Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Yesterday at 4:56 PM
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Wednesday at 12:16 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Stay safe my dudes | Covid PSA
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Dr. Hasinda Udalagama writes:

මිත්‍ර වරුනි,

අප නියම වසංගතය අත්දකින්නේ දැන් බව වටහා ගන්න. පසුගිය වසරේ ආසාදිතයින් සංඛ්‍යාව ලෙස අප විසින් ගණන් බැලුවේ යම් ආසාදිතයෙක් සොයාගත් විට ඔහුගේ හෝ ඇයගේ ආශ්‍රිතයන්ව හඹා ගොස් සිදුකරන PCR පරීක්ෂා වලින් පසු ලැබෙන ප්‍රතිපල වලිනි. ඒ ආසාදිතයින් අතර බහුතරයක් රෝගලක්ෂණ පෙන්නුවේ නැත. ඔවුන් බහුතරයක් කොවිඩ් රෝගීන් නොව කොවිඩ් වයිරසය ආසාදිතයින් ය සෞඛ්‍ය පද්ධතියට, ආර්ථිකයට ලොකු බරක් නොවී සුලු ප්‍රතිකාර, සත්කාර මගින් ඔවුන්ව කලමණාකරණය කර ගත හැකි විය. ඔවුන් වැඩිපුර සිටියේ රෝහල් තුල නොව අන්තර්ප්රතිකාර මධ්‍යස්ථාන ලෙස සැලකූ තාවකාලිකව නිර්මාණය කල මධ්‍යස්ථාන වල ය.

නමුත් දැන් දැන් තත්ත්වය වෙනස් වෙමින් තිබේ. දැන් සිටින්නේ "කොවිඩ් රෝගීන්" ය. ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් හඹා යෑමට කාලය සහ ශ්‍රමය වැය කල නොහැකි තරමට ආසාදිතයින් හමුවෙමින් තිබේ. සෞඛ්‍ය පද්ධතිය විසින් ආසාදිතයින් සොයා ගන්නා අතරම ආසාදිතයින් විසින් සෞඛ්‍ය පද්ධතිය සොයා ඒම ද වැඩි වැඩියෙන් නිරීක්ෂණය වේ. බාහිර රෝගී අංශ වලට, රෝහල් වාට්ටු වලට, පුද්ගලික අංශයට පැමිණෙන රෝග ලක්ෂණ පෙන්නුම් කරන අයව පරීක්ෂණ වලට බඳුන් කල පසු වෙනදාට වඩා සැලකිය යුතු පිරිසක් "පොසිටිව් " වෙමින් තිබෙන බව නොරහසකි. ඔවුන්ව පෑලියගොඩට හෝ මිනුවන්ගොඩට ඈඳා පොකුරුගත කිරීම අපහසු සේම නිශ්පල දෙයක් වගද පසක් වෙමින් තිබේ. දැන් අභියෝගය පොකුරු නිර්මාණය වීම වැළැක්වීමවත් සමාජ ව්‍යාප්තිය අවම කිරීමවත් නොව රෝහල් පද්ධතිය බිඳ වැටීම වළක්වා ගැනීම ය. මේ කියවන ඔබ හෝ ඔබේ පවුලේ කෙනෙකු රෝගය වැළඳී උත්සන්න වන අවස්ථාවක මරණයෙන් ගැලවීම සඳහා රෝහලක්, ඔක්සිජන් පහසුකම්, දැඩි සත්කාර පහසුකම් නොලැබී යාම වළක්වා ගැනීම සඳහා ය. ඒ ගැන චිත්‍රයක් මවා ගැනීමට අපහසු නම් ඉන්දියාවේ ප්රවෘත්ති ප්‍රකාශයක් විනාඩි පහක් බලා සිටීම ප්‍රමාණවත් ය.

මේ යන රෝගය අමුතු ය. රෝග ලක්ෂණ පෙන්වන ප්‍රතිශතය වැඩිය. රෝගයේ උග්‍ර අවස්ථා වලට යෑමේ සම්භාවිතාවය ද වැඩිය.( නිරීක්ෂණයක් පමණි)... පැතිරෙන වේගය ද වැඩි බවක් දැනේ. අලුත් ප්‍රභේදයක් හෝ එක්සත් ජනපදය/ඉන්දියාව වැනි රටවලින් සොයා ගත් ප්‍රභේදයක් වීමේ වැඩි ඉඩකඩක් ද පවතී. මේ සියල්ලේ ප්‍රතිපලය වැඩි වැඩියෙන් වයිරසය ආසාදනය වීම ය. ආසාදිතයින් වැඩි වන විට රෝග ලක්ෂණ පෙන්වන ප්‍රමාණය වැඩි වේ.. රෝග ලක්ෂණ පෙන්වන අය වැඩි වැඩියෙන් වාර්තාවන විට රෝගයේ උග්‍ර අවස්ථා වැඩි වීමද නිතැතින්ම සිදුවේ. වැඩි වැඩියෙන් අයි.සී.යූ වලට ඇතුලත් කිරීමට ද සිදු වනු ඇත. ඒවාට සෞඛ්‍ය පද්ධතිය ඔරොත්තු නොදුණ හොත් අවසානයේ මරණ ගණනද වැඩි වනු ඇත.

වයිරසය කෙසේ බෝ වුවත්, මොන තරම් භයානක වුවත් එය බෝ වී වැඩි ආසාදිතයින් ප්‍රමාණයක් සමාජයේ හමු වීම වැලැක්වීමට කල හැකි හොඳම දේ නම් ආසාදිතයින් සහ ආසාදනය නොවුන අය අතර මුසු වීම අවම කිරීම ය. එසේ අවම කිරීමට නම් ආසාදිතයින් කවුද කියා අප දැන සිටිය යුතුය. මේ වන විට ආසාදිතයින් කවුද කියා සොයා ගැනීම අතිශය අසීරු වී ඇත. රෝගලක්ෂණ නොපෙන්වන අය සහ රෝග ලක්ෂණ මද වශයෙන් පෙන්වන අයටද රෝග ලක්ෂණ පෙන්වන අය තරමටම රෝගය බෝ කිරීමේ හැකියාව පවතින බව දැන් නොරහසකි.

රෝගීන් වැඩි වශයෙන් සිටින ප්‍රදේශ, දිස්ත්‍රික්ක, හෝ පලාත් සහ අනෙක් ප්‍රදේශ මුසු වීම වලක්වා ගත්තා නම් වසංගතය පාලනයට එය විශාල සහයෝගයක් වනු ඇත. නමුත් එය කෙරෙන බවක් පෙනෙන්නට නැත. ඒ නිසා ප්‍රදේශ අතර මුසු වීම කෙසේ වෙතත් ප්‍රදේශ අතර ජනයා මුසු වීම වළක්වා ගැනීමට කටයුතු කිරීම ජනයාගේම වගකීමක් බවට දැන් පත්ව තිබේ. අනෙකාගේ ආසාදිතබව ගැන සැක සංකා උපදවාගෙන ටික කලක් වැඩ කිරීම නුවනට හුරු ය. " ඔය කිව්වට අපිටත් දන්නෙම නැතුව හැදිලා ඇත්තෙ", "රස්නෙ කාලෙට කොවිඩ් හැදෙන්න නෑ", "කුරුණෑගලනෙ කොවිඩ් තියෙන්නෙ", "ඔය යන්න දෙන්න තියෙන්නෙ - හැදෙන උන්ට හැදෙයි " වැනි මිත්‍යාවන් තාවකාලික බව ඒ මිත්‍යාවන් දෙසූ උන් දැන් මුනිවත රකින ආකාරය දෙස බලා තේරුම් ගන්න

තීරණාත්මක සති දෙක ගෙවී ගොස් හමාර ය. තමන්ගේ ආරක්ෂාව තමන් සපයා ගැනීම සඳහාවත් ඊලඟ සති දෙක තීරණාත්මකව ප්‍රයෝජනයට ගන්න.

[QUOTE="lovethebomb, post: 26330930, member: 531830"] Dr. Hasinda Udalagama writes: මිත්‍ර වරුනි, අප නියම වසංගතය අත්දකින්නේ දැන් බව වටහා ගන්න. පසුගිය වසරේ ආසාදිතයින් සංඛ්‍යාව ලෙස අප විසින් ගණන් බැලුවේ යම් ආසාදිතයෙක් සොයාගත් විට ඔහුගේ හෝ ඇයගේ ආශ්‍රිතයන්ව හඹා ගොස් සිදුකරන PCR පරීක්ෂා වලින් පසු ලැබෙන ප්‍රතිපල වලිනි. ඒ ආසාදිතයින් අතර බහුතරයක් රෝගලක්ෂණ පෙන්නුවේ නැත. ඔවුන් බහුතරයක් කොවිඩ් රෝගීන් නොව කොවිඩ් වයිරසය ආසාදිතයින් ය සෞඛ්‍ය පද්ධතියට, ආර්ථිකයට ලොකු බරක් නොවී සුලු ප්‍රතිකාර, සත්කාර මගින් ඔවුන්ව කලමණාකරණය කර ගත හැකි විය. ඔවුන් වැඩිපුර සිටියේ රෝහල් තුල නොව අන්තර්ප්රතිකාර මධ්‍යස්ථාන ලෙස සැලකූ තාවකාලිකව නිර්මාණය කල මධ්‍යස්ථාන වල ය. නමුත් දැන් දැන් තත්ත්වය වෙනස් වෙමින් තිබේ. දැන් සිටින්නේ "කොවිඩ් රෝගීන්" ය. ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් හඹා යෑමට කාලය සහ ශ්‍රමය වැය කල නොහැකි තරමට ආසාදිතයින් හමුවෙමින් තිබේ. සෞඛ්‍ය පද්ධතිය විසින් ආසාදිතයින් සොයා ගන්නා අතරම ආසාදිතයින් විසින් සෞඛ්‍ය පද්ධතිය සොයා ඒම ද වැඩි වැඩියෙන් නිරීක්ෂණය වේ. බාහිර රෝගී අංශ වලට, රෝහල් වාට්ටු වලට, පුද්ගලික අංශයට පැමිණෙන රෝග ලක්ෂණ පෙන්නුම් කරන අයව පරීක්ෂණ වලට බඳුන් කල පසු වෙනදාට වඩා සැලකිය යුතු පිරිසක් "පොසිටිව් " වෙමින් තිබෙන බව නොරහසකි. ඔවුන්ව පෑලියගොඩට හෝ මිනුවන්ගොඩට ඈඳා පොකුරුගත කිරීම අපහසු සේම නිශ්පල දෙයක් වගද පසක් වෙමින් තිබේ. දැන් අභියෝගය පොකුරු නිර්මාණය වීම වැළැක්වීමවත් සමාජ ව්‍යාප්තිය අවම කිරීමවත් නොව රෝහල් පද්ධතිය බිඳ වැටීම වළක්වා ගැනීම ය. මේ කියවන ඔබ හෝ ඔබේ පවුලේ කෙනෙකු රෝගය වැළඳී උත්සන්න වන අවස්ථාවක මරණයෙන් ගැලවීම සඳහා රෝහලක්, ඔක්සිජන් පහසුකම්, දැඩි සත්කාර පහසුකම් නොලැබී යාම වළක්වා ගැනීම සඳහා ය. ඒ ගැන චිත්‍රයක් මවා ගැනීමට අපහසු නම් ඉන්දියාවේ ප්රවෘත්ති ප්‍රකාශයක් විනාඩි පහක් බලා සිටීම ප්‍රමාණවත් ය. මේ යන රෝගය අමුතු ය. රෝග ලක්ෂණ පෙන්වන ප්‍රතිශතය වැඩිය. රෝගයේ උග්‍ර අවස්ථා වලට යෑමේ සම්භාවිතාවය ද වැඩිය.( නිරීක්ෂණයක් පමණි)... පැතිරෙන වේගය ද වැඩි බවක් දැනේ. අලුත් ප්‍රභේදයක් හෝ එක්සත් ජනපදය/ඉන්දියාව වැනි රටවලින් සොයා ගත් ප්‍රභේදයක් වීමේ වැඩි ඉඩකඩක් ද පවතී. මේ සියල්ලේ ප්‍රතිපලය වැඩි වැඩියෙන් වයිරසය ආසාදනය වීම ය. ආසාදිතයින් වැඩි වන විට රෝග ලක්ෂණ පෙන්වන ප්‍රමාණය වැඩි වේ.. රෝග ලක්ෂණ පෙන්වන අය වැඩි වැඩියෙන් වාර්තාවන විට රෝගයේ උග්‍ර අවස්ථා වැඩි වීමද නිතැතින්ම සිදුවේ. වැඩි වැඩියෙන් අයි.සී.යූ වලට ඇතුලත් කිරීමට ද සිදු වනු ඇත. ඒවාට සෞඛ්‍ය පද්ධතිය ඔරොත්තු නොදුණ හොත් අවසානයේ මරණ ගණනද වැඩි වනු ඇත. වයිරසය කෙසේ බෝ වුවත්, මොන තරම් භයානක වුවත් එය බෝ වී වැඩි ආසාදිතයින් ප්‍රමාණයක් සමාජයේ හමු වීම වැලැක්වීමට කල හැකි හොඳම දේ නම් ආසාදිතයින් සහ ආසාදනය නොවුන අය අතර මුසු වීම අවම කිරීම ය. එසේ අවම කිරීමට නම් ආසාදිතයින් කවුද කියා අප දැන සිටිය යුතුය. මේ වන විට ආසාදිතයින් කවුද කියා සොයා ගැනීම අතිශය අසීරු වී ඇත. රෝගලක්ෂණ නොපෙන්වන අය සහ රෝග ලක්ෂණ මද වශයෙන් පෙන්වන අයටද රෝග ලක්ෂණ පෙන්වන අය තරමටම රෝගය බෝ කිරීමේ හැකියාව පවතින බව දැන් නොරහසකි. රෝගීන් වැඩි වශයෙන් සිටින ප්‍රදේශ, දිස්ත්‍රික්ක, හෝ පලාත් සහ අනෙක් ප්‍රදේශ මුසු වීම වලක්වා ගත්තා නම් වසංගතය පාලනයට එය විශාල සහයෝගයක් වනු ඇත. නමුත් එය කෙරෙන බවක් පෙනෙන්නට නැත. ඒ නිසා ප්‍රදේශ අතර මුසු වීම කෙසේ වෙතත් ප්‍රදේශ අතර ජනයා මුසු වීම වළක්වා ගැනීමට කටයුතු කිරීම ජනයාගේම වගකීමක් බවට දැන් පත්ව තිබේ. අනෙකාගේ ආසාදිතබව ගැන සැක සංකා උපදවාගෙන ටික කලක් වැඩ කිරීම නුවනට හුරු ය. " ඔය කිව්වට අපිටත් දන්නෙම නැතුව හැදිලා ඇත්තෙ", "රස්නෙ කාලෙට කොවිඩ් හැදෙන්න නෑ", "කුරුණෑගලනෙ කොවිඩ් තියෙන්නෙ", "ඔය යන්න දෙන්න තියෙන්නෙ - හැදෙන උන්ට හැදෙයි " වැනි මිත්‍යාවන් තාවකාලික බව ඒ මිත්‍යාවන් දෙසූ උන් දැන් මුනිවත රකින ආකාරය දෙස බලා තේරුම් ගන්න තීරණාත්මක සති දෙක ගෙවී ගොස් හමාර ය. තමන්ගේ ආරක්ෂාව තමන් සපයා ගැනීම සඳහාවත් ඊලඟ සති දෙක තීරණාත්මකව ප්‍රයෝජනයට ගන්න. [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom