Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Story Of Elephents
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඈත අතීතයේ පටන් මිහි මත උපදින සෑම සත්ත්වයකුටම පොළොවේ ජීවත් වීමේ අයිතිය ලැබී තිබේ. සිංහල වංශකතා මූලාශ්‍රය අනුව සඳහන්ව ඇත්තේද මෙලොව පහළ වන සියලු සතුන්ට නිදහසේ ජීවත් වීමේ අයිතිය ඇති බවට මුලින්ම අවබෝධ කරගත්තේ දෙවනපෑ තිස් රජුන් යන්නයි. ඒ නිසාමදෝ මිනිසාට මෙන්ම සතා සිව්පාවටත් තමන්ගේ අවශ්‍යතා හා වුවමනා ඉටු කරගැනීමට සුදුසු පරිසරයක් උරුම කර දීමට තිස්ස රජ කටයුතු කර තිබේ. ඒ අනුව ඔහු මුලින්ම ලංකාවේ මුල්ම අභය භූමිය ප්‍රකාශයට පත් කිරීමට කටයුතු කෙරිණි. ඒ අනුරාධපුර මහමෙව්නා උයනයි. කෙසේ නමුත් අභය භූමියක් ලෙස මහමෙව්නාව නම් කළ පසු තම ආරක්ෂාවත්, නිදහසත් මෙන්ම ජීවන රටාවත් තමාගේ අභිමතය පරිදි සකසුරුවම් කරගන්නට හැකියාව ලැබුණේ වනයේ මහ මොළකරුවන්ටය.

ඔවුහු සිය වාස භූමිය තුළ තමාට රිසි අන්දමින් ජීවත් වූහ. එමෙන්ම තම ජීවිතයද සුරක්ෂිත කරගැනීමට ඔවුහු කටයුතු සලසාගත්හ. ඔවුන්ට වනයේදී ආහාර-පාන නොඅඩුව ලැබිණි. එනිසාම ඈත පිටිසර පළාත්වලට ගොස් තම ශක්ති සම්පන්නකම් පෙන්වා මිනිසුන් බියවද්දන්ට ඔවුන්ට අවැසි නොවීය. ඒ, විශාල වනයක් තම රාජ පරපුරට අයත්ව තිබුණු නිසාය. අතීත පුරාදත්ත වාර්තා කරන පරිදි 1912 වසරේ පනාමුරේ වනාන්තරයේ පමණක් වල් අලින් 2300ක් පමණ සිටි බවට ප්රකාශිතය.

සොබාදම මෙන්ම ඒ හා සුසැදි සත්ව ලෝකයද සොඳුරු ඉසවු ගණනාවක් සම්මිශ්‍රණය වූ එහිම කොටස්කරුවෙකි. සොබාදහමද මේ සත්ත්ව කොට්ඨාසය මහා ආදරයකින් තම තුරුලේ රඳවා ඇත. එකල මිනිසුන් ජීවත් වීමට මහා අරගලයක් නොකළ නිසාදෝ වල්-අලිද මිනිසුන්ගේ වාස භූමි උදුරාගැනීමට නොපැමිණියහ. එහෙත් වත්මන් සමාජය තුළ ඇත්තේ අලි-මිනිස් ගැටුමක කතාංගයකි. ඒ කතාංගයේ කතානායක පරපුර ගැන සැඟව ඇති දේ ඉතා සුන්දරය. ඒ සද්දන්ත පරපුරේ ජීවන සංස්කෘතිය අපූරුය. සොබාදහමේ අපූරු මැවුම්කාර පරපුරක් ලෙස අලි සනුහරේම අද ප්‍රසිද්ධය. එපමණක් නොව; ලංකාවට ආදායම් ඉපයීමටත් ඔවුන් දක්වන මෙහෙයද මෙහිදී අගය කළ යුතුය. ලංකාව තුළ ජීවත් වන අලින් ආසියාවේ සුන්දරතම අලි විශේෂයක් වීම ලක්වාසීන් වන අපටද මහත් ආඩම්බරයකි. ඔවුන්ගේ හැඩහුරුකම, ගමන් විලාසය මෙන්ම ඇතුන්ගේ දළ යුගලයන්හි ඇති සුන්දරත්වය නිසාම අලි පරපුර නැරඹීමට දෙස් විදෙස් සංචාරකයෝ අතිමහත් උනන්දුවක් දක්වති.

කෙසේ වෙතත් මෙවන් වටිනාකම් ඇති අලි පරපුරේ බිහි වීම ඇත්තේ අවුරුදු 03කට වතාවකි. එනම් අලි පැටවකු මේ මිහිතලයට එකතු වන්නේ වසර 03කට වරකි. එමෙන්ම මවුකුසෙහි දරු ගැබක් ලෙස වැඩිම කාලයක් ජීවත් වන්නේද මේ රාජ කුලයේ පිරිසයි. ඒ කාලය වසර 02කට ආසන්නයි. එනම් මාස 22කි. ඒ මාස 22ක කාලයම මවු ඇතින්නගේ කුසෙහි වැඩෙමින් මේ පොලෝතලයට ඒ අලි පරපුරට දායාද වන්නේ අලි රංචුවේ අනෙක් මවුවරුන්ගේද තන පුඬුවල කිරි එරෙන විටය. ඒ තරම් සෙනෙහසක් දයාවක් මෙන්ම ආදරයක් අලුත් උපන් අලි බබෙකුට අලි රංචුවේ අලි නැන්දලා මාමාලාගෙන් හිමි වේ.

අලි පරපුරේ දිවි පෙවෙත මානව සමාජයේ පැවැත්මට වඩා බොහෝ සෙයින් වෙනස් වෙයි. මන්ද මානව සමාජයේ පවුලක් තුළ ඇත්තේ පිතෘ මූලික සමාජයක් වුවත් අලි රංචුවක ඇත්තේ මාතෘ මූලික සමාජ ක්රමයකි. අලි රංචුවක නායකයා වශයෙන් සෑම මොහොතකම දිවුරුම් දෙන්නේ දරුවන් ප්‍රසූත කළ ඇතින්නකි. එසේ නායකත්වය දරන ඇතින්නට මුළු අලි රංචුවම පාලනය කිරීමටත් ඔවුන් නිවැරදි දිශානතියකට යොමුකිරීමටත් උසස් බුද්ධියක් හා නුවණක් ඇත. එහෙත් අලි රංචුවේ ඇතකු සිටියහොත් ඒ සතාට සුවිශේෂ ස්ථානයක් හිමි වේ.

එහෙත් නායකත්වය දැරීමට තරම් අලි කණ්ඩායමේ සෙසු සාමාජිකයෝ ඔහුට ඡන්දය භාවිතා නොකරති. එහෙත් සෙසු අලින්ගේ ගෞරවයක් එම ඇතා වෙනුවෙන් තිබේ. අලි මවකගේ ප්‍රසූත අවස්ථාව ඉතාමත් සංවේදී වේ. සිය දරු පැටවා කුසයේ හොවාගෙන ඉන්නා ගැබිනි ඇතින්න තම දරුවා බිහි කිරීමට බොහෝ විට තෝරාගන්නේ ජලාශ්‍රිත ප්රදේශයකි. දරුවා ප්‍රසූත කිරීමට සූදානම් වන අවස්ථාවේ දැඩි වේදනාවකින් හා බියකින් ඇතින්න කෑගසද්දී අලි රංචුවේ සෙසු අලි ඈ වටා රොක් වී බාහිර ලෝකයෙන් ඇය වසන් කොට තිඹිරි ගෙයක්ද සකසති. දරු ප්‍රසූතිය සිදු වන්නේ ඉන් පසුවයි.

එය මිනිස් සමාජයට වඩා අලංකාර මෙන්ම සුන්දර ක්‍රියාන්විතයකි. එසේ පැටවකු උපදින අවස්ථාවේ ගැබිනි මවට වින්ඹුකම් කරන්නේ අලි රංචුවේ අනෙක් අලි අම්මලාය. අලුත උපන් පැටවා මවට සමීප වීමට පෙර අලි බබා නහවා පිරිසුදු කිරීම සිදු වන්නේ රංචුවේ අනෙක් අලි අම්මලා අතිනි. ඉන් අනතුරුව රැහේ අනෙක් වැඩිහිටියන්ට තවත් වගකීම් රැසක්ම පැවරේ. එනම් අලුත උපන් අලි පැටවාට රැකවරණය සැලසීමයි.

අලුත අලි පැටවකු ඉපදුණු විට ඔහුගේ සම මෘදුව පවතී. රෝම නැති නිසා කෘමීන්ගෙන් සිදු විය හැකි හානියද විශාල බව රැහේ අනෙක් අලි අනෙක් ඥාති අලි දනිති. ඒ නිසා අලි පැටවාගේ මුළු ශරීරය පුරාම මඩ තැවරීම ලොකු අලින් විසින් සිදු කරනු ලැබේ. එය අලි පැටවාගේ රෝම වැඩෙන තුරු නිරන්තරයෙන් සිය වගකීමක් සේ සලකා ඔවුහු කටයුතු කරති. අලි පැටවකුගේ මවක හදිසියේ හෝ මියගිය හොත් එම අලි පැටවා තනි නොකොට රැකවරණය, ආදරය කරුණාව දී හදා වඩා ගැනීමට රැහේ කවුරුත් සූදානමින් සිටිති.

ගැහැනු සතකුට මෙන්ම පිරිමි සතකුට මදකිපීම කාලයත් සමග සිදු වේ. ඒ අවස්ථාවේදී අලියාගේ ඇසත් කනත් අතර ස්ථානයකින් කඳුළු වැනි ශ්රාවයක් පිටතට ගලා ඒම සිදු වෙයි. සාමාන්‍යයෙන් ගැහැනු සතකුට මදකිපුණු අවස්ථාවක ඇය වඩාත් ප්‍රියතාවක් දක්වන්නේ වඩාත් ශක්තිවන්ත අලියා හෝ ඇතකු සමග එකතු වීමටය. පිරිමි සත්ත්වයා ඒ බව හොඳින් දන්නා නිසා මදකිපීම සිදු නොවන කාලයට තම ශරීරය දැඩි ශක්තියක් ඇති සේ සකසාගැනීමට දැඩි වෙහෙසක් හා උත්සාහයක් ගනියි. බොහෝ විට කැලයේ ඇති ශාක කොටස් ආහාරයට ගන්නා අලින්ට එයින් ලැබෙන අයඩින් ප්‍රමාණය ඉතා අඩුය.

මේ නිසා ඔවුහු තම ශරීරය ශක්තිමත් කරගැනීම සදහා පොල් ගසේ බොඩය නමැති කොටස ආහාරයට ගැනීමට පුරුදුව සිටිති. එම බොඩයෙහි විශාල අයඩින් ප්‍රමාණයක් අන්තර්ගතව ඇති අතර එයින් අවුරුදු 3කට සරිලන අයඩින් ප්‍රමාණයක් අලින්ගේ ශරීරයට ලැබෙයි. ඒ අනුව සිය ශක්තිමත් ශරීරය සූදානම් කරගැනීමට අලින් පොල් ශාඛය ආහාරයට ගැනීමට පුරුදුව ඇත.

සාමාන්‍යයෙන් අලින්ගේ ආහාර රටාව පිළිබද සොයාබැලීමේදී දක්නට ලැබෙන්නේ ඔවුන් කුඩා තෘණ වර්ග, ශාකවල දළු අතු කොටස් ආදිය ආහාරයට ගැනීමට වැඩි රුචිකත්වයක් දක්වන බවයි. එසේම ඔවුන් වඩාත් ප්‍රියතාවක් දක්වන්නේ වැව් තාවලු ආශ්රිත හා කුඩා පිට්ටනි වැනි ස්ථාන ආශ්‍රිතව ඇති කුඩා තෘණවර්ග ගලවා ආහායට ගැනීමයි. සිය ඉදිරිපස පාදය ආධාරයෙන් ගලවා ගන්නා තණකොළ හොඩවැල ආධාරයෙන් ගසා දමා ආහාරයට ගැනීම ඔවුන්ගේ ආරක්ෂිත පිළිවෙතකි. දිනකට අලියකුගේ කුසකට අවශ්‍ය ආහාර ප්‍රමාණය කිලෝ 150ක පමණ වන අතර අලියෙක් පානය කරන ජල ප්‍රමාණය ලීටර් 200ත් 250ත් අතර ප්‍රමාණයක් වේ. එසේම සාමාන්‍යයෙන් අලියකු දිනකට ඇවිදින දුර ප්‍රමාණය ගවු 16ක් පමණ වන අතර එය සැතපුම් මට්ටමින් බැලූ විට සැතපුම් 64කි.

එමෙන්ම රැළේ සිටින්නා වූ ඇතුන් අතරද විවිධාකාරයේ මතිමතාන්තර හා තරගයන් පවතී. විශේෂයෙන්ම රැළේ නායකත්වය ගැහැනු සතකුට හිමි වීම හමුවේ රැළේ දෙවැනි ස්ථානය ලබා ගැනීමට ඇතුන් අතර පවතින්නේ සුළු-පටු තරගයක් නොවේ. එය ඇතැම්විටක තවත් ඇතකු හා පොර බැදීමත් එය මරණයෙන් අවසන් වීම දක්වාම දුර දිග යන අවස්ථා ද තිබේ. බොහෝ විට පොර බැදීම හැරුණු විට ඇතුන් තම තත්ත්වය උසස්යැයි සම්මත කර ගැනීමට විශාල ශක්තිමත් ගසක ඉහළින්ම දළ දෙක තබා බැලීම බහුලව සිදු කරන කාර්යයයි.

එහිදී රැළේ සිටින එක් ඇතකු ගසක ඉදිරිපස පාස දෙක තබා දළ යුගල තබන උසට වඩා වැඩි උසකින් අනෙක් ඇතා දළ යුගලය තැබීමට උත්සාහ දරයි. මේ අනුව ගසේ ඉහළින්ම තම දළ යුගලය තබා පෙන්වූ ඇතා එම රැළේ සෙසු අලින්ගේ ගෞරවයට පාත්‍ර වන අතර නායකත්වයට පසුපසින් සිටින රැළේ සිටින දෙවැනියා බවට පත් වේ. අලි රංචුවක් බොහෝ විට දැඩි ප්‍රියතාවක් දක්වන්නේ නිදහස් පරිසරයක් තුළ සාමකාමී අන්දමින් සිය ජීවිතය ගෙවා දැමීමටය. එහිදී නිදහස් හා අනතුරුවලින් සුරක්ෂිත පරිසර පද්ධතියක් තෝරා දීම සිදු කරන්නේ රැළේ සිටින නායිකාවය.

කිසියම් ස්ථානයකට වී ගිමන් නිවාගැනීමට, නිදහසේ සැප නින්දක් ගත කිරීමට, දිනක් දෙකක් හෝ ඊට වඩා වැඩි කාලයක් එම ස්ථානයේ විසීමට සුදුසුදැයි තීරණය කරන්නේ රැලේ අලි නායිකාවය. රංචුවෙන් මිදී අදාළ ස්ථානය පරීක්ෂා කරන අලි නායිකාව අදාළ ස්ථානය සුදුසු බවට දක්වන සංඥාවත් සමගින් ඊළගට එම ස්ථානයට පැමිණෙන්නේ රැළේ දෙවැන්නායි. ඒ අනුව සෙසු අලි පිරිස ද අදාළ ස්ථානයට පැමිණෙති. ඉන් පසු ඔවුන්ට රිසි සේ කාලය ගත කිරීමට ඔවුන්ට හැකියාව ලැබේ. එහෙත් අලි නායිකාව සෑම අවස්ථාවකදී අලි රංචුව පිළිබඳවත්, බාහිර පරිසරයෙන් එල්ල විය හැකි අනතුරු පිළිබඳවත් දැඩි විමසිල්ලකින් පසු වෙයි. කිසියම් හෝ අනතුරක් ඇති බවට දැනුණ හොත් අදාළ අනතුරු ඇගවීමේ සංඥාව නිකුත් කළ සැණින් තම රංචුවේ සිටින කුඩා පැටවුන් ආරක්ෂා කරගෙන අදාළ ස්ථානයෙන් පිටවීමට සෙසු අලි සාමාජිකයන්ද දැනුවත් කර තිබේ.

බොහෝ විට අලි රංචුවෙන් වෙන්ව ජීවත්ව වීමට ප්‍රියතාවක් දක්වන හා එසේ ජීවත් වන අලි කණ්ඩායමක්ද මේ ධරණීතලයේ වනාන්තරවල බහුල වෙති. ඔවුන් ඇතැම්විට තනිවත්, ඇතැම්විට තවත් අලියකු හෝ ඇතින්නියක සමගත් එසේත් නැතිනම් තුන් දෙනකුගෙන් යුත් කණ්ඩායමක් ලෙසත් ජීවත් වීම දැකිය හැකිය. බොහෝ විට අප කවුරුත් දන්නා තුන්පත් රෑන ලෙස හඳුන්වන්නේ එසේ අලින් තුන් දෙනෙකු වෙන්ව ජීවත් වීමයි. තුන්පත් රෑනට අයත් අලි අම්මාත්, එම අලි මවගේ වැඩිමහලු දුව හා එම දුවගේ දුව හෝ පුතාත්ය. ඔවුන් තුන්පත් රෑන වශයෙන් වෙනම පරිසර පද්ධති හා ආහාර රැකවරණය ගොනු කොටගනිමින් ජීවත් වීමට ප්‍රියතාවක් දක්වති. බොහෝ විට මානව සමාජය හා සසඳන කළ සම්පූර්ණයෙන්ම අලින්ගේ හැසිරීම හා ඔවුන්ගේ සංස්කෘතිය වෙනස් වෙයි. තම රැළේ කිසිවකුට හෝ කරදරයක් විපතක් සිදු වූ අවස්ථාවක තනි නොකර එකා මෙන් රැඳී සිටීම ඔවුන්ගේ සිරිතයි.

කිසියම් අවස්ථාවක අලියකු මරණයට පත් වූ විටක එම මිය ගිය අලියා තනි නොකර එම ස්ථානයේ දිනක් දෙකක් හෝ තුනක් වශයෙන් අනෙක් සෙසු අලි රැඳී සිටිති. ඒ අවස්ථාවේ මිය ගිය අලියා එසවීමට ඇතැම් අලි තැත දරති. ඇතැමෙක් හොඬවැලින් මිය ගිය අලියාගේ ශරීරය ස්පර්ශ කරයි. මෙවැනි ආකාරයේ සංවේදී සිදුවීම් මේ අලි ජීවිකාවේ එතී ගෙතී තිබේ. මෙවැනි සිදුවීමක් ඉකුත්දා දැකගැනීමට හැකියාව ලැබුණේ කලාවැව වැව් තාවල්ලේ ඇතකු හා අලියකු අතර ඇති වූ සටනකින් පසු අලියා මිය ගිය අවසථාවකදීය.

එමෙන්ම මෙවන් කුමනාකාරයේ සමගියක් එකතුමුතු බවක් තිබුණද අලින් අතරද මතභේද හා භේදභින්න වීම් නැතුවාම නොවේ. බොහෝ විට මදකිපුණු අවස්ථාවක ගැහැනු සතකු හා පිරිමි සතකු එක් වීම සාමාන්‍ය ක්‍රමය වේ. මෙහිදී පැටවකු ලැබී සිටින ගැහැනු සතෙකුට ළංවීමට පිරිමි සතෙකුට තරමක උත්සහයක් ගැනීමට සිදුවේ. මන්ද පැටවකු සිටින අලි ගැහැනු සතකු නිරන්තරයෙන් තම පැටවා සමග සිටින නිසා ලිංගිකව එක් වීමට ඇති අවස්ථාව අඩු වේ. එමෙන්ම පැටවා වෙනත් අලියකුට තම මෑණියන් අසලට ළං වීමට ඉඩ නොදීමත් මදකිපුණු විට පිරිමි සතුන්ට ඇති විශාලතම ගැටලුව වේ. මෙහිදී පැටවා සමග වෛරයක් ඇති කරගන්නා එම පිරිමි සතුන් මව පැටවාගෙන් වෙන් වන අවස්ථාවක් බලා පැටවාට පහරදීමත් ඇතැම් විට මරණයට පත් කිරීමත් සිදු වෙයි. මෙය රැළේ අතර සතුන් අතර මතභේද ඇති වීමට හේතු සාධක වේ. එසේම මදකිපුණු අවස්ථාවේ වෙනත් අලි රංචුවලින් හා වෙනත් ප්‍රදේශවලින් පැමිණ ගැහැනු සතුන් සමග එක් වීමට සූදානම් වන අලින්ටද පහර දී මරණයට පත් කිරීම, ඔවුන් සමග පොර බැදීම ආදි සිදුවීම් අලි පරපුරේ ජීවිත කතාවේ ලියවී තිබේ.

ඇතැම් අවස්ථාවල ඇතුන් හා අලින් අතර සිදු වන පොරබැදීම්වලින් ශක්තිවන්තයා ජල ලබා දුර්වලයා පරාජය වේ. එහිදී පරාජය වන දුර්වලයා අනෙක් ශක්තිවන්තයාගේ පහරදීම් හමුවේ මරණය දක්වාම සටන් කරන අවස්ථා ද නැතිවා නොවේ. රැළේ නායකත්වය ගැනීම, ලිංගික සන්තර්පණයට ඇති තරගය ආදී හේතු නිසා මේ පොරබැදීම් ඔවුන් අතර ඇති වේ. මෙවන් සිදුවීම් දෙකක් පසුගිය දිනකදී දක්නට හැකි වූයේ කලාවැව වැව් ඉස්මත්තේදී හා පාළුකඩවල වැව් ඉස්මත්තේදීය. එහිදී ඇතාගේ දරුණු දළ පහරවල් 30කට ආසන්න ප්‍රමාණයක් වැදීම හමුවේ කලා වැව වැව් ඉස්මත්තේදී දැවැන්ත අලියෙක් මිය ගියේය. එමෙන්ම කලාවැවට ආවේණික 'හෝමෝ' යන නාමයෙන් හඳුන්වන ඇතා පහර දී පිටස්තර පළාතකින් පැමිණි අලියකු ඒ ආකාරයෙන්ම මිය ගිය පුවතක්ද මීට ඉහත දී වාර්තා විය.

කෙසේ වෙතත් අලි පරපුරේ ජීවන අංගයන් මේ ලෙසින් සටහන් කිරීමේදී වැව් දහසින් බැඳි රජරටෙහි ඇතුන් හා අලින් විශාල ප්‍රමාණයක් දැකිය හැකි බවද අමතක කළ නොහැකිය. විශේෂයෙන්ම මින්නේරිය වනෝද්‍යානය තුළ අලින් 500කට ආසන්න ප්‍රමාණයක් ජීවත් වන අතර, කලාවැව වනෝද්‍යානය තුළ ජීවත් වන ප්‍රමාණය 350ක් පමණ වේ. එමෙන්ම ගල්ගමුව පාළුකඩවල ජලාශයේ අලි 350කට ආසන්න ප්‍රමාණයක් ද ජීවත් වෙති. එසේම නාච්චදූව, තිරප්පනේ, මහකනදරාව, මිහින්තලේ, සෝමාවතිය ආශ්‍රිතවද විශාල අලින් ප්‍රමාණයක් ජීවත් වන අතර, ඔවුහු විවිධ කාලවකවානුවල විවිධ ප්‍රදේශවල සංචාරය කරමින් තම කාලය ගෙවා දමති.

එසේම කලාවැව ආශ්‍රිතව ජීවත් වන ඇත් පරපුරේ උරුමකරුවන්ගේ විශේෂතා කිහිපයක්ම දක්නට ලැබේ. ඇතැමුන්ගේ දළ යුගල දිගින් වැඩි අතර ඇතැමුන්ගේ දළ තරමක් අඩු දිගකින් වැඩී ඇත. එහෙත් ඇතැම් ඇතුන්ට ඇත්තේ තනි දළක් පමණි. තනි දළක් පිහිටි ඇතකුට අනෙක් අලින් තරමක් බියක් දක්වන අතර ඒ ඇත්තු පහර දීමේදී අනෙක් ඇතුන්ට වඩා සැර පරුෂ ලෙස හැසිරෙති. කලා වැව නිම්නය ආශ්‍රිතව සිය වාසභූමි අතික්‍රමණය කරගෙන සිටින ඇත් පරපුරේ දළ දිගින්ම යුතු ඇතා වන්නේ 'දීග දන්තු 01' නමැති ඇතාය. එමෙන්ම ඒ හා සමාන රූපයක් හා ඒ හා සමාන දළ යුගලකට හිමිකම් කියන්නාවූ අනෙක් ඇතා වන්නේ 'දීග දන්තු 02' නමැති ඇතාය.

ඔවුන් දෙදෙනාම එක ළග ඇති විට හඳුනාගත හැකි වන්නේ 'දීග දන්තු 01' ඇතාගේ හිසෙහි තරමක් විශාල ගෙඩියක් ඇති අතර 'දීග දන්තු 02' ඇතාගේ වම්පස දළ අඩියක් පමණ කොට භාවයෙන් යුතු නිසාය. එමෙන්ම මීට කාලයකට ඉහතදී මෙම ජාතික උද්‍යානයේ සිටි 'වළගම්බා' ඇතාද තරමක් විශාල ශරීරයක් හා අලංකාර රූපයකට හිමිකම් කියූ ඇතෙකි. එමෙන්ම වස්ගමුව ජාතික වනෝද්‍යානයේ සිටින 'වසභ' හස්තියාද ලංකාවේ ඇත් කුලයේ සුවිශේෂ ඇතකු ලෙස ඉතිහාසයට එක් වී තිබේ. මේ ආකාරයෙන් කලාවැව ජාතික වනෝද්‍යානය තුළ ඇතුන් 22ක් පමණ දක්නට ඇති අතර ඔවුන් හැඳින්වීමට විවිධ නම්ද භාවිත කර තිබේ. ඒ අනුව බරණ ඇතා, නීල ඇතා, හෝමෝ ඇතා, ඇසළ 01, ඇසළ 02, විජය, සුරනිමල, ධාතුසේන ආදි නම් ඔවුන් වෙනුවෙන් භාවිත කරන අතර මේ සියලු නාමයන් එකල පුරාණයේ රජරට සිය අණසක පතුරුවාගෙන සිටි රජවරුන්ගේ හා යෝධයින්ගේ නාමයන් වීමද විශේෂයෙන් සඳහන් කළ යුතුය.

බොහෝ විට සිය වාසභූමි ලෙස තෝරාගන්නා ප්‍රදේශ ඔවුන්ගේ සෑම අවශ්‍යතාවක්ම ඉටු කරගැනීමට හැකියාව ඇති අයුරින් තෝරාගැනීමට අලි-ඇත්තු බුද්ධිමත් වෙති. බොහෝ විට වැව් ආශ්‍රිතව සිය වාස භූමි තෝරා ගැනීම මෙහිදී දැකිය හැකිය. ඒ අනුව කාලයෙන් කාලයට ඔවුන් ජීවත් වන ප්‍රදේශ වෙනස් වන අතර සංක්‍රමණික කාලවලදී ඔවුන්ට විවිධ ස්ථාන සොයාගැනීමට සිදුව තිබේ. එහෙත් මාස කිහිපයක් ගත වී ආපසු පෙර ස්ථානයට එන විට ඇතැම් මිනිසුන්ගේ ක්‍රියා කලාපයන් නිසා ඔවුන්ගේ වාස භූමි ඇහිරී ඔවුන්ගේ ගමන්මාර්ගද අවහිර වී තිබේ. එහෙත් වසර ගණනක් ගත වුවද ඔවුහු සිය ගමන් මාර්ග වෙනස් නොකරති. තම වාස භූම් අවහිර කොට ජනාවාස ඉදිකර තිබුණද ඔවුන් ගමන් ගන්නේ තම පුරුදු මාර්ගයේමය. අද වන විට අලි-මිනිස් ගැටුමට මූලිකම හේතුව වී ඇත්තේද මේ ආකාරයෙන් අලින්ගේ වාස භූමි මිනිස් වසගයට නතු වීම බව අමුතුවෙන් කිව යුතු නැත. මේ ලෙස අලි-මිනිස් ගැටුමද ශීඝ්‍රයෙන් ලංකාවේ බොහෝ පළාත්වල වර්ධනය වෙද්දී ඉකුත් වසරේ අලි-මිනිස් ගැටුමෙන් පුද්ගලයින් 65ක් මිය ගොස් තිබේ. වල් අලින් ද 215කට ආසන්න ප්‍රමාණයක් අපට අහිමි වී තිබේ. මිනිස් ඝතන වෙනුවෙන් හා දේපළ හානි කිරීම් සම්බන්ධයෙන් රජය මිලියන 41ක් වැය කර තිබේ.

අනෙක් අතට මිනිස් ආශාවන් සංසිඳුවාගන්නට රුපියල් ශතවලට අලිඇතුන් ඝාතනය කරන යුගයක ඔවුන් ආරක්ෂා කිරීමද කා හට පවරන්නද කියා සිතා බැලිය යුතුය. ගල්ගමුවේ දළ පූට්ටුවාගේ වියෝවෙන් පසු බොහෝ පරිසරවේදීන් අලි-ඇතුන් පිළිබද කතිකාවන් ගොඩනැගූවද දැන් දැන් ඒවාද උඩු සුළඟේ ගසාගෙන යන තත්ත්වයට පත්ව තිබේ. අද වන විට මේ ශ්‍රී ලංකා ධරණීතලයේ සෑම අස්සක් මුල්ලක් නෑර පීරා බැලුව හොත් මිහි මත සැරි සරනුයේ අලි-ඇතුන් 6000කට ආසන්න ප්‍රමාණයක් පමණි. මිනිස් ප්‍රජාව වශයෙන් අපනේ ඉටු විය යුත්තේ සොබාදහමත්, සොබාදහමේ අපූරු දයාදයක් වන මේ අලි පරපුරත් රැකගැනීමය. එසේ නොවුව හොත් තවත් වසර 5ක්-6ක් යන විට සිරි ලක් මාතාවගේ තුරුලේ ආසාවකට දකින්නට අලියකු හෝ දැකිය නොහැකි වනු ඇත.

(විශේෂ ස්තුතිය: ගල්කිරියාගම වනජීවි කාර්යාලයේ, ඩී.එම්. ආනන්ද බන්ඩාර (අලි ආනන්ද) මහතාට, වන සත්ත්ව අඩවි ආරක්ෂක ඩී. රාමසිංහ මහතා හා ඩී. ආර්. නන්දසේන මහතාට, වන සත්ව නියාමක බී.කේ. වනසිංහ මහතාට)

සුභද්‍රා දේශප්‍රිය

පසුබිම් කතාව සහ සේයාරූ

ගල්ගමුව සමූහ එම්.එම්. ක්‍රිෂාන්

[QUOTE="banda065, post: 22749846, member: 27834"] [SIZE="4"][IMG]http://www.silumina.lk/sites/default/files/styles/large/public/news/2018/01/19/19col----6img-0251095329615_6525675_19012018_EJP_CMY.jpg?itok=CdwucQnO[/IMG] ඈත අතීතයේ පටන් මිහි මත උපදින සෑම සත්ත්වයකුටම පොළොවේ ජීවත් වීමේ අයිතිය ලැබී තිබේ. සිංහල වංශකතා මූලාශ්‍රය අනුව සඳහන්ව ඇත්තේද මෙලොව පහළ වන සියලු සතුන්ට නිදහසේ ජීවත් වීමේ අයිතිය ඇති බවට මුලින්ම අවබෝධ කරගත්තේ දෙවනපෑ තිස් රජුන් යන්නයි. ඒ නිසාමදෝ මිනිසාට මෙන්ම සතා සිව්පාවටත් තමන්ගේ අවශ්‍යතා හා වුවමනා ඉටු කරගැනීමට සුදුසු පරිසරයක් උරුම කර දීමට තිස්ස රජ කටයුතු කර තිබේ. ඒ අනුව ඔහු මුලින්ම ලංකාවේ මුල්ම අභය භූමිය ප්‍රකාශයට පත් කිරීමට කටයුතු කෙරිණි. ඒ අනුරාධපුර මහමෙව්නා උයනයි. කෙසේ නමුත් අභය භූමියක් ලෙස මහමෙව්නාව නම් කළ පසු තම ආරක්ෂාවත්, නිදහසත් මෙන්ම ජීවන රටාවත් තමාගේ අභිමතය පරිදි සකසුරුවම් කරගන්නට හැකියාව ලැබුණේ වනයේ මහ මොළකරුවන්ටය. ඔවුහු සිය වාස භූමිය තුළ තමාට රිසි අන්දමින් ජීවත් වූහ. එමෙන්ම තම ජීවිතයද සුරක්ෂිත කරගැනීමට ඔවුහු කටයුතු සලසාගත්හ. ඔවුන්ට වනයේදී ආහාර-පාන නොඅඩුව ලැබිණි. එනිසාම ඈත පිටිසර පළාත්වලට ගොස් තම ශක්ති සම්පන්නකම් පෙන්වා මිනිසුන් බියවද්දන්ට ඔවුන්ට අවැසි නොවීය. ඒ, විශාල වනයක් තම රාජ පරපුරට අයත්ව තිබුණු නිසාය. අතීත පුරාදත්ත වාර්තා කරන පරිදි 1912 වසරේ පනාමුරේ වනාන්තරයේ පමණක් වල් අලින් 2300ක් පමණ සිටි බවට ප්රකාශිතය. සොබාදම මෙන්ම ඒ හා සුසැදි සත්ව ලෝකයද සොඳුරු ඉසවු ගණනාවක් සම්මිශ්‍රණය වූ එහිම කොටස්කරුවෙකි. සොබාදහමද මේ සත්ත්ව කොට්ඨාසය මහා ආදරයකින් තම තුරුලේ රඳවා ඇත. එකල මිනිසුන් ජීවත් වීමට මහා අරගලයක් නොකළ නිසාදෝ වල්-අලිද මිනිසුන්ගේ වාස භූමි උදුරාගැනීමට නොපැමිණියහ. එහෙත් වත්මන් සමාජය තුළ ඇත්තේ අලි-මිනිස් ගැටුමක කතාංගයකි. ඒ කතාංගයේ කතානායක පරපුර ගැන සැඟව ඇති දේ ඉතා සුන්දරය. ඒ සද්දන්ත පරපුරේ ජීවන සංස්කෘතිය අපූරුය. සොබාදහමේ අපූරු මැවුම්කාර පරපුරක් ලෙස අලි සනුහරේම අද ප්‍රසිද්ධය. එපමණක් නොව; ලංකාවට ආදායම් ඉපයීමටත් ඔවුන් දක්වන මෙහෙයද මෙහිදී අගය කළ යුතුය. ලංකාව තුළ ජීවත් වන අලින් ආසියාවේ සුන්දරතම අලි විශේෂයක් වීම ලක්වාසීන් වන අපටද මහත් ආඩම්බරයකි. ඔවුන්ගේ හැඩහුරුකම, ගමන් විලාසය මෙන්ම ඇතුන්ගේ දළ යුගලයන්හි ඇති සුන්දරත්වය නිසාම අලි පරපුර නැරඹීමට දෙස් විදෙස් සංචාරකයෝ අතිමහත් උනන්දුවක් දක්වති. කෙසේ වෙතත් මෙවන් වටිනාකම් ඇති අලි පරපුරේ බිහි වීම ඇත්තේ අවුරුදු 03කට වතාවකි. එනම් අලි පැටවකු මේ මිහිතලයට එකතු වන්නේ වසර 03කට වරකි. එමෙන්ම මවුකුසෙහි දරු ගැබක් ලෙස වැඩිම කාලයක් ජීවත් වන්නේද මේ රාජ කුලයේ පිරිසයි. ඒ කාලය වසර 02කට ආසන්නයි. එනම් මාස 22කි. ඒ මාස 22ක කාලයම මවු ඇතින්නගේ කුසෙහි වැඩෙමින් මේ පොලෝතලයට ඒ අලි පරපුරට දායාද වන්නේ අලි රංචුවේ අනෙක් මවුවරුන්ගේද තන පුඬුවල කිරි එරෙන විටය. ඒ තරම් සෙනෙහසක් දයාවක් මෙන්ම ආදරයක් අලුත් උපන් අලි බබෙකුට අලි රංචුවේ අලි නැන්දලා මාමාලාගෙන් හිමි වේ. අලි පරපුරේ දිවි පෙවෙත මානව සමාජයේ පැවැත්මට වඩා බොහෝ සෙයින් වෙනස් වෙයි. මන්ද මානව සමාජයේ පවුලක් තුළ ඇත්තේ පිතෘ මූලික සමාජයක් වුවත් අලි රංචුවක ඇත්තේ මාතෘ මූලික සමාජ ක්රමයකි. අලි රංචුවක නායකයා වශයෙන් සෑම මොහොතකම දිවුරුම් දෙන්නේ දරුවන් ප්‍රසූත කළ ඇතින්නකි. එසේ නායකත්වය දරන ඇතින්නට මුළු අලි රංචුවම පාලනය කිරීමටත් ඔවුන් නිවැරදි දිශානතියකට යොමුකිරීමටත් උසස් බුද්ධියක් හා නුවණක් ඇත. එහෙත් අලි රංචුවේ ඇතකු සිටියහොත් ඒ සතාට සුවිශේෂ ස්ථානයක් හිමි වේ. එහෙත් නායකත්වය දැරීමට තරම් අලි කණ්ඩායමේ සෙසු සාමාජිකයෝ ඔහුට ඡන්දය භාවිතා නොකරති. එහෙත් සෙසු අලින්ගේ ගෞරවයක් එම ඇතා වෙනුවෙන් තිබේ. අලි මවකගේ ප්‍රසූත අවස්ථාව ඉතාමත් සංවේදී වේ. සිය දරු පැටවා කුසයේ හොවාගෙන ඉන්නා ගැබිනි ඇතින්න තම දරුවා බිහි කිරීමට බොහෝ විට තෝරාගන්නේ ජලාශ්‍රිත ප්රදේශයකි. දරුවා ප්‍රසූත කිරීමට සූදානම් වන අවස්ථාවේ දැඩි වේදනාවකින් හා බියකින් ඇතින්න කෑගසද්දී අලි රංචුවේ සෙසු අලි ඈ වටා රොක් වී බාහිර ලෝකයෙන් ඇය වසන් කොට තිඹිරි ගෙයක්ද සකසති. දරු ප්‍රසූතිය සිදු වන්නේ ඉන් පසුවයි. එය මිනිස් සමාජයට වඩා අලංකාර මෙන්ම සුන්දර ක්‍රියාන්විතයකි. එසේ පැටවකු උපදින අවස්ථාවේ ගැබිනි මවට වින්ඹුකම් කරන්නේ අලි රංචුවේ අනෙක් අලි අම්මලාය. අලුත උපන් පැටවා මවට සමීප වීමට පෙර අලි බබා නහවා පිරිසුදු කිරීම සිදු වන්නේ රංචුවේ අනෙක් අලි අම්මලා අතිනි. ඉන් අනතුරුව රැහේ අනෙක් වැඩිහිටියන්ට තවත් වගකීම් රැසක්ම පැවරේ. එනම් අලුත උපන් අලි පැටවාට රැකවරණය සැලසීමයි. අලුත අලි පැටවකු ඉපදුණු විට ඔහුගේ සම මෘදුව පවතී. රෝම නැති නිසා කෘමීන්ගෙන් සිදු විය හැකි හානියද විශාල බව රැහේ අනෙක් අලි අනෙක් ඥාති අලි දනිති. ඒ නිසා අලි පැටවාගේ මුළු ශරීරය පුරාම මඩ තැවරීම ලොකු අලින් විසින් සිදු කරනු ලැබේ. එය අලි පැටවාගේ රෝම වැඩෙන තුරු නිරන්තරයෙන් සිය වගකීමක් සේ සලකා ඔවුහු කටයුතු කරති. අලි පැටවකුගේ මවක හදිසියේ හෝ මියගිය හොත් එම අලි පැටවා තනි නොකොට රැකවරණය, ආදරය කරුණාව දී හදා වඩා ගැනීමට රැහේ කවුරුත් සූදානමින් සිටිති. ගැහැනු සතකුට මෙන්ම පිරිමි සතකුට මදකිපීම කාලයත් සමග සිදු වේ. ඒ අවස්ථාවේදී අලියාගේ ඇසත් කනත් අතර ස්ථානයකින් කඳුළු වැනි ශ්රාවයක් පිටතට ගලා ඒම සිදු වෙයි. සාමාන්‍යයෙන් ගැහැනු සතකුට මදකිපුණු අවස්ථාවක ඇය වඩාත් ප්‍රියතාවක් දක්වන්නේ වඩාත් ශක්තිවන්ත අලියා හෝ ඇතකු සමග එකතු වීමටය. පිරිමි සත්ත්වයා ඒ බව හොඳින් දන්නා නිසා මදකිපීම සිදු නොවන කාලයට තම ශරීරය දැඩි ශක්තියක් ඇති සේ සකසාගැනීමට දැඩි වෙහෙසක් හා උත්සාහයක් ගනියි. බොහෝ විට කැලයේ ඇති ශාක කොටස් ආහාරයට ගන්නා අලින්ට එයින් ලැබෙන අයඩින් ප්‍රමාණය ඉතා අඩුය. මේ නිසා ඔවුහු තම ශරීරය ශක්තිමත් කරගැනීම සදහා පොල් ගසේ බොඩය නමැති කොටස ආහාරයට ගැනීමට පුරුදුව සිටිති. එම බොඩයෙහි විශාල අයඩින් ප්‍රමාණයක් අන්තර්ගතව ඇති අතර එයින් අවුරුදු 3කට සරිලන අයඩින් ප්‍රමාණයක් අලින්ගේ ශරීරයට ලැබෙයි. ඒ අනුව සිය ශක්තිමත් ශරීරය සූදානම් කරගැනීමට අලින් පොල් ශාඛය ආහාරයට ගැනීමට පුරුදුව ඇත. සාමාන්‍යයෙන් අලින්ගේ ආහාර රටාව පිළිබද සොයාබැලීමේදී දක්නට ලැබෙන්නේ ඔවුන් කුඩා තෘණ වර්ග, ශාකවල දළු අතු කොටස් ආදිය ආහාරයට ගැනීමට වැඩි රුචිකත්වයක් දක්වන බවයි. එසේම ඔවුන් වඩාත් ප්‍රියතාවක් දක්වන්නේ වැව් තාවලු ආශ්රිත හා කුඩා පිට්ටනි වැනි ස්ථාන ආශ්‍රිතව ඇති කුඩා තෘණවර්ග ගලවා ආහායට ගැනීමයි. සිය ඉදිරිපස පාදය ආධාරයෙන් ගලවා ගන්නා තණකොළ හොඩවැල ආධාරයෙන් ගසා දමා ආහාරයට ගැනීම ඔවුන්ගේ ආරක්ෂිත පිළිවෙතකි. දිනකට අලියකුගේ කුසකට අවශ්‍ය ආහාර ප්‍රමාණය කිලෝ 150ක පමණ වන අතර අලියෙක් පානය කරන ජල ප්‍රමාණය ලීටර් 200ත් 250ත් අතර ප්‍රමාණයක් වේ. එසේම සාමාන්‍යයෙන් අලියකු දිනකට ඇවිදින දුර ප්‍රමාණය ගවු 16ක් පමණ වන අතර එය සැතපුම් මට්ටමින් බැලූ විට සැතපුම් 64කි. එමෙන්ම රැළේ සිටින්නා වූ ඇතුන් අතරද විවිධාකාරයේ මතිමතාන්තර හා තරගයන් පවතී. විශේෂයෙන්ම රැළේ නායකත්වය ගැහැනු සතකුට හිමි වීම හමුවේ රැළේ දෙවැනි ස්ථානය ලබා ගැනීමට ඇතුන් අතර පවතින්නේ සුළු-පටු තරගයක් නොවේ. එය ඇතැම්විටක තවත් ඇතකු හා පොර බැදීමත් එය මරණයෙන් අවසන් වීම දක්වාම දුර දිග යන අවස්ථා ද තිබේ. බොහෝ විට පොර බැදීම හැරුණු විට ඇතුන් තම තත්ත්වය උසස්යැයි සම්මත කර ගැනීමට විශාල ශක්තිමත් ගසක ඉහළින්ම දළ දෙක තබා බැලීම බහුලව සිදු කරන කාර්යයයි. එහිදී රැළේ සිටින එක් ඇතකු ගසක ඉදිරිපස පාස දෙක තබා දළ යුගල තබන උසට වඩා වැඩි උසකින් අනෙක් ඇතා දළ යුගලය තැබීමට උත්සාහ දරයි. මේ අනුව ගසේ ඉහළින්ම තම දළ යුගලය තබා පෙන්වූ ඇතා එම රැළේ සෙසු අලින්ගේ ගෞරවයට පාත්‍ර වන අතර නායකත්වයට පසුපසින් සිටින රැළේ සිටින දෙවැනියා බවට පත් වේ. අලි රංචුවක් බොහෝ විට දැඩි ප්‍රියතාවක් දක්වන්නේ නිදහස් පරිසරයක් තුළ සාමකාමී අන්දමින් සිය ජීවිතය ගෙවා දැමීමටය. එහිදී නිදහස් හා අනතුරුවලින් සුරක්ෂිත පරිසර පද්ධතියක් තෝරා දීම සිදු කරන්නේ රැළේ සිටින නායිකාවය. කිසියම් ස්ථානයකට වී ගිමන් නිවාගැනීමට, නිදහසේ සැප නින්දක් ගත කිරීමට, දිනක් දෙකක් හෝ ඊට වඩා වැඩි කාලයක් එම ස්ථානයේ විසීමට සුදුසුදැයි තීරණය කරන්නේ රැලේ අලි නායිකාවය. රංචුවෙන් මිදී අදාළ ස්ථානය පරීක්ෂා කරන අලි නායිකාව අදාළ ස්ථානය සුදුසු බවට දක්වන සංඥාවත් සමගින් ඊළගට එම ස්ථානයට පැමිණෙන්නේ රැළේ දෙවැන්නායි. ඒ අනුව සෙසු අලි පිරිස ද අදාළ ස්ථානයට පැමිණෙති. ඉන් පසු ඔවුන්ට රිසි සේ කාලය ගත කිරීමට ඔවුන්ට හැකියාව ලැබේ. එහෙත් අලි නායිකාව සෑම අවස්ථාවකදී අලි රංචුව පිළිබඳවත්, බාහිර පරිසරයෙන් එල්ල විය හැකි අනතුරු පිළිබඳවත් දැඩි විමසිල්ලකින් පසු වෙයි. කිසියම් හෝ අනතුරක් ඇති බවට දැනුණ හොත් අදාළ අනතුරු ඇගවීමේ සංඥාව නිකුත් කළ සැණින් තම රංචුවේ සිටින කුඩා පැටවුන් ආරක්ෂා කරගෙන අදාළ ස්ථානයෙන් පිටවීමට සෙසු අලි සාමාජිකයන්ද දැනුවත් කර තිබේ. බොහෝ විට අලි රංචුවෙන් වෙන්ව ජීවත්ව වීමට ප්‍රියතාවක් දක්වන හා එසේ ජීවත් වන අලි කණ්ඩායමක්ද මේ ධරණීතලයේ වනාන්තරවල බහුල වෙති. ඔවුන් ඇතැම්විට තනිවත්, ඇතැම්විට තවත් අලියකු හෝ ඇතින්නියක සමගත් එසේත් නැතිනම් තුන් දෙනකුගෙන් යුත් කණ්ඩායමක් ලෙසත් ජීවත් වීම දැකිය හැකිය. බොහෝ විට අප කවුරුත් දන්නා තුන්පත් රෑන ලෙස හඳුන්වන්නේ එසේ අලින් තුන් දෙනෙකු වෙන්ව ජීවත් වීමයි. තුන්පත් රෑනට අයත් අලි අම්මාත්, එම අලි මවගේ වැඩිමහලු දුව හා එම දුවගේ දුව හෝ පුතාත්ය. ඔවුන් තුන්පත් රෑන වශයෙන් වෙනම පරිසර පද්ධති හා ආහාර රැකවරණය ගොනු කොටගනිමින් ජීවත් වීමට ප්‍රියතාවක් දක්වති. බොහෝ විට මානව සමාජය හා සසඳන කළ සම්පූර්ණයෙන්ම අලින්ගේ හැසිරීම හා ඔවුන්ගේ සංස්කෘතිය වෙනස් වෙයි. තම රැළේ කිසිවකුට හෝ කරදරයක් විපතක් සිදු වූ අවස්ථාවක තනි නොකර එකා මෙන් රැඳී සිටීම ඔවුන්ගේ සිරිතයි. කිසියම් අවස්ථාවක අලියකු මරණයට පත් වූ විටක එම මිය ගිය අලියා තනි නොකර එම ස්ථානයේ දිනක් දෙකක් හෝ තුනක් වශයෙන් අනෙක් සෙසු අලි රැඳී සිටිති. ඒ අවස්ථාවේ මිය ගිය අලියා එසවීමට ඇතැම් අලි තැත දරති. ඇතැමෙක් හොඬවැලින් මිය ගිය අලියාගේ ශරීරය ස්පර්ශ කරයි. මෙවැනි ආකාරයේ සංවේදී සිදුවීම් මේ අලි ජීවිකාවේ එතී ගෙතී තිබේ. මෙවැනි සිදුවීමක් ඉකුත්දා දැකගැනීමට හැකියාව ලැබුණේ කලාවැව වැව් තාවල්ලේ ඇතකු හා අලියකු අතර ඇති වූ සටනකින් පසු අලියා මිය ගිය අවසථාවකදීය. එමෙන්ම මෙවන් කුමනාකාරයේ සමගියක් එකතුමුතු බවක් තිබුණද අලින් අතරද මතභේද හා භේදභින්න වීම් නැතුවාම නොවේ. බොහෝ විට මදකිපුණු අවස්ථාවක ගැහැනු සතකු හා පිරිමි සතකු එක් වීම සාමාන්‍ය ක්‍රමය වේ. මෙහිදී පැටවකු ලැබී සිටින ගැහැනු සතෙකුට ළංවීමට පිරිමි සතෙකුට තරමක උත්සහයක් ගැනීමට සිදුවේ. මන්ද පැටවකු සිටින අලි ගැහැනු සතකු නිරන්තරයෙන් තම පැටවා සමග සිටින නිසා ලිංගිකව එක් වීමට ඇති අවස්ථාව අඩු වේ. එමෙන්ම පැටවා වෙනත් අලියකුට තම මෑණියන් අසලට ළං වීමට ඉඩ නොදීමත් මදකිපුණු විට පිරිමි සතුන්ට ඇති විශාලතම ගැටලුව වේ. මෙහිදී පැටවා සමග වෛරයක් ඇති කරගන්නා එම පිරිමි සතුන් මව පැටවාගෙන් වෙන් වන අවස්ථාවක් බලා පැටවාට පහරදීමත් ඇතැම් විට මරණයට පත් කිරීමත් සිදු වෙයි. මෙය රැළේ අතර සතුන් අතර මතභේද ඇති වීමට හේතු සාධක වේ. එසේම මදකිපුණු අවස්ථාවේ වෙනත් අලි රංචුවලින් හා වෙනත් ප්‍රදේශවලින් පැමිණ ගැහැනු සතුන් සමග එක් වීමට සූදානම් වන අලින්ටද පහර දී මරණයට පත් කිරීම, ඔවුන් සමග පොර බැදීම ආදි සිදුවීම් අලි පරපුරේ ජීවිත කතාවේ ලියවී තිබේ. ඇතැම් අවස්ථාවල ඇතුන් හා අලින් අතර සිදු වන පොරබැදීම්වලින් ශක්තිවන්තයා ජල ලබා දුර්වලයා පරාජය වේ. එහිදී පරාජය වන දුර්වලයා අනෙක් ශක්තිවන්තයාගේ පහරදීම් හමුවේ මරණය දක්වාම සටන් කරන අවස්ථා ද නැතිවා නොවේ. රැළේ නායකත්වය ගැනීම, ලිංගික සන්තර්පණයට ඇති තරගය ආදී හේතු නිසා මේ පොරබැදීම් ඔවුන් අතර ඇති වේ. මෙවන් සිදුවීම් දෙකක් පසුගිය දිනකදී දක්නට හැකි වූයේ කලාවැව වැව් ඉස්මත්තේදී හා පාළුකඩවල වැව් ඉස්මත්තේදීය. එහිදී ඇතාගේ දරුණු දළ පහරවල් 30කට ආසන්න ප්‍රමාණයක් වැදීම හමුවේ කලා වැව වැව් ඉස්මත්තේදී දැවැන්ත අලියෙක් මිය ගියේය. එමෙන්ම කලාවැවට ආවේණික 'හෝමෝ' යන නාමයෙන් හඳුන්වන ඇතා පහර දී පිටස්තර පළාතකින් පැමිණි අලියකු ඒ ආකාරයෙන්ම මිය ගිය පුවතක්ද මීට ඉහත දී වාර්තා විය. කෙසේ වෙතත් අලි පරපුරේ ජීවන අංගයන් මේ ලෙසින් සටහන් කිරීමේදී වැව් දහසින් බැඳි රජරටෙහි ඇතුන් හා අලින් විශාල ප්‍රමාණයක් දැකිය හැකි බවද අමතක කළ නොහැකිය. විශේෂයෙන්ම මින්නේරිය වනෝද්‍යානය තුළ අලින් 500කට ආසන්න ප්‍රමාණයක් ජීවත් වන අතර, කලාවැව වනෝද්‍යානය තුළ ජීවත් වන ප්‍රමාණය 350ක් පමණ වේ. එමෙන්ම ගල්ගමුව පාළුකඩවල ජලාශයේ අලි 350කට ආසන්න ප්‍රමාණයක් ද ජීවත් වෙති. එසේම නාච්චදූව, තිරප්පනේ, මහකනදරාව, මිහින්තලේ, සෝමාවතිය ආශ්‍රිතවද විශාල අලින් ප්‍රමාණයක් ජීවත් වන අතර, ඔවුහු විවිධ කාලවකවානුවල විවිධ ප්‍රදේශවල සංචාරය කරමින් තම කාලය ගෙවා දමති. එසේම කලාවැව ආශ්‍රිතව ජීවත් වන ඇත් පරපුරේ උරුමකරුවන්ගේ විශේෂතා කිහිපයක්ම දක්නට ලැබේ. ඇතැමුන්ගේ දළ යුගල දිගින් වැඩි අතර ඇතැමුන්ගේ දළ තරමක් අඩු දිගකින් වැඩී ඇත. එහෙත් ඇතැම් ඇතුන්ට ඇත්තේ තනි දළක් පමණි. තනි දළක් පිහිටි ඇතකුට අනෙක් අලින් තරමක් බියක් දක්වන අතර ඒ ඇත්තු පහර දීමේදී අනෙක් ඇතුන්ට වඩා සැර පරුෂ ලෙස හැසිරෙති. කලා වැව නිම්නය ආශ්‍රිතව සිය වාසභූමි අතික්‍රමණය කරගෙන සිටින ඇත් පරපුරේ දළ දිගින්ම යුතු ඇතා වන්නේ 'දීග දන්තු 01' නමැති ඇතාය. එමෙන්ම ඒ හා සමාන රූපයක් හා ඒ හා සමාන දළ යුගලකට හිමිකම් කියන්නාවූ අනෙක් ඇතා වන්නේ 'දීග දන්තු 02' නමැති ඇතාය. ඔවුන් දෙදෙනාම එක ළග ඇති විට හඳුනාගත හැකි වන්නේ 'දීග දන්තු 01' ඇතාගේ හිසෙහි තරමක් විශාල ගෙඩියක් ඇති අතර 'දීග දන්තු 02' ඇතාගේ වම්පස දළ අඩියක් පමණ කොට භාවයෙන් යුතු නිසාය. එමෙන්ම මීට කාලයකට ඉහතදී මෙම ජාතික උද්‍යානයේ සිටි 'වළගම්බා' ඇතාද තරමක් විශාල ශරීරයක් හා අලංකාර රූපයකට හිමිකම් කියූ ඇතෙකි. එමෙන්ම වස්ගමුව ජාතික වනෝද්‍යානයේ සිටින 'වසභ' හස්තියාද ලංකාවේ ඇත් කුලයේ සුවිශේෂ ඇතකු ලෙස ඉතිහාසයට එක් වී තිබේ. මේ ආකාරයෙන් කලාවැව ජාතික වනෝද්‍යානය තුළ ඇතුන් 22ක් පමණ දක්නට ඇති අතර ඔවුන් හැඳින්වීමට විවිධ නම්ද භාවිත කර තිබේ. ඒ අනුව බරණ ඇතා, නීල ඇතා, හෝමෝ ඇතා, ඇසළ 01, ඇසළ 02, විජය, සුරනිමල, ධාතුසේන ආදි නම් ඔවුන් වෙනුවෙන් භාවිත කරන අතර මේ සියලු නාමයන් එකල පුරාණයේ රජරට සිය අණසක පතුරුවාගෙන සිටි රජවරුන්ගේ හා යෝධයින්ගේ නාමයන් වීමද විශේෂයෙන් සඳහන් කළ යුතුය. බොහෝ විට සිය වාසභූමි ලෙස තෝරාගන්නා ප්‍රදේශ ඔවුන්ගේ සෑම අවශ්‍යතාවක්ම ඉටු කරගැනීමට හැකියාව ඇති අයුරින් තෝරාගැනීමට අලි-ඇත්තු බුද්ධිමත් වෙති. බොහෝ විට වැව් ආශ්‍රිතව සිය වාස භූමි තෝරා ගැනීම මෙහිදී දැකිය හැකිය. ඒ අනුව කාලයෙන් කාලයට ඔවුන් ජීවත් වන ප්‍රදේශ වෙනස් වන අතර සංක්‍රමණික කාලවලදී ඔවුන්ට විවිධ ස්ථාන සොයාගැනීමට සිදුව තිබේ. එහෙත් මාස කිහිපයක් ගත වී ආපසු පෙර ස්ථානයට එන විට ඇතැම් මිනිසුන්ගේ ක්‍රියා කලාපයන් නිසා ඔවුන්ගේ වාස භූමි ඇහිරී ඔවුන්ගේ ගමන්මාර්ගද අවහිර වී තිබේ. එහෙත් වසර ගණනක් ගත වුවද ඔවුහු සිය ගමන් මාර්ග වෙනස් නොකරති. තම වාස භූම් අවහිර කොට ජනාවාස ඉදිකර තිබුණද ඔවුන් ගමන් ගන්නේ තම පුරුදු මාර්ගයේමය. අද වන විට අලි-මිනිස් ගැටුමට මූලිකම හේතුව වී ඇත්තේද මේ ආකාරයෙන් අලින්ගේ වාස භූමි මිනිස් වසගයට නතු වීම බව අමුතුවෙන් කිව යුතු නැත. මේ ලෙස අලි-මිනිස් ගැටුමද ශීඝ්‍රයෙන් ලංකාවේ බොහෝ පළාත්වල වර්ධනය වෙද්දී ඉකුත් වසරේ අලි-මිනිස් ගැටුමෙන් පුද්ගලයින් 65ක් මිය ගොස් තිබේ. වල් අලින් ද 215කට ආසන්න ප්‍රමාණයක් අපට අහිමි වී තිබේ. මිනිස් ඝතන වෙනුවෙන් හා දේපළ හානි කිරීම් සම්බන්ධයෙන් රජය මිලියන 41ක් වැය කර තිබේ. අනෙක් අතට මිනිස් ආශාවන් සංසිඳුවාගන්නට රුපියල් ශතවලට අලිඇතුන් ඝාතනය කරන යුගයක ඔවුන් ආරක්ෂා කිරීමද කා හට පවරන්නද කියා සිතා බැලිය යුතුය. ගල්ගමුවේ දළ පූට්ටුවාගේ වියෝවෙන් පසු බොහෝ පරිසරවේදීන් අලි-ඇතුන් පිළිබද කතිකාවන් ගොඩනැගූවද දැන් දැන් ඒවාද උඩු සුළඟේ ගසාගෙන යන තත්ත්වයට පත්ව තිබේ. අද වන විට මේ ශ්‍රී ලංකා ධරණීතලයේ සෑම අස්සක් මුල්ලක් නෑර පීරා බැලුව හොත් මිහි මත සැරි සරනුයේ අලි-ඇතුන් 6000කට ආසන්න ප්‍රමාණයක් පමණි. මිනිස් ප්‍රජාව වශයෙන් අපනේ ඉටු විය යුත්තේ සොබාදහමත්, සොබාදහමේ අපූරු දයාදයක් වන මේ අලි පරපුරත් රැකගැනීමය. එසේ නොවුව හොත් තවත් වසර 5ක්-6ක් යන විට සිරි ලක් මාතාවගේ තුරුලේ ආසාවකට දකින්නට අලියකු හෝ දැකිය නොහැකි වනු ඇත. (විශේෂ ස්තුතිය: ගල්කිරියාගම වනජීවි කාර්යාලයේ, ඩී.එම්. ආනන්ද බන්ඩාර (අලි ආනන්ද) මහතාට, වන සත්ත්ව අඩවි ආරක්ෂක ඩී. රාමසිංහ මහතා හා ඩී. ආර්. නන්දසේන මහතාට, වන සත්ව නියාමක බී.කේ. වනසිංහ මහතාට) සුභද්‍රා දේශප්‍රිය පසුබිම් කතාව සහ සේයාරූ ගල්ගමුව සමූහ එම්.එම්. ක්‍රිෂාන්[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom