ලෝක ශූර නවසීලන්ත ක්‍රීඩකයෙක් පිට්ටනියට පැන බදා ගත්තු දරුවාට නොසිතූ තෑග්ගක්..!
නවසීලන්ත ඕල් බ්ලැක්ස් පිල මෙවර රග්බි ලෝක කුසලානය ජයග්‍රහණය කිරීමට ඊයේ සමත්වුණා. ඒ, එංගලන්තයේ ට්විකන්හැම් හිදී ඔස්ට්‍රේලියානු පිල ලකුණු 34- 17 ක් ලෙස පරාජයට පත් කරමින්.
නවසීලන්තය රග්බි ලෝක කුසලානය ජයග්‍රහණය කළ තුන්වන අවස්ථාව මෙය වන නිසා ප්‍රේක්ෂක ප්‍රතිචාරය ද ඉතා ඉහළයි.
මීට පෙර කිසිදු කණ්ඩායමක් එම දස්කම දක්වා නොමැති අතර, පිට පිට දෙවරක් රග්බි ලෝක කුසලානය දිනූ ප්‍රථම කණ්ඩායම ලෙසද නවසීලන්තය වාර්තා පොතට එක්වූවා.
මේ උණුසුම තවත් වැඩිකළ කාරණාවක් පිළබඳව ලෝකයේම අවධානය යොමුවූයේ නවසීලන්තයේ Sonny Bill Williams පුංචි සිතක ආශාව තේරුම් ගත් නිසාවෙන්.
ප්‍රේක්ෂකාගාරයේ සිටි පිරිමි ළමයෙක් එක්වරම ක්‍රීඩා පිටියට කඩා පනිනවා. එහි සිටි ආරක්ෂකයාට එය වළක්වන්නට හැකියාවක් ලැබුනේ නෑ. දරුවා මහත් ඕනෑකමින් Sonny Bill Williams වැළඳ ගන්නවා. මේ ක්‍රීඩකයා දරුවා තවතවත් ළංකර ගත්තා.
මේ අවස්ථාව ඉතා සංවේදී වූවා.
වඩාත් කතා බවට ලක්වන්නේ Sonny Bill Williams තමාට ලැබුණු පදක්කම දරුවාට පරිත්‍යාග කරන්නේ, දරුවා සිටි තැනටම ඇරළවමින්. දරුවා නොසිතූ විරූ මොහොතක ලැබුණු ත්‍යාගය පිළිබඳ පුදුමයට පත්වී සතුටු වන අයුරු පහතින් නරඹන්න.

Ape Rata