Sinhalen linux. සිංහලෙන් ලිනක්ස්

gayan kalhara

Member
Nov 22, 2007
7,060
48
0
Episode 2 සිංහලෙන් ලිනක්ස් - හැඳින්වීම What is Linux. (part 2)

ගිය වාරෙ අපි කතා කලේ ලිනක්ස් ඉපදුනු හැටිත්. ඒ කාලයේ මිනි කම්පියුටර් මෘදුකාංග වෙලඳ පොලේ තත්වයත් ගැන, අද එතැන් සිට>>>

ලිනක්ස් වලට විරුද්ධ පලවෙනි මතය ඉදිරිපත් උනේ මිනික්ස් හදාපු මහාචාර්ය Andrew Tanenbaum මයි. ඔහු ලිනස් හට යවාපු විවෘත ලිපියක කොටසක් මෙන්න
I still maintain the point that designing a monolithic kernel in 1991 is a fundamental error. Be thankful you are not my student. You would not get a high grade for such a design
ලින්ස් පසු අවස්තාවක කියපු විදියට ඒක ලිනක්ස් සංවර්ධනයට වැදුනු ලොකු පහරක්. මොකද එවකට මහාචාර්යවරයා බොහොම ජනප්*රිය චරිතයක්. ඒ මොකද කියල කලින් ලිපියෙ මම සඳහන් කලා, ඒ හින්ඳ ඔහුගේ වචනයට ලොකු බලයක් තිබුන, ඒත් ලිනක්ස් සම්බ්න්ධයෙන් ඔහු වැරදියි, ඒ නිසා පහසුවෙන් පරාජය භාර නොගන්නා ගතියත් එක්ක ලිනස්, ලිනක්ස් බේරා ගැනීමේ සටනට බැස්සා.ඒ වෙනකොට ලින්ක්ස් හටත් සෑහෙන්න මහජන කැමැත්තක් තිබුන නිසා, ලින්ස් කෙලින්ම විවෘත ලිපියක් මගින් පිලිතුරු සැපයුවා, මේ එයින් කොටසක්. ඉදිරිපත් කල කරුණු වලට බොහෝ උපහාසයෙන් පිළිතුරු දී තිබුනා
Your job is being a professor and researcher: That’s one hell of a good excuse for some of the brain-damages of minix.
සියල්ල නිසි පරිදි සිදු උනා, මුලදී සියගණන්, ඉන්පසු දහස් ගණන්. හා ඊටත් පසු දස දහස් ගණනින් ලිනක්ස් වෙත මිනිසුන් රොද බැඳ එන්ට උනා.එය තවදුරටත් සංවර්ධකයන්ට පමණක් සීමා උනේ නෑ. එහි විවෘත, නැම්*යශීලී හා නිදහස් ආකෘතිය. හැමගේම සිත් ඇද ගත්තා. මුලදී GNU ව්*යාපෘතියේ මෘදුකාංග වලින් බලවත් වූ ලිනක්ස්. රෙඩ් හැට්, ඩේබියන් වගේ වෙනත් සංවර්ධකයන් අතින් වැඩී, සාමාන්*ය පරිශීලකයන් අතට ගමන් කලා, ග්නෝම්, KDE, Xfce වැනි ඩෙස්ක්ටොප් පාරිසර වලින් අලංකාර උන ලිනක්ස්.. මහජන හද බැඳ ගන්න සමත් උනා

ලිනක්ස් අද

අද ලෝකයේ වේගයෙන්ම ඉදිරියට යන. මෙහෙයුම් පද්ධතියක් බවට ලිනක්ස් පත් වී තියනවා. මාර්ක් ශට්ල්වර්ත් (අභ්*යවකාශයට ගිය දෙවන පුරවැසියා, නිදහස් මෘදුකාංග වලින් අති විශාල ධනයක් උපයා, නිදහස් මෘදුකාංග වලට සේවය කරන්නා) ප්*රමුඛ කැනෝනිකල් ආයතනයේ උබුන්ටු මෙහෙයුම් පද්ධතිය මේ දිනවල ලිනක්ස් නියෝජනය කරන්නක් වෙලා. තවද පුද්ගල පරිගණක වලින් නොනැවතී, සර්වර පරිගනකත්, නෙට් බුක්ස් හා ජංගම දුරකතන පවා ආක්*රමණය කිරීමට ලිනක්ස් අද සමත් වෙල තියෙන්නෙ, එහි නම්*යශීලී ගුණයත්. මහජනයා අතින් මහජනයාට ඇවැසි පරිදි හැඩ ගැසීමේත් ගුණය නිසාත් බව කියන්න ඕනෙ

ලිනක්ස් ගැන තවත් බොහෝ දේ තිබෙනවා සංවාදයට ගත යුතු. එහෙත් ලිනක්ස් කියන්නේ ඉතිහාසය නොවේ. අනාගතය හා වර්ථමානයයි. ඒ නිසා, ඉතිහාස කථා හා දර්ශන හා මතවාද ගැන කතා බහට මෙතැනින් නැවතීමේ තිත තියමු.. අපි පාඩම් මාලාවේ අතරතුර ඉල්ලීම් ලැබෙන පරිදි. ඒවා ගැන කථා කරමු, බොහෝ දෙනා මේ ලිපිපෙල වැරදියට වටහාගෙන තිබුනා, මෙහි ප්*රදාන අරමුණ ලිනක්ස් ගැන ප්*රායෝගික දැනුමක් දීම මිස, කථා බස් හි නිතර ගමන් කිරීම නොවේ,මා මෙම පලමු ලිපි දෙකෙන් අදහස් කලේ, කවුරුත් ලිනක්ස් ඉගෙනීමට පෙර දැනගතයුතු ඉතා සරල ඉතිහාසය පමණයි.ලිනස් ට්*රැවෝල්ඩ්ස් කවුදැයි, නොදැන ලිනක්ස් ඉගෙනීම විහිලුවක්, මෙයට වඩා සිය දහස් ගුණයක් මේ විෂය ගැඹුරුයි, ඒවා වෙනම කතා කරමු, මීලඟ ලිපියේ පටන් අපි ලිනක්ස් භාවිතයට අත්පොත් තබමු.

ඉතිහාස පරිච්ඡේදය අවසන් කිරීමට පෙර යමක් නැවත මතක් කල යුතුයි. මෙය හැඩ ගැසෙන්නේ ඔබගේ ඇවැසිතා වලට අනුවයි. එනම්. කරුණාකර ඔබ මෙම ලිපි පෙළ මගින් ඉගෙනීමට බලාපොරොත්තු වෙන කරුනු මට පැවසීමට කාරුණික වන්න. මන්ද මෙහි සැකැස්ම තිබිය යුත්තේ ඔබට ඉගෙනීමට මිස මට ඇවැසි ආකාරයට නොවේ. පුද්ගලිකව මමත් මෙවැනි කාර්යයකට අලුත් බැවින්, ඉගැන්වීමේ අඩුපාඩු තිබිය හැක. කරුණාකර ඒවා පෙන්වා මේ ලිපි පෙල සාර්ථක කරගැනීමට ඔබගේ වටිනා සහාය ලබා දෙන්න
 

gayan kalhara

Member
Nov 22, 2007
7,060
48
0
සිංහලෙන් ලිනක්ස් Episode 3, The Linuxs distros (part 1)

ඔන්න බොහෝ දෙනාගේ ඉල්ලීම පිට මේ ලිපි පෙළේ ආර වෙනස් කරනවා අද සිට. අඩුපාඩු පෙන්නවන්ට.
අද ලිනක්ස් කර්නලය මත පදනම් උන. දහස් ගණනක් සංස්කරණ තිබෙනව, මේවාඑකිනෙකට වෙනස් ඩෙක්ස්ටොප් පාරිසරික, ඇප්ලිකේශන, පැකේජ් මැනේජර තිබුනත් බොහෝවිට එකම ලිනක්ස් කර්නලය මත පදනම් වෙනව. එමනිසා බොහෝවිට එක පද්ධතියක ක්*රියා කරන් මෘදුකාංගයක් ඉතා සුලු වෙනස් කම් කිහිපයක් සිදුකිරීම මගින් වෙනත් මෙහෙයුම් පද්ධතියක භාවිතයට ගන්න පුලුවන්. එය මෙහි ප්*රධානම වාසියක්.අනික නිදහස් මෘදුකාංග සංකල්පයේ දැක්වෙන මූලිකම කරුණ වන තෝරාගැනීමේ නිදහස් (Freedom to Choose) මැනෙවින් රැකෙන බව පේනවා නේද?
Ubuntu

ප්*රථමයෙන්ම, අද කාලයේ ඉතා ජනප්*රිය හා, ලිනක්ස් නියෝජනය කරන (ලිනක්ස් නම් මෙයැයි තරම් කිඳා බැසි )උබුන්ටු ගැන කථා කරමු උබුන්ටු යනු අප්*රිකානු සූලු ගෝත්*රික භාශාවෙන් මනුශ්*යත්වය සැමට යන තේරුම දෙන වදනකි උබුන්ටු වෙනත් බොහෝ ලිනක්ස් සංස්කරණ මෙන් නොව අන් වානිජමය මෘදුකාංග හා කරට කර සිටිමින් ( තාක්ශනික අතින් කෙසේ වුවත්, ප්*රචාරනය අතින්) ඉදිරියෙන්ම සිටිනවා, එයට ප්*රදානම හේතුව, සමහර ලිනක්ස් සංස්කරණ වල දක්නට නොලැබෙන කරුණක් වන ඉතා පහසු (මෙයට වඩා පහසු සංස්කරණද පවතී) භාවිත හැකියාව හා ඊටත් වඩා සම්පූර්ණයෙන්ම නොමිලේ සීඩී තැටි නිවසටම ලබාදීම හේතුවෙනි
නිදහස් මෘදුකාංග වලින් කෝටිපතියෙකු වී, නිදහස් මෘදුකාංග වලට සේවය කරන මාර්ක් ශට්ල්වර්ත් (අභ්*යවකාශයට ගිය දෙවැනි සංචාරකයා) ගේ ප්*රධානත්වයෙන් ඇරඹි කැනෝනිකල් සමාගම විසින් 2004 සැප්තැම්බර් මාසයේ ප්*රථම වරට එලි දැක්වූ උබුන්ටු එතැන් පටන් මාස 6කට වරක් (අප්*රේල් හා ඔක්තෝම්බර්) අලුත් සංස්කරණයකින් එලිදැක්වේ.උබුන්ටු වල සාර්ථකත්වයේ රහස නම්,අන් සංස්කරණ වලින් පාඩම් ඉගෙන ගෙන. ඉතා ඉක්මනින් සාමාන්*ය පරිශීලකයින් (නොන් ගීක්ස්) අතර පැතිරීම කෙරෙහි, එනම් සාමාන්*ය භවිතය ගැන වැඩිවශයෙන් සිතා කටයුතු කිරීමයි.අනිත් කරුණ තමයි ඔවුන්ගේ දිගුකාලීන සහාය (Long Term Support) ඩෙක්ස්ටොප් පරිගනක සඳහා අවු 3 කුත් සර්වර සඳහා අවු 5 කුත් ලබා දෙනවා
ඉහත කරුණු නිසා හා වින්ඩෝස් හී සිට මාරුවන අයෙක්ට ඇති පහසුව නිසා, මම උබුන්ටු හොඳ ආරම්භයක් ලෙස නිර්දේශ කරනවා


උබුන්ටු හී සංස්කරණ
KDE ඩෙක්ස්ටොප් පාරිසරිකය සහිත උබුන්ටු සංස්කරණය, පුද්ගලිකව මමත් භාවිතා කරන්නේ මෙයයි, මෙය අතිශය අලංකාර වන අතර භාවිත මෘදුකාංග රැසකින් හෙබියි.
මෙය Xfce ඩෙක්ස්ටොප් පාරිසරිකය යෙදූ ඉතා සැහැල්ලු/සරල පද්ධතියක් වන අතර පරිගණකයේ සම්පත් ඉතා අඩුවෙන් භාවිත කරන නිසා, පැරණි පරිගණක වලද ක්*රියා කරයි, (මා විසින් 233 පරිගණකයක පවා අත්හදා බලා ඇත ) මේ හේතූන් නිසා මාගේ ලැප්ටොප් පරිගණකයේ භාවිත වන්නේ මෙයයි. ඉතා වැඩි බැටරි කාලයක් ලැබිය හැකියි.. වැඩි බැටරි කාලයක් සඳහා මෙය කියවන්න
මෙය ප්*රධාන වශයෙන්ම ග්*රැපික් නිර්මාණ, ශබ්ද සංස්කරණය. වීඩියෝ හා ත්*රිමාණ නිර්මාණකරනය ඉලක්ක කරගෙන ඇති අතර ඒවා සඳහා ඇවැසි බොහෝ මෘදුකාංග අන්තර්ගත වේ. ඉතා අලංකාර ඩෙක්ස්ටොප් පාරිසරිකයක් පවතී
තවත් බොහෝ සංස්කරණ තිබුනත් ප්*රධාන වශයෙන් භාවිත වෙන්නේ මෙම සංස්කරනයි, උබුන්ටු ගැන වැඩි දුර තොරතුරු මෙම ලිපිපෙලට සමාන්තර, “සිංහලෙන් උබුන්ටු” ලිපි පෙල කියවන්න
 
Last edited:

gayan kalhara

Member
Nov 22, 2007
7,060
48
0
Red Hat Fedora

fedora.png
රෙඩ් හැට් ලින්ක්ස් හි නිදහස් සංස්කරණය වන ෆෙඩොරා, අනාගත රෙඩ් හැට් සංස්කරණයේ සැකැස්ම අත්හදා බැලීමට නිකුත් කරන්නක් බව පෙනේ, ආරක්ශාව. විශේශාංග, බලවත් සැකැස්ම, ආදිය නිසා ඉතා ජනප්*රිය ලිනක්ස් සංස්කරණයක් වන මෙය සාමාන්*ය පරිශීලකයන් වගේම උසස් (ඇඩ්වාන්ස්ඩ්) පරිශීලකයන් හා සර්වර ඉලක්ක කරන අතර එහි පැකේජ් මැනේජරය කර්නල සංස්කරණය වැනි අංග නිසා ලිනක්ස් සඳහා නව මානයක් එක් කිරීමට ෆෙඩෝරා සමත් වී ඇත.,ලිනක්ස් ඇත්ත වශයෙන්ම ඉගෙනීමට නම් ෆෙඩොරා භාවිත කල යුතුයි. මන්ද උබුන්ටු වැනි යූසර් ෆ්*රෙන්ඩ්ලි වැඩි පද්ධතියකට වඩා මෙයින් ඉගෙනීමට පහසුවක් වන බැවින්

Debian


debian.png
දැනට පවත්නා හොඳම ලිනක්ස් පද්ධතිය ලෙස ඩේබියන් හැඳින්විය හැක (උබුන්ටු පවා ඩේබියන් මත පදනම් වූවකි ) සංවර්ධකයින් 1000කගෙන් සහායෙන් 20 000කට වැඩි පැකේජ වල බලයෙන්,උසස්ම තත්ව පාලනයෙන් හා ප්*රොසෙසර වැඩිම ගණනකට සහාය දැක්වීමෙන් ලොව වඩාත්ම බලවත් හා වැරදි තොර (බග් ෆ්*රී), ලිනක්ස් පද්ධතිය වේ, සර්වර වලට ඉතාම සුදුසු පද්ධතියක් වන මෙය පරීක්ශන මට්ටමේ(experimental), අස්ථාවර (unstable) හා ස්ථාවර (stable) වශයෙන් නිකුත් කෙරේ, අස්ථාවර ලෙස නම් කලද. මෙහි අස්ථාවර සංස්කරණය පවා ඉතා ස්ථාවර වේ ස්ථාවර සංස්කරණ මදක් ප්*රමාද වී නිකුත්වන නිසා, බොහෝදෙනා භාවිත කරන්නේ ඩේබියන් අස්ථාවර සංස්කරණයි
ඉගෙනීමටත් වඩා ලිනක්ස් මෘදුකාංග සංවර්ධනයට, පද්ධති කලමණාකරනයට (system administration) වඩාත්ම සුදුසු වන්නේ ඩේබියන් වේ

Open SUSE

suse.png
මුලින්ම Slackware ලිනක්ස් හි ජර්මන් සංස්කරණයක් වූ මෙය පසුව බොහෝ සංස්කරණ වලට භාජනය වී අද ඉතා පහසු ඩෙක්ස්ටොප් පරිසරයකින්, ෆෙඩෝරා තරම් නොවුනත් ඉතා විශාල පැකේජ බැංකුවකින් සමන්විත මෙය ඉතා ජනප්*රියයි.
මෙහි විශේශිත අංගයක් වන්නේ ඔන්ලයින් හා මුද්*රිත සහාය ඉතා උසස් මට්ටමකින් පැවැතීමයි, ඩීවීඩී තැටිය මිලදීගන්නා විට අනෙක් වානිජමය මෘදුකාංග මෙන් විශාල මුදෘත අත්පොතක් හිමිවීම වැදගත්
මෙය සාමාන්*ය භාවිතයට ඉතා අගනා බව මගේ හැඟීමයි.. වින්ඩෝස් එක්ස්පී වලට බොහෝසමාන ඩෙක්ස්ටොපය නිසා, වින්ඩෝස්වල සිට මාරු වීමේදී ඉතා පහසුයි

ඉතිරි කොටස තව පැය කිහිපයකින් බලාපොරොත්තු වන්න
 
Last edited:

ChuttaFX

Member
Nov 15, 2008
4,587
12
0
ela ela, mama meketh dala thiyanawa kiyala dakke nane. gayan malli, mama oyage blog 1kath balanawa comments damme nathi unata. thanx. :D
 

silentsahan

Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    ගොඩාක් පින් මේක කිව්වට....
    ඉතා අගනා පොස්ට් එකක් මචෝ...
    උබ පුදුම විදිහට elakiri .com එකට දැනුම එකතු කරන කෙනෙක්....
    ගොඩක් පින් මචෝ....