Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Today at 12:27 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
:::::::: SL Amu Miris Challenge අමු මිරිස් චැලේන්ජ් 2014 :::::::
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

"නාට්‍යයක නළුවා දොරෙන් ඇතුළු වන්නේ නම් එතැන කතාවක් නැත.. එහෙත් ඔහු ඇතුළුවන්නේ ජනේලයෙන් නම් එතන කතාවක් තිබේ" යැයි කියමනක් ඇත.. පසුගිය දශක කීපයක කාලය පුරා ලංකාවේ අපේ මිනිසුන්ගේ දැවෙන ප්‍රශ්නයක් වූ වකුගඩු රෝගය නම් වූ කරළියට, SL AID හි අප සම්ප්‍රාප්ත වූයේ ද , "දොරෙන් නොව ජනේලයෙනි".. සාම්ප්‍රදායික ලෙස මුදල් එකතු කරන සම්මාදමකට එහා ගොස්, අමුතුම ආකෘතියකට මේ ප්‍රශ්නයට ප්‍රවිෂ්ට වීමට අප කළ තීරණය සාර්ථක එකක් නොව, ඇති සාර්ථක එකක් බවට ආයෙත් අටුවා ටීකා අනවශ්‍ය ය.. අමු මිරිස් අභියෝගය නම් වූ පිස්සු විකාර අදහස උපන්නේ එලෙස ය..

අමු මිරිස් අභියෝගය ගැන ලියනවානම් ලියන්නට වචන සියක් දහසක් වුව ඇතිමුත් එසේ නොකළේ, ෆේස්බුකියේ සුපුරුදු වදකාර ස්පෑම් ගණයට අප අයත් අයත් නොවිය යුතු නිසා ය.. එහෙත් පසුගිය දින කීපය තුළ "අමු මිරිස් අභියෝගය" වැඩසටහන ලැබූ වේගවත් ප්‍රචාරය සහ විස්මයජනක ලෙස ධනාත්මක වූ ප්‍රතිචාර හමුවේ අපට සහය දුන් සියලුම දෙනාට අපේ හදවත්හි ගැඹුරුම තැනින් පැනනගින හෘදයාංගමම ස්තුතිය මේ මොහොතේ පුද කළ යුතුය..

අපේ "පිස්සු" අදහසකට ප්‍රතිචාර ලෙස දහස් ගණනින් ලැබෙන සුබ පැතුම් සහ මුල්‍යාධාර හමුවේ, අපට බත දුන් අපේ උන් වෙනුවෙන් අපට යමක් කරන්නට හැකියාව ලැබුණා ය යන ඒ අහිංසක සතුට නිහතමානීව සහ නිරාමිසව විඳගන්නා වූ මේ මොහොතේදීම, තවත් එක පිරිසකට අනිවාර්යයෙන්ම ස්තුති කළ යුතුය.. ඒ, අපව විවේචනය කළ, අපේ දොස් දුටු, අපට බැනවැදුණු, අපව විහිළුවකට ගත් අපේ මිනිසුන් වෙත ය.. මන්ද, ඔබ නිසා නොවන්නට අප මෙතරම් මුරණ්ඩු ලෙස මේ කර්තව්‍යය සාර්ථක කරගන්නට වලිකන්නේ නැති බැවිණි..

අපේ ඉලක්කය වන්නේ ලක්ෂ තිහකි.. මේ වන විට අප සතුව ඇති මුදල ඉන් සියයට එකක් පමණ මිස ඉන් එහා නොවේ.. එහෙත් ඒ මුදල අප සෙවුයේ දින හතකට අඩු ගණනකිනි.. සැබෑවටම ආඩම්බර විය යුතු කාරණය එය නොවේ.. ගතවූ දින දහහතරක කෙටි කාලය තුළ, රුපියල් සතවලට වඩා වටිනා මනුස්සකම උතුරායන මිනිසුන් දහස් ගණනක් මේ රටේ තවමත් ජීවත්වන බව පසක් කරගැනීම ය අප ලැබූ නියම ත්‍යාගය.. මේ දින දහහතරක කෙටි කාලය තුළ, සදය සහෘදයන්, අවංක විවේචකයන් දහස් ගණනක් සමගම කුහක කටකාරයන් හා පාළොස් දෙනෙකු ද සොයා ගන්නට අපට හැකිවී තිබේ..

"යන මග බුරන සෑම බල්ලකුටම ගල් ගසන්නට නවතින මිනිසා කිසිදිනෙක සිය ගමනාන්තයට නොයයි" යන කියමන ගුරුකොට ගනිමින්, පෙරට තැබූ පැය ආපසු නොගෙන, මේ ගමන අවසානයක් දකිනා තුරා ඇදගෙන යන්නට අප සැදී පැහැදී සිටින මේ මොහොතේ, අපට මලින් මෙන්ම ගලින් ද සංග්‍රහ කළ ඔබට අපේ ශීර්ෂප්‍රණාම පූර්වක ආචාරය මෙසේ පුද කරන්නෙමු.. ඒ සියල්ල අබිමුව, මේ එකම වැකිය අපි අපේ මතකයේ රඳවා තබා ගන්නෙමු..

"මේ කඳුළු බිංදුව මිරිස් සැරට නොව, රටට බත්ගම් දුන් උන්ට මළගම් නොවනු පිණිස ය.. "

[QUOTE="sanddun, post: 17099401, member: 105453"] [SIZE="3"][COLOR="Green"]"නාට්‍යයක නළුවා දොරෙන් ඇතුළු වන්නේ නම් එතැන කතාවක් නැත.. එහෙත් ඔහු ඇතුළුවන්නේ ජනේලයෙන් නම් එතන කතාවක් තිබේ" යැයි කියමනක් ඇත.. පසුගිය දශක කීපයක කාලය පුරා ලංකාවේ අපේ මිනිසුන්ගේ දැවෙන ප්‍රශ්නයක් වූ වකුගඩු රෝගය නම් වූ කරළියට, SL AID හි අප සම්ප්‍රාප්ත වූයේ ද , "දොරෙන් නොව ජනේලයෙනි".. සාම්ප්‍රදායික ලෙස මුදල් එකතු කරන සම්මාදමකට එහා ගොස්, අමුතුම ආකෘතියකට මේ ප්‍රශ්නයට ප්‍රවිෂ්ට වීමට අප කළ තීරණය සාර්ථක එකක් නොව, ඇති සාර්ථක එකක් බවට ආයෙත් අටුවා ටීකා අනවශ්‍ය ය.. අමු මිරිස් අභියෝගය නම් වූ පිස්සු විකාර අදහස උපන්නේ එලෙස ය.. අමු මිරිස් අභියෝගය ගැන ලියනවානම් ලියන්නට වචන සියක් දහසක් වුව ඇතිමුත් එසේ නොකළේ, ෆේස්බුකියේ සුපුරුදු වදකාර ස්පෑම් ගණයට අප අයත් අයත් නොවිය යුතු නිසා ය.. එහෙත් පසුගිය දින කීපය තුළ "අමු මිරිස් අභියෝගය" වැඩසටහන ලැබූ වේගවත් ප්‍රචාරය සහ විස්මයජනක ලෙස ධනාත්මක වූ ප්‍රතිචාර හමුවේ අපට සහය දුන් සියලුම දෙනාට අපේ හදවත්හි ගැඹුරුම තැනින් පැනනගින හෘදයාංගමම ස්තුතිය මේ මොහොතේ පුද කළ යුතුය.. අපේ "පිස්සු" අදහසකට ප්‍රතිචාර ලෙස දහස් ගණනින් ලැබෙන සුබ පැතුම් සහ මුල්‍යාධාර හමුවේ, අපට බත දුන් අපේ උන් වෙනුවෙන් අපට යමක් කරන්නට හැකියාව ලැබුණා ය යන ඒ අහිංසක සතුට නිහතමානීව සහ නිරාමිසව විඳගන්නා වූ මේ මොහොතේදීම, තවත් එක පිරිසකට අනිවාර්යයෙන්ම ස්තුති කළ යුතුය.. ඒ, අපව විවේචනය කළ, අපේ දොස් දුටු, අපට බැනවැදුණු, අපව විහිළුවකට ගත් අපේ මිනිසුන් වෙත ය.. මන්ද, ඔබ නිසා නොවන්නට අප මෙතරම් මුරණ්ඩු ලෙස මේ කර්තව්‍යය සාර්ථක කරගන්නට වලිකන්නේ නැති බැවිණි.. අපේ ඉලක්කය වන්නේ ලක්ෂ තිහකි.. මේ වන විට අප සතුව ඇති මුදල ඉන් සියයට එකක් පමණ මිස ඉන් එහා නොවේ.. එහෙත් ඒ මුදල අප සෙවුයේ දින හතකට අඩු ගණනකිනි.. සැබෑවටම ආඩම්බර විය යුතු කාරණය එය නොවේ.. ගතවූ දින දහහතරක කෙටි කාලය තුළ, රුපියල් සතවලට වඩා වටිනා මනුස්සකම උතුරායන මිනිසුන් දහස් ගණනක් මේ රටේ තවමත් ජීවත්වන බව පසක් කරගැනීම ය අප ලැබූ නියම ත්‍යාගය.. මේ දින දහහතරක කෙටි කාලය තුළ, සදය සහෘදයන්, අවංක විවේචකයන් දහස් ගණනක් සමගම කුහක කටකාරයන් හා පාළොස් දෙනෙකු ද සොයා ගන්නට අපට හැකිවී තිබේ.. "යන මග බුරන සෑම බල්ලකුටම ගල් ගසන්නට නවතින මිනිසා කිසිදිනෙක සිය ගමනාන්තයට නොයයි" යන කියමන ගුරුකොට ගනිමින්, පෙරට තැබූ පැය ආපසු නොගෙන, මේ ගමන අවසානයක් දකිනා තුරා ඇදගෙන යන්නට අප සැදී පැහැදී සිටින මේ මොහොතේ, අපට මලින් මෙන්ම ගලින් ද සංග්‍රහ කළ ඔබට අපේ ශීර්ෂප්‍රණාම පූර්වක ආචාරය මෙසේ පුද කරන්නෙමු.. ඒ සියල්ල අබිමුව, මේ එකම වැකිය අපි අපේ මතකයේ රඳවා තබා ගන්නෙමු.. "මේ කඳුළු බිංදුව මිරිස් සැරට නොව, රටට බත්ගම් දුන් උන්ට මළගම් නොවනු පිණිස ය.. "[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom