිලදී ගැනීම කොටස් වෙළෙඳපොළේ මුදල් ආයෝජනය කිරීමට කැමැති අයකුට එය කළ හැකි ප්‍රධාන ආකාරයන් දෙකකි. ඒ මෙසේයි. 1. ප්‍රාථමික වෙළෙඳපොළ මගින් (මුලින්ම කොටස් නිකුත් කරන සමාගමකින් සෘජුවම කොටස් මිලදී ගැනීම.) 2. ද්විතීයික වෙළෙඳපොළ මගින් (කොළඹ කොටස් වෙළෙඳපොළ තුළින් කොටස් මිලදී ගැනීම) ප්‍රාථමික වෙළෙඳපොළ සහ ද්විතීයික වෙළෙඳපොළ යන වචන ගැන ඔබ කළබල විය යුතු නැත. ඒවා අපි ඉතා සරලව පැහැදිලි කර ගනිමු. ප්‍රාථමික වෙළෙඳපොළ (Primary Market) සමාගමක් මුලින්ම මහජනයාට කොටස් නිකුත් කිරීම ප්‍රථමික වෙළෙඳපොළයි. එම අවස්ථාවේදී එම සමාගමෙන් සෘජුවම කොටස් මිලදී ගැනීම හඳුන්වන්නේ ප්‍රාථමික වෙළෙඳපොළෙන් කොටස් මිලදී ගැනීමක් ලෙසයි. සමාගමක් මෙසේ මහජනයාට කොටස් නිකුත් කරන්නේ ඇයි ද යන්න ගැන අප දැනටමත් සාකච්ඡා කර තිබේ. සමාගමක් මහජනයාට කොටස් නිකුත් කිරීමේදී එම කොටස් නිකුතුව පිළිබඳව ජනමාධ්‍ය මගින් පුළුල් ප්‍රචාරයක් ලබාදේ. ඒ පිළිබඳ පුවත්පත් දැන්වීම් පළ කරයි. සියලු ජනමාධ්‍ය ආයතන නියෝජනය කරන මාධ්‍යවේදීන් කැඳවා ප්රවෘත්ති සාකච්ඡාවක් ද පවත්වයි. ඒ හරහා කොටස් නිකුතුව පිළිබඳ විස්තර ප්‍රසිද්ධියට පත් කරනු ලබයි. මෙවැනි පුවත්පත් දැන්වීම් සහ ප්රවෘත්ති ඔබ කොතෙකුත් පුවත්පත්වල දැක තිබෙනවා විය හැකිය. මේ ප්‍රචාරය හරහා යම් සමාගමක් මහජනයාට කොටස් නිකුත් කිරීමට යන බව අපට දැනගත හැකිය. විශේෂයෙන්ම අදාළ සමාගම විසින් තම කොටස් නිකුතුව පිළිබඳ පළ කරනු ලබන පුවත්පත් දැන්වීම්වල, සමාගම විසින් කොටස් නිකුතුව ආරම්භ කරන දිනය සහ අවසන් කරන දිනය මෙන්ම කොටස් මිලදී ගැනීමට බලාපොරොත්තු වන පුද්ගලයන් හට ඒ සඳහා අවශ්‍ය වන ලිපිලේඛන ලබා ගත හැකි ස්ථාන පිළිබඳවද සඳහන් කරනු ලබයි. මෙසේ ජනමාධ්‍ය මගින් කරන ප්රචාරයට අමතරව යම් සමාගමක් කොටස් නිකුතුවක් සිදුකිරීමේදී, එම කොටස් නිකුතුවට අදාළ සියලු විස්තර සඳහන් කර පොතක් නිකුත් කරයි. එය හඳුන්වන්නේ සංස්ථා ප්‍රකාශය (Prospectus)වශයෙනි. ඇතැම් සමාගම් මෙම සංස්ථා පත්‍රය සිංහලෙන්ද මුද්‍රණය කරයි. එහෙත් බොහෝ සමාගම් තවමත් මෙය ප්‍රකාශයට පත් කරන්නේ ඉංගී්රසි භාෂාවෙන් පමණකි. සංස්ථා ප්‍රකාශයට ඇතුළත් වන කරුණු සමාගමක කොටස් මිලදී ගැනීමට අපේක්ෂා කරන ආයෝජකයන්ට, තම තීරණය ගැනීමේ ක්‍රියාවලිය සඳහා අවශ්‍ය සියලු තොරතුරු මෙම සංස්ථා ප්‍රකාශයේ ඇතුළත්ය. ඒ අතරින් පහත සඳහන් කරුණු සංස්ථා ප්‍රකාශයට ප්‍රධාන වශයෙන්ම ඇතුළත් කරයි. * සමාගමේ නම. * අධ්යක්ෂ මණ්ඩලය පිළිබඳ විස්තර. * කොටස් නිකුත් කිරීමේ අරමුණ. * කොටස් නිකුතුවේ විස්තර. * නිකුත් කරන කොටස් ප්‍රමාණය. * කොටසක් නිකුත් කරන මිල. * කොටස් නිකුතුව ආරම්භ වන දිනය සහ අවසන් කරන දිනය. * සමාගමේ ප්රාග්ධනය සහ කොටස් ප්‍රමාණය පිළිබඳ විස්තර. * සමාගමේ ගිණුම් විස්තර. * කොටස් මිලදී ගත හැකි ආකාරය. * කොටස් බෙදා හරින ආකාරය. * සමාගමේ ව්‍යාපාර කටයුතු හා ඒවායේ ස්වභාවය. * සමාගමේ ව්‍යහය සහ ශාඛා ජාලය පිළිබඳ විස්තර. * සමාගමේ ප්‍රධාන නිලධාරීන් පිළිබඳ විස්තර. මීට අමතරව ආයෝජකයාට එම සමාගමේ කොටස් මිලදී ගැනීමේ තීරණය ගැනීමට වැදගත් වන තවත් තොරතුරු රැසක් සංස්ථා ප්‍රකාශයට ඇතුළත් වේ. මෙය කියවා බැලීමෙන් පසු ආයෝජකයාට එම සමාගම පිළිබඳ පුළුල් දැනීමක් ලබාගත හැකි වේ. මෙම සංස්ථා ප්‍රකාශය, සමාගම සඳහන් කරන ඕනෑම ස්ථානයකින් නොමිලයේ ලබාගත හැකිය. සංස්ථා ප්‍රකාශය ලබාගත හැකි තැන් * සමාගමෙන් හෝ සමාගමේ ශාඛා ජාලය හරහා. * සියලුම කොටස් තැරැව්කාර ආයතන මගින්. * කොළඹ කොටස් වෙළෙඳපොළේ වෙබ් අඩවියෙන්. * සමාගමේ වෙබ් අඩවියෙන්. * සමාගම සඳහන් කරන වෙනත් ඕනෑම ස්ථානයකින්. සංස්ථා ප්‍රකාශය කියවා තේරුම් ගැනීමට අපහසු ඕනෑම අයකුට තමා තෝරාගත් කොටස් තැරැව්කාර ආයතනය මගින් ඒ පිළිබඳ වැඩිදුර විස්තර විමසා දැන ගත හැකිය. සමාගම් විසින් සංස්ථා ප්‍රකාශය නිකුත් කිරීමේදී එම සමාගමේ කොටස් ඉල්ලුම් කිරීම සඳහා අයදුම්පතක් ද නොමිලයේම ලබාදෙයි. සංස්ථා ප්‍රකාශය කියවීමෙන් පසු එම සමාගමේ කොටස් මිලදී ගැනීමට තීරණය කරන්නේ නම් අයදුම්පත්‍රය පිරවිය යුතු වන අතර ඒ සඳහා ද කොටස් තැරැව්කාර ආයතනයේ සහාය ලබාගත හැකිය. Asanka Senevirathna (Biz Assist Holdings) අයියා පල කල පෝස්ටුවකින් [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom