Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Yesterday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Yesterday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Yesterday at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Wednesday at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Jul 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
SRI Pada Adawiye wechcha amuthu katha
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ හිමියන් ධර්ම දේශනා කිරීමටත් ඉතා සරලව ධර්ම කරුණු පහදා දීමටත් මහත් දක්ෂ තාවයක් දක්වා ඇත.

එක්තරා වෙසක් පොහොය දිනක මේ වළහා කෑ හාමුදුරුවෝ සිය ගුරු හිමියන් දකින්නට කඩදොර පිටිය මේඝානන්ද විහාරයට පැමිණ ඇත. එසේ පැමිණෙන එදින විහාරස්ථානයේ විශාල පිංකමක් සංවිධානය කර තිබූ අතර පිංකම් අවසානයේ ධර්ම දේශනාවක්ද සංවිධානය කර තිබී ඇත. ධර්ම දේශනාව පැවැත්වීමට යෝජිතව තිබුණේ මාදෝවිට දේවානන්ද හිමියන්ටය. එහෙත් වලහා කෑ හාමුදුරුවන්ගේ පැමිණීම නිසා ඒ ධර්මදේශනා අවස්ථාව ඒහිමියන්ට ලබා දීමට දේශක හිමියන් තීරණය කර ඇත. එදින ධර්ම දේශනාව පවත්වන්නේ වළහා කෑ හාමුදුරුවන් බව ප්‍රචාරය වීමට වැඩිවේලාවක් ගතවූයේ නැත. ගම්වාසීන් මෙන්ම අවට ගම්වාසීන්ද වැලනොකැඩී විහාරස්ථානය වෙත පැමිණි අතර ධර්මශාලාව අතුරු සිදුරු නැතිව පිරී ඉතිරී යන්නට විය.

ධර්මදේශනා පවත්නා වේලාව එළඹිණි වළහා කෑ හාමුදුරුවෝ ධර්මාසනාරූඪ වූහ. පැයක ධර්ම දේශනාවක් අසන්නට ගම්වාසී උපාසක උපාසිකාවෝ සැදී පැහැදී සිටියහ. වළහා කෑ හාමුදුරුවෝ සිරිත් පරිදි නමස්කාරය, දේවතාරාධනාව කර පැමිණ සිටි අයට ඉල්ලිමක් ඉදිරිපත් කළේය. එනම් තමන්ට තමා සකස් කරගත් ධර්ම දේශනාවක් සිදු කිරීමට වඩා පිරිස අතර සිටින අයට සාකච්ඡා කර පොදු ධර්ම ගැටලුවක්් ඉදිරිපත් කරන ලෙසය. එයට පිළිතුර තමා ලබා දෙන බවත් උන්වහන්සේ පවසා ඇත. ඒ අනුව මදවේලාවක් සාකච්ඡා කළ ශ්‍රාවක පිරිස පොදු කරුණක් මේ හිමියන්ට ඉදිරිපත් කර ඇත. එනම් “ස්වාමීන් වහන්ස, අපට දුක පිළිබඳව විස්තර කර දෙන්න” යනුවෙනි.

උපාසක, උපාසිකා පිරිස ගාථා ආශ්රයෙන් ජාතක කතා ආශ්රයෙන් අටුවා ටීකා ටිප්පනි ඇතිව විශාල විස්තර කිරීමක් හරහා ධර්ම කරුණු මේ හිමියන්ගෙන් බලාපොරොත්තු වී ඇත.

මේ හිමියන් දේශනා කරනු වෙනුවට සාකච්ඡා කරමින් දුක යන්න වටහා දීමට පටන් ගෙන ඇත. ඒ මෙසේය.

ස්වාමීන් වහන්සේ - හොඳයි මම දුක් කියන්නේ මොකක්ද කියලා සරලව තේරුම් කරල දෙන්නම්. මෙතැන ඉන්න ගොඩක් අයට දරුවෝ ඉන්නව නේද?

පිරිස - එහෙමයි හාමුදුරුවනේ.

ස්වාමීන් වහන්සේ - ඔබේ සහෝදර සහෝදරියන්ටත් දරුවෝ ඉන්නව නේද?

පිරිස - එහෙමයි.

ස්වාමීන් වහන්සේ - ඔබේ අසල්වැසියන්ටත් දරුවො ඉන්නව නේද?

පිරිස - එහෙමයි.

ස්වාමීන් වහන්සේ - ඔබලා නොදන්න අයටත් දරුවො ඉන්නව නේද?

පිරිස - එහෙමයි ස්වාමීන් වහන්ස.

ස්වාමීන් වහන්සේ - ඔබලාගේ දරුවෙක් මැරෙනවා. ඔබලාට මොනවගේ දුකක්ද ඇත්වෙන්නේ.

පිරිසෙන් අයෙක් - ස්වාමීන් වහන්ස, දරාගන්න බැරි තරම් දුකක් ඇති වෙනවා. මුළු ලෝකයම කඩන් වැටෙනවා. මට මොනවා වේවිද දන්නෑ.

ස්වාමීන් වහන්සේ - ඔබේ සහෝදරයාගේ පුතා මැරෙනවා. ඔබට මොනවගේ දුකක්ද ඇතිවන්නේ?

පිරිසෙන් අයෙක් - ස්වාමීනි යම් දුකක් ඇතිවෙනවා. ඒත් මගේ පුතා මැරුණු විට තරම් දුකක් ඇතිවෙන්නේ නෑ.

ස්වාමීන් වහන්සේ - ඔබේ අසල්වැසියාගේ පුතා මැරෙනවා ඔබට මොනවගේ දුකක්ද ඇතිවෙන්නේ?

පිරිසේ අයෙක් - ස්වාමීනි ඉතා සුළු දුකක් ඇතිවෙනවා. ඒත් සහෝදරයාගේ පුතු මැරුණු විට ඇතිවූ තරම් දුකක් ඇති වෙන්නේ නෑ.

ස්වාමීන් වහන්සේ - ඔබ නොදන්නා කෙනෙකුගේ පුතෙක් මැරෙනවා. ඔබට මොනවගේ දුකක්ද ඇතිවන්නේ?

පිරිසේ අයෙක් - ස්වාමීනි කිසිම දුකක් ඇති වෙන්නේ නෑ.

ස්වාමීන් වහන්සේ - එසේ නම් දුක අපට දැනෙන්නේ කොහොමද?

පිරිසේ අයෙක් - ස්වාමීනි දුක මම මගේ කියා සිතින් අල්ලා ගන්නා මට්ටමට දුක ඇතිවෙනවා.

ස්වාමීන් වහන්සේ - බොහොම හොඳයි. ඔබලාගෙ දරුවෝ කවුරු හරි පුංචි කාලේ මුහුදු වෙරළට ගිහින් වැලි මාළිගා හදල සෙල්ලම් කරල තියෙනවාද?

පිරිසේ අයෙක් - එහෙමයි ස්වාමීනි එහෙම මුහුදු වෙරළට ගිහින් මගේ පුතා වැලි මාළිගා හදල තියෙනවා

ස්වාමීන් වහන්සේ - මුහුදේ රැළි ඇවිත් වැළි මාලිගා කැඩී යද්දී පුංචි පුතා ඇඬුවද?

පිරිසේ අයෙක් - එහෙමයි ස්වාමීනි.

ස්වාමීන් වහන්සේ - ඔබත් ඔහුත් එක්ක ඇඬුවද?

පිරිසේ අයෙක් - නැහැ ස්වාමීනි.

ස්වාමීන් වහන්සේ - ඇයි ඔබ ඇඬුවේ නැත්තේ?

පිරිසේ අයෙක් - ස්වාමීන් වහන්ස, දරුවෝ අඬන්නේ ඔහු වැලි මාලිගා නිත්‍යයි ස්ථිරයි සිතා ඒවායේ ලස්සන දැක ඊට සිතින් තදින් බැඳෙන නිසා දරුවා ඇඬුවා. මම ඔහු වැලි මාලිගාව හදද්දීම එය නිත්‍ය නැති බව දන්නවා. ඒ නිසා එය කැඩී බිඳී වැනසී යන විට මා අඬන්නේ නෑ.

ගතවූයේ පැය භාගයකට ආසන්න කාලයකි. ඉතා ගැඹුරු ධර්ම කරුණක් ඉතා සරලව පහදා දුන් උන්වහන්සේ ධර්ම දේශනාව අවසන් කරන ලදී. පිරිසේ සියළුම දෙනා පාහේ දුක පිළිබඳව මනා අවබෝධයක් ලබාගෙන තිබුණි.

ඉන්පසු වළහා කෑ හාමුදුරුවෝ කඩදොරපිටිය ග්‍රාමයට පැමිණියේ නැත. ඒ උන්වහන්සේගේ ගුරු හිමියන් වූ මාදෝවිට පේමානන්ද හිමියන් අපවත් වූ නිසාවෙනි. ඉන් කලකට පසු ශ්‍රී පාද අඩවිය ආශ්රිත ගම්වාසීන් පවසා තිබුණේ වනයේ ගල් ගුහාවක තිබී ඇටසැකිල්ලක් හමුවූ බවත් දිරා ගිය සිවුරු කැබැලි කීපයක්ද එහි තිබූ බවය. ඔවුන්ගේ අදහස වී ඇත්තේ ඒ වළහා කෑ හාමුදුරුවන් අපවත් වී දිරා ගිය සිරුරේ කොටස් බවය.

කොත්මලේ -

රංජිත් සිසිර කුමාර

සූරියආරච්චි

[QUOTE="1sam, post: 27361364, member: 557062"] මේ හිමියන් ධර්ම දේශනා කිරීමටත් ඉතා සරලව ධර්ම කරුණු පහදා දීමටත් මහත් දක්ෂ තාවයක් දක්වා ඇත. එක්තරා වෙසක් පොහොය දිනක මේ වළහා කෑ හාමුදුරුවෝ සිය ගුරු හිමියන් දකින්නට කඩදොර පිටිය මේඝානන්ද විහාරයට පැමිණ ඇත. එසේ පැමිණෙන එදින විහාරස්ථානයේ විශාල පිංකමක් සංවිධානය කර තිබූ අතර පිංකම් අවසානයේ ධර්ම දේශනාවක්ද සංවිධානය කර තිබී ඇත. ධර්ම දේශනාව පැවැත්වීමට යෝජිතව තිබුණේ මාදෝවිට දේවානන්ද හිමියන්ටය. එහෙත් වලහා කෑ හාමුදුරුවන්ගේ පැමිණීම නිසා ඒ ධර්මදේශනා අවස්ථාව ඒහිමියන්ට ලබා දීමට දේශක හිමියන් තීරණය කර ඇත. එදින ධර්ම දේශනාව පවත්වන්නේ වළහා කෑ හාමුදුරුවන් බව ප්‍රචාරය වීමට වැඩිවේලාවක් ගතවූයේ නැත. ගම්වාසීන් මෙන්ම අවට ගම්වාසීන්ද වැලනොකැඩී විහාරස්ථානය වෙත පැමිණි අතර ධර්මශාලාව අතුරු සිදුරු නැතිව පිරී ඉතිරී යන්නට විය. ධර්මදේශනා පවත්නා වේලාව එළඹිණි වළහා කෑ හාමුදුරුවෝ ධර්මාසනාරූඪ වූහ. පැයක ධර්ම දේශනාවක් අසන්නට ගම්වාසී උපාසක උපාසිකාවෝ සැදී පැහැදී සිටියහ. වළහා කෑ හාමුදුරුවෝ සිරිත් පරිදි නමස්කාරය, දේවතාරාධනාව කර පැමිණ සිටි අයට ඉල්ලිමක් ඉදිරිපත් කළේය. එනම් තමන්ට තමා සකස් කරගත් ධර්ම දේශනාවක් සිදු කිරීමට වඩා පිරිස අතර සිටින අයට සාකච්ඡා කර පොදු ධර්ම ගැටලුවක්් ඉදිරිපත් කරන ලෙසය. එයට පිළිතුර තමා ලබා දෙන බවත් උන්වහන්සේ පවසා ඇත. ඒ අනුව මදවේලාවක් සාකච්ඡා කළ ශ්‍රාවක පිරිස පොදු කරුණක් මේ හිමියන්ට ඉදිරිපත් කර ඇත. එනම් “ස්වාමීන් වහන්ස, අපට දුක පිළිබඳව විස්තර කර දෙන්න” යනුවෙනි. උපාසක, උපාසිකා පිරිස ගාථා ආශ්රයෙන් ජාතක කතා ආශ්රයෙන් අටුවා ටීකා ටිප්පනි ඇතිව විශාල විස්තර කිරීමක් හරහා ධර්ම කරුණු මේ හිමියන්ගෙන් බලාපොරොත්තු වී ඇත. මේ හිමියන් දේශනා කරනු වෙනුවට සාකච්ඡා කරමින් දුක යන්න වටහා දීමට පටන් ගෙන ඇත. ඒ මෙසේය. ස්වාමීන් වහන්සේ - හොඳයි මම දුක් කියන්නේ මොකක්ද කියලා සරලව තේරුම් කරල දෙන්නම්. මෙතැන ඉන්න ගොඩක් අයට දරුවෝ ඉන්නව නේද? පිරිස - එහෙමයි හාමුදුරුවනේ. ස්වාමීන් වහන්සේ - ඔබේ සහෝදර සහෝදරියන්ටත් දරුවෝ ඉන්නව නේද? පිරිස - එහෙමයි. ස්වාමීන් වහන්සේ - ඔබේ අසල්වැසියන්ටත් දරුවො ඉන්නව නේද? පිරිස - එහෙමයි. ස්වාමීන් වහන්සේ - ඔබලා නොදන්න අයටත් දරුවො ඉන්නව නේද? පිරිස - එහෙමයි ස්වාමීන් වහන්ස. ස්වාමීන් වහන්සේ - ඔබලාගේ දරුවෙක් මැරෙනවා. ඔබලාට මොනවගේ දුකක්ද ඇත්වෙන්නේ. පිරිසෙන් අයෙක් - ස්වාමීන් වහන්ස, දරාගන්න බැරි තරම් දුකක් ඇති වෙනවා. මුළු ලෝකයම කඩන් වැටෙනවා. මට මොනවා වේවිද දන්නෑ. ස්වාමීන් වහන්සේ - ඔබේ සහෝදරයාගේ පුතා මැරෙනවා. ඔබට මොනවගේ දුකක්ද ඇතිවන්නේ? පිරිසෙන් අයෙක් - ස්වාමීනි යම් දුකක් ඇතිවෙනවා. ඒත් මගේ පුතා මැරුණු විට තරම් දුකක් ඇතිවෙන්නේ නෑ. ස්වාමීන් වහන්සේ - ඔබේ අසල්වැසියාගේ පුතා මැරෙනවා ඔබට මොනවගේ දුකක්ද ඇතිවෙන්නේ? පිරිසේ අයෙක් - ස්වාමීනි ඉතා සුළු දුකක් ඇතිවෙනවා. ඒත් සහෝදරයාගේ පුතු මැරුණු විට ඇතිවූ තරම් දුකක් ඇති වෙන්නේ නෑ. ස්වාමීන් වහන්සේ - ඔබ නොදන්නා කෙනෙකුගේ පුතෙක් මැරෙනවා. ඔබට මොනවගේ දුකක්ද ඇතිවන්නේ? පිරිසේ අයෙක් - ස්වාමීනි කිසිම දුකක් ඇති වෙන්නේ නෑ. ස්වාමීන් වහන්සේ - එසේ නම් දුක අපට දැනෙන්නේ කොහොමද? පිරිසේ අයෙක් - ස්වාමීනි දුක මම මගේ කියා සිතින් අල්ලා ගන්නා මට්ටමට දුක ඇතිවෙනවා. ස්වාමීන් වහන්සේ - බොහොම හොඳයි. ඔබලාගෙ දරුවෝ කවුරු හරි පුංචි කාලේ මුහුදු වෙරළට ගිහින් වැලි මාළිගා හදල සෙල්ලම් කරල තියෙනවාද? පිරිසේ අයෙක් - එහෙමයි ස්වාමීනි එහෙම මුහුදු වෙරළට ගිහින් මගේ පුතා වැලි මාළිගා හදල තියෙනවා ස්වාමීන් වහන්සේ - මුහුදේ රැළි ඇවිත් වැළි මාලිගා කැඩී යද්දී පුංචි පුතා ඇඬුවද? පිරිසේ අයෙක් - එහෙමයි ස්වාමීනි. ස්වාමීන් වහන්සේ - ඔබත් ඔහුත් එක්ක ඇඬුවද? පිරිසේ අයෙක් - නැහැ ස්වාමීනි. ස්වාමීන් වහන්සේ - ඇයි ඔබ ඇඬුවේ නැත්තේ? පිරිසේ අයෙක් - ස්වාමීන් වහන්ස, දරුවෝ අඬන්නේ ඔහු වැලි මාලිගා නිත්‍යයි ස්ථිරයි සිතා ඒවායේ ලස්සන දැක ඊට සිතින් තදින් බැඳෙන නිසා දරුවා ඇඬුවා. මම ඔහු වැලි මාලිගාව හදද්දීම එය නිත්‍ය නැති බව දන්නවා. ඒ නිසා එය කැඩී බිඳී වැනසී යන විට මා අඬන්නේ නෑ. ගතවූයේ පැය භාගයකට ආසන්න කාලයකි. ඉතා ගැඹුරු ධර්ම කරුණක් ඉතා සරලව පහදා දුන් උන්වහන්සේ ධර්ම දේශනාව අවසන් කරන ලදී. පිරිසේ සියළුම දෙනා පාහේ දුක පිළිබඳව මනා අවබෝධයක් ලබාගෙන තිබුණි. ඉන්පසු වළහා කෑ හාමුදුරුවෝ කඩදොරපිටිය ග්‍රාමයට පැමිණියේ නැත. ඒ උන්වහන්සේගේ ගුරු හිමියන් වූ මාදෝවිට පේමානන්ද හිමියන් අපවත් වූ නිසාවෙනි. ඉන් කලකට පසු ශ්‍රී පාද අඩවිය ආශ්රිත ගම්වාසීන් පවසා තිබුණේ වනයේ ගල් ගුහාවක තිබී ඇටසැකිල්ලක් හමුවූ බවත් දිරා ගිය සිවුරු කැබැලි කීපයක්ද එහි තිබූ බවය. ඔවුන්ගේ අදහස වී ඇත්තේ ඒ වළහා කෑ හාමුදුරුවන් අපවත් වී දිරා ගිය සිරුරේ කොටස් බවය. කොත්මලේ - රංජිත් සිසිර කුමාර සූරියආරච්චි [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom