Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Thursday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Thursday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Singapore
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Singapore - Day 5

සිංගප්පූරුවට සමු දෙන දවසට කලින් දිනය උදා වුනා. අපේ සංචාරයේ දවසක් දිගු කර ගත්තට අපිට හෝටලයෙන් පිටත් වෙන්න තිබුනේ මේ දවසේ නිසා දවසේ ඉතුරු ටික ගත කරන්නේ කොහොමද කියන ප්රශ්නය අපිට ඇති වුනා. හෝටලයෙන් පිට වෙන්න තිබුනේ දහවල් 12ට වගේ නිසා අපි අපේ බෑග් මළු වේලාසනම ලැහැස්ති කරගෙන කාමර වලින් එළියට ගත්තා. හෝටල් කාර්ය මණ්ඩලයේ අයෙකුට අපේ විස්තරය කී පසු අපිට අපේ ගමන් මළු රඳවා තබන්නට කුඩා කාමරයක් පෙන්වා දුන්නා. එතනට මළු ටික පැටෙව්වට පස්සේ ඒ කාමරය අගුළු දමල වැහුවා අපි නැවත එනකන් ආරක්ශිතව තියන්න ඕන නිසා. මේ දේවල් ඉවර වෙලා හෝටලයෙන් එළියට බහිද්දි 12ට වගේ කිට්ටු වුනා.

ඒ කරලා අපි ගියේ අන්තිම දවසෙ තවත් නොදැකපු දේවල් ටිකක් දැක බලා ගන්නයි. අන්තර්ජාලයෙන් හොයල බලල පහසුවෙන් යන්න පුළුවන් තැන් ටිකක් අපි තෝර ගත්තා. මුලින්ම අපි MRT එකෙන් Bugis වලට යන්න තීරණය කලා. ස්ටේශන් එකෙන් එළියට ආවම තියෙන්නේ වහළයක් තියෙන එළිමහන් කඩ සාප්පු පෙළක්. හොඳට ඉර එළිය වැටෙනවා වුනාට රස්නයක් දැනුනෙ නෑ. වායු සමීකරණය කරලා තිබුනා කියලයි මම හිතන්නේ. එතනත් කඩ සාප්පු වලින් පොඩි පොඩි දේවල් කීපයක් අපි ගත්තා. චොකලට් ටොෆි වගේ දේවලුත් තිබුනා.

Bugis මංසන්ධියෙන් එළියට ආවම අවටින් දැක ගන්න ලැබුනු අමුතු හැඩයේ ගොඩනැගිලි.

එතන පැයක් විතර කැරකුන අපි ඊළඟට එතනින් එළියට ඇවිත් බස් එකකට ගොඩ වුනා. බස් එකක යන අත්දැකීමකුත් ලබා ගන්න ඕනෙ නිසා.

ලංකාවෙදි කලාතුරකින් දකින්න ලැබෙන ඩබල් ඩෙකර් බස් මෙහෙ සුලභ පොදු ප්‍රවාහන මාර්ගයක්. ඩබල් ඩෙකර් නොවෙන හැම බස් එකක් ම පාහේ ලංකාවේ highway වල යන සුපිරි අධි සුඛෝපභෝගී මාදිළියේ බස් රථයි. මේ හැම බස් එකක් ම වායු සමීකරණය කරල තියෙනවා විතරක් නෙවෙයි අපේ සුපුරුදු ට්‍රැවල් කාඩ් වලින් ම මේවයේ ගාස්තු ගෙවන්න පුළුවන්. ඩබල් ඩෙකර් එකකට ගොඩ වුනු අපි අවට බල බලා යන්නෙ කොහෙටද කියලා දන්නෙත් නැතුව ඉස්සරහට ගියා.

යන ගමන් මාර්ගය දෙපැත්තේ දැකපු දේවල් ටිකක්.

පොලිස් සංකීර්ණය

ගමන අතර මගදි බස් එකෙන් බැහැ ගත්ත අපි ලඟම තිබුනු MRT ස්ටේශන් එකකින් නැවත වරක් Harbour Front වල්ට ගියේ, Vivo City එකේ තියෙන Golden Village එකේ නැවත වතාවක් චිත්‍රපටයක් බලන්න. කලින් දවසෙ චිත්‍රපටය බලන්න ගිය වෙලාවෙදි දැක ගන්නට ලැබුනා අළුත් horror ගණයේ නිර්මාණයක් එතන ආරම්භ වෙන බව. ඒ බවත් මතක තියාගෙනයි අපි එදා එතනට ආයෙ වතාවක් ගොඩ වෙන්න හිතුවේ. සුපුරුදු පරිදි කෑම බීම කෑවෙත් මෙතන තිබුණු KFC එකකින්. මේ KFC එකේ තියෙනව ලොකු rice bucket එකක්. මේක ඇත්තටම ලංකාවේ තියෙන chicken bucket එකට වඩා ටිකක් උස හොඳට බත් තියෙන කෑම එකක්. මසුත් හොඳට තියෙනවා. මේක කෑවම බඩ පිරෙනවා.

කෑම කාලා අපි කෙළින්ම ගියේ අපේ සිනමා අත්දැකීම ලබා ගන්න Golden City සිනමා ශාලාවක. මෙදා අපි බැලුවේ Lights Out කියන horror චිත්‍රපටය. මේක තිබුනේ එතන තිබුනු 9 වෙනි ශාලාවේ.

ඉතින් චිත්‍රපටය නරඹලා ඉවර වෙලා අපි ගියේ Fountain of Wealth බලන්න. මේක තිබුනේ Suntec City කියන සිංගප්පූරුවේ තියෙන විශාලම සාප්පු සංකීර්ණ තියෙන පැත්තක.

මේ තියෙන්නේ Suntec City වල තියෙන අහස උසට දිවෙන ගොඩනැගිලි. මේ වගේ 5ක් 6ක් ම තියෙනවා ඒ වටේට.

මේක 1998 වසරෙදි ගිනස් වාර්තා පොතට ගියපු අති විශාල වතුර මලක්. ඒක ගිනස් වාර්තා පොතේ සඳහන් වෙන්නේ එවකට ලෝකයේ තුබුණු විශාලම වතුර මල හැටියටයි. ඇත්තෙන්ම මේක වතුර මලක් කියලා හැඳින්නුවොත් මදි පාඩුවක් වගේ. සිංගප්පූරු ජාතිකයන් විශ්වාස කරන පරිදි මේ වතුර මලේ වතුරට අතක් අල්ලගෙන තමන්ගේ ප්‍රාර්තනාවක් හිතේ තියාගෙන ඒ වටා වට 3ක් කැරකුණාම ඒ ප්‍රාර්ථනාව ඉශ්ට වෙන බවටත්, වාසනාව සෞභාග්‍යය උදා වෙන බවටත් විශ්වාසයක් තියෙනවා.

ඔය මැද තියෙන වෘත්තාකාර වතුර මල වටේ තමයි අත දික් කරගෙන දකුනු පැත්තට මිනිස්සු කැරකෙන්නේ.

හවස් කාලයෙදි මේ Fountain of Wealth වල ආලෝක සංදර්ශනයකුත් පැවැත්වෙනවා. ඒක නම් බලන්න වුනේ නෑ එතන ගත කරන්න තිබ්බ කාලය සීමා සහිත වුන නිසා. ඉන් පස්සෙ අපි එතන ඉඳන් Esplanade වලට ගමන් කලා. මේ ගමනෙදි තමයි සිංගප්පූරුවේ තියෙන ආකර්ශණීය ගොඩනැගිලි සියල්ලම පාහේ එකට බලා ගන්න අවස්ථාවක් ලැබුනේ. සිංගප්පූරු රංග ශාලාවත් දැක ගන්න ලැබුනා. මේක නම් වුනේ Theaters on the Bay ලෙසයි.

ඉතා උසස් මට්ටමේ ඉංජිනේරු ක්‍රමවේදයන් වලට අනුව අමුතුම ඇස් ඇද ගන්නා ගෘහ නිර්මාණ ශිල්පයක් භාවිතා කරලයි මේ හැම ගොඩනැගිල්ලක් ම පාහේ නිමවලා තියෙන්නේ. එකිනෙකින් එකිනෙකට වෙනස් ස්වරූපයක් තමයි තියෙන්නේ. ඒකෙන් සිංගප්පූරුවේ ලස්සනත් අනන්යතාව්ත් මැනවින් පිළිබිඹු වෙනවා.

හරියට දූරියං ගෙඩියක් වගේ තමයි දුරට පෙනුම.

Esplanade වල ඇවිදපු ගමනෙදි දැක ගන්න ලැබුන ගොඩනැගිලි. කොන්ක්‍රීට් වනාන්තරයක් තමයි එක අතකට බලපුවාම. ඒත් මේ වගේ දර්ශනයක් දකින පළමු අවස්ථාව.

මෙහෙම දිගටම ගමන් ගත්තු අපි ඊලඟට ලඟා වුනේ සිංගප්පූරු Merlion ගාව. ඒකටත් Esplanade වල ඉඳන් පොඩි දුරක් පයින් යන්න ඕනේ ගමනක්. කලින් සෙන්තෝසා දිවයිනේ දැකපු Merlion ට වඩා මේක ප්‍රමාණයෙන් කුඩා එකක්. මේ පිළිමයේ කටින් ජල පහරක් පිට වෙනවා මුහුදට. මේකත් සිංගප්පූරුවේ තියෙන සංචාරක ආකර්ෂණය වැඩි තැනක්.

මෙතනත් පිංතූර අර ගත්තු අපි ගියේ MRT ස්ටේශන් එකක් හොයාගෙන. ඇවිදලා ඇවිදලා අපි ගියා Raffles Place වල තියෙන MRT ස්ටේශන් එකට.

මෙතනින් දුම්රියක නැගපු අපි ගියා Bayfront වලට අපිට මග හැරුනු සංදර්ශනයක් බලන්න. වෙන මොකක්වත් නෙවෙයි, දවස් 2ක්ම බලා ගන්න බැරි වුන Gardens by the Bay වල ආලෝක සංදර්ශනය.

අහල තියෙන ඉංග්‍රීසි ගීත බොහෝමයකට මේ විශාල ආකෘති වල ආලෝකය නර්තනයක යෙදෙනවා. පිංතූර වලින් විස්තර කරන්න බැරි නිසා මම මේක පටිගත කරා.

[YOUTUBE]bbYRdeq7zms[/YOUTUBE]

[YOUTUBE]1xBV-4z9Q7E[/YOUTUBE]

[YOUTUBE]muq5aKNkBz4[/YOUTUBE]

මේවා බලද්දි ලංකාවෙ තොරණ් මතක් වුනා.

දවසේ බලන්න තිබුණු තැන් වල අවසානය දැක්කේ මේ විදියටයි. මුළු සංචාරයේම අවසානය වුනේ මෙතනයි. මේ සංදර්ශනය ඉවර වුන තැන අපි ආපහු ගියේ අපේ හෝටලයෙන් අපේ මළු ටික එකතු කර ගන්නයි. තව දුරටත් කාමර වෙන් වෙලා නොතිබුන නිසා අපිට මූණ කට සෝදා ගන්න, නා ගන්න වගේ දේවල් වලට වෙනම නාන කාමරයක් හෝටලයෙන් ලබා දුන්නා. එතනින් ලෑස්ති වුන අපි ගියේ Changi ගුවන්තොටුපොළටයි. මළු ටිකත් ඇදගෙන අපි MRT එකෙන් ම Changi වලට යන්න පිටත් වුනා. බර මළුත් ඇදගෙන ස්ටේශන් එකේ උඩට පහළට escalator වලින් යන එක නම් ඒ හැටි පහසු වුනේ නෑ. ඒ කොහොම නමුත් මේ ක්‍රමය ගොඩක් වාසි දායක වුනා. මොකද පළමු දවසෙ හෝටලේට එන්නම ඩොලර් 60 ගාණක් වියදම් වුන නිසා වාහනයකට. හැබැයි අපිට Changi ගුවන් තොටුපොළටම MRT වලින් යන්න ලැබුනේ නෑ. Changi වලට ස්ටේශන් 2 කට කළින් වගේ තවත් MRT දුම් රියකට මාරු වෙන්න තිබුනත් රාත්‍රී 11 පහු වෙලා තිබුණ නිසා MRT සියල්ලම නවතා දමලයි තිබුනේ. මොකද රාත්‍රී 11න් පස්සේ මේවා ක්‍රියාත්මක කරන්නේ නැති නිසා. ඒ නිසා එතනින් එළියට ආපු අපිට වාහන 2ක් ගන්න සිද්ධ වුනා ඉතුරු දුර යන්න. ගියපු වියදම නම් මතක නෑ දැන්.

Changi වලට මහ රෑ වෙද්දි ගියපු අපි එතනම තිබුනු food court එකකින් රාත්‍රී ආහර වේල ගත්තා. ඉන් පස්සේ ගුවන් තොටුපොළේ departure එකේම පුටු වල තමයි එදා රෑ නිදා ගත්තේ. ලැජ්ජ වෙන්න දෙයක් ඇත්තෙන් ම නෑ. ගොඩක් දෙනා මේ විදියට ගුවන් තොටුපොළේම නිදා ගන්නවා. පහුවදා ලංකාවට පිටත් වෙන්න flight එක තිබුනේ උදේ 9.45ට. යානෙට ගොඩ වෙන්න වෙලා තිබුන නිසා නොමිලේම කකුල් මසාජ් එකකුත් දා ගත්තා.

ඉන් පස්සෙ ඉතින් සුන්දර අමතක නොවෙන දවස් 5 ක සංචාරෙකින් පස්සෙ දවල් 12 විතර වෙද්දි ලංකාවට ගොඩ බැස්සා ශ්‍රී ලංකන් ගුවන් යානයකින්.

[QUOTE="techytee, post: 21293892, member: 490126"] [b]Singapore - Day 5[/b] [SIZE=4]සිංගප්පූරුවට සමු දෙන දවසට කලින් දිනය උදා වුනා. අපේ සංචාරයේ දවසක් දිගු කර ගත්තට අපිට හෝටලයෙන් පිටත් වෙන්න තිබුනේ මේ දවසේ නිසා දවසේ ඉතුරු ටික ගත කරන්නේ කොහොමද කියන ප්රශ්නය අපිට ඇති වුනා. හෝටලයෙන් පිට වෙන්න තිබුනේ දහවල් 12ට වගේ නිසා අපි අපේ බෑග් මළු වේලාසනම ලැහැස්ති කරගෙන කාමර වලින් එළියට ගත්තා. හෝටල් කාර්ය මණ්ඩලයේ අයෙකුට අපේ විස්තරය කී පසු අපිට අපේ ගමන් මළු රඳවා තබන්නට කුඩා කාමරයක් පෙන්වා දුන්නා. එතනට මළු ටික පැටෙව්වට පස්සේ ඒ කාමරය අගුළු දමල වැහුවා අපි නැවත එනකන් ආරක්ශිතව තියන්න ඕන නිසා. මේ දේවල් ඉවර වෙලා හෝටලයෙන් එළියට බහිද්දි 12ට වගේ කිට්ටු වුනා. ඒ කරලා අපි ගියේ අන්තිම දවසෙ තවත් නොදැකපු දේවල් ටිකක් දැක බලා ගන්නයි. අන්තර්ජාලයෙන් හොයල බලල පහසුවෙන් යන්න පුළුවන් තැන් ටිකක් අපි තෝර ගත්තා. මුලින්ම අපි MRT එකෙන් Bugis වලට යන්න තීරණය කලා. ස්ටේශන් එකෙන් එළියට ආවම තියෙන්නේ වහළයක් තියෙන එළිමහන් කඩ සාප්පු පෙළක්. හොඳට ඉර එළිය වැටෙනවා වුනාට රස්නයක් දැනුනෙ නෑ. වායු සමීකරණය කරලා තිබුනා කියලයි මම හිතන්නේ. එතනත් කඩ සාප්පු වලින් පොඩි පොඩි දේවල් කීපයක් අපි ගත්තා. චොකලට් ටොෆි වගේ දේවලුත් තිබුනා. [URL="https://scontent-sit4-1.xx.fbcdn.net/v/t31.0-8/s960x960/14068410_10210323575102779_1034122875452515794_o.jpg?oh=e9cb7cb8d4f3a51b317e02bbf7b241aa&oe=59264299"][IMG]https://scontent-sit4-1.xx.fbcdn.net/v/t31.0-8/s960x960/14068410_10210323575102779_1034122875452515794_o.jpg?oh=e9cb7cb8d4f3a51b317e02bbf7b241aa&oe=59264299[/IMG][/URL] [URL="https://scontent-sit4-1.xx.fbcdn.net/v/t1.0-9/14102178_10210323590023152_5964058148272770455_n.jpg?oh=0d83772d561ad4b03cfc45394311298e&oe=596EB1CE"][IMG]https://scontent-sit4-1.xx.fbcdn.net/v/t1.0-9/14102178_10210323590023152_5964058148272770455_n.jpg?oh=0d83772d561ad4b03cfc45394311298e&oe=596EB1CE[/IMG][/URL] [URL="https://scontent-sit4-1.xx.fbcdn.net/v/t1.0-9/13938409_10207005357115322_8015272401616980681_n.jpg?oh=0414f06f3a9ac7c28aff1490474e15b8&oe=596F9106"][IMG]https://scontent-sit4-1.xx.fbcdn.net/v/t1.0-9/13938409_10207005357115322_8015272401616980681_n.jpg?oh=0414f06f3a9ac7c28aff1490474e15b8&oe=596F9106[/IMG][/URL] [URL="https://scontent-sit4-1.xx.fbcdn.net/v/t1.0-9/13938481_10207005357715337_3944657785039700829_n.jpg?oh=314c5663232806ee57d37fd80f88a0b7&oe=596FEA9D"][IMG]https://scontent-sit4-1.xx.fbcdn.net/v/t1.0-9/13938481_10207005357715337_3944657785039700829_n.jpg?oh=314c5663232806ee57d37fd80f88a0b7&oe=596FEA9D[/IMG][/URL] Bugis මංසන්ධියෙන් එළියට ආවම අවටින් දැක ගන්න ලැබුනු අමුතු හැඩයේ ගොඩනැගිලි. [URL="https://scontent-sit4-1.xx.fbcdn.net/v/t1.0-9/13939451_10207005360195399_3119667650273374163_n.jpg?oh=b9da92a4b1bf6a48136fd207fb2506a7&oe=596ECFBD"][IMG]https://scontent-sit4-1.xx.fbcdn.net/v/t1.0-9/13939451_10207005360195399_3119667650273374163_n.jpg?oh=b9da92a4b1bf6a48136fd207fb2506a7&oe=596ECFBD[/IMG][/URL] එතන පැයක් විතර කැරකුන අපි ඊළඟට එතනින් එළියට ඇවිත් බස් එකකට ගොඩ වුනා. බස් එකක යන අත්දැකීමකුත් ලබා ගන්න ඕනෙ නිසා. [URL="https://scontent-sit4-1.xx.fbcdn.net/v/t1.0-9/13938601_10207005369875641_497353618918877139_n.jpg?oh=5ce8a380a2dc7a6cb0c6f0e9f8291e62&oe=593B905B"][IMG]https://scontent-sit4-1.xx.fbcdn.net/v/t1.0-9/13938601_10207005369875641_497353618918877139_n.jpg?oh=5ce8a380a2dc7a6cb0c6f0e9f8291e62&oe=593B905B[/IMG][/URL] ලංකාවෙදි කලාතුරකින් දකින්න ලැබෙන ඩබල් ඩෙකර් බස් මෙහෙ සුලභ පොදු ප්‍රවාහන මාර්ගයක්. ඩබල් ඩෙකර් නොවෙන හැම බස් එකක් ම පාහේ ලංකාවේ highway වල යන සුපිරි අධි සුඛෝපභෝගී මාදිළියේ බස් රථයි. මේ හැම බස් එකක් ම වායු සමීකරණය කරල තියෙනවා විතරක් නෙවෙයි අපේ සුපුරුදු ට්‍රැවල් කාඩ් වලින් ම මේවයේ ගාස්තු ගෙවන්න පුළුවන්. ඩබල් ඩෙකර් එකකට ගොඩ වුනු අපි අවට බල බලා යන්නෙ කොහෙටද කියලා දන්නෙත් නැතුව ඉස්සරහට ගියා. [URL="https://scontent-sit4-1.xx.fbcdn.net/v/t1.0-9/13939531_10207005370275651_1002805994600712933_n.jpg?oh=0eee97c55c1d95b174763f81da5192c1&oe=593DEC59"][IMG]https://scontent-sit4-1.xx.fbcdn.net/v/t1.0-9/13939531_10207005370275651_1002805994600712933_n.jpg?oh=0eee97c55c1d95b174763f81da5192c1&oe=593DEC59[/IMG][/URL] [/SIZE] [SIZE=4]යන ගමන් මාර්ගය දෙපැත්තේ දැකපු දේවල් ටිකක්. [URL="https://scontent-sit4-1.xx.fbcdn.net/v/t1.0-9/14067629_10207005371635685_3895357041129633024_n.jpg?oh=434ad383eaff0ba5b95c0f8745dab4b0&oe=594408EC"][IMG]https://scontent-sit4-1.xx.fbcdn.net/v/t1.0-9/14067629_10207005371635685_3895357041129633024_n.jpg?oh=434ad383eaff0ba5b95c0f8745dab4b0&oe=594408EC[/IMG][/URL] [URL="https://scontent-sit4-1.xx.fbcdn.net/v/t1.0-9/14040168_10207005372035695_4926385956698462350_n.jpg?oh=748626d56f0c21928f04e37263868a88&oe=593AA39E"][IMG]https://scontent-sit4-1.xx.fbcdn.net/v/t1.0-9/14040168_10207005372035695_4926385956698462350_n.jpg?oh=748626d56f0c21928f04e37263868a88&oe=593AA39E[/IMG][/URL] [URL="https://scontent-sit4-1.xx.fbcdn.net/v/t1.0-9/14054204_10207005372395704_1980516797062602468_n.jpg?oh=efefe2b8b8d01fd70537568a7812dd9c&oe=5940D6F3"][IMG]https://scontent-sit4-1.xx.fbcdn.net/v/t1.0-9/14054204_10207005372395704_1980516797062602468_n.jpg?oh=efefe2b8b8d01fd70537568a7812dd9c&oe=5940D6F3[/IMG][/URL] [URL="https://scontent-sit4-1.xx.fbcdn.net/v/t1.0-9/14022281_10207005373075721_1804391516516095225_n.jpg?oh=233472e8e11dc02a1fb044625dea994a&oe=593F52BA"][IMG]https://scontent-sit4-1.xx.fbcdn.net/v/t1.0-9/14022281_10207005373075721_1804391516516095225_n.jpg?oh=233472e8e11dc02a1fb044625dea994a&oe=593F52BA[/IMG][/URL] පොලිස් සංකීර්ණය [URL="https://scontent-sit4-1.xx.fbcdn.net/v/t1.0-9/13938601_10207005373875741_4291812822593186905_n.jpg?oh=34afdb66e16f98aeff7031beb84c9eda&oe=59726999"][IMG]https://scontent-sit4-1.xx.fbcdn.net/v/t1.0-9/13938601_10207005373875741_4291812822593186905_n.jpg?oh=34afdb66e16f98aeff7031beb84c9eda&oe=59726999[/IMG][/URL] [/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4]ගමන අතර මගදි බස් එකෙන් බැහැ ගත්ත අපි ලඟම තිබුනු MRT ස්ටේශන් එකකින් නැවත වරක් Harbour Front වල්ට ගියේ, Vivo City එකේ තියෙන Golden Village එකේ නැවත වතාවක් චිත්‍රපටයක් බලන්න. කලින් දවසෙ චිත්‍රපටය බලන්න ගිය වෙලාවෙදි දැක ගන්නට ලැබුනා අළුත් horror ගණයේ නිර්මාණයක් එතන ආරම්භ වෙන බව. ඒ බවත් මතක තියාගෙනයි අපි එදා එතනට ආයෙ වතාවක් ගොඩ වෙන්න හිතුවේ. සුපුරුදු පරිදි කෑම බීම කෑවෙත් මෙතන තිබුණු KFC එකකින්. මේ KFC එකේ තියෙනව ලොකු rice bucket එකක්. මේක ඇත්තටම ලංකාවේ තියෙන chicken bucket එකට වඩා ටිකක් උස හොඳට බත් තියෙන කෑම එකක්. මසුත් හොඳට තියෙනවා. මේක කෑවම බඩ පිරෙනවා. [/SIZE] [SIZE=4]කෑම කාලා අපි කෙළින්ම ගියේ අපේ සිනමා අත්දැකීම ලබා ගන්න Golden City සිනමා ශාලාවක. මෙදා අපි බැලුවේ Lights Out කියන horror චිත්‍රපටය. මේක තිබුනේ එතන තිබුනු 9 වෙනි ශාලාවේ. [URL="https://scontent-sit4-1.xx.fbcdn.net/v/t1.0-9/14067503_10207005378235850_4173934761450781357_n.jpg?oh=532eafde58a77d1aa7bf5ec16d87cd7e&oe=593D2268"][IMG]https://scontent-sit4-1.xx.fbcdn.net/v/t1.0-9/14067503_10207005378235850_4173934761450781357_n.jpg?oh=532eafde58a77d1aa7bf5ec16d87cd7e&oe=593D2268[/IMG][/URL] [/SIZE] [SIZE=4]ඉතින් චිත්‍රපටය නරඹලා ඉවර වෙලා අපි ගියේ Fountain of Wealth බලන්න. මේක තිබුනේ Suntec City කියන සිංගප්පූරුවේ තියෙන විශාලම සාප්පු සංකීර්ණ තියෙන පැත්තක. [IMG]https://scontent-sin6-1.xx.fbcdn.net/v/t1.0-9/14021713_10207006710229149_7447607547984044651_n.jpg?oh=d162a7647319292176edd743c188f834&oe=596D95A4[/IMG] [IMG]https://scontent-sin6-1.xx.fbcdn.net/v/t1.0-9/14095761_10207006710869165_602218123325317790_n.jpg?oh=29195e08835aa356807710d962abf9d4&oe=5934E4CF[/IMG] [/SIZE] [SIZE=4]මේ තියෙන්නේ Suntec City වල තියෙන අහස උසට දිවෙන ගොඩනැගිලි. මේ වගේ 5ක් 6ක් ම තියෙනවා ඒ වටේට. මේක 1998 වසරෙදි ගිනස් වාර්තා පොතට ගියපු අති විශාල වතුර මලක්. ඒක ගිනස් වාර්තා පොතේ සඳහන් වෙන්නේ එවකට ලෝකයේ තුබුණු විශාලම වතුර මල හැටියටයි. ඇත්තෙන්ම මේක වතුර මලක් කියලා හැඳින්නුවොත් මදි පාඩුවක් වගේ. සිංගප්පූරු ජාතිකයන් විශ්වාස කරන පරිදි මේ වතුර මලේ වතුරට අතක් අල්ලගෙන තමන්ගේ ප්‍රාර්තනාවක් හිතේ තියාගෙන ඒ වටා වට 3ක් කැරකුණාම ඒ ප්‍රාර්ථනාව ඉශ්ට වෙන බවටත්, වාසනාව සෞභාග්‍යය උදා වෙන බවටත් විශ්වාසයක් තියෙනවා. [/SIZE][SIZE=4] [IMG]https://scontent-sin6-1.xx.fbcdn.net/v/t1.0-9/14095900_10207006706069045_8163939125557723050_n.jpg?oh=fc15c5e3639a5ffc8de5b94fd3acfdd5&oe=593690C0[/IMG] [IMG]https://scontent-sin6-1.xx.fbcdn.net/v/t1.0-9/14063971_10207006706549057_2346723678003753309_n.jpg?oh=0e0e255169b989c7f65b0d54ba447e87&oe=593769DA[/IMG] [IMG]https://scontent-sin6-1.xx.fbcdn.net/v/t1.0-9/14064055_10210323595463288_1262997764847513753_n.jpg?oh=3374731a9b528ead0b3607bd941352b8&oe=5940A1A4[/IMG] [/SIZE] [SIZE=4]ඔය මැද තියෙන වෘත්තාකාර වතුර මල වටේ තමයි අත දික් කරගෙන දකුනු පැත්තට මිනිස්සු කැරකෙන්නේ. හවස් කාලයෙදි මේ Fountain of Wealth වල ආලෝක සංදර්ශනයකුත් පැවැත්වෙනවා. ඒක නම් බලන්න වුනේ නෑ එතන ගත කරන්න තිබ්බ කාලය සීමා සහිත වුන නිසා. ඉන් පස්සෙ අපි එතන ඉඳන් Esplanade වලට ගමන් කලා. මේ ගමනෙදි තමයි සිංගප්පූරුවේ තියෙන ආකර්ශණීය ගොඩනැගිලි සියල්ලම පාහේ එකට බලා ගන්න අවස්ථාවක් ලැබුනේ. සිංගප්පූරු රංග ශාලාවත් දැක ගන්න ලැබුනා. මේක නම් වුනේ Theaters on the Bay ලෙසයි. [/SIZE][SIZE=4][IMG]https://scontent-sin6-1.xx.fbcdn.net/v/t1.0-9/14141733_10210323603703494_974532893854602445_n.jpg?oh=d15d3b190b7a1c6788ef7073f6585e2b&oe=59414F5A[/IMG] ඉතා උසස් මට්ටමේ ඉංජිනේරු ක්‍රමවේදයන් වලට අනුව අමුතුම ඇස් ඇද ගන්නා ගෘහ නිර්මාණ ශිල්පයක් භාවිතා කරලයි මේ හැම ගොඩනැගිල්ලක් ම පාහේ නිමවලා තියෙන්නේ. එකිනෙකින් එකිනෙකට වෙනස් ස්වරූපයක් තමයි තියෙන්නේ. ඒකෙන් සිංගප්පූරුවේ ලස්සනත් අනන්යතාව්ත් මැනවින් පිළිබිඹු වෙනවා. [IMG]https://scontent-sin6-1.xx.fbcdn.net/v/t1.0-9/14040050_10207006718149347_916511999654167718_n.jpg?oh=d7698395b51b94e2208b2011da2b7de7&oe=59297A55[/IMG] [IMG]https://scontent-sin6-1.xx.fbcdn.net/v/t1.0-9/14079622_10207006724149497_5725348006221929840_n.jpg?oh=92527bddd37f16634204fde0bfd6a0c3&oe=592EFFDB[/IMG] [IMG]https://scontent-sin6-1.xx.fbcdn.net/v/t1.0-9/13882341_10207006721789438_7800135131347225354_n.jpg?oh=280663623bd72058547fadbb2c81c96e&oe=59434DFC[/IMG] [/SIZE] [SIZE=4]හරියට දූරියං ගෙඩියක් වගේ තමයි දුරට පෙනුම. [IMG]https://scontent-sin6-1.xx.fbcdn.net/v/t1.0-9/14045574_10207006771910691_1143427091469575918_n.jpg?oh=8b319439561cef4c6cca96738978258c&oe=59271EC0[/IMG] [/SIZE] [SIZE=4]Esplanade වල ඇවිදපු ගමනෙදි දැක ගන්න ලැබුන ගොඩනැගිලි. කොන්ක්‍රීට් වනාන්තරයක් තමයි එක අතකට බලපුවාම. ඒත් මේ වගේ දර්ශනයක් දකින පළමු අවස්ථාව. [IMG]https://scontent-sin6-1.xx.fbcdn.net/v/t1.0-9/14039890_10207006772750712_205770427923197757_n.jpg?oh=2480d278783bfb7659fdb6b09e17c43b&oe=5929D682[/IMG] [IMG]https://scontent-sin6-1.xx.fbcdn.net/v/t1.0-9/14051590_10210323605983551_8900237922212008712_n.jpg?oh=539873e2cd88fa83ca850672fcd79d74&oe=592A1F2A[/IMG] [/SIZE] [SIZE=4]මෙහෙම දිගටම ගමන් ගත්තු අපි ඊලඟට ලඟා වුනේ සිංගප්පූරු Merlion ගාව. ඒකටත් Esplanade වල ඉඳන් පොඩි දුරක් පයින් යන්න ඕනේ ගමනක්. කලින් සෙන්තෝසා දිවයිනේ දැකපු Merlion ට වඩා මේක ප්‍රමාණයෙන් කුඩා එකක්. මේ පිළිමයේ කටින් ජල පහරක් පිට වෙනවා මුහුදට. මේකත් සිංගප්පූරුවේ තියෙන සංචාරක ආකර්ෂණය වැඩි තැනක්. [IMG]https://scontent-sin6-1.xx.fbcdn.net/v/t1.0-9/14040004_10207008510194147_390891635787000303_n.jpg?oh=bf60f25d99b28b225eeb885970381c8e&oe=5970D527[/IMG] [IMG]https://scontent-sin6-1.xx.fbcdn.net/v/t1.0-9/14039899_10207008513914240_5038534069404570210_n.jpg?oh=1e8d38939b5c1bd8771ac671877b2295&oe=596E3B56[/IMG] [/SIZE] [SIZE=4]මෙතනත් පිංතූර අර ගත්තු අපි ගියේ MRT ස්ටේශන් එකක් හොයාගෙන. ඇවිදලා ඇවිදලා අපි ගියා Raffles Place වල තියෙන MRT ස්ටේශන් එකට. [IMG]https://scontent-sin6-1.xx.fbcdn.net/v/t1.0-9/13934662_10207008518834363_7010961605628383487_n.jpg?oh=31671949f0714b8190650ccda2f4607c&oe=593238F6[/IMG] [IMG]https://scontent-sin6-1.xx.fbcdn.net/v/t1.0-9/14064273_10210323614943775_7999742988669790254_n.jpg?oh=3516a7dcc0eae29f5d4d67ecd20c04cb&oe=593FDE37[/IMG] [/SIZE] [SIZE=4]මෙතනින් දුම්රියක නැගපු අපි ගියා Bayfront වලට අපිට මග හැරුනු සංදර්ශනයක් බලන්න. වෙන මොකක්වත් නෙවෙයි, දවස් 2ක්ම බලා ගන්න බැරි වුන Gardens by the Bay වල ආලෝක සංදර්ශනය. [IMG]https://scontent-sin6-1.xx.fbcdn.net/v/t1.0-9/14046017_10207008520674409_4665878943489551548_n.jpg?oh=dc13c82a9ac0a62107f76e3f1b64fcc2&oe=597202A4[/IMG] [IMG]https://scontent-sin6-1.xx.fbcdn.net/v/t1.0-9/14039911_10207008523794487_6590700717097757916_n.jpg?oh=2c6bc9c29ce02a5fe1aca55b61fb0537&oe=596E3FAC[/IMG] [IMG]https://scontent-sin6-1.xx.fbcdn.net/v/t1.0-9/14063944_10207008525634533_8306219232263776709_n.jpg?oh=701b54fdcd0af35ee0c30d32e82b3332&oe=59279A5C[/IMG] [IMG]https://scontent-sin6-1.xx.fbcdn.net/v/t1.0-9/14022101_10207008526674559_4958008860656888041_n.jpg?oh=d9db3b93d18528dbd5b7c712a8afafa3&oe=596F91C2[/IMG] [/SIZE] [SIZE=4]අහල තියෙන ඉංග්‍රීසි ගීත බොහෝමයකට මේ විශාල ආකෘති වල ආලෝකය නර්තනයක යෙදෙනවා. පිංතූර වලින් විස්තර කරන්න බැරි නිසා මම මේක පටිගත කරා. [/SIZE] [SIZE=4][YOUTUBE]bbYRdeq7zms[/YOUTUBE] [YOUTUBE]1xBV-4z9Q7E[/YOUTUBE] [YOUTUBE]muq5aKNkBz4[/YOUTUBE] [/SIZE] [SIZE=4]මේවා බලද්දි ලංකාවෙ තොරණ් මතක් වුනා. :yes: දවසේ බලන්න තිබුණු තැන් වල අවසානය දැක්කේ මේ විදියටයි. මුළු සංචාරයේම අවසානය වුනේ මෙතනයි. මේ සංදර්ශනය ඉවර වුන තැන අපි ආපහු ගියේ අපේ හෝටලයෙන් අපේ මළු ටික එකතු කර ගන්නයි. තව දුරටත් කාමර වෙන් වෙලා නොතිබුන නිසා අපිට මූණ කට සෝදා ගන්න, නා ගන්න වගේ දේවල් වලට වෙනම නාන කාමරයක් හෝටලයෙන් ලබා දුන්නා. එතනින් ලෑස්ති වුන අපි ගියේ Changi ගුවන්තොටුපොළටයි. මළු ටිකත් ඇදගෙන අපි MRT එකෙන් ම Changi වලට යන්න පිටත් වුනා. බර මළුත් ඇදගෙන ස්ටේශන් එකේ උඩට පහළට escalator වලින් යන එක නම් ඒ හැටි පහසු වුනේ නෑ. ඒ කොහොම නමුත් මේ ක්‍රමය ගොඩක් වාසි දායක වුනා. මොකද පළමු දවසෙ හෝටලේට එන්නම ඩොලර් 60 ගාණක් වියදම් වුන නිසා වාහනයකට. හැබැයි අපිට Changi ගුවන් තොටුපොළටම MRT වලින් යන්න ලැබුනේ නෑ. Changi වලට ස්ටේශන් 2 කට කළින් වගේ තවත් MRT දුම් රියකට මාරු වෙන්න තිබුනත් රාත්‍රී 11 පහු වෙලා තිබුණ නිසා MRT සියල්ලම නවතා දමලයි තිබුනේ. මොකද රාත්‍රී 11න් පස්සේ මේවා ක්‍රියාත්මක කරන්නේ නැති නිසා. ඒ නිසා එතනින් එළියට ආපු අපිට වාහන 2ක් ගන්න සිද්ධ වුනා ඉතුරු දුර යන්න. ගියපු වියදම නම් මතක නෑ දැන්. Changi වලට මහ රෑ වෙද්දි ගියපු අපි එතනම තිබුනු food court එකකින් රාත්‍රී ආහර වේල ගත්තා. ඉන් පස්සේ ගුවන් තොටුපොළේ departure එකේම පුටු වල තමයි එදා රෑ නිදා ගත්තේ. ලැජ්ජ වෙන්න දෙයක් ඇත්තෙන් ම නෑ. ගොඩක් දෙනා මේ විදියට ගුවන් තොටුපොළේම නිදා ගන්නවා. පහුවදා ලංකාවට පිටත් වෙන්න flight එක තිබුනේ උදේ 9.45ට. යානෙට ගොඩ වෙන්න වෙලා තිබුන නිසා නොමිලේම කකුල් මසාජ් එකකුත් දා ගත්තා. [/SIZE] [SIZE=4] [IMG]https://scontent-sin6-1.xx.fbcdn.net/v/t1.0-9/14046021_10207008536034793_2937504899126589257_n.jpg?oh=612eaeae7fa1b700694300a0bb9de72f&oe=593B5375[/IMG][/SIZE][SIZE=4] ඉන් පස්සෙ ඉතින් සුන්දර අමතක නොවෙන දවස් 5 ක සංචාරෙකින් පස්සෙ දවල් 12 විතර වෙද්දි ලංකාවට ගොඩ බැස්සා ශ්‍රී ලංකන් ගුවන් යානයකින්. :( [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom