මාදිවෙල මන්ත්‍රී නිවාස සංකීර්ණයේ පදිංචිව සිටින ඇමැතිවරුන් 17 දෙනකුට ඒ ස්ථානයෙන් හැකි ඉක්මනින් ඉවත් වන ලෙසට සිහිකැදවීමක් පාර්ලිමේන්තු ප‍්‍රධානීන් පසුගිය සතියේදී කර ඇතැයි එහි ආරංචි මාර්ගවලින් පැවසේ. මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු ප්‍රධානියකුගෙන් අප කළ විමසුමකදී ඔහු පැවසුවේ මාදිවෙල මන්ත්‍රී නිවාසවල කැබිනට් ඇමැතිවරුන් තිදෙනකු සහ රාජ්‍ය අමාත්‍යවරුන් 14 දෙනකු පදිංචිව සිටින බවට මෑතකදී කළ සොයා බැලීමක දී තොරතුරු අනාවරණය වූ බවයි.
මින් බොහෝ දෙනකු මන්ත්‍රී නිල නිවාසවල පදිංචිව සිටින්නේ ඇමැති නිල නිවාසය ලබාගෙන සිටියදී බව පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.
මන්ත්‍රීවරුන්ගේ නිවාසවල ඇමැතිවරුන් මෙලෙස පදිංචිව සිටීම නිසා මන්ත්‍රීවරුන්ට නිවාස ලබාදීමේදී බරපතළ ගැටලුවකට මුහුණ දීමට සිදුවී ඇතැයි පාර්ලිමේන්තු නිලධාරීහු පවසති. මේ අතර සමිට් නිවාස සංකීර්ණයෙන් නිවාස ලබාගෙන සිටින ඇමැතිවරුන්ගේ ලැයිස්තුවක් එවන ලෙස රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කර ඇතත් කාලයක් තිස්සේ එය ලබාදීම අතපසු කර ඇතැයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.
-සුජිත් හේවාපුලිගේ-
ගායිකා යොහානි ද සිල්වාට කැබිනට් මණ්ඩලතීරණයක් ලෙස පසුගිය සතියේ රජයෙන් ලබාදුන් බත්තරමුල්ල රොබට් ගුණවර්ධන පාරේ පිහිටි ඉඩමේ වෙළඳ වටිනාකම රුපියල් කෝටි හතරක් පමණ වන බව රජයේ තක්සේරු දෙපාර්තමේන්තුවේ හා ඉඩම් ලියාපදිංචි කිරීමේ
දෙපාර්තමේන්තුවේ අාරංචි උපුටමින් මාධ්‍ය වාර්තා සඳහන් කර තිබේ.
එම ප්‍රදේශයේ ඉඩම් පර්චසයක මිල මේ වනවිට රුපියල් ලක්ෂ හතලිහ ඉක්මවා ඇත.
ඇය ලංකාව කීර්තියක් අත්කරදීම නිසා පර්චස් 9.68ක ඉඩමක් අනුමත වී ඇත. එම ඉඩම පිහිටියේ 1996 ක්‍රිකට් ලෝක කුසලාන දිනූ කණ්ඩායමේ ක්‍රීඩකයින්ට 99 අවුරුදු බදු පදනම යටතේ ලබාදුන් ඉඩම් හා යාබද ස්ථානයකය.
දෙසැම්බර් 20 වැනිදා පැවති කැබිනට් මණ්ඩල රැස්වීමට මෙම යෝජනාව අගමැති මහින්ද රාජපක්ෂ විසින් ඉදිරිපත් කර තිබුණි.
යොහානිව පාර්ලිමේන්තුවට ගෙන්වා උපහාර පිදීමට වැඩසටහනක් සූදානම් කර තිබූ නමුත් පාර්ලිමෙන්තු කාන්තා මන්ත්‍රීන් ඊට විරෝධය පෑම නිසා එම වැඩසටහන අතරමග නතර විය.
------ Post added on Dec 27, 2021 at 4:44 PM

යකෝ ගෙවල් නැති මිනිසුන්ට ගෙවල් ටිකක් හදලා දීපල්ලකෝ. තියෙන එකාටම දෙන්නේ