Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Sinhala විනාශය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සිංහල භාෂාව ද මියැදෙන්නේ වර්තමානයේ වසංගතයක් සේ ව්‍යාප්ත වී ඇති නිශ්ඵල ප්රවණතා වලින් විය හැක. මන්ද යත් වර්තමානයේ දී විවිධාකාර වූ විද්‍යුත් සහ ප්‍රසිද්ධ මාධ්‍යයන් ඔස්සේ පවා විලාසිතාවකට මෙන් භාෂාව මරා හසුරුවන පිරිසක් බිහි වී සිටීමත් එවන් පුද්ගලයන්ගේ භාෂා විලාසය පමණක් නොව එලෙස විකෘති කළ භාෂාව පවා අනුගමනය කරන පිරිස් ද වසංගතයක් සේ ඉහළ යමින් පැවතීමත් ය. මේ නිසා නුදුරු අනාගතයේ දී විකෘති වූ සිංහලක් සාමාන්‍යකරණය වී පොදු ව්‍යවහාරික භාෂාව බවට පත් වී කෘත්‍රිමව පරිණාමනයකට බඳුන් වනු ඇත. කාලයත් සමග භාෂාව ද පරිණාමනය වේ. නමුත් අවිචාරවත් අසික්ෂිත පරිණාමනයකට මග නොපෑදිය යුතුය. අද බොහෝ දෙනාගේ මුවග රැඳී ඇති, සැණෙන් එළියට පනින බොහෝ වචන මෙලෙස විකෘති කරන ලද භාෂා විලාසයන් වී ඇත. ඉන් බහුතරයක් ටෙළි නාට්‍ය, සමාජ ජාල, සහ ජනප්‍රියත්වය, විනෝදය සහ මුදල් තකා ශ්‍රව්‍ය දෘශ්‍ය නිර්මාණ පළ කරන ඈයන්ගේ මාර්ගයෙන් සිදු වී ඇත; සිදු වෙමින් පවතී. මේවා ඉවක් බවක් නැතිව ඇසෙන පළියට භාරගෙන දෛනික ව්‍යවහාරයේ යෙදවීමෙන් නොදකින විනාශයක් භාෂාව පසින් සිදු වෙමින් පවතී.

මීට සරිලන හොඳම උදාහරණය නම් "එළකිරි" යන භාවිතයයි. අද බොහෝ පිරිස් මේ වචනය භාවිතා කරන්නේ එහි අදාල තේරුම ඉස්මතු කිරීමට නොව "නියමයි", "මරු", "හරි" ආදී වචන භාවිතා කළ යුතු අවස්ථාවන් වලදීය. තවත් මෙලෙස සමාජගත වී ඇති වචන බෙහෙවින් ඇත. කුණුහරුප ද අද නව්‍යකරණය වී කිසිදු විළි ලැජ්ජාවකින් තොරව ප්‍රසිද්ධියේ පවා භාවිතා කළ හැකි මට්ටමකට පත්ව ඇත. ඊට ද හොඳම උදාහරණය සියළු "අම්මට" කියා ඇරඹෙන පරුෂ වචන "ට" යන්නෙන් නැතිනම් "ටෞ" ලෙස අරඹා ප්‍රකාශ කිරීමයි. ප්රවණතාවන් වලට ගැතිවී ඒවායේ වහලුන් වී විනෝදය උදෙසා මවා ගත් පෞරුෂයක් ගොඩනගා ගෙන ඇත්තේ මෙලෙසිනි. ඒ වෙනුවෙන් භාෂාව කරනා කාර්යභාරය ඉහළ වන අතර එයින් භාෂාවට සිදු වන හානිය ද ඉහළය. තවමත් අධ්යක්ෂ වෙනුවට අධ්‍යක්ෂක යන්න භාවිතා කරනා ප්‍රවීණයන් ද බොහෝමයකි.

යමෙකු වහරේ එන පරිදි රජා මැරූ විට එහෙමත් නැත්නම් තේරෙන භාෂාවෙන් කියතොත් මෙරට ප්‍රධාන භාෂාව නොවන ඉංග්‍රීසිය වරදා කතා කල විට එහි වැරදි නිවැරදි කිරීමට බොහෝ දෙනා පෙළඹුන ද සිංහල භාෂාව හිතා මතාම කරන මැරීම නිවැරදි කිරීමට කිසිවෙකු ඉදිරිපත් නොවනවා සේම එය කටින් කට, අතින් අත වාචිකවත්, ලිඛිතවත් උජාරුවෙන් සමාජගත කිරීමට පෙළඹෙන පිරිස් සංඛ්‍යාව ඉතාමත් ඉහළ මට්ටමක පවතී. කොටින් ම කියතොත් භාෂාව පිළිබඳව හැඟීමක් නැති අතර මව් භාෂාවවත් නිවැරදිව භාවිතා කිරීමට දැනුමක් නැත.

බටහිර භාෂාවන් හිස් මුදුණෙහි රඳවා ගෙන මව් භාෂාව අමතක කිරීමට කිසිවෙකු පසුබට නොවන්නේ ද මේ නිසාවෙනි. සිංහල භාෂාව පරිහරණය ලැජ්ජාවට කරුණක් ලෙස ඔවුහූ සලකති. ඉදින් බටහිර රට වලට යන බොහෝ දෙනාට සිංහල අමතක වේ. ලංකාවේ ද සිංහල පවුල් වල හැදී වැඩී සිටින්නන් එකිනෙකා හමු වූ විට ඉංග්‍රීසියෙන් දොඩමළු වෙයි. ඊට හේතුව සිංහල පවුල් වුව ද නිවසේ ඉංග්‍රීසිය රජ කිරීමයි.

ලිඛිත මාධ්‍ය තුළ හැරුණු විට විද්‍යුත් මාධ්‍යයන් වල ඇත්තේ සම්පූර්ණයෙන් ම අසා සිටීමට අපහසු සිංහල භාෂාවක් ය. බහුතරයක් ම ෆැන්ටසිකරණයට සහ වාණිජකරණයට ලක් වූ විද්‍යුත් නාළිකා වන අතර ඒවායෙන් සරල සුගම සිංහල භාෂාවක් වර්තමානයේ දී බලාපොරොත්තු වීම ද ප්‍රායෝගික නොවන කාරණාවකි. භාෂාව හැසිරවීමට බැරෑරුම් සහ නිතර අසන්නට නොලැබෙන වචන භාවිතාව අත්‍යාවශ්‍ය ම නොවේ. නමුත් භාවිතාවේ යොදවන බහුතරයක් වූ අනෙකුත් සියළු වචන නිවැරදිව ව්‍යාකරණානුකූලව හැසිරවීම ප්‍රසිද්ධ මාධ්‍ය ඔස්සේවත් පවත්වා ගැනීම භාෂාවේ උන්නතිය උදෙසා ඉතාමත් යෝග්‍ය වේ. නැතහොත් වර්තමානයේ පමණක් නොව අනාගතයේ දී පවා උපදින දරුවා ග්‍රහණය කර ගන්නා මුල්ම වචන බිඳුණු සිංහලක් විය හැක.

සිදු විය යුත්තේ කියන්නා කෙසේ කීවත්, පල වී ඇති දේ කෙසේ වුවත් අසන්නා හෝ පාඨකයා සිහි බුද්ධියෙන් ඇසෙනා කියවනා සියළු භාෂා ව්‍යවහාරයන් එළෙසින් ම ක්‍රියාවෙහි නොයොදවා සිටීමට විචාරශීලී වීමයි. සිදු නොවන්නේ ද මෙය ම ය. භාෂාව ද රැල්ලකට හසු වී ඇත. සබුද්ධික පාඨකයන් සහ ශ්‍රාවකයන් සමාජයෙන් වඳවී යමින් පවතී. මෙය වැළැක්වීමට කළ යුත්තේ අවිචාරවත් භාෂා හසුරුවන්නන්ගේ විලාශයන් අනුකරණය නොකර, කාලෙන් කාලෙට එන රැලි වලට හසු නොවී, හුදෙක් ම ඒවා එක් කනකින් අසා අනෙකෙන් පිට කර හරය පමණක් උකහා ගැනීම ම ය.

[QUOTE="techytee, post: 22637256, member: 490126"] [B][SIZE=5]සිංහල භාෂාව ද මියැදෙන්නේ වර්තමානයේ වසංගතයක් සේ ව්‍යාප්ත වී ඇති නිශ්ඵල ප්රවණතා වලින් විය හැක. මන්ද යත් වර්තමානයේ දී විවිධාකාර වූ විද්‍යුත් සහ ප්‍රසිද්ධ මාධ්‍යයන් ඔස්සේ පවා විලාසිතාවකට මෙන් භාෂාව මරා හසුරුවන පිරිසක් බිහි වී සිටීමත් එවන් පුද්ගලයන්ගේ භාෂා විලාසය පමණක් නොව එලෙස විකෘති කළ භාෂාව පවා අනුගමනය කරන පිරිස් ද වසංගතයක් සේ ඉහළ යමින් පැවතීමත් ය. මේ නිසා නුදුරු අනාගතයේ දී විකෘති වූ සිංහලක් සාමාන්‍යකරණය වී පොදු ව්‍යවහාරික භාෂාව බවට පත් වී කෘත්‍රිමව පරිණාමනයකට බඳුන් වනු ඇත. කාලයත් සමග භාෂාව ද පරිණාමනය වේ. නමුත් අවිචාරවත් අසික්ෂිත පරිණාමනයකට මග නොපෑදිය යුතුය. අද බොහෝ දෙනාගේ මුවග රැඳී ඇති, සැණෙන් එළියට පනින බොහෝ වචන මෙලෙස විකෘති කරන ලද භාෂා විලාසයන් වී ඇත. ඉන් බහුතරයක් ටෙළි නාට්‍ය, සමාජ ජාල, සහ ජනප්‍රියත්වය, විනෝදය සහ මුදල් තකා ශ්‍රව්‍ය දෘශ්‍ය නිර්මාණ පළ කරන ඈයන්ගේ මාර්ගයෙන් සිදු වී ඇත; සිදු වෙමින් පවතී. මේවා ඉවක් බවක් නැතිව ඇසෙන පළියට භාරගෙන දෛනික ව්‍යවහාරයේ යෙදවීමෙන් නොදකින විනාශයක් භාෂාව පසින් සිදු වෙමින් පවතී. මීට සරිලන හොඳම උදාහරණය නම් "එළකිරි" යන භාවිතයයි. අද බොහෝ පිරිස් මේ වචනය භාවිතා කරන්නේ එහි අදාල තේරුම ඉස්මතු කිරීමට නොව "නියමයි", "මරු", "හරි" ආදී වචන භාවිතා කළ යුතු අවස්ථාවන් වලදීය. තවත් මෙලෙස සමාජගත වී ඇති වචන බෙහෙවින් ඇත. කුණුහරුප ද අද නව්‍යකරණය වී කිසිදු විළි ලැජ්ජාවකින් තොරව ප්‍රසිද්ධියේ පවා භාවිතා කළ හැකි මට්ටමකට පත්ව ඇත. ඊට ද හොඳම උදාහරණය සියළු "අම්මට" කියා ඇරඹෙන පරුෂ වචන "ට" යන්නෙන් නැතිනම් "ටෞ" ලෙස අරඹා ප්‍රකාශ කිරීමයි. ප්රවණතාවන් වලට ගැතිවී ඒවායේ වහලුන් වී විනෝදය උදෙසා මවා ගත් පෞරුෂයක් ගොඩනගා ගෙන ඇත්තේ මෙලෙසිනි. ඒ වෙනුවෙන් භාෂාව කරනා කාර්යභාරය ඉහළ වන අතර එයින් භාෂාවට සිදු වන හානිය ද ඉහළය. තවමත් අධ්යක්ෂ වෙනුවට අධ්‍යක්ෂක යන්න භාවිතා කරනා ප්‍රවීණයන් ද බොහෝමයකි. යමෙකු වහරේ එන පරිදි රජා මැරූ විට එහෙමත් නැත්නම් තේරෙන භාෂාවෙන් කියතොත් මෙරට ප්‍රධාන භාෂාව නොවන ඉංග්‍රීසිය වරදා කතා කල විට එහි වැරදි නිවැරදි කිරීමට බොහෝ දෙනා පෙළඹුන ද සිංහල භාෂාව හිතා මතාම කරන මැරීම නිවැරදි කිරීමට කිසිවෙකු ඉදිරිපත් නොවනවා සේම එය කටින් කට, අතින් අත වාචිකවත්, ලිඛිතවත් උජාරුවෙන් සමාජගත කිරීමට පෙළඹෙන පිරිස් සංඛ්‍යාව ඉතාමත් ඉහළ මට්ටමක පවතී. කොටින් ම කියතොත් භාෂාව පිළිබඳව හැඟීමක් නැති අතර මව් භාෂාවවත් නිවැරදිව භාවිතා කිරීමට දැනුමක් නැත. බටහිර භාෂාවන් හිස් මුදුණෙහි රඳවා ගෙන මව් භාෂාව අමතක කිරීමට කිසිවෙකු පසුබට නොවන්නේ ද මේ නිසාවෙනි. සිංහල භාෂාව පරිහරණය ලැජ්ජාවට කරුණක් ලෙස ඔවුහූ සලකති. ඉදින් බටහිර රට වලට යන බොහෝ දෙනාට සිංහල අමතක වේ. ලංකාවේ ද සිංහල පවුල් වල හැදී වැඩී සිටින්නන් එකිනෙකා හමු වූ විට ඉංග්‍රීසියෙන් දොඩමළු වෙයි. ඊට හේතුව සිංහල පවුල් වුව ද නිවසේ ඉංග්‍රීසිය රජ කිරීමයි. ලිඛිත මාධ්‍ය තුළ හැරුණු විට විද්‍යුත් මාධ්‍යයන් වල ඇත්තේ සම්පූර්ණයෙන් ම අසා සිටීමට අපහසු සිංහල භාෂාවක් ය. බහුතරයක් ම ෆැන්ටසිකරණයට සහ වාණිජකරණයට ලක් වූ විද්‍යුත් නාළිකා වන අතර ඒවායෙන් සරල සුගම සිංහල භාෂාවක් වර්තමානයේ දී බලාපොරොත්තු වීම ද ප්‍රායෝගික නොවන කාරණාවකි. භාෂාව හැසිරවීමට බැරෑරුම් සහ නිතර අසන්නට නොලැබෙන වචන භාවිතාව අත්‍යාවශ්‍ය ම නොවේ. නමුත් භාවිතාවේ යොදවන බහුතරයක් වූ අනෙකුත් සියළු වචන නිවැරදිව ව්‍යාකරණානුකූලව හැසිරවීම ප්‍රසිද්ධ මාධ්‍ය ඔස්සේවත් පවත්වා ගැනීම භාෂාවේ උන්නතිය උදෙසා ඉතාමත් යෝග්‍ය වේ. නැතහොත් වර්තමානයේ පමණක් නොව අනාගතයේ දී පවා උපදින දරුවා ග්‍රහණය කර ගන්නා මුල්ම වචන බිඳුණු සිංහලක් විය හැක. සිදු විය යුත්තේ කියන්නා කෙසේ කීවත්, පල වී ඇති දේ කෙසේ වුවත් අසන්නා හෝ පාඨකයා සිහි බුද්ධියෙන් ඇසෙනා කියවනා සියළු භාෂා ව්‍යවහාරයන් එළෙසින් ම ක්‍රියාවෙහි නොයොදවා සිටීමට විචාරශීලී වීමයි. සිදු නොවන්නේ ද මෙය ම ය. භාෂාව ද රැල්ලකට හසු වී ඇත. සබුද්ධික පාඨකයන් සහ ශ්‍රාවකයන් සමාජයෙන් වඳවී යමින් පවතී. මෙය වැළැක්වීමට කළ යුත්තේ අවිචාරවත් භාෂා හසුරුවන්නන්ගේ විලාශයන් අනුකරණය නොකර, කාලෙන් කාලෙට එන රැලි වලට හසු නොවී, හුදෙක් ම ඒවා එක් කනකින් අසා අනෙකෙන් පිට කර හරය පමණක් උකහා ගැනීම ම ය.[/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom