Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Yesterday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Suffering after Divorce
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගැහැණියක්ව සොයා ගිය මිනිසකුගේ කතාවක්

By Dhananjaya Karunarathne

පහුගිය කාලයේ මම වර්තමාන කසාදය සහ ආදරය ගැන තරමක් වෙනස් පහේ පර්යේෂණාත්මක නාට්‍යයක් නිෂ්පාදනය කළා, ඒක තාමත් රංග ගත වෙමින් පවතිනවා. ඒ නාට්‍ය හදන්න අපි නාට්‍ය කණ්ඩායම කසාද බැඳලා ඉන්න අයගේ කසාද කතා එකතු කරලා, අපේම කසාද ද ඇතුළුව පොඩි රිසර්ච් එකක් කලා. එතනදී මට අහන්න ලැබුණු විවිධ අයගේ කසාද කතා වලින් එකක් මම හිතුවා ඔබත් එක්ක බෙදා ගන්න තරම් වටිනවා කියලා. කිසියම් මනෝ විද්‍යාත්මක පදනමක් තියෙන මේ කතාව ආදරය සහ පවුල් ජීවිතය සම්බන්ධ එක් යථාර්ථයක් විතරක් විදිහට හිතන්න. මේ කතානායකයා කියනා යථාර්ථයට පරිබාහිරව තවත් බොහෝ සත්‍යන් තියෙන්න පුළුවන්. මූලික වශයෙන් කසාදය සම්බන්ධයෙන් කියැවුණ ද පොදුවේ ඕනෑම මානව සම්බන්ධතාවකට මේ දහම අදාළ කරගන්නත් පුළුවන්.

ඉතින් කතානායකයා දැනට වයස අවුරුදු 60 ක පමණ ඕස්ට්‍රේලියාවේ ජීවත්වෙන මම ඇසුරු කරන සාමාන්‍ය සිංහල පුද්ගලයෙක්. ඔහු හා විවිධ අවස්ථාවල කතා බහ ඇසුරින් තැනින් තැන මතු වුණ මේ තොරතුරු ඔබගේ කියවීමේ පහසුව තකාත් ඔහුගේ අනන්‍යතාවය සැඟවීමටත් අන්තර්ගතයට හානියක් නොවන සේ සුළු ආටෝපයක් සමඟ සංස්කරණය කරලයි තියෙන්නේ. මෙන්න ඔහුගේ කතාව.

මම මුලින්ම කසාද බැන්දේ අවුරුදු තුනක් විතර ආදරය කරලා අවුරුදු විසි අටේදී .නමුත් බැඳලා අවුරුදු තුනකින් විතර අපි ඩිවෝස් වුණා. සාමාන්‍යයෙන් මම බොහොම සාමකාමීව රණ්ඩු සරුවල් නැතුව ජීවත් වෙන්න කැමැති කෙනෙක්. නමුත් එදා මම ඒ බැන්ද ලේඩි එදිනෙදා ජීවිතයේ කිසිම වැදගත්කමක් නැති දේවල් වලට මං එක්ක රණ්ඩු වෙන්න, ගැටුම් ඇති කර ගන්න පටන් ගත්තා. ක්‍රමයෙන් මට ඉතා දරුණු විදිහට අපහාස කරලා කේන්ති ගියාම බණින්න ගත්තා. රණ්ඩු වෙන්ඩ එපා කියලා මම එයාව විවේචනය කළ එකට විතරක් එයා මට කාලකණ්නියා කියලා බැණලා තියෙනවා. මඟුල් ගෙදර දවසේ පවා ඇඳුම් ප්‍රශ්නයකට මට බල්ලා කියලා බැන්නා. කිසිම දෙයක් හරියට හොයන්නෙ බලන්නෙ නැතුව කලබල වෙලා ගැටුම් ඇති කරගන්නවා. කේන්ති ගියාම අනිත් කෙනාව පච කරන්න තියන හැම දෙයක්ම කියනවා. සාමකාමීව ඉඳිමු කියන එකට මගේම උවමනාවට කරපු සියලුම සාකච්ඡා වැඩසටහන් වැඩ කලේ නෑ. එයාට එයාගේ ස්වභාවය වෙනස් කර ගන්න බෑ කියලා මට තේරුණා. ක්‍රමයෙන් මමත් එයා නිසා රණ්ඩු වෙන කෙනෙක් බවට පත්වෙමින් තිබුණා. ඒගොල්ලොන්ගෙ ගෙදර අය කීවේ පවුල් ජීවිතය ඔහොම තමයි ඒකට තමයි දුක සැප කියන්නෙ ඒක බෙදාගෙන කන්ඩ කියලා කිව්වා.

මේ විදිහට තේරුමක් නැතුව ගැටුම් දුරදිග යන කොට, එයා එයාගේ ගෙදර අයට සහ එයාගේ යාහළුවන්ට මගේ නැති වැරදි කියමින් මාව පාවා දීලා ආත්මානුකම්පාව ලබා ගන්න හදනවා. මේ හේතුව නිසා බැඳලා අවුරුදු දෙකක් යනකොට මට එයා ගැන කිසිම හැඟීමක් ගෞරවයක් නැතුව යන්න ගියා. ඊට පස්සේ මට එයාට කියන්න සිද්ධ වුණා මට ඔයා ගැන කිසිම හැගීමක් දැන් නම් නෑ කියලා. එහෙම ඉවසගෙන ජීවත් වෙන්න ගියා නම් මගේ ජීවිතය එකම අපායක් වෙන්න ඉඩ තිබුණා. වාසනාවට අපිට ඒ වෙනකොට දරුවන් හිටියේ නැහැ.

අපි දික්කසාද වුණා.

මම හිතුවා මම ආයෙ බඳින්නේ නෑ කියලා. ඊට පස්සේ මම අවුරුදු දහයක් විතර යනකන් තනිකඩයෙක් විදිහට හිටියා. අර වේදනාවෙන් ගැලවෙන්න මේ කාලයේ මම රටවල් කීපයක ඔහේ ඇවිදින්න ගියා.

ඒත් ක්‍රමයෙන් අවුරුදු හතලිහ වෙන කොට වගේ මට මොකක්ද පාළුවක් දැණුනා, තනියම ඉන්නවාට වඩා තව කා හරි එක්ක බෙදා හදාගෙන ඉන්න තියෙනවනම් හොඳයි කියල හිතුනා. සාමාන්‍යයෙන් මම විවේකය සහ සාමකාමීත්වය රස විඳින්න ගොඩක් කැමති කෙනෙක්. ඒ කියන්නේ ඔහේ ගෙදරට වෙලා ඉන්න, ඔය පාර්ක් එකක මුහුදු වෙරලක ඇවිදලා කැමති වෙලාවක කැමති කෑමක් කාලා බුදියගන්න, හැන්දෑවට ගෙදර ඉස්සරහට වෙලා අහස දිහා බලාගෙන බියර් එකක් ගහන්න නැත්නම් ඔහෙ පොතක් කියවන්න. ඒක එහෙම වෙන අතරේ තවත් කවුරු හරි මා එක්ක සාමයෙන් ඉන්න එකයි මට ඕනේ වුණේ.

ඒත් මට තේරෙන්නේ නැහැ ඊළඟ ගෑණි කොහොමද තෝරා ගන්නේ කියලා. මේ වෙනකොට රොමැන්ටික් ආදරය කියන්නේ හරි සංකීර්ණ දෙයක් මම ඒක දන්නෙත් නෑ ඒක හරි අමාරු වැඩක් වගේ මට දැණිල තිබුණේ. මම කලින්වයිෆ් එක්ක මුල දී ඒ රොමැන්ටික් ආදරේ කියන එක අඩු නැතිව කළා. ඒත් කසාදයක් ගෙනියන්න ඒකට බෑ. සාමයෙන් ඉන්න දන්නේ නැති කිසිම තැනක එහෙම රොමෑන්ටික් ආදරයක් ඇති වුණාට ඒකට පවතින්න බෑ. අනික මගේ පෙණුමත් දැන් රොමෑන්ටික් නෑ කියලයි මට හිතුනෙ. ඉතින් මට ඕනේ වුණේ මහා පරම ආදරයක් නෙමෙයි, දරුවන් නැතත් කමක් නෑ කවුරු හරි සාමකාමීව මාත් එක්ක එකට ජීවත් වෙන්ඩ කාරුණික මනුස්සයෙක් විතරයි. කොහොහම හරි මම හිමීට අපේ ලංකාවේ මගේ අම්මලා තාත්තලා පවුලේ කට්ටියට කිව්වා ගැහැණියක් හොයන්න පටන් ගන්න කියලා.

මේ කාලයේම වගේ කිසියම් මනෝ විද්‍යාඥයෙක් ලියල තිබුන ආටිකල් එකක කියල තිබුණ දෙයක් මගේ හිතේ තදින් වැදිලා තිබුණා. ඒ තමයි බොහෝ විට පවුල් ජීවිතයේ අඹුසැමි දරුවන් අතර සම්බන්ධතාවයට බලපාන්නේ කසාද බැන්ද දෙදෙනා ඒ අයගේ දෙමව්පියන් සමග කුඩා කාලයේ හැදෙන විට තිබුණ පවුල් පරිසරයයි කියන එක. ඒ කියන්නේ සාමාන්‍යයෙන් මිනිස්සු කසාදය විදිහට අවිඥ්ඥාණකව දකින්නේ තමන්ගේ දෙමවුපියන්ගේ කසාදයයි කියන එක. මම ඒක මගේ කලින්වයිෆ් එක්ක දාලා බැලුවම හරියටම හරි කියලා හිතුනා. ඊට අමතරව තවත් මම දන්න බොහෝ අයට දාලා බැලුවමත් හරියටම හරි. හැබැයි හැම විටම නෙමේ, ගොඩාක් අවස්ථාවල. මගේ පවුලත් ඒ තරම්ම සාමකාමී පවුලක් නෙමෙයි, මගේ තාත්තා ඉවසීමක් නැතිව කෑ කෝ ගහන, සාමාන්‍ය විදිහට ගැටුම් ඇති කරගන්න පවුලක්. නමුත් මම පස්සෙ ඒක තේරුම් අරන් වෙනස් වුණා. ඒ නිසා කෙනෙකුට එහෙම වෙනස් වෙන්න බෑ කියලා මම හිතන්නේ නෑ. නමුත් තමන්ගේ ස්වයං උවමනාවෙන් එහෙම වෙනස් වෙන්න හැමෝටම බෑ.

මගේ කලින්වයිෆ්ගෙ පවුලේ දෙමවුපියන් දරුවන් නිතරම රණ්ඩු වෙනවා. අම්ම තාත්තට මං ඉස්සරහම මේ කාලකණ්නියා කියලා බැණලා තියනවා. ඒ ගොල්ලන්ගේ තාත්තත් කිසිම දෙයක් හරියට හොයන්නේ බලන්නේ නැතිව කලබල වෙලා කෑ කෝ ගහගෙන ප්‍රශ්ණ විසඳගන්න හදන ප්රචණ්ඩ උද්දච්ච මිනිහෙක්. හොඳින් කාල ඇඳල ඉන්න තරම් වත්කමක් තිබුණු සාමාන්‍ය පවුලක් විදියට ජීවිතයේ එදිනෙදා දේවල්, රුචි අරුචිකම්, බෙදා හදා ගැනීම් රණ්ඩු නොවී විසඳ ගන්ඩ ඒගොල්ලො දැනගෙන හිටියේ නෑ. මට හිතෙනවා ඒ වගේ රණ්ඩුවෙන සමාජයක් ඇතුලේ හැදෙනකොට එකිනෙකා ගැනත් තමන් ගැනත් අඩු වටිනාකමක් හා අඩු ගෞරවයක් දැනෙන්නෙ කියලා. ඒ් වගේම එතකොට ගොඩක් දුරට නෙගෙටිව් ආකල්ප වර්ධනය වෙනවා. ආදරය හෝ සතුට කියන්නේ කිසියම් දවසක දී අපි ගෙයක් හදනවා වගේ වැඩ කරලා ඉවර වෙලා අත්පත් කරගන්න දෙයක් නෙමෙයි, ප්‍රශ්ණ සමඟ යන මේ මොහොතේම අපි ගත කරන කන බොන බුදිය ගන්න එකට ඉන්න ආකාරය තුළ තියෙන එකක්. පවුල කියන්නේ මනුෂ්‍ය අභ්‍යාස පුරුදු කරන මූලික පාසලයි, බඩු හදන ෆැක්ටරියයි. ඉතින් මම කඩවල් වලින් නැතුව මේ පාර කෙලින්ම ෆැක්ටරියටම ගිහින් හදන හැටි බලලාම ගන්න හිතුවා!

මනුෂ්‍ය සම්බන්ධතාවල තියෙන විශේෂම ගුණය වෙන්න ඔ්න එදිනෙදා ජීවිතයේ සිදුවන දේවල්, බෙදා ගැනීම්, නැතිවීම්, අමතකවීම්, වැරදීම්, අතපසුවීම්, හරියටම තේරුම් ගන්නට නොහැකිවීම් - ව්‍යාකූලතා, රුචි අරුචිකම් හා විවිධත්වයන් ආදී ජීවිතයේ නොවැලැක්විය හැකි යතාර්ථය ඉදිරියේ ඒවා රණ්ඩු නොවී සාමකාමීව විසඳා ගැනීමට ඇති හැකියාවයි. පුද්ගලයින් දෙදෙනෙක්ගේ ඉදන් ජාතීන් දෙකක් දක්වා ඕනෑම තැනක සාමය හා සහජීවනය ඇති වෙන්නේ අන්න ඒකට තියන හැකියාව හා උවමනාව හරහා පමණයි.

මේ නිසා මගේ දෙමව්පියන් ලංකාවේදී මට ගැලපෙන කෙනෙක් හොයනකොට මම බලන්නැයි කීවේ කුලය, පන්තිය, දේපල, ආගම,කේන්දර නෑදෑයෝ මේ කිසිම දෙයක් නෙමෙයි දෙමව්පියෝ සමග ජීවත් වුණේ කොහොමද කියන එක විතරයි. කොයිතරම් සාමකාමීව එකට ඉන්න පවුලක් ද කියන එක. මොකද සාමකාමීව ඉන්නවා කියන එක තුල තියනවා සාපේක්ෂව බුද්ධිමත් කියන එක ද ඇතුළුව අර බොහෝ ගුණයන් අත්පත් කරගෙන තියෙන බව. ඉන් අදහස් කරන්නේ නෑ විවාද

නොඑකඟතා ඇති වෙන්නේ නෑ කියන එක, ඉන් අදහස් කරන්නේ සාමාන්‍යයෙන් ඒවා සාමකාමීව එකිනෙකාට හිංසාවක් අගෞරවයක් නොවන ලෙස විසඳා ගන්න තරම් දියුණුයි කියන එකයි. මට අනුව පවුලක හෝ සමාජයක සතුට අසතුට බෙදී යාමේ රේඛාව හරියටම වැටිලා තියෙන්නේ අන්න එතනයි.

ගෙදරින් මට පින්තූර විස්තර එවමින් කියපු දෙයක් තමයි ඕනෑ තරම් ගෑණු ඉන්නවා නමුත් අර වගේ පවුල් පසුබිමක් තියෙන අය හොයා ගන්න දැන් හරිම අමාරුයි කියලා. මම කිව්වා මම තදින් තීරණයක් අරන් තියෙන්නේ එහෙම හමුනොවූනොත් බඳින් නෑ කියලා. ඉතින් මට කොහොම හරි ගෑණු කෙනෙක් හොයන්න ඒගොල්ලො කවදත් මහන්සි වුන හින්දා විවිධාකාර පර්යේෂණ කරමින් අවුරුදු එක හමාරක් වගේ කාලයක් තුළ, මගේ ද තොරතුරු නිරීක්ෂණයෙන් පස්සේ පවුල් හතක් තෝරා ගත්තා. ඒවායින් පවුල් තුනක් අවසානයට තෝරගෙන ඒ තුනටත් තවත් කීප පාරක්ම ගිහිල්ලා එක්කෙනෙක් තෝරාගත්තා. ඒ ගියහම මම ඉතා තදින් නිරීක්ෂණය කළේ පවුලේ සාමාජිකයින් අතර සම්බන්ධතාවය තියෙන්නේ කොහොමද කියන එකයි. ඒ කාරණයට අමතරව ඒ ගැහැණුන් එක්ක තනියම කතා කරනකොට මම තව අතුරු කාරණා දෙකක් ගැන උනන්දු වුණා. මම ඇහුව ප්රශ්නය තමයි ඔයා කොහොමද ඔයාගේ පව්ලේ කට්ටියගේ වටිනාකම් සහ හරයන් ගණන් බලන්නේ, ඒ කියන්නේ අම්මයි තාත්තයි මට කන්ඩ බොන්ඩ දීලා හදා වඩා ගත්තා මං ආදරෙයි කියන සුලබ ප්‍රකාශයට වඩා පවුලේ සාමාජිකයින්ගේ හරයන් හා විටිනාකම් එයා හඳුනගෙන තියෙන්නේ කොහොමද කියන එක. විවිධ දේවල් හරහා මම අනිත් කාරණය සඳහා නිරීක්ෂණය කළේ කොයිතරම් අද වර්තමාන සාමාන්‍ය ජීවිතය සහ මිනිසුන් ආදිය ගැන යථාර්ථවාදී අවබෝධයක් තියෙනවද එහෙම නැත්නම් පාවෙන චරිතයක්ද කියන එක. අද එලියට බැස්ස මොහොතේ ඉඳන් වෙළෙන්දාගේ ඉදන් පස්සෙන් එන පිරිමින් දක්වා විවිධ උපක්‍රම වලින් රවටන කොට තමන්ගේ සහ පවුලේ ආරක්ෂාව ගැන හිතන්න කොයිතරම් ස්මාර්ට් ද කියන එක. ඔචච්රයි බැලුවේ.

අවසානයේ මට හමුවුණේ පහත රට ක්‍රිස්තියානි නමුත් එතරම් ආගමික නැඹුරුවක් නැති දරුවන් තුන් දෙනෙකුගෙන් දෙවැනි දරුවා වුන කාන්තාවක්. බොහොම සාමාන්‍ය මිනිස්සු. ඥාතියෙකු සමග දීර්ඝ කාලයක් තිබුණු පෙම් සම්බන්දතාවයක් බිඳ වැටිලා එයා ද ආදරේ ගැන යම් කලකිරීමකින් හිටියේ. කොහොම හරි ඒ පවුලේ සියලුම දෙනා හරිම සමගියෙන් හිටියේ. නිතර ජොලියෙන් විහිළු කර ගන්නවා. හරි සතුටු මුහුණු තිබ්බේ, බැරෑරුම් මුහුණු නෙමෙයි. ළමයි ලොකු වුණාට නිතරම අම්මව තාත්තව බදාගෙන ඉන්නවා. ඒ පවුලෙ කට්ටිය සමහර හැන්දෑවල එකතුවෙලා බැඩ්මින්ටන් ගහන්න පුරුදුවෙලා හිටියා. ඒ වගේ එකට විනෝද වෙන ගොඩක් පුරුදු ඒගොල්ලොන්ට තිබුණා. එක පාරක් ගියහම ඒ ගෙදරට මට ආයේ යන්න හිතුනා. මට හිතුනා මගේ කලින්වයිෆ් මේ වගේ පවුලක මේ වගේ තාත්තා කෙනෙක් යටතේ හැදුණ නම් අපි තාමත් ආදරයෙන් ඉන්නවානේ කියලා. මට හමුවුනු මේ අලුත් පවුල කොයි තරම් මගේ හිත සන්සුන් කළාද කියනවා නම් කලින් වයිෆ්වත් එයාගෙ තාත්තා ඇතුළු පවුලත් උපේක්ෂාවෙන් බලන්න මට හැකිවුණා, ඒ කිසිවෙක් මේ ලක්ෂණ උපතින් ගෙනා අය නෙමෙයි.

කසාද බැඳලා ආපු දවසේ ඉඳන් එයා මා එක්ක හිටියේ එයාගේ පවුලේ අය එක්ක හිටිය විදිහටමයි. මගේ ඇඟේ දැවෙටෙන්නෙ කරේ එල්ලෙන්නේ එයාගේ තාත්තගේ කරේ එල්ලුන විදිහටමයි. අද මට අවුරුදු විස්සක විතර ළමයින් දෙන්නෙක් ඉන්නවා, ඒගොල්ලො අපි එක්ක ඉන්නෙත් ඒ විදිහටමයි. අපි දැන් බැඳලා අවුරුදු විස්සකටත් වැඩි වෙනවා පිලිගන්න එකම දවසකවත් අපි බැණගෙන නෑ රණ්ඩුවෙලා නෑ, නිකන් මුහුණ එල්ල ගත්ත දවසක්වත් මට මතක් වෙන්නෙ නෑ.

අපි දෙන්නා ගොඩක් වෙනස්. එයා ගොඩක් සමාජශීලී බාහිර ක්‍රියාකාරකම් වලට කැමති කෙනෙක්. මම ඒවාට සම්බන්ධ වෙන්නේ නැතුව පැත්තක ඉඳන් නිහඬව රසවිදින්න කැමති කෙනෙක්. එයා ක්‍රිස්තියානි, මම බෞද්ධ.ආගම සම්බන්ධයෙන් අපි දෙන්නම හැසිරුණේ සාමාන්‍යයෙන් අපි ගෙවල්වල පුරුදු පුහුණු වෙලා තියෙන මට්ටමට විතරයි. වැඩිය ඇඟට ගත්තෙ නෑ. එයත් දෙවියන් ඉන්නවද නැද්ද කියලා හරියටම දන්නේ නෑ මාත් නිවන් යන්න පුළුවන් වෙයිද බැරි වෙයිද කියල හරියටම දන්නේ නෑ. අපි ඒවා ගැන සීරියස්ව කතා කරල නෑ , හිනාවෙවි කථා කරන්නේ. අපි දෙන්නගෙම තිබුණා හරියටම දන්නැති දේවල් ගැන වාද කරන් නැතිව ඒවා මග අරින ස්වභාවය.

කොහොමහරි අළුත් කසාදය පටන් ගන්නකොට මට එයා ගැන තිබුණේ ආදරයකට වඩා යම් ගෞරවයක් විශ්වාසයක් වගේ එකක්. අපි ආදරය කරන්න නෙමෙයි උත්සාහ කළේ, සමගියෙන් ඉන්න. ඒ නිසා මුල ඉඳන්ම ආදරය කරනකොට ඇතිවන අඩුපාඩු කියලා ජාතියක් මං එයා තුළ හොයන්න ගියේ නෑ. කිසිම නීතියක් රීතියක් දැම්මෙත් නෑ. එයාට එයාගේ පාඩුවේ ඉන්න දුන්නා. අර මූලික පරීක්ෂණවලින් මට එයා ගැන ලොකු විශ්වාසයක් ඇතිවෙලා තිබුණා. හැබැයි අපි දෙන්නම මුලින්ම කතා කර ගත්තා අපි එක පාරටම හමුවුන නිසා ආදරය හෙමීට ඇතිවෙන්න ඉඩ හරිමු අපි කවදාවත් එකිනෙකාගේ හිත් රිදවෙන කිසිම දෙයක් කියන්නැතුව මොනවා නැති වුණත් අපි සමගියෙන් ඉමු කියන එක. ආදරය හොයන්න ගිහින් සමගිය නැති වෙනවට වඩා සමගියම ආදරය කියලා මම හිතන්න උත්සහ කළා. කලින් ආදරය යුද්ධයක් විදිහට දැණුනනම් මේ පාර ආදරය සාමය විදියට දැණුනේ.

මම ඇවිදිල්ලා කිසිම විශේෂ හැකියාවක් නැති අඩුම ගානේ සිංදුවක්වත් හරියට කියන්න බැරි කෙනෙක්, ඒ නිසාද මන්දා මාව කාටවත් ඒ තරම් වැඩක් නැති කෙනෙක් කියලා මට පුංචි හීනමානයකුත් තිබුණා. මගේ කලින්වයිෆ්ට කේන්ති ගියහම මට කාලකණ්නියා කියලා නිතර බැණපු එකත් සමහර විට මේ තත්ත්වය වැඩි කරන්න ඇති. නමුත් මට පුදුම හිතෙන්න ගත්තා ටිකෙන් ටික මගේ දරුවන් මාව වීරයෙක් විදිහට සලකන කොට. මම වගේ එකෙක් කොහොමද වීරයෙක් වුණේ කියලා මම නිතර කල්පනා කරල තියනවා. මගේ දරුවන්ට මාව වීරයෙක් කරලා පෙන්නුවේ එයයි. එකක් එකටම එයාගේ අම්මා එයාගේ තාත්තාව වීරයෙක් කරන්න ඇති. තාත්තා සැබෑ වීරයෙක් වන්නේ අම්මාගේ අතින් බව මම ඉගෙන ගත්තේ එයාගෙන්. මම කොයිතරම් සාධාරණව අහිංසකව ඉන්න හදන මනුස්සයෙක් ද කියන එක මම දැනගත්තෙත් එයාගෙන්. මම ලෝකයේ ලස්සන දේවල් හොඳ දේවල් හොයා ගන්නත් ඒවා කිසිම කුහකත්වයක් නැතිව අගයන්නත් කොයිතරම් දක්ෂද ඒක මොනතරම් විශාල දුර්ලභ ගුණයක් ද කියන එක මම දැනගත්තෙත් එයාගෙන්. මම එයාට දීලා තියෙන නිදහස සහ විශ්වාසය ලෝකේ ලොකුම දේවල් වලින් එකක් කියලා මම දැනගත්තේ එයාගෙන්. ඒවා එයාට ගොඩක් ලොකු දේවල් වුණා. මගේ දරුවන්ට මාව වීරයෙක් කරන්ඩ ඒ ටික විතරක් එයාට ඇති වුණා. මම කාගෙ හරි කුඩා දරුවකුගේ රචනාවක් වගේ දෙයක් අගයනවා එයා දැක්කොත් ඒක එයා ආසාවෙන් බලාගෙන ඉඳලා මගේ මහා ලොකු ගුණයක් විදිහට දරුවෝ එක්ක කියනවා. කොටින්ම මම කවුද කියන එක මම හරියටම දැනගත්තේ එයාගෙන්. මගේ අර හීනමානය නැතිවෙලා ගිහිල්ලා මට මොකද්ද අලුත් ජවයක් ජීවත් වෙන්න ලැබුණා. මට අද එයා විශේෂ එයා මගේ දරුවන්ගේ අම්මා නිසාවත් මගේ බිරිඳ නිසාවත් මට උයලා පිහලා දෙන නිසාවත් නෙමෙයි එයා අපේ පවුලේ මනුෂ්‍ය සම්බන්ධතා නිර්මාණය කරපු නිසයි. ජීවිතය කියන්නේ හරයන් නිර්මාණය කර ඒවා බෙදා ගැනීමයි සතුට කියන්නේ එය අත්පත් කරගැනීමේ ආශ්වාදයයි. ජීවිතය කොයිතරම් අර්ථවත්ද සුන්දරද කියලා මට හිතෙන්න ගත්තා.

ආදරය කියන්නේ ඒකටයි.

ලොවේ සියළු මිහිරි දේ

කැටි කොට මැව්වා වගේ

ඇගේ සුගුණ සාගරේ

මම කිමිදෙමි නිරතුරේ ..

FB

http://www.elakiri.com/forum/showthread.php?t=1923530

[QUOTE="නෝටි බබා, post: 25158451, member: 511910"] [SIZE="4"][COLOR="Navy"]ගැහැණියක්ව සොයා ගිය මිනිසකුගේ කතාවක් By Dhananjaya Karunarathne පහුගිය කාලයේ මම වර්තමාන කසාදය සහ ආදරය ගැන තරමක් වෙනස් පහේ පර්යේෂණාත්මක නාට්‍යයක් නිෂ්පාදනය කළා, ඒක තාමත් රංග ගත වෙමින් පවතිනවා. ඒ නාට්‍ය හදන්න අපි නාට්‍ය කණ්ඩායම කසාද බැඳලා ඉන්න අයගේ කසාද කතා එකතු කරලා, අපේම කසාද ද ඇතුළුව පොඩි රිසර්ච් එකක් කලා. එතනදී මට අහන්න ලැබුණු විවිධ අයගේ කසාද කතා වලින් එකක් මම හිතුවා ඔබත් එක්ක බෙදා ගන්න තරම් වටිනවා කියලා. කිසියම් මනෝ විද්‍යාත්මක පදනමක් තියෙන මේ කතාව ආදරය සහ පවුල් ජීවිතය සම්බන්ධ එක් යථාර්ථයක් විතරක් විදිහට හිතන්න. මේ කතානායකයා කියනා යථාර්ථයට පරිබාහිරව තවත් බොහෝ සත්‍යන් තියෙන්න පුළුවන්. මූලික වශයෙන් කසාදය සම්බන්ධයෙන් කියැවුණ ද පොදුවේ ඕනෑම මානව සම්බන්ධතාවකට මේ දහම අදාළ කරගන්නත් පුළුවන්. ඉතින් කතානායකයා දැනට වයස අවුරුදු 60 ක පමණ ඕස්ට්‍රේලියාවේ ජීවත්වෙන මම ඇසුරු කරන සාමාන්‍ය සිංහල පුද්ගලයෙක්. ඔහු හා විවිධ අවස්ථාවල කතා බහ ඇසුරින් තැනින් තැන මතු වුණ මේ තොරතුරු ඔබගේ කියවීමේ පහසුව තකාත් ඔහුගේ අනන්‍යතාවය සැඟවීමටත් අන්තර්ගතයට හානියක් නොවන සේ සුළු ආටෝපයක් සමඟ සංස්කරණය කරලයි තියෙන්නේ. මෙන්න ඔහුගේ කතාව. මම මුලින්ම කසාද බැන්දේ අවුරුදු තුනක් විතර ආදරය කරලා අවුරුදු විසි අටේදී .නමුත් බැඳලා අවුරුදු තුනකින් විතර අපි ඩිවෝස් වුණා. සාමාන්‍යයෙන් මම බොහොම සාමකාමීව රණ්ඩු සරුවල් නැතුව ජීවත් වෙන්න කැමැති කෙනෙක්. නමුත් එදා මම ඒ බැන්ද ලේඩි එදිනෙදා ජීවිතයේ කිසිම වැදගත්කමක් නැති දේවල් වලට මං එක්ක රණ්ඩු වෙන්න, ගැටුම් ඇති කර ගන්න පටන් ගත්තා. ක්‍රමයෙන් මට ඉතා දරුණු විදිහට අපහාස කරලා කේන්ති ගියාම බණින්න ගත්තා. රණ්ඩු වෙන්ඩ එපා කියලා මම එයාව විවේචනය කළ එකට විතරක් එයා මට කාලකණ්නියා කියලා බැණලා තියෙනවා. මඟුල් ගෙදර දවසේ පවා ඇඳුම් ප්‍රශ්නයකට මට බල්ලා කියලා බැන්නා. කිසිම දෙයක් හරියට හොයන්නෙ බලන්නෙ නැතුව කලබල වෙලා ගැටුම් ඇති කරගන්නවා. කේන්ති ගියාම අනිත් කෙනාව පච කරන්න තියන හැම දෙයක්ම කියනවා. සාමකාමීව ඉඳිමු කියන එකට මගේම උවමනාවට කරපු සියලුම සාකච්ඡා වැඩසටහන් වැඩ කලේ නෑ. එයාට එයාගේ ස්වභාවය වෙනස් කර ගන්න බෑ කියලා මට තේරුණා. ක්‍රමයෙන් මමත් එයා නිසා රණ්ඩු වෙන කෙනෙක් බවට පත්වෙමින් තිබුණා. ඒගොල්ලොන්ගෙ ගෙදර අය කීවේ පවුල් ජීවිතය ඔහොම තමයි ඒකට තමයි දුක සැප කියන්නෙ ඒක බෙදාගෙන කන්ඩ කියලා කිව්වා. මේ විදිහට තේරුමක් නැතුව ගැටුම් දුරදිග යන කොට, එයා එයාගේ ගෙදර අයට සහ එයාගේ යාහළුවන්ට මගේ නැති වැරදි කියමින් මාව පාවා දීලා ආත්මානුකම්පාව ලබා ගන්න හදනවා. මේ හේතුව නිසා බැඳලා අවුරුදු දෙකක් යනකොට මට එයා ගැන කිසිම හැඟීමක් ගෞරවයක් නැතුව යන්න ගියා. ඊට පස්සේ මට එයාට කියන්න සිද්ධ වුණා මට ඔයා ගැන කිසිම හැගීමක් දැන් නම් නෑ කියලා. එහෙම ඉවසගෙන ජීවත් වෙන්න ගියා නම් මගේ ජීවිතය එකම අපායක් වෙන්න ඉඩ තිබුණා. වාසනාවට අපිට ඒ වෙනකොට දරුවන් හිටියේ නැහැ. අපි දික්කසාද වුණා. මම හිතුවා මම ආයෙ බඳින්නේ නෑ කියලා. ඊට පස්සේ මම අවුරුදු දහයක් විතර යනකන් තනිකඩයෙක් විදිහට හිටියා. අර වේදනාවෙන් ගැලවෙන්න මේ කාලයේ මම රටවල් කීපයක ඔහේ ඇවිදින්න ගියා. ඒත් ක්‍රමයෙන් අවුරුදු හතලිහ වෙන කොට වගේ මට මොකක්ද පාළුවක් දැණුනා, තනියම ඉන්නවාට වඩා තව කා හරි එක්ක බෙදා හදාගෙන ඉන්න තියෙනවනම් හොඳයි කියල හිතුනා. සාමාන්‍යයෙන් මම විවේකය සහ සාමකාමීත්වය රස විඳින්න ගොඩක් කැමති කෙනෙක්. ඒ කියන්නේ ඔහේ ගෙදරට වෙලා ඉන්න, ඔය පාර්ක් එකක මුහුදු වෙරලක ඇවිදලා කැමති වෙලාවක කැමති කෑමක් කාලා බුදියගන්න, හැන්දෑවට ගෙදර ඉස්සරහට වෙලා අහස දිහා බලාගෙන බියර් එකක් ගහන්න නැත්නම් ඔහෙ පොතක් කියවන්න. ඒක එහෙම වෙන අතරේ තවත් කවුරු හරි මා එක්ක සාමයෙන් ඉන්න එකයි මට ඕනේ වුණේ. ඒත් මට තේරෙන්නේ නැහැ ඊළඟ ගෑණි කොහොමද තෝරා ගන්නේ කියලා. මේ වෙනකොට රොමැන්ටික් ආදරය කියන්නේ හරි සංකීර්ණ දෙයක් මම ඒක දන්නෙත් නෑ ඒක හරි අමාරු වැඩක් වගේ මට දැණිල තිබුණේ. මම කලින්වයිෆ් එක්ක මුල දී ඒ රොමැන්ටික් ආදරේ කියන එක අඩු නැතිව කළා. ඒත් කසාදයක් ගෙනියන්න ඒකට බෑ. සාමයෙන් ඉන්න දන්නේ නැති කිසිම තැනක එහෙම රොමෑන්ටික් ආදරයක් ඇති වුණාට ඒකට පවතින්න බෑ. අනික මගේ පෙණුමත් දැන් රොමෑන්ටික් නෑ කියලයි මට හිතුනෙ. ඉතින් මට ඕනේ වුණේ මහා පරම ආදරයක් නෙමෙයි, දරුවන් නැතත් කමක් නෑ කවුරු හරි සාමකාමීව මාත් එක්ක එකට ජීවත් වෙන්ඩ කාරුණික මනුස්සයෙක් විතරයි. කොහොහම හරි මම හිමීට අපේ ලංකාවේ මගේ අම්මලා තාත්තලා පවුලේ කට්ටියට කිව්වා ගැහැණියක් හොයන්න පටන් ගන්න කියලා. මේ කාලයේම වගේ කිසියම් මනෝ විද්‍යාඥයෙක් ලියල තිබුන ආටිකල් එකක කියල තිබුණ දෙයක් මගේ හිතේ තදින් වැදිලා තිබුණා. ඒ තමයි බොහෝ විට පවුල් ජීවිතයේ අඹුසැමි දරුවන් අතර සම්බන්ධතාවයට බලපාන්නේ කසාද බැන්ද දෙදෙනා ඒ අයගේ දෙමව්පියන් සමග කුඩා කාලයේ හැදෙන විට තිබුණ පවුල් පරිසරයයි කියන එක. ඒ කියන්නේ සාමාන්‍යයෙන් මිනිස්සු කසාදය විදිහට අවිඥ්ඥාණකව දකින්නේ තමන්ගේ දෙමවුපියන්ගේ කසාදයයි කියන එක. මම ඒක මගේ කලින්වයිෆ් එක්ක දාලා බැලුවම හරියටම හරි කියලා හිතුනා. ඊට අමතරව තවත් මම දන්න බොහෝ අයට දාලා බැලුවමත් හරියටම හරි. හැබැයි හැම විටම නෙමේ, ගොඩාක් අවස්ථාවල. මගේ පවුලත් ඒ තරම්ම සාමකාමී පවුලක් නෙමෙයි, මගේ තාත්තා ඉවසීමක් නැතිව කෑ කෝ ගහන, සාමාන්‍ය විදිහට ගැටුම් ඇති කරගන්න පවුලක්. නමුත් මම පස්සෙ ඒක තේරුම් අරන් වෙනස් වුණා. ඒ නිසා කෙනෙකුට එහෙම වෙනස් වෙන්න බෑ කියලා මම හිතන්නේ නෑ. නමුත් තමන්ගේ ස්වයං උවමනාවෙන් එහෙම වෙනස් වෙන්න හැමෝටම බෑ. මගේ කලින්වයිෆ්ගෙ පවුලේ දෙමවුපියන් දරුවන් නිතරම රණ්ඩු වෙනවා. අම්ම තාත්තට මං ඉස්සරහම මේ කාලකණ්නියා කියලා බැණලා තියනවා. ඒ ගොල්ලන්ගේ තාත්තත් කිසිම දෙයක් හරියට හොයන්නේ බලන්නේ නැතිව කලබල වෙලා කෑ කෝ ගහගෙන ප්‍රශ්ණ විසඳගන්න හදන ප්රචණ්ඩ උද්දච්ච මිනිහෙක්. හොඳින් කාල ඇඳල ඉන්න තරම් වත්කමක් තිබුණු සාමාන්‍ය පවුලක් විදියට ජීවිතයේ එදිනෙදා දේවල්, රුචි අරුචිකම්, බෙදා හදා ගැනීම් රණ්ඩු නොවී විසඳ ගන්ඩ ඒගොල්ලො දැනගෙන හිටියේ නෑ. මට හිතෙනවා ඒ වගේ රණ්ඩුවෙන සමාජයක් ඇතුලේ හැදෙනකොට එකිනෙකා ගැනත් තමන් ගැනත් අඩු වටිනාකමක් හා අඩු ගෞරවයක් දැනෙන්නෙ කියලා. ඒ් වගේම එතකොට ගොඩක් දුරට නෙගෙටිව් ආකල්ප වර්ධනය වෙනවා. ආදරය හෝ සතුට කියන්නේ කිසියම් දවසක දී අපි ගෙයක් හදනවා වගේ වැඩ කරලා ඉවර වෙලා අත්පත් කරගන්න දෙයක් නෙමෙයි, ප්‍රශ්ණ සමඟ යන මේ මොහොතේම අපි ගත කරන කන බොන බුදිය ගන්න එකට ඉන්න ආකාරය තුළ තියෙන එකක්. පවුල කියන්නේ මනුෂ්‍ය අභ්‍යාස පුරුදු කරන මූලික පාසලයි, බඩු හදන ෆැක්ටරියයි. ඉතින් මම කඩවල් වලින් නැතුව මේ පාර කෙලින්ම ෆැක්ටරියටම ගිහින් හදන හැටි බලලාම ගන්න හිතුවා! මනුෂ්‍ය සම්බන්ධතාවල තියෙන විශේෂම ගුණය වෙන්න ඔ්න එදිනෙදා ජීවිතයේ සිදුවන දේවල්, බෙදා ගැනීම්, නැතිවීම්, අමතකවීම්, වැරදීම්, අතපසුවීම්, හරියටම තේරුම් ගන්නට නොහැකිවීම් - ව්‍යාකූලතා, රුචි අරුචිකම් හා විවිධත්වයන් ආදී ජීවිතයේ නොවැලැක්විය හැකි යතාර්ථය ඉදිරියේ ඒවා රණ්ඩු නොවී සාමකාමීව විසඳා ගැනීමට ඇති හැකියාවයි. පුද්ගලයින් දෙදෙනෙක්ගේ ඉදන් ජාතීන් දෙකක් දක්වා ඕනෑම තැනක සාමය හා සහජීවනය ඇති වෙන්නේ අන්න ඒකට තියන හැකියාව හා උවමනාව හරහා පමණයි. මේ නිසා මගේ දෙමව්පියන් ලංකාවේදී මට ගැලපෙන කෙනෙක් හොයනකොට මම බලන්නැයි කීවේ කුලය, පන්තිය, දේපල, ආගම,කේන්දර නෑදෑයෝ මේ කිසිම දෙයක් නෙමෙයි දෙමව්පියෝ සමග ජීවත් වුණේ කොහොමද කියන එක විතරයි. කොයිතරම් සාමකාමීව එකට ඉන්න පවුලක් ද කියන එක. මොකද සාමකාමීව ඉන්නවා කියන එක තුල තියනවා සාපේක්ෂව බුද්ධිමත් කියන එක ද ඇතුළුව අර බොහෝ ගුණයන් අත්පත් කරගෙන තියෙන බව. ඉන් අදහස් කරන්නේ නෑ විවාද නොඑකඟතා ඇති වෙන්නේ නෑ කියන එක, ඉන් අදහස් කරන්නේ සාමාන්‍යයෙන් ඒවා සාමකාමීව එකිනෙකාට හිංසාවක් අගෞරවයක් නොවන ලෙස විසඳා ගන්න තරම් දියුණුයි කියන එකයි. මට අනුව පවුලක හෝ සමාජයක සතුට අසතුට බෙදී යාමේ රේඛාව හරියටම වැටිලා තියෙන්නේ අන්න එතනයි. ගෙදරින් මට පින්තූර විස්තර එවමින් කියපු දෙයක් තමයි ඕනෑ තරම් ගෑණු ඉන්නවා නමුත් අර වගේ පවුල් පසුබිමක් තියෙන අය හොයා ගන්න දැන් හරිම අමාරුයි කියලා. මම කිව්වා මම තදින් තීරණයක් අරන් තියෙන්නේ එහෙම හමුනොවූනොත් බඳින් නෑ කියලා. ඉතින් මට කොහොම හරි ගෑණු කෙනෙක් හොයන්න ඒගොල්ලො කවදත් මහන්සි වුන හින්දා විවිධාකාර පර්යේෂණ කරමින් අවුරුදු එක හමාරක් වගේ කාලයක් තුළ, මගේ ද තොරතුරු නිරීක්ෂණයෙන් පස්සේ පවුල් හතක් තෝරා ගත්තා. ඒවායින් පවුල් තුනක් අවසානයට තෝරගෙන ඒ තුනටත් තවත් කීප පාරක්ම ගිහිල්ලා එක්කෙනෙක් තෝරාගත්තා. ඒ ගියහම මම ඉතා තදින් නිරීක්ෂණය කළේ පවුලේ සාමාජිකයින් අතර සම්බන්ධතාවය තියෙන්නේ කොහොමද කියන එකයි. ඒ කාරණයට අමතරව ඒ ගැහැණුන් එක්ක තනියම කතා කරනකොට මම තව අතුරු කාරණා දෙකක් ගැන උනන්දු වුණා. මම ඇහුව ප්රශ්නය තමයි ඔයා කොහොමද ඔයාගේ පව්ලේ කට්ටියගේ වටිනාකම් සහ හරයන් ගණන් බලන්නේ, ඒ කියන්නේ අම්මයි තාත්තයි මට කන්ඩ බොන්ඩ දීලා හදා වඩා ගත්තා මං ආදරෙයි කියන සුලබ ප්‍රකාශයට වඩා පවුලේ සාමාජිකයින්ගේ හරයන් හා විටිනාකම් එයා හඳුනගෙන තියෙන්නේ කොහොමද කියන එක. විවිධ දේවල් හරහා මම අනිත් කාරණය සඳහා නිරීක්ෂණය කළේ කොයිතරම් අද වර්තමාන සාමාන්‍ය ජීවිතය සහ මිනිසුන් ආදිය ගැන යථාර්ථවාදී අවබෝධයක් තියෙනවද එහෙම නැත්නම් පාවෙන චරිතයක්ද කියන එක. අද එලියට බැස්ස මොහොතේ ඉඳන් වෙළෙන්දාගේ ඉදන් පස්සෙන් එන පිරිමින් දක්වා විවිධ උපක්‍රම වලින් රවටන කොට තමන්ගේ සහ පවුලේ ආරක්ෂාව ගැන හිතන්න කොයිතරම් ස්මාර්ට් ද කියන එක. ඔචච්රයි බැලුවේ. අවසානයේ මට හමුවුණේ පහත රට ක්‍රිස්තියානි නමුත් එතරම් ආගමික නැඹුරුවක් නැති දරුවන් තුන් දෙනෙකුගෙන් දෙවැනි දරුවා වුන කාන්තාවක්. බොහොම සාමාන්‍ය මිනිස්සු. ඥාතියෙකු සමග දීර්ඝ කාලයක් තිබුණු පෙම් සම්බන්දතාවයක් බිඳ වැටිලා එයා ද ආදරේ ගැන යම් කලකිරීමකින් හිටියේ. කොහොම හරි ඒ පවුලේ සියලුම දෙනා හරිම සමගියෙන් හිටියේ. නිතර ජොලියෙන් විහිළු කර ගන්නවා. හරි සතුටු මුහුණු තිබ්බේ, බැරෑරුම් මුහුණු නෙමෙයි. ළමයි ලොකු වුණාට නිතරම අම්මව තාත්තව බදාගෙන ඉන්නවා. ඒ පවුලෙ කට්ටිය සමහර හැන්දෑවල එකතුවෙලා බැඩ්මින්ටන් ගහන්න පුරුදුවෙලා හිටියා. ඒ වගේ එකට විනෝද වෙන ගොඩක් පුරුදු ඒගොල්ලොන්ට තිබුණා. එක පාරක් ගියහම ඒ ගෙදරට මට ආයේ යන්න හිතුනා. මට හිතුනා මගේ කලින්වයිෆ් මේ වගේ පවුලක මේ වගේ තාත්තා කෙනෙක් යටතේ හැදුණ නම් අපි තාමත් ආදරයෙන් ඉන්නවානේ කියලා. මට හමුවුනු මේ අලුත් පවුල කොයි තරම් මගේ හිත සන්සුන් කළාද කියනවා නම් කලින් වයිෆ්වත් එයාගෙ තාත්තා ඇතුළු පවුලත් උපේක්ෂාවෙන් බලන්න මට හැකිවුණා, ඒ කිසිවෙක් මේ ලක්ෂණ උපතින් ගෙනා අය නෙමෙයි. කසාද බැඳලා ආපු දවසේ ඉඳන් එයා මා එක්ක හිටියේ එයාගේ පවුලේ අය එක්ක හිටිය විදිහටමයි. මගේ ඇඟේ දැවෙටෙන්නෙ කරේ එල්ලෙන්නේ එයාගේ තාත්තගේ කරේ එල්ලුන විදිහටමයි. අද මට අවුරුදු විස්සක විතර ළමයින් දෙන්නෙක් ඉන්නවා, ඒගොල්ලො අපි එක්ක ඉන්නෙත් ඒ විදිහටමයි. අපි දැන් බැඳලා අවුරුදු විස්සකටත් වැඩි වෙනවා පිලිගන්න එකම දවසකවත් අපි බැණගෙන නෑ රණ්ඩුවෙලා නෑ, නිකන් මුහුණ එල්ල ගත්ත දවසක්වත් මට මතක් වෙන්නෙ නෑ. අපි දෙන්නා ගොඩක් වෙනස්. එයා ගොඩක් සමාජශීලී බාහිර ක්‍රියාකාරකම් වලට කැමති කෙනෙක්. මම ඒවාට සම්බන්ධ වෙන්නේ නැතුව පැත්තක ඉඳන් නිහඬව රසවිදින්න කැමති කෙනෙක්. එයා ක්‍රිස්තියානි, මම බෞද්ධ.ආගම සම්බන්ධයෙන් අපි දෙන්නම හැසිරුණේ සාමාන්‍යයෙන් අපි ගෙවල්වල පුරුදු පුහුණු වෙලා තියෙන මට්ටමට විතරයි. වැඩිය ඇඟට ගත්තෙ නෑ. එයත් දෙවියන් ඉන්නවද නැද්ද කියලා හරියටම දන්නේ නෑ මාත් නිවන් යන්න පුළුවන් වෙයිද බැරි වෙයිද කියල හරියටම දන්නේ නෑ. අපි ඒවා ගැන සීරියස්ව කතා කරල නෑ , හිනාවෙවි කථා කරන්නේ. අපි දෙන්නගෙම තිබුණා හරියටම දන්නැති දේවල් ගැන වාද කරන් නැතිව ඒවා මග අරින ස්වභාවය. කොහොමහරි අළුත් කසාදය පටන් ගන්නකොට මට එයා ගැන තිබුණේ ආදරයකට වඩා යම් ගෞරවයක් විශ්වාසයක් වගේ එකක්. අපි ආදරය කරන්න නෙමෙයි උත්සාහ කළේ, සමගියෙන් ඉන්න. ඒ නිසා මුල ඉඳන්ම ආදරය කරනකොට ඇතිවන අඩුපාඩු කියලා ජාතියක් මං එයා තුළ හොයන්න ගියේ නෑ. කිසිම නීතියක් රීතියක් දැම්මෙත් නෑ. එයාට එයාගේ පාඩුවේ ඉන්න දුන්නා. අර මූලික පරීක්ෂණවලින් මට එයා ගැන ලොකු විශ්වාසයක් ඇතිවෙලා තිබුණා. හැබැයි අපි දෙන්නම මුලින්ම කතා කර ගත්තා අපි එක පාරටම හමුවුන නිසා ආදරය හෙමීට ඇතිවෙන්න ඉඩ හරිමු අපි කවදාවත් එකිනෙකාගේ හිත් රිදවෙන කිසිම දෙයක් කියන්නැතුව මොනවා නැති වුණත් අපි සමගියෙන් ඉමු කියන එක. ආදරය හොයන්න ගිහින් සමගිය නැති වෙනවට වඩා සමගියම ආදරය කියලා මම හිතන්න උත්සහ කළා. කලින් ආදරය යුද්ධයක් විදිහට දැණුනනම් මේ පාර ආදරය සාමය විදියට දැණුනේ. මම ඇවිදිල්ලා කිසිම විශේෂ හැකියාවක් නැති අඩුම ගානේ සිංදුවක්වත් හරියට කියන්න බැරි කෙනෙක්, ඒ නිසාද මන්දා මාව කාටවත් ඒ තරම් වැඩක් නැති කෙනෙක් කියලා මට පුංචි හීනමානයකුත් තිබුණා. මගේ කලින්වයිෆ්ට කේන්ති ගියහම මට කාලකණ්නියා කියලා නිතර බැණපු එකත් සමහර විට මේ තත්ත්වය වැඩි කරන්න ඇති. නමුත් මට පුදුම හිතෙන්න ගත්තා ටිකෙන් ටික මගේ දරුවන් මාව වීරයෙක් විදිහට සලකන කොට. මම වගේ එකෙක් කොහොමද වීරයෙක් වුණේ කියලා මම නිතර කල්පනා කරල තියනවා. මගේ දරුවන්ට මාව වීරයෙක් කරලා පෙන්නුවේ එයයි. එකක් එකටම එයාගේ අම්මා එයාගේ තාත්තාව වීරයෙක් කරන්න ඇති. තාත්තා සැබෑ වීරයෙක් වන්නේ අම්මාගේ අතින් බව මම ඉගෙන ගත්තේ එයාගෙන්. මම කොයිතරම් සාධාරණව අහිංසකව ඉන්න හදන මනුස්සයෙක් ද කියන එක මම දැනගත්තෙත් එයාගෙන්. මම ලෝකයේ ලස්සන දේවල් හොඳ දේවල් හොයා ගන්නත් ඒවා කිසිම කුහකත්වයක් නැතිව අගයන්නත් කොයිතරම් දක්ෂද ඒක මොනතරම් විශාල දුර්ලභ ගුණයක් ද කියන එක මම දැනගත්තෙත් එයාගෙන්. මම එයාට දීලා තියෙන නිදහස සහ විශ්වාසය ලෝකේ ලොකුම දේවල් වලින් එකක් කියලා මම දැනගත්තේ එයාගෙන්. ඒවා එයාට ගොඩක් ලොකු දේවල් වුණා. මගේ දරුවන්ට මාව වීරයෙක් කරන්ඩ ඒ ටික විතරක් එයාට ඇති වුණා. මම කාගෙ හරි කුඩා දරුවකුගේ රචනාවක් වගේ දෙයක් අගයනවා එයා දැක්කොත් ඒක එයා ආසාවෙන් බලාගෙන ඉඳලා මගේ මහා ලොකු ගුණයක් විදිහට දරුවෝ එක්ක කියනවා. කොටින්ම මම කවුද කියන එක මම හරියටම දැනගත්තේ එයාගෙන්. මගේ අර හීනමානය නැතිවෙලා ගිහිල්ලා මට මොකද්ද අලුත් ජවයක් ජීවත් වෙන්න ලැබුණා. මට අද එයා විශේෂ එයා මගේ දරුවන්ගේ අම්මා නිසාවත් මගේ බිරිඳ නිසාවත් මට උයලා පිහලා දෙන නිසාවත් නෙමෙයි එයා අපේ පවුලේ මනුෂ්‍ය සම්බන්ධතා නිර්මාණය කරපු නිසයි. ජීවිතය කියන්නේ හරයන් නිර්මාණය කර ඒවා බෙදා ගැනීමයි සතුට කියන්නේ එය අත්පත් කරගැනීමේ ආශ්වාදයයි. ජීවිතය කොයිතරම් අර්ථවත්ද සුන්දරද කියලා මට හිතෙන්න ගත්තා. ආදරය කියන්නේ ඒකටයි. ලොවේ සියළු මිහිරි දේ කැටි කොට මැව්වා වගේ ඇගේ සුගුණ සාගරේ මම කිමිදෙමි නිරතුරේ .. FB[/COLOR][/SIZE] [url]http://www.elakiri.com/forum/showthread.php?t=1923530[/url] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom