Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Solar Panel නොදුන් නිසා ශ්‍රේෂ්ඨාධිකරණය CEB පට්ට ගහයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ශ්‍රී ලංකාවේ උග්‍ර බලශක්ති අර්බුදයක් තිබියදී, සූර්ය බලශක්ති ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට මීට වසර 06කට පෙර කළ ඉල්ලීමකට අනුමැතිය නොදීමෙන් ලංකා විදුලිබල මණ්ඩලය සහ සුනිත්‍ය බලශක්ති අධිකාරි බරපතළ අන්දමින් ජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය මේ තත්ත්වය පිළිබඳ විමර්ශනයක් කර ඊට වගකිව යුතු නිලධාරීන්ට එරෙහිව ගන්නා ක්‍රියාමාර්ග වහාම අධිකරණයට දැනුම් දෙන්නැයි බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්වරයාට ඊයේ (20) නියම කළේය.

විදුලි ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය බලපත්‍රය වවුනියා සෝලා පවර් ප්‍රයිවට් ලිමිටඩ් නමැති සමාගමට මාසයක් නිකුත් කිරීමට සුනිත්‍ය බලශක්ති අධිකාරියට ද අදාළ සූර්ය බලශක්ති ව්‍යාපෘතිය ආරම්භ කිරීමට අවශ්‍ය අභිලාෂය ප්‍රකාශ කිරීමේ ලිපිය වහාම නිකුත් කිරීමට ලංකා විදුලිබල මණ්ඩලයට ද නියම කළ ශ්‍රේෂ්ඨාධිකරණය, පෙත්සම්කාර සමාගමේ මූලික අයිතිවාසිකම් කඩ කිරීම වෙනුවෙන් රුපියල් ලක්ෂ 10ක වන්දියක් එම සමාගමට ගෙවීමට ද විදුලිබල මණ්ඩලයට නියම කළේය.

සූර්ය බලශක්ති ව්‍යාපෘතියක් ආරම්භ කිරීම අඩාළ කිරීම වෙනුවෙන් විදුලිබල මණ්ඩලයට, සුනිත්‍ය බලශක්ති අධිකාරියට මෙන්ම රජයට ද අමතක නොවන වන්දියක් නියම කළ යුතු බව අධිකරණයේ මතය වුවත්, පෙත්සම්කරුට සිදු වූ සම්පූර්ණ අලාභයම ගෙවීමට නියම කළහොත් ‘රජයේ ඒකාබද්ධ අරමුදලට' දැරිය නොහැකි බරක් පැටවෙන බව ද අවධාරණය කළ අධිකරණය අදාළ සම්පූර්ණ අලාභයම පෙත්සම්කාර සමාගමට ගෙවීමට නොහැකි වීම පිළිබඳව කනගාටුව පළ කළේය.

අදාළ පියවර ගැනීම සඳහා මෙම නඩු තීන්දුවේ පිටපත් නීතිපතිවරයාට සහ බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්වරයාට යොමු කිරීමට ද විනිසුරු මඬුල්ල නියම කළේය.ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන ගාමිණී අමරසේකර, ඒ.එච්. එම්.ඩී. නවාස් සහ යසන්ත කෝදාගොඩ යන මහත්වරුන් හමුවේ පෙත්සම් විභාගය පැවැත්වූ අතර ගාමිණී අමරසේකර, ඒ.එච්.එම්.ඩී. නවාස් යන විනිසුරුවරුන්ගේ එකඟත්වය සහිතව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා තීන්දු ප්‍රකාශයට පත් කළේය.වවුනියා සෝලා පවර් ප්‍රයිවට් ලිමිටඩ් නමැති සමාගම ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් ලංකා විදුලිබල මණ්ඩලය සහ සුනිත්‍ය බලශක්ති අධිකාරිය නම් කරනු ලැබ තිබිණි.

සූර්ය බලශක්ති ව්‍යාපෘතියක් ආරම්භ කිරීම සඳහා තම සමාගම 2016 මැයි මස අයදුම්පතක් ඉදිරිපත් කළ බවත්, එම ව්‍යාපෘතියට ප්‍රාදේශීය බලධාරීන්ගෙන් අනුමැතිය ලැබුණු බවත් සඳහන් කරන පෙත්සම්කාර වවුනියා සෝලා පවර් ප්‍රයිවට් ලිමිටඩ් සමාගම, එහෙත් ඊට අනුමැතිය නොදී ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට බාධා කරමින් වගඋත්තරකරුවන් ඊට අවශ්‍ය අනුමැතිය නොදුන් බවත්, ඉන් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වූ බවත් සඳහන් කර තිබිණි.මේ සම්බන්ධයෙන් පැවැති දීර්ඝ විභාගයෙන් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත් කරමින්, රටේ ප්‍රමාණවත් බලශක්ති උත්පාදනයක් නොමැතිවීම හේතුවෙන් ජනතාව විශාල අර්බුදකාරී තත්ත්වයකට වර්තමානයේ මුහුණ දී ඇති බවත් ජනතාව පීඩාවෙන් ගලවා ගැනීමට විශාල වියදමක් දරා ඉන්ධන උපයෝගී කරගෙන විදුලිය නිෂ්පාදනය කිරීමට සිදුව ඇති බවත් සඳහන් කළේය.

මේ හේතුවෙන් රටේ ජනතාවට දීර්ඝකාලීන විදුලිබල කප්පාදුවකට මුහුණදීමට සිදුවූ බවත් ජන ජීවිතය මෙන්ම රටේ ආර්ථිකයද උග්‍ර අර්බුදකාරී තත්ත්වයට ලක් වූ බවත් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේ සඳහන් වේ. මෙය ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්තියට ඉතා වැදගත් කාල වකවානුවක් බවත් සඳහන් කළ විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා, එහි ප්‍රතිඵලයක් ලෙස රටේ වෙළෙඳ හා ආර්ථික ක්ෂේත්‍ර විශාල අපහසුතාවකට හා අගතියට පත්ව ඇති බවත් ඉන් මහජනතාව ද දැඩි පීඩනයකට ලක්ව ඇති බවත් සඳහන් කළේය.පුනර්ජනනීය ප්‍රභවයන් හරහා බලශක්තිය උත්පාදනය කරගැනීම ඉතා වැදගත් බවත් සම්පත් උපයෝගී කරගෙන විදුලිය උත්පාදනය කිරීම කෙරෙහි යොමු වීමට බලධාරීන් අසමත් වී ඇති බවත් සඳහන් කළ කෝදාගොඩ මහතා, එම තත්ත්වය අප අතහැර දමා ඇති බවත් පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතිවලට බාධා පැමිණවූ අවස්ථා මීට පෙර ද වාර්තා වී ඇති බවත් කීවේය. ඉතාම අවාසනාවන්ත තත්ත්වයක් පෙන්නුම් කරන මෙම නඩුවට පාදක වන සිද්ධියෙන් පෙත්සම්කරුවන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇතැයි ද ලංකා විදුලිබල මණ්ඩලය සහ සුනිත්‍ය බලශක්ති අධිකාරිය ඊට ඍජුවම වගකිව යුතු යැයි ද තීන්දුවේ සඳහන් වේ.

සූර්ය බලශක්ති ව්‍යාපෘතියක් ආරම්භ කිරීම සඳහා ප්‍රාදේශීය බලධාරීන් අනුමැතිය දීමෙන් මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීමට පෙත්සම්කරුවන් තුළ නීත්‍යනුකූල අපේක්ෂාවක් ඇති වූ බවත් වගඋත්තරකරුවන් එය අඩාළ කිරීමෙන් පෙත්සම්කරුට විශාල මූල්‍යමය අලාභයක් සිදු වූ බව අධිකරණයේ මතය වන නමුත් එම සම්පූර්ණ අලාභයම පෙත්සම්කාර සමාගමට ගෙවීමට නොහැකි වීම පිළිබඳව අධිකරණය කනගාටු වන බවත් සඳහන් කළ අධිකරණය, එවැනි වන්දියක් ගෙවීමට නියම කළහොත් ‘රජයේ ඒකාබද්ධ අරමුදලට' දැරිය නොහැකි බරක් පැටවෙන බව ද අවධාරණය කළේය.

වගඋත්තරකරුවන්ගේ ක්‍රියාකලාපයෙන් පෙත්සම්කරුවන්ගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බැවින් ඒ වෙනුවෙන් රුපියල් ලක්ෂ 10ක වන්දියක් ගෙවීමට ලංකා විදුලිබල මණ්ඩලයට නියෝග කළ ශ්‍රේෂ්ඨාධිකරණය, මෙම බරපතළ සිද්ධියට වගකිවයුතු නිලධාරීන් හඳුනා ගෙන ඔවුන්ට නීත්‍යනුකූල පියවර ගැනීම රජයේ වගකීම බව පෙන්වා දුන්නේය. මේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් කර ඊට වගකිවයුතු පුද්ගලයන්ට එරෙහිව නෛතික පියවර ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්වරයාට නියම කළේය. පෙත්සම්කරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥවරුන් වන ෆයිසර් මුස්තාෆා, ෆායිස් මුස්තාපා සහ චානක ද සිල්වා යන මහත්වරු පෙනී සිටියහ.වගඋත්තරකරුවන් වෙනුවෙන් රජයේ නීතිඥ රාජික පෙරේරා මහතා සමග නීතිපති සංජය රාජරත්න මහතා පෙනී සිටියේය.

