Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Today at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Today at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
SLIIT & Mahapola
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලලිත් ඇතුලත්මුදලි මහතා

මහපොළ නිර්මාතෘවරයා වූ ලලිත් ඇතුලත්මුදලි මහතා 1981 අංක 66 දරන පනත යටතේ මහපොළ ශිෂ්‍යත්ව භාර අරමුදල පිහිටුවනු ලැබීය.

සරසවි සිසුනට ශිෂ්‍යත්ව මුදලක් ලබා දීම මෙන්ම තොරතුරු තාක්ෂණ ආයතනයක් පිහිටුවීමද මහපොළ භාර අරමුදලේ පරමාර්ථයකි. ලලිත් ඇතුලත්මුදලි ඇමැතිවරයා අසූව දශකයේදී මාලබේ ප්‍රදේශයේ අක්කර 25 ක ඉඩමක් අත්පත්කර ගන්නේ විශ්වවිද්‍යාලයක් සහ මහපොළ මූලස්ථානය ඉදිකිරීම අරමුණ කර ගනිමිනි.

පසු කලෙක කිංස්ලි ටී. වික්‍රමරත්න මහතා රටේ වෙළෙඳ ඇමැතිවරයා ලෙස පත්වේ. එවක අධ්‍යාපන ඇමැති රිචඩ් පතිරණ මහතා සමඟ එක්ව වික්‍රමරත්න ඇමැතිවරයා ඇමැති මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කරන්නේ මාලබේ පිහිටි මහපොළ ඉඩමේ තොරතුරු තාක්ෂණ ආයතනයක් පිහිටුවීම අනුමත කරවා ගැනීමටය. මෙය මහපොළ නිර්මාතෘ ලලිත් ඇතුලත්මුදලි මහතාගේ අරමුණ හා සමගාමී තීරණයකි. කෙසේ හෝ රජයේ ප්‍රතිපත්තිමය තීරණයක් මත මෙම තොරතුරු තාක්ෂණ ආයතනය පසු කාලීනව මොරටුව විශ්වවිද්‍යාලය සමග අනුබද්ධ කිරීමටද කැබිනට් මණ්ඩලය එදා එකඟ වී ඇත.

මේ අනුව මහපොළ ශිෂ්‍යත්ව භාර අරමුදලද වැදගත් තීන්දුවකට එළැඹේ. ඒ යෝජිත තොරතුරු තාක්ෂණ ආයතනය ඉදිකිරීම සඳහා මහපොළ භාර අරමුදලෙන් රුපියල් කෝටි 50 ක මුදලක් ආයෝජනය කිරීමටය. ඒ අනුව තොරතුරු තාක්ෂණ ආයතනය 1999/2000 කාලයේදී ඉදිකර අවසන් වේ. බොහෝ දෙනෙක් දන්නා මාලබේ තොරතුරු තාක්ෂණ ආයතනය (SLIIT) ආරම්භ වන්නේ ඒ ආකාරයටය.

එහෙත් SLIIT බිහිවන්නේ, ඊට ආයෝජනය කරනුයේ මහපොළ භාර අරමුදලේ මුදල් බව සහ එය ඉදිකර තිබෙන්නේ මහපොළට අයත් භූමියක බව බොහෝ දෙනා නොදනී.

1998 ජුලි 01 වැනිදා එවක රජයේ ඇමැති මණ්ඩලය විසින් ලබා දෙන තීරණයක් මත වෙළෙඳ අමාත්‍යාංශය, උසස් අධ්‍යාපන අමාත්‍යාංශය සහ ආයෝජන මණ්ඩලයේ නිලධාරීන් නිල බලයෙන් SLIIT අධ්යක්ෂ මණ්ඩලය සඳහා පත්වේ. SLIIT හෙවත් තොරතුරු තාක්ෂණ ආයතනයේ අධ්යක්ෂ මණ්ඩලය එදා සිට අද දක්වා පත්වන්නේ මේ ආකාරයට නිල බලයෙනි. එලෙස පත්වන අයට නිල තනතුර අහිමි වුවහොත් SLIIT අධ්යක්ෂ මණ්ඩල සාමාජිකත්වයද අහෝසි වේ.

එහෙත් ඇතැම් කාලවලදී පත්වූ අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයන් කටයුතු කර තිබෙන්නේ SLIIT තම පුද්ගලික බූදලයක් ලෙස සිතාගෙනය. මේ පිළිබඳ මහපොළ අරමුදලේ භාරකාර මණ්ඩලයද දැනුවත්ව සිට නැත. පසු කලෙක මහපොළ භාරකාර මණ්ඩලය SLIIT පිළිබඳ සොයා බලන්නට පටන් ගත්තේය. මහපොළ නිර්මාතෘ ලලිත් ඇතුලත්මුදලි මහතාගේ උදාර පරමාර්ථ අනුව යමින් පිහිටුවනු ලැබූ මහපොළ භාර අරමුදලේ අරමුණුවලට පටහැනිව යමින් SLIIT පවත්වාගෙන යන බව මහපොළ භාරකාර මණ්ඩලයට අනාවරණය වන්නේ මෙහිදීය.

මෛත්‍රිපාල සිsරිසේන මහතා 2015 ජනවාරි 08 දා රටේ ජනාධිපතිවරයා ලෙස පත්වී ශ්‍රීලනිප එජාප දින සියයේ ආණ්ඩුව ආරම්භ විය. ඒ ආණ්ඩුවේ වෙළෙඳ විෂය භාර ඇමැතිවරයා වූයේ ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතාය. මහපොළ විෂය අයිති වූයේද මේ ඇමැතිවරයාටය. මේ ඇමැතිවරයා කළේ මහපොළ භාරකාර මණ්ඩලයේ සාමාජිකයකු ලෙස වික්‍රම වීරසූරිය මහතා පත් කිරීමය. මේ වන විට මහපොළ භාර අරමුදල සතු මුදල් වත්කම රුපියල් බිලියන අට ඉක්මවයි. එහෙත් කිසිවකු නොසිතූ ලෙස වික්‍රම වීරසූරිය මහතා විසින් මහපොළ භාර අරමුදල ආයෝජනය කළ රුපියල් කෝටි 50 ක මුදල SLIIT ආයතනයෙන් යළි ඉල්ලා සිsටියේය. මහපොළෙන් දුන් මුදල් යළි ලබා දෙන ලෙසට වීරසූරිය මහතා කළ ලි�ත ඉල්ලීමට අනුව SLIIT පාලනාධිකාරිය එම මුදල මහපොළ භාර අරමුදල වෙත වහා ලබාදී මාලබේ ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයට ඇති මහපොළ අයිතියෙන් යම් තරමකට නිදහස් වේ. ඒ අනුව දෙපාර්ශවය ගිවිසුමකට එළැඹේ. ඒ තොරතුරු තාක්ෂණ ආයතනය පවත්වාගෙන යන භූමිය හැර මහපොළට එම ආයතනයේ වෙනත් කිසිදු අයිතියක් නොමැති බව පවසමිනි.

මෙම තීරණය මහපොළ භාර අරමුදල වෙත බරපතළ හානියක් සිදුකර ඇත. මහපොළ යනු භාරයකි. මෙම තීරණය මෙරට විශ්වවිද්‍යාල ශිෂ්‍ය ප්‍රජාවට කළ බරපතළ අගතියකි.

අද වන විට මහපොළ ශිෂ්‍යත්ව භාර අරමුදලට ඇත්තේ මාලබේ SLIIT ආයතනයේ ඉඩමේ අයිතිය පමණි. මහපොළ සතුව තිබූ එම ආයතනයේ මූල්‍ය අයිතිය සූක්ෂ්ම ලෙස නැති කළ අය දැන් ඉතිරිව ඇති ඉඩමේ අයිතියද මහපොළට අහිමි කිරීම සඳහා පිඹුරුපත් සකසමින් සිටී. ඒ මහපොළ සතු මෙම අක්කර 25 ක ඉඩමේ අයිතියද තොරතුරු තාක්ෂණික ආයතනයට පවරා දීමේ වැඩපිළිවෙළකි.

මෙම කරුණු සියල්ල පසුගියදා පැවැති ලලිත් ඇතුලත්මුදලි පදනමේ රැස්වීම් වාරයකදී දීර්ඝ ලෙස සාකච්ඡාවට බඳුන් විය. මහපොළ භාර අරමුදල සතුව තිබු මාලබේ SLIIT හි අයිතිය නීති විරෝධී ලෙස අහිමි කිරීමේ ගනුදෙනුව සම්බන්ධව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාටත්, අගමැති රනිල් වික්‍රමසිංහ මහතාටත්, අගවිනිසුරුවරයාටත් පැමිණිලි කර මෙම වරද හැකි ඉක්මනින් නිවැරදි කරන ලෙසට ඉල්ලා සිටීමේ යෝජනාවක් ලලිත් ඇතුලත්මුදලි පදනම විසින් එදින සම්මත කරගෙන තිබේ.

මාලබේ තොරතුරු තාක්ෂණ ආයතනය මෙසේ අනිසි ලෙස කටයුතු කිරීම වහා නතර කළ යුතුය යන්නත් ඇමැති මණ්ඩලයේ අනුමැතියට අනුව කටයුතු කරමින් තොරතුරු තාක්ෂණ ආයතනයේ අයිතිය මහපොළ භාර මුදලට හිමි විය යුතු බවත් පදනමේ විශ්වාසයයි. දිවංගත ලලිත් ඇතුලත්මුදලි මහතා සද්භාවයෙන් යුතුව ආරම්භ කළ මහපොළ භාර අරමුදල සතු වත්කම් මෙසේ පෞද්ගලික හේතු මත ඩැහැ ගැනීම අනාගතයට, රටේ ශිෂ්‍ය ප්‍රජාවට එරෙහිව සිදුකරන බරපතළ අපරාධයකි. එබැවින් මහපොළ භාරයේ වත්කම මෙසේ අවභාවිත කිරීම පිළිබඳ සොයා බැලීම බලධාරීන්ගේ වගකීමකි.

ආයෝජනය කළ රුපියල් කෝටි 50 ක මුදල යළි මහපොළ භාර අරමුදල වෙත ගෙවා දමා අත පිසදා ගැනීමට තොරතුරු තාක්ෂණ ආයතනයට හැකියාවක් තිබේද යන්න ප්රශ්නයකි. මෙම ආයතනය තුළ මහපොළ අයිතිය ස්ථාපනය කිරීම වැදගත්ය. කැබිනට් තීන්දුව මත SLIIT හි පාලක මණ්ඩලය සඳහා අනිවාර්යයෙන්ම රජයේ නිලධාරීන් නිලබලයෙන් පත්විය යුතුය. එහෙත් අද පවත්නා පාලක මණ්ඩලයට එවන් සුදුසුකමක් තිබේද යන්නත් සොයාබැලීම වැදගත්වේ.

මේ පිළිබඳ දීර්ඝ ලෙස කරුණු ඇතුළත් කරමින් ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට අදාළ පාර්ශ්වය විසින් ලිපි දෙකක් ඉදිරිපත් කර ඇත. ලලිත් ඇතුළත්මුදලි ඇමතිවරයා විසින් බිහිකළ මහපොළ ශිෂ්‍යත්ව භාර අරමුදලට තොරතුරු තාක්ෂණ ආයතනයේ අයිතිය තිබිය යුතුය යන්න ලලිත් ඇතුළත්මුදලි පදනමේ විශ්වාසයයි.

එම නිසා සිදුව ඇති වරද නිවැරදි කළ යුතුය. ඒ සඳහා විශේෂ ජනාධිපති කොමිසමක් පත් කර කරුණු විමසා බලා තීන්දුවක් ගන්නා ලෙසත්, -SLIIT හි මහපොළ අයිතිය තහවුරු කර ඇමැති මණ්ඩල තීන්දුවට අනුව කටයුතු කිරීමට ඉඩකඩ සලස්වන ලෙසත් අගතියට පත්වූවන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇති බවටද තොරතුරු අනාවරණය විය.

දීප්ති ප්‍රමිතා අධිකාරි - අජිත් අලහකෝන් Divaina

[QUOTE="dindongbell, post: 20999858, member: 560724"] [IMG]https://upload.wikimedia.org/wikipedia/en/1/1c/Lalith_Athulathmudali.jpg[/IMG] [SIZE=4][B]ලලිත් ඇතුලත්මුදලි මහතා [/B][/SIZE][SIZE=3] මහපොළ නිර්මාතෘවරයා වූ ලලිත් ඇතුලත්මුදලි මහතා 1981 අංක 66 දරන පනත යටතේ මහපොළ ශිෂ්‍යත්ව භාර අරමුදල පිහිටුවනු ලැබීය. සරසවි සිසුනට ශිෂ්‍යත්ව මුදලක් ලබා දීම මෙන්ම තොරතුරු තාක්ෂණ ආයතනයක් පිහිටුවීමද මහපොළ භාර අරමුදලේ පරමාර්ථයකි. ලලිත් ඇතුලත්මුදලි ඇමැතිවරයා අසූව දශකයේදී මාලබේ ප්‍රදේශයේ අක්කර 25 ක ඉඩමක් අත්පත්කර ගන්නේ විශ්වවිද්‍යාලයක් සහ මහපොළ මූලස්ථානය ඉදිකිරීම අරමුණ කර ගනිමිනි. පසු කලෙක කිංස්ලි ටී. වික්‍රමරත්න මහතා රටේ වෙළෙඳ ඇමැතිවරයා ලෙස පත්වේ. එවක අධ්‍යාපන ඇමැති රිචඩ් පතිරණ මහතා සමඟ එක්ව වික්‍රමරත්න ඇමැතිවරයා ඇමැති මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කරන්නේ මාලබේ පිහිටි මහපොළ ඉඩමේ තොරතුරු තාක්ෂණ ආයතනයක් පිහිටුවීම අනුමත කරවා ගැනීමටය. මෙය මහපොළ නිර්මාතෘ ලලිත් ඇතුලත්මුදලි මහතාගේ අරමුණ හා සමගාමී තීරණයකි. කෙසේ හෝ රජයේ ප්‍රතිපත්තිමය තීරණයක් මත මෙම තොරතුරු තාක්ෂණ ආයතනය පසු කාලීනව මොරටුව විශ්වවිද්‍යාලය සමග අනුබද්ධ කිරීමටද කැබිනට් මණ්ඩලය එදා එකඟ වී ඇත. මේ අනුව මහපොළ ශිෂ්‍යත්ව භාර අරමුදලද වැදගත් තීන්දුවකට එළැඹේ. ඒ යෝජිත තොරතුරු තාක්ෂණ ආයතනය ඉදිකිරීම සඳහා මහපොළ භාර අරමුදලෙන් රුපියල් කෝටි 50 ක මුදලක් ආයෝජනය කිරීමටය. ඒ අනුව තොරතුරු තාක්ෂණ ආයතනය 1999/2000 කාලයේදී ඉදිකර අවසන් වේ. බොහෝ දෙනෙක් දන්නා මාලබේ තොරතුරු තාක්ෂණ ආයතනය (SLIIT) ආරම්භ වන්නේ ඒ ආකාරයටය. එහෙත් SLIIT බිහිවන්නේ, ඊට ආයෝජනය කරනුයේ මහපොළ භාර අරමුදලේ මුදල් බව සහ එය ඉදිකර තිබෙන්නේ මහපොළට අයත් භූමියක බව බොහෝ දෙනා නොදනී. 1998 ජුලි 01 වැනිදා එවක රජයේ ඇමැති මණ්ඩලය විසින් ලබා දෙන තීරණයක් මත වෙළෙඳ අමාත්‍යාංශය, උසස් අධ්‍යාපන අමාත්‍යාංශය සහ ආයෝජන මණ්ඩලයේ නිලධාරීන් නිල බලයෙන් SLIIT අධ්යක්ෂ මණ්ඩලය සඳහා පත්වේ. SLIIT හෙවත් තොරතුරු තාක්ෂණ ආයතනයේ අධ්යක්ෂ මණ්ඩලය එදා සිට අද දක්වා පත්වන්නේ මේ ආකාරයට නිල බලයෙනි. එලෙස පත්වන අයට නිල තනතුර අහිමි වුවහොත් SLIIT අධ්යක්ෂ මණ්ඩල සාමාජිකත්වයද අහෝසි වේ. එහෙත් ඇතැම් කාලවලදී පත්වූ අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයන් කටයුතු කර තිබෙන්නේ SLIIT තම පුද්ගලික බූදලයක් ලෙස සිතාගෙනය. මේ පිළිබඳ මහපොළ අරමුදලේ භාරකාර මණ්ඩලයද දැනුවත්ව සිට නැත. පසු කලෙක මහපොළ භාරකාර මණ්ඩලය SLIIT පිළිබඳ සොයා බලන්නට පටන් ගත්තේය. මහපොළ නිර්මාතෘ ලලිත් ඇතුලත්මුදලි මහතාගේ උදාර පරමාර්ථ අනුව යමින් පිහිටුවනු ලැබූ මහපොළ භාර අරමුදලේ අරමුණුවලට පටහැනිව යමින් SLIIT පවත්වාගෙන යන බව මහපොළ භාරකාර මණ්ඩලයට අනාවරණය වන්නේ මෙහිදීය. මෛත්‍රිපාල සිsරිසේන මහතා 2015 ජනවාරි 08 දා රටේ ජනාධිපතිවරයා ලෙස පත්වී ශ්‍රීලනිප එජාප දින සියයේ ආණ්ඩුව ආරම්භ විය. ඒ ආණ්ඩුවේ වෙළෙඳ විෂය භාර ඇමැතිවරයා වූයේ ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතාය. මහපොළ විෂය අයිති වූයේද මේ ඇමැතිවරයාටය. මේ ඇමැතිවරයා කළේ මහපොළ භාරකාර මණ්ඩලයේ සාමාජිකයකු ලෙස වික්‍රම වීරසූරිය මහතා පත් කිරීමය. මේ වන විට මහපොළ භාර අරමුදල සතු මුදල් වත්කම රුපියල් බිලියන අට ඉක්මවයි. එහෙත් කිසිවකු නොසිතූ ලෙස වික්‍රම වීරසූරිය මහතා විසින් මහපොළ භාර අරමුදල ආයෝජනය කළ රුපියල් කෝටි 50 ක මුදල SLIIT ආයතනයෙන් යළි ඉල්ලා සිsටියේය. මහපොළෙන් දුන් මුදල් යළි ලබා දෙන ලෙසට වීරසූරිය මහතා කළ ලි�ත ඉල්ලීමට අනුව SLIIT පාලනාධිකාරිය එම මුදල මහපොළ භාර අරමුදල වෙත වහා ලබාදී මාලබේ ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයට ඇති මහපොළ අයිතියෙන් යම් තරමකට නිදහස් වේ. ඒ අනුව දෙපාර්ශවය ගිවිසුමකට එළැඹේ. ඒ තොරතුරු තාක්ෂණ ආයතනය පවත්වාගෙන යන භූමිය හැර මහපොළට එම ආයතනයේ වෙනත් කිසිදු අයිතියක් නොමැති බව පවසමිනි. මෙම තීරණය මහපොළ භාර අරමුදල වෙත බරපතළ හානියක් සිදුකර ඇත. මහපොළ යනු භාරයකි. මෙම තීරණය මෙරට විශ්වවිද්‍යාල ශිෂ්‍ය ප්‍රජාවට කළ බරපතළ අගතියකි. අද වන විට මහපොළ ශිෂ්‍යත්ව භාර අරමුදලට ඇත්තේ මාලබේ SLIIT ආයතනයේ ඉඩමේ අයිතිය පමණි. මහපොළ සතුව තිබූ එම ආයතනයේ මූල්‍ය අයිතිය සූක්ෂ්ම ලෙස නැති කළ අය දැන් ඉතිරිව ඇති ඉඩමේ අයිතියද මහපොළට අහිමි කිරීම සඳහා පිඹුරුපත් සකසමින් සිටී. ඒ මහපොළ සතු මෙම අක්කර 25 ක ඉඩමේ අයිතියද තොරතුරු තාක්ෂණික ආයතනයට පවරා දීමේ වැඩපිළිවෙළකි. මෙම කරුණු සියල්ල පසුගියදා පැවැති ලලිත් ඇතුලත්මුදලි පදනමේ රැස්වීම් වාරයකදී දීර්ඝ ලෙස සාකච්ඡාවට බඳුන් විය. මහපොළ භාර අරමුදල සතුව තිබු මාලබේ SLIIT හි අයිතිය නීති විරෝධී ලෙස අහිමි කිරීමේ ගනුදෙනුව සම්බන්ධව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාටත්, අගමැති රනිල් වික්‍රමසිංහ මහතාටත්, අගවිනිසුරුවරයාටත් පැමිණිලි කර මෙම වරද හැකි ඉක්මනින් නිවැරදි කරන ලෙසට ඉල්ලා සිටීමේ යෝජනාවක් ලලිත් ඇතුලත්මුදලි පදනම විසින් එදින සම්මත කරගෙන තිබේ. මාලබේ තොරතුරු තාක්ෂණ ආයතනය මෙසේ අනිසි ලෙස කටයුතු කිරීම වහා නතර කළ යුතුය යන්නත් ඇමැති මණ්ඩලයේ අනුමැතියට අනුව කටයුතු කරමින් තොරතුරු තාක්ෂණ ආයතනයේ අයිතිය මහපොළ භාර මුදලට හිමි විය යුතු බවත් පදනමේ විශ්වාසයයි. දිවංගත ලලිත් ඇතුලත්මුදලි මහතා සද්භාවයෙන් යුතුව ආරම්භ කළ මහපොළ භාර අරමුදල සතු වත්කම් මෙසේ පෞද්ගලික හේතු මත ඩැහැ ගැනීම අනාගතයට, රටේ ශිෂ්‍ය ප්‍රජාවට එරෙහිව සිදුකරන බරපතළ අපරාධයකි. එබැවින් මහපොළ භාරයේ වත්කම මෙසේ අවභාවිත කිරීම පිළිබඳ සොයා බැලීම බලධාරීන්ගේ වගකීමකි. ආයෝජනය කළ රුපියල් කෝටි 50 ක මුදල යළි මහපොළ භාර අරමුදල වෙත ගෙවා දමා අත පිසදා ගැනීමට තොරතුරු තාක්ෂණ ආයතනයට හැකියාවක් තිබේද යන්න ප්රශ්නයකි. මෙම ආයතනය තුළ මහපොළ අයිතිය ස්ථාපනය කිරීම වැදගත්ය. කැබිනට් තීන්දුව මත SLIIT හි පාලක මණ්ඩලය සඳහා අනිවාර්යයෙන්ම රජයේ නිලධාරීන් නිලබලයෙන් පත්විය යුතුය. එහෙත් අද පවත්නා පාලක මණ්ඩලයට එවන් සුදුසුකමක් තිබේද යන්නත් සොයාබැලීම වැදගත්වේ. මේ පිළිබඳ දීර්ඝ ලෙස කරුණු ඇතුළත් කරමින් ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට අදාළ පාර්ශ්වය විසින් ලිපි දෙකක් ඉදිරිපත් කර ඇත. ලලිත් ඇතුළත්මුදලි ඇමතිවරයා විසින් බිහිකළ මහපොළ ශිෂ්‍යත්ව භාර අරමුදලට තොරතුරු තාක්ෂණ ආයතනයේ අයිතිය තිබිය යුතුය යන්න ලලිත් ඇතුළත්මුදලි පදනමේ විශ්වාසයයි. එම නිසා සිදුව ඇති වරද නිවැරදි කළ යුතුය. ඒ සඳහා විශේෂ ජනාධිපති කොමිසමක් පත් කර කරුණු විමසා බලා තීන්දුවක් ගන්නා ලෙසත්, -SLIIT හි මහපොළ අයිතිය තහවුරු කර ඇමැති මණ්ඩල තීන්දුවට අනුව කටයුතු කිරීමට ඉඩකඩ සලස්වන ලෙසත් අගතියට පත්වූවන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇති බවටද තොරතුරු අනාවරණය විය. [/SIZE][FONT=Times New Roman][SIZE=5][SIZE=4][B] දීප්ති ප්‍රමිතා අධිකාරි - අජිත් අලහකෝන් [COLOR=Red][I]Divaina[/I][/COLOR][/B] [/SIZE][/SIZE][/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom