Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
41 minutes ago
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Yesterday at 4:56 PM
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
SRI Pada Adawiye wechcha amuthu katha
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේක ලංකාදීපේ තිබුන ලිපියක්

සිරිපා හිමේ කුණුදිය පව්ව නැග්ගෙමු

“වඳින්න යන මේ නඬේට-සුමන සමන් දෙවි පිහිටයි

වැඳල බහින මේ නඬේට-සුමන සමන් දෙවි පිහිටයි”

කනට මිහිරි සේම ගතටත් සිතටත් ප්රබෝධය ලබාදෙන මෙම කවි පද පේලි අපට එරත්න පාරෙන් ගමන පටන් ගනිද්දිම ඇසුණි. අද ගමනාන්තය ඔබ කවුරුත් හොඳින් දන්නා ඉසව්වකටයි. ඒ “සිරිපා රක්ෂිතයට” යි. උතුම් වූ සිරිපතුල පිහිටවූ සමනල කන්ද පිහිටි අඩවියයි. නමුත් අද අප තරණය කරන්නේ සමනල කන්ද නොවේ. සමනල ගිර නගින බොහෝ අය දන්නා සේම දැක තිබෙන හරි අපූරු කන්දක් තරණය කිරීමටයි. ලංකාවේ ඉතාමත්ම සුළු පිරිසක් පමණක් ගොස් තිබෙන අතිශය දුෂ්කර හා භයානක කඳු තරණයකටය. ඒ “කුණු දිය පව්ව” මුදුනට නැගීමටයි. තවදුරටත් කිවහොත් සිරිපා කඳු පාමුල පිහිටි පලාබද්දල, එරත්න, මලවන, ඉඳුරුව, මාපලාන වැනි ගම්වල ජනතාව පවා ගොස් නැති දුෂ්කරතම කඳු තරණයට අද අපි සූදානම් වෙමු.

වචනයේ අර්ථයෙන්ම “කුණු දිය පර්වතය” යන නාමය ඇසූ විට ඔබට හැඟෙන්නේ මේ කන්ද අපිරිසුදු හෝ කුණු ගොඩවල් පිරි කන්දක් බවට නිසැකය. නමුත් මෙම කන්ද තවමත් නොඉඳුල් කන්දකි. සිරිපා රක්ෂිතය තුළ තිබෙන සිරිපාකන්ද, බැන සමනල, පැඳුරුතලාගල, මහ පැඳුරුතලාව, බල්ලාබැඳි ගල, සප්තකන්‍යා, බල්ලගල සේම කුණු දිය පර්වතයද මහ වන මැද නැගී සිටින දැවැන්ත කඳු ශිඛරය. ලංකාවේ කඳු මුදුනක ඉහළ චතුරස්‍රයක් වැනි හැඩයෙන් යුත් කඳු අතර අප දන්නේ සීගිරිය හා බතලේගල පමණි. නමුත් කුණු දිය පව්වද එවැනි හැඩයකින් යුතු කන්දකි.

උසින් මීටර 1900කට වැඩි මෙම කන්ද නැගීමට කිසිදු අඩි මාර්ගයක් නොමැත. සාමාන්‍යයෙන් මෙම කන්ද නගින්නේ එරත්න මාර්ගයෙනි. එනම් එරත්න මාර්ගයේ සීත ගඟුල දිගේ පහළට ගොස් නැවත මූකලාන දිගේ ඉහළට යමින් කන්දට ළඟාවිය හැක. ඒ සඳහා මීට පෙර එහි ගිය පළපුරුදු කෙනෙකු අවශ්‍යමය. කෙසේ වෙතත් එම මාර්ගයෙන් කන්දට යාමට පමණක් එක් දිනක් වැයවනු ඇත. එම මාර්ගය ගැන දන්නේ මේ ඉසව්වල සිටින අතළොස්සක් පමණි. මන්ද වන සතුන්, කටු අකුල් ගහණ සංකීර්ණ ඝන වනරොදක් මේ අවට පැතිර ඇති හෙයිනි.

මෙම පර්වතයට එම නම හැදුනු ආකාර 2ක් පිළිබඳව ජන වහරේ පවතියි. ඉන් ප්‍රසිද්ධම වනුයේ සමන් දෙවියන් බුදුරජාණන්ගේ සිරි පතුල පිහිටුවීමට මුලින්ම ආරාධනා කළේ මෙම කන්දේය. එම නිසා රජු කඳු මුදුනට ළඟාවත්ම මැරී කුණු වී කුණු ලේ ගලන ගැරැඬියකුගේ මළකුණක් දැක ගැනීමට ලැබුණි. එම නිසාම රජු සිරිපතුල පිහිටුවීමට මෙම කඳු මුදුන සුදුසු නැති බව තීරණය කරන ලදී. එනම් කුණුදිය ගලන ගැරැඬි මළකුණක් නිසා සිරීපාද ස්පර්ශය ලැබීමට භාග්‍යය නොලැබූ කන්දක් වීමය. අනෙක් කරුණ නම් අදටත් දක්නට ලැබෙන ප්‍රායෝගික දසුනකි. එනම් මෙම කන්ද වලාකුළු වනාන්තරයක් වීමයි. එනම් නිතරම මීදුමෙන් වැසී තිබෙන එලෙසම සුළං ප්‍රවාහවලට මුහුණදී මීදුම උපදවන කඳු මුදුනක් වීමයි. එම නිසාම මෙම කන්දේ නිතරම ජලය ගලා ඒමක් සිදුවේ. එම හේතුව නිසාවෙනුත් කුණු දිය පව්ව යන නම ලැබී ඇති බව තවත් අරුතකි.

කුණුදිය පර්වතයට අසන්නම ස්ථානය එරත්න ග්‍රාමයයි. වර්ණගල වතුයායේ කෙළවරක පිහිටි මෙම කන්ද නැඟීමට අප සැලසුම් කළේ ඉකුත් වසරේදීය. එම නිසාම වැසි රහිත කාලගුණයක් එනතුරුම මඟපෙන්වන්නෙකු සොයාගනු පිණිසත් කාලය වැයවුණි. පසුව අප පසුගිය මසකදී කන්ද තරණය කිරීමට ඉටා ගත්තේ මඟපෙන්වන කෙනෙකු සමඟිනි. නමුත් අප නියමිත දිනයේ එහි ගියද මඟපෙන්වන්නාට නොවැළැක්විය හැකි හේතුවක් මත අප සමඟ යාමට නොලැබුණි. කෙසේ වුවද අප අද තනිවම හෝ මෙම ගමන සිදුකළ යුතු බවට තීරණය කළෙමු. පෙර කතිකා කරගත් පරිදි හදිසියේ හෝ අපට රැයක් ගත කිරීමට අවශ්‍ය වුවහොත් යැයි සිතා කූඩාරම්, රාත්‍රි ආහාරයක් පිළියෙළ කර ගැනීමට බඳුනක් හා කෙටි ආහාර රැගෙන ආවෙමු. උදෑසන 6 වනවිට අප එරත්නට පැමිණියෙමු. විගසින් ගමන ආරම්භ කළ අප ගිං ගඟුල, ජම්බෝල ගහයට අම්බලම පසුකරමින් ඩයිමන්ගල හරහා වර්ණගල අම්බලමට ළඟා වූයේ විනාඩි 40කට පමණ ගමනකින් පසුවය. මීට පෙර අප වර්ණගල අම්බලම අසල කුඩා ජල විදුලි බලාගාරය අසලම කැලෑ පාරෙන් යතුරුපැදි මඟින්ම පැමිණියෙමු.

වර්ණගල ඇල්ල

කෙසේ හෝ අප අද කුණු දිය පව්ව නගින්නේ ඉතාමත් කාරුණික පුද්ගලයකුගේ හෙළිදරව් කිරීමක් මගින් අප සිතූ පහසු මගකිනි. එනම් වර්ණගල අම්බලමේ සිට දකුණට කඳු නගිමින් යාමටයි. නමුත් අප මේ තෝරාගත්තේ 100%ක් මරණය නියමිත අතිශය දුෂ්කර මාර්ගයකිනි. ඒ විශාල දිය පහරක් දිගේ කිලෝ මීටරයක වැඩි දුරක් ඉහළට නැගීමටයි. අප මේ මග තෝරාගත්තේ ඒ වනවිට ජල ප්‍රමාණය ඉතා අවම මට්ටමක තිබූ හෙයිනි. වැසි කාලයට මේ ඇල්ල දිගේ මීටර 50ක්වත් ගමන් කළ නොහැකිය.

සුමන සමන් දෙවියන්ගේ ආශිර්වාදය මැද වර්ණගල දිය ඇල්ලේ දකුණු පස පිහිටි වනගත ඇල්ල අසලින් ගමන ඇරැඹුවේ එම ජල කඳ එන දිශාවට ගමන් කිරීමටයි. ප්‍රථමයෙන් අසල කැලයට පිවිස ගසක් දිගේ නැග එම ඇල්ලේ ඉහළට පැමිණියෙමු. මීට මාස කිහිපයකට පෙර අවාරේ අප පැමිණි දිනකදී මෙම ඇල්ලේ ජල කඳ අඩි 20ක් පමණ පළලින් යුතුව කඩා වැටුණද අද ඇත්තේ අඩි 8ක පමණ පළල සිහින් ජල වැටීමක් පමණි. එම අවම ජල ප්‍රමාණයක් පැවැතීම අපගේ ගමනට ඉමහත් අස්වැසිල්ලක් විය. අප ලද රහසිගත තොරතුරට අනුව ඇල්ල දිගේ ජල මූලාශ්‍රය වන තෙක්ම යා යුතුයි. එහිදී කඳු නගිමින් ජල පහර බෙදෙන ස්ථානවලදී නිවැරැදි මඟ සොයාගෙන යා යුතුය. කෙසේ හෝ ගමන ආරම්භයේ පටන් දුෂ්කර විය. වර්ෂාව නැති නිසා අපගේ මිත්‍ර කූඩැල්ලන් නොමැතිවීම තවත් සහනයක් විය. මීටර 200ක් පමණ ක්‍රමයෙන් ගල්කුට්ටි මතින් ඉහළට නගිමින් අප ඉදිරියට ගිය පසු මීටර 15ක් පමණ උස අලංකාර දිය ඇල්ලක් දක්නට ලැබුණි. එනම් මෙම මාර්ගයේදී අප මීටර 10කට වඩා උස අලංකාර දිය ඇලි 6ක් පමණ දුටු අතර ඒවා සාමාන්‍ය චාරිකාවකදීවත් දකින්නට නොලැබෙන අලංකාර කොමලියන් වූ බැවින් අප වන මැද සැඟවුණු දිය ඇලි නැරැඹීමට තරම් වාසනාවන්තයින් වූවෙමු.

ද්රුෂ්කර ගමන

විටෙක අඩි 10ක් පමණ උසැති ගල් කුට්ටි දිගේ බඩගාමින් හා සතර ගාතින් ඇවිද යමින් ඉහළටම ගමන් කළෙමු. පැය එකහමාරකට පමණ පසු අප අසල පිහිටි කන්දේ මුදුනට පැමිණියෙමු. එහිදී ඈතින් පහළ පිහිටි වර්ණගල විහාර භූමිය දක්නට ලැබුණි. තවද අප ඉදිරියේ පිහිටි පිදුරුතලාගල කන්දත් අපට වඩා ඉහළ මට්ටමක තිබූ බව අපට පෙනුණි. උදෑසන සිටම අලංකාර ලෙස කුණුදිය පර්වතය දුටුවද දැන් නම් අපට කිසිවක් පෙනුණේ නැත. මෙලෙස අප දිය පහර දිගේ බොහෝ දුරක් ඉහළට ඇදුනෙමු. එක් ස්ථානයකදී ඉදිරි මීටර 100 කෙසේවත් අපට ගල් කුට්ටි මතින් යමින් ඉහළට යාම කළ නොහැක්කක් විය. මන්ද සුවිසල් ගල් කුට්ටි තිබීමත් ඒවා සිරස් ලෙස පිහිටීමත් ඉදිරියේ පිහිටි දිය පහර ඉහළක සිට විශාල ගල් කුට්ටි දෙකක් අතරින් ගල්වලට පිටුපසින් කඩා වැටීමත් නිසා ඉන් ඉහළට නැගීම අප සිදුකළේ අසල පිහිටි වන පියසට ඇතුළු වීමෙනි. වන රොදද ඍජුවම නැග්මකි. ලිස්සන කැඩෙන පස් තට්ටු මතින් යමින් කටු කිතුල් අතු පරිස්සමට අල්ලමින් ගස් බඩගාගෙන අප ඉහළට නැග්ගෙමු. නැගීමට නොහැකි වූ ජල පහර පිහිටි ප්‍රදේශයේ වූ දියඇල්ල ජල ගුහාවක් වැනිය. ජල කඳ වැසි දිනෙක කොතරම් අපූරු විය හැකිදැයි අපට සිතුණද එහෙත් කිසිම විටෙක එය නැරැඹීමට නොහැකි බවද සිහිවුණි.

නැවතත් අඩි 10ක් පමණ පළලින් කුඩා අතු ජල පහරක් දක්නට ලැබුණද අප යා යුතු මග තීරණය කිරීමට අපහසු නොවුණේ එම මග විශාල ගල් කුට්ටි පිහිටි වපසරියක් වීමයි. අපට අතරමග කැලයේ පිහිටි ගුහා දෙකක් හමුවූ අතර එහි දස දෙනෙකුට වුව සිටිය හැකි විය. ජල පහර පිහිටි මගේද එවැනි ගුහාවක් හමුවූ නමුත් එහිදී අධික ජල පහරකදී ගුහාව තුළටද ජලය පැමිණෙන සුළු විය. මේ වන විට අප ඉදිරියෙන් පිහිටි පිදුරුතලාගල කඳුවැටියේ උසට සමාන උසකින් අප සිටිනු බව පෙනුණි. මද දුරක් ගිය පසු ජල කඳ වමට බරව ඇදුණි. සමහර විට මීටර 100ක් පමණ දිගට විශාල ගල් තැන්නෙන් ජලය ගලාගෙන ආවේය. තවත් අවස්ථා ගණනාවක්ම ජල කඳ අපට නොපෙනුණේ ගල් කුට්ටි යටින් භූගතව ජල කඳ ගලා ගිය හෙයිනි.

මිනිස් පුළුටක්වත් නොමැති ඝන කැලයක මා හා නිරෝෂ සමඟ සිටියේ අපමෙන්ම මෙම කන්ද නැඟීමට සිටි බලවන ගමේ යසරත්න මාමාය. ඔහුගේ වයස අවුරුදු 50 ඉක්මව තිබුණද බොහෝ විට ඉදිරි මඟ සාදාගෙන ගියේ ඔහු විසිනි. සිරිපාකන්ද හා කැලය ගැන කුඩා කල සිටම දැනුමක් තිබූ ඔහුට වනාන්තරයක ගමන් කිරීම ඉවෙන් මෙන් බොහෝ අවස්ථාවල දැනුණු බව අප දුටුවේ ඔහු නිවැරැදි මාර්ගය නිශ්චය කර ගන්නා විලාසයෙනි.

කෙසේ හෝ අප යම් අවසානයක් කරා පැමිණ ඇති බව වැටහුණේ ජල පහර ක්‍රමයෙන් කුඩා වීමෙනි. මේ වන විට ජල කඳේ පළල අඩි 5ක් පමණ විය. පාසි බැඳුණු තුරු වියන් යට පිහිටි කුඩා ගල් කුට්ටි අතරින් ගලන ජල පහර ඇතැම් විට ශබ්දය ඇසුනද සොයා ගත නොහැකි විය. පසුව අප ළඟා වූයේ මීටර 100 කට වැඩි උසකින් යුත් දැවැන්ත ගල් බිත්තියක් අසළටයි. මාර්ගය එතැනින් අවසානය. සිහින් ජල පහරක් ගල් බිත්තිය දිගේ විවිධ ස්ථානවලින් පහළට රූටන අතර ඒවා ක්‍රමයෙන් අප ආ ජල කඳට එකතු වේ.

එනම් අප සිටින්නේ කුණුදිය පව්වේ අංශක 90ක නැග්මක් නැගිය යුතු ස්ථානය අසළයි. වම් පස කටු ඉඹුල්, හාතාවාරිය, කටු උණ පඳුරු, බට පඳුරු අතරින් ඉතා දුෂ්කර ලෙස මාර්ගය සාදාගෙන ක්‍රමයෙන් ඉදිරියට ඇදුණේ කන්ද මුදුනට නැගගත හැකි සුදුසු ඉසව්වක් විපරම් කරමිනි. මේ කිසිඳු ආරක්ෂිත ක්‍රමයක් නොතිබුණු හෙයින් අප හැකි ස්ථානවලින් ගස් දිගේ නගිමින් විටෙක හරහට ගල් පතුරු උඩින් පරිස්සමට ඇවිද යමින් ඉහළට ඇදුනෙමු.

මෙම අවසන් මීටර 200 නැගීමට අපට පැයකට අධික කාලයක් වැයවුණි. එක්තරා ස්ථානයකදී අප කටු කිතුල් ගසකින් පවා ඉහළට නැග්ගේ ගතේ දැවටුණු කටු ඉවත් කර ගනිමිනි. සිරිපා රක්ෂිතයට පමණක් ආවේණික දෝතළු ගස් කන්දෙන් ඉදිරියට නෙරා ගිය අතර එහි වූ අලංකාර මල් රාශියක් පිපී තිබුණේ ඒවා දැක ගැනීමට අපට වාසනාව හිමි කරමිනි. විටෙක අඩි සියයක දුරක් නැගීමට අපට විනාඩි 15ක් පමණ ගතවූයේ පස් කැඩී අල්ලා ගැනීමට හා නැගීමට ආධාරක සොයා ගැනීමට කාලය වැය වෙමිණි. අවසන් අදියර අඩි 15කට උස විශාල ගසක් දිගේ නැග ගල් කුට්ටියකට පැන කටු අකුල් අතරින් අප ගොඩවූයේ දවසේ ජයග්‍රහණය සැමරීමටය. එනම් පැය 7කට අධික අතිශය දුෂ්කර ගමනකින් පසු කුණුදිය පව්ව මුදුනට පැමිණීමේ සතුට සැමරීමටයි. මේ වන විට පිදුරුතලාගල කන්ද අපගේ මට්ටමට වඩා බෙහෙවින් පහළින් පිහිටියේය.

කුණුදිය පව්ව මුදුන තනිකරම අඩි 10ක් පමණ උසැති අඟල් 5ක විෂ්කම්භයකින් යුතු ගස්වලින් වැසී තිබුණි. ඉහළ මුළු තැන්න වසාගෙනම එම ශාක තිබුණි. අධික මීදුම නිසා අවට පරිසරයත් ගස් අතරිනුත් අප දුටුවේ සුදු වර්ණය පමණි. ගස් අතරින් ඉහළට නැග හෙළ මායිමට පැමිණ විපරම් කෙරුවේ සිරිපා මලුව දැක ගැනීමටයි. නමුත් අධික මීදුම නිසා අපට එය නැරැඹීමට නොහැකි විය. පහළින් වර්ණගල අම්බලම හා එරත්න මාර්ගය එක් ස්ථානයකදී දැකගත හැකි වුවත් සමස්ත අනෙකුත් වපසරියම කොළ පැහැති ඝන වනයත් සුදු මීදුමත් පමණි.

යසරත්න මාමා කියූ පරිදි භීෂණ සමයේ එක්තරා දේශපාලන පක්ෂයක රහසිගත පුහුණු කඳවුරක් මෙහි තිබී ඇත. එහි නටබුන් මේ කන්ද අවට තිබිය යුතු බව ඔහු පැවැසීය. තවද පැයකට වැඩි කාලයක් කඳු මුදුනේ අක්කර ගණනක් තුළ එහෙ මෙහෙ යමින් සිරි නැරැඹූ අප නැවත කන්ද බසින විට තරමක් වේගයෙන් විවේක නොගෙනම බසින ලදී. එම නිසාම සවස 6.40 වන විට නැවතත් වර්ණගල දියඇල්ල අසලට පැමිණ එක් දිනකදී කුණුදිය පව්ව තරණය කොට පැමිණි අයවීමේ භාග්‍යය අපට හිමි වුණි. ජීවිතයේ එක් වරක් විඳිය යුතු අතිශය අවදානම් ගමනක් වන මෙය සැබැවින්ම කිලෝ මීටර දහයකට පමණ එහා ඝන මූකලානක අප තිදෙනා තනිව ගෙවූ සොඳුරුම මතක සැමරුමක් විය.

Travel in Sri Lanka Sobasiri හා සම්බන්ධවී ක්‍රියාදාම සංචාර ගැන විස්තර දැන ගැනීමටත් සැමවිටම පරිසරය ආරක්ෂා කරමින් ඔබගේ චාරිකා යන ලෙසටත් මතක් කරමු. නැවතත් කුරුවිට එරත්න පාරෙන්ම ගිං ගඟුල අසලට පැමිණෙන විට රාත්‍රී 8 පමණ වී තිබුණේ දෙපාවල වේදනාව නිසාවෙනි.

සංචාරක සටහන හා ඡායාරූප

ශමින්ද රන්ශාන් ප්‍රනාන්දු

[QUOTE="1sam, post: 25772645, member: 557062"] මේක ලංකාදීපේ තිබුන ලිපියක් සිරිපා හිමේ කුණුදිය පව්ව නැග්ගෙමු “වඳින්න යන මේ නඬේට-සුමන සමන් දෙවි පිහිටයි වැඳල බහින මේ නඬේට-සුමන සමන් දෙවි පිහිටයි” කනට මිහිරි සේම ගතටත් සිතටත් ප්රබෝධය ලබාදෙන මෙම කවි පද පේලි අපට එරත්න පාරෙන් ගමන පටන් ගනිද්දිම ඇසුණි. අද ගමනාන්තය ඔබ කවුරුත් හොඳින් දන්නා ඉසව්වකටයි. ඒ “සිරිපා රක්ෂිතයට” යි. උතුම් වූ සිරිපතුල පිහිටවූ සමනල කන්ද පිහිටි අඩවියයි. නමුත් අද අප තරණය කරන්නේ සමනල කන්ද නොවේ. සමනල ගිර නගින බොහෝ අය දන්නා සේම දැක තිබෙන හරි අපූරු කන්දක් තරණය කිරීමටයි. ලංකාවේ ඉතාමත්ම සුළු පිරිසක් පමණක් ගොස් තිබෙන අතිශය දුෂ්කර හා භයානක කඳු තරණයකටය. ඒ “කුණු දිය පව්ව” මුදුනට නැගීමටයි. තවදුරටත් කිවහොත් සිරිපා කඳු පාමුල පිහිටි පලාබද්දල, එරත්න, මලවන, ඉඳුරුව, මාපලාන වැනි ගම්වල ජනතාව පවා ගොස් නැති දුෂ්කරතම කඳු තරණයට අද අපි සූදානම් වෙමු. වචනයේ අර්ථයෙන්ම “කුණු දිය පර්වතය” යන නාමය ඇසූ විට ඔබට හැඟෙන්නේ මේ කන්ද අපිරිසුදු හෝ කුණු ගොඩවල් පිරි කන්දක් බවට නිසැකය. නමුත් මෙම කන්ද තවමත් නොඉඳුල් කන්දකි. සිරිපා රක්ෂිතය තුළ තිබෙන සිරිපාකන්ද, බැන සමනල, පැඳුරුතලාගල, මහ පැඳුරුතලාව, බල්ලාබැඳි ගල, සප්තකන්‍යා, බල්ලගල සේම කුණු දිය පර්වතයද මහ වන මැද නැගී සිටින දැවැන්ත කඳු ශිඛරය. ලංකාවේ කඳු මුදුනක ඉහළ චතුරස්‍රයක් වැනි හැඩයෙන් යුත් කඳු අතර අප දන්නේ සීගිරිය හා බතලේගල පමණි. නමුත් කුණු දිය පව්වද එවැනි හැඩයකින් යුතු කන්දකි. උසින් මීටර 1900කට වැඩි මෙම කන්ද නැගීමට කිසිදු අඩි මාර්ගයක් නොමැත. සාමාන්‍යයෙන් මෙම කන්ද නගින්නේ එරත්න මාර්ගයෙනි. එනම් එරත්න මාර්ගයේ සීත ගඟුල දිගේ පහළට ගොස් නැවත මූකලාන දිගේ ඉහළට යමින් කන්දට ළඟාවිය හැක. ඒ සඳහා මීට පෙර එහි ගිය පළපුරුදු කෙනෙකු අවශ්‍යමය. කෙසේ වෙතත් එම මාර්ගයෙන් කන්දට යාමට පමණක් එක් දිනක් වැයවනු ඇත. එම මාර්ගය ගැන දන්නේ මේ ඉසව්වල සිටින අතළොස්සක් පමණි. මන්ද වන සතුන්, කටු අකුල් ගහණ සංකීර්ණ ඝන වනරොදක් මේ අවට පැතිර ඇති හෙයිනි. මෙම පර්වතයට එම නම හැදුනු ආකාර 2ක් පිළිබඳව ජන වහරේ පවතියි. ඉන් ප්‍රසිද්ධම වනුයේ සමන් දෙවියන් බුදුරජාණන්ගේ සිරි පතුල පිහිටුවීමට මුලින්ම ආරාධනා කළේ මෙම කන්දේය. එම නිසා රජු කඳු මුදුනට ළඟාවත්ම මැරී කුණු වී කුණු ලේ ගලන ගැරැඬියකුගේ මළකුණක් දැක ගැනීමට ලැබුණි. එම නිසාම රජු සිරිපතුල පිහිටුවීමට මෙම කඳු මුදුන සුදුසු නැති බව තීරණය කරන ලදී. එනම් කුණුදිය ගලන ගැරැඬි මළකුණක් නිසා සිරීපාද ස්පර්ශය ලැබීමට භාග්‍යය නොලැබූ කන්දක් වීමය. අනෙක් කරුණ නම් අදටත් දක්නට ලැබෙන ප්‍රායෝගික දසුනකි. එනම් මෙම කන්ද වලාකුළු වනාන්තරයක් වීමයි. එනම් නිතරම මීදුමෙන් වැසී තිබෙන එලෙසම සුළං ප්‍රවාහවලට මුහුණදී මීදුම උපදවන කඳු මුදුනක් වීමයි. එම නිසාම මෙම කන්දේ නිතරම ජලය ගලා ඒමක් සිදුවේ. එම හේතුව නිසාවෙනුත් කුණු දිය පව්ව යන නම ලැබී ඇති බව තවත් අරුතකි. කුණුදිය පර්වතයට අසන්නම ස්ථානය එරත්න ග්‍රාමයයි. වර්ණගල වතුයායේ කෙළවරක පිහිටි මෙම කන්ද නැඟීමට අප සැලසුම් කළේ ඉකුත් වසරේදීය. එම නිසාම වැසි රහිත කාලගුණයක් එනතුරුම මඟපෙන්වන්නෙකු සොයාගනු පිණිසත් කාලය වැයවුණි. පසුව අප පසුගිය මසකදී කන්ද තරණය කිරීමට ඉටා ගත්තේ මඟපෙන්වන කෙනෙකු සමඟිනි. නමුත් අප නියමිත දිනයේ එහි ගියද මඟපෙන්වන්නාට නොවැළැක්විය හැකි හේතුවක් මත අප සමඟ යාමට නොලැබුණි. කෙසේ වුවද අප අද තනිවම හෝ මෙම ගමන සිදුකළ යුතු බවට තීරණය කළෙමු. පෙර කතිකා කරගත් පරිදි හදිසියේ හෝ අපට රැයක් ගත කිරීමට අවශ්‍ය වුවහොත් යැයි සිතා කූඩාරම්, රාත්‍රි ආහාරයක් පිළියෙළ කර ගැනීමට බඳුනක් හා කෙටි ආහාර රැගෙන ආවෙමු. උදෑසන 6 වනවිට අප එරත්නට පැමිණියෙමු. විගසින් ගමන ආරම්භ කළ අප ගිං ගඟුල, ජම්බෝල ගහයට අම්බලම පසුකරමින් ඩයිමන්ගල හරහා වර්ණගල අම්බලමට ළඟා වූයේ විනාඩි 40කට පමණ ගමනකින් පසුවය. මීට පෙර අප වර්ණගල අම්බලම අසල කුඩා ජල විදුලි බලාගාරය අසලම කැලෑ පාරෙන් යතුරුපැදි මඟින්ම පැමිණියෙමු. වර්ණගල ඇල්ල කෙසේ හෝ අප අද කුණු දිය පව්ව නගින්නේ ඉතාමත් කාරුණික පුද්ගලයකුගේ හෙළිදරව් කිරීමක් මගින් අප සිතූ පහසු මගකිනි. එනම් වර්ණගල අම්බලමේ සිට දකුණට කඳු නගිමින් යාමටයි. නමුත් අප මේ තෝරාගත්තේ 100%ක් මරණය නියමිත අතිශය දුෂ්කර මාර්ගයකිනි. ඒ විශාල දිය පහරක් දිගේ කිලෝ මීටරයක වැඩි දුරක් ඉහළට නැගීමටයි. අප මේ මග තෝරාගත්තේ ඒ වනවිට ජල ප්‍රමාණය ඉතා අවම මට්ටමක තිබූ හෙයිනි. වැසි කාලයට මේ ඇල්ල දිගේ මීටර 50ක්වත් ගමන් කළ නොහැකිය. සුමන සමන් දෙවියන්ගේ ආශිර්වාදය මැද වර්ණගල දිය ඇල්ලේ දකුණු පස පිහිටි වනගත ඇල්ල අසලින් ගමන ඇරැඹුවේ එම ජල කඳ එන දිශාවට ගමන් කිරීමටයි. ප්‍රථමයෙන් අසල කැලයට පිවිස ගසක් දිගේ නැග එම ඇල්ලේ ඉහළට පැමිණියෙමු. මීට මාස කිහිපයකට පෙර අවාරේ අප පැමිණි දිනකදී මෙම ඇල්ලේ ජල කඳ අඩි 20ක් පමණ පළලින් යුතුව කඩා වැටුණද අද ඇත්තේ අඩි 8ක පමණ පළල සිහින් ජල වැටීමක් පමණි. එම අවම ජල ප්‍රමාණයක් පැවැතීම අපගේ ගමනට ඉමහත් අස්වැසිල්ලක් විය. අප ලද රහසිගත තොරතුරට අනුව ඇල්ල දිගේ ජල මූලාශ්‍රය වන තෙක්ම යා යුතුයි. එහිදී කඳු නගිමින් ජල පහර බෙදෙන ස්ථානවලදී නිවැරැදි මඟ සොයාගෙන යා යුතුය. කෙසේ හෝ ගමන ආරම්භයේ පටන් දුෂ්කර විය. වර්ෂාව නැති නිසා අපගේ මිත්‍ර කූඩැල්ලන් නොමැතිවීම තවත් සහනයක් විය. මීටර 200ක් පමණ ක්‍රමයෙන් ගල්කුට්ටි මතින් ඉහළට නගිමින් අප ඉදිරියට ගිය පසු මීටර 15ක් පමණ උස අලංකාර දිය ඇල්ලක් දක්නට ලැබුණි. එනම් මෙම මාර්ගයේදී අප මීටර 10කට වඩා උස අලංකාර දිය ඇලි 6ක් පමණ දුටු අතර ඒවා සාමාන්‍ය චාරිකාවකදීවත් දකින්නට නොලැබෙන අලංකාර කොමලියන් වූ බැවින් අප වන මැද සැඟවුණු දිය ඇලි නැරැඹීමට තරම් වාසනාවන්තයින් වූවෙමු. ද්රුෂ්කර ගමන විටෙක අඩි 10ක් පමණ උසැති ගල් කුට්ටි දිගේ බඩගාමින් හා සතර ගාතින් ඇවිද යමින් ඉහළටම ගමන් කළෙමු. පැය එකහමාරකට පමණ පසු අප අසල පිහිටි කන්දේ මුදුනට පැමිණියෙමු. එහිදී ඈතින් පහළ පිහිටි වර්ණගල විහාර භූමිය දක්නට ලැබුණි. තවද අප ඉදිරියේ පිහිටි පිදුරුතලාගල කන්දත් අපට වඩා ඉහළ මට්ටමක තිබූ බව අපට පෙනුණි. උදෑසන සිටම අලංකාර ලෙස කුණුදිය පර්වතය දුටුවද දැන් නම් අපට කිසිවක් පෙනුණේ නැත. මෙලෙස අප දිය පහර දිගේ බොහෝ දුරක් ඉහළට ඇදුනෙමු. එක් ස්ථානයකදී ඉදිරි මීටර 100 කෙසේවත් අපට ගල් කුට්ටි මතින් යමින් ඉහළට යාම කළ නොහැක්කක් විය. මන්ද සුවිසල් ගල් කුට්ටි තිබීමත් ඒවා සිරස් ලෙස පිහිටීමත් ඉදිරියේ පිහිටි දිය පහර ඉහළක සිට විශාල ගල් කුට්ටි දෙකක් අතරින් ගල්වලට පිටුපසින් කඩා වැටීමත් නිසා ඉන් ඉහළට නැගීම අප සිදුකළේ අසල පිහිටි වන පියසට ඇතුළු වීමෙනි. වන රොදද ඍජුවම නැග්මකි. ලිස්සන කැඩෙන පස් තට්ටු මතින් යමින් කටු කිතුල් අතු පරිස්සමට අල්ලමින් ගස් බඩගාගෙන අප ඉහළට නැග්ගෙමු. නැගීමට නොහැකි වූ ජල පහර පිහිටි ප්‍රදේශයේ වූ දියඇල්ල ජල ගුහාවක් වැනිය. ජල කඳ වැසි දිනෙක කොතරම් අපූරු විය හැකිදැයි අපට සිතුණද එහෙත් කිසිම විටෙක එය නැරැඹීමට නොහැකි බවද සිහිවුණි. නැවතත් අඩි 10ක් පමණ පළලින් කුඩා අතු ජල පහරක් දක්නට ලැබුණද අප යා යුතු මග තීරණය කිරීමට අපහසු නොවුණේ එම මග විශාල ගල් කුට්ටි පිහිටි වපසරියක් වීමයි. අපට අතරමග කැලයේ පිහිටි ගුහා දෙකක් හමුවූ අතර එහි දස දෙනෙකුට වුව සිටිය හැකි විය. ජල පහර පිහිටි මගේද එවැනි ගුහාවක් හමුවූ නමුත් එහිදී අධික ජල පහරකදී ගුහාව තුළටද ජලය පැමිණෙන සුළු විය. මේ වන විට අප ඉදිරියෙන් පිහිටි පිදුරුතලාගල කඳුවැටියේ උසට සමාන උසකින් අප සිටිනු බව පෙනුණි. මද දුරක් ගිය පසු ජල කඳ වමට බරව ඇදුණි. සමහර විට මීටර 100ක් පමණ දිගට විශාල ගල් තැන්නෙන් ජලය ගලාගෙන ආවේය. තවත් අවස්ථා ගණනාවක්ම ජල කඳ අපට නොපෙනුණේ ගල් කුට්ටි යටින් භූගතව ජල කඳ ගලා ගිය හෙයිනි. මිනිස් පුළුටක්වත් නොමැති ඝන කැලයක මා හා නිරෝෂ සමඟ සිටියේ අපමෙන්ම මෙම කන්ද නැඟීමට සිටි බලවන ගමේ යසරත්න මාමාය. ඔහුගේ වයස අවුරුදු 50 ඉක්මව තිබුණද බොහෝ විට ඉදිරි මඟ සාදාගෙන ගියේ ඔහු විසිනි. සිරිපාකන්ද හා කැලය ගැන කුඩා කල සිටම දැනුමක් තිබූ ඔහුට වනාන්තරයක ගමන් කිරීම ඉවෙන් මෙන් බොහෝ අවස්ථාවල දැනුණු බව අප දුටුවේ ඔහු නිවැරැදි මාර්ගය නිශ්චය කර ගන්නා විලාසයෙනි. කෙසේ හෝ අප යම් අවසානයක් කරා පැමිණ ඇති බව වැටහුණේ ජල පහර ක්‍රමයෙන් කුඩා වීමෙනි. මේ වන විට ජල කඳේ පළල අඩි 5ක් පමණ විය. පාසි බැඳුණු තුරු වියන් යට පිහිටි කුඩා ගල් කුට්ටි අතරින් ගලන ජල පහර ඇතැම් විට ශබ්දය ඇසුනද සොයා ගත නොහැකි විය. පසුව අප ළඟා වූයේ මීටර 100 කට වැඩි උසකින් යුත් දැවැන්ත ගල් බිත්තියක් අසළටයි. මාර්ගය එතැනින් අවසානය. සිහින් ජල පහරක් ගල් බිත්තිය දිගේ විවිධ ස්ථානවලින් පහළට රූටන අතර ඒවා ක්‍රමයෙන් අප ආ ජල කඳට එකතු වේ. එනම් අප සිටින්නේ කුණුදිය පව්වේ අංශක 90ක නැග්මක් නැගිය යුතු ස්ථානය අසළයි. වම් පස කටු ඉඹුල්, හාතාවාරිය, කටු උණ පඳුරු, බට පඳුරු අතරින් ඉතා දුෂ්කර ලෙස මාර්ගය සාදාගෙන ක්‍රමයෙන් ඉදිරියට ඇදුණේ කන්ද මුදුනට නැගගත හැකි සුදුසු ඉසව්වක් විපරම් කරමිනි. මේ කිසිඳු ආරක්ෂිත ක්‍රමයක් නොතිබුණු හෙයින් අප හැකි ස්ථානවලින් ගස් දිගේ නගිමින් විටෙක හරහට ගල් පතුරු උඩින් පරිස්සමට ඇවිද යමින් ඉහළට ඇදුනෙමු. මෙම අවසන් මීටර 200 නැගීමට අපට පැයකට අධික කාලයක් වැයවුණි. එක්තරා ස්ථානයකදී අප කටු කිතුල් ගසකින් පවා ඉහළට නැග්ගේ ගතේ දැවටුණු කටු ඉවත් කර ගනිමිනි. සිරිපා රක්ෂිතයට පමණක් ආවේණික දෝතළු ගස් කන්දෙන් ඉදිරියට නෙරා ගිය අතර එහි වූ අලංකාර මල් රාශියක් පිපී තිබුණේ ඒවා දැක ගැනීමට අපට වාසනාව හිමි කරමිනි. විටෙක අඩි සියයක දුරක් නැගීමට අපට විනාඩි 15ක් පමණ ගතවූයේ පස් කැඩී අල්ලා ගැනීමට හා නැගීමට ආධාරක සොයා ගැනීමට කාලය වැය වෙමිණි. අවසන් අදියර අඩි 15කට උස විශාල ගසක් දිගේ නැග ගල් කුට්ටියකට පැන කටු අකුල් අතරින් අප ගොඩවූයේ දවසේ ජයග්‍රහණය සැමරීමටය. එනම් පැය 7කට අධික අතිශය දුෂ්කර ගමනකින් පසු කුණුදිය පව්ව මුදුනට පැමිණීමේ සතුට සැමරීමටයි. මේ වන විට පිදුරුතලාගල කන්ද අපගේ මට්ටමට වඩා බෙහෙවින් පහළින් පිහිටියේය. කුණුදිය පව්ව මුදුන තනිකරම අඩි 10ක් පමණ උසැති අඟල් 5ක විෂ්කම්භයකින් යුතු ගස්වලින් වැසී තිබුණි. ඉහළ මුළු තැන්න වසාගෙනම එම ශාක තිබුණි. අධික මීදුම නිසා අවට පරිසරයත් ගස් අතරිනුත් අප දුටුවේ සුදු වර්ණය පමණි. ගස් අතරින් ඉහළට නැග හෙළ මායිමට පැමිණ විපරම් කෙරුවේ සිරිපා මලුව දැක ගැනීමටයි. නමුත් අධික මීදුම නිසා අපට එය නැරැඹීමට නොහැකි විය. පහළින් වර්ණගල අම්බලම හා එරත්න මාර්ගය එක් ස්ථානයකදී දැකගත හැකි වුවත් සමස්ත අනෙකුත් වපසරියම කොළ පැහැති ඝන වනයත් සුදු මීදුමත් පමණි. යසරත්න මාමා කියූ පරිදි භීෂණ සමයේ එක්තරා දේශපාලන පක්ෂයක රහසිගත පුහුණු කඳවුරක් මෙහි තිබී ඇත. එහි නටබුන් මේ කන්ද අවට තිබිය යුතු බව ඔහු පැවැසීය. තවද පැයකට වැඩි කාලයක් කඳු මුදුනේ අක්කර ගණනක් තුළ එහෙ මෙහෙ යමින් සිරි නැරැඹූ අප නැවත කන්ද බසින විට තරමක් වේගයෙන් විවේක නොගෙනම බසින ලදී. එම නිසාම සවස 6.40 වන විට නැවතත් වර්ණගල දියඇල්ල අසලට පැමිණ එක් දිනකදී කුණුදිය පව්ව තරණය කොට පැමිණි අයවීමේ භාග්‍යය අපට හිමි වුණි. ජීවිතයේ එක් වරක් විඳිය යුතු අතිශය අවදානම් ගමනක් වන මෙය සැබැවින්ම කිලෝ මීටර දහයකට පමණ එහා ඝන මූකලානක අප තිදෙනා තනිව ගෙවූ සොඳුරුම මතක සැමරුමක් විය. Travel in Sri Lanka Sobasiri හා සම්බන්ධවී ක්‍රියාදාම සංචාර ගැන විස්තර දැන ගැනීමටත් සැමවිටම පරිසරය ආරක්ෂා කරමින් ඔබගේ චාරිකා යන ලෙසටත් මතක් කරමු. නැවතත් කුරුවිට එරත්න පාරෙන්ම ගිං ගඟුල අසලට පැමිණෙන විට රාත්‍රී 8 පමණ වී තිබුණේ දෙපාවල වේදනාව නිසාවෙනි. සංචාරක සටහන හා ඡායාරූප ශමින්ද රන්ශාන් ප්‍රනාන්දු [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom