Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Wednesday at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Jul 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
SRI Pada Adawiye wechcha amuthu katha
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගිය ඉරිදා ලංකාදීප පත්තරේ මේ ලිපිය තිබුනා.

සිරිපා අඩවියේ තනිව විසූ වලහා කෑ හාමුදුරුවෝ

වැඩම කළේ කඩදොරපිටිය ගමට පමණයි

මෙයට කලකට පෙර ශ්‍රීපාද අඩවියේ මහ කැලෑවේ භාවනායෝගීව සිටින භික්ෂූන් වහන්සේ නමක් පිළිබඳව බොහෝ දෙනෙක් කතා කරන්නට වූහ. මෙම භික්ෂූන් වහන්සේ කැලෑවෙන් එළියට එන්නේ එහෙමත් අවස්ථාවකදී පමණක් බව ශ්‍රීපාද අඩවියේ කැලෑ ආශ්‍රිතව ඇති ගම්මානවල ගැමියන් ප්‍රකාශ කර තිබුණි. ඔවුන් මෙම භික්ෂුන් වහන්සේ හැඳින්වූයේ වළහා කෑ හාමුදුරුවෝ යනුවෙනි. කාගේ කව්ද ගම කොහෙද යන්නවත් කිසිවෙකුත් මේ හිමියන් ගැන දැන නොසිටි අතර මුහුණේ එක් පසෙක විශාල තුවාල කැළලක් දකින්නට ලැබුණ නිසා ගම්මුන් මෙම හිමියන් වළහා කෑ හාමුදුරුවෝ යනුවෙන් හඳුන්වන්නට හේතු විය. ඇතැම් පුවත්පත්වල මාධ්‍යවේදීන් පවා මෙම හිමියන් මුණ ගැසී ලිපි පෙලක් පෙලගස්වන්නට උත්සාහ කළත් එයද ඉටු වී නොතිබිණි. මෙම හිමියන්ගේ තොරතුරු බොහෝ දෙනෙකු නොදැන සිටියත් ශ්‍රීපාද අඩවියේ කැලැබද ගම්මානවල ජනතාව විශ්වාස කළේ මෙහිමියන් යම් මාර්ග ඵලයක් ලබා ඇති බවය. එම නිසාම ඉඳහිට හෝ කැලැවෙන් එළියට පැමිණෙන මෙහිමියන්ට දානය පූජා කිරීමට එම ගැමියන් සැදී පැහැදී සිටියහ. එසේ අවස්ථාවක් ලැබුණේ කිහිපදෙනෙකුට පමණි. එයට හේතුව තමන්ට සරිලන පිරිකර හා දානය ලැබුණ වහාම ඒ හිමියන් නැවත වනවැදී නොපෙනී යන නිසාවෙනි.

එහෙත් කොත්මලේ, පුඬලුඔය, කඩදොරපිටිය ග්‍රාමයේ එවකට සිටි පැරැණි ගම්මුන්ට මෙහිමියන්ට සත්කාර කරන්නට දානය පිළිගැන්වීමට වසර තුනකට හතරකට වරක් අවස්ථාව ලැබුණි. එවන් අවස්ථාවල මෙම වළහා කෑ හිමියන්ට පුද සත්කාර කිරීමට එම ග්‍රාමයේ වැසියෝ නොවලහා කටයුතු කළහ.

එයට හේතුව වී තිබුණේ වසර කිහිපයකට වතාවක් මෙම භාවනා යෝගී හිමියන් නොවරදවාම කඩදොරපිටිය ගම්මානයට පැමිණෙන හෙයින්ය. එයට හේතුව වූයේ මෙම වළහා කෑ හාමුදුරුවන්ගේ ගුරු හාමුදුරුවන් වැඩ විසුවේ කොත්මලේ පුඬලුඔය කඩදොර පිටිය ග්‍රාමයේ මේඝානන්ද විහාරස්ථානයේය. තමන් මහණ කළ සිය ගුරුහිමියන් බැහැ දැකීමට වළහා කෑ හාමුදුරුවන් නොවරදවාම වසර කිහිපයකට වතාවක් එම විහාරස්ථානයට පැමිණීමට සිරිතක් කරගෙන තිබුණි.

වළහා කෑ හාමුදුරුවන් මහණ වීම පිටුපස ඇත්තේද අපූර්වතම කතාවකි. එය මෙසේය. මෙහිමියන් ගිහි කළ ජීවත්ව ඇත්තේ පුඬළුඔය උතුරු පුඬළුඔය වතුයායේ ලැයිම්කාමරයක මව සමගය. මව එම වතුයායේ තේ දළු නෙළන්නියක ලෙස කටයුතු කර ඇත. ඇගේ ස්වාමියා අකාලයේ මිය ගොස් ඇති අතර සිය එකම පුතු ඉතා ආදරයෙන් හදාවඩාගත්තාය. මෙම මවත් දරුවාත් නිතර නිතර කඩදොර පිටිය විහාරස්ථානයට පැමිණ ශීල සමාදන් වීම ඇතුළු පිංකම්වල යෙදී ඇත. මෙම දරුවා තරුණ වියට එළඹෙත්ම ඔහුට මහණවීමට සිතී ඇති අතර ඒ බව විහාරස්ථානයේ විහාරාධිපතිව වැඩවිසූ මාදෝවිට පේමනන්ද නාහිමියන් වෙත සැලකර ඇත. එහිමියන් මහත් කරුණාවෙන් යුත් සිල්වත් හිමිනමකි. එහිමියන් මෙම දරුවාගේ හැසිරීම් හා දැනුම ගතිගුණ මැනවින් වටහාගෙන තිබුණ නිසා මෙම දරුවා සම්බුද්ධ ශාසනයට ඇතුළු කරවීමට කැමැත්ත පළ කළහ. එහෙත් මහණ වීමට නම් මවගේ කැමැත්ත රැගෙන පැමිණෙන ලෙස පේමානන්ද හිමියෝ මෙම තරුණයාට සැලකර සිටියහ. මොහුද පෙරළා ගොස් මහණවීමට මවගේ අවසරය පැතුවත් තම එකම දරුවා මහණ කරවීමට ඇය අකමැති විය. මේ නිසා තරුණයාගේ සිතට මහත් දුකක් කණගාටුවක් දැනුන හෙයින් ඔහු නොකා නොබී කල්පනාවේම දවස ගෙවන්නට විය. එහෙත් මවගේ අදහස නම් වෙනස් නොවුණි.

කෙමෙන් එසේ කාලය ගෙවෙද්දී ගමේ විහාරස්ථානයට පහළින් ගලායන පුඬළුඔයේ දිය පහරකට අසුව ගසාගෙන පැමිණි තරුණයෙකු එම ඔයේ දිය නාමින් සිටි පිරිසක් විසින් බේරාගත් පුවත පේමානන්ද හිමියන්ට දැනගන්නට ලැබී එහිමියන් එම තරුණයා බැලීමට එම ස්ථානයට ගිය විට දැකගන්නට ලැබුණේ මහණවීමට අවසර ඉල්ලූ මෙම තරුණයාය. ඉතා අපහසුවෙන් සිටි මෙම තරුණයා ගම්මුන්ගේ සහයෙන් විහාරස්ථානයට රැගෙන ආ අතර මේ තරුණයාට අවශ්‍ය ප්‍රතිකාර කර සුවපත් කිරීමෙන් අනතුරුව කරුණු විමසා ඇත. ඒ අවස්ථාවේ මෙම තරුණයා පවසා ඇත්තේ තමන්ට මහණවීමට සිය මව අවසර නොදුන් නිසා ඇතිවූ සිත් කලකිරීම මත සියදිවි නසා ගැනීමට සිතා ඔයේ සැඩ පහරට පැන්න බවය. පසුව සියදිවි නසාගැනීමේ විපාක මෙම තරුණයාට පැහැදිලි කර දුන් පේමානන්ද නා හිමියන් ඔහුගේ මව ගෙන්වා කරුණු පැහැදිලි කිරීමෙන් පසුව තම දරුවා මිය යනවාට වඩා මහණ වී හෝ ජීවත් ව සිටිනු දැකීමට කැමැති වූ මව මෙම තරුණයාට මහණ වීමට අවසර ලබා දුන්නාය.

මෙයින් මහත් සතුටට පත්වූ තරුණයා එදා පටන් මෙම විහාරස්ථානයේ නතර වී බණ දහම් ඉගෙන වසරකට පසු කඩදොරපිටියේ සීලානන්ද නමින් සාසනයට ඇතුළු විය. එසේ සාසනයට ඇතුළු වූ දින පටන්ම මෙම සීලානන්ද හිමියන් භික්ෂු ජීවිතයේ අපූර්ව වෙනසකට මුල පුරා ඇත. එනම් මහන ජීවිතයට ඇතුළු වූ දින පටන්ම මෙම සීලානන්ද හිමියන් දානය සඳහා පිඩුසිඟා වැඩි අතර ඒ ලැබෙන පිංඩපාතය රැගෙන විත් බුද්ධ පූජාව තබා විහාරස්ථානයේ වැඩ විසූ අනෙකුත් භික්ෂූන් වහන්සේලාටද පූජා කර වැළැඳීමට පුරුදු විය. එසේම විහාරාධිපති හිමියන් සකස් කර දුන් ආවාස ගෙයි කාමරයේ විසීමට මෙම භික්ෂූන් වහන්සේ අකමැති වූ අතර උන්වහන්සේ විහාරධිපති හිමියන් ගෙන් ඉල්ලා සිටියේ තමාට නිදහසේ භාවනා කිරීමට අවශ්‍ය බවත් එම අවාස ගෙයි සිටීම එයට බාධාකාරී තත්ත්වයක් ඇතිවන හෙයින් පන්සල් ඉඩමේ කෙළවරක පැල්පතක් අටවා දෙන ලෙසය. මෙම භික්ෂූන් වහන්සේගේ ඉල්ලීමට එකඟව මාදෝවිට පේමානන්ද නාහිමියෝ පන්සල් ඉඩමේ කෙළවරක පැල්පතක් සකස් කර දුන්නේ සතුටෙනි. එම ස්ථානයේත් භාවනා කරමින් කාලය ගත කිරීමට මෙම හිමියන්ට නොහැකි විය. එයට හේතුවූයේ ගම්වාසීන් මෙම භාවනා කරන හිමියන් දැකීමට නිතර නිතර එම පැල්පතට පැමිණීමයි. උන්වහන්සේ එම පැල්පතෙන් ඉවත්ව පන්සල පහළින් ගලායන ඔයේ පිහිටා ඇති ගල් ගුහාවකට ගොස් භාවනායෝගීව වෙසෙන්නට විය. මෙය දැනගත් ගම්මු එතැනටද වැල නොකැඩී පැමිණෙන්ට වීම මෙම හිමියන්ට මහත් බාධාවක් විය. අවසානයේ උන්වහන්සේ තීරණයකට එළඹ ඒ බව සිය ගුරුහිමියන්ට දැනුම් දුන්නේය. එනම් තමන් භාවනා කිරීමට ශ්‍රීපාද අඩවියට යන බවයි. ගුරු හිමියන් දෙවරක් සිතුවේ නැත. මෙම තරුණ හිමියන්ගේ අදහස මැනවින් වටහාගත් නායක හිමියෝ ඊට අවසර දුන්හ. එතැන් පටන් උන්වහන්සේ ශ්‍රීපාද අඩවියට ගොස් භාවනායෝගීව වැඩ වසන්නට වූහ. වසර කිහිපයකට වතාවක් පැමිණ තම ගුරුහිමියන් බලා වතාවත් ඉටුකර ආපසු යන්නට වූහ.

දිනක් මාදෝවිට පේමානන්ද හිමියන්ට විදුලි පුවතක් ලැබුණි. එය එවා තිබුණේ හැටන් රෝහලෙනි. එහි සඳහන් කර තිබුණේ භාවනායෝගීව ශ්‍රී පාද අඩවියේ විසූ මෙම හිමියන් බරපතළ ලෙස අසනීප වී හැටන් රෝහලේ ප්‍රතිකාර ලබන බවය. පේමානන්ද හිමියෝ පසුවදාම හැටන් රෝහලට වැඩම කළේ මෙම හිමියන් බැලීමටය. එහිදී පේමානන්ද හිමියන්ට දක්නට ලැබුණේ මුහුණ බරපතළ සැත්කමකට භාජනය කරනු ලැබූ සිය ශිෂ්‍ය හිමියන්ය. කරුණු සොයා බැලූ නායක හිමියන්ට දැනගන්නට ලැබුණේ මෙම හිමියන් භාවනා යෝගීව සිටින අවස්ථාවක පැටියන් කිහිප දෙනෙකු සමග එතැනට පැමිණි වැලහින්නක් මෙම හිමියන්ගේ මුහුණට දරුණු ලෙස පහර දුන් බවය. වැලහින්න සමඟ පෙරළා සටන් නොකළ මෙම හිමියන් කර ඇත්තේ වැළහින්න සිහිකර මෛත්‍රී භාවනාව වැඩීම බවත් එසැනින් මෙම වැළහින්න මරහඬ දී ගෙන පැන ගිය බවත් එයින් පසු ඉතා අපහසුවෙන් ගම්මානයක් වෙත පැමිණි පසු එම ගමේ මිනිසුන් මෙම හිමි නම රෝහල් ගත කළ බවත්ය.

කලක් රෝහල් ගතව ප්‍රතිකාර ගත් මෙම භාවනා යෝගී හිමිනම සුව වූ පසු නැවැත භාවනා ජීවිතය ගත කිරීමට ශ්‍රී පාද අඩවියේ වනය වෙතට වැඩම කර ඇත. එතැන් පටන් එම වනය අවට ගම්වාසීන් මෙම හිමියන් හඳුන්වා ඇත්තේ වලහා කෑ හාමුදුරුවෝ යනුවෙනි.

මෙම හිමියන් ගැන නොයෙකුත් කතා එම වනය අවට ගම්වාසීන් විසින් පවසන ලද අතර එයින් එක් කතාවක් මෙහි සඳහන් කරමි. මේ හිමියන් ඉඳහිට පිඬුසිඟා ගම්මානවලට වඩින බවත් මේ හිමියන් වෙසෙන ගල්ලෙන තිබෙන ස්ථානය කිසිවෙකුටත් සොයා ගැනීමට නොහැකි බවත් ගමේ පිරිස් මේ හිමියන් පිඬුසිඟා වැඩි අවස්ථාවක පිඬුසිඟා ආපසු යන විට එහිමියන්ට නොදැනෙන්නට රහසේ එහිමියන් පිටුපසින් ගිය බවත් පවසන ලද අතර එහෙත් මද දුරක් ගිය පසු ඒ හිමියන් එක්විටම නොපෙනී ගිය බවත් මෙම හිමියන් පිළිබඳ විස්තරාත්මක ලිපියක් ලියන්නට ගිය මාධ්‍යවේදීන් කණ්ඩායමකට ගම්මුන් පවසා ඇත. ගම්මුන් විශ්වාස කළේ මෙහිමියන් යම් මාර්ග ඵලයක් ලබා ඇති බවය.

[QUOTE="1sam, post: 27361361, member: 557062"] ගිය ඉරිදා ලංකාදීප පත්තරේ මේ ලිපිය තිබුනා. සිරිපා අඩවියේ තනිව විසූ වලහා කෑ හාමුදුරුවෝ වැඩම කළේ කඩදොරපිටිය ගමට පමණයි මෙයට කලකට පෙර ශ්‍රීපාද අඩවියේ මහ කැලෑවේ භාවනායෝගීව සිටින භික්ෂූන් වහන්සේ නමක් පිළිබඳව බොහෝ දෙනෙක් කතා කරන්නට වූහ. මෙම භික්ෂූන් වහන්සේ කැලෑවෙන් එළියට එන්නේ එහෙමත් අවස්ථාවකදී පමණක් බව ශ්‍රීපාද අඩවියේ කැලෑ ආශ්‍රිතව ඇති ගම්මානවල ගැමියන් ප්‍රකාශ කර තිබුණි. ඔවුන් මෙම භික්ෂුන් වහන්සේ හැඳින්වූයේ වළහා කෑ හාමුදුරුවෝ යනුවෙනි. කාගේ කව්ද ගම කොහෙද යන්නවත් කිසිවෙකුත් මේ හිමියන් ගැන දැන නොසිටි අතර මුහුණේ එක් පසෙක විශාල තුවාල කැළලක් දකින්නට ලැබුණ නිසා ගම්මුන් මෙම හිමියන් වළහා කෑ හාමුදුරුවෝ යනුවෙන් හඳුන්වන්නට හේතු විය. ඇතැම් පුවත්පත්වල මාධ්‍යවේදීන් පවා මෙම හිමියන් මුණ ගැසී ලිපි පෙලක් පෙලගස්වන්නට උත්සාහ කළත් එයද ඉටු වී නොතිබිණි. මෙම හිමියන්ගේ තොරතුරු බොහෝ දෙනෙකු නොදැන සිටියත් ශ්‍රීපාද අඩවියේ කැලැබද ගම්මානවල ජනතාව විශ්වාස කළේ මෙහිමියන් යම් මාර්ග ඵලයක් ලබා ඇති බවය. එම නිසාම ඉඳහිට හෝ කැලැවෙන් එළියට පැමිණෙන මෙහිමියන්ට දානය පූජා කිරීමට එම ගැමියන් සැදී පැහැදී සිටියහ. එසේ අවස්ථාවක් ලැබුණේ කිහිපදෙනෙකුට පමණි. එයට හේතුව තමන්ට සරිලන පිරිකර හා දානය ලැබුණ වහාම ඒ හිමියන් නැවත වනවැදී නොපෙනී යන නිසාවෙනි. එහෙත් කොත්මලේ, පුඬලුඔය, කඩදොරපිටිය ග්‍රාමයේ එවකට සිටි පැරැණි ගම්මුන්ට මෙහිමියන්ට සත්කාර කරන්නට දානය පිළිගැන්වීමට වසර තුනකට හතරකට වරක් අවස්ථාව ලැබුණි. එවන් අවස්ථාවල මෙම වළහා කෑ හිමියන්ට පුද සත්කාර කිරීමට එම ග්‍රාමයේ වැසියෝ නොවලහා කටයුතු කළහ. එයට හේතුව වී තිබුණේ වසර කිහිපයකට වතාවක් මෙම භාවනා යෝගී හිමියන් නොවරදවාම කඩදොරපිටිය ගම්මානයට පැමිණෙන හෙයින්ය. එයට හේතුව වූයේ මෙම වළහා කෑ හාමුදුරුවන්ගේ ගුරු හාමුදුරුවන් වැඩ විසුවේ කොත්මලේ පුඬලුඔය කඩදොර පිටිය ග්‍රාමයේ මේඝානන්ද විහාරස්ථානයේය. තමන් මහණ කළ සිය ගුරුහිමියන් බැහැ දැකීමට වළහා කෑ හාමුදුරුවන් නොවරදවාම වසර කිහිපයකට වතාවක් එම විහාරස්ථානයට පැමිණීමට සිරිතක් කරගෙන තිබුණි. වළහා කෑ හාමුදුරුවන් මහණ වීම පිටුපස ඇත්තේද අපූර්වතම කතාවකි. එය මෙසේය. මෙහිමියන් ගිහි කළ ජීවත්ව ඇත්තේ පුඬළුඔය උතුරු පුඬළුඔය වතුයායේ ලැයිම්කාමරයක මව සමගය. මව එම වතුයායේ තේ දළු නෙළන්නියක ලෙස කටයුතු කර ඇත. ඇගේ ස්වාමියා අකාලයේ මිය ගොස් ඇති අතර සිය එකම පුතු ඉතා ආදරයෙන් හදාවඩාගත්තාය. මෙම මවත් දරුවාත් නිතර නිතර කඩදොර පිටිය විහාරස්ථානයට පැමිණ ශීල සමාදන් වීම ඇතුළු පිංකම්වල යෙදී ඇත. මෙම දරුවා තරුණ වියට එළඹෙත්ම ඔහුට මහණවීමට සිතී ඇති අතර ඒ බව විහාරස්ථානයේ විහාරාධිපතිව වැඩවිසූ මාදෝවිට පේමනන්ද නාහිමියන් වෙත සැලකර ඇත. එහිමියන් මහත් කරුණාවෙන් යුත් සිල්වත් හිමිනමකි. එහිමියන් මෙම දරුවාගේ හැසිරීම් හා දැනුම ගතිගුණ මැනවින් වටහාගෙන තිබුණ නිසා මෙම දරුවා සම්බුද්ධ ශාසනයට ඇතුළු කරවීමට කැමැත්ත පළ කළහ. එහෙත් මහණ වීමට නම් මවගේ කැමැත්ත රැගෙන පැමිණෙන ලෙස පේමානන්ද හිමියෝ මෙම තරුණයාට සැලකර සිටියහ. මොහුද පෙරළා ගොස් මහණවීමට මවගේ අවසරය පැතුවත් තම එකම දරුවා මහණ කරවීමට ඇය අකමැති විය. මේ නිසා තරුණයාගේ සිතට මහත් දුකක් කණගාටුවක් දැනුන හෙයින් ඔහු නොකා නොබී කල්පනාවේම දවස ගෙවන්නට විය. එහෙත් මවගේ අදහස නම් වෙනස් නොවුණි. කෙමෙන් එසේ කාලය ගෙවෙද්දී ගමේ විහාරස්ථානයට පහළින් ගලායන පුඬළුඔයේ දිය පහරකට අසුව ගසාගෙන පැමිණි තරුණයෙකු එම ඔයේ දිය නාමින් සිටි පිරිසක් විසින් බේරාගත් පුවත පේමානන්ද හිමියන්ට දැනගන්නට ලැබී එහිමියන් එම තරුණයා බැලීමට එම ස්ථානයට ගිය විට දැකගන්නට ලැබුණේ මහණවීමට අවසර ඉල්ලූ මෙම තරුණයාය. ඉතා අපහසුවෙන් සිටි මෙම තරුණයා ගම්මුන්ගේ සහයෙන් විහාරස්ථානයට රැගෙන ආ අතර මේ තරුණයාට අවශ්‍ය ප්‍රතිකාර කර සුවපත් කිරීමෙන් අනතුරුව කරුණු විමසා ඇත. ඒ අවස්ථාවේ මෙම තරුණයා පවසා ඇත්තේ තමන්ට මහණවීමට සිය මව අවසර නොදුන් නිසා ඇතිවූ සිත් කලකිරීම මත සියදිවි නසා ගැනීමට සිතා ඔයේ සැඩ පහරට පැන්න බවය. පසුව සියදිවි නසාගැනීමේ විපාක මෙම තරුණයාට පැහැදිලි කර දුන් පේමානන්ද නා හිමියන් ඔහුගේ මව ගෙන්වා කරුණු පැහැදිලි කිරීමෙන් පසුව තම දරුවා මිය යනවාට වඩා මහණ වී හෝ ජීවත් ව සිටිනු දැකීමට කැමැති වූ මව මෙම තරුණයාට මහණ වීමට අවසර ලබා දුන්නාය. මෙයින් මහත් සතුටට පත්වූ තරුණයා එදා පටන් මෙම විහාරස්ථානයේ නතර වී බණ දහම් ඉගෙන වසරකට පසු කඩදොරපිටියේ සීලානන්ද නමින් සාසනයට ඇතුළු විය. එසේ සාසනයට ඇතුළු වූ දින පටන්ම මෙම සීලානන්ද හිමියන් භික්ෂු ජීවිතයේ අපූර්ව වෙනසකට මුල පුරා ඇත. එනම් මහන ජීවිතයට ඇතුළු වූ දින පටන්ම මෙම සීලානන්ද හිමියන් දානය සඳහා පිඩුසිඟා වැඩි අතර ඒ ලැබෙන පිංඩපාතය රැගෙන විත් බුද්ධ පූජාව තබා විහාරස්ථානයේ වැඩ විසූ අනෙකුත් භික්ෂූන් වහන්සේලාටද පූජා කර වැළැඳීමට පුරුදු විය. එසේම විහාරාධිපති හිමියන් සකස් කර දුන් ආවාස ගෙයි කාමරයේ විසීමට මෙම භික්ෂූන් වහන්සේ අකමැති වූ අතර උන්වහන්සේ විහාරධිපති හිමියන් ගෙන් ඉල්ලා සිටියේ තමාට නිදහසේ භාවනා කිරීමට අවශ්‍ය බවත් එම අවාස ගෙයි සිටීම එයට බාධාකාරී තත්ත්වයක් ඇතිවන හෙයින් පන්සල් ඉඩමේ කෙළවරක පැල්පතක් අටවා දෙන ලෙසය. මෙම භික්ෂූන් වහන්සේගේ ඉල්ලීමට එකඟව මාදෝවිට පේමානන්ද නාහිමියෝ පන්සල් ඉඩමේ කෙළවරක පැල්පතක් සකස් කර දුන්නේ සතුටෙනි. එම ස්ථානයේත් භාවනා කරමින් කාලය ගත කිරීමට මෙම හිමියන්ට නොහැකි විය. එයට හේතුවූයේ ගම්වාසීන් මෙම භාවනා කරන හිමියන් දැකීමට නිතර නිතර එම පැල්පතට පැමිණීමයි. උන්වහන්සේ එම පැල්පතෙන් ඉවත්ව පන්සල පහළින් ගලායන ඔයේ පිහිටා ඇති ගල් ගුහාවකට ගොස් භාවනායෝගීව වෙසෙන්නට විය. මෙය දැනගත් ගම්මු එතැනටද වැල නොකැඩී පැමිණෙන්ට වීම මෙම හිමියන්ට මහත් බාධාවක් විය. අවසානයේ උන්වහන්සේ තීරණයකට එළඹ ඒ බව සිය ගුරුහිමියන්ට දැනුම් දුන්නේය. එනම් තමන් භාවනා කිරීමට ශ්‍රීපාද අඩවියට යන බවයි. ගුරු හිමියන් දෙවරක් සිතුවේ නැත. මෙම තරුණ හිමියන්ගේ අදහස මැනවින් වටහාගත් නායක හිමියෝ ඊට අවසර දුන්හ. එතැන් පටන් උන්වහන්සේ ශ්‍රීපාද අඩවියට ගොස් භාවනායෝගීව වැඩ වසන්නට වූහ. වසර කිහිපයකට වතාවක් පැමිණ තම ගුරුහිමියන් බලා වතාවත් ඉටුකර ආපසු යන්නට වූහ. දිනක් මාදෝවිට පේමානන්ද හිමියන්ට විදුලි පුවතක් ලැබුණි. එය එවා තිබුණේ හැටන් රෝහලෙනි. එහි සඳහන් කර තිබුණේ භාවනායෝගීව ශ්‍රී පාද අඩවියේ විසූ මෙම හිමියන් බරපතළ ලෙස අසනීප වී හැටන් රෝහලේ ප්‍රතිකාර ලබන බවය. පේමානන්ද හිමියෝ පසුවදාම හැටන් රෝහලට වැඩම කළේ මෙම හිමියන් බැලීමටය. එහිදී පේමානන්ද හිමියන්ට දක්නට ලැබුණේ මුහුණ බරපතළ සැත්කමකට භාජනය කරනු ලැබූ සිය ශිෂ්‍ය හිමියන්ය. කරුණු සොයා බැලූ නායක හිමියන්ට දැනගන්නට ලැබුණේ මෙම හිමියන් භාවනා යෝගීව සිටින අවස්ථාවක පැටියන් කිහිප දෙනෙකු සමග එතැනට පැමිණි වැලහින්නක් මෙම හිමියන්ගේ මුහුණට දරුණු ලෙස පහර දුන් බවය. වැලහින්න සමඟ පෙරළා සටන් නොකළ මෙම හිමියන් කර ඇත්තේ වැළහින්න සිහිකර මෛත්‍රී භාවනාව වැඩීම බවත් එසැනින් මෙම වැළහින්න මරහඬ දී ගෙන පැන ගිය බවත් එයින් පසු ඉතා අපහසුවෙන් ගම්මානයක් වෙත පැමිණි පසු එම ගමේ මිනිසුන් මෙම හිමි නම රෝහල් ගත කළ බවත්ය. කලක් රෝහල් ගතව ප්‍රතිකාර ගත් මෙම භාවනා යෝගී හිමිනම සුව වූ පසු නැවැත භාවනා ජීවිතය ගත කිරීමට ශ්‍රී පාද අඩවියේ වනය වෙතට වැඩම කර ඇත. එතැන් පටන් එම වනය අවට ගම්වාසීන් මෙම හිමියන් හඳුන්වා ඇත්තේ වලහා කෑ හාමුදුරුවෝ යනුවෙනි. මෙම හිමියන් ගැන නොයෙකුත් කතා එම වනය අවට ගම්වාසීන් විසින් පවසන ලද අතර එයින් එක් කතාවක් මෙහි සඳහන් කරමි. මේ හිමියන් ඉඳහිට පිඬුසිඟා ගම්මානවලට වඩින බවත් මේ හිමියන් වෙසෙන ගල්ලෙන තිබෙන ස්ථානය කිසිවෙකුටත් සොයා ගැනීමට නොහැකි බවත් ගමේ පිරිස් මේ හිමියන් පිඬුසිඟා වැඩි අවස්ථාවක පිඬුසිඟා ආපසු යන විට එහිමියන්ට නොදැනෙන්නට රහසේ එහිමියන් පිටුපසින් ගිය බවත් පවසන ලද අතර එහෙත් මද දුරක් ගිය පසු ඒ හිමියන් එක්විටම නොපෙනී ගිය බවත් මෙම හිමියන් පිළිබඳ විස්තරාත්මක ලිපියක් ලියන්නට ගිය මාධ්‍යවේදීන් කණ්ඩායමකට ගම්මුන් පවසා ඇත. ගම්මුන් විශ්වාස කළේ මෙහිමියන් යම් මාර්ග ඵලයක් ලබා ඇති බවය. [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom