SLT with Sirisena family -මේවා ඇත්තද යාලුවනේ...

pdrmatara

Member
Oct 29, 2008
883
434
0
සිහින ලෝකයේ
SLT with Sirisena family -මේවා ඇත්තද යාලුවනේ...

හෙණ ගැහිල්ලක්ම වේවා..! නව වසර උදාවත් සමග මහජන මුදල් කෝටි ගණනක් සිරිසේන පවුලේ සේප්පුවේ දාගෙන..!

(ලංකා ඊ නිව්ස් -2016.ජන.02, පෙ.ව.8.30) නව වසර උදාවීම දඩමීමා කරගෙන ජනවාරි පළමුවෙනිදාම රුපියල් කෝටි ගණනක මහජන මුදලක් සිරිසේන පවුලේ සේප්පුවේ තැන්පත් කර ගැනීමේ හෙණ ගහන පුවතක් ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවය වෙත ලැබී තිබේ.

අදාල සිදුවීම නම් නව වසර උදාවීම වෙනුවෙන් කියමින් කොළඹ ගෝල් ෆේස් පිටියේ 31 දා රාත්‍රියේ පැවැති සංගීත සංදර්ශනය යි. මෙම සංගීත සංදර්ශනයේ බරපැන දැරුවේ ජනාධිපති මලයා කුමාරසිංහ සිරිසේන සභාපතිත්වය දරණ ටෙලිකොම් සමාගමයි. සංගීත සංදර්ශනයේ ඉවෙන්ට් මැනේජර් ලෙස සියළු සංවිධාන කටයුතු සහ ප්‍රචාරක කටයුතු සිදු කෙළේ ජනාධිපති දියණිය චතුරිකා සිරිසේන සැඟවුනු අයිතිකරුවා වන Red Cherry Advertising සමාගම විසිනි. (චතුරිකා සිරිසේන සහ ඇයගේ සැමියා තිලින සුරන්ජිත් විසින් ඔවුන්ගේ හිතවතෙකු වන ජනක නමැත්තා ඉදිරියට දමා Red Cherry Advertising පිහිටුවා ඇති බව ලංකා ඊ නිව්ස් 2015 නොවැම්බර් 26 වෙනිදා “සිරිසේන දූ සමාගම ජනක සමග හෙළුවෙන් රාජ්‍ය මුදල් හඹායති“ මැයෙන් රටට හෙළිකර සිටියේ ය.)

මෙම සංගීත සංදර්ශනය සඳහා ටෙලිකොම් සමාගමේ මුළු වියදම මෙතෙක් නිවැරදිව ගණන් බලා නැතත් ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවය වෙත වාර්තා වන අන්දමට එය රුපියල් මිලියන 300 ක් පමණ වේ. ඉන් තුනෙන් එකක් හෙවත් රුපියල් මිලියන 100 ක් හෙවත් කෝටි 10 ක් පමණ සිරිසේන දූ සමාගම සාක්කුවේ දමාගෙන තිබේ. මෙවැනිම සංගීත සංදර්ශනයක් පසුගියදා මීගමුවේදී පැවැත්වූ අතර එයද සංවිධානය කරන ලද්දේ දූ සමාගම විසින් වන අතර එයින්ද විශාල මුදලක් සිරිසේන පවුලේ සේප්පුවේ තැන්පත් වී ඇත. මේවායේ නිවැරදි ගණන් හිලව් ලබා ගත හැක්කේ තොරතුරු දැන ගැනීමේ පනත සම්මත වීමෙන් පසුව හෝ ටෙලිකොම් සමාගම සිරිසේන පවුලේ ග්‍රහණයෙන් මිදුනු දිනෙක විය හැකි නමුත් කෙසේ හෝ එම නිවැරදි ගණන් හිලව් ලංකා ඊ නිව්ස් විසින් ජනතාව වෙත ඉදිරි දිනෙක හෙලිකරමු.

ටෙලිකොම් සමාගම මෙසේ සංගීත සංදර්ශන පවත්වන්නේ අන් කිසිදු හේතුවක් නිසා නොව සිරිසේන පවුලට මුදල් ගසා කෑම සඳහාමය. ඒ සඳහා තමන්ට පක්ෂපාතී ලෙස අසාධාරණ තීන්දු ගැනීමට අවශ්‍ය ආකාරයට පසුගිය කාලයේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාම මැදිහත් වී යහපාලනවාදී අධ්‍යක්ෂක වරුන් එළවා දමා රාජපක්ෂ යුගයේ සිටි පට්ටපල් හොරුන් එහි අධ්‍යක්ෂ මණ්ඩලයට රිංගවා ගත් බව ජනතාව දනිති. එමෙන්ම මේවාට විරුද්ධ වේ යැයි සිතෙන වෘත්තීය සමිති නායකයන් 17 දෙනෙකු ටෙලිකොම් මුදලින් මැලේසියාවට යවා එහිදී ඇති තරම් Fun ගැනීමට සලස්වා ඔවුන්ගේ මුඛ වසා තිබේ. මේවා පවත්වන්ගේ මහජන මුදලින් පවුලේ ආදායම තර කර ගැනීමට බව අප නොබියව පවසන්නේ හේතු සහිතව ය. ඒ මෙසේය.

ටෙලිකොම් සමාගම කියන්නේ මෙකී සංගීත සංදර්ශන වල අරමුණ වෙළඳ ප්‍රවර්ධනය පිණිස කියා ය. එනම් ජනතාවට තම දුරකථන සේවය ලබා ගැනීම වැඩි කිරීමය. ඒ සඳහා ප්‍රචාරය වැඩි කිරීමය. නමුත් ප්‍රශ්නය වන්නේ ටෙලිකොම් සමාගමේ වර්තමාන තත්ත්වයයි.

* ටෙලිකොම් සමාගමට මේ වන විට රැහැන් සහිත දුරකථන ලබා දීම වැඩි දියුණු කිරීමට නොහැකිය. මන්ද යත් ඒ සඳහා අවශ්‍ය කේබල් සමාගම සතුව නැත. ඒවා අහවර වී ඇත.
* ටෙලිකොම් සමාගමේ Peo TV සේවය ලබා දීම වැඩි දියුණු කළ නොහැකිය. මන්ද යත් ඒ සඳහා අවශ්‍ය ඩිජිටල් යුනිට් මේ වන විට අහවර වී ඇත. දැනට ජනතාවට ලබා දී ඇති යුනිට් වල මතුවී ඇති බිඳවැටීම් විසඳා ගැනීමට පවා නොහැකි වී ඇත්තේ බිඳ වැටෙන යුනිට් එකක් වෙනුවට නව එකක් ලබා දීමට නොමැති බැවිනි.
* අධිවේග අන්තර්ජාල සේවා අයැදුම් කරන්නන්ට එම සේවා ලබා දීම ස ඳහා පාරිභෝගිකයන්ගේ නිවෙස් වෙත ඇදිය යුතු Fiber Optic කේබල්ද මේ වන විට සමාගම සතුව නැත.

මෙවැනි තත්ත්වයක් තුල කෙතරම් වෙළඳ ප්‍රවර්ධන වැඩ සටහන් කළද පළක් වන්නේ නැත. මන්ද යත් සේවා ප්‍රවර්ධනය කිරීමට සමාගම සතුව සම්පත් නොමැති නිසාය. වැඩිදියුණුවට අවශ්‍ය සම්පත් නොමැතිව ප්‍රවර්ධන ප්‍රචාරයන් කරන මෝඩයන් වේ නම් ඒ පොලොන්නරුවේ ගොබ්බයන්ම මිස අන් කවරෙකු හෝ නොවේ. සම්පත් නොමැති වී ඇත්තේ ඇයි.? මුදල් නොමැති කමය. ටෙලිකොම් සමාගම දැනටමත් දුවන්නේ පසුගිය කාලයේ ලබා ගත් ඩොලර් මිලියන 75 ක ණයකිනි. දැන් එය මදි වී තවත් ඩොලර් මිලියන 100 ක ණයක් ලබා ගැනීමට කටයුතු කරමින් සිටී. එනම් මේ බාල් නටන්නේ ණයට ය. මෙවැනි තත්ත්වයක් යටතේ මෙලෙස සංගීත සංදර්ශන සඳහා කෝටි ගණනින් මුදල් වියදම් කරන්නේ අන් කිසිදු හේතුවක් නිසා නොව මලයා සභාපති කරවා අධ්‍යක්ෂ මණ්ඩලයට හෙංචයියන් දමා, දුවගේ සමාගම හරහා මහජන මුදල් ගසා කෑමටය. ටෙලිකොම් සමාගමේ රුපියල් 5000 කට වඩා වැඩියෙන් බිල්පත් ගෙවන ග්‍රාහකයන් ඇත්තේ සියයට එකක් පමණ පිරිසකි. අනෙක් බහුතරය කුඩා බිල්පත් ගෙවන සාමාන්‍ය ජනතාවය. ඉනුත් වැඩි කොටස රුපියල් සියයේ පනහේ රී ලෝඩ් ජනතාවය. සිරිසේන පවුල මේ ගසා කන්නේ එවන් අසරණ ජනතාවගේ මුදල්ය.

මීට වසරකට පෙර මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති පුටුවේ තබා ඒ වන විට රට වනසමින් සිටි රාජපක්ෂ රෙජීමය පරාජය කිරීමට දිවා රෑ නොතකා වෙහෙස වූ අපටම ඉන් හරියටම වසරකට පසු සිරිසේන පවුලේ මෙවැනි අශීලාචාර ක්‍රියා ගැන ජනතාවට හෙලිදරව් කිරීමට සිදුවීම අතිශයින් කණගාටුදායක ය. ජනවාරි 8 දේදුනු විප්ලවයට සහභාගී ජනතාව එදා විරුද්ධ වූයේ රටේ සම්පත් සූරාකන පවුල්වාදයට ය. එය රාජපක්ෂලා කළත් වැරදිය. සිරිසේනලා කළත් වැරදිය. හෙට වික්‍රමසිංහලා කළත් වැරදිය.

ලංකා ඊ නිව්ස් මීට පෙරද සඳහන් කර ඇති පරිදි “මරාලා සිරා නොවූ ජනතාවකට සිරා ලා කොහෙත්ම මාර වන්නේ නැත.“ ජනාධිපතිවරුන් පස් දෙනෙකු සේ බලය පැතිරූ රාජපක්ෂලා දශක කිහිපයක් බලයේ හිඳීමට තැටමුවද ඔවුන් ජනතා ද්‍රෝහී වීම නිසා අතේ තිබූ වසර දෙකකටත් කෙළවා ජනතාව විසින් එළවා දැමුවේ නම් කට ඇරිය ගමන් බොරු කියමින් මෙලෙස ජනතා මුදල් ගසා කන සිරිසේන පවුලට තවත් වසර 4 ක් නිරුපද්‍රිතව මේ ගසා කෑම කරගෙන යාමට ඉඩ නොදෙන බව ද අන්තර් ජාලයේ අත් ගසා දිව්රා කිව යුතුය. එසේ නොවීමට නම් මෛත්‍රී ජනාධිපතිවරයා විසින් සිරිසේනලාගේ මජර පවුල්වාදයට තිත තැබිය යුතුමය.

පසු සටහන : දුරකථනයක් ලබා ගැනීමට වසර ගණන් පොරොත්තු ලේඛන වල ගත කළ කාලය නිමා කර ලංකාවේ සන්නිවේදන විප්ලවයක් ඇති කළ මංගල සමරවීර වැනි මෙම ක්ෂේත්‍රයේ ප්‍රවීන ඇමැතිවරයෙකුගෙන් ටෙලිකොම් ඉවත් කර එය හරීන් ප්‍රනාන්දු වැනි නවක කැබිනට් මණ්ඩල ඇමැතිවරයෙකු යටතට පත් කරන ලද්දේද සිරිසේනලාගේ මෙකී කුමන්ත්‍රණ සහ ගසා කෑම් සාර්ථක කර ගැනීමට ය. හරීන් ප්‍රනාන්දු ඇමැති වුවද අඩුම ගණනේ ඔහුට අවශ්‍ය අධ්‍යක්ෂක මණ්ඩලයක් පත් කර ගැනීමට ඉඩ නොදුන්නේ ද මෛත්‍රීපාල සිරිසේන මහතා මය. හරීන් දැනට රූකඩයක් වී සිටින්නේ සම්මුති ආණ්ඩුව ඉදිරියට ගෙන යා යුතු බැවින් විය යුතුය. නමුත් එය එතරම් කාලයක් කරගෙන ගිය හොත් හරීන් ඇතුළු එජාප ආණ්ඩුවටද මෙකී අපවාදයේ කොටසක් එල්ල වනු නිසැක ය. මන්ද යත් ටෙලිකොම් සමාගමේ සියයට 49 ක කොටස් හිමි මහා භාණ්ඩාගාරය අයත් වන්නේ ද මුදල් ඇමැතිවරයාට බැවිනි.
 

Zelda

Member
Dec 20, 2015
184
10
0
ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවය වෙත ලැබී තිබේ :P
 

fairleen

Well-known member
  • Aug 6, 2012
    1,190
    375
    83
    ටෙලිකොම් වලත් අවසානය තමා.... කොහොමත් විකුනලා දාවි ඕක පාඩුයි කියලා
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මහින්දටනෙ හොරා කිය කිය හිටියෙ දැන් මොනවද දන්නෙ නැ මුන් කියවන්නෙ ඒ කාලෙ කියුවෙ හිටo දෙයියෙක් කියල.
     

    anuranga1990

    Well-known member
  • Oct 2, 2009
    1,229
    109
    63
    gampaha
    kastiya.com
    apith telecom wala thama weda bun me tika num ettha

    * ටෙලිකොම් සමාගමට මේ වන විට රැහැන් සහිත දුරකථන ලබා දීම වැඩි දියුණු කිරීමට නොහැකිය. මන්ද යත් ඒ සඳහා අවශ්‍ය කේබල් සමාගම සතුව නැත. ඒවා අහවර වී ඇත.
    * ටෙලිකොම් සමාගමේ Peo TV සේවය ලබා දීම වැඩි දියුණු කළ නොහැකිය. මන්ද යත් ඒ සඳහා අවශ්‍ය ඩිජිටල් යුනිට් මේ වන විට අහවර වී ඇත. දැනට ජනතාවට ලබා දී ඇති යුනිට් වල මතුවී ඇති බිඳවැටීම් විසඳා ගැනීමට පවා නොහැකි වී ඇත්තේ බිඳ වැටෙන යුනිට් එකක් වෙනුවට නව එකක් ලබා දීමට නොමැති බැවිනි.
    * අධිවේග අන්තර්ජාල සේවා අයැදුම් කරන්නන්ට එම සේවා ලබා දීම ස ඳහා පාරිභෝගිකයන්ගේ නිවෙස් වෙත ඇදිය යුතු Fiber Optic කේබල්ද මේ වන විට සමාගම සතුව නැත.
     

    sidathsaumya

    Well-known member
  • Jun 8, 2009
    1,566
    155
    113
    Seeduwa
    දුරකථනයක් ලබා ගැනීමට වසර ගණන් පොරොත්තු ලේඛන වල ගත කළ කාලය නිමා කර ලංකාවේ සන්නිවේදන විප්ලවයක් ඇති කළ මංගල සමරවීර වැනි මෙම ක්ෂේත්‍රයේ ප්‍රවීන ඇමැතිවරයෙකුගෙන් ටෙලිකොම් ඉවත් කර

    කොහෙන්ද හිනා වෙන්න ඔින මේවාට...
     

    humpty dumpty

    Well-known member
  • Oct 3, 2010
    2,042
    451
    83
    On the wall
    ඩඩ්ලි සිරිසේන, කුමාරසිංහ සිරිසේන, චතුරිකා සිරිසේන, etc etc
    අනෙ මන්දා බන් :(
    කළකිරෙනවා :no:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,898
    40,677
    113
    ඊනිවුස් සීනිවුස් අභ්‍යන්තර තොරතුරු සේවය තරම් ශක්තිමත් තොරතුරු සේවයක් ලංකවේ බුද්ධි අංශවලටවත් නැතුව ඇති.

    ඔය අනාතයින්ගේ නිවුස් බලන්න එපා බන්
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    දුරකථනයක් ලබා ගැනීමට වසර ගණන් පොරොත්තු ලේඛන වල ගත කළ කාලය නිමා කර ලංකාවේ සන්නිවේදන විප්ලවයක් ඇති කළ මංගල සමරවීර වැනි මෙම ක්ෂේත්‍රයේ ප්‍රවීන ඇමැතිවරයෙකුගෙන් ටෙලිකොම් ඉවත් කර

    කොහෙන්ද හිනා වෙන්න ඔින මේවාට...
    :P:lol::lol::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    දුරකථනයක් ලබා ගැනීමට වසර ගණන් පොරොත්තු ලේඛන වල ගත කළ කාලය නිමා කර ලංකාවේ සන්නිවේදන විප්ලවයක් ඇති කළ මංගල සමරවීර වැනි මෙම ක්ෂේත්‍රයේ ප්‍රවීන ඇමැතිවරයෙකුගෙන් ටෙලිකොම් ඉවත් කර

    කොහෙන්ද හිනා වෙන්න ඔින මේවාට...

    :rofl::rofl::rofl:
     

    Similar threads