රන්ජන් කටුගම්පොළ

[QUOTE="hichchiputha, post: 29218450, member: 565736"] ශ්‍රී ලංකාවේ උග්‍ර බලශක්ති අර්බුදයක් තිබියදී, සූර්ය බලශක්ති ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට මීට වසර 06කට පෙර කළ ඉල්ලීමකට අනුමැතිය නොදීමෙන් ලංකා විදුලිබල මණ්ඩලය සහ සුනිත්‍ය බලශක්ති අධිකාරි බරපතළ අන්දමින් ජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය මේ තත්ත්වය පිළිබඳ විමර්ශනයක් කර ඊට වගකිව යුතු නිලධාරීන්ට එරෙහිව ගන්නා ක්‍රියාමාර්ග වහාම අධිකරණයට දැනුම් දෙන්නැයි බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්වරයාට ඊයේ (20) නියම කළේය. විදුලි ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය බලපත්‍රය වවුනියා සෝලා පවර් ප්‍රයිවට් ලිමිටඩ් නමැති සමාගමට මාසයක් නිකුත් කිරීමට සුනිත්‍ය බලශක්ති අධිකාරියට ද අදාළ සූර්ය බලශක්ති ව්‍යාපෘතිය ආරම්භ කිරීමට අවශ්‍ය අභිලාෂය ප්‍රකාශ කිරීමේ ලිපිය වහාම නිකුත් කිරීමට ලංකා විදුලිබල මණ්ඩලයට ද නියම කළ ශ්‍රේෂ්ඨාධිකරණය, පෙත්සම්කාර සමාගමේ මූලික අයිතිවාසිකම් කඩ කිරීම වෙනුවෙන් රුපියල් ලක්ෂ 10ක වන්දියක් එම සමාගමට ගෙවීමට ද විදුලිබල මණ්ඩලයට නියම කළේය. [CENTER][/CENTER] සූර්ය බලශක්ති ව්‍යාපෘතියක් ආරම්භ කිරීම අඩාළ කිරීම වෙනුවෙන් විදුලිබල මණ්ඩලයට, සුනිත්‍ය බලශක්ති අධිකාරියට මෙන්ම රජයට ද අමතක නොවන වන්දියක් නියම කළ යුතු බව අධිකරණයේ මතය වුවත්, පෙත්සම්කරුට සිදු වූ සම්පූර්ණ අලාභයම ගෙවීමට නියම කළහොත් ‘රජයේ ඒකාබද්ධ අරමුදලට' දැරිය නොහැකි බරක් පැටවෙන බව ද අවධාරණය කළ අධිකරණය අදාළ සම්පූර්ණ අලාභයම පෙත්සම්කාර සමාගමට ගෙවීමට නොහැකි වීම පිළිබඳව කනගාටුව පළ කළේය. අදාළ පියවර ගැනීම සඳහා මෙම නඩු තීන්දුවේ පිටපත් නීතිපතිවරයාට සහ බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්වරයාට යොමු කිරීමට ද විනිසුරු මඬුල්ල නියම කළේය.ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන ගාමිණී අමරසේකර, ඒ.එච්. එම්.ඩී. නවාස් සහ යසන්ත කෝදාගොඩ යන මහත්වරුන් හමුවේ පෙත්සම් විභාගය පැවැත්වූ අතර ගාමිණී අමරසේකර, ඒ.එච්.එම්.ඩී. නවාස් යන විනිසුරුවරුන්ගේ එකඟත්වය සහිතව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා තීන්දු ප්‍රකාශයට පත් කළේය.වවුනියා සෝලා පවර් ප්‍රයිවට් ලිමිටඩ් නමැති සමාගම ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් ලංකා විදුලිබල මණ්ඩලය සහ සුනිත්‍ය බලශක්ති අධිකාරිය නම් කරනු ලැබ තිබිණි. සූර්ය බලශක්ති ව්‍යාපෘතියක් ආරම්භ කිරීම සඳහා තම සමාගම 2016 මැයි මස අයදුම්පතක් ඉදිරිපත් කළ බවත්, එම ව්‍යාපෘතියට ප්‍රාදේශීය බලධාරීන්ගෙන් අනුමැතිය ලැබුණු බවත් සඳහන් කරන පෙත්සම්කාර වවුනියා සෝලා පවර් ප්‍රයිවට් ලිමිටඩ් සමාගම, එහෙත් ඊට අනුමැතිය නොදී ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට බාධා කරමින් වගඋත්තරකරුවන් ඊට අවශ්‍ය අනුමැතිය නොදුන් බවත්, ඉන් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වූ බවත් සඳහන් කර තිබිණි.මේ සම්බන්ධයෙන් පැවැති දීර්ඝ විභාගයෙන් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත් කරමින්, රටේ ප්‍රමාණවත් බලශක්ති උත්පාදනයක් නොමැතිවීම හේතුවෙන් ජනතාව විශාල අර්බුදකාරී තත්ත්වයකට වර්තමානයේ මුහුණ දී ඇති බවත් ජනතාව පීඩාවෙන් ගලවා ගැනීමට විශාල වියදමක් දරා ඉන්ධන උපයෝගී කරගෙන විදුලිය නිෂ්පාදනය කිරීමට සිදුව ඇති බවත් සඳහන් කළේය. [CENTER][/CENTER] මේ හේතුවෙන් රටේ ජනතාවට දීර්ඝකාලීන විදුලිබල කප්පාදුවකට මුහුණදීමට සිදුවූ බවත් ජන ජීවිතය මෙන්ම රටේ ආර්ථිකයද උග්‍ර අර්බුදකාරී තත්ත්වයට ලක් වූ බවත් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේ සඳහන් වේ. මෙය ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්තියට ඉතා වැදගත් කාල වකවානුවක් බවත් සඳහන් කළ විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා, එහි ප්‍රතිඵලයක් ලෙස රටේ වෙළෙඳ හා ආර්ථික ක්ෂේත්‍ර විශාල අපහසුතාවකට හා අගතියට පත්ව ඇති බවත් ඉන් මහජනතාව ද දැඩි පීඩනයකට ලක්ව ඇති බවත් සඳහන් කළේය.පුනර්ජනනීය ප්‍රභවයන් හරහා බලශක්තිය උත්පාදනය කරගැනීම ඉතා වැදගත් බවත් සම්පත් උපයෝගී කරගෙන විදුලිය උත්පාදනය කිරීම කෙරෙහි යොමු වීමට බලධාරීන් අසමත් වී ඇති බවත් සඳහන් කළ කෝදාගොඩ මහතා, එම තත්ත්වය අප අතහැර දමා ඇති බවත් පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතිවලට බාධා පැමිණවූ අවස්ථා මීට පෙර ද වාර්තා වී ඇති බවත් කීවේය. ඉතාම අවාසනාවන්ත තත්ත්වයක් පෙන්නුම් කරන මෙම නඩුවට පාදක වන සිද්ධියෙන් පෙත්සම්කරුවන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇතැයි ද ලංකා විදුලිබල මණ්ඩලය සහ සුනිත්‍ය බලශක්ති අධිකාරිය ඊට ඍජුවම වගකිව යුතු යැයි ද තීන්දුවේ සඳහන් වේ. සූර්ය බලශක්ති ව්‍යාපෘතියක් ආරම්භ කිරීම සඳහා ප්‍රාදේශීය බලධාරීන් අනුමැතිය දීමෙන් මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීමට පෙත්සම්කරුවන් තුළ නීත්‍යනුකූල අපේක්ෂාවක් ඇති වූ බවත් වගඋත්තරකරුවන් එය අඩාළ කිරීමෙන් පෙත්සම්කරුට විශාල මූල්‍යමය අලාභයක් සිදු වූ බව අධිකරණයේ මතය වන නමුත් එම සම්පූර්ණ අලාභයම පෙත්සම්කාර සමාගමට ගෙවීමට නොහැකි වීම පිළිබඳව අධිකරණය කනගාටු වන බවත් සඳහන් කළ අධිකරණය, එවැනි වන්දියක් ගෙවීමට නියම කළහොත් ‘රජයේ ඒකාබද්ධ අරමුදලට' දැරිය නොහැකි බරක් පැටවෙන බව ද අවධාරණය කළේය. [CENTER][/CENTER] වගඋත්තරකරුවන්ගේ ක්‍රියාකලාපයෙන් පෙත්සම්කරුවන්ගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බැවින් ඒ වෙනුවෙන් රුපියල් ලක්ෂ 10ක වන්දියක් ගෙවීමට ලංකා විදුලිබල මණ්ඩලයට නියෝග කළ ශ්‍රේෂ්ඨාධිකරණය, මෙම බරපතළ සිද්ධියට වගකිවයුතු නිලධාරීන් හඳුනා ගෙන ඔවුන්ට නීත්‍යනුකූල පියවර ගැනීම රජයේ වගකීම බව පෙන්වා දුන්නේය. මේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් කර ඊට වගකිවයුතු පුද්ගලයන්ට එරෙහිව නෛතික පියවර ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්වරයාට නියම කළේය. පෙත්සම්කරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥවරුන් වන ෆයිසර් මුස්තාෆා, ෆායිස් මුස්තාපා සහ චානක ද සිල්වා යන මහත්වරු පෙනී සිටියහ.වගඋත්තරකරුවන් වෙනුවෙන් රජයේ නීතිඥ රාජික පෙරේරා මහතා සමග නීතිපති සංජය රාජරත්න මහතා පෙනී සිටියේය. රන්ජන් කටුගම්පොළ [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom