සත්‍ය කතාවක් ඇසුරින්:
1980 දශකයේ කොරියාවේ සිදුවුණු “හ්වාසොං” මිනීමැරුම් සිද්ධියට සමාන අත්දැකීමක් මේ කතාවෙන් ලැබෙනවා.
Park Hae-soo ගේ රංගනය: “Squid Game” සහ “Money Heist: Korea” හරහා අපි කවුරුත් අඳුරන Park Hae-soo තමයි මෙහි තේ-ජූ ලෙස කරන රංගනයෙන් දායක වෙන්නේ
අතීතයේ කරපු වැරදි නිසා අදටත් විඳවන මිනිස්සු, බලය වෙනුවෙන් ඕනෑම දෙයක් කරන නිලධාරීන් සහ අහිංසක ජීවිත බිලිගන්නා අභිරහස් මිනීමරුවා…
කතාව ආරම්භ වෙන්නේ ගංසොං (Gangseong) කියන නිස්කලංක ගම්මානයෙන්. හැබැයි මේ නිස්කලංක බව යට තියෙන්නේ හරිම භයානක අතීතයක්. කතාවේ ප්‍රධාන චරිතය වෙන්නේ කන්ග් තේ-ජූ (Kang Tae-ju). එයා ඉස්සර හරිම දක්ෂ රහස් පරීක්ෂකයෙක්. හැබැයි යම් සිදුවීමක් නිසා එයාගේ තනතුර පහත දාලා මෙයාව ආපහු තමන්ගේ ගමටම මාරු කරනවා.
තේ-ජූ තමන්ගේ ගමට ආවට පස්සේ එයාට මුහුණ දෙන්න වෙන්නේ එයා කවදාවත් බලාපොරොත්තු නොවූ දෙයකට.
හරියටම අවුරුදු 33කට කලින් මේ ගමේ සිද්ධ වුණු දරුණු මිනීමැරුම් මාලාවක් ආයෙත් කරළියට එනවා. අන්න එතනදී තමයි “The Scarecrow” හෙවත් පඹයාගේ භීතිකාව පටන් ගන්නේ.
Series eka බලන්න කියලා මම ඔයාලට අරාධන කරනවා.
