Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Yesterday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
The Truth About Upali Wijewardena Part 1
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උපාලි අබිරහසේ ඇත්ත කතාව

උපාලි සමූහ ව්‍යාපාරයේ පුරෝගාමී සභාපතිවරයා වූ උපාලි විජේවර්ධන මහතා පිළිබඳ මේ දිනවල විවිධ දුර්මත පැතිර යමින් තිබේ. මෙයට වසර 29 කට පෙර මැලේසියාවේ සිට කොළඹ බලා එමින් සිටි විජේවර්ධන මහතා ගුවන් යානයත් සමගම අතුරුදන් වූ බව ඔහු පිළිබඳව උනන්දුවක් දක්වන සියලු දෙනා දනිති. ඔහු පිළිබඳ අබිරහසේ සියලු සත්‍ය විස්තර අද සිට ඉරිදා දිවයින කොටස් කිහිපයකින් පලකරනු ඇත.

ඔහු සම්බන්ධයෙන් මැතකදී මතභේදයට තුඩු දුන් සියලු ගැටළු නිරාකරණය කර ගැනීමට පාඨකයාට මේ ලිපි පෙළ මගින් හැකිවනවා ඇත.

ශ්‍රී ලංකාවෙන් ජාත්‍යන්තරයට ගිය පළමුවන සිංහල බෞද්ධ ව්‍යාපාරිකයා සහ කර්මාන්තකරුවා වන ෆිලිප් උපාලි විජයවර්ධන සිය පෞද්ගලික ගුවන් යානයෙන් මැලේසියාවේ සිට ශ්‍රී ලංකාව බලා එද්දී අතුරුදන්වීම අදටත් මතභේදයට තුඩු දී තිබේ. මතුගම තුඩුගලගේ දොන් වෝල්ටර් විජයවර්ධන සහ මාතර කඹුරුපිටියේ අනුලා කල්යාණිවති විජේසිංහගේ බාල දරුවා වූ ඔහු අතුරුදන් වන විට 45 වන වියට දින හතරක් ඉතිරිව තිබිණි. කොළඹ කාන්තා විද්‍යාලයේ බාලාංශයෙන් සහ කොළඹ රාජකීය විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා එංගලන්තයේ කේමිබ්රි- විශ්වවිද්‍යාලයට යන ඔහු උපාධිධාරියකු ලෙස ලංකාවට පැමිණ එක්සත් ලීවර් සහෝදර සමාගමේ (Lever Brothers) කළමනාකරණ ආධුනිකයකු ලෙස වෘත්තීය ජීවිතය අරඹයි. වයස අවුරුදු 24 දී තමන්ගේම වූ ව්‍යාපාර පටන් ගන්නා ඔහු එළඹෙන වසර 20 තුළ ආසියාවේ ප්රමුඛ කෝටිපතියන් 10 දෙනා අතුරින් කෙනෙක් බවට පත් වන්නේය

ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන, උපාලි හා ඔහුගේ සමකාලීන පාසල් සගයා ලලිත්

සේනානායක - පේළිමුහන්දිරම් - ගුවන් නියමු ආනන්ද අප්පා

ව්‍යාපාරිකයකු ලෙස ගත කළ වසර 20 තුළ උපාලි සිංගප්පූරුව සහ මැලේසියාව සමග විශාල වශයෙන් ව්‍යාපාර කළේය. සිය ව්‍යාපාරික අවශ්‍යතාවක් වෙනුවෙන් 1983 ජනවාරි 31 වන සඳුදා උදේ වරුවේ ඔහු තම පෞද්ගලික ගුවන් යානයවූ L35A ලියර් ජෙට් යානයෙන් මැලේසියාවට ගමන් අරඹයි. ඔහුගේ උපාලි සමූහ ව්‍යාපාරයේ මූල්‍ය අධ්යක්ෂ ආනන්ද පේලිමුහන්දිරම් ද ගුවන් යානයේ මගී සහකරු වූ අතුල සේනානායක ද යානයේ සිටිති. යානය පදවනු ලබන්නේ ගුවන් හමුදාවේ හිටපු පලපුරුදු නියමුවකු වන විංග් කමාන්ඩර් නොයෙල් ආනන්දප්පා ය. ඔහුගේ සහාය නියමුවා ලෙස උපාලි ගුවන් සේවයේ සිඩ්නි සොයිසා සිටී. යානය ප.ව. 1.30 ට මැලේසියාවේ ක්වාලාලම්පූර් අගනුවර සුබංග් (Subang) ගුවන් තොටුපළට පිවිසෙන්නේය. යානය ගුවන් තොටුපලේ ගාල් කිරීම භාරව තිබෙන්නේ විරා ක්‍රිස් පුද්ගලික සමාගමටය. යානය ඔවුන්ට භාරදෙන උපාලි ඇතුළු පිරිස ක්වාලාලම්පුර් ආසන්නයේ පිහිටි උපාලිට අයත් "කොකෝවා විලා" මන්දිරයට යති. එතැන් සිට ඉදිරි දින 10 උපාලි සහ පේලිමුහන්දිරම් ගත කරන්නේ ව්‍යාපාරික කටයුතු උදෙසාය.

1983 පෙබරවාරි 13 ඉරිදාවකි. උපාලි ඇතුළු පිරිස ආපසු ශ්‍රී ලංකාව බලා පැමිණීමට නියම කරගන්නා දවස එදිනය. ඊට පෙර ලියර් ජෙට් යානයේ රේඩාර් සංඥ පද්ධතිය සහ වායුසමීකරණ පද්ධතිය "සර්විස්" කරගැනීමට නියමිත විය. ඒ අනුව පෙබරවාරි 10 වැනි බ්‍රහස්පතින්දා උදේ ආනන්ද පේලිමුහන්දිරම් සහ නියමුවෝ දෙදෙනා සිංගප්පූරුවට ගොස් එම කටයුතු සඳහා එරට ස්පෙල්විල් සමාගමට යානය භාර දෙති. පෙබරවාරි 12 වැනිදා යානය ආපසු මැලේසියාවට ගෙනෙනු ලැබේ. විරා ක්‍රිස් සමාගම ආපසු යානය භාර ගන්නා අතර සුබංග් ගුවන් තොටුපලේ කොනක එනම් ගුවන් යානා ගාල් කරන විශාල ගොඩනැඟිල්ලකින් පිටත එළිමහනේ යානය ගාල් කෙරේ. එවිට වේලාව සවස 1.30 ය.

පෙබරවාරි 13 වන ඉරු දින උපාලි විජයවර්ධන ඇතුළු පිරිස එදින සවස 3.00 ට ශ්‍රී ලංකාව බලා නික්ම යැමට සූදානම්ය. එහෙත් සවස 3.00 ට පෙර උපාලිට පණිවුඩයක් ලැබෙයි. ව්‍යාපාරිකයකු වෙතින් වැදගත් දුරකථන ඇමතුමක් එන නිසා එතෙක් "කොකෝවා විලා" මන්දිරයේම රැඳෙන ලෙස පණිවුඩය මගින් ඔහු දැනුවත් කෙරේ. උපාලි කොළඹ බ්ලුමැන්ඩල් පාරේ පිහිටි තම කාර්යාලයට කතා කර මේ බව කියයි. ඔහු සමග කතා කිරීමට දුරකථනයට යන්නේ ඔහුගේ විධායක සහායක ඇන්ස්ටන් වීරසිංහය. අනතුරුව එදින "දිවයින" ඉරිදා සංග්‍රහයේ පළවී ඇති විජේසෝමගේ කාටුනය කුමක්දැයි ඔහු වීරසිංහගෙන් විමසයි. එම කාටුනය වන්නේ රොනී ද මෙල් එක් ආසනයක සිට තවත් ආසනයකට මාරුවන ආකාරයයි. කාටුනයේ විස්තර අසන උපාලි මහ හඬින් සිනාසී දුරකථනය විසන්ධි කරයි. ඊළඟට ඔහු බලාපොරොත්තු වන්නේ තමන්ට ලැබීමට නියමිත ව්‍යාපාරික දුරකථන ඇමතුමය. කොතරම් බලා සිටියද එම දුරකථන ඇමතුම ලැබෙන්නේ නැත. පැය 3 කටත් වඩා බලා සිටින උපාලි තම පිරිසද සමග සුබංග් ගුවන් තොටුපළට ගොස් ලියර් ජෙට් යානයෙන් ශ්‍රී ලංකාව බලා ගුවන් අරඹයි. ගමන පටන් ගන්නා වේලාව සවස 6.11 ය.

යානයේ ගමන් මග වැටී ඇත්තේ ඉන්දුනීසියාවේ උතුරු සුමාත්‍රා කොටසේ අගනුවර වූ "මීදාන්" (Medan) හරහා ය. කොළඹ බලා යන ගමනට මැලේසියාවෙන් එකතු වන අමුත්තෙක්ද යානයේ සිටින්නේය. මැලේසියාවේ උපාලි විජයවර්ධනට අයත් කැන්ඩොස් සෙන්ඩෙරියන් බර්හාඩ් (Kandos Senderian Berhard) සමාගමේ අධ්යක්ෂවරයා වන ඔහුගේ නම එස්. එම්. රත්නම් ය. රත්නම් වෘත්තීය නීතිඥයෙකි. ඔහු ශ්‍රී ලංකාව බලා එන්නේ කොළඹ ජීවත් වන සිය සහෝදරිය හමුවනු පිණිසය. මෙය ඔහු සහෝදරියට නොදන්වා එන හදිසි ගමනකි. තමා දකින නැගණිය පුදුමයෙන් හා ප්‍රීතියෙන් ඉපිල යනු ඇතැයි ඔහු පෙර දින උපාලිට කීවේය.

ගුවන්ගතවී හරියටම විනාඩියකට පසු මැලේසියාවේ පිනැංගුවේ පිහිටි බටර්වර්ත් ගුවන් හමුදා කඳවුරේ රේඩාර් තිරය මත යානය සටහන් වෙයි. ඒ වන විට යානය ගමන් කරන්නේ මලයා අර්ධද්වීපයේ බටහිර වෙරළ කොටසට මායිම් වූ සෙලන්ගෝර් (Selangor) මතිනි. මේ වෙරළ තීරයෙන් පසු එන සාගරය මැලේසියාව හා ඉන්දුනීසියාව අතර වූ මලක්කා සමුද්‍ර සන්ධියට අයත්ය. තව ස්වල්ප වේලාවකින් යානය ගොඩබිම මතින් පියාසර කිරීම අවසන් කර සාගරය මතින් පියාසර කිරීමට පටන් ගන්නේය. සවස 6.16 වන විට බටර්වර්ත් කඳවුරේ ගුවන් ගමන් තොරතුරු භාර නිලධාරීහු සාමාන්‍ය ක්‍රමයට අනුව කොළඹ බලා එන ලියර් ජෙට් යානයේ ගමන් සැළසුම කටුනායක ගුවන් ගමන් පාලකයන්ට දන්වති. යානය අස්වාභාවික වේගයකින් ගමන් කරන බව බටර්වර්ත් කඳවුරේ නිලධාරීහු රේඩාර් තිරය මත දකිති. තවත් විනාඩි 10 ක් තුළ සුබංග් ගුවන් තොටුපළේ රේඩාර් තිරයෙන් ලියර් ජෙට් යානය නොපෙනී යයි. ගුවන් යානයක් එක් රටක ගුවන් සීමාවෙන් නික්මෙන විට ඒ රටේ රේඩාර් තිරයෙන් අතුරුදන්වීම සාමාන්‍ය දෙයකි. එහෙත් ලියර් ජෙට් යානය අතුරුදන් වූ වේගය පිළිබඳව පිනැංගුවේ බටර්වර්ත් ගුවන් ගමන් මධ්‍යස්ථානයේ නිලධාරින් තුළ චකිතයක් හටගෙන ඇත. මේ මොහොතේදී මලක්කා සමුද්‍ර සන්ධියේ සාගරයද ඉතා රළුය.

උපාලි ඇතුළු මගීන් ගමන් කළ යානය නිසි ගමන් මාර්ගයේ නිසි වේගයෙන් ගමන් කර තිබුණේ නම් පෙබරවාරි 13 වැනිදා සවස 6.40 වන විට උතුරු සුමාත්‍රා ප්‍රදේශයේ මිඩානයේ අහස උඩින් ගමන් කළ යුතුය. පස්වරු හත වනතුරුත් ලියර් ජෙට් යානය මිඩාන් පසු කළ බවට ආරංචියක් නොලැබුණු නිසා ක්වාලාලම්පුරයේ ගුවන් ගමන් රේඩියෝ පණිවුඩ මධ්‍යස්ථානය කොළඹ ගුවන් ගමන් පාලන මැදිරියට කතා කර යානය ගැන විමසූහ. එහෙත් යානය ගැන තොරතුරු කොළඹට ලැබී තිබුණේ නැත. රාත්‍රි 7.01 ට මේ ගැන මදුරාසියෙන් විමසන ලදී. එහි ගුවන් ගමන් පාලන මැදිරියටද යානය ගැන ආරංචියක් ලැබී තිබුණේ නැත.

සවස 7.55 වන විට ලියර් ජෙට් යානය කිසියම් අනතුරකට මුහුණපා ඇති බව ක්වාලාලම්පුර් ගුවන් ගමන් පාලක මැදිරිවලට ස්ථිර විය. ඒ අනුව ඉන්දියානු සාගරයේ දිගෝ ගාර්ෂියා දූපතේ පිහිටි ඇමරිකාවට අයත් හත්වැනි නාවුක බලඇණියේ මූලස්ථානයට සිද්ධිය දැනුම් දුන් මැලේසියාව එම ගුවන් තීරය හරහා ගමන් කරමින් සිටි ඇමරිකන් අවේක්ෂණ ගුවන් යානයන් අමතමින් අතුරුදන්වූ L 35 A ලියර් ජෙට් යානය ගැන සොයා බලන ලෙස ඉල්ලා සිටියේය.

මේ අනුව ලියර් ජෙට් යානය සම්බන්ධයෙන් අවිනිශ්චිත තත්ත්වයක් ඇති බව කලාපීය වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට ක්වාලාලම්පූර් ගුවන් නිරීක්ෂණ නිලධාරීහු තීරණය කළහ. රාත්‍රි 9.31 වන විට යානය ගැන සොයන ලෙසට ජාත්‍යන්තර වශයෙන් දැනුම් දෙන ලදී. 9.41 ට යානය කටුනායක ගුවන් තොටුපළට ළඟා වීමට නියමිත විය. එය සිදු නොවුණ නිසා රාත්‍රි 10.30 වන විට රටවල් දෙකක ගුවන් ගමන් පාලක අධිකාරීන්ගෙන් ලියර් ජෙට් යානය ගැන තොරතුරු සොයන ලෙස විශේෂ ඉල්ලීමක් කෙරිණි. ජපානය, ඕස්ටේ්රලියාව එම රටවල් වෙයි.

මේ අතර එදින රාත්‍රි 7 ත් 8.55 ත් අතර කාලය තුළ කුඩුම්බිගල ආරණ්‍ය සේනාසනයේ වැඩ සිටි භික්ෂූන් වහන්සේ නමක් ඈත අහසේ ගමන් කළ ගිනි බෝලයක් දැක තිබිණි. එය මුහුදට කඩාවැටෙන ආකාරයක ගමනක යෙදුනු බවද උන්වහන්සේ කීහ. කුඩුම්බිගල පිහිටා ඇත්තේ කුමන වෙරළ තීරයේ සිට සැතපුම් 10 ක් රට ඇතුළට වන්නට ය. ඉතා පහතින් ගමන් කළ ගුවන් යානයක් ගින්දර පිටකරමින් මහ සාගරය දෙසට ගිය බව කුඩුම්බිගල ආසන්නයේ හේන් ගොවීන් පිරිසක්ද පසුව පැවැසූහ.

උපාලි විජයවර්ධන ඇතුළු පිරිස ගමන් කළ යානය අතුරුදන් වීමත් සමගම කටකතා රැසක් පැතිර යන්නට පටන් ගත්තේය. ත්රස්තවාදීන් පිරිසක් කප්පමක් බලාපොරොත්තුවෙන් යානය පැහැරගත් බව අයෙක් කීහ. එබන්දක් පෞද්ගලික ගුවන් යානයක් තුළ සිදුවීමට නම් කප්පම්කරුවන්ද උපාලි ඇතුළු පිරිස සමග යානයේ සිටිය යුතු අතර ඔවුන් ක්වාලාලම්පුරයේ සුබංග් ගුවන් තොටුපලෙන් යානයට ගොඩවිය යුතුය. එහෙත් එවැන්නක් සිදු වී නම් ගුවන් තොටුපල ආරක්ෂක අංශවලට එය වාර්තා වන්නේය. තවත් සමහරු කියා සිටියේ යානය තුළ බෝම්බයක් අටවා එය පිපිරවූ බවය. ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ බලගතු දේශපාලනඥයන් දෙදෙනෙක් සැකයට ලක්වූහ. මේ දෙදෙනාගෙන් අයෙක් උපාලි, ජනාධිපති වනු ඇතැයි ද අනෙකා උපාලි බලගතු ඇමැති තනතුරකට පත් වනු ඇතැයි ද සිතා ඔහු විනාශ කිරීම සඳහා සුදුසු අවස්ථාවක් එනතුරු බලාගෙන සිටි බව සාමාන්‍ය ජනයාගේ මතය විය. මේ අතර පේනකාරයෝ වැහි වහින්නට වූහ. අතුරුදන්වූ පිරිස ගල් ගුහාවක් තුළ සිටින බවත්, මහ වනයක අතරමංව සිටින බවත් ප්‍රසිද්ධ පේනකාරයෝ දෙදෙනෙක් කීහ. විවිධ සැක කිරීම් අතර කිසියම් වලංගු මුහුණුවරක් ලැබූයේ යානය තුළ බෝම්බයක් ඇටවීමේ සිද්ධියට පමණි. ලියර් ජෙට් යානය එහි රේඩාර් පද්ධතියේ සහ වායුසමීකරණ පද්ධතියේ නඩත්තු කටයුතුවලින් පසු සුබංග් ගුවන් තොටුපලේ කොනක එළිමහනේ ගාල් කර තැබීම තේරුම් ගැනීමට අපහසු සිද්ධියකි. එබඳු විටක යානයට බෝම්බයක් සවි කිරීමේ අවකාශයක් ඇති වෙයි. බෝම්බය, යානයේ එන්ජිම ආශ්‍රිතව සවි කළ විට එන්ජිම රත්වන්නට පටන්ගත් සැනින් පිපිරීම සිදු වෙයි. එන්ජිම රත් වීමට කිසියම් කාලයක් අවශ්‍යය. ලියර් ජෙට් යානය මලක්කා සමුද්‍ර සන්ධිය වෙත යන කාලය තුළ ප්‍රමාණවත් රත්වීමක් අපේක්ෂා කළ හැකිය. ඊළඟ කාරණය උපාලිගේ ගමන ප්‍රමාද කළ ව්‍යාපාරික දුරකථන ඇමතුමය. එම ඇමැතුම නොලැබී සවස 3.00 ට ඔහු පිටත් වූයේ නම් අහසේදී ඔහුගේ යානයට සිදුවන අනතුරක් පැහැදිලිව දැකගැනීමට බිම සිටින අයට හැකිය. එසේම විපතට පත්වූ අය ගලවා ගැනීමේ මෙහෙයුමක්ද කළ හැකිය. අඳුරේදී යානය අනතුරට පත්වූ විට එවැනි මෙහෙයුමක් කිරීම දුෂ්කරය.

මේ සියල්ල Conspiracy Theory හෙවත් කුමන්ත්‍රණයක් හෝ කඩාකප්පල්කාරී සිද්ධියක් විය හැකි ආකාරය පිළිබඳ කෙරුණ සාකච්ඡාවන් විය. මේ අතර ජේ. ආර්. ජයවර්ධන රජයේ බලසම්පන්න ඇමැතිවරයෙක් (ඔහු උපාලි විජයවර්ධනගේද මිත්රයෙකි) පහත සඳහන් කතාව තම හිතවත් පුවත්පත් කලාවේදියකුට කීවේය. උපාලි විජයවර්ධන ලියර් ජෙට් යානය මිලට ගත් පසු නිතර පිටරට සංචාරවල නිරත විය. එසේ යන ගමන්වලදී ඔහු ඉන්ධන ඉතිරිකර ගැනීම සඳහා නීති විරෝධී ලෙස කෙටි ගුවන් මාර්ගවල පියාසර කළේය. මලක්කා සමුද්‍ර සන්ධිය ආසන්නව පිහිටුවා තිබූ එක්තරා යුද කඳවුරක ඔත්තු සේවා නිලධාරීහු උපාලිගේ යානය ගැන පරීක්ෂාවෙන් සිටියහ. ඔවුන් යානයේ නියමුවා සමග ගුවන්විදුලි පණිවුඩ හුවමාරු කරගැනීමට උත්සාහ කළ නමුදු නියමුවා පිළිතුරු දී තිබුණේ ද නැත. ඒ බැවින් 1983 පෙබරවාරි 13 වැනිදා සවස් කාලයේදී මේ යානයට වෙඩි තබන ලදී. යානය මුහුදුබත් වූ අතර මුහුදට වැටුණ ගුවන් යානයක කොටස් ආපසු හමුවිය යුතු යෑයි නීතියක් නැති බැවින් ලියර් ජෙට් යානයේ කොටස් ද ආපසු හමු වූයේ නැත. ඡායාවක්වත් නොතබා අතුරුදන්වූ ගුවන් යානා ගැන ඕනෑ තරම් වාර්තා ඇත. ඉහත සඳහන් කාරණයද ඔප්පු කිරීමට බැරිවූ සැකයකි. එහෙත් උපාලි ඇතුළු පිරිසට අත්වූ ඉරණම මෙයම බව තම ජීවිතය අවසන් වන තෙක්ම ඉහත සඳහන් දේශපාලනඥයා විශ්වාස කළේය.

මේ අතර ලියර් ජෙට් ගුවන් යානය ගැන පාඨකයා දැනුවත් කිරීම අපගේ වගකීමය. ලියර් ජෙට් සමාගම ඇමරිකන් සමාගමකි. ඔවුන් සිය පළමු වැනි ලියර් ජෙට් යානය නිපදවන ලද්දේ 1973 දීය. එතැන් සිට එම සමාගම "බොම්බාඩියර්" නමැති ගුවන් යානා නිෂ්පාදන සමාගමක් විසින් මිලට ගන්නා තුරු සිවිල් ප්‍රවාහන කටයුතු සඳහා ලියර් ජෙට් යානා 738 ක් සාදා ඇත. මෙයින් යානා 11 ක් වෙඩි පහරට ලක්වීම හා කාර්මික දොaෂ නිසා කඩාවැටීම නිසා විනාශයට පත් විය. පළමු ලියර් ජෙට් අනතුර 1982 දී සිදු විය. ලොව අතුරුදන්වූ පළමු ලියර් ජෙට් යානය උපාලි විජයවර්ධනට අයත් L35A යානයයි. පාවිච්චි කරන ලද ලියර් ජෙට් යානයක් සියලු බදු සහිතව රුපියල් කෝටි 100 ත් 150 ත් අතර මිලකට අද ගත හැකිය. එහෙත් උපාලි තම ගුවන් යානය මිලට ගන්නා කාලයේදී එය රුපියල් කෝටි 60 ක් පමණ විය.

අනුර සොලමන්ස්

මනෝජ් අබයදීර

ලබන සතියේ... යානයේ කොටස් හමුවෙයි.

[QUOTE="dxx, post: 13081087, member: 386171"] [COLOR="Black"][SIZE="5"][B]උපාලි අබිරහසේ ඇත්ත කතාව [/B][/SIZE][/COLOR] [COLOR="Black"][SIZE="3"]උපාලි සමූහ ව්‍යාපාරයේ පුරෝගාමී සභාපතිවරයා වූ උපාලි විජේවර්ධන මහතා පිළිබඳ මේ දිනවල විවිධ දුර්මත පැතිර යමින් තිබේ. මෙයට වසර 29 කට පෙර මැලේසියාවේ සිට කොළඹ බලා එමින් සිටි විජේවර්ධන මහතා ගුවන් යානයත් සමගම අතුරුදන් වූ බව ඔහු පිළිබඳව උනන්දුවක් දක්වන සියලු දෙනා දනිති. ඔහු පිළිබඳ අබිරහසේ සියලු සත්‍ය විස්තර අද සිට ඉරිදා දිවයින කොටස් කිහිපයකින් පලකරනු ඇත. ඔහු සම්බන්ධයෙන් මැතකදී මතභේදයට තුඩු දුන් සියලු ගැටළු නිරාකරණය කර ගැනීමට පාඨකයාට මේ ලිපි පෙළ මගින් හැකිවනවා ඇත. [/SIZE][/COLOR] [IMG]http://www.divaina.com/2012/07/22/u.jpg[/IMG] [COLOR="Black"][SIZE="3"]ශ්‍රී ලංකාවෙන් ජාත්‍යන්තරයට ගිය පළමුවන සිංහල බෞද්ධ ව්‍යාපාරිකයා සහ කර්මාන්තකරුවා වන ෆිලිප් උපාලි විජයවර්ධන සිය පෞද්ගලික ගුවන් යානයෙන් මැලේසියාවේ සිට ශ්‍රී ලංකාව බලා එද්දී අතුරුදන්වීම අදටත් මතභේදයට තුඩු දී තිබේ. මතුගම තුඩුගලගේ දොන් වෝල්ටර් විජයවර්ධන සහ මාතර කඹුරුපිටියේ අනුලා කල්යාණිවති විජේසිංහගේ බාල දරුවා වූ ඔහු අතුරුදන් වන විට 45 වන වියට දින හතරක් ඉතිරිව තිබිණි. කොළඹ කාන්තා විද්‍යාලයේ බාලාංශයෙන් සහ කොළඹ රාජකීය විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා එංගලන්තයේ කේමිබ්රි- විශ්වවිද්‍යාලයට යන ඔහු උපාධිධාරියකු ලෙස ලංකාවට පැමිණ එක්සත් ලීවර් සහෝදර සමාගමේ (Lever Brothers) කළමනාකරණ ආධුනිකයකු ලෙස වෘත්තීය ජීවිතය අරඹයි. වයස අවුරුදු 24 දී තමන්ගේම වූ ව්‍යාපාර පටන් ගන්නා ඔහු එළඹෙන වසර 20 තුළ ආසියාවේ ප්රමුඛ කෝටිපතියන් 10 දෙනා අතුරින් කෙනෙක් බවට පත් වන්නේය[/SIZE][/COLOR] [IMG]http://www.divaina.com/2012/07/22/up1.jpg[/IMG][IMG]http://www.divaina.com/2012/07/22/up4.jpg[/IMG][IMG]http://www.divaina.com/2012/07/22/p3.jpg[/IMG] [COLOR="Black"]ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන, උපාලි හා ඔහුගේ සමකාලීන පාසල් සගයා ලලිත්[/COLOR] [IMG]http://www.divaina.com/2012/07/22/up2.jpg[/IMG] [COLOR="Black"]සේනානායක - පේළිමුහන්දිරම් - ගුවන් නියමු ආනන්ද අප්පා [/COLOR] [COLOR="Black"][SIZE="3"]ව්‍යාපාරිකයකු ලෙස ගත කළ වසර 20 තුළ උපාලි සිංගප්පූරුව සහ මැලේසියාව සමග විශාල වශයෙන් ව්‍යාපාර කළේය. සිය ව්‍යාපාරික අවශ්‍යතාවක් වෙනුවෙන් 1983 ජනවාරි 31 වන සඳුදා උදේ වරුවේ ඔහු තම පෞද්ගලික ගුවන් යානයවූ L35A ලියර් ජෙට් යානයෙන් මැලේසියාවට ගමන් අරඹයි. ඔහුගේ උපාලි සමූහ ව්‍යාපාරයේ මූල්‍ය අධ්යක්ෂ ආනන්ද පේලිමුහන්දිරම් ද ගුවන් යානයේ මගී සහකරු වූ අතුල සේනානායක ද යානයේ සිටිති. යානය පදවනු ලබන්නේ ගුවන් හමුදාවේ හිටපු පලපුරුදු නියමුවකු වන විංග් කමාන්ඩර් නොයෙල් ආනන්දප්පා ය. ඔහුගේ සහාය නියමුවා ලෙස උපාලි ගුවන් සේවයේ සිඩ්නි සොයිසා සිටී. යානය ප.ව. 1.30 ට මැලේසියාවේ ක්වාලාලම්පූර් අගනුවර සුබංග් (Subang) ගුවන් තොටුපළට පිවිසෙන්නේය. යානය ගුවන් තොටුපලේ ගාල් කිරීම භාරව තිබෙන්නේ විරා ක්‍රිස් පුද්ගලික සමාගමටය. යානය ඔවුන්ට භාරදෙන උපාලි ඇතුළු පිරිස ක්වාලාලම්පුර් ආසන්නයේ පිහිටි උපාලිට අයත් "කොකෝවා විලා" මන්දිරයට යති. එතැන් සිට ඉදිරි දින 10 උපාලි සහ පේලිමුහන්දිරම් ගත කරන්නේ ව්‍යාපාරික කටයුතු උදෙසාය. 1983 පෙබරවාරි 13 ඉරිදාවකි. උපාලි ඇතුළු පිරිස ආපසු ශ්‍රී ලංකාව බලා පැමිණීමට නියම කරගන්නා දවස එදිනය. ඊට පෙර ලියර් ජෙට් යානයේ රේඩාර් සංඥ පද්ධතිය සහ වායුසමීකරණ පද්ධතිය "සර්විස්" කරගැනීමට නියමිත විය. ඒ අනුව පෙබරවාරි 10 වැනි බ්‍රහස්පතින්දා උදේ ආනන්ද පේලිමුහන්දිරම් සහ නියමුවෝ දෙදෙනා සිංගප්පූරුවට ගොස් එම කටයුතු සඳහා එරට ස්පෙල්විල් සමාගමට යානය භාර දෙති. පෙබරවාරි 12 වැනිදා යානය ආපසු මැලේසියාවට ගෙනෙනු ලැබේ. විරා ක්‍රිස් සමාගම ආපසු යානය භාර ගන්නා අතර සුබංග් ගුවන් තොටුපලේ කොනක එනම් ගුවන් යානා ගාල් කරන විශාල ගොඩනැඟිල්ලකින් පිටත එළිමහනේ යානය ගාල් කෙරේ. එවිට වේලාව සවස 1.30 ය. පෙබරවාරි 13 වන ඉරු දින උපාලි විජයවර්ධන ඇතුළු පිරිස එදින සවස 3.00 ට ශ්‍රී ලංකාව බලා නික්ම යැමට සූදානම්ය. එහෙත් සවස 3.00 ට පෙර උපාලිට පණිවුඩයක් ලැබෙයි. ව්‍යාපාරිකයකු වෙතින් වැදගත් දුරකථන ඇමතුමක් එන නිසා එතෙක් "කොකෝවා විලා" මන්දිරයේම රැඳෙන ලෙස පණිවුඩය මගින් ඔහු දැනුවත් කෙරේ. උපාලි කොළඹ බ්ලුමැන්ඩල් පාරේ පිහිටි තම කාර්යාලයට කතා කර මේ බව කියයි. ඔහු සමග කතා කිරීමට දුරකථනයට යන්නේ ඔහුගේ විධායක සහායක ඇන්ස්ටන් වීරසිංහය. අනතුරුව එදින "දිවයින" ඉරිදා සංග්‍රහයේ පළවී ඇති විජේසෝමගේ කාටුනය කුමක්දැයි ඔහු වීරසිංහගෙන් විමසයි. එම කාටුනය වන්නේ රොනී ද මෙල් එක් ආසනයක සිට තවත් ආසනයකට මාරුවන ආකාරයයි. කාටුනයේ විස්තර අසන උපාලි මහ හඬින් සිනාසී දුරකථනය විසන්ධි කරයි. ඊළඟට ඔහු බලාපොරොත්තු වන්නේ තමන්ට ලැබීමට නියමිත ව්‍යාපාරික දුරකථන ඇමතුමය. කොතරම් බලා සිටියද එම දුරකථන ඇමතුම ලැබෙන්නේ නැත. පැය 3 කටත් වඩා බලා සිටින උපාලි තම පිරිසද සමග සුබංග් ගුවන් තොටුපළට ගොස් ලියර් ජෙට් යානයෙන් ශ්‍රී ලංකාව බලා ගුවන් අරඹයි. ගමන පටන් ගන්නා වේලාව සවස 6.11 ය. යානයේ ගමන් මග වැටී ඇත්තේ ඉන්දුනීසියාවේ උතුරු සුමාත්‍රා කොටසේ අගනුවර වූ "මීදාන්" (Medan) හරහා ය. කොළඹ බලා යන ගමනට මැලේසියාවෙන් එකතු වන අමුත්තෙක්ද යානයේ සිටින්නේය. මැලේසියාවේ උපාලි විජයවර්ධනට අයත් කැන්ඩොස් සෙන්ඩෙරියන් බර්හාඩ් (Kandos Senderian Berhard) සමාගමේ අධ්යක්ෂවරයා වන ඔහුගේ නම එස්. එම්. රත්නම් ය. රත්නම් වෘත්තීය නීතිඥයෙකි. ඔහු ශ්‍රී ලංකාව බලා එන්නේ කොළඹ ජීවත් වන සිය සහෝදරිය හමුවනු පිණිසය. මෙය ඔහු සහෝදරියට නොදන්වා එන හදිසි ගමනකි. තමා දකින නැගණිය පුදුමයෙන් හා ප්‍රීතියෙන් ඉපිල යනු ඇතැයි ඔහු පෙර දින උපාලිට කීවේය. ගුවන්ගතවී හරියටම විනාඩියකට පසු මැලේසියාවේ පිනැංගුවේ පිහිටි බටර්වර්ත් ගුවන් හමුදා කඳවුරේ රේඩාර් තිරය මත යානය සටහන් වෙයි. ඒ වන විට යානය ගමන් කරන්නේ මලයා අර්ධද්වීපයේ බටහිර වෙරළ කොටසට මායිම් වූ සෙලන්ගෝර් (Selangor) මතිනි. මේ වෙරළ තීරයෙන් පසු එන සාගරය මැලේසියාව හා ඉන්දුනීසියාව අතර වූ මලක්කා සමුද්‍ර සන්ධියට අයත්ය. තව ස්වල්ප වේලාවකින් යානය ගොඩබිම මතින් පියාසර කිරීම අවසන් කර සාගරය මතින් පියාසර කිරීමට පටන් ගන්නේය. සවස 6.16 වන විට බටර්වර්ත් කඳවුරේ ගුවන් ගමන් තොරතුරු භාර නිලධාරීහු සාමාන්‍ය ක්‍රමයට අනුව කොළඹ බලා එන ලියර් ජෙට් යානයේ ගමන් සැළසුම කටුනායක ගුවන් ගමන් පාලකයන්ට දන්වති. යානය අස්වාභාවික වේගයකින් ගමන් කරන බව බටර්වර්ත් කඳවුරේ නිලධාරීහු රේඩාර් තිරය මත දකිති. තවත් විනාඩි 10 ක් තුළ සුබංග් ගුවන් තොටුපළේ රේඩාර් තිරයෙන් ලියර් ජෙට් යානය නොපෙනී යයි. ගුවන් යානයක් එක් රටක ගුවන් සීමාවෙන් නික්මෙන විට ඒ රටේ රේඩාර් තිරයෙන් අතුරුදන්වීම සාමාන්‍ය දෙයකි. එහෙත් ලියර් ජෙට් යානය අතුරුදන් වූ වේගය පිළිබඳව පිනැංගුවේ බටර්වර්ත් ගුවන් ගමන් මධ්‍යස්ථානයේ නිලධාරින් තුළ චකිතයක් හටගෙන ඇත. මේ මොහොතේදී මලක්කා සමුද්‍ර සන්ධියේ සාගරයද ඉතා රළුය. උපාලි ඇතුළු මගීන් ගමන් කළ යානය නිසි ගමන් මාර්ගයේ නිසි වේගයෙන් ගමන් කර තිබුණේ නම් පෙබරවාරි 13 වැනිදා සවස 6.40 වන විට උතුරු සුමාත්‍රා ප්‍රදේශයේ මිඩානයේ අහස උඩින් ගමන් කළ යුතුය. පස්වරු හත වනතුරුත් ලියර් ජෙට් යානය මිඩාන් පසු කළ බවට ආරංචියක් නොලැබුණු නිසා ක්වාලාලම්පුරයේ ගුවන් ගමන් රේඩියෝ පණිවුඩ මධ්‍යස්ථානය කොළඹ ගුවන් ගමන් පාලන මැදිරියට කතා කර යානය ගැන විමසූහ. එහෙත් යානය ගැන තොරතුරු කොළඹට ලැබී තිබුණේ නැත. රාත්‍රි 7.01 ට මේ ගැන මදුරාසියෙන් විමසන ලදී. එහි ගුවන් ගමන් පාලන මැදිරියටද යානය ගැන ආරංචියක් ලැබී තිබුණේ නැත. සවස 7.55 වන විට ලියර් ජෙට් යානය කිසියම් අනතුරකට මුහුණපා ඇති බව ක්වාලාලම්පුර් ගුවන් ගමන් පාලක මැදිරිවලට ස්ථිර විය. ඒ අනුව ඉන්දියානු සාගරයේ දිගෝ ගාර්ෂියා දූපතේ පිහිටි ඇමරිකාවට අයත් හත්වැනි නාවුක බලඇණියේ මූලස්ථානයට සිද්ධිය දැනුම් දුන් මැලේසියාව එම ගුවන් තීරය හරහා ගමන් කරමින් සිටි ඇමරිකන් අවේක්ෂණ ගුවන් යානයන් අමතමින් අතුරුදන්වූ L 35 A ලියර් ජෙට් යානය ගැන සොයා බලන ලෙස ඉල්ලා සිටියේය. මේ අනුව ලියර් ජෙට් යානය සම්බන්ධයෙන් අවිනිශ්චිත තත්ත්වයක් ඇති බව කලාපීය වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට ක්වාලාලම්පූර් ගුවන් නිරීක්ෂණ නිලධාරීහු තීරණය කළහ. රාත්‍රි 9.31 වන විට යානය ගැන සොයන ලෙසට ජාත්‍යන්තර වශයෙන් දැනුම් දෙන ලදී. 9.41 ට යානය කටුනායක ගුවන් තොටුපළට ළඟා වීමට නියමිත විය. එය සිදු නොවුණ නිසා රාත්‍රි 10.30 වන විට රටවල් දෙකක ගුවන් ගමන් පාලක අධිකාරීන්ගෙන් ලියර් ජෙට් යානය ගැන තොරතුරු සොයන ලෙස විශේෂ ඉල්ලීමක් කෙරිණි. ජපානය, ඕස්ටේ්රලියාව එම රටවල් වෙයි. මේ අතර එදින රාත්‍රි 7 ත් 8.55 ත් අතර කාලය තුළ කුඩුම්බිගල ආරණ්‍ය සේනාසනයේ වැඩ සිටි භික්ෂූන් වහන්සේ නමක් ඈත අහසේ ගමන් කළ ගිනි බෝලයක් දැක තිබිණි. එය මුහුදට කඩාවැටෙන ආකාරයක ගමනක යෙදුනු බවද උන්වහන්සේ කීහ. කුඩුම්බිගල පිහිටා ඇත්තේ කුමන වෙරළ තීරයේ සිට සැතපුම් 10 ක් රට ඇතුළට වන්නට ය. ඉතා පහතින් ගමන් කළ ගුවන් යානයක් ගින්දර පිටකරමින් මහ සාගරය දෙසට ගිය බව කුඩුම්බිගල ආසන්නයේ හේන් ගොවීන් පිරිසක්ද පසුව පැවැසූහ. ********* ******** උපාලි විජයවර්ධන ඇතුළු පිරිස ගමන් කළ යානය අතුරුදන් වීමත් සමගම කටකතා රැසක් පැතිර යන්නට පටන් ගත්තේය. ත්රස්තවාදීන් පිරිසක් කප්පමක් බලාපොරොත්තුවෙන් යානය පැහැරගත් බව අයෙක් කීහ. එබන්දක් පෞද්ගලික ගුවන් යානයක් තුළ සිදුවීමට නම් කප්පම්කරුවන්ද උපාලි ඇතුළු පිරිස සමග යානයේ සිටිය යුතු අතර ඔවුන් ක්වාලාලම්පුරයේ සුබංග් ගුවන් තොටුපලෙන් යානයට ගොඩවිය යුතුය. එහෙත් එවැන්නක් සිදු වී නම් ගුවන් තොටුපල ආරක්ෂක අංශවලට එය වාර්තා වන්නේය. තවත් සමහරු කියා සිටියේ යානය තුළ බෝම්බයක් අටවා එය පිපිරවූ බවය. ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ බලගතු දේශපාලනඥයන් දෙදෙනෙක් සැකයට ලක්වූහ. මේ දෙදෙනාගෙන් අයෙක් උපාලි, ජනාධිපති වනු ඇතැයි ද අනෙකා උපාලි බලගතු ඇමැති තනතුරකට පත් වනු ඇතැයි ද සිතා ඔහු විනාශ කිරීම සඳහා සුදුසු අවස්ථාවක් එනතුරු බලාගෙන සිටි බව සාමාන්‍ය ජනයාගේ මතය විය. මේ අතර පේනකාරයෝ වැහි වහින්නට වූහ. අතුරුදන්වූ පිරිස ගල් ගුහාවක් තුළ සිටින බවත්, මහ වනයක අතරමංව සිටින බවත් ප්‍රසිද්ධ පේනකාරයෝ දෙදෙනෙක් කීහ. විවිධ සැක කිරීම් අතර කිසියම් වලංගු මුහුණුවරක් ලැබූයේ යානය තුළ බෝම්බයක් ඇටවීමේ සිද්ධියට පමණි. ලියර් ජෙට් යානය එහි රේඩාර් පද්ධතියේ සහ වායුසමීකරණ පද්ධතියේ නඩත්තු කටයුතුවලින් පසු සුබංග් ගුවන් තොටුපලේ කොනක එළිමහනේ ගාල් කර තැබීම තේරුම් ගැනීමට අපහසු සිද්ධියකි. එබඳු විටක යානයට බෝම්බයක් සවි කිරීමේ අවකාශයක් ඇති වෙයි. බෝම්බය, යානයේ එන්ජිම ආශ්‍රිතව සවි කළ විට එන්ජිම රත්වන්නට පටන්ගත් සැනින් පිපිරීම සිදු වෙයි. එන්ජිම රත් වීමට කිසියම් කාලයක් අවශ්‍යය. ලියර් ජෙට් යානය මලක්කා සමුද්‍ර සන්ධිය වෙත යන කාලය තුළ ප්‍රමාණවත් රත්වීමක් අපේක්ෂා කළ හැකිය. ඊළඟ කාරණය උපාලිගේ ගමන ප්‍රමාද කළ ව්‍යාපාරික දුරකථන ඇමතුමය. එම ඇමැතුම නොලැබී සවස 3.00 ට ඔහු පිටත් වූයේ නම් අහසේදී ඔහුගේ යානයට සිදුවන අනතුරක් පැහැදිලිව දැකගැනීමට බිම සිටින අයට හැකිය. එසේම විපතට පත්වූ අය ගලවා ගැනීමේ මෙහෙයුමක්ද කළ හැකිය. අඳුරේදී යානය අනතුරට පත්වූ විට එවැනි මෙහෙයුමක් කිරීම දුෂ්කරය. මේ සියල්ල Conspiracy Theory හෙවත් කුමන්ත්‍රණයක් හෝ කඩාකප්පල්කාරී සිද්ධියක් විය හැකි ආකාරය පිළිබඳ කෙරුණ සාකච්ඡාවන් විය. මේ අතර ජේ. ආර්. ජයවර්ධන රජයේ බලසම්පන්න ඇමැතිවරයෙක් (ඔහු උපාලි විජයවර්ධනගේද මිත්රයෙකි) පහත සඳහන් කතාව තම හිතවත් පුවත්පත් කලාවේදියකුට කීවේය. උපාලි විජයවර්ධන ලියර් ජෙට් යානය මිලට ගත් පසු නිතර පිටරට සංචාරවල නිරත විය. එසේ යන ගමන්වලදී ඔහු ඉන්ධන ඉතිරිකර ගැනීම සඳහා නීති විරෝධී ලෙස කෙටි ගුවන් මාර්ගවල පියාසර කළේය. මලක්කා සමුද්‍ර සන්ධිය ආසන්නව පිහිටුවා තිබූ එක්තරා යුද කඳවුරක ඔත්තු සේවා නිලධාරීහු උපාලිගේ යානය ගැන පරීක්ෂාවෙන් සිටියහ. ඔවුන් යානයේ නියමුවා සමග ගුවන්විදුලි පණිවුඩ හුවමාරු කරගැනීමට උත්සාහ කළ නමුදු නියමුවා පිළිතුරු දී තිබුණේ ද නැත. ඒ බැවින් 1983 පෙබරවාරි 13 වැනිදා සවස් කාලයේදී මේ යානයට වෙඩි තබන ලදී. යානය මුහුදුබත් වූ අතර මුහුදට වැටුණ ගුවන් යානයක කොටස් ආපසු හමුවිය යුතු යෑයි නීතියක් නැති බැවින් ලියර් ජෙට් යානයේ කොටස් ද ආපසු හමු වූයේ නැත. ඡායාවක්වත් නොතබා අතුරුදන්වූ ගුවන් යානා ගැන ඕනෑ තරම් වාර්තා ඇත. ඉහත සඳහන් කාරණයද ඔප්පු කිරීමට බැරිවූ සැකයකි. එහෙත් උපාලි ඇතුළු පිරිසට අත්වූ ඉරණම මෙයම බව තම ජීවිතය අවසන් වන තෙක්ම ඉහත සඳහන් දේශපාලනඥයා විශ්වාස කළේය. මේ අතර ලියර් ජෙට් ගුවන් යානය ගැන පාඨකයා දැනුවත් කිරීම අපගේ වගකීමය. ලියර් ජෙට් සමාගම ඇමරිකන් සමාගමකි. ඔවුන් සිය පළමු වැනි ලියර් ජෙට් යානය නිපදවන ලද්දේ 1973 දීය. එතැන් සිට එම සමාගම "බොම්බාඩියර්" නමැති ගුවන් යානා නිෂ්පාදන සමාගමක් විසින් මිලට ගන්නා තුරු සිවිල් ප්‍රවාහන කටයුතු සඳහා ලියර් ජෙට් යානා 738 ක් සාදා ඇත. මෙයින් යානා 11 ක් වෙඩි පහරට ලක්වීම හා කාර්මික දොaෂ නිසා කඩාවැටීම නිසා විනාශයට පත් විය. පළමු ලියර් ජෙට් අනතුර 1982 දී සිදු විය. ලොව අතුරුදන්වූ පළමු ලියර් ජෙට් යානය උපාලි විජයවර්ධනට අයත් L35A යානයයි. පාවිච්චි කරන ලද ලියර් ජෙට් යානයක් සියලු බදු සහිතව රුපියල් කෝටි 100 ත් 150 ත් අතර මිලකට අද ගත හැකිය. එහෙත් උපාලි තම ගුවන් යානය මිලට ගන්නා කාලයේදී එය රුපියල් කෝටි 60 ක් පමණ විය. [/SIZE][/COLOR][SIZE="3"][/SIZE] අනුර සොලමන්ස් මනෝජ් අබයදීර [COLOR="Red"][SIZE="3"]ලබන සතියේ... යානයේ කොටස් හමුවෙයි.[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom