Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Yesterday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Tuesday at 12:57 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Sri Lanka Through A Foreigner’s Perspective: 10 Weird Things
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මුලින්ම කියන්න ඕනෙ repost නම් sorry වෙන්න ඕනෙ කියලා. මෙක වෙන website එකකින් ගත්ත article එකක්... කියවන්න වටිනවා..

අපි ඕනෑම කෙනෙකුට විදේශ රටකට අලුතෙන්ම ගියාම ඇති වෙන්නේ නුපුරුදු හැඟීමක්. අපි හැදුනු වැඩුණු සංස්කෘතියට වඩා වෙනස් තැනකට අනුගත වෙන්න කොහොමත් ටිකක් කල් යනවා. ඒ කාලය ඇතුලත අපි අතින් නොදැනුවත්ව වෙන දේවල් නිසා අපහසුතා වලට මුහුණ දෙන්නත් (හුඟක්විට) සිදුවෙනවා. වවුලගේ ගෙදර යනවා නම් එල්ලිලා නිදාගන්න ලෑස්ති වෙලා යන්න කියන්නේ ඒ නිසයි. විදේශ රටකට යනවා නම්, විශේෂයෙන්ම ටික කාලයක් නැවතිලා ඉන්න යනවා නම්, ඒ රටේ සංස්කෘතිය ගැන යම් අවබෝධයක් තියෙන එක බොහොම වැදගත්.

ලෝකයේ බොහෝ රටවල් වල සංචාරකයින් ශ්‍රී ලංකාව සලකන්නේ ආගන්තුක සත්කාරය දන්නා, මිත්‍රශීලී මිනිසුන් වෙසෙන රටක් විදිහට. ඒත් ඉතින් ලංකාවට එන විදේශිකයන්ටත් මේ වගේ අමුතුවට පෙනෙන කාරණා බොහොමයක් තියෙනවා. විශේෂයෙන්ම අපේ කෑම බීම විධි, සිරිත් විරිත්, සහ භාෂාව වගේ දේවල් බොහෝ දෙනෙක්ට අලුත් අත්දැකීමක්. තමන් ලංකාවට ආපු වෙලාවක හිතුනු දේවල් කිහිපයක් ගැන ස්වීඩන් ජාතික තරුණියක් ලියපු ලිපියක් තමයි මේ. මේකේ තියෙන්නේ විදේශික කෙනෙක්ට පහසුවෙන් තේරුම් ගන්න බැරි දේවල් 10ක් ගැන (ඇයගේ රටේ කාලගුණය, සමාජ පරිසරය සහ සංස්කෘතියත් එක්ක සැසඳීමක්).

අපිට බොහොම සාමාන්‍ය දේවල් වුණත් විදේශික කෙනෙක්ට ඒවා පෙනෙන විදිහ හරිම අමුතු බව අපිට මේකේ මුල් ලිපිය කියවද්දී හිතුණා. ඇත්තටම අපේ රට ගැන විදේශිකයන් කවුරුත් මේ විදිහට හිතනවා කියලා අපිත් දැනගෙන හිටියේ නැහැ. ඉතින් ඒ නිසයි සිංහල පාඨකයන් වෙනුවෙනුත් ඒ ලිපියේ පරිවර්තනයක් ඉදිරිපත් කරන්නේ. මේ ගැන ඔබේ අදහසත් දක්වන්න අමතක කරන්න එපා.

1. ඔළුව වැනීම

ලංකාවේ මිනිස්සු හැම වෙලාවකම අදහස් ප්‍රකාශ කරන්න ඔළුව වනන එක ගොඩක් විදේශිකයන්ට ටිකක් අමුතු හැසිරීමක්. එයින් අදහස් වෙන්නේ මොකක්ද කියන එක හරියටම තේරුම් ගන්න එකත් හිතන තරම් පහසු නැහැ. විශේෂයෙන්ම ත්‍රී වීල් ඩ්‍රයිවර්ලා එක්ක කතාබහ කරද්දී මේ ප්‍රශ්නේ ලොකුවටම බලපානවා. අපි අහන ගොඩක් දේවල් වලට ඔවුන්ගේ පිළිතුර වෙන්නේ ඔළුව වනන ගමන් මොනාහරි කියන එක. මග තොට යන අතරේ කෙනෙක්ගෙන් දෙයක් ඇහුවත් එහෙමයි. අපි අහන දේ ඔවුන්ට වැටහෙන්නේ නැති වුණත් මොකක් හරි විදිහකට ඔළුව වනලා ප්‍රතිචාරයක් දක්වන නිසා ඔවුන් අපිට දෙන උත්තරේ “ඔව්” ද “නෑ” ද කියලා වෙන් කරලා අඳුනා ගන්න එක අමාරු වැඩක්. අහන ප්‍රශ්නයකට වාචිකව පිළිතුරක් ලැබෙන්නේ නැති වුණාම ගොඩක් විදේශිකයන් අපහසුතාවයට පත් වෙනවා.

2. ඉවසන්න බැරි ගිනියම් උණුසුම

විදේශිකයන් ලංකාවට ඇවිත් ඒසී කරලා තියෙන ගුවන්තොටුපලින් එලියට ආව ගමන් හිතෙන්නේ උණුසුම පිරුණු කාන්තාරයකට ආවා වගේ හැඟීමක්. කොළඹ නගරයේ වීදි වල හරි, පහතරට ප්‍රදේශ වල, මුහුදක් වැවක් ළඟ පාතක නැති ප්‍රදේශ වල හරි දවල් වෙලාවක ටිකක් ඇවිදින්න ගියොත් කර වෙනවා. දවසකට තුන් පාරක් නාන්න, හැම වෙලාවේම දාඩිය දාගෙන ඉන්න වෙන එක අනිවාර්යයෙන්ම ඔබේ දින චර්යාවට ඇතුලත් වේවි. මට නම් හිතෙන්නේ අඟහරු වලට ගියත් මේ තරම් උණුසුමක් නැතිව ඇති.

ලංකාවේ නිතර ලයිට් යන එකත් මේකේම තවත් කොටසක්. සමහර වෙලාවට රෑට හෝටල් කාමරේ ඉද්දී ලයිට් යනවා. ඉතින් තැම්බි තැම්බි තමයි ඉන්න වෙන්නේ. ලයිට් යන්නෙත් විනාඩි දෙකකටද පැය ගාණකටද කියලා දැනගන්න විදියකුත් නැහැනේ, ඉතින් දෙවියන්ගේම පිහිටයි.

3. හැමදාම, තුන් වේලටම රයිස් ඇන්ඩ් කරි

ශ්‍රී ලංකාවේ මිනිස්සුන්ගේ ප්‍රධාන (සහ එකම) ආහාරය තමයි බත් සහ වෑංජන. වෙන කිසිම කෑමක් ගැන එච්චර උනන්දුවක් නැති තරම්. ලංකාවේ මිනිස්සු මාළුපිණි වලට පුදුම විදිහට මිරිස් දානවා. එයාලට පුරුදු නිසා කෑවත් විදේශිකයන්ට නම් ලංකාවේ රයිස් ඇන්ඩ් කරි දැක්කම බය හිතෙනවා. කොහොම වුණත් ලංකාවේ කෑම නම් ඉස්තරම්. සැර දැනුණත් කාගෙන යද්දී දිගටම කන්නයි හිතෙන්නේ. ඒත් වෙනදේවල් උදේට කාල පුරුදු මටත් උදේට බත් එක්ක සැරට හදපු මස් හොද්දක් කන එක නම් සාමාන්‍යයි කියලා හැඟෙන්නේ.

4. වාහන තදබදේ

ලංකාවේ ට්‍රැෆික් කියන්නේ නම් මේ ලෝකේට අයිති වෙන්න සුදුසු දෙයක් නෙවෙයි. හරියට නිකන් ඇක්ෂන් මූවී එකක වගේ ආතතියෙන් පිරුණු, අසහනකාරී හැඟීමක් තමයි දැනෙන්නේ. වෙලාවකට ලංකාවේ ට්‍රැෆික් වලට අහු වෙලා පිස්සු නොහැදෙන එකම පුදුමයක්. උදාහරණයක් විදිහට වාහන පිරුණු පාරක ත්‍රී වීල් ඩ්‍රයිවර්ලා එහෙන් මෙහෙන් වෙට්ටු දාගෙන යන හැටි දැක්කාම ඇඟ සීතල වෙලා යනවා. මට පේන විදිහට ඔවුන් වැඩි දෙනෙක් හිතාගෙන ඉන්නේ ත්‍රී වීල් එක තියෙන සයිස් එකෙන් දහයෙන් පංගුවක විතර වාහනයක් කියලා. කන් බීරි වෙන හෝන් සද්දේ මැදින් මේ විදිහට වෙට්ටු දදා යන ත්‍රී වීල් එකක වාඩි වෙලා යන එක මම ලබපු භයංකාරම අත්දැකීම් වලින් එකක්. මේ කරදරෙන් ගැලවිලා හුස්මක් ගන්න පුළුවන් වෙන්නේ කොයි මොහොතේ ද කියල මම ඉවසිල්ලක් නැතිවයි හිටියේ.

බස් එකේ යන එකත් හිතන තරම් ලේසි පහසු වැඩක් නෙවෙයි. ලංකාවේ හරියට කාලසටහනකට බස් ගමන් කරන්නේ නැති බවක් තමයි මටනම් හිතුනේ. බස් හෝල්ට් වලත් කිසිම නමක් ගහලා නැහැ. ඉතින් බස් එකේ ගිහින් හරි තැනින්ම බැස්සාම හිතට දැනෙන්නේ ලොකු දෙයක් දින්නා වගේ හැඟීමක්. ලංකාවේ බස් වල මහා හයියෙන් දාල තියෙන සින්දු වලටත් ඔලුව නරක් වෙනවා. බස් එක මොන තරම් ලොකු වුණත් බස් ඩ්‍රයිවර්ලාත් ත්‍රී වීල් වලට දෙවැනි වෙන්නේ නැහැ. පේළියට තියෙන ආසන නිසා කිසිම පෞද්ගලිකත්වයක් ලැබෙන්නේත් නෑ. ඕක තමයි ලංකාවේ පොදු ප්‍රවාහන සේවයේ ගෙවන දවසක අත්දැකීම් වල සාරාංශය.

මම මේ කියන තරම් ලංකාවේ ගමනාගමනය හැම වෙලාවකම එපා වෙන්නේ නැහැ. නමුත් ඒක අපිට කවදාවත් අමතක නොවෙන හොඳ අත්දැකීමක්. මව් රටට ගිහින් නිස්කලංක, සාමකාමී, බාගෙට පිරුණු බස් එකක යන අතරේ මතක් කර කර ඉන්න තරම් හිතට වදින දෙයක්

5. වොඩ්කා බෝතල් වලින් වතුර බීම

මේක නම් ලංකාවට එන විදේශිකයන්ට නිතරම දකින්න ලැබෙන දෙයක්. මට ලැබුණු අත්දැකීම ඔබට කියන්නම්. නිකමට හිතන්න ඔබ ඉන්නේ ට්‍රැෆික් එකකට මැදි වෙලා කියලා. ඔබ ඉන්න ත්‍රී වීල් එකේ රියදුරා එක පාරටම සීට් එක අස්සෙන් වීදුරු බෝතලයක් ඇදලා ගන්නවා. හොඳට බැලුවාම ඒක වොඩ්කා බෝතලයක්. ටිකක් වටපිට බලලා මිනිහා උගුරු හත අටක් බෝතලේටම කට තියලා බීගෙන බීගෙන යනවා. මම මුලින්ම මේ වගේ දෙයක් දැක්කම මාව හොල්මන් වුණා. එළිමහනේ ප්‍රසිද්ධ තැන් වල සැර මත්ද්‍රව්‍ය පානය කරනවා නෙවෙයි කියන එක එක පාරටම තේරුම් ගන්න ටිකක් අපහසුයි.

බලාගෙන යද්දී මේකත් ලංකාවේ මිනිස්සුන්ට හරිම සාමාන්‍ය දෙයක්. මද්‍යසාර බෝතල් වල තමයි වැඩි දෙනා බොන්න වතුර දාගෙන යන්නේ. විශේෂයෙන්ම කන්තෝරුවකට දවල් කාලයේ ගියොත් බලාගන්න පුළුවන් හැමෝම වැඩ කරන මේසේ උඩ අරක්කු, වොඩ්කා, බ්‍රැන්ඩි බෝතල් තියාගෙන ඉන්නවා. සැරින් සැරේට වැඩ කරන අතරේ බෝතලෙන්ම බොනවා. (මතක් වෙද්දීත් හිනා) ලංකාව ඔවුන්ටම ආවේණික ගති සිරිත් තියෙන අමුතු රටක් වුණත් වැඩ කරන වෙලාවට සැර මත්ද්‍රව්‍ය පානය කරන රටක් නෙවෙයි කියන එක තේරුම් ගන්න ටිකක් වෙලා යනවා.

හැබැයි ඔවුන්ගේ මේ පුරුද්ද ඇත්තටම අපි අගය කළ යුතුයි. ඔවුන් මේ විදිහට වීදුරු බෝතලයක වතුර ගේන එක නිසා ප්ලාස්ටික් වතුර බෝතල් වලට තියෙන ඉල්ලුම අඩු වෙනවා. ඒක පරිසර දූෂණය අඩු කරන්න විශාල වශයෙන් දායක වෙනවා ඇති.

6. ටොයිලට් එකේ තියෙන වතුර ෂවර් (මේවා තියෙන්නේ නාන්න නම් නෙවෙයි)  LOL

ලංකාවට එන විදේශිකයන්ට තියෙන ලොකුම අපහසුවක් තමයි මේක. ලංකාවේ ටොයිලට් වල තියෙන්නේ වතුර ෂවර් එකක්. සමහර විට පොඩි කෑම කඩයක එහෙම නම් ටොයිලට් පේපර් ඇත්තෙම නැති වෙන්නත් පුළුවන්. (හෝටල් වල වගේ නම් දෙකම තියෙනවා) මේක අපි නාන්න පාවිච්චි කරන විදිහෙම වතුර ෂවර් එකක පොඩි ප්‍රමාණයේ එකක්. හැබැයි මේක තියෙන්නේ කිසිසේත්ම නාන්නවත්, කොණ්ඩේ හෝදන්නවත් නෙවෙයි. විදේශිකයන් බොහෝ දෙනෙක්ට මේ උපකරණය හරියට පාවිච්චි කරන විදිහ ඉගෙන ගන්න එක සදාකාලික ගැටළුවක්. ඕක කාගෙන්වත් අහන්න පුළුවන් දේකුත් නෙවෙයිනේ ඉතින්.

කොහොම වුණත් ටිකක් කල් මේ “බිඩේ ෂවර්” එක පාවිච්චි කරද්දී ටොයිලට් පේපර් එකක් වගේම අවශ්‍ය වැඩේ මේකෙනුත් සිද්ධ වෙන බව තේරුම් යනවා. එකම ප්‍රශ්නේ ටිකක් තෙමෙන එක තමයි ඉතින්.

7. වෙලාව කියන්නේ මොකක්ද?

වෙලාව කියන්නේ බොහෝ රටවල් වලට බොහොම වැදගත් සංකල්පයක්. විශේෂයෙන්ම යුරෝපය ඇතුළු බටහිර රටවල් වල බොහෝ දෙනෙක් කාලය සහ වෙලාවට වැඩ කිරීම කියන කාරණාවන්ට නිතැතින්ම පුරුදු වෙනවා. සාමාන්‍යයෙන් විනාඩි දෙකකට වඩා පරක්කු වෙන එක වුණත් ඒ තරම් හොඳ දෙයක් විදිහට නෙවෙයි අපි දකින්නේ. විනාඩි 15ක් පරක්කු වෙනවා කියන්නේ කොහෙත්ම අනුමත කරන්න පුළුවන් දෙයක් නෙවෙයි.

ඒ විදිහේ පුරුද්දක් තියන රටකින් ආවොත් නම් ලංකාවේ තත්වයට හැඩ ගැහෙන්න සැහෙන්න අමාරු වෙනවා. ලංකාවේ කිසිම දෙයක් කියන වෙලාවට පටන් නොගන්න තරම්. සාමාන්‍යයෙන් වැදගත්ම දේවල් කියලා හිතන්න පුළුවන් දේවල් පවා කිසිම සැලකිල්ලක් නැතිව ප්‍රමාද වෙනවා. වෛද්‍යවරයෙක් හම්බෙන වෙලාවක් වෙන් කර ගත්තත් සමහර විට ඔහු එන්නෙත් පැය භාගයක් විතර පරක්කු වෙලා. (ලංකාවේ බස් නම් කාල සටහනකට අනුව යනවා කියලා හිතන්නත් බෑ)

මේකේ ඉතින් දෙපැත්තක් තියෙනවා. ඔබ කලට වෙලාවට තැනකට ගියොත් කාලය කකා බලාගෙන ඉන්න සිද්ධ වෙන එක ගැන තරහ යනවා වෙන්න පුළුවන්. හැබැයි නිකමට හිතන්න මොනවා හරි වෙලා විනාඩි කිහිපයක් පරක්කු වුණා කියලා. ගොඩක් වෙලාවට තමන්ගේ වැඩේ කිසිම කරදරයක් නැතිව කරගන්න ලංකාවේදී අවස්ථාව ලැබෙනවා. (පරක්කු වෙලා බස් හෝල්ට් එකට ආවත් හරි බස් එක ගන්න පුළුවන් වෙනවා.)

8. ශ්‍රී ලංකාව – සෑහෙන්න නිවාඩු තියෙන රටක්

ලංකාවේ සංස්කෘතික අංග වැඩි හරියක් හරියටම අනුගමනය කෙරෙනවා. ලෝකේ වෙන මොන රටේද හැම මාසයකම එක දවසක් හරි සතිය මැද නිවාඩු ලැබෙන්නේ? පෝය දවසක් නැතිනම් වෙනත් මොනවා හරි නිසා හැම මාසෙකම නිවාඩුවක් දෙකක් තියෙනවා අනිවාර්යයි. ඔබ වැඩ කරන කෙනෙක් නම් මේක හොඳයි කියලා හිතන්න පුළුවන්. හැබැයි පෝය දවස් වලට කඩසාප්පු වහන එක, කෑම කන්න යද්දී මස් මාළු වර්ග නැති එක, විනෝද වෙන්න ගියොත් ඇල්කොහොල් වර්ග ගන්න නැති එක වගේ ප්‍රශ්න ඇති වෙන්න ඉඩ තියෙනවා. ඔබ ලංකාවට ආවේ ඉතාම කෙටි කාලයකට නම් මේ විදිහට නිවාඩු ලැබෙන දවස් කිහිපයක් අහු වුණොත් ලොකු පාඩුවක් වේවි.

හැබැයි ඒක තමයි ලංකාවේ තියෙන අපූර්වත්වය. ඔබ වැඩ කරන්න එන කෙනෙක් නම් සතිය මැද්දේ තියෙන නිවාඩුව ආශිර්වාදයක්. හැබැයි නිවාඩුවකට ඇවිත් කඩ සාප්පු වහලා තිබුණොත්? ගණන් ගන්න එපා. ඔබ සැලසුම් කරපු නිවාඩුවම නොවුණත් ලංකාවේ බලන්න දේවල් බොහොමයක් තියෙන නිසා අලුත් අත්දැකීමක් ගන්න ඒක අවස්ථාවක් කර ගන්න.

9. කුඩ ඉහළගෙන කරන වැඩ

බය වෙන්න දෙයක් නෑ, එයාල අත් අල්ලාගෙන ඉන්නවා විතරයි. (කියලා හිතමු)

බය වෙන්න දෙයක් නෑ, එයාල අත් අල්ලාගෙන ඉන්නවා විතරයි. (කියලා හිතමු)

ලංකාවේ හැමෝම කුඩ පාවිච්චි කරන්න හරිම ආසයි. සැරට අව්ව තිබුණත්, වැස්සක් ආවත්, හුළඟ තිබුණත් කුඩ ඉහලාගෙන එහා මෙහා යන අය ලංකාවේදී ඕනෑ තරම් දැක ගන්න පුළුවන්. හැබැයි විදේශික කෙනෙක්ට දකින්න ලැබෙන අමුතුම දේ තමයි තරුණ ජෝඩු අත් අල්ලාගෙන එක කුඩේ යටට වෙලා වාඩි වෙලා ඉන්න එක. නිදහසේ කාලය ගෙවන්න හදලා තියෙන පාක් වල, මුහුදු වෙරළේ වගේ තැන් වල මේ වගේ ජෝඩු ඕනෑ තරම් ඉන්නවා.

ගොඩක් වෙලාවට අව්ව සැර තදින් දැනෙන ගෝල් ෆේස් එක, මුහුදු වෙරළ, රේල් පාර ළඟ තියෙන ගල් පර වගේ තැන් වලදී මේ වගේ තරුණ ජෝඩු නිතර දැක ගන්න පුළුවන්. අව්වක් නැතත් කුඩේ යටට වෙලා ලැබෙන පෞද්ගලිකත්වය එක්ක පෙම්වතුන් එළිමහනේ කතා බහ කරනවාට වඩා සතුටක් ලබන බව පෙනෙන්න තියෙනවා. ඇත්තටම හිතලා බැලුවාම කුඩයක් ඉහලා ගෙන ඉන්න එකෙන් ලොකු පෞද්ගලිකත්වයක් ලැබෙන්නේ නැති වුණත් කර වටේට අත දාගෙන ඉන්න, අත් අල්ලාගෙන ඉන්න, සමහර විට සිප ගන්න ඔවුන්ට කාටත් පේන තැනක ඉද්දි කුඩය කියන්නේ මහානර්ඝ සම්පතක්. ලංකාවේදී ප්‍රසිද්ධියේ සිප ගැනීම ගැන වපර ඇහින් බැලෙන නිසා මේ වගේ පුංචි දෙයක් ඒකට යම් ආවරණයක් වෙන්න පුළුවන්. ඇත්තටම මේ කුඩේ යට ඉන්න එකේ අමුතුම ආදරණීය බවක් තියෙනවා.

10. කොහොමවත්ම කියවගන්න බැරි වචන

සිංහල කියන්නේ ලෝකේ තියෙන අමාරුම භාෂාව කියලා හිතෙන්නේ සිංහල නම් වල ඉංග්‍රීසි උච්චාරණ කියවන්න ගියාම. සරල, කෙටි වාක්‍ය පවා සිංහලෙන් ලියද්දී කියද්දී අකුරු ගොඩාක් තියෙන, ශබ්ද ගොඩාක් ඇහෙන පද බවට පත් වෙනවා. සමහර ඒවා නම් මතක තියා ගන්න ලොකු අමාරුවක් නැහැ. උදාහරණයකට Cotta Road, Galle Road වගේ ඒවා මතක තියා ගන්න පුළුවන්. සමහර නම් වල උච්චාරණය ඉංග්‍රීසි අකුරු වලින් ලියලා තියෙනකොට අපිට පුළුවන් අකුරෙන් අකුර ගලපලා ඒක කියවා ගන්න, හැබැයි කාගෙන් හරි ඒක ඇහුවොත් නම් අමාරුවේ වැටෙන්න වෙනවා. ගොඩක් වෙලාවට මේ වගේ නම් කියවන්නේ ඉංග්‍රීසි අකුරු වලින් ලියලා තියෙන විදිහට වඩා සෑහෙන්න වෙනස් ක්‍රම වලට.

හදිස්සියකට කොහේට හරි යන්න ඕන වෙලා ත්‍රී වීල් එකකට නැගලා “අසවල් තැනට යමු” කියලා කිව්වොත් ගොඩක් වේලාවට එයාල හරි හරි කියලා ගිහින් දාන්නේ වෙන තැනකට. ඒ ගැන ඇහුවාම එයාල උත්තර දෙන්නේ “ආ, මම හිතුවේ ඔයා යමු කිව්වේ ******ට කියලා”. මේ ****** තැනට යෙදෙන්නේ අපිට කොහොමවත් මතක තියා ගන්න බැරි නගරයක හරි පාරක හරි නමක්.

අනිත් එක තමයි වචන උච්චාරණය කරන විදිහ. අපි කොහෙද යන්නේ කියලා ඇහුවාම අපි “Dambulla” (දඹුල්ල) කියලා කිව්වා කියලා හිතන්න. ඒත් අපි ඒක කියපු ගමන් එයාල උඩ බිම බලනවා එහෙම එකක් කොහෙද තියෙන්නේ කියලා හිතා ගන්න බැරුව. අන්තිමේදී අපි ඒක ලියලා පෙන්නුවාම එයාල ඒ දිහා බලලා “අයියෝ දඹුල්ලද?” වගේ දෙයක් අහනවා. එයාල “දඹුල්ල” කියන්නෙත් මම කියපු විදිහටමයි. ඉතින් මම කියද්දී නොතේරුණේ ඇයි කියලා මටම හිතා ගන්න බැහැ.

මේ නිසා ලංකාවේ සංචාරය කරන කාටත් බොහොම වැදගත් උපදෙසක් මේක. කොහේ හරි ගිහින් මොනවා හරි තැනක් ගැන අහනවා නම් ඒක කොළයක ලියලා හරි, තමන්ගේ ෆෝන් එකේ ටයිප් කරලා හරි පෙන්නලා ඒ ගැන අහන්න. එතකොට වැරදෙන්න තියෙන ඉඩ ගොඩක් අඩුයි. අපි වචන උච්චාරණය කරන විදිහ බොහෝ දෙනෙක්ට හුරු නැති නිසා අපි නම් ගම් කියවන විදිහට සමහර විට හොඳට ඉංග්‍රීසි දන්නා අය පවා අන්දුන් කුන්දුන් වෙනවා. “වැල්වැටිතුරෙයි” වගේ නම් කියවන්න හදනවාට වඩා ලියලා පෙන්වන එක හරිම පහසුයි. කොළඹ දිගම නම තියෙන පාර දන්නවාද? ඒ තමයි “පූජ්‍ය හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමි මාවත” ඒ වගේ තැනක් මතක තියාගෙන කියන්න විදේශිකයන්ට වෙනමම පුරුදු වෙන්න වෙනවා.

ලංකාවේ ටික කාලයකට හරි ජීවත් වෙන එකේ හොඳ සහ නරක දෙකම තියෙනවා. හැබැයි බොහෝ වෙලාවට හොඳ දේවල් තමයි අත්දකින්න ලැබෙන්නේ. එදිනෙදා දකින, අහන, සිදු වෙන අමුතු දේවල් විහිලුවට අරගෙන විනෝදයක් විදිහට සලකන්න පුළුවන් නම්, ඒ දේවල් තමන් පුරුදු වුණු ජීවන රටාවට තර්ජනයක් කියලා දකින්නේ නැතිනම් ශ්‍රී ලංකාව කියන්නේ හැමදාම අලුත් ගවේෂණයක යෙදෙන්න ලැබෙන රටක් කිව්වොත් වැරැද්දක් නැහැ.

කර්තෘගේ සටහන : මේ ලිපියේ මුල් කර්තෘ එලීනා සන්ක්විස්ට් (Elina Sundqvist) කියන්නේ ස්වීඩන් ජාතික තරුණියක්. වයසින් අවුරුදු 22ක් වන ඇය මේ වන විට ජනමාධ්‍යකරණය ගැන ශ්‍රී ලංකාවේ ආධුනික පාඨමාලාවක් හදාරනවා.

පරිවර්තනය: ඉන්ද්‍රජිත් ගමගේ

Source : Roar.lk

[QUOTE="melanxpress, post: 20531444, member: 119978"] [SIZE="2"]මුලින්ම කියන්න ඕනෙ repost නම් sorry වෙන්න ඕනෙ කියලා. මෙක වෙන website එකකින් ගත්ත article එකක්... කියවන්න වටිනවා.. :rofl::rofl::P:P:rolleyes::rolleyes:[/SIZE] [SIZE="3"] අපි ඕනෑම කෙනෙකුට විදේශ රටකට අලුතෙන්ම ගියාම ඇති වෙන්නේ නුපුරුදු හැඟීමක්. අපි හැදුනු වැඩුණු සංස්කෘතියට වඩා වෙනස් තැනකට අනුගත වෙන්න කොහොමත් ටිකක් කල් යනවා. ඒ කාලය ඇතුලත අපි අතින් නොදැනුවත්ව වෙන දේවල් නිසා අපහසුතා වලට මුහුණ දෙන්නත් (හුඟක්විට) සිදුවෙනවා. වවුලගේ ගෙදර යනවා නම් එල්ලිලා නිදාගන්න ලෑස්ති වෙලා යන්න කියන්නේ ඒ නිසයි. විදේශ රටකට යනවා නම්, විශේෂයෙන්ම ටික කාලයක් නැවතිලා ඉන්න යනවා නම්, ඒ රටේ සංස්කෘතිය ගැන යම් අවබෝධයක් තියෙන එක බොහොම වැදගත්. ලෝකයේ බොහෝ රටවල් වල සංචාරකයින් ශ්‍රී ලංකාව සලකන්නේ ආගන්තුක සත්කාරය දන්නා, මිත්‍රශීලී මිනිසුන් වෙසෙන රටක් විදිහට. ඒත් ඉතින් ලංකාවට එන විදේශිකයන්ටත් මේ වගේ අමුතුවට පෙනෙන කාරණා බොහොමයක් තියෙනවා. විශේෂයෙන්ම අපේ කෑම බීම විධි, සිරිත් විරිත්, සහ භාෂාව වගේ දේවල් බොහෝ දෙනෙක්ට අලුත් අත්දැකීමක්. තමන් ලංකාවට ආපු වෙලාවක හිතුනු දේවල් කිහිපයක් ගැන ස්වීඩන් ජාතික තරුණියක් ලියපු ලිපියක් තමයි මේ. මේකේ තියෙන්නේ විදේශික කෙනෙක්ට පහසුවෙන් තේරුම් ගන්න බැරි දේවල් 10ක් ගැන (ඇයගේ රටේ කාලගුණය, සමාජ පරිසරය සහ සංස්කෘතියත් එක්ක සැසඳීමක්). අපිට බොහොම සාමාන්‍ය දේවල් වුණත් විදේශික කෙනෙක්ට ඒවා පෙනෙන විදිහ හරිම අමුතු බව අපිට මේකේ මුල් ලිපිය කියවද්දී හිතුණා. ඇත්තටම අපේ රට ගැන විදේශිකයන් කවුරුත් මේ විදිහට හිතනවා කියලා අපිත් දැනගෙන හිටියේ නැහැ. ඉතින් ඒ නිසයි සිංහල පාඨකයන් වෙනුවෙනුත් ඒ ලිපියේ පරිවර්තනයක් ඉදිරිපත් කරන්නේ. මේ ගැන ඔබේ අදහසත් දක්වන්න අමතක කරන්න එපා. [B][SIZE="4"]1. ඔළුව වැනීම[/SIZE][/B] [IMG]http://roar.lk/wp-content/uploads/2015/12/bobble.gif[/IMG] ලංකාවේ මිනිස්සු හැම වෙලාවකම අදහස් ප්‍රකාශ කරන්න ඔළුව වනන එක ගොඩක් විදේශිකයන්ට ටිකක් අමුතු හැසිරීමක්. එයින් අදහස් වෙන්නේ මොකක්ද කියන එක හරියටම තේරුම් ගන්න එකත් හිතන තරම් පහසු නැහැ. විශේෂයෙන්ම ත්‍රී වීල් ඩ්‍රයිවර්ලා එක්ක කතාබහ කරද්දී මේ ප්‍රශ්නේ ලොකුවටම බලපානවා. අපි අහන ගොඩක් දේවල් වලට ඔවුන්ගේ පිළිතුර වෙන්නේ ඔළුව වනන ගමන් මොනාහරි කියන එක. මග තොට යන අතරේ කෙනෙක්ගෙන් දෙයක් ඇහුවත් එහෙමයි. අපි අහන දේ ඔවුන්ට වැටහෙන්නේ නැති වුණත් මොකක් හරි විදිහකට ඔළුව වනලා ප්‍රතිචාරයක් දක්වන නිසා ඔවුන් අපිට දෙන උත්තරේ “ඔව්” ද “නෑ” ද කියලා වෙන් කරලා අඳුනා ගන්න එක අමාරු වැඩක්. අහන ප්‍රශ්නයකට වාචිකව පිළිතුරක් ලැබෙන්නේ නැති වුණාම ගොඩක් විදේශිකයන් අපහසුතාවයට පත් වෙනවා. [B][SIZE="4"]2. ඉවසන්න බැරි ගිනියම් උණුසුම[/SIZE][/B] [IMG]http://roar.lk/wp-content/uploads/2015/12/blogDOTcitysocializerDOTcom-e1450948116359.jpg[/IMG] විදේශිකයන් ලංකාවට ඇවිත් ඒසී කරලා තියෙන ගුවන්තොටුපලින් එලියට ආව ගමන් හිතෙන්නේ උණුසුම පිරුණු කාන්තාරයකට ආවා වගේ හැඟීමක්. කොළඹ නගරයේ වීදි වල හරි, පහතරට ප්‍රදේශ වල, මුහුදක් වැවක් ළඟ පාතක නැති ප්‍රදේශ වල හරි දවල් වෙලාවක ටිකක් ඇවිදින්න ගියොත් කර වෙනවා. දවසකට තුන් පාරක් නාන්න, හැම වෙලාවේම දාඩිය දාගෙන ඉන්න වෙන එක අනිවාර්යයෙන්ම ඔබේ දින චර්යාවට ඇතුලත් වේවි. මට නම් හිතෙන්නේ අඟහරු වලට ගියත් මේ තරම් උණුසුමක් නැතිව ඇති. ලංකාවේ නිතර ලයිට් යන එකත් මේකේම තවත් කොටසක්. සමහර වෙලාවට රෑට හෝටල් කාමරේ ඉද්දී ලයිට් යනවා. ඉතින් තැම්බි තැම්බි තමයි ඉන්න වෙන්නේ. ලයිට් යන්නෙත් විනාඩි දෙකකටද පැය ගාණකටද කියලා දැනගන්න විදියකුත් නැහැනේ, ඉතින් දෙවියන්ගේම පිහිටයි. [B][SIZE="4"]3. හැමදාම, තුන් වේලටම රයිස් ඇන්ඩ් කරි[/SIZE][/B] [IMG]http://roar.lk/wp-content/uploads/2015/12/thecasualwanderersDOTweeblyDOTcom-e1450948273935.jpg[/IMG] ශ්‍රී ලංකාවේ මිනිස්සුන්ගේ ප්‍රධාන (සහ එකම) ආහාරය තමයි බත් සහ වෑංජන. වෙන කිසිම කෑමක් ගැන එච්චර උනන්දුවක් නැති තරම්. ලංකාවේ මිනිස්සු මාළුපිණි වලට පුදුම විදිහට මිරිස් දානවා. එයාලට පුරුදු නිසා කෑවත් විදේශිකයන්ට නම් ලංකාවේ රයිස් ඇන්ඩ් කරි දැක්කම බය හිතෙනවා. කොහොම වුණත් ලංකාවේ කෑම නම් ඉස්තරම්. සැර දැනුණත් කාගෙන යද්දී දිගටම කන්නයි හිතෙන්නේ. ඒත් වෙනදේවල් උදේට කාල පුරුදු මටත් උදේට බත් එක්ක සැරට හදපු මස් හොද්දක් කන එක නම් සාමාන්‍යයි කියලා හැඟෙන්නේ. [SIZE="4"][B]4. වාහන තදබදේ[/B][/SIZE] [IMG]http://roar.lk/wp-content/uploads/2015/12/memecenterDOTcom-e1450948340619.jpg[/IMG] ලංකාවේ ට්‍රැෆික් කියන්නේ නම් මේ ලෝකේට අයිති වෙන්න සුදුසු දෙයක් නෙවෙයි. හරියට නිකන් ඇක්ෂන් මූවී එකක වගේ ආතතියෙන් පිරුණු, අසහනකාරී හැඟීමක් තමයි දැනෙන්නේ. වෙලාවකට ලංකාවේ ට්‍රැෆික් වලට අහු වෙලා පිස්සු නොහැදෙන එකම පුදුමයක්. උදාහරණයක් විදිහට වාහන පිරුණු පාරක ත්‍රී වීල් ඩ්‍රයිවර්ලා එහෙන් මෙහෙන් වෙට්ටු දාගෙන යන හැටි දැක්කාම ඇඟ සීතල වෙලා යනවා. මට පේන විදිහට ඔවුන් වැඩි දෙනෙක් හිතාගෙන ඉන්නේ ත්‍රී වීල් එක තියෙන සයිස් එකෙන් දහයෙන් පංගුවක විතර වාහනයක් කියලා. කන් බීරි වෙන හෝන් සද්දේ මැදින් මේ විදිහට වෙට්ටු දදා යන ත්‍රී වීල් එකක වාඩි වෙලා යන එක මම ලබපු භයංකාරම අත්දැකීම් වලින් එකක්. මේ කරදරෙන් ගැලවිලා හුස්මක් ගන්න පුළුවන් වෙන්නේ කොයි මොහොතේ ද කියල මම ඉවසිල්ලක් නැතිවයි හිටියේ. බස් එකේ යන එකත් හිතන තරම් ලේසි පහසු වැඩක් නෙවෙයි. ලංකාවේ හරියට කාලසටහනකට බස් ගමන් කරන්නේ නැති බවක් තමයි මටනම් හිතුනේ. බස් හෝල්ට් වලත් කිසිම නමක් ගහලා නැහැ. ඉතින් බස් එකේ ගිහින් හරි තැනින්ම බැස්සාම හිතට දැනෙන්නේ ලොකු දෙයක් දින්නා වගේ හැඟීමක්. ලංකාවේ බස් වල මහා හයියෙන් දාල තියෙන සින්දු වලටත් ඔලුව නරක් වෙනවා. බස් එක මොන තරම් ලොකු වුණත් බස් ඩ්‍රයිවර්ලාත් ත්‍රී වීල් වලට දෙවැනි වෙන්නේ නැහැ. පේළියට තියෙන ආසන නිසා කිසිම පෞද්ගලිකත්වයක් ලැබෙන්නේත් නෑ. ඕක තමයි ලංකාවේ පොදු ප්‍රවාහන සේවයේ ගෙවන දවසක අත්දැකීම් වල සාරාංශය. මම මේ කියන තරම් ලංකාවේ ගමනාගමනය හැම වෙලාවකම එපා වෙන්නේ නැහැ. නමුත් ඒක අපිට කවදාවත් අමතක නොවෙන හොඳ අත්දැකීමක්. මව් රටට ගිහින් නිස්කලංක, සාමකාමී, බාගෙට පිරුණු බස් එකක යන අතරේ මතක් කර කර ඉන්න තරම් හිතට වදින දෙයක් [B][SIZE="4"] 5. වොඩ්කා බෝතල් වලින් වතුර බීම :rolleyes::rolleyes::rofl::P[/SIZE][/B] [IMG]http://roar.lk/wp-content/uploads/2015/12/memegeneratorDOTnet-e1450948455268.jpg[/IMG] මේක නම් ලංකාවට එන විදේශිකයන්ට නිතරම දකින්න ලැබෙන දෙයක්. මට ලැබුණු අත්දැකීම ඔබට කියන්නම්. නිකමට හිතන්න ඔබ ඉන්නේ ට්‍රැෆික් එකකට මැදි වෙලා කියලා. ඔබ ඉන්න ත්‍රී වීල් එකේ රියදුරා එක පාරටම සීට් එක අස්සෙන් වීදුරු බෝතලයක් ඇදලා ගන්නවා. හොඳට බැලුවාම ඒක වොඩ්කා බෝතලයක්. ටිකක් වටපිට බලලා මිනිහා උගුරු හත අටක් බෝතලේටම කට තියලා බීගෙන බීගෙන යනවා. මම මුලින්ම මේ වගේ දෙයක් දැක්කම මාව හොල්මන් වුණා. එළිමහනේ ප්‍රසිද්ධ තැන් වල සැර මත්ද්‍රව්‍ය පානය කරනවා නෙවෙයි කියන එක එක පාරටම තේරුම් ගන්න ටිකක් අපහසුයි. බලාගෙන යද්දී මේකත් ලංකාවේ මිනිස්සුන්ට හරිම සාමාන්‍ය දෙයක්. මද්‍යසාර බෝතල් වල තමයි වැඩි දෙනා බොන්න වතුර දාගෙන යන්නේ. විශේෂයෙන්ම කන්තෝරුවකට දවල් කාලයේ ගියොත් බලාගන්න පුළුවන් හැමෝම වැඩ කරන මේසේ උඩ අරක්කු, වොඩ්කා, බ්‍රැන්ඩි බෝතල් තියාගෙන ඉන්නවා. සැරින් සැරේට වැඩ කරන අතරේ බෝතලෙන්ම බොනවා. (මතක් වෙද්දීත් හිනා) ලංකාව ඔවුන්ටම ආවේණික ගති සිරිත් තියෙන අමුතු රටක් වුණත් වැඩ කරන වෙලාවට සැර මත්ද්‍රව්‍ය පානය කරන රටක් නෙවෙයි කියන එක තේරුම් ගන්න ටිකක් වෙලා යනවා. හැබැයි ඔවුන්ගේ මේ පුරුද්ද ඇත්තටම අපි අගය කළ යුතුයි. ඔවුන් මේ විදිහට වීදුරු බෝතලයක වතුර ගේන එක නිසා ප්ලාස්ටික් වතුර බෝතල් වලට තියෙන ඉල්ලුම අඩු වෙනවා. ඒක පරිසර දූෂණය අඩු කරන්න විශාල වශයෙන් දායක වෙනවා ඇති. [B][SIZE="4"]6. ටොයිලට් එකේ තියෙන වතුර ෂවර් (මේවා තියෙන්නේ නාන්න නම් නෙවෙයි) [/SIZE][/B]:rolleyes::rolleyes::rolleyes: LOL :LOL: :LOL: [IMG]http://roar.lk/wp-content/uploads/2015/12/bidetsprayerDOTblogspotDOTcom-e1450948537811.jpg[/IMG] ලංකාවට එන විදේශිකයන්ට තියෙන ලොකුම අපහසුවක් තමයි මේක. ලංකාවේ ටොයිලට් වල තියෙන්නේ වතුර ෂවර් එකක්. සමහර විට පොඩි කෑම කඩයක එහෙම නම් ටොයිලට් පේපර් ඇත්තෙම නැති වෙන්නත් පුළුවන්. (හෝටල් වල වගේ නම් දෙකම තියෙනවා) මේක අපි නාන්න පාවිච්චි කරන විදිහෙම වතුර ෂවර් එකක පොඩි ප්‍රමාණයේ එකක්. හැබැයි මේක තියෙන්නේ කිසිසේත්ම නාන්නවත්, කොණ්ඩේ හෝදන්නවත් නෙවෙයි. විදේශිකයන් බොහෝ දෙනෙක්ට මේ උපකරණය හරියට පාවිච්චි කරන විදිහ ඉගෙන ගන්න එක සදාකාලික ගැටළුවක්. ඕක කාගෙන්වත් අහන්න පුළුවන් දේකුත් නෙවෙයිනේ ඉතින්. කොහොම වුණත් ටිකක් කල් මේ “බිඩේ ෂවර්” එක පාවිච්චි කරද්දී ටොයිලට් පේපර් එකක් වගේම අවශ්‍ය වැඩේ මේකෙනුත් සිද්ධ වෙන බව තේරුම් යනවා. එකම ප්‍රශ්නේ ටිකක් තෙමෙන එක තමයි ඉතින්. [B][SIZE="4"]7. වෙලාව කියන්නේ මොකක්ද?[/SIZE][/B] වෙලාව කියන්නේ බොහෝ රටවල් වලට බොහොම වැදගත් සංකල්පයක්. විශේෂයෙන්ම යුරෝපය ඇතුළු බටහිර රටවල් වල බොහෝ දෙනෙක් කාලය සහ වෙලාවට වැඩ කිරීම කියන කාරණාවන්ට නිතැතින්ම පුරුදු වෙනවා. සාමාන්‍යයෙන් විනාඩි දෙකකට වඩා පරක්කු වෙන එක වුණත් ඒ තරම් හොඳ දෙයක් විදිහට නෙවෙයි අපි දකින්නේ. විනාඩි 15ක් පරක්කු වෙනවා කියන්නේ කොහෙත්ම අනුමත කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒ විදිහේ පුරුද්දක් තියන රටකින් ආවොත් නම් ලංකාවේ තත්වයට හැඩ ගැහෙන්න සැහෙන්න අමාරු වෙනවා. ලංකාවේ කිසිම දෙයක් කියන වෙලාවට පටන් නොගන්න තරම්. සාමාන්‍යයෙන් වැදගත්ම දේවල් කියලා හිතන්න පුළුවන් දේවල් පවා කිසිම සැලකිල්ලක් නැතිව ප්‍රමාද වෙනවා. වෛද්‍යවරයෙක් හම්බෙන වෙලාවක් වෙන් කර ගත්තත් සමහර විට ඔහු එන්නෙත් පැය භාගයක් විතර පරක්කු වෙලා. (ලංකාවේ බස් නම් කාල සටහනකට අනුව යනවා කියලා හිතන්නත් බෑ) මේකේ ඉතින් දෙපැත්තක් තියෙනවා. ඔබ කලට වෙලාවට තැනකට ගියොත් කාලය කකා බලාගෙන ඉන්න සිද්ධ වෙන එක ගැන තරහ යනවා වෙන්න පුළුවන්. හැබැයි නිකමට හිතන්න මොනවා හරි වෙලා විනාඩි කිහිපයක් පරක්කු වුණා කියලා. ගොඩක් වෙලාවට තමන්ගේ වැඩේ කිසිම කරදරයක් නැතිව කරගන්න ලංකාවේදී අවස්ථාව ලැබෙනවා. (පරක්කු වෙලා බස් හෝල්ට් එකට ආවත් හරි බස් එක ගන්න පුළුවන් වෙනවා.) [B][SIZE="4"]8. ශ්‍රී ලංකාව – සෑහෙන්න නිවාඩු තියෙන රටක්[/SIZE][/B] ලංකාවේ සංස්කෘතික අංග වැඩි හරියක් හරියටම අනුගමනය කෙරෙනවා. ලෝකේ වෙන මොන රටේද හැම මාසයකම එක දවසක් හරි සතිය මැද නිවාඩු ලැබෙන්නේ? පෝය දවසක් නැතිනම් වෙනත් මොනවා හරි නිසා හැම මාසෙකම නිවාඩුවක් දෙකක් තියෙනවා අනිවාර්යයි. ඔබ වැඩ කරන කෙනෙක් නම් මේක හොඳයි කියලා හිතන්න පුළුවන්. හැබැයි පෝය දවස් වලට කඩසාප්පු වහන එක, කෑම කන්න යද්දී මස් මාළු වර්ග නැති එක, විනෝද වෙන්න ගියොත් ඇල්කොහොල් වර්ග ගන්න නැති එක වගේ ප්‍රශ්න ඇති වෙන්න ඉඩ තියෙනවා. ඔබ ලංකාවට ආවේ ඉතාම කෙටි කාලයකට නම් මේ විදිහට නිවාඩු ලැබෙන දවස් කිහිපයක් අහු වුණොත් ලොකු පාඩුවක් වේවි. හැබැයි ඒක තමයි ලංකාවේ තියෙන අපූර්වත්වය. ඔබ වැඩ කරන්න එන කෙනෙක් නම් සතිය මැද්දේ තියෙන නිවාඩුව ආශිර්වාදයක්. හැබැයි නිවාඩුවකට ඇවිත් කඩ සාප්පු වහලා තිබුණොත්? ගණන් ගන්න එපා. ඔබ සැලසුම් කරපු නිවාඩුවම නොවුණත් ලංකාවේ බලන්න දේවල් බොහොමයක් තියෙන නිසා අලුත් අත්දැකීමක් ගන්න ඒක අවස්ථාවක් කර ගන්න. [B][SIZE="4"]9. කුඩ ඉහළගෙන කරන වැඩ[/SIZE][/B] [IMG]http://roar.lk/wp-content/uploads/2015/12/Umbrellas-e1450948721498.jpg[/IMG] බය වෙන්න දෙයක් නෑ, එයාල අත් අල්ලාගෙන ඉන්නවා විතරයි. (කියලා හිතමු) බය වෙන්න දෙයක් නෑ, එයාල අත් අල්ලාගෙන ඉන්නවා විතරයි. (කියලා හිතමු) ලංකාවේ හැමෝම කුඩ පාවිච්චි කරන්න හරිම ආසයි. සැරට අව්ව තිබුණත්, වැස්සක් ආවත්, හුළඟ තිබුණත් කුඩ ඉහලාගෙන එහා මෙහා යන අය ලංකාවේදී ඕනෑ තරම් දැක ගන්න පුළුවන්. හැබැයි විදේශික කෙනෙක්ට දකින්න ලැබෙන අමුතුම දේ තමයි තරුණ ජෝඩු අත් අල්ලාගෙන එක කුඩේ යටට වෙලා වාඩි වෙලා ඉන්න එක. නිදහසේ කාලය ගෙවන්න හදලා තියෙන පාක් වල, මුහුදු වෙරළේ වගේ තැන් වල මේ වගේ ජෝඩු ඕනෑ තරම් ඉන්නවා. ගොඩක් වෙලාවට අව්ව සැර තදින් දැනෙන ගෝල් ෆේස් එක, මුහුදු වෙරළ, රේල් පාර ළඟ තියෙන ගල් පර වගේ තැන් වලදී මේ වගේ තරුණ ජෝඩු නිතර දැක ගන්න පුළුවන්. අව්වක් නැතත් කුඩේ යටට වෙලා ලැබෙන පෞද්ගලිකත්වය එක්ක පෙම්වතුන් එළිමහනේ කතා බහ කරනවාට වඩා සතුටක් ලබන බව පෙනෙන්න තියෙනවා. ඇත්තටම හිතලා බැලුවාම කුඩයක් ඉහලා ගෙන ඉන්න එකෙන් ලොකු පෞද්ගලිකත්වයක් ලැබෙන්නේ නැති වුණත් කර වටේට අත දාගෙන ඉන්න, අත් අල්ලාගෙන ඉන්න, සමහර විට සිප ගන්න ඔවුන්ට කාටත් පේන තැනක ඉද්දි කුඩය කියන්නේ මහානර්ඝ සම්පතක්. ලංකාවේදී ප්‍රසිද්ධියේ සිප ගැනීම ගැන වපර ඇහින් බැලෙන නිසා මේ වගේ පුංචි දෙයක් ඒකට යම් ආවරණයක් වෙන්න පුළුවන්. ඇත්තටම මේ කුඩේ යට ඉන්න එකේ අමුතුම ආදරණීය බවක් තියෙනවා. [B][SIZE="4"] 10. කොහොමවත්ම කියවගන්න බැරි වචන[/SIZE][/B] [IMG]http://roar.lk/wp-content/uploads/2015/12/roadnames-e1450948836310.jpg[/IMG] සිංහල කියන්නේ ලෝකේ තියෙන අමාරුම භාෂාව කියලා හිතෙන්නේ සිංහල නම් වල ඉංග්‍රීසි උච්චාරණ කියවන්න ගියාම. සරල, කෙටි වාක්‍ය පවා සිංහලෙන් ලියද්දී කියද්දී අකුරු ගොඩාක් තියෙන, ශබ්ද ගොඩාක් ඇහෙන පද බවට පත් වෙනවා. සමහර ඒවා නම් මතක තියා ගන්න ලොකු අමාරුවක් නැහැ. උදාහරණයකට Cotta Road, Galle Road වගේ ඒවා මතක තියා ගන්න පුළුවන්. සමහර නම් වල උච්චාරණය ඉංග්‍රීසි අකුරු වලින් ලියලා තියෙනකොට අපිට පුළුවන් අකුරෙන් අකුර ගලපලා ඒක කියවා ගන්න, හැබැයි කාගෙන් හරි ඒක ඇහුවොත් නම් අමාරුවේ වැටෙන්න වෙනවා. ගොඩක් වෙලාවට මේ වගේ නම් කියවන්නේ ඉංග්‍රීසි අකුරු වලින් ලියලා තියෙන විදිහට වඩා සෑහෙන්න වෙනස් ක්‍රම වලට. හදිස්සියකට කොහේට හරි යන්න ඕන වෙලා ත්‍රී වීල් එකකට නැගලා “අසවල් තැනට යමු” කියලා කිව්වොත් ගොඩක් වේලාවට එයාල හරි හරි කියලා ගිහින් දාන්නේ වෙන තැනකට. ඒ ගැන ඇහුවාම එයාල උත්තර දෙන්නේ “ආ, මම හිතුවේ ඔයා යමු කිව්වේ ******ට කියලා”. මේ ****** තැනට යෙදෙන්නේ අපිට කොහොමවත් මතක තියා ගන්න බැරි නගරයක හරි පාරක හරි නමක්. අනිත් එක තමයි වචන උච්චාරණය කරන විදිහ. අපි කොහෙද යන්නේ කියලා ඇහුවාම අපි “Dambulla” (දඹුල්ල) කියලා කිව්වා කියලා හිතන්න. ඒත් අපි ඒක කියපු ගමන් එයාල උඩ බිම බලනවා එහෙම එකක් කොහෙද තියෙන්නේ කියලා හිතා ගන්න බැරුව. අන්තිමේදී අපි ඒක ලියලා පෙන්නුවාම එයාල ඒ දිහා බලලා “අයියෝ දඹුල්ලද?” වගේ දෙයක් අහනවා. එයාල “දඹුල්ල” කියන්නෙත් මම කියපු විදිහටමයි. ඉතින් මම කියද්දී නොතේරුණේ ඇයි කියලා මටම හිතා ගන්න බැහැ. මේ නිසා ලංකාවේ සංචාරය කරන කාටත් බොහොම වැදගත් උපදෙසක් මේක. කොහේ හරි ගිහින් මොනවා හරි තැනක් ගැන අහනවා නම් ඒක කොළයක ලියලා හරි, තමන්ගේ ෆෝන් එකේ ටයිප් කරලා හරි පෙන්නලා ඒ ගැන අහන්න. එතකොට වැරදෙන්න තියෙන ඉඩ ගොඩක් අඩුයි. අපි වචන උච්චාරණය කරන විදිහ බොහෝ දෙනෙක්ට හුරු නැති නිසා අපි නම් ගම් කියවන විදිහට සමහර විට හොඳට ඉංග්‍රීසි දන්නා අය පවා අන්දුන් කුන්දුන් වෙනවා. “වැල්වැටිතුරෙයි” වගේ නම් කියවන්න හදනවාට වඩා ලියලා පෙන්වන එක හරිම පහසුයි. කොළඹ දිගම නම තියෙන පාර දන්නවාද? ඒ තමයි “පූජ්‍ය හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමි මාවත” ඒ වගේ තැනක් මතක තියාගෙන කියන්න විදේශිකයන්ට වෙනමම පුරුදු වෙන්න වෙනවා. ලංකාවේ ටික කාලයකට හරි ජීවත් වෙන එකේ හොඳ සහ නරක දෙකම තියෙනවා. හැබැයි බොහෝ වෙලාවට හොඳ දේවල් තමයි අත්දකින්න ලැබෙන්නේ. එදිනෙදා දකින, අහන, සිදු වෙන අමුතු දේවල් විහිලුවට අරගෙන විනෝදයක් විදිහට සලකන්න පුළුවන් නම්, ඒ දේවල් තමන් පුරුදු වුණු ජීවන රටාවට තර්ජනයක් කියලා දකින්නේ නැතිනම් ශ්‍රී ලංකාව කියන්නේ හැමදාම අලුත් ගවේෂණයක යෙදෙන්න ලැබෙන රටක් කිව්වොත් වැරැද්දක් නැහැ. කර්තෘගේ සටහන : මේ ලිපියේ මුල් කර්තෘ එලීනා සන්ක්විස්ට් (Elina Sundqvist) කියන්නේ ස්වීඩන් ජාතික තරුණියක්. වයසින් අවුරුදු 22ක් වන ඇය මේ වන විට ජනමාධ්‍යකරණය ගැන ශ්‍රී ලංකාවේ ආධුනික පාඨමාලාවක් හදාරනවා. පරිවර්තනය: ඉන්ද්‍රජිත් ගමගේ Source : Roar.lk [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom