Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Steve jobs කියපු_දේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලොව හෙල්ලූ මිනිසෙක් මරණ මංචකයේදී කී කතාව

[ATTACH]68929[/ATTACH]

ඇපල් සමාගමේ සම නිර්මාතෘවරයා වූ ස්ටීව් ජොබ්ස් මියගියේ 2011 වසරේ ඔක්තෝබර් හය වැනිදාය. ඒ වන විට ඔහුගේ වයස අවුරුදු පනස් හයකි. පරිගණක ක්ෂේත්රය හා දුරකථන ක්ෂේත්රය ඇතුළු ලෝකයේ මිනිස් ජීවිත වෙනස් කරන සුළු ක්ෂේත්‍ර ගණනාවක් බරපතළ ලෙස වෙනස්කම්වලට භාජනය කරන්නට සමත් වූ මේ අසහාය මිනිසාට කාටත් පොදු අටලෝ දහම හමුවේ නම් පරාජය වෙන්නට සිදු විය.

ස්ටීව් ජොබ්ස් මියගියේ දරුණු අගන්‍යාස පිළිකාවකින් අනන්ත දුක් විඳිමිනි. ඔහු විසින් සිය මරණ මංචකයේදී කළේ යෑයි කියන ප්‍රකාශයක්, ඔහු මියගිය පසුව 2015 අවුරුද්දේදී අන්තර්ජාල වෙබ් අඩවි පුරා වේගයෙන් පැතිර යන්නට විය.

මේ ඔහු විසින් කරන ලදැයි කියවෙන ඒ අවසන් ප්‍රකාශයයි.

මම ව්‍යාපාර ලෝකයේ ජයග්‍රහණයේ මුදුන් හිණිපෙත්තටම පැමිණි අයෙක්මි. බොහෝ අය දකින පරිදි මගේ ජීවිතය ජයග්‍රහණය පිළිබඳවම වූ සංකේතයකි.

එහෙත්, වැඩ කිරීමෙන් ලද සතුටට අමතරව මා ජීවිතයෙන් ලද සතුටක් ඇතිනම් ඒ ඉතා ස්වල්ප වශයෙනි. මා මේ ජීවිතයෙන් ලබා ගත් එකම සතුට ධනවත් වීම පමණකි.

මේ මොහොතේ මේ ගිලන් ඇඳේ වැතිරී ඉඳිමින් මම මගේ මුළු ජීවිතයම මෙනෙහි කරමි. ළඟ ළඟම එළඹෙන මරණය හමුවේ මා මෙතෙක් ආඩම්බරයෙන් දරා උන් ධනවත් බවෙහිත් කීර්තියේත් දීප්තිමත් බව කෙමෙන් දියවී යන අයුරු මට පෙනෙයි.

අද මගේ පණ නල රැඳී තිබෙන්නේ මගේ සිරුරට සවි කර ඇති මේ යන්ත්‍රවල පිහිටෙනි. ඒ යන්ත්‍රවල මුණු මුණුවත්, ඒවායේ කොළ පැහැ එළිත් අඳුරේදී දකින මට මරණයේ දේවතාවන්ගේ හුස්ම හඬ කෙමෙන් ළං වෙන්නාක් මෙන් දැනෙයි.

ජීවත් වෙන්නට ප්‍රමාණවත් තරම් මුදල් උපයා ගත් විට, ධනවත්කම හා බැඳීමක් නැතත් ජීවිතය හා බඳීමක් ඇති අනෙකුත් කාරණා ඉටු කරගන්නට කටයුතු කළ යුතු බව මට දැන් දැනෙයි.

ඒවා ධනවත්කම තරමටම ජීවිතයට වැදගත්ය.

අපේ සමීපතමයන් හා ඇති බැඳීම, කලාව, ළමාවියේදී අප මැවූ සිහින.. මේවා ධනවත්කමට වඩා ජීවිතයට වැදගත්ය.

මේ සියල්ල අත්හැර ධනය පසුපසම හඹා යැමෙන් වනුයේ මා වැනි පැටලුම් සහගත පීඩිත මිනිසෙකු නිර්මාණය වීමය.

දෙවියන් අපට සිතන්නට ශක්තිය දුන්නේ අන් අයගේ සිත්හි ඇති ආදරය කරුණාව දකින්නට මිස ධනය විසින් මැවූ මායාවේ දීප්තිය පමණක් දකින්නට නොවේ.

මා විසින් උපයා ගත් සීමාන්තික ධනයෙන් කිසිවක් අද මට ගෙනයන්නට නොහැකිය. මට ගෙනයන්නට හැක්කේ මගේ සිතෙහි රැඳුණු ආදරය පිළිබඳ මතකයන් පමණකි.

අපට උපයා ගත හැකි සැබෑ ධනවත්කම් ඒවාය. ජීවිතයට ආලෝකයත් ශක්තියත් ලබා දෙන්නේ ඒ ධනවත්කම් මගින් පමණකි. ජීවිතයේදීත් මරණයේදීත් අප හා රැඳී සිටින්නේත් ඒ මතකයන්ගෙන් සැදුම්ලත් ධනය පමණකි.

ආදරයට සැතපුම් දහස් ගණන් දුර යා හැකිය. ජීවිතයට සීමා මායිම් නැත. ඒ නිසා ජීවිතය තුළ සැරිසරන්න. ඔබට හැකි තරම් ඉහළ ඉලක්කයකට ගමන් කරන්න.. ඒ සියල්ලට ශක්තිය ඇත්තේ ඔබේ හදවතේ හා ඔබේ දෑතෙහිය.

මේ ලොව මිල අධිකම ඇඳ කුමක්ද..?

ඒ ගිලන් ඇඳයි..

ඔබට ඔබේ වාහනය ඔබ වෙනුවෙන් පදවාගෙන යන්නට කෙනෙකු මුදලට සොයා ගත හැකිය. එහෙත් ඔබ වෙනුවෙන් ඔබේ රෝගී බව දරාගනිමින් ගිලන් ඇඳක සැතපෙන්නට කෙනෙකු කොතරම් මුදල් ගෙවාවත් සොයා ගන්නට නොහැකිය.

නැති වෙන, විනාශ වෙන භෞතික දේවල් නැවත ලබා ගන්නට හැකිය. එහෙත් නැති වී ගිය ජීවිතයක් නැවත ලබා ගන්නට කවමදාකවත් නොහැකිය.

ඔබ කොතරම් පොත් පත් කියවා ඇති අයකු වුවත්, ඔබට කියවන්නට නොහැකි වූ තවත් එක් පොතක් ඇති බව ශල්‍යාගාරයට ඔබව ගෙනයන මොහොතක ඔබට මතක් වනු ඇත. ඒ නිරෝගී ජීවිතයකට මාර්ගය නම් පොතයි.

අප ඉන්නේ ජීවිතයේ කුමන අවධියක වුවද, ජීවිත කතාවේ තිරය වැසෙන දිනය ඕනෑම මොහොතක එළඹිය හැකිය. ජීවිතය එබඳු අවිනිශ්චිත නාට්‍යයකි.

එබැවින් ඔබේ පවුලට, සැමියාට බිරිඳට, මිතුරු මිතුරියන්ට ආදරය කරන්න.

ඔබට ආදරය කරන්න.

ඔබව මෙන්ම අනෙක් අයවත් ආදරයෙන් රැක බලා ගන්න.

සටහනෙ හිමිකරු

* නිම්මි මුදිතා හේරත්

[QUOTE="YelaWolf, post: 21902708, member: 563129"] [CENTER][SIZE="3"][COLOR="black"][SIZE="5"]ලොව හෙල්ලූ මිනිසෙක් මරණ මංචකයේදී කී කතාව[/SIZE] [ATTACH]68929._xfImport[/ATTACH][/COLOR][/SIZE][/CENTER][SIZE="3"][COLOR="black"] ඇපල් සමාගමේ සම නිර්මාතෘවරයා වූ ස්ටීව් ජොබ්ස් මියගියේ 2011 වසරේ ඔක්තෝබර් හය වැනිදාය. ඒ වන විට ඔහුගේ වයස අවුරුදු පනස් හයකි. පරිගණක ක්ෂේත්රය හා දුරකථන ක්ෂේත්රය ඇතුළු ලෝකයේ මිනිස් ජීවිත වෙනස් කරන සුළු ක්ෂේත්‍ර ගණනාවක් බරපතළ ලෙස වෙනස්කම්වලට භාජනය කරන්නට සමත් වූ මේ අසහාය මිනිසාට කාටත් පොදු අටලෝ දහම හමුවේ නම් පරාජය වෙන්නට සිදු විය. ස්ටීව් ජොබ්ස් මියගියේ දරුණු අගන්‍යාස පිළිකාවකින් අනන්ත දුක් විඳිමිනි. ඔහු විසින් සිය මරණ මංචකයේදී කළේ යෑයි කියන ප්‍රකාශයක්, ඔහු මියගිය පසුව 2015 අවුරුද්දේදී අන්තර්ජාල වෙබ් අඩවි පුරා වේගයෙන් පැතිර යන්නට විය. මේ ඔහු විසින් කරන ලදැයි කියවෙන ඒ අවසන් ප්‍රකාශයයි. මම ව්‍යාපාර ලෝකයේ ජයග්‍රහණයේ මුදුන් හිණිපෙත්තටම පැමිණි අයෙක්මි. බොහෝ අය දකින පරිදි මගේ ජීවිතය ජයග්‍රහණය පිළිබඳවම වූ සංකේතයකි. එහෙත්, වැඩ කිරීමෙන් ලද සතුටට අමතරව මා ජීවිතයෙන් ලද සතුටක් ඇතිනම් ඒ ඉතා ස්වල්ප වශයෙනි. මා මේ ජීවිතයෙන් ලබා ගත් එකම සතුට ධනවත් වීම පමණකි. මේ මොහොතේ මේ ගිලන් ඇඳේ වැතිරී ඉඳිමින් මම මගේ මුළු ජීවිතයම මෙනෙහි කරමි. ළඟ ළඟම එළඹෙන මරණය හමුවේ මා මෙතෙක් ආඩම්බරයෙන් දරා උන් ධනවත් බවෙහිත් කීර්තියේත් දීප්තිමත් බව කෙමෙන් දියවී යන අයුරු මට පෙනෙයි. අද මගේ පණ නල රැඳී තිබෙන්නේ මගේ සිරුරට සවි කර ඇති මේ යන්ත්‍රවල පිහිටෙනි. ඒ යන්ත්‍රවල මුණු මුණුවත්, ඒවායේ කොළ පැහැ එළිත් අඳුරේදී දකින මට මරණයේ දේවතාවන්ගේ හුස්ම හඬ කෙමෙන් ළං වෙන්නාක් මෙන් දැනෙයි. ජීවත් වෙන්නට ප්‍රමාණවත් තරම් මුදල් උපයා ගත් විට, ධනවත්කම හා බැඳීමක් නැතත් ජීවිතය හා බඳීමක් ඇති අනෙකුත් කාරණා ඉටු කරගන්නට කටයුතු කළ යුතු බව මට දැන් දැනෙයි. ඒවා ධනවත්කම තරමටම ජීවිතයට වැදගත්ය. අපේ සමීපතමයන් හා ඇති බැඳීම, කලාව, ළමාවියේදී අප මැවූ සිහින.. මේවා ධනවත්කමට වඩා ජීවිතයට වැදගත්ය. මේ සියල්ල අත්හැර ධනය පසුපසම හඹා යැමෙන් වනුයේ මා වැනි පැටලුම් සහගත පීඩිත මිනිසෙකු නිර්මාණය වීමය. දෙවියන් අපට සිතන්නට ශක්තිය දුන්නේ අන් අයගේ සිත්හි ඇති ආදරය කරුණාව දකින්නට මිස ධනය විසින් මැවූ මායාවේ දීප්තිය පමණක් දකින්නට නොවේ. මා විසින් උපයා ගත් සීමාන්තික ධනයෙන් කිසිවක් අද මට ගෙනයන්නට නොහැකිය. මට ගෙනයන්නට හැක්කේ මගේ සිතෙහි රැඳුණු ආදරය පිළිබඳ මතකයන් පමණකි. අපට උපයා ගත හැකි සැබෑ ධනවත්කම් ඒවාය. ජීවිතයට ආලෝකයත් ශක්තියත් ලබා දෙන්නේ ඒ ධනවත්කම් මගින් පමණකි. ජීවිතයේදීත් මරණයේදීත් අප හා රැඳී සිටින්නේත් ඒ මතකයන්ගෙන් සැදුම්ලත් ධනය පමණකි. ආදරයට සැතපුම් දහස් ගණන් දුර යා හැකිය. ජීවිතයට සීමා මායිම් නැත. ඒ නිසා ජීවිතය තුළ සැරිසරන්න. ඔබට හැකි තරම් ඉහළ ඉලක්කයකට ගමන් කරන්න.. ඒ සියල්ලට ශක්තිය ඇත්තේ ඔබේ හදවතේ හා ඔබේ දෑතෙහිය. මේ ලොව මිල අධිකම ඇඳ කුමක්ද..? ඒ ගිලන් ඇඳයි.. ඔබට ඔබේ වාහනය ඔබ වෙනුවෙන් පදවාගෙන යන්නට කෙනෙකු මුදලට සොයා ගත හැකිය. එහෙත් ඔබ වෙනුවෙන් ඔබේ රෝගී බව දරාගනිමින් ගිලන් ඇඳක සැතපෙන්නට කෙනෙකු කොතරම් මුදල් ගෙවාවත් සොයා ගන්නට නොහැකිය. නැති වෙන, විනාශ වෙන භෞතික දේවල් නැවත ලබා ගන්නට හැකිය. එහෙත් නැති වී ගිය ජීවිතයක් නැවත ලබා ගන්නට කවමදාකවත් නොහැකිය. ඔබ කොතරම් පොත් පත් කියවා ඇති අයකු වුවත්, ඔබට කියවන්නට නොහැකි වූ තවත් එක් පොතක් ඇති බව ශල්‍යාගාරයට ඔබව ගෙනයන මොහොතක ඔබට මතක් වනු ඇත. ඒ නිරෝගී ජීවිතයකට මාර්ගය නම් පොතයි. අප ඉන්නේ ජීවිතයේ කුමන අවධියක වුවද, ජීවිත කතාවේ තිරය වැසෙන දිනය ඕනෑම මොහොතක එළඹිය හැකිය. ජීවිතය එබඳු අවිනිශ්චිත නාට්‍යයකි. එබැවින් ඔබේ පවුලට, සැමියාට බිරිඳට, මිතුරු මිතුරියන්ට ආදරය කරන්න. ඔබට ආදරය කරන්න. ඔබව මෙන්ම අනෙක් අයවත් ආදරයෙන් රැක බලා ගන්න. සටහනෙ හිමිකරු * නිම්මි මුදිතා හේරත්[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom