Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Wednesday at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Jul 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Shit of Gharasarpaya
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජයන්තගේ අනන්‍යතාවයට රිංගූ කමලනාත් නොහොත් ඝරසරප

ජයන්ත චන්ද්‍රසිරි යනු හෙළ සිනමාවේ පතාකයෙකි. ඔහු මේ ක්ෂේත්රයට දායාද කල නිර්මාණ පිලිබඳව අමුතුවෙන් මතක් කල යුතු නොවේ. නමුත් මෑතකදී නිකුත් කරන ලද "ඝරසරප" නම් නිර්මාණය තුලින් හෙලි කල අප දකින ජයන්තගේ කලාව අතිෂය ප්‍රාථමිකය. අග්නිදාහය, දඬුබස්නාමානය හා අකාල සන්ධ්‍යා වැනි යෝධ නිර්මාණ පසුපස සිටි ඔහුට මේ කුමක් වී ඇත්දැයි අපි තවමත් කල්පනා කරමින් සිටීමු. මාස ගණනකට පෙර ජයන්තගේ ආගමනය පිළිබඳ එලි දැක්වූ trailer එක බලා සිනමා පටය බැලූ අපගේ අරමුණ ඔහුගේ මේ නව සිනමා නිර්මාණයේ අප දකිනා යම් යම් ගැටළු ගෙනහැර දැක්වීමයි.

මුලින්ම චිත්‍රපටය ගැන කෙටි සටහනක් තියන්න හිතුවා.

1980 කාලයේ යම්කිසි භූත ආවේශයක් සුවකර ගැනීමට ගඩාගම දේවස්ථානයට යන අතර මගදී සඳරැස් එදිරිසිංහ දෙමළ ගෑණු ළමයකු වන විද්‍යා සමඟ ආදරයෙන් බැඳෙනවා. විද්‍යා කලු කුමාර ආවේශයකින් පීඩා විඳිනවා. ඒත් සඳරැස්ගේ අවංක ආදරයෙන් ඇයව කලු කුමාරයාගෙන් බේරගන්න පුලුවන් වෙනවා වගේම කලුකුමාරයා ඔහුට පරදිනවා.

නමුත් යුද්ධය නිසා රට අතහැර යාමට සිදුවූ ඇයව සඳරැස්ට අහිමි වෙනවා.

2017 වන විට සඳරැස් වෙනත් කාන්තාවක් හා විවාහ වී සතුටින් ජීවත් වෙනවා.

නමුත් කලුකුමාර පෙරදිනක සඳරැස්ට වුනු පොරොන්දුවක් ඉෂ්ඨ කිරීමට නැවත පැමිණෙනවා. ඒ තමයි විද්‍යා නැවත මෙරටට ආවොත් ඔහුව මුණගස්සන බව. සඳරැස්ගේ බිරිඳට අවේශ වන කලුකුමාරයා ඇයව සුව කිරීමට බෙහෙත් කිරීමට යොමු වන හේතුවෙන් ඒ පිළිබඳව විශේෂඥවරියක වී සිටින විද්‍යාව නැවතත් සඳරැස්ට 2017 දී මුණගස්සනවා. සරළව කිව්වොත් ඕක තමා කතාව.

දැන් මෙහි සිනමාත්මක භාවිතාව ගැන කතා කරමු. ජයන්තට ඇත්තේ නාට්‍ය අභාෂයක් බව අප දන්නා කරැණකි. ඒකට අපි පලි නැත. එහෙමයි කියා සමස්තයක් ලෙස මේ චිත්‍රපටය පුරාවට එළි දකින විකාර රෑපී නාට්‍යමය අධි රංගන අවශ්‍ය නැත. පළමු දර්ශණ කිහිපයෙන් අප හට බලාපොරොත්තු ගොඩ ගසන ඔහු එකවර ඒ සියල්ලට පයින් ගසන්නේ ජැක්සන්ගේ නොගැලපෙන නාට්‍යමය නර්ථනයකින් කලු කුමාරයාවද විහිලුවකට ලක් කරමිනි. ජයන්තගේ වෙනත් සිනමා නිර්මාණවලද මෙවැනි ගීත හා නැටුම් තිබුනත් මෙහිදී අපි දකින්නේ ඉතා බොළඳ ආකාරයේ ප්රකාශනයකි. කෙනෙක් හට මෙවැනි ගීත සහ නැටුම් ඉතා භාවාන්විත අවස්ථාවල (උදාහරණයකට Bollywood සිනෙමා පටයන්හි මෙන්) භාවිතා කල හැකි බවට වාද කල හැකි වුවද අප දකින්නේ එවැනි භාවයන් සිනමා රූප මගින් පෙන්වීමට ඇති නොහැකියාව වසා ගැනීමට කල බාලාංශ වෑයමක් හෝ කමලනාත්ගේ සිනමාත්මක භාවිතා වල සෙවනැලිය.

එක් සිත් ගත ස්ථානයක් කථා අවසානයේදි විද්‍යාව සඳරැස් හමුවෙන තැන. එතනදි දෙන්නගෙ low angel shot එකකින් පටන් අරන් විද්‍යා පරෙස්සමින් තියාගත්ත පරණ පත්තරේ පෙන්නන මොහොතේ, විද්‍යාගෙ සිතුවිලි වල නැගිටීම පෙන්නන්න ඇයවත් නැගිට්ටවන ජයන්ත පසුව සඳරැස්වත් එකම තලයකට ගෙනල්ලා equal කරලා දෙදෙනාම ඉන්දවනවා. ඒක මරැ යෙදීමක්. ඒ වුණත් එතන මූණට මූණ බලන් ඉන්න දීලා තියෙන වෙලාවනං බොහොම වැඩියි. දෙන්නගෙ රඟපෑම පෙන්නන්න එහෙම කලා වෙන්නත් පුලුවන්. මොකද ඉන්න අනිත් අයත් එක්ක මේ වගේ දෙන්නෙක්ව එකට හම්බවෙන තැන නිකම්ම නිකං අතෑරලා දාන්න ජයන්තට ලෝභ හිතෙන්න ඇති. Shot duration වල වෙනසක් ඇති නොකර එක සැරේම කතාව පුරාවට යන රිද්මය මේවගේ ස්ථාන වල කැඩීමෙන් ඒ වෙලාවේ ඇතිවන නියම හැඟීම් ප්‍රේක්ෂකයාට දැනෙන්නෙ නැතුව යනවා.

රෑප රාමු සියල්ලක්ම පාහේ නලුවන් එක එල්ලේ frame එක මැද තබා ප්රවෘත්ති කියන ස්වරෑපයෙන් රෑගත කොට ඇති ජයන්තට අනෙක් සිනමාත්මක භාවිතාවන් අපිට මතක් කර දීමට සිදුවීම ඛේදාන්තයකි. Rule of thirds, composition, mise-en-scene කියා දේවල්ද සිනමා භාවිතාවන් තුල ඇති බව ඔහුට අමතක වී ඇත. නැතහොත් අමතක කර ඇත. කිසිම හිරිකිතයකින් තොරව ඊළඟට වෙන්නට යන දේ දැනට වී ඇති දේ ගැන අමු දෙබස් වලින් දමා ගසන්නේ ආඛ්‍යාන ප්රකාශනයන් හා ප්‍රේක්ෂකයන්ගේ පරිග්‍රහ ශක්තිය බල්ලට දමමිනි. මුල දර්ශන කිහිපයේ සිටම මේ අකාරයේ plot dump කිරීමෙන් ප්‍රේක්ෂකයා අකර්මන්‍ය ලෙස බලා සිටීම විතරක් සිදු වේ.

Narrative structure එක ගත්තොත් චිත්‍රපටයක තියෙන්න ඕන මූලික ලක්ෂණ මෙතනදි මඟ ඇරලා තියෙනවා. උදාහරණයක් විදියට කිව්වොත් මේකෙ ප්‍රධාන චරිතයට කිසිම challenge එකක් නෑ. ඒ කියන්නෙ මේ වියෝව එහෙමම පැත්තක තියෙද්දි එයා බොහොම සතුටින් පවුල් ජීවිතයක් ගත කරනවා. කලු කුමාරයාම ගේමක් දීලා පස්සෙ කාලෙක ඌම මේක හරිගස්සනවා. සඳරැස් ඔහේ ඉන්නවා. චිත්‍රපටියක් බලන්නෙ මිනිස්සු ඊලඟම මොකද වෙන්නෙ, දැන් මූ මොකක් කරයිද වගේ motivation එකකින්. ඒක මේ චිත්රපටියෙ කොතනකවත් නෑ. බලං ඉන්න එවුනුත් ඔහේ බලං ඉන්නවා කතාවත් ඔහේ ගලං යනවා. අඩුම තරමේ චරිත ඇතුලෙන් එන motivation එකක්වත් පේන්නෙ නෑ. Dramatic conflict එකක් බැලූ බැල්මට පෙනුනත්, ඇත්තටම බැලුවොත් එහෙම එකක් නෑ. ඉබේම ප්‍රශ්ණෙ විසඳෙන්නෙ ප්‍රශ්ණෙට මුල් වෙච්ච කලු කුමාරයාගෙම මැදිහත් වීමෙන්. මිනිස්සු මේකට අල්ලලා තියාගන්න නං මීට වඩා සෑහෙන දේවල් ටිකක් කරන්න තිබුණා

චිත්‍රපටයේ plot එක ගැන කතා නොකරම බැරිය. ආදරයක් හිස් වූ සිතකට යකෙකු රිංගන බව පවසා ඒ මත කලු කුමාරයා වැනි දැවැන්ත ජනශ්‍රැතික චරිතයක්, දුටු සැණින් ප්‍රේමයේ බැඳුනු තරැණ යුවලකට මේ තරම් පාච්චල් වීමම අපරාදේය. ආදරය වෙනුවෙන් බොහෝ දේ කැප කරන ඒ වෙනුවෙන් සමවදින චරිත සිනමා ඉතිහාසය තුල අප බොහෝ දැක ඇත. ඒත් ඒවා හා සාපේක්ෂව මෙය සීනි බෝල ආදරයකි. කොලුවාගේ රඟපෑම හොඳ මට්ටමක ඇත. එය කිව යුතුය. නමුත් ආදරයේ තරම හුදෙක් ඔහුගේ සිනහවකට ලඝු කිරීම අපරාධයකි.

තවද මෙහි dual personality හා possession පිලිබඳවද තරමක් කතා බහට ලක් කරයි. ද්වී පුද්ගල හෝ බහු පුද්ගල මනෝභාවයන් හා භූත අවේශයන් සහිත පුද්ගලයින් ගැන කියවෙන චිත්‍රපට බොහෝ ඇත. නමුත් එවැනි චරිත මේ තරම් හාස්‍යයට ලක්කොට තිබෙන තවත් චිත්‍රපට නැති තරම්ය. එය අවුල් වන්නේ මෙය comedy film එකක් නොවන නිසාය. Split, Identity, Fight club, Psyco, The Shining වැනි චිත්‍රපට නැරඹූ අයෙකුට මෙය තනිකරම ජෝක් එකකි. ඒවා තුල මෙම තත්වයන් කොතරම් සංකීර්ණව, සිනමාත්මකව මෙන්ම නිර්මාණාත්මකව භාවිතා කොට ඇත්ද? කටහඬෙන් පමණක් අනෙකා ක්‍රියාත්මක බව පෙන්වා දෙන්නට උත්සහ ගෙන ඇති කතා කරැවා මේ සියලු චරිත අතපය කොර වූවන් සේ දඟලන, ඇඹරෙන, විකාර ස්වරෑපයක් ඇති අය ලෙස පෙන්නීමට උත්සාහ ගත්තේ ඇයිදැයි අප තවමත් සිතමින් සිටී. මෙය නලු නිළියන්ගේ රංගන හැකියාව මෙන්ම Hollywood හි ප්‍රචලිත horror සිනමා පට බලා ඇති රටේ ප්‍රේක්ෂකයාගේ සිනමා දැනුම අවතක්සේරැ කිරීමක් ලෙස අප දකින අතර මෙය මීට වඩා serious වැඩක් විය යුතුව තිබුණු බව පමණක් ප්‍රකාශ කරමු.

මෙහි දෙබස් පිළිබඳව පැවසීමට තරම් විශේෂයක් නැත. සඳරැස් හා ෆ්රැන්කි ඉහල මධ්‍යම පන්තිකයන් බව පෙන්වීමට ඉංග්‍රීසි දෙබස් එකතු කර ඇති වුවද ඒවායේ අනුරුප උපසිරස් වැරදිය. බොහෝ විට තමන් දෙමළ බව අමතක වී භාෂාමය භාවිතය අමතක වන විද්‍යා සඳරැස්ගෙන් යමක් request කිරීම වැනි දෙබස් මගින් වෙනත් අරුතක් දැන් සමාජයේ පවතින බව ජයන්තට නොතේරී ඇත. ගැටලුව වන්නේ මෙවැනි නීරස දෙබස් මැද ජැක්සන් හරහා ඉතා ප්‍රභල දෙබස්ද ඉඳහිට ප්‍රකාශ වීමයි. එවිට ජයන්තගෙ සිනමා මතක ඇතුලෙ කිමිදෙන ප්‍රේක්ෂකයාට ඇඬෙන්නෙ ඊලඟ දෙබස් කීපයෙන් චිත්‍රපට නිෂ්පාදකතුමාව මතක් වෙන නිසාවෙනි.

ඉන්පසුව අපි continuity errors දෙසට හැරෙමු. කතානායකයාගේ ලමා කාලය පිලිබඳව 1980ට දිව යන අපිට ඒ චරිත දෙකට හා පවුල් දෙකට පමණක් සීමා වූ පරණ costume හා වාහන දැකීමෙන් අප කලකිරේ. පල්ලිය තුල ඇති නවීන මයික්‍රෆෝනය එළියට එන විට පමණක් පට්ට පරණ මයික් එකක් වී ඇත. විද්‍යාගේ පවුලේ වාහනයට පමණක් vintage පෙනුමැති වාහනයක් භාවිතා කර ඇති ජයන්තට කැමරා භාවිතාවේදී වටපිටාවේ ඇති ත්‍රි වීලර් සහ අනෙකුත් වාහන අමතක වී ඇත. මේවා සුලු කරැණු වුවත් ජයන්ත වැනි දැවැන්තයකුගෙන් මෙවැනි සුලු වැරදි පවා අප දකින්නට අකමැතිය. එය ඔහුට හොඳ නැත.

සංස්කරණ භාවිතාව ගැන ගත් කල අපිට ඩ්‍රෝන් ඇති බව පෙන්නීමට ඩ්‍රෝන් shots ද, අපට තාක්ෂණය ඇති බව පෙන්නීමට freeze shots ද ඔබ්බවා තිබීමේ හැර වෙන අරමුණක් අප තවමත් සොයමින් සිටී. ඒවා මේ නිර්මාණයට කිසිසේත්ම ගළපා නැත. පෙර කී පරදී සංස්කරණය සිනමා පටයෙහි රිද්මය කඩා දමන ලෙස කර ඇත. කලින් පෙන්නන විද්‍යාගේ කම්මුලේ ඇති වැලි පාර ගෑවෙන්නේ ඊට විනාඩි කීපයකට පසුව ගත් දර්ශණයකදී බව අප දැක්කත් සංස්කාරක වරයා දැක නැත. ඒ තරමටම එහි සංස්කරණය මරැය. ජයන්ත වැන්නකුගෙන් මෙවැන්නක් කිසිසේත්ම අනුමත කල නොහැක.

විද්‍යා මුලින්ම පෙන්නා ආවේස වී කරනම් ගසන විට රැවුල ඇති පිරිමියෙක් වීම අප මෙන් සඳරැස් දැක්කානම් කිසිසේත් ආදරය නොකරනු ඇත. මේවා ඉතාම ප්‍රාථමික වැරදිය. ජයන්තට මුවාවී අර්ජුන් දරැණුවටම චිත්‍රපටය තුලින් මතු වෙන්නේ මෙවිටය. තවද අර්ජුන්ගේ බිරිඳව සම්භාව්‍ය නලු නිළියන් අතර අතරමං කරනු දැකීමෙන් ජයන්තගේ casting දැනුම ගැන දෙවරක් සිතා බලන්නට සලස්වන අතර යශෝධාව guest appearance ලෙස යොදා ගැනීමෙන් සඳරැස්ගේ ගැලපෙනම බිරිඳ විය යුත්තේ ඇය බව පෙන්වා දී ජයන්ත සිය වැරදි තේරීම නැවතත් ප්‍රේක්ෂකයාට මතක් කර දෙයි. එමගින් නිෂ්පාදකවරයෙකුගේ නිර්මාණයට විය යුතු දායකත්වය නැවත මතක් කර දෙයි.

ජයන්තගේ මෙම චිත්‍රපටය මේ තරම් ගැඹුරින් විශ්ලේෂණය කරන්නේ ඇයි දැයි කෙනෙක් අසනු ඇත. රංජන්ගේ නවරියන් වැනි චිත්‍රපට හොඳදැයි පෙරලා ප්‍රශ්ණ කරනු ඇත. එය මෙසේය. අජිත් මුතුකුමාරණගේ සිංදු ගැන අපිට ප්‍රශ්ණයක් නැත. ඒ ඔහුගේ අනන්‍යතාවයයි. ඔහු නදීක ගුරැගේගේ නිර්මාණයක් ගාණට නිර්මාණ කිරීම අප බලාපොරොත්තු නොවෙමු. නමුත්.. නදීක ගුරැගේ කිසිදිනක අජිත් මුතුකුමාරණගේ විදියේ නිර්මාණයක් කිරීම කිසිසේත්ම අනුමත නොකරමු. එය හෙනගහන අපරාදයකි. අන්න එදාට අප කතා කරනු ඇත.

අතීතයේ ඉතාම උසස් ගණයේ නිර්මාණ රැසක හිමිකරැ ලෙස දිනෙන් දින පහළට යන නිර්මාණාත්මකභාවය දෙස අප බලා සිටින්නේ මහත් දුකකිනි. ජේෂ්ඨ නිර්මාණකරැවකු ලෙස ඔබගේ නිර්මාණ කෙරෙහි අප තුල ඇති විශ්වාසය එන්න එන්නම පහලට යමින් තිබෙන අතර ඔබගේ නිර්මාණ වල මීට වඩා ඉතා ඉහළ ගුණාත්මකභාවයක් අපේක්ෂා කරමු. දෙස් විදෙස් නිර්මාණ එළි දුටු සැණින් නරඹන තරැණ මෙන්ම පරිණත ප්‍රේක්ෂක පිරිසක් ඔබලාට සිටින බව මින් මතක් කරන අතර ඔවුන් පෙරටත් වඩා බොහොම සවිඥ්ඥාණිකව නිර්මාණ රසවිඳියි. මෑතකදී නිර්මාණය වූ මාලකගේ "බහුචිතවාදියා" චිත්‍රපටය ඔබගේ නිර්මාණයට වඩා සිනමාත්මක භාවිතාව අතින් ගව් ගාණක් ඉදිරියෙන් ඇති බව පවසන්නේ මහත් දුකකින් වන අතර එය ඔබ වැනි අයෙකුට මදිකමකි.

තවත් කීමට බොහෝ දේ ඇතත් මින් නවතිමු. කීමට දෙයක් ඇත. මේමගින් ශ්‍රී ලාංකේය සිනමා/ටෙලි කර්මාන්තයේ සුවිශේෂී මතක සටහන් තැබූ පතාකයෙකු වන ජයන්ත චන්ද්‍රසිරි අපහසුතාවයට පත් කිරීමට හෝ නිග්‍රහ කිරීමට කිසිසේත්ම අවශ්‍ය නොවූ අතර මෙහි ඒකායන අරමුණ වූයේ සිය නිර්මාණ භාවිතාව හා දායකත්වය කෙරෙහි හොඳ සිහියෙන් බලා සිටිනා තරැණ පරපුරක් ඇති බව සිහි කිරීමයි. එමගින් නැවතත් නියම ජයන්ත චන්ද්‍රසිරිව දැක ගැනීම අපගේ එකම.බලාපොරොත්තුවයි.

[QUOTE="mastersir, post: 23960249, member: 549987"] [SIZE="3"]ජයන්තගේ අනන්‍යතාවයට රිංගූ කමලනාත් නොහොත් ඝරසරප ජයන්ත චන්ද්‍රසිරි යනු හෙළ සිනමාවේ පතාකයෙකි. ඔහු මේ ක්ෂේත්රයට දායාද කල නිර්මාණ පිලිබඳව අමුතුවෙන් මතක් කල යුතු නොවේ. නමුත් මෑතකදී නිකුත් කරන ලද "ඝරසරප" නම් නිර්මාණය තුලින් හෙලි කල අප දකින ජයන්තගේ කලාව අතිෂය ප්‍රාථමිකය. අග්නිදාහය, දඬුබස්නාමානය හා අකාල සන්ධ්‍යා වැනි යෝධ නිර්මාණ පසුපස සිටි ඔහුට මේ කුමක් වී ඇත්දැයි අපි තවමත් කල්පනා කරමින් සිටීමු. මාස ගණනකට පෙර ජයන්තගේ ආගමනය පිළිබඳ එලි දැක්වූ trailer එක බලා සිනමා පටය බැලූ අපගේ අරමුණ ඔහුගේ මේ නව සිනමා නිර්මාණයේ අප දකිනා යම් යම් ගැටළු ගෙනහැර දැක්වීමයි. මුලින්ම චිත්‍රපටය ගැන කෙටි සටහනක් තියන්න හිතුවා. 1980 කාලයේ යම්කිසි භූත ආවේශයක් සුවකර ගැනීමට ගඩාගම දේවස්ථානයට යන අතර මගදී සඳරැස් එදිරිසිංහ දෙමළ ගෑණු ළමයකු වන විද්‍යා සමඟ ආදරයෙන් බැඳෙනවා. විද්‍යා කලු කුමාර ආවේශයකින් පීඩා විඳිනවා. ඒත් සඳරැස්ගේ අවංක ආදරයෙන් ඇයව කලු කුමාරයාගෙන් බේරගන්න පුලුවන් වෙනවා වගේම කලුකුමාරයා ඔහුට පරදිනවා. නමුත් යුද්ධය නිසා රට අතහැර යාමට සිදුවූ ඇයව සඳරැස්ට අහිමි වෙනවා. 2017 වන විට සඳරැස් වෙනත් කාන්තාවක් හා විවාහ වී සතුටින් ජීවත් වෙනවා. නමුත් කලුකුමාර පෙරදිනක සඳරැස්ට වුනු පොරොන්දුවක් ඉෂ්ඨ කිරීමට නැවත පැමිණෙනවා. ඒ තමයි විද්‍යා නැවත මෙරටට ආවොත් ඔහුව මුණගස්සන බව. සඳරැස්ගේ බිරිඳට අවේශ වන කලුකුමාරයා ඇයව සුව කිරීමට බෙහෙත් කිරීමට යොමු වන හේතුවෙන් ඒ පිළිබඳව විශේෂඥවරියක වී සිටින විද්‍යාව නැවතත් සඳරැස්ට 2017 දී මුණගස්සනවා. සරළව කිව්වොත් ඕක තමා කතාව. දැන් මෙහි සිනමාත්මක භාවිතාව ගැන කතා කරමු. ජයන්තට ඇත්තේ නාට්‍ය අභාෂයක් බව අප දන්නා කරැණකි. ඒකට අපි පලි නැත. එහෙමයි කියා සමස්තයක් ලෙස මේ චිත්‍රපටය පුරාවට එළි දකින විකාර රෑපී නාට්‍යමය අධි රංගන අවශ්‍ය නැත. පළමු දර්ශණ කිහිපයෙන් අප හට බලාපොරොත්තු ගොඩ ගසන ඔහු එකවර ඒ සියල්ලට පයින් ගසන්නේ ජැක්සන්ගේ නොගැලපෙන නාට්‍යමය නර්ථනයකින් කලු කුමාරයාවද විහිලුවකට ලක් කරමිනි. ජයන්තගේ වෙනත් සිනමා නිර්මාණවලද මෙවැනි ගීත හා නැටුම් තිබුනත් මෙහිදී අපි දකින්නේ ඉතා බොළඳ ආකාරයේ ප්රකාශනයකි. කෙනෙක් හට මෙවැනි ගීත සහ නැටුම් ඉතා භාවාන්විත අවස්ථාවල (උදාහරණයකට Bollywood සිනෙමා පටයන්හි මෙන්) භාවිතා කල හැකි බවට වාද කල හැකි වුවද අප දකින්නේ එවැනි භාවයන් සිනමා රූප මගින් පෙන්වීමට ඇති නොහැකියාව වසා ගැනීමට කල බාලාංශ වෑයමක් හෝ කමලනාත්ගේ සිනමාත්මක භාවිතා වල සෙවනැලිය. එක් සිත් ගත ස්ථානයක් කථා අවසානයේදි විද්‍යාව සඳරැස් හමුවෙන තැන. එතනදි දෙන්නගෙ low angel shot එකකින් පටන් අරන් විද්‍යා පරෙස්සමින් තියාගත්ත පරණ පත්තරේ පෙන්නන මොහොතේ, විද්‍යාගෙ සිතුවිලි වල නැගිටීම පෙන්නන්න ඇයවත් නැගිට්ටවන ජයන්ත පසුව සඳරැස්වත් එකම තලයකට ගෙනල්ලා equal කරලා දෙදෙනාම ඉන්දවනවා. ඒක මරැ යෙදීමක්. ඒ වුණත් එතන මූණට මූණ බලන් ඉන්න දීලා තියෙන වෙලාවනං බොහොම වැඩියි. දෙන්නගෙ රඟපෑම පෙන්නන්න එහෙම කලා වෙන්නත් පුලුවන්. මොකද ඉන්න අනිත් අයත් එක්ක මේ වගේ දෙන්නෙක්ව එකට හම්බවෙන තැන නිකම්ම නිකං අතෑරලා දාන්න ජයන්තට ලෝභ හිතෙන්න ඇති. Shot duration වල වෙනසක් ඇති නොකර එක සැරේම කතාව පුරාවට යන රිද්මය මේවගේ ස්ථාන වල කැඩීමෙන් ඒ වෙලාවේ ඇතිවන නියම හැඟීම් ප්‍රේක්ෂකයාට දැනෙන්නෙ නැතුව යනවා. රෑප රාමු සියල්ලක්ම පාහේ නලුවන් එක එල්ලේ frame එක මැද තබා ප්රවෘත්ති කියන ස්වරෑපයෙන් රෑගත කොට ඇති ජයන්තට අනෙක් සිනමාත්මක භාවිතාවන් අපිට මතක් කර දීමට සිදුවීම ඛේදාන්තයකි. Rule of thirds, composition, mise-en-scene කියා දේවල්ද සිනමා භාවිතාවන් තුල ඇති බව ඔහුට අමතක වී ඇත. නැතහොත් අමතක කර ඇත. කිසිම හිරිකිතයකින් තොරව ඊළඟට වෙන්නට යන දේ දැනට වී ඇති දේ ගැන අමු දෙබස් වලින් දමා ගසන්නේ ආඛ්‍යාන ප්රකාශනයන් හා ප්‍රේක්ෂකයන්ගේ පරිග්‍රහ ශක්තිය බල්ලට දමමිනි. මුල දර්ශන කිහිපයේ සිටම මේ අකාරයේ plot dump කිරීමෙන් ප්‍රේක්ෂකයා අකර්මන්‍ය ලෙස බලා සිටීම විතරක් සිදු වේ. Narrative structure එක ගත්තොත් චිත්‍රපටයක තියෙන්න ඕන මූලික ලක්ෂණ මෙතනදි මඟ ඇරලා තියෙනවා. උදාහරණයක් විදියට කිව්වොත් මේකෙ ප්‍රධාන චරිතයට කිසිම challenge එකක් නෑ. ඒ කියන්නෙ මේ වියෝව එහෙමම පැත්තක තියෙද්දි එයා බොහොම සතුටින් පවුල් ජීවිතයක් ගත කරනවා. කලු කුමාරයාම ගේමක් දීලා පස්සෙ කාලෙක ඌම මේක හරිගස්සනවා. සඳරැස් ඔහේ ඉන්නවා. චිත්‍රපටියක් බලන්නෙ මිනිස්සු ඊලඟම මොකද වෙන්නෙ, දැන් මූ මොකක් කරයිද වගේ motivation එකකින්. ඒක මේ චිත්රපටියෙ කොතනකවත් නෑ. බලං ඉන්න එවුනුත් ඔහේ බලං ඉන්නවා කතාවත් ඔහේ ගලං යනවා. අඩුම තරමේ චරිත ඇතුලෙන් එන motivation එකක්වත් පේන්නෙ නෑ. Dramatic conflict එකක් බැලූ බැල්මට පෙනුනත්, ඇත්තටම බැලුවොත් එහෙම එකක් නෑ. ඉබේම ප්‍රශ්ණෙ විසඳෙන්නෙ ප්‍රශ්ණෙට මුල් වෙච්ච කලු කුමාරයාගෙම මැදිහත් වීමෙන්. මිනිස්සු මේකට අල්ලලා තියාගන්න නං මීට වඩා සෑහෙන දේවල් ටිකක් කරන්න තිබුණා චිත්‍රපටයේ plot එක ගැන කතා නොකරම බැරිය. ආදරයක් හිස් වූ සිතකට යකෙකු රිංගන බව පවසා ඒ මත කලු කුමාරයා වැනි දැවැන්ත ජනශ්‍රැතික චරිතයක්, දුටු සැණින් ප්‍රේමයේ බැඳුනු තරැණ යුවලකට මේ තරම් පාච්චල් වීමම අපරාදේය. ආදරය වෙනුවෙන් බොහෝ දේ කැප කරන ඒ වෙනුවෙන් සමවදින චරිත සිනමා ඉතිහාසය තුල අප බොහෝ දැක ඇත. ඒත් ඒවා හා සාපේක්ෂව මෙය සීනි බෝල ආදරයකි. කොලුවාගේ රඟපෑම හොඳ මට්ටමක ඇත. එය කිව යුතුය. නමුත් ආදරයේ තරම හුදෙක් ඔහුගේ සිනහවකට ලඝු කිරීම අපරාධයකි. තවද මෙහි dual personality හා possession පිලිබඳවද තරමක් කතා බහට ලක් කරයි. ද්වී පුද්ගල හෝ බහු පුද්ගල මනෝභාවයන් හා භූත අවේශයන් සහිත පුද්ගලයින් ගැන කියවෙන චිත්‍රපට බොහෝ ඇත. නමුත් එවැනි චරිත මේ තරම් හාස්‍යයට ලක්කොට තිබෙන තවත් චිත්‍රපට නැති තරම්ය. එය අවුල් වන්නේ මෙය comedy film එකක් නොවන නිසාය. Split, Identity, Fight club, Psyco, The Shining වැනි චිත්‍රපට නැරඹූ අයෙකුට මෙය තනිකරම ජෝක් එකකි. ඒවා තුල මෙම තත්වයන් කොතරම් සංකීර්ණව, සිනමාත්මකව මෙන්ම නිර්මාණාත්මකව භාවිතා කොට ඇත්ද? කටහඬෙන් පමණක් අනෙකා ක්‍රියාත්මක බව පෙන්වා දෙන්නට උත්සහ ගෙන ඇති කතා කරැවා මේ සියලු චරිත අතපය කොර වූවන් සේ දඟලන, ඇඹරෙන, විකාර ස්වරෑපයක් ඇති අය ලෙස පෙන්නීමට උත්සාහ ගත්තේ ඇයිදැයි අප තවමත් සිතමින් සිටී. මෙය නලු නිළියන්ගේ රංගන හැකියාව මෙන්ම Hollywood හි ප්‍රචලිත horror සිනමා පට බලා ඇති රටේ ප්‍රේක්ෂකයාගේ සිනමා දැනුම අවතක්සේරැ කිරීමක් ලෙස අප දකින අතර මෙය මීට වඩා serious වැඩක් විය යුතුව තිබුණු බව පමණක් ප්‍රකාශ කරමු. මෙහි දෙබස් පිළිබඳව පැවසීමට තරම් විශේෂයක් නැත. සඳරැස් හා ෆ්රැන්කි ඉහල මධ්‍යම පන්තිකයන් බව පෙන්වීමට ඉංග්‍රීසි දෙබස් එකතු කර ඇති වුවද ඒවායේ අනුරුප උපසිරස් වැරදිය. බොහෝ විට තමන් දෙමළ බව අමතක වී භාෂාමය භාවිතය අමතක වන විද්‍යා සඳරැස්ගෙන් යමක් request කිරීම වැනි දෙබස් මගින් වෙනත් අරුතක් දැන් සමාජයේ පවතින බව ජයන්තට නොතේරී ඇත. ගැටලුව වන්නේ මෙවැනි නීරස දෙබස් මැද ජැක්සන් හරහා ඉතා ප්‍රභල දෙබස්ද ඉඳහිට ප්‍රකාශ වීමයි. එවිට ජයන්තගෙ සිනමා මතක ඇතුලෙ කිමිදෙන ප්‍රේක්ෂකයාට ඇඬෙන්නෙ ඊලඟ දෙබස් කීපයෙන් චිත්‍රපට නිෂ්පාදකතුමාව මතක් වෙන නිසාවෙනි. ඉන්පසුව අපි continuity errors දෙසට හැරෙමු. කතානායකයාගේ ලමා කාලය පිලිබඳව 1980ට දිව යන අපිට ඒ චරිත දෙකට හා පවුල් දෙකට පමණක් සීමා වූ පරණ costume හා වාහන දැකීමෙන් අප කලකිරේ. පල්ලිය තුල ඇති නවීන මයික්‍රෆෝනය එළියට එන විට පමණක් පට්ට පරණ මයික් එකක් වී ඇත. විද්‍යාගේ පවුලේ වාහනයට පමණක් vintage පෙනුමැති වාහනයක් භාවිතා කර ඇති ජයන්තට කැමරා භාවිතාවේදී වටපිටාවේ ඇති ත්‍රි වීලර් සහ අනෙකුත් වාහන අමතක වී ඇත. මේවා සුලු කරැණු වුවත් ජයන්ත වැනි දැවැන්තයකුගෙන් මෙවැනි සුලු වැරදි පවා අප දකින්නට අකමැතිය. එය ඔහුට හොඳ නැත. සංස්කරණ භාවිතාව ගැන ගත් කල අපිට ඩ්‍රෝන් ඇති බව පෙන්නීමට ඩ්‍රෝන් shots ද, අපට තාක්ෂණය ඇති බව පෙන්නීමට freeze shots ද ඔබ්බවා තිබීමේ හැර වෙන අරමුණක් අප තවමත් සොයමින් සිටී. ඒවා මේ නිර්මාණයට කිසිසේත්ම ගළපා නැත. පෙර කී පරදී සංස්කරණය සිනමා පටයෙහි රිද්මය කඩා දමන ලෙස කර ඇත. කලින් පෙන්නන විද්‍යාගේ කම්මුලේ ඇති වැලි පාර ගෑවෙන්නේ ඊට විනාඩි කීපයකට පසුව ගත් දර්ශණයකදී බව අප දැක්කත් සංස්කාරක වරයා දැක නැත. ඒ තරමටම එහි සංස්කරණය මරැය. ජයන්ත වැන්නකුගෙන් මෙවැන්නක් කිසිසේත්ම අනුමත කල නොහැක. විද්‍යා මුලින්ම පෙන්නා ආවේස වී කරනම් ගසන විට රැවුල ඇති පිරිමියෙක් වීම අප මෙන් සඳරැස් දැක්කානම් කිසිසේත් ආදරය නොකරනු ඇත. මේවා ඉතාම ප්‍රාථමික වැරදිය. ජයන්තට මුවාවී අර්ජුන් දරැණුවටම චිත්‍රපටය තුලින් මතු වෙන්නේ මෙවිටය. තවද අර්ජුන්ගේ බිරිඳව සම්භාව්‍ය නලු නිළියන් අතර අතරමං කරනු දැකීමෙන් ජයන්තගේ casting දැනුම ගැන දෙවරක් සිතා බලන්නට සලස්වන අතර යශෝධාව guest appearance ලෙස යොදා ගැනීමෙන් සඳරැස්ගේ ගැලපෙනම බිරිඳ විය යුත්තේ ඇය බව පෙන්වා දී ජයන්ත සිය වැරදි තේරීම නැවතත් ප්‍රේක්ෂකයාට මතක් කර දෙයි. එමගින් නිෂ්පාදකවරයෙකුගේ නිර්මාණයට විය යුතු දායකත්වය නැවත මතක් කර දෙයි. ජයන්තගේ මෙම චිත්‍රපටය මේ තරම් ගැඹුරින් විශ්ලේෂණය කරන්නේ ඇයි දැයි කෙනෙක් අසනු ඇත. රංජන්ගේ නවරියන් වැනි චිත්‍රපට හොඳදැයි පෙරලා ප්‍රශ්ණ කරනු ඇත. එය මෙසේය. අජිත් මුතුකුමාරණගේ සිංදු ගැන අපිට ප්‍රශ්ණයක් නැත. ඒ ඔහුගේ අනන්‍යතාවයයි. ඔහු නදීක ගුරැගේගේ නිර්මාණයක් ගාණට නිර්මාණ කිරීම අප බලාපොරොත්තු නොවෙමු. නමුත්.. නදීක ගුරැගේ කිසිදිනක අජිත් මුතුකුමාරණගේ විදියේ නිර්මාණයක් කිරීම කිසිසේත්ම අනුමත නොකරමු. එය හෙනගහන අපරාදයකි. අන්න එදාට අප කතා කරනු ඇත. අතීතයේ ඉතාම උසස් ගණයේ නිර්මාණ රැසක හිමිකරැ ලෙස දිනෙන් දින පහළට යන නිර්මාණාත්මකභාවය දෙස අප බලා සිටින්නේ මහත් දුකකිනි. ජේෂ්ඨ නිර්මාණකරැවකු ලෙස ඔබගේ නිර්මාණ කෙරෙහි අප තුල ඇති විශ්වාසය එන්න එන්නම පහලට යමින් තිබෙන අතර ඔබගේ නිර්මාණ වල මීට වඩා ඉතා ඉහළ ගුණාත්මකභාවයක් අපේක්ෂා කරමු. දෙස් විදෙස් නිර්මාණ එළි දුටු සැණින් නරඹන තරැණ මෙන්ම පරිණත ප්‍රේක්ෂක පිරිසක් ඔබලාට සිටින බව මින් මතක් කරන අතර ඔවුන් පෙරටත් වඩා බොහොම සවිඥ්ඥාණිකව නිර්මාණ රසවිඳියි. මෑතකදී නිර්මාණය වූ මාලකගේ "බහුචිතවාදියා" චිත්‍රපටය ඔබගේ නිර්මාණයට වඩා සිනමාත්මක භාවිතාව අතින් ගව් ගාණක් ඉදිරියෙන් ඇති බව පවසන්නේ මහත් දුකකින් වන අතර එය ඔබ වැනි අයෙකුට මදිකමකි. තවත් කීමට බොහෝ දේ ඇතත් මින් නවතිමු. කීමට දෙයක් ඇත. මේමගින් ශ්‍රී ලාංකේය සිනමා/ටෙලි කර්මාන්තයේ සුවිශේෂී මතක සටහන් තැබූ පතාකයෙකු වන ජයන්ත චන්ද්‍රසිරි අපහසුතාවයට පත් කිරීමට හෝ නිග්‍රහ කිරීමට කිසිසේත්ම අවශ්‍ය නොවූ අතර මෙහි ඒකායන අරමුණ වූයේ සිය නිර්මාණ භාවිතාව හා දායකත්වය කෙරෙහි හොඳ සිහියෙන් බලා සිටිනා තරැණ පරපුරක් ඇති බව සිහි කිරීමයි. එමගින් නැවතත් නියම ජයන්ත චන්ද්‍රසිරිව දැක ගැනීම අපගේ එකම.බලාපොරොත්තුවයි.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom