Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
They're Made out of Meat by Terry Bisson
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

They're Made out of Meat

by Terry Bisson

"උන් හැදිල තියෙන්නෙ මස් වලින්."

"මස්?"

"මස්. උන් තනිකර මස් ගොඩක්."

"මස්?"

"ඒ ගැන කිසි සැකයක් නෑ. ග්‍රහලෝකයෙ කීප තැනකින්ම එයාලව තෝරගෙන යානයට ඇරන් ඇවිත් පරික්ෂා කලා. මුන් එහෙම්පිටින්ම මස්."

"ඒක වෙන්ඩ බෑ නෙව. හරි, එහෙනම් අර විද්‍යුත් චුම්බක තරංග ගැන මොකද කියන්නෙ? මුන් ඈත තරු වලට යවපුවා."

"නෑ නෑ, මෙයාල එකිනෙකා අතර සන්නිවේදනය කරගන්න රේඩියො තරංග පාවිච්චි කරනව, ඒත් ඒ තරංග තමන්ම නිපදවන්නෙ නෑ. ඒකට වෙන යන්ත්‍ර තියෙනව."

"ඒ යන්ත්‍ර කවුද හැදුවෙ? අන්න එයාල එක්කයි අපි කතා කල යුත්තේ, එහෙම නේද?"

"මුන් මයි යන්ත්‍ර හදල තියෙන්නෙත්. ඒක තමා මන් මේ කියන්නෙ, මස් ගොඩවල් ටික යන්ත්‍ර හදල."

"මොන විහිලුවක් ද. කොහොමද මස් යන්ත්‍ර නිර්මාණය කරන්නෙ? ඔයාට තේරෙනවද මේ සුරංගනා කතාව මට විශ්වාස කරන්න අමාරු බව."

"කොච්චර අමාරු උනත් මන් කියන එක වෙනස් වෙන්නෙ නෑ. පේන විදිහට මේ කලාපෙටම සවිඥාණික සත්තු මුන්...ඒ මදිවට මුන් තනිකර මස්."

"සමහරවිට මෙයාල තාවකාලික මාංශල අවධියක් ගත කරන කාබන් බේස්ඩ් ජීවීන් ජාතියක් වෙන්ඩ ඇති. ඔය ඕනතරම් එහෙම එවුන් ඉන්නෙ"

"නෑ, මුන් ඉපදින්නෙත් මස් විදිහට, මැරෙන්නෙත් මස් විදිහට. මෙයාලගෙ සම්පූර්ණ ජීවන චක්‍රයම අපි නිරික්ෂණය කලා, ඒ හැටි ලොකු කාලයක් ඉන්නෙත් නෑ. මස් වල කල් පැවැත්ම ගැන තමුසෙට අමුතුවෙන් කියන්න ඕනෙද?"

"නෝ තෑන්ක්ස්. එහෙනම් මුන් අර්ධ වශයෙන් මාංශ වෙන්න බැරිද. මස් ඔලුවක් ඇතුලෙ ප්ලාස්මා මොලයක්? ඒ ජාතියෙ උනුත් ඔය ඕන තරම් ඉන්නෙ"

"ම්හු. අපි ඕකත් හිතුවා. ඒත් කලින් කිව්වා වගේ අපි මෙයාලව මුලුමනින්ම අධ්‍යනය කරල තියෙන්නෙ. මුන් තනිකර මස්."

"මොලයක් නෑ එහෙනම්?"

"ආ මොලේ නම් තියෙනව. ඒකත් මස් ගුලියක්."

"එතකොට...මොකෙන්ද මුන් හිතන්නෙ?"

"තමුසෙට තාම තේරෙන්නෑ වගේ. ඒ මොලෙන්ම තමා හිතන්නෙ. මස් මොලේ"

"හිතන පතන මස්! ඔයා මේ කියන්නෙ හිතන පතන මස් ගැන මට විශ්වාස කරන්න කියලා!"

"ඔව්, හිතන පතන මස්! සවිඥානික මස්! හීන දකින මස්. ආදරේ කරන මස්. මස් තමා සියල්ලම. තමුසෙට දැනවත් තේරෙනවද?"

"දෙයියනේ ඔයා මෙච්චර වෙලා විහිලුවක් නෙමේ කරල තියෙන්නෙ. මුන් හැදිල තියෙන්නෙ මස් වලින්."

"ඇති යන්තම්. ඔව්, මුන් හැදිල තියෙන්නෙ මස් වලින්. ඒ විතරක් නෙමී, දැන් අවුරුදු සියයක් තිස්සෙ මෙයාල අපි එක්ක සන්නිවේදනය කරන්න උත්සාහ කරන ගමන් ඉන්නෙ."

"ඉතින් දැන් මොනවද මේ මස් වලට වෙන්ඩෝනෙ?"

"පළවෙනියටම, එයාලට අපි එක්ක කතා කරන්න ඕනෙලු. ඊට පස්සෙ මන් හිතන්නෙ අපේ ලෝකය ගැන දැනගන්න, අපේ ජීවින් ආශ්‍රය කරන්න, තොරතුරු අදහස් බෙදාගන්න, එට්සෙට්රා එට්සෙට්රා."

"ඔහ්, මෙයාලට කතා කරන්න පුලුවන් ඒ කියන්නෙ. වචන, සංකල්ප එහෙම පාවිච්චි කරනවද?"

"අපොයි ඔව්, ඒවයෙ අඩුවක් නෑ. එකම වෙනස මස් වලින් තමා කතාව."

"එහෙනම් රේඩියො පාවිච්චි කරනව කිව්වෙ?"

"ඔව්, රේඩියො තරංගත් සන්නිවේදනය කරන්න යොදාගන්නව තමයි, ඒත් ඔය රේඩියො පණිවිඩ වල මොනව තියෙනව කියලද හිතන්නෙ? මස් සද්ද! තෙත මස් එකට අතුලද්දි එන සද්දෙ දන්නවනෙ, මුන් කතා කරන්නෙ මස් කෑලි එකට වද්දලා. මස් ටියුබ් එකකින් හුලන් පිඹල සින්දුත් කියනව."

"දෙයියනේ, සින්දු කියන මස්. ඒක නම් ඕනෙවට වඩා වැඩියි. හරි, දැන් මොකක්ද ඊලඟ පියවර?"

"නිල වශයෙන් වෙන්ඩ ඕනෙ දේ ද, මගෙ හිතේ තියෙන දේ ද?"

"දෙකම."

"පොතේ හැටියට අපි කළ යුත්තෙ අපිට හමුවෙන සියලුම ජීවින්, ජාතීන් සහ ශිෂ්ඨාචාර අගතීන් ගෙන් තොරව පිළිගනිමින් ඔවුන් ගැන නිල වශයෙන් වාර්තා කරන එක. ඒත් මන් නම් කියන්නෙ, මේ පණිවිඩ මකල දාල වෙනතක් බලාගමු කියල."

"හොඳ වෙලාවට මන් හිතන් හිටපු දේ ඔයා කිව්වා."

"ඒක ටිකක් කුරිරුයි තමා, ඒත් මේවටත් සීමාවක් තියෙන්නෙපැයි. මන් කියන්නෙ, මස් එක්ක ගනුදෙනු කරන්නෙ කොහොමදෝයි?!"

"සියේට සීයක් එකඟයි. මොනව කියල කියන්නද? 'හෙලෝ මස්, කොහොමද සැප සනීප?'. ඒක නෙමේ, දැන් මෙයාල ග්‍රහලෝක කීයක ඉන්නවද?"

"තාම එකයි. එයාලට විශේෂ කන්ටේනර් වලින් ග්‍රහලෝක අතර ගමන් කරන්න පුලුවන්, ඒත් ඒවයෙ වැඩිකල් ජීවත් වෙන්න අමාරුයි. අනික මස් පරුවත නිසා ආලෝකයෙ වේගයට වඩා වැඩියෙන් සැරිසරන්නත් බෑ. මේ නිසා මෙයාලට තව ශිෂ්ඨාචාරයක් හොයන් හිහින් මුන ගැහෙන්න ලොකු ඉඩක් නෑ. ලොකු නෙමේ කිසිම ඉඩක් නෑ හරියට බැලුවොත්."

"ඒ කියන්නෙ අපි මුන්ගෙ පණිවිඩෙ නෑහුන වගේ ඉන්නව. ගෙදර කවුරුත් නෑ වගේ."

"හ්ම්ම්."

"පව් හැබැයි. ඒත් කිව්වත් වගේ, කාටද අප්පා මස් ගොඩවල් ආශ්‍රය කරන්න පුලුවන්. එතකොට අපි උස්සන් ආපු, ඔයා පරික්ෂා කලාය කිව්ව අය? එයාලට මතක තියෙවිද?"

"අපි එයාලගෙ ඔලු ඇතුලෙ මස් වල වෙනසක් කලා මේ සියල්ල හීනයක් විදිහට දැනෙන්න. ඇරත් එයාල ඔය කතාව කිව්වට කවුද විශ්වාස කරන්නෙ."

"මස් මත හීන, හරි අමුතුයි! අපි එයාලගෙ මස් වල හීන."

"ඔයින් පස්සෙ අපිට පුලුවන් මේ කලාපයෙ වැදගත් කිසිවක් නෑ කියල සළකුණු කරන්න."

"හොඳයි. එකඟයි. නිල වශයෙන් සහ නොනිල වශයෙන්- ඒ වැඩේ අහවරයි. හරි, වෙන මොනවද? මේ මන්දාකිණියෙ තව මොනවහෝ දෙයක් තියෙනවද?"

"ඔව්, G445 කලාපෙ සුකුමාර හයිඩ්රජන් බුද්ධි විශේෂයක් ඉන්නව. දැනට මන්දාකිණි ආවර්ත දෙකකට කලිනුත් අපිට පණිවිඩ එව්වා. ආපහු කතා කරන්න ඕනෙ කියන්නෙ."

"එයාල හැම වතාවෙම අපේ අවධානෙ ගන්න බලනව."

"ඒකෙ පුදුමෙකුත් නෑ. හිතල බලන්න, මේ විශ්වයෙ තමන් පමණයි ඉන්නෙ කියල පෙනෙද්දි දැනෙන තනිකම, සාංකාව කොයිතරම් කුජීත හැඟීමක් වෙන්න ඇතිද."

[QUOTE="lovethebomb, post: 29418880, member: 531830"] [CENTER][SIZE=7][B]They're Made out of Meat[/B][/SIZE] by Terry Bisson[/CENTER] "උන් හැදිල තියෙන්නෙ මස් වලින්." "මස්?" "මස්. උන් තනිකර මස් ගොඩක්." "මස්?" "ඒ ගැන කිසි සැකයක් නෑ. ග්‍රහලෝකයෙ කීප තැනකින්ම එයාලව තෝරගෙන යානයට ඇරන් ඇවිත් පරික්ෂා කලා. මුන් එහෙම්පිටින්ම මස්." "ඒක වෙන්ඩ බෑ නෙව. හරි, එහෙනම් අර විද්‍යුත් චුම්බක තරංග ගැන මොකද කියන්නෙ? මුන් ඈත තරු වලට යවපුවා." "නෑ නෑ, මෙයාල එකිනෙකා අතර සන්නිවේදනය කරගන්න රේඩියො තරංග පාවිච්චි කරනව, ඒත් ඒ තරංග තමන්ම නිපදවන්නෙ නෑ. ඒකට වෙන යන්ත්‍ර තියෙනව." "ඒ යන්ත්‍ර කවුද හැදුවෙ? අන්න එයාල එක්කයි අපි කතා කල යුත්තේ, එහෙම නේද?" "මුන් මයි යන්ත්‍ර හදල තියෙන්නෙත්. ඒක තමා මන් මේ කියන්නෙ, මස් ගොඩවල් ටික යන්ත්‍ර හදල." "මොන විහිලුවක් ද. කොහොමද මස් යන්ත්‍ර නිර්මාණය කරන්නෙ? ඔයාට තේරෙනවද මේ සුරංගනා කතාව මට විශ්වාස කරන්න අමාරු බව." "කොච්චර අමාරු උනත් මන් කියන එක වෙනස් වෙන්නෙ නෑ. පේන විදිහට මේ කලාපෙටම සවිඥාණික සත්තු මුන්...ඒ මදිවට මුන් තනිකර මස්." "සමහරවිට මෙයාල තාවකාලික මාංශල අවධියක් ගත කරන කාබන් බේස්ඩ් ජීවීන් ජාතියක් වෙන්ඩ ඇති. ඔය ඕනතරම් එහෙම එවුන් ඉන්නෙ" "නෑ, මුන් ඉපදින්නෙත් මස් විදිහට, මැරෙන්නෙත් මස් විදිහට. මෙයාලගෙ සම්පූර්ණ ජීවන චක්‍රයම අපි නිරික්ෂණය කලා, ඒ හැටි ලොකු කාලයක් ඉන්නෙත් නෑ. මස් වල කල් පැවැත්ම ගැන තමුසෙට අමුතුවෙන් කියන්න ඕනෙද?" "නෝ තෑන්ක්ස්. එහෙනම් මුන් අර්ධ වශයෙන් මාංශ වෙන්න බැරිද. මස් ඔලුවක් ඇතුලෙ ප්ලාස්මා මොලයක්? ඒ ජාතියෙ උනුත් ඔය ඕන තරම් ඉන්නෙ" "ම්හු. අපි ඕකත් හිතුවා. ඒත් කලින් කිව්වා වගේ අපි මෙයාලව මුලුමනින්ම අධ්‍යනය කරල තියෙන්නෙ. මුන් තනිකර මස්." "මොලයක් නෑ එහෙනම්?" "ආ මොලේ නම් තියෙනව. ඒකත් මස් ගුලියක්." "එතකොට...මොකෙන්ද මුන් හිතන්නෙ?" "තමුසෙට තාම තේරෙන්නෑ වගේ. ඒ මොලෙන්ම තමා හිතන්නෙ. මස් මොලේ" "හිතන පතන මස්! ඔයා මේ කියන්නෙ හිතන පතන මස් ගැන මට විශ්වාස කරන්න කියලා!" "ඔව්, හිතන පතන මස්! සවිඥානික මස්! හීන දකින මස්. ආදරේ කරන මස්. මස් තමා සියල්ලම. තමුසෙට දැනවත් තේරෙනවද?" "දෙයියනේ ඔයා මෙච්චර වෙලා විහිලුවක් නෙමේ කරල තියෙන්නෙ. මුන් හැදිල තියෙන්නෙ මස් වලින්." "ඇති යන්තම්. ඔව්, මුන් හැදිල තියෙන්නෙ මස් වලින්. ඒ විතරක් නෙමී, දැන් අවුරුදු සියයක් තිස්සෙ මෙයාල අපි එක්ක සන්නිවේදනය කරන්න උත්සාහ කරන ගමන් ඉන්නෙ." "ඉතින් දැන් මොනවද මේ මස් වලට වෙන්ඩෝනෙ?" "පළවෙනියටම, එයාලට අපි එක්ක කතා කරන්න ඕනෙලු. ඊට පස්සෙ මන් හිතන්නෙ අපේ ලෝකය ගැන දැනගන්න, අපේ ජීවින් ආශ්‍රය කරන්න, තොරතුරු අදහස් බෙදාගන්න, එට්සෙට්රා එට්සෙට්රා." "ඔහ්, මෙයාලට කතා කරන්න පුලුවන් ඒ කියන්නෙ. වචන, සංකල්ප එහෙම පාවිච්චි කරනවද?" "අපොයි ඔව්, ඒවයෙ අඩුවක් නෑ. එකම වෙනස මස් වලින් තමා කතාව." "එහෙනම් රේඩියො පාවිච්චි කරනව කිව්වෙ?" "ඔව්, රේඩියො තරංගත් සන්නිවේදනය කරන්න යොදාගන්නව තමයි, ඒත් ඔය රේඩියො පණිවිඩ වල මොනව තියෙනව කියලද හිතන්නෙ? මස් සද්ද! තෙත මස් එකට අතුලද්දි එන සද්දෙ දන්නවනෙ, මුන් කතා කරන්නෙ මස් කෑලි එකට වද්දලා. මස් ටියුබ් එකකින් හුලන් පිඹල සින්දුත් කියනව." "දෙයියනේ, සින්දු කියන මස්. ඒක නම් ඕනෙවට වඩා වැඩියි. හරි, දැන් මොකක්ද ඊලඟ පියවර?" "නිල වශයෙන් වෙන්ඩ ඕනෙ දේ ද, මගෙ හිතේ තියෙන දේ ද?" "දෙකම." "පොතේ හැටියට අපි කළ යුත්තෙ අපිට හමුවෙන සියලුම ජීවින්, ජාතීන් සහ ශිෂ්ඨාචාර අගතීන් ගෙන් තොරව පිළිගනිමින් ඔවුන් ගැන නිල වශයෙන් වාර්තා කරන එක. ඒත් මන් නම් කියන්නෙ, මේ පණිවිඩ මකල දාල වෙනතක් බලාගමු කියල." "හොඳ වෙලාවට මන් හිතන් හිටපු දේ ඔයා කිව්වා." "ඒක ටිකක් කුරිරුයි තමා, ඒත් මේවටත් සීමාවක් තියෙන්නෙපැයි. මන් කියන්නෙ, මස් එක්ක ගනුදෙනු කරන්නෙ කොහොමදෝයි?!" "සියේට සීයක් එකඟයි. මොනව කියල කියන්නද? 'හෙලෝ මස්, කොහොමද සැප සනීප?'. ඒක නෙමේ, දැන් මෙයාල ග්‍රහලෝක කීයක ඉන්නවද?" "තාම එකයි. එයාලට විශේෂ කන්ටේනර් වලින් ග්‍රහලෝක අතර ගමන් කරන්න පුලුවන්, ඒත් ඒවයෙ වැඩිකල් ජීවත් වෙන්න අමාරුයි. අනික මස් පරුවත නිසා ආලෝකයෙ වේගයට වඩා වැඩියෙන් සැරිසරන්නත් බෑ. මේ නිසා මෙයාලට තව ශිෂ්ඨාචාරයක් හොයන් හිහින් මුන ගැහෙන්න ලොකු ඉඩක් නෑ. ලොකු නෙමේ කිසිම ඉඩක් නෑ හරියට බැලුවොත්." "ඒ කියන්නෙ අපි මුන්ගෙ පණිවිඩෙ නෑහුන වගේ ඉන්නව. ගෙදර කවුරුත් නෑ වගේ." "හ්ම්ම්." "පව් හැබැයි. ඒත් කිව්වත් වගේ, කාටද අප්පා මස් ගොඩවල් ආශ්‍රය කරන්න පුලුවන්. එතකොට අපි උස්සන් ආපු, ඔයා පරික්ෂා කලාය කිව්ව අය? එයාලට මතක තියෙවිද?" "අපි එයාලගෙ ඔලු ඇතුලෙ මස් වල වෙනසක් කලා මේ සියල්ල හීනයක් විදිහට දැනෙන්න. ඇරත් එයාල ඔය කතාව කිව්වට කවුද විශ්වාස කරන්නෙ." "මස් මත හීන, හරි අමුතුයි! අපි එයාලගෙ මස් වල හීන." "ඔයින් පස්සෙ අපිට පුලුවන් මේ කලාපයෙ වැදගත් කිසිවක් නෑ කියල සළකුණු කරන්න." "හොඳයි. එකඟයි. නිල වශයෙන් සහ නොනිල වශයෙන්- ඒ වැඩේ අහවරයි. හරි, වෙන මොනවද? මේ මන්දාකිණියෙ තව මොනවහෝ දෙයක් තියෙනවද?" "ඔව්, G445 කලාපෙ සුකුමාර හයිඩ්රජන් බුද්ධි විශේෂයක් ඉන්නව. දැනට මන්දාකිණි ආවර්ත දෙකකට කලිනුත් අපිට පණිවිඩ එව්වා. ආපහු කතා කරන්න ඕනෙ කියන්නෙ." "එයාල හැම වතාවෙම අපේ අවධානෙ ගන්න බලනව." "ඒකෙ පුදුමෙකුත් නෑ. හිතල බලන්න, මේ විශ්වයෙ තමන් පමණයි ඉන්නෙ කියල පෙනෙද්දි දැනෙන තනිකම, සාංකාව කොයිතරම් කුජීත හැඟීමක් වෙන්න ඇතිද." [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom