TEMU ඩිලිවරි ප්‍රමාදයට හා පැකට් කැඩුවාට ඕඩර් දැමූ අය පොලිසි යති

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    අන්තර්ජාලය ඔස්සේ ගෙවීම් කළ පසු භාණ්ඩ බෙදාහරින TEMU නමැති චීන වෙබ් අඩවිය හා ඇප් එක ඔස්සේ භාණ්ඩ තෝරාගෙන ඇණවුම් කළ පාරිභෝගිකයින් විශාල පිරිසක් සිය ඇණවුම් ලබාගැනීම සම්බන්ධයෙන් මෑතක සිට ගැටලුවලට මුහුණදී ඇති අතර කොම්පඤ්ඤවීදිය පොලිසිය වෙත පාරිභෝගිකයින් පිරිසක් පැමිණ පැමිණිල්ලක්ද සිදුකර තිබේ.

    මෙම පැමිණිල්ලෙන් පසුව මෙරට ක්‍රියාත්මක පාකිස්ථානයට අනුබද්ධ CPEX නමැති කුරියර් සේවා ආයතනය පාරිභෝගිකයින් පොලිසිය හා එක්ව ගොස් වැටළීමක්ද කර ඇත. එහිදී ගොඩගැසී ඇති විශාල පාර්සල් තොගයක් හා ඇතැම් පාර්සල් කඩා බලා පරීක්ෂා කර ඇති අයුරු නිරීක්ෂණය වී තිබේ. මෙම පාර්සල්වල ඇතුළත් දේවල් සොරකම් කර ඇතිද යන සැකය පාරිභෝගිකයින්ට ඇතිව තිබෙන අතර CPEX නමැති කුරියර් සේවාවේ හිමිකරු පොලිසිය මගින් ප්‍රශ්න කිරීමට ලක්කළ පසුව ඔහු මැයි මස 25 වන දිනට පෙර ප්‍රමාදවූ ඇණවුම් තැපෑලෙන් බෙදන බවට පොරොන්දුවී තිබේ.


    මෙම බෙදාහැරීම් ගැටලුව TEMU චීන සමාගමේ වරදක් නොවන අතර පසුගිය මාසය දක්වා බෙදාහැරීම් භාරගෙන තිබූ 'කූඹියෝ' නමැති දේශීය සමාගම ඔස්සේ TEMU බෙදාහැරීම් ඉතා නිවැරදි ආකාරයට සිදුකර තිබූ බවද හෙළි විය.
    ගැටලුව පැනනගින්නේ කූඹියෝ වෙනුවට CPEX නමැති කුරියර් සේවාව වෙත මෙම භාණ්ඩ බෙදාහැරීම වෙනස් කළ පසුව බව කියැවේ.
    අන්තර්ජාලය ඔස්සේ
    TEMU චීන සමාගම ඊමේල් ඔස්සේ මෙම ගැටලුව ගැන CPEX අමතන්න යයි අංකයක් ලබාදී ඇති මුත් එය කිසිවිට උත්තර ලබාදෙන්නට උස්සන්නේ නැති දුරකථනයකි.
    චීන සමාගමට මේ සම්බන්ධයෙන් දැනටමත් පැමිණිලි කිරීමට ශ්‍රී ලාංකික පාරිභෝගිකයින් රැසක් කටයුතු කර ඇත. මෙම ගැටලුවට මුහුණපාන අයට යම් හෙයකින් භාණ්ඩ නොලැබුණොත් හෝ අනවශ්‍ය ප්‍රමාදයක් වෙතොත් චීන සමාගමින් නැවත මුදල් ඉල්ලාගත හැකි පරිදි පාරිභෝගික ආරක්ෂණයක් පවතී.
    මෙම ගැටලු සම්බන්ධයෙන් මේ වනවිට සක්‍රීය Temu Sri lanka නමැති ෆේස් බුක් ගෘෘප් එකක්ද ක්‍රියාත්මක වන අතර එහිදී විසඳුම් සාකච්ඡාවෙමින් පවතී.

    gossiplanka image 2


    gossiplanka image 3

    gossiplanka image 4

    gossiplanka image 1


    gossiplanka image 5

    gossiplanka image 6