Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
USA Linux OpenVZ VPS අඩු මිලකට
Nadun26
Updated:
Today at 6:46 PM
Ad icon
Shared Hosting වාර්ෂිකව රු 2200 සිට!
Nadun26
Updated:
Today at 11:38 AM
හොඳ, දැන්වීම්-රහිත (ad-free) ආයුර්වේද ඇප් එකක් සොයා ගැනීමට නොහැකි වූ නිසා, මමම එකක් නිර්මාණය කළා
kitchen_discussions
Updated:
Yesterday at 2:34 AM
Ad icon
Iptv
musicking
Updated:
Sunday at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
The anatomy of the MiG deal
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගෝටා, උදයංග සහ මිග් යානා ගනුදෙනුවේ සුලමුල - විශේෂ ලියුම්කරුවෙකු විසිනි.

2000 දී චන්ද්‍රිකා බණ්ඩාරනායක ආණ්ඩුව බෝම්බ ප්‍රහාරක මිග්-27 වර්ගයේ යානා 6 ක් මිල දී ගැනීම සඳහා වන ටෙන්ඩරයක්, සිංගප්පූරුවේ පිහිටි අවි ආයුධ වෙළඳ ව්‍යාපාරයක් වන ‘ඩී එස් එලයන්ස්’ නැමැති සමාගමට ප්රදානය කෙළේය. මේ සමාගම නියෝජනය කෙළේ එහි අධ්‍යක්ෂවරයෙකු වන ලී තියාන් සූ හෙවත් ටී. එස්. ලී නැමැත්තෙකි. ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ මේ කියන ‘ඩී එස් එලයන්ස්’ සමාගම අතර ඇති කර ගත් ගිවිසුම ප්‍රකාරව, යුක්රේනියානු රාජ්‍යයට අයත් අවි ආයුධ අපනයන සමාගමක් වන ‘යුක්රින්මාෂ්’ ආයතනයෙන් ‘ඩී එස් එලයන්ස්’ සමාගම මේ ගුවන් යානා මිල දී ගෙන එම සමාගම මගින් ඒවා ශ්‍රී ලංකා යුද හමුදාවට විකුණනු ලැබේ. ඒ, එක ගුවන් යානයක් ඩොලර් මිලියන 1.2 ක් වන මිලකට ය.

මේ ගුවන් යානාවලින් භාගයක ඉරණම යහපත් නොවුණි. ඉන් එකක්, මිල දී ගෙන මාස කිහිපයක් ඇතුළත, යුක්රේනියානු ජාතික ගුවන් නියමුවාගේ ජීවිතයත් විනාශ කරමින් කටුනායක ගුවන් තොටුපොළ අසලදී බිමට කඩා වැටුණි. දෙවැනි ගුවන් යානයකුත් වෙනත් ආපදාවකට ලක්වූ අතර තවත් ගුවන් යානයක් කටුනායක ගුවන් තොටුපොළට එල්.ටී.ටී.ඊ. සංවිධානය එල්ල කළ ප්‍රහාරයේදී විනාශයට පත්විය.

ගුවන් හමුදාපති එයාර් වයිස් මාර්ෂල් ඩොනල්ඞ් පෙරේරා 2006 ජනවාරියේ දී වාර්තාවක් ඉදිරිපත් කරමින්, ශ්‍රී ලංකා ගුවන් හමුදාව මේ කියන මිග්-27 වර්ගයේ ප්‍රහාරක යානා මිලදී ගැනීම අතහැර දැමිය යුතු බවත්, ලංකාවේ ගුවන් හමුදාවට අයත් යානා සංචිතය නවීකරණය කිරීම සඳහා ඇමරිකා එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය ඇතුළු වෙනත් රටවල්වලින් විකල්ප යානා සොයා බැලිය යුතු බවත් පෙන්වා දී තිබුණි. කෙසේ වෙතත්, ඊළඟ මාසයේ දී ගුවන් හමුදාපතිවරයාගේ ඒ අදහස එකහෙළා කණපිට හැරුණි. ඒ, ආරක්ෂක අමාත්‍යංශ ලේකම් ගෝඨාභය රාජපක්ෂ විසින් කැඳවන ලද හදිසි රැස්වීමකින් පසුව ය.

මේ රැස්වීම කැඳවන ලද්දේ 2006 පෙබරවාරි 6 වැනි දා ය. ස්ථානය, ආරක්ෂක අමාත්‍යාංශයයි. එම රැස්වීමට ගෝඨාභයගේ මස්සිනා කෙනෙකු වන උදයංග වීරතුංගත්, ඔහුගේ ව්‍යාපාරික සගයෙකු වන යුක්රේනියානු ජාතික ඩිමිට්‍රෝ පෙරෙගුඩෝව් යන අයත් සහභාගී වුහ. එකී රැස්වීමේ නිමිත්ත වුණේ, මේ කියන දෙන්නා විසින් මිග්-27 යානා කිහිපයක් ශ්‍රී ලංකා ගුවන් හමුදාවට විකිණීම පිළිබඳ සාකච්ඡාවකි.

ගුවන් හමුදාපතිවරයා ඔවුන්ගේ කතාවට සාවධානව සවන්දුන්නේය. එහෙත් ඊට කලින් ‘ඩී එස් එලයන්ස්’ සමාගම විසින් සපයන ලද මෙවැනි ගුවන් යානා පිළිබඳව ඇති අප්‍රසන්න අත්දැකීම් නිසා ඒ ගැන තමන් තුළ ප්‍රසාදයක් නැති බව ඔහු කීය. එහිදී, ‘ඩී එස් එලයන්ස්’ සමාගම මේ ගනුදෙනුවේ කොටස්කාරයෙකු නොවන බව උදයංග වීරතුංග කියා සිටි අතර ගුවන් හමුදාපතිවරයා තමන්ගේ කලින් අදහස වෙනස් කරගෙන, පෙරෙගුඩෝව්ගේ සහ උදයංග වීරතුංගගේ යෝජනාව පිළිගන්නා තැනකට ගියේය.

මේ ගනුදෙනුකරුවන් දෙන්නාගේ යෝජනාව ඊට පසුව දා ගුවන් හමුදාපතිවරයා තමන්ගේ නිලධාරීන්ට ඉදිරිපත් කළ අවස්ථාවේ ඒ සම්බන්ධයෙන් පැනනගින පරිපාටිමය ගැටළු ගණනාවක් එම නිලධාරීන් විසින් පෙන්වා දෙනු ලැබුණි. මේ යෝජනාව, ශ්‍රී ලංකා රජය විසින් කරන ලද ඉල්ලීමකට ප්‍රතිචාරයක් වශයෙන් ඉදිරිපත් කරන ලද්දක් නොවන නිසා, නියමිත රාජ්‍ය ප්‍රසම්පාදන ප්‍රමිතීන්ට අනුගත ටෙන්ඩර් පරිපාටියකින් තොරව එය භාර ගැනීමේ ප්‍රශ්නයක් ඇති බව ඔවුන්ගේ අදහස විය. කෙසේ වෙතත්, ඒ වන විට දැඩි බලපෑමකට යටවෙමින් සිටි ගුවන් හමුදාපතිවරයා, සිය නිලධාරීන් මතු කළ ප්‍රශ්නයට පිළියමක් වශයෙන් ගත් ක්‍රියා මාර්ගය හරි අපූරු ය. ඔහු 2006 පෙබරවාරි 7 වැනි දාතමින් පෙරෙගුඩෝව්ට ලිපියක් ලියමින්, ඊට කලින් දා පෙරෙගුඩෝව් විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව, ලංකාවේ ගුවන් හමුදාවේ යෝජනාවක් වශයෙන් පෙරලා ඔහුටම ඉදිරිපත් කෙළේය.

ඊට පසුව අවශ්‍ය ‘ටෙන්ඩර් පරිපාටිය’ ක්‍රියාත්මක විය. පෙරෙගුඩෝව් විසින් ඉදිරිපත් කරන ලද මිග් යානා යෝජනාව ගැන අගැයීමක් කිරීම සඳහා කමිටුවක් පත්කරන ලදි. ඒ සඳහා තරගයට, එනම් මේ යානා සැපයිය හැකි වෙනත් සැපයුම්කරුවෙකු ගැන සෙවීමක් මෙහිදී කෙළේ නැත. ගුවන් හමුදාව අනුගමනය කෙළේ, නීතියෙන් අවසරය ලැබෙන, කඩිනම් ප්‍රසම්පාදන ක්‍රියා පරිපාටියයි. ඊට අනුව, අදාළ ගනුදෙනුව කෙරෙන්නේ ආණ්ඩු දෙකක් අතර නම්, එම ගනුදෙනුව සම්බන්ධයෙන් තරගකරුවන් කැඳවීමක් අවශ්‍ය නොකෙරේ. පෙරෙගුඩෝව් ඉදිරිපත් කළ ගනුදෙනුව හඳුන්වා තිබුණේ, කෙලින්ම යුක්රේනියානු රජයට අයත් ‘යුක්රින්මෑෂ්’ නැමැති ආයතනයෙන් ඉදිරිපත් වන යෝජනාවක් වශයෙනි.

අන්තිමේදී ශ්‍රී ලංකා ගුවන් හමුදාවත්, ‘යුක්රින්මෑෂ්’ ආයතනයත් අතර 2006 ජුනි මාසයේ අත්සන් කරන ලද ගිවිසුම ඇත්තෙන්ම ආණ්ඩු දෙකක් අතර ඇති කර ගත් ගිවිසුමක් නොවේ. ඒ ගිවිසුම අනුව ශ්‍රී ලංකාව විසින් සියලු ගෙවීම් කිරීමට තිබුණේ අභිරහස් තුන්වැනි පාර්ශ්වයකට ය. එය, ‘බෙලිමිස්ස හෝල්ඩින්ස් සමාගම’ වශයෙන් හඳුන්වා තිබුණි. එහි ලිපිනය සටහන් වුණේ, ලන්ඩන් නුවර ස්ථානයකි. ෆැක්ස් අංකයක් ද සඳහන්ව තිබුණි. ලංකාව විසින් ගෙවීමට නියමිත මුදල ඩොලර් මිලියන 15 කට ආසන්න විය.

රාජපක්ෂ ආණ්ඩුව එක් යානයක් ඩොලර් මිලියන 2.4 බැගින් වන මිලකට, ‘බෙලිමිස්ස හෝල්ඩින්ස්’ සමාගමෙන් මිග් යානා මිල දී ගෙන ඇති බව 2006 දෙසැම්බර් මාසයේදී ‘සන්ඬේ ටයිම්ස්’ පුවත්පත හෙළිදරව්වක් කෙළේය. මෙය, මේ වර්ගයේම යානා සඳහා ඊට අවුරුදු 6 කට කලින් චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ ආණ්ඩුව ගෙවා තිබූ මිල මෙන් දෙගුණයකි.

2007 ජුලි මාසයේදී ලසන්ත වික්‍රමතුංග ‘ද සන්ඬේ ලීඩර්’ පුවත්පත මගින් මේ ගනුදෙනුව තවදුරටත් හෙලිදරව් කෙළේය. එංගලන්තයේ ලියාපදිංචි කොට ඇති ‘බෙලිමිස්ස හෝල්ඩින්ස්’ නමින් සමාගමක් නොමැති බවත්, ශ්‍රී ලංකා ගුවන් හමුදාව සමග ඇති කර ගත් ගිවිසුමේ සඳහන් ලිපිනය සහ ෆැක්ස් අංකය, භාණ්ඩ ප්‍රවාහනය කෙරෙන වෙනත් සමාගමක එකක් බවත් ඒ මගින් හෙලිදරව් කරන ලදි.

ලසන්ත වික්රමතුංගගේ මේ නිරාවරණයෙන් පසු ආරක්ෂක අමාත්‍යාංශයත්, විශේෂයෙන් එහි ලේකම් ගෝඨාභය රාජපක්ෂත්, මිග් ගනුදෙනුවේ සුජාත භාවය වෙනුවෙන් කරුණු කීමට ඉදිරිපත් විය. තමන් මිල දී ගත් ගුවන් යානා, 2000 චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ පාලන කාලයේ මිල දී ගත් ගුවන් යානාවලට වඩා වැඩි ආයු කාලයක් ඇති ඒවා බව එහිදී ඔවුහූ කියා සිටියහ. එසේම, මේ ගනුදෙනුව සඳහා ආණ්ඩු දෙකක් හැරුණු කොට තුන්වැනි පාර්ශ්වයක් නොසිටි බවත් කියා සිටියහ. තව ද, මේ ගනුදෙනුව ගැන තමා කිසිවක් නොදන්නා බවත්, තමාගේ කිසි සම්බන්ධයක් ඊට නැති බවත් ගොඨාභය රාජපක්ෂ තවදුරටත් කියා සිටියේය.

ඉන් පසු 2007 සැප්තැම්බර් මාසයේදි ලසන්ත වික්‍රමතුංග ‘ද සන්ඬේ ලීඩර්’ පුවත්පත හරහා නැවතත් සටන පටන් ගත්තේය. එහිදී ඊට කලින් පුවත්පත් වාර්තාවේ පැවති හිස් තැන් කිහිපයක් ද ඔහු පිරෙව්වේය. 2006 පෙබරවාරි 6 වැනි දා ආරක්ෂක අමාත්‍යාංශයේ පැවති රැස්වීමේ මූලාසනයේ සිටියේ ගෝඨාභය රාජපක්ෂ බව එහිදී ඔහු පෙන්වා දුනි. මිග් යානා ගනුදෙනුව පටන් ගත්තේ ඒ රැස්වීමෙන් පසුව ය. ඊට උදයංග වීරතුංගත් සහභාගී විය. ඒ වන විට ඔහු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් රුසියාවේ සහ යුක්රේනයේ ශ්‍රී ලංකා තානාපති වශයෙන් පත්කොට තිබුණි.

ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් ගෝඨාභය රාජපක්ෂ එවිට කෙළේ, අපහාසයට රුපියල් බිලියනයක වන්දි ඉල්ලා ගල්කිස්ස දිස්ත්‍රික් අධිකරණයේ නඩු පවරන බවට ලසන්ත වික්රමතුංගට තර්ජනය කිරීමයි. ලසන්ත වික්රමතුංගගේ ප්‍රතිචාරය වුණේ, එසේ වුවහොත්, තමාට කරන ලද අපහාසයට ආරක්ෂක ලේකම්වරයාගෙන් රුපියල් බිලියන දෙකක වන්දි ඉල්ලා නඩු පවරන බවයි. රාජපක්ෂගෙන් එවැනි වැඩි වන්දියක් ඉල්ලා නඩු පැවරීමට අදහස් කරන හේතුව ලසන්තගේ නීතිඥවරයා ගෝඨාභයගේ නීතිඥයාවරයාට ලියා දන්වා සිටියේ මෙසේ ය: “මගේ සේවාදායකයා ඔබේ සේවාදායකයාගෙන් වැඩි වන්දියක් ඉල්ලා සිටීමට හේතු වන්නේ, මගේ සේවාදායකයා එක දිගටම මේ රටේ රැඳී සිටිමින් එහි අභිවෘද්ධිය වෙනුවෙන් කටයුතු කරන අතරේ ඔබේ සේවාදායකයා මේ රට අතහැර ගොස් ඇමරිකාවේ පුරවැසිය භාවය ලබාගෙන එරටට දේශප්‍රේමීව සිටින බවට දිව්රුම් දුන් පුද්ගලයෙකුත් වන නිසා ය.” අවසානයේදී ගෝඨාභය රාජපක්ෂ ‘ද සන්ඬේ ලීඩර්’ පුවත්පතට එරෙහිව අපහාසයට වන්දි ඉල්ලා නඩු පැවරීය.

මේ නඩුව විභාගයට ගැනීමට ටික දිනකට පෙරාතුව ලසන්ත වික්‍රමතුංග ඝාතනය කෙරුණි. එබැවින් ඊට මුහුණදීමට අවස්ථාවක් ඔහුට ලැබුණේ නැත. අනතුරුව, ‘ද සන්ඬේ ලීඩර්’ පුවත්පතේ අයිතිය මාරු විය. අලුතෙන් එම පුවත්පත මිල දී ගත් අයවළුන් ගෝඨාභය රාජපක්ෂට අදාළ ලිපි ඉල්ලා අස්කර ගනිමින් ඒ සඳහා ප්‍රසිද්ධ සමාවක් ඉල්ලා සිටීමට පොරොන්දු වීම හරහා අපහාස නඩුව බේරුමක් කර ගැනීමට සමත් විය.

පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය මගින් මේ ගනුදෙනුව 2015 දී නැවත විභාග කිරීමට පටන් ගත් පසු, ඉහත කී කුප්‍රකට ‘බෙලිමිස්ස හෝල්ඩින්ස්’ සමාගම බි්රටිෂ් වර්ජින් අයිලන්ඞ් නැමැති දූපත් සමූහයේ පිහිටා ඇති හොර සමාගමක් බව සොයාගෙන තිබේ. එක දිගටම එහි හිමිකාරීත්වය තිබී ඇත්තේ ටී. ඇස්. ලී නැමැත්තාට සහ ‘ඩී එස් එලයන්ස්’ නැමැති කූට කල්ලියටයි. මොවුන්ගේ බැංකු ගිණුමක් සිංගප්පූරුවේ ඇති බවත්, ‘ඩී එස් එලයන්ස්’ සමාගමේ ගිණුමකුත් ඒ බැංකුවේම ඇති බවත් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය මේ වන විට සොයාගෙන තිබේ. මේ අතර, යුක්රේන බලධාරීන් විසින් ද මේ මිග් යානා ගනුදෙනුව ගැන වෙනම පරීක්ෂණයක් දියත් කොට ඇත. එකී පරීක්ෂණවලින් සොයාගෙන ඇති පරිදි, ශ්‍රී ලංකාවේ ගුවන් හමුදාව සමග යුක්රේන ආණ්ඩුව කිසි ගිවිසුමකට එළඹ නැත.

කෙසේ වෙතත්, මේ ගනුදෙනුවේ ප්‍රතිඵලයක් වශයෙන් 2007 දී ලංකාවට ගෙන එන ලද මිග් ගුවන් යානා යුක්රේන ආණ්ඩුව විසින් ‘ඩී එස් එලයන්ස්’ සමාගමට විකුණා ඇත්තේ, එක ගුවන් යානයක් ඩොලර් මිලියන 1 ටත් අඩු මිලකට ය. අතරමැදි පිරිසක් ඒ මිල දෙගුණයකටත් වඩා වැඩි කොට ශ්‍රී ලංකාවේ ගුවන් හමුදාවෙන් එක ගුවන් යානයකට ඩොලර් මිලියන 1.4 ක මුදලක් තමන්ගේ සාක්කුවට දමාගෙන තිබේ. පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය විසින් ප්‍රශ්න කරන ලද ගුවන් හමුදා නිලධාරීන් කිහිප දෙනෙකුම පෙන්වා දී ඇති පරිදි, ගෝඨාභය රාජපක්ෂ සහ උදයංග වීරතුංග නොවන්නට මෙවැනි ගුවන් යානා ගනුදෙනුවක් මොන විදිහකින්වත් නොපවතිනු ඇත. මේ දක්වා, ජාත්‍යන්තර පොලීසියේ සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහාය ඇතිව රටවල් කිහිපයකින් එක් රැස් කර ගන්නා ලද සාක්ෂි මත පදනම්ව, එතෙක් ඩුබායි රටේ සැඟව සිටි උදයංග වීරතුංගව එරට බලධාරීන් ලවා අත්අඩංගුවට ගැනීමට හැකි වී තිබේ.

රුසියාවේ සහ යුක්රේනයේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග බලධාරීන් විසින් දැන් ලංකාවට එවීමට නියමිතව සිටී. පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශයේ දැල ක්‍රම ක්‍රමයෙන් පුළුල් වත්ම, මේ මිග් ගනුදෙනුවට සම්බන්ධ ඉතිරි අපරාධකරුවන් නීතියඉදිරියට පැමිණවීම වනාහී කාලය පිළිබඳ ප්‍රශ්නයක් පමණක් වනු ඇත. එවිට, එම ගනුදෙනුවෙන් ප්රතිලාභ ලබා ඇති සියල්ලන් ගැන දැන ගැනීමට රටටත් ජනතාවටත් හැකි වනු ඇත. දැනට, පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශයේ අනවරත ප්රයත්නයන්ට ස්තුතිවන්ත වන්නට, ‘ද සන්ඬේ ලීඩර්’ පුවත්පත මගින් එදා හෙළිදරව් කළ සියලු තොරතුරු සත්‍ය බව ඔප්පු වී තිබේ. ඒ සමගම, මරණයෙන් පසුව වුව ලසන්ත වික්රමතුංගත් නිවැරදි බව ඔප්පු කොට තිබේ.

- 2019 ජනවාරි 6 වැනි දා ‘සන්ඩේ ඔබ්සර්වර්’ පුවත්පතේ පළවූ, ‘‘Anatomy of the MiG Deal’’ නැමැති ලිපිය සිංහලට පරිවර්තනය

- https://lankanewsweb.net/sinhala/විශේෂාංග/37663-ගෝටා,-උදයංග-සහ-මිග්-යානා-ගනුදෙනුවේ-සුලමුල-විශේෂ-ලියුම්කරුවෙකු-විසිනි

The anatomy of the MiG deal

In 2007, journalist Lasantha Wickrematunge published a series of exposes about a murky arms procurement that has since come to be known as the ‘MiG deal’. The articles resulted in Lasantha and his newspaper being sued for defamation over his reporting on the alleged involvement of then Defence Secretary Gotabaya Rajapaksa in the transaction involving mothballed MiG-27 bombers in Ukraine. Friends and family have long suspected that the reporting and legal battle may have cost the outspoken journalist his life.

Years later, FCID investigations have vindicated The Sunday Leader editor, proving his reporting was factually accurate down to the tiniest detail, even though the fearless reporter never got his long awaited day in court to face off against the country’s most powerful man.

Full article:

- http://www.sundayobserver.lk/2019/01/06/news-features/anatomy-mig-deal

[QUOTE="monson, post: 24100763, member: 30005"] [B][SIZE="5"]ගෝටා, උදයංග සහ මිග් යානා ගනුදෙනුවේ සුලමුල - විශේෂ ලියුම්කරුවෙකු විසිනි.[/SIZE][/B] [SIZE="4"] 2000 දී චන්ද්‍රිකා බණ්ඩාරනායක ආණ්ඩුව බෝම්බ ප්‍රහාරක මිග්-27 වර්ගයේ යානා 6 ක් මිල දී ගැනීම සඳහා වන ටෙන්ඩරයක්, සිංගප්පූරුවේ පිහිටි අවි ආයුධ වෙළඳ ව්‍යාපාරයක් වන ‘ඩී එස් එලයන්ස්’ නැමැති සමාගමට ප්රදානය කෙළේය. මේ සමාගම නියෝජනය කෙළේ එහි අධ්‍යක්ෂවරයෙකු වන ලී තියාන් සූ හෙවත් ටී. එස්. ලී නැමැත්තෙකි. ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ මේ කියන ‘ඩී එස් එලයන්ස්’ සමාගම අතර ඇති කර ගත් ගිවිසුම ප්‍රකාරව, යුක්රේනියානු රාජ්‍යයට අයත් අවි ආයුධ අපනයන සමාගමක් වන ‘යුක්රින්මාෂ්’ ආයතනයෙන් ‘ඩී එස් එලයන්ස්’ සමාගම මේ ගුවන් යානා මිල දී ගෙන එම සමාගම මගින් ඒවා ශ්‍රී ලංකා යුද හමුදාවට විකුණනු ලැබේ. ඒ, එක ගුවන් යානයක් ඩොලර් මිලියන 1.2 ක් වන මිලකට ය. මේ ගුවන් යානාවලින් භාගයක ඉරණම යහපත් නොවුණි. ඉන් එකක්, මිල දී ගෙන මාස කිහිපයක් ඇතුළත, යුක්රේනියානු ජාතික ගුවන් නියමුවාගේ ජීවිතයත් විනාශ කරමින් කටුනායක ගුවන් තොටුපොළ අසලදී බිමට කඩා වැටුණි. දෙවැනි ගුවන් යානයකුත් වෙනත් ආපදාවකට ලක්වූ අතර තවත් ගුවන් යානයක් කටුනායක ගුවන් තොටුපොළට එල්.ටී.ටී.ඊ. සංවිධානය එල්ල කළ ප්‍රහාරයේදී විනාශයට පත්විය. ගුවන් හමුදාපති එයාර් වයිස් මාර්ෂල් ඩොනල්ඞ් පෙරේරා 2006 ජනවාරියේ දී වාර්තාවක් ඉදිරිපත් කරමින්, ශ්‍රී ලංකා ගුවන් හමුදාව මේ කියන මිග්-27 වර්ගයේ ප්‍රහාරක යානා මිලදී ගැනීම අතහැර දැමිය යුතු බවත්, ලංකාවේ ගුවන් හමුදාවට අයත් යානා සංචිතය නවීකරණය කිරීම සඳහා ඇමරිකා එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය ඇතුළු වෙනත් රටවල්වලින් විකල්ප යානා සොයා බැලිය යුතු බවත් පෙන්වා දී තිබුණි. කෙසේ වෙතත්, ඊළඟ මාසයේ දී ගුවන් හමුදාපතිවරයාගේ ඒ අදහස එකහෙළා කණපිට හැරුණි. ඒ, ආරක්ෂක අමාත්‍යංශ ලේකම් ගෝඨාභය රාජපක්ෂ විසින් කැඳවන ලද හදිසි රැස්වීමකින් පසුව ය. [COLOR="red"]මේ රැස්වීම කැඳවන ලද්දේ 2006 පෙබරවාරි 6 වැනි දා ය. ස්ථානය, ආරක්ෂක අමාත්‍යාංශයයි. එම රැස්වීමට ගෝඨාභයගේ මස්සිනා කෙනෙකු වන උදයංග වීරතුංගත්, ඔහුගේ ව්‍යාපාරික සගයෙකු වන යුක්රේනියානු ජාතික ඩිමිට්‍රෝ පෙරෙගුඩෝව් යන අයත් සහභාගී වුහ. එකී රැස්වීමේ නිමිත්ත වුණේ, මේ කියන දෙන්නා විසින් මිග්-27 යානා කිහිපයක් ශ්‍රී ලංකා ගුවන් හමුදාවට විකිණීම පිළිබඳ සාකච්ඡාවකි. ගුවන් හමුදාපතිවරයා ඔවුන්ගේ කතාවට සාවධානව සවන්දුන්නේය. එහෙත් ඊට කලින් ‘ඩී එස් එලයන්ස්’ සමාගම විසින් සපයන ලද මෙවැනි ගුවන් යානා පිළිබඳව ඇති අප්‍රසන්න අත්දැකීම් නිසා ඒ ගැන තමන් තුළ ප්‍රසාදයක් නැති බව ඔහු කීය. එහිදී, ‘ඩී එස් එලයන්ස්’ සමාගම මේ ගනුදෙනුවේ කොටස්කාරයෙකු නොවන බව උදයංග වීරතුංග කියා සිටි අතර ගුවන් හමුදාපතිවරයා තමන්ගේ කලින් අදහස වෙනස් කරගෙන, පෙරෙගුඩෝව්ගේ සහ උදයංග වීරතුංගගේ යෝජනාව පිළිගන්නා තැනකට ගියේය.[/COLOR] මේ ගනුදෙනුකරුවන් දෙන්නාගේ යෝජනාව ඊට පසුව දා ගුවන් හමුදාපතිවරයා තමන්ගේ නිලධාරීන්ට ඉදිරිපත් කළ අවස්ථාවේ ඒ සම්බන්ධයෙන් පැනනගින පරිපාටිමය ගැටළු ගණනාවක් එම නිලධාරීන් විසින් පෙන්වා දෙනු ලැබුණි. මේ යෝජනාව, ශ්‍රී ලංකා රජය විසින් කරන ලද ඉල්ලීමකට ප්‍රතිචාරයක් වශයෙන් ඉදිරිපත් කරන ලද්දක් නොවන නිසා, නියමිත රාජ්‍ය ප්‍රසම්පාදන ප්‍රමිතීන්ට අනුගත ටෙන්ඩර් පරිපාටියකින් තොරව එය භාර ගැනීමේ ප්‍රශ්නයක් ඇති බව ඔවුන්ගේ අදහස විය. කෙසේ වෙතත්, ඒ වන විට දැඩි බලපෑමකට යටවෙමින් සිටි ගුවන් හමුදාපතිවරයා, සිය නිලධාරීන් මතු කළ ප්‍රශ්නයට පිළියමක් වශයෙන් ගත් ක්‍රියා මාර්ගය හරි අපූරු ය. ඔහු 2006 පෙබරවාරි 7 වැනි දාතමින් පෙරෙගුඩෝව්ට ලිපියක් ලියමින්, ඊට කලින් දා පෙරෙගුඩෝව් විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව, ලංකාවේ ගුවන් හමුදාවේ යෝජනාවක් වශයෙන් පෙරලා ඔහුටම ඉදිරිපත් කෙළේය. ඊට පසුව අවශ්‍ය ‘ටෙන්ඩර් පරිපාටිය’ ක්‍රියාත්මක විය. පෙරෙගුඩෝව් විසින් ඉදිරිපත් කරන ලද මිග් යානා යෝජනාව ගැන අගැයීමක් කිරීම සඳහා කමිටුවක් පත්කරන ලදි. ඒ සඳහා තරගයට, එනම් මේ යානා සැපයිය හැකි වෙනත් සැපයුම්කරුවෙකු ගැන සෙවීමක් මෙහිදී කෙළේ නැත. ගුවන් හමුදාව අනුගමනය කෙළේ, නීතියෙන් අවසරය ලැබෙන, කඩිනම් ප්‍රසම්පාදන ක්‍රියා පරිපාටියයි. ඊට අනුව, අදාළ ගනුදෙනුව කෙරෙන්නේ ආණ්ඩු දෙකක් අතර නම්, එම ගනුදෙනුව සම්බන්ධයෙන් තරගකරුවන් කැඳවීමක් අවශ්‍ය නොකෙරේ. පෙරෙගුඩෝව් ඉදිරිපත් කළ ගනුදෙනුව හඳුන්වා තිබුණේ, කෙලින්ම යුක්රේනියානු රජයට අයත් ‘යුක්රින්මෑෂ්’ නැමැති ආයතනයෙන් ඉදිරිපත් වන යෝජනාවක් වශයෙනි. අන්තිමේදී ශ්‍රී ලංකා ගුවන් හමුදාවත්, ‘යුක්රින්මෑෂ්’ ආයතනයත් අතර 2006 ජුනි මාසයේ අත්සන් කරන ලද ගිවිසුම ඇත්තෙන්ම ආණ්ඩු දෙකක් අතර ඇති කර ගත් ගිවිසුමක් නොවේ. ඒ ගිවිසුම අනුව ශ්‍රී ලංකාව විසින් සියලු ගෙවීම් කිරීමට තිබුණේ අභිරහස් තුන්වැනි පාර්ශ්වයකට ය. එය, ‘බෙලිමිස්ස හෝල්ඩින්ස් සමාගම’ වශයෙන් හඳුන්වා තිබුණි. එහි ලිපිනය සටහන් වුණේ, ලන්ඩන් නුවර ස්ථානයකි. ෆැක්ස් අංකයක් ද සඳහන්ව තිබුණි. ලංකාව විසින් ගෙවීමට නියමිත මුදල ඩොලර් මිලියන 15 කට ආසන්න විය. රාජපක්ෂ ආණ්ඩුව එක් යානයක් ඩොලර් මිලියන 2.4 බැගින් වන මිලකට, ‘බෙලිමිස්ස හෝල්ඩින්ස්’ සමාගමෙන් මිග් යානා මිල දී ගෙන ඇති බව 2006 දෙසැම්බර් මාසයේදී ‘සන්ඬේ ටයිම්ස්’ පුවත්පත හෙළිදරව්වක් කෙළේය. මෙය, මේ වර්ගයේම යානා සඳහා ඊට අවුරුදු 6 කට කලින් චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ ආණ්ඩුව ගෙවා තිබූ මිල මෙන් දෙගුණයකි. 2007 ජුලි මාසයේදී ලසන්ත වික්‍රමතුංග ‘ද සන්ඬේ ලීඩර්’ පුවත්පත මගින් මේ ගනුදෙනුව තවදුරටත් හෙලිදරව් කෙළේය. එංගලන්තයේ ලියාපදිංචි කොට ඇති ‘බෙලිමිස්ස හෝල්ඩින්ස්’ නමින් සමාගමක් නොමැති බවත්, ශ්‍රී ලංකා ගුවන් හමුදාව සමග ඇති කර ගත් ගිවිසුමේ සඳහන් ලිපිනය සහ ෆැක්ස් අංකය, භාණ්ඩ ප්‍රවාහනය කෙරෙන වෙනත් සමාගමක එකක් බවත් ඒ මගින් හෙලිදරව් කරන ලදි. ලසන්ත වික්රමතුංගගේ මේ නිරාවරණයෙන් පසු ආරක්ෂක අමාත්‍යාංශයත්, විශේෂයෙන් එහි ලේකම් ගෝඨාභය රාජපක්ෂත්, මිග් ගනුදෙනුවේ සුජාත භාවය වෙනුවෙන් කරුණු කීමට ඉදිරිපත් විය. තමන් මිල දී ගත් ගුවන් යානා, 2000 චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ පාලන කාලයේ මිල දී ගත් ගුවන් යානාවලට වඩා වැඩි ආයු කාලයක් ඇති ඒවා බව එහිදී ඔවුහූ කියා සිටියහ. එසේම, මේ ගනුදෙනුව සඳහා ආණ්ඩු දෙකක් හැරුණු කොට තුන්වැනි පාර්ශ්වයක් නොසිටි බවත් කියා සිටියහ. තව ද, මේ ගනුදෙනුව ගැන තමා කිසිවක් නොදන්නා බවත්, තමාගේ කිසි සම්බන්ධයක් ඊට නැති බවත් ගොඨාභය රාජපක්ෂ තවදුරටත් කියා සිටියේය. ඉන් පසු 2007 සැප්තැම්බර් මාසයේදි ලසන්ත වික්‍රමතුංග ‘ද සන්ඬේ ලීඩර්’ පුවත්පත හරහා නැවතත් සටන පටන් ගත්තේය. එහිදී ඊට කලින් පුවත්පත් වාර්තාවේ පැවති හිස් තැන් කිහිපයක් ද ඔහු පිරෙව්වේය. 2006 පෙබරවාරි 6 වැනි දා ආරක්ෂක අමාත්‍යාංශයේ පැවති රැස්වීමේ මූලාසනයේ සිටියේ ගෝඨාභය රාජපක්ෂ බව එහිදී ඔහු පෙන්වා දුනි. මිග් යානා ගනුදෙනුව පටන් ගත්තේ ඒ රැස්වීමෙන් පසුව ය. ඊට උදයංග වීරතුංගත් සහභාගී විය. ඒ වන විට ඔහු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් රුසියාවේ සහ යුක්රේනයේ ශ්‍රී ලංකා තානාපති වශයෙන් පත්කොට තිබුණි. ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් ගෝඨාභය රාජපක්ෂ එවිට කෙළේ, අපහාසයට රුපියල් බිලියනයක වන්දි ඉල්ලා ගල්කිස්ස දිස්ත්‍රික් අධිකරණයේ නඩු පවරන බවට ලසන්ත වික්රමතුංගට තර්ජනය කිරීමයි. ලසන්ත වික්රමතුංගගේ ප්‍රතිචාරය වුණේ, එසේ වුවහොත්, තමාට කරන ලද අපහාසයට ආරක්ෂක ලේකම්වරයාගෙන් රුපියල් බිලියන දෙකක වන්දි ඉල්ලා නඩු පවරන බවයි. රාජපක්ෂගෙන් එවැනි වැඩි වන්දියක් ඉල්ලා නඩු පැවරීමට අදහස් කරන හේතුව ලසන්තගේ නීතිඥවරයා ගෝඨාභයගේ නීතිඥයාවරයාට ලියා දන්වා සිටියේ මෙසේ ය: “මගේ සේවාදායකයා ඔබේ සේවාදායකයාගෙන් වැඩි වන්දියක් ඉල්ලා සිටීමට හේතු වන්නේ, මගේ සේවාදායකයා එක දිගටම මේ රටේ රැඳී සිටිමින් එහි අභිවෘද්ධිය වෙනුවෙන් කටයුතු කරන අතරේ ඔබේ සේවාදායකයා මේ රට අතහැර ගොස් ඇමරිකාවේ පුරවැසිය භාවය ලබාගෙන එරටට දේශප්‍රේමීව සිටින බවට දිව්රුම් දුන් පුද්ගලයෙකුත් වන නිසා ය.” අවසානයේදී ගෝඨාභය රාජපක්ෂ ‘ද සන්ඬේ ලීඩර්’ පුවත්පතට එරෙහිව අපහාසයට වන්දි ඉල්ලා නඩු පැවරීය. මේ නඩුව විභාගයට ගැනීමට ටික දිනකට පෙරාතුව ලසන්ත වික්‍රමතුංග ඝාතනය කෙරුණි. එබැවින් ඊට මුහුණදීමට අවස්ථාවක් ඔහුට ලැබුණේ නැත. අනතුරුව, ‘ද සන්ඬේ ලීඩර්’ පුවත්පතේ අයිතිය මාරු විය. අලුතෙන් එම පුවත්පත මිල දී ගත් අයවළුන් ගෝඨාභය රාජපක්ෂට අදාළ ලිපි ඉල්ලා අස්කර ගනිමින් ඒ සඳහා ප්‍රසිද්ධ සමාවක් ඉල්ලා සිටීමට පොරොන්දු වීම හරහා අපහාස නඩුව බේරුමක් කර ගැනීමට සමත් විය. පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය මගින් මේ ගනුදෙනුව 2015 දී නැවත විභාග කිරීමට පටන් ගත් පසු, ඉහත කී කුප්‍රකට ‘බෙලිමිස්ස හෝල්ඩින්ස්’ සමාගම බි්රටිෂ් වර්ජින් අයිලන්ඞ් නැමැති දූපත් සමූහයේ පිහිටා ඇති හොර සමාගමක් බව සොයාගෙන තිබේ. එක දිගටම එහි හිමිකාරීත්වය තිබී ඇත්තේ ටී. ඇස්. ලී නැමැත්තාට සහ ‘ඩී එස් එලයන්ස්’ නැමැති කූට කල්ලියටයි. මොවුන්ගේ බැංකු ගිණුමක් සිංගප්පූරුවේ ඇති බවත්, ‘ඩී එස් එලයන්ස්’ සමාගමේ ගිණුමකුත් ඒ බැංකුවේම ඇති බවත් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය මේ වන විට සොයාගෙන තිබේ. මේ අතර, යුක්රේන බලධාරීන් විසින් ද මේ මිග් යානා ගනුදෙනුව ගැන වෙනම පරීක්ෂණයක් දියත් කොට ඇත. එකී පරීක්ෂණවලින් සොයාගෙන ඇති පරිදි, ශ්‍රී ලංකාවේ ගුවන් හමුදාව සමග යුක්රේන ආණ්ඩුව කිසි ගිවිසුමකට එළඹ නැත. [COLOR="red"]කෙසේ වෙතත්, මේ ගනුදෙනුවේ ප්‍රතිඵලයක් වශයෙන් 2007 දී ලංකාවට ගෙන එන ලද මිග් ගුවන් යානා යුක්රේන ආණ්ඩුව විසින් ‘ඩී එස් එලයන්ස්’ සමාගමට විකුණා ඇත්තේ, එක ගුවන් යානයක් ඩොලර් මිලියන 1 ටත් අඩු මිලකට ය. අතරමැදි පිරිසක් ඒ මිල දෙගුණයකටත් වඩා වැඩි කොට ශ්‍රී ලංකාවේ ගුවන් හමුදාවෙන් එක ගුවන් යානයකට ඩොලර් මිලියන 1.4 ක මුදලක් තමන්ගේ සාක්කුවට දමාගෙන තිබේ. පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය විසින් ප්‍රශ්න කරන ලද ගුවන් හමුදා නිලධාරීන් කිහිප දෙනෙකුම පෙන්වා දී ඇති පරිදි, ගෝඨාභය රාජපක්ෂ සහ උදයංග වීරතුංග නොවන්නට මෙවැනි ගුවන් යානා ගනුදෙනුවක් මොන විදිහකින්වත් නොපවතිනු ඇත. මේ දක්වා, ජාත්‍යන්තර පොලීසියේ සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහාය ඇතිව රටවල් කිහිපයකින් එක් රැස් කර ගන්නා ලද සාක්ෂි මත පදනම්ව, එතෙක් ඩුබායි රටේ සැඟව සිටි උදයංග වීරතුංගව එරට බලධාරීන් ලවා අත්අඩංගුවට ගැනීමට හැකි වී තිබේ.[/COLOR] රුසියාවේ සහ යුක්රේනයේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග බලධාරීන් විසින් දැන් ලංකාවට එවීමට නියමිතව සිටී. පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශයේ දැල ක්‍රම ක්‍රමයෙන් පුළුල් වත්ම, මේ මිග් ගනුදෙනුවට සම්බන්ධ ඉතිරි අපරාධකරුවන් නීතියඉදිරියට පැමිණවීම වනාහී කාලය පිළිබඳ ප්‍රශ්නයක් පමණක් වනු ඇත. එවිට, එම ගනුදෙනුවෙන් ප්රතිලාභ ලබා ඇති සියල්ලන් ගැන දැන ගැනීමට රටටත් ජනතාවටත් හැකි වනු ඇත.[COLOR="red"] දැනට, පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශයේ අනවරත ප්රයත්නයන්ට ස්තුතිවන්ත වන්නට, ‘ද සන්ඬේ ලීඩර්’ පුවත්පත මගින් එදා හෙළිදරව් කළ සියලු තොරතුරු සත්‍ය බව ඔප්පු වී තිබේ. ඒ සමගම, මරණයෙන් පසුව වුව ලසන්ත වික්රමතුංගත් නිවැරදි බව ඔප්පු කොට තිබේ.[/COLOR] - [B]2019 ජනවාරි 6 වැනි දා ‘සන්ඩේ ඔබ්සර්වර්’ පුවත්පතේ පළවූ, ‘‘Anatomy of the MiG Deal’’ නැමැති ලිපිය සිංහලට පරිවර්තනය[/B] [/SIZE] - [url]https://lankanewsweb.net/sinhala/%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82%E0%B7%8F%E0%B6%82%E0%B6%9C/37663-%E0%B6%9C%E0%B7%9D%E0%B6%A7%E0%B7%8F,-%E0%B6%8B%E0%B6%AF%E0%B6%BA%E0%B6%82%E0%B6%9C-%E0%B7%83%E0%B7%84-%E0%B6%B8%E0%B7%92%E0%B6%9C%E0%B7%8A-%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F-%E0%B6%9C%E0%B6%B1%E0%B7%94%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B7%9A-%E0%B7%83%E0%B7%94%E0%B6%BD%E0%B6%B8%E0%B7%94%E0%B6%BD-%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82-%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%9A%E0%B7%94-%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B6%B1%E0%B7%92[/url] [B][SIZE="5"]The anatomy of the MiG deal[/SIZE][/B] In 2007, journalist Lasantha Wickrematunge published a series of exposes about a murky arms procurement that has since come to be known as the ‘MiG deal’. The articles resulted in Lasantha and his newspaper being sued for defamation over his reporting on the alleged involvement of then Defence Secretary Gotabaya Rajapaksa in the transaction involving mothballed MiG-27 bombers in Ukraine. Friends and family have long suspected that the reporting and legal battle may have cost the outspoken journalist his life. [COLOR="Red"]Years later, FCID investigations have vindicated The Sunday Leader editor, proving his reporting was factually accurate down to the tiniest detail, even though the fearless reporter never got his long awaited day in court to face off against the country’s most powerful man.[/COLOR] Full article: - [url]http://www.sundayobserver.lk/2019/01/06/news-features/anatomy-mig-deal[/url] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom