Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Sri Lankan Soldier Sentenced to Death
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

"මෙහෙම අපි මිරුසුවිල් අල්ලගෙන ඉන්න අතරේ දවසක් අපේ ඩිෆෙන්ස් ලයින් එකෙන් අපි හිටිය පැත්තට ආපු මිනිස්සු කට්ටියක් හමුදාවට අහුවෙලා තිබුණා.. කැලේ හැම තැනම ටෙරාලා ආයුධ හංගලා තිබ්බා.. ඒ දවස්වල සමහර වෙලාවට අපි ඉස්සරහට ගිහින් ටෙරාලට ගහනකොට හොරෙන් අපේ ලයින් එකෙන් ඇතුළට ඇවිත් හැංගිලා හිටිය කොටි හංගලා තිබුණ ආයුධ අරගෙන පිටිපස්සෙන් අපිට ඇටෑක් කරනවා..

"එහෙම පහර දීලා උන් පැනගන්නවා.. ඒ වගේ ප්‍රහාරවලින් යුද්දෙදී හමුදා සෙබළුන් දහදොළොස් දෙනා එකපාර මියගියා.. ඒක අපිට හිසරදයක් වෙලා තිබුණේ.. ඒ වගේ තත්ත්වයක් තියෙද්දී තමයි මිරුසුවිල්වලදී මේ මිනිස්සු ටික හමුදාවට අහුවෙන්නේ..

"අද සමහරු කියන්නේ උන් ආවේ දර කඩන්න කියලා.. මට ඒ හැමෝගෙන්ම අහන්න තියෙන්නේ එකම එක කතාවයි.. ඒ යුද්දේ කාලේ ඕමන්තෙන් එහාට දර කඩන්න කැලේට ගිය කවුරු හරි ඉන්නවද කියන එක විතරයි.. ඕමන්තෙන් එහාට එදා කවුරු හරි ගියානම් ඒ ගියේ එල්ටීටීඊ එකට ගහන්න.. සටන් කරන්න.. එහෙම නැතුව කිසිම මිනිහෙක් ඒ දවස්වල දර කඩන්න කොටින්ගේ ඒරියා එකට ගියේ නැහැ.." ඒ වගේම තමයි උන්ගේ කවුරුවත් දර කඩන්න හමුදාව ඉන්න තැන්වලට ආවෙත් නැහැ.. උන් ආවේ අපිව මරන්න..

ඔහු කියන ඒ කතාව තර්කානුකූලය. කිසිවකුත් එදා දර කඩන්නට එල්ටීටීඊ ත්රස්තයන් රැඳී සිටි ප්‍රදේශයකට ගියේ නැත.. නිකමට හෝ ගියේ නම් පණපිටින් එන්නට ලැබෙන්නේද නැත.

ඒ අනුව බලන කල එදා දරුණු සටන් පවතිද්දී එල්ටීටීඊය රැඳී සිටි ප්‍රදේශයේ සිට කිසිවකු හෝ සීමා මායිම් නොතකා දර කඩන්නට මිරුසුවිල් හමුදා කඳවුරට අයත් ප්‍රදේශය වෙත ඇතුළු වූයේ නම් ඌට පැහැදිලිවම මොලේ අමාරුවක් තිබිය යුතුය. එසේ නැතිනම් පැමිණියේ වෙනත් අරමුණකට විය යුතුමය.

ඒ සැඟවුණු අරමුණ පැහැදිලිවම හමුදාවට ප්‍රහාරයක් එල්ල කිරීම සඳහා ඔත්තු බැලීම විය හැකිය. එල්ටීටීඊය යනු ත්රස්තවාදයකි. උන් ක්‍රියාත්මක වූයේ සාමාන්‍ය මිනිසුන්ගේ වෙස් ගනිමිනි. පසුගිය යුද සමයේ එය එසේම සිදු වූ බව කිසිවකුටත් අමුතුවෙන් පහදා දිය යුතු ද නොවේ.

"ඒ ආපු මිනිස්සුන්ගෙන් එක්කෙනෙක් ඇරෙන්න අනිත් පිරිස එදා ඝාතනය කරලා තිබුණා.. කොහොම හරි එක්කෙනෙක් පැනලා ගිහින්.. ඒක කළේ කවුද කියන්න කවුරුවත් දැනගෙන හිටියේ නැහැ.. මේ සිද්ධියත් එක්ක එදා පරීක්ෂණයක් කරන්න යුද හමුදා පොලිසිය කඳවුරට ආවා.. ඒ ආවේ පැනලා ගිය කෙනත් අරගෙන.. ඒ මිනිහා අපි කිහිප දෙනෙක්ට ඇඟිල්ල දික් කරලා අපියි මැරුවේ කියලා කිව්වා..

"ඒ මිනිස්සුන්ව මරලා වළක දාලා තිබුණේ.. පස්සේ යුද හමුදා පොලිසිය මට කිව්වා ඒ තැන පෙන්නන්න කියලා.. මම ගිහින් පෙන්නුවා.. ඒ වළ තිබුණු එදා තැන කෑම්ප් එකේ හැමෝම දැනගෙන හිටියේ.. ඊට පස්සේ මාත් එක්ක කණ්ඩායමක් අත්අඩංගුවට අරගෙන අපිව පොලිසියට භාර දුන්නා..

"පොලිසියෙන් අපිව යාපනය අධිකරණයට ඉදිරිපත් කළා.. අධිකරණයෙන් රිමාන්ඩ් කළා.. අවුරුදු එකහමාරකට පස්සේ ඇප දුන්නා.. ඒ කඳවුරෙන් පිටත රාජකාරිවලට දාන්න එපා කියන කොන්දේසියත් එක්ක.. යාපනයෙන් පිටට යැමත් තහනම් කළා..

අන්තිමේ ඒ නඩුව අනුරාධපුර අධිකරණයට යොමු කළා.. අනුරාධපුර අධිකරණයෙන් කොන්දේසියක් දැම්මා සාලියපුර කඳවුරෙන් පිටතට යවන්න එපා කියලා.. මේ නඩුව නිසා මම 2000 ඉඳන් 2010 වෙනකම් අවුරුදු දහයක් විවාහ නොවී හිටියා..

පස්සේ ප්‍රශ්නයක් වෙන එකක් නැහැ කියලා හිතලා 2010 දී විවාහ වුණා.. ඒ මගේ පෙම්වතියත් එක්ක.. 2012 දී අපිට පුංචි දුවෙක් ලැබුණා.. එයාට අවුරුදු තුන පිරෙනකොට මිරුසුවිල් නඩුවෙන් 2015 දී මට මරණ දඬුවම දුන්නා..

අද බිරිඳත් එක්ක මගේ දුවත් ආවා උසාවියට.. මම දැන් බන්ධනාගාරයට යන්න ඕනේ.. ඒත් දුව අහනවා අප්පච්චි ගෙදර එන්නේ නැද්ද කියලා.. බිරිඳ ඇස් දෙකේ කඳුළු පුරවගෙන ඉකි ගගහ අඬනවා මම දැක්කා.. ඒක බලන් ඉන්න බැරි නිසා මම අහක බලා ගත්තා..

"විවාහ වුණාට පස්සේ අපි දෙන්නා හිටියේ ගල්ගමුවේ බිරිඳගේ ගෙදර.. දැන් දුවටයි බිරිඳටයි කාගෙවත් පිහිටක් නැහැ.. මම රටේ හැමෝම වෙනුවෙන් යුද්දෙට ගියා.. සටන් කළා.. අද මගේ දරුවයි බිරිඳයි අසරණ වෙලා.. මට හිත හදා ගන්න බැරි ඒ ගැන හිතනකොටයි..

"තවමත් යුද හමුදාව මං වෙනුවෙන් පෙනී හිටිනවා.. ඒ ගැන මට තියෙන්නේ ආඩම්බරයක්.. මම එල්ටීටීඊයෙන් මේ රට බේර ගන්න යුද්දෙට ගියා.. මෙහෙයුම් ගණනාවකට සම්බන්ධ වුණා.. මාන්කුලම්වලදී මට වැදුණ මෝටාර් එකේ කෑල්ලක් තවමත් ඔලුවේ තියෙනවා.. චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිතුමියගේ කාලේ මට රණශූර පදක්කමත් ලැබුණා..

ඒත් දැන් මට මරණ දඬුවම ලැබිලා.. ඉතින් මට කියන්න තියෙන්නේ එල්ලන්න.. හුස්ම ටික යනකම්ම මාව එල්ලලා තියන්න කියන එක විතරයි.. අද හැමෝම නිදහසේ හුස්ම ගන්න රටක මගේ බිරිඳයි දරුවයි මම නැති පාලුවෙන් විඳවනවා දකිනවට වඩා මැරෙන එක සැපයි.."

ඔහු ඒ ටික කීවේ ඉතාම හැඟීම් බරවය.. ඒ දැස් වේදනාවෙන් රතුවී තිබෙනු මම දුටුවෙමි.. මේ ගෙවී යමින් තිබෙන්නේ මිනිස් බෝම්බ පුපුරවා, විවිධ ප්‍රහාර එල්ල කර මිනිසුන් පොකුරුපිටින් ඝාතනය කළා වූ එල්ටීටීඊ ත්රස්තවාදීන් නිදහස ලබා සිය ඥතීන් වෙත යන යුගයකි.

ඔවුහු සතුටින් නිදහස ලබා එළියට යති. ඒ අතරේ රට වෙනුවෙන් සටන් වැදුණු රත්නායකලා වැනි රණවිරුවෝ වේදනාවෙන් ඇතුළට යමින් සිටිති. මෙය සිදු විය යුත්තක්ද? මේ මොහොතේ අප තුළ මතුවී ඇත්තේ විසඳුමක් නැති ඒ ගැටලුව පමණි.

සමන් ගමගේ

http://www.divaina.com/2015/12/13/feature25.html

[QUOTE="mano3989, post: 19420348, member: 348050"] [SIZE="4"]"මෙහෙම අපි මිරුසුවිල් අල්ලගෙන ඉන්න අතරේ දවසක් අපේ ඩිෆෙන්ස් ලයින් එකෙන් අපි හිටිය පැත්තට ආපු මිනිස්සු කට්ටියක් හමුදාවට අහුවෙලා තිබුණා.. කැලේ හැම තැනම ටෙරාලා ආයුධ හංගලා තිබ්බා.. ඒ දවස්වල සමහර වෙලාවට අපි ඉස්සරහට ගිහින් ටෙරාලට ගහනකොට හොරෙන් අපේ ලයින් එකෙන් ඇතුළට ඇවිත් හැංගිලා හිටිය කොටි හංගලා තිබුණ ආයුධ අරගෙන පිටිපස්සෙන් අපිට ඇටෑක් කරනවා.. "එහෙම පහර දීලා උන් පැනගන්නවා.. ඒ වගේ ප්‍රහාරවලින් යුද්දෙදී හමුදා සෙබළුන් දහදොළොස් දෙනා එකපාර මියගියා.. ඒක අපිට හිසරදයක් වෙලා තිබුණේ.. ඒ වගේ තත්ත්වයක් තියෙද්දී තමයි මිරුසුවිල්වලදී මේ මිනිස්සු ටික හමුදාවට අහුවෙන්නේ.. "අද සමහරු කියන්නේ උන් ආවේ දර කඩන්න කියලා.. මට ඒ හැමෝගෙන්ම අහන්න තියෙන්නේ එකම එක කතාවයි.. ඒ යුද්දේ කාලේ ඕමන්තෙන් එහාට දර කඩන්න කැලේට ගිය කවුරු හරි ඉන්නවද කියන එක විතරයි.. ඕමන්තෙන් එහාට එදා කවුරු හරි ගියානම් ඒ ගියේ එල්ටීටීඊ එකට ගහන්න.. සටන් කරන්න.. එහෙම නැතුව කිසිම මිනිහෙක් ඒ දවස්වල දර කඩන්න කොටින්ගේ ඒරියා එකට ගියේ නැහැ.." ඒ වගේම තමයි උන්ගේ කවුරුවත් දර කඩන්න හමුදාව ඉන්න තැන්වලට ආවෙත් නැහැ.. උන් ආවේ අපිව මරන්න.. ඔහු කියන ඒ කතාව තර්කානුකූලය. කිසිවකුත් එදා දර කඩන්නට එල්ටීටීඊ ත්රස්තයන් රැඳී සිටි ප්‍රදේශයකට ගියේ නැත.. නිකමට හෝ ගියේ නම් පණපිටින් එන්නට ලැබෙන්නේද නැත. ඒ අනුව බලන කල එදා දරුණු සටන් පවතිද්දී එල්ටීටීඊය රැඳී සිටි ප්‍රදේශයේ සිට කිසිවකු හෝ සීමා මායිම් නොතකා දර කඩන්නට මිරුසුවිල් හමුදා කඳවුරට අයත් ප්‍රදේශය වෙත ඇතුළු වූයේ නම් ඌට පැහැදිලිවම මොලේ අමාරුවක් තිබිය යුතුය. එසේ නැතිනම් පැමිණියේ වෙනත් අරමුණකට විය යුතුමය. ඒ සැඟවුණු අරමුණ පැහැදිලිවම හමුදාවට ප්‍රහාරයක් එල්ල කිරීම සඳහා ඔත්තු බැලීම විය හැකිය. එල්ටීටීඊය යනු ත්රස්තවාදයකි. උන් ක්‍රියාත්මක වූයේ සාමාන්‍ය මිනිසුන්ගේ වෙස් ගනිමිනි. පසුගිය යුද සමයේ එය එසේම සිදු වූ බව කිසිවකුටත් අමුතුවෙන් පහදා දිය යුතු ද නොවේ. "ඒ ආපු මිනිස්සුන්ගෙන් එක්කෙනෙක් ඇරෙන්න අනිත් පිරිස එදා ඝාතනය කරලා තිබුණා.. කොහොම හරි එක්කෙනෙක් පැනලා ගිහින්.. ඒක කළේ කවුද කියන්න කවුරුවත් දැනගෙන හිටියේ නැහැ.. මේ සිද්ධියත් එක්ක එදා පරීක්ෂණයක් කරන්න යුද හමුදා පොලිසිය කඳවුරට ආවා.. ඒ ආවේ පැනලා ගිය කෙනත් අරගෙන.. ඒ මිනිහා අපි කිහිප දෙනෙක්ට ඇඟිල්ල දික් කරලා අපියි මැරුවේ කියලා කිව්වා.. "ඒ මිනිස්සුන්ව මරලා වළක දාලා තිබුණේ.. පස්සේ යුද හමුදා පොලිසිය මට කිව්වා ඒ තැන පෙන්නන්න කියලා.. මම ගිහින් පෙන්නුවා.. ඒ වළ තිබුණු එදා තැන කෑම්ප් එකේ හැමෝම දැනගෙන හිටියේ.. ඊට පස්සේ මාත් එක්ක කණ්ඩායමක් අත්අඩංගුවට අරගෙන අපිව පොලිසියට භාර දුන්නා.. "පොලිසියෙන් අපිව යාපනය අධිකරණයට ඉදිරිපත් කළා.. අධිකරණයෙන් රිමාන්ඩ් කළා.. අවුරුදු එකහමාරකට පස්සේ ඇප දුන්නා.. ඒ කඳවුරෙන් පිටත රාජකාරිවලට දාන්න එපා කියන කොන්දේසියත් එක්ක.. යාපනයෙන් පිටට යැමත් තහනම් කළා.. අන්තිමේ ඒ නඩුව අනුරාධපුර අධිකරණයට යොමු කළා.. අනුරාධපුර අධිකරණයෙන් කොන්දේසියක් දැම්මා සාලියපුර කඳවුරෙන් පිටතට යවන්න එපා කියලා.. මේ නඩුව නිසා මම 2000 ඉඳන් 2010 වෙනකම් අවුරුදු දහයක් විවාහ නොවී හිටියා.. පස්සේ ප්‍රශ්නයක් වෙන එකක් නැහැ කියලා හිතලා 2010 දී විවාහ වුණා.. ඒ මගේ පෙම්වතියත් එක්ක.. 2012 දී අපිට පුංචි දුවෙක් ලැබුණා.. එයාට අවුරුදු තුන පිරෙනකොට මිරුසුවිල් නඩුවෙන් 2015 දී මට මරණ දඬුවම දුන්නා.. අද බිරිඳත් එක්ක මගේ දුවත් ආවා උසාවියට.. මම දැන් බන්ධනාගාරයට යන්න ඕනේ.. ඒත් දුව අහනවා අප්පච්චි ගෙදර එන්නේ නැද්ද කියලා.. බිරිඳ ඇස් දෙකේ කඳුළු පුරවගෙන ඉකි ගගහ අඬනවා මම දැක්කා.. ඒක බලන් ඉන්න බැරි නිසා මම අහක බලා ගත්තා.. "විවාහ වුණාට පස්සේ අපි දෙන්නා හිටියේ ගල්ගමුවේ බිරිඳගේ ගෙදර.. දැන් දුවටයි බිරිඳටයි කාගෙවත් පිහිටක් නැහැ.. මම රටේ හැමෝම වෙනුවෙන් යුද්දෙට ගියා.. සටන් කළා.. අද මගේ දරුවයි බිරිඳයි අසරණ වෙලා.. මට හිත හදා ගන්න බැරි ඒ ගැන හිතනකොටයි.. "තවමත් යුද හමුදාව මං වෙනුවෙන් පෙනී හිටිනවා.. ඒ ගැන මට තියෙන්නේ ආඩම්බරයක්.. මම එල්ටීටීඊයෙන් මේ රට බේර ගන්න යුද්දෙට ගියා.. මෙහෙයුම් ගණනාවකට සම්බන්ධ වුණා.. මාන්කුලම්වලදී මට වැදුණ මෝටාර් එකේ කෑල්ලක් තවමත් ඔලුවේ තියෙනවා.. චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිතුමියගේ කාලේ මට රණශූර පදක්කමත් ලැබුණා.. ඒත් දැන් මට මරණ දඬුවම ලැබිලා.. ඉතින් මට කියන්න තියෙන්නේ එල්ලන්න.. හුස්ම ටික යනකම්ම මාව එල්ලලා තියන්න කියන එක විතරයි.. අද හැමෝම නිදහසේ හුස්ම ගන්න රටක මගේ බිරිඳයි දරුවයි මම නැති පාලුවෙන් විඳවනවා දකිනවට වඩා මැරෙන එක සැපයි.." ඔහු ඒ ටික කීවේ ඉතාම හැඟීම් බරවය.. ඒ දැස් වේදනාවෙන් රතුවී තිබෙනු මම දුටුවෙමි.. මේ ගෙවී යමින් තිබෙන්නේ මිනිස් බෝම්බ පුපුරවා, විවිධ ප්‍රහාර එල්ල කර මිනිසුන් පොකුරුපිටින් ඝාතනය කළා වූ එල්ටීටීඊ ත්රස්තවාදීන් නිදහස ලබා සිය ඥතීන් වෙත යන යුගයකි. ඔවුහු සතුටින් නිදහස ලබා එළියට යති. ඒ අතරේ රට වෙනුවෙන් සටන් වැදුණු රත්නායකලා වැනි රණවිරුවෝ වේදනාවෙන් ඇතුළට යමින් සිටිති. මෙය සිදු විය යුත්තක්ද? මේ මොහොතේ අප තුළ මතුවී ඇත්තේ විසඳුමක් නැති ඒ ගැටලුව පමණි. සමන් ගමගේ[/SIZE] [URL="http://www.divaina.com/2015/12/13/feature25.html"]http://www.divaina.com/2015/12/13/feature25.html[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom