Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
This is Sparta
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[ATTACH=full]79285[/ATTACH]

[ATTACH=full]79286[/ATTACH]

ඔබ සිනමාලෝලියෙකු නම් මේ වන විට මේ වැකියට අදාල දර්ශනය චිත්ත රූපයක් ලෙස මැවී ඇති. ඔබ සිනමාලෝලියෙකු නොවේ නම්... මේ වැකිය ඇත්තේ 300 නම් හොලිවූඩ් සිනමා සිත්තමක ඇති එක්තරා ප්‍රභල දර්ශනයකයි.....

300 සිනමා සිත්තම පදනම් වී ඇත්තේ අතීතයේ සිදුවූ එක්තරා සත්‍ය සිදුවීමක් මත.

ක්‍රිස්තු පූර්ව පන්සිය ගණන්වල ලෝකයේ අතිශය ප්‍රභල අධිරාජ්යක් වූයේ පර්සියානු අධිරාජ්‍යයි (පර්සියාව යනු වත්මන් ඉරානයයි). තම අධිරාජ්‍ය යුරෝපය දෙසට ව්‍යාප්තකිරීමේ පියවරක් ලෙස ඔවුන් ක්‍රි.පූ 520 දී සුළු ආසියාවේත් ඊජියානු දූපත්වලත් තිබූ අයෝනියානු ග්‍රීක පෞර රාජ්‍ය යටත් කරගත්තා.

වසර විසිපහකට පසු පර්සියානු පාලනයෙන් හෙම්බත්වූ අයෝනියානුවෝ ඇතැන්සය ඇතුල් තවත් ග්‍රීක පෞර රාජ්‍යවල උදව් උපකාර සහිතව පර්සියානු අධිරාජ්‍යට විරුද්ධව කැරැල්ලක් ඇති කලත් ඉන්පරාජයට පත්වුනා. එවකට පර්සියානු අධිරාජ්‍යයා වූයේ එම අධිරාජ්යේ සිටි ප්‍රභලම රජකු ලෙස සැලකෙන ඩේරියස්. ඔහුගේ විශිෂ්ඨත්වය නිසාම ඔහු හඳුන්වන්නේ මහා ඩේරියස් යනුවෙන්. සිදුවිය යුතු ලෙසම තම යටත් විජිතයන් කැරැල්ලකට උසිගැන්වීම හේතුවෙන් ඩේරියස් රජු ග්‍රීක පෞර රාජ්‍ය සමඟ වෛර බැඳගත්තා. ඉන් නොනැවතී ක්‍රි.පූ 490 දී පමණ පර්සියානු නෟකා 600ක මහා හමුදාවක් ග්‍රීක පෞර රාජ්‍ය ආක්‍රමණය කලා.

හමුදා උපක්‍රමයක් ලෙස මේ මහා හමුදාවෙන් කොටසක් ඇතැන්සයට නුදුරු මැරතන් නම් ස්ථානයට ගොඩ බැස්වූ ඉතිරි නෟකා ඇතැන්සයට පහර දීම සඳහා ගියා. උපක්‍රමශීලී ග්‍රීකයෝ බලාපොරොත්තු රහිත කඩාවැදීමක් මඟින් මැරතන්හි සිටි පර්සියානු හමුදාව පරාජයට පත්කලා. මෙම පණිවිඩය ඇතැන්සය වෙතට ගෙනගිය පණිවිඩ කරු පිඩිපයිඩස් නමැති ධාවන ශූරයෙක්.

කිලෝමීටර් 40ක පමණ දුරක් ගෙවා ඇතැ්සයට පැමිණි පිඩිපයිඩ්ස්ට පැවසීමට හැකිවූයේ “අපි දිනුවා.. ප්‍රීතිවන්න“ යන වැකිය පමණයි. ගමන් වෙහෙස නිසාවෙන් ඔහු ක්ෂණිකව මියගියා.

දැන් මෙය කියවන ඇතැම් කෙනෙක්ට , ධාවන ශූරයෙකු කිලෝමීටර් 40ක පමණ දුරක් ගෙවා මියයෑම කුතුහලයට කාරනයක් විය හැකියි. නමුත් පිඩිපයිඩස්ට දිව යෑමට සිදුවූයේ කිලෝමීටර් 40ක් පමණ නොවේ. ඔහු එයට පෙර දෙදින පුරාවටම ඇතැන්සයත් ස්පාර්ටාවත් අතර කිලෝමීටර් 240ක් දුරක් දිව ගොස් තිබුනා. ඒ ස්පාටා ග්‍රීක පෞර රාජ්‍යෙයන් ඇතැන්සය සඳහා යුධ ආධාර ඉල්ලීමට.

තව හමුදාවේ විශාල කොටසක් බලාපොරොත්තු විරහිත ලෙස විනාශවීම නිසා පර්සියානු හමුදාවට ආපසු යාම හැර විකල්පයක් තිබුනේ නැහැ.මෙසේ ඩේරියස් රජුගේ නාමට කැලලක් ඇතිකරමින් අසාර්ථක ග්‍රීක ආක්‍රමණය නිම වුනා....

මහා ඩේරියස්ගෙන් පසු බලයට පැමිණියේ සර්ශස්.. ඔහුගෙ පුත්‍රයා.සිය පියාට සිදුවූ අපකීර්තිය මකාදැමීම සඳහා අතිවිශාල හමුදාවක් රැගෙන ඔහු ග්‍රීක භූමියට කඩාවදිනවා.

ග්‍රීක පෞර රාජ්‍ය 20ම ඇතැන්සයේ නාවික නායකත්වයත් ස්පාර්ටාවේ හමුදා නායකත්වයත් යටතේ පොදු සතුරාට විර්ද්ධව එකතු වුනත් අති විශාල පර්සියානු හමුදාව පරාජය කිරීම අපහසු ව ඔවුන් තේරුම්ගත්තා.

යුද උපක්‍රමක් ලෙස ඔවුන් සලාමීස් දූපත්වලට පැනයාමට තිර්ණය කලත් එතෙක් පර්සියානු හමුදාව ප්‍රමාද කිරීම ගැටලුවක් උනා. මෙයට විසඳුම ලබාදුන්නෙ එවකට ස්පාටාවේ රජු. ලිඔනයිඩස්.. වර්තමානයේ හැඳන්වෙන ආකාරයට සුවිසයිඩ් මිෂන් එකක් සඳහා ඔහු සෙබලු 300ක් සමඟ පිටත්ව ගියා.

ඇතැන්සයට පර්සියානු හමුදාව එන මාර්ගයේ පිහිටි තර්මොපයිලායි නමින් හැඳින්වෙන උණු දිය උල්පත් අතර පිහිටි කපොල්ලො ඔහු රකිනවා. මේ පටු කපොල්ල හරහා එක්වර ඇතුල්විය හැක්කෙ එක සේනාංකයට පමනක් වීමත් ... වෙහෙසට පත් එම සේනාංකයට මුහුණ දීමට සිදුවන්නේ කුඩා කාලයේ පටන් මනාව යුධ පුහුණුව ලැබූ ස්පාටා සෙබලුන්ට වීම නිසාත් ලිඔනයිඩස් හට මහා පර්සියානු හමුදාව දින 3ක් ප්‍රමාද කිරීමට හැකිවෙනවා.

අවසානයේ සියලුම ග්‍රීකයෝ සලාමීස් දූපත්වලට පලායනවා. දින තුනක සටනකින් පසු ලිඔනයිඩස් සහ 300ක සෙබලු පර්සියානු හමුදාව අතින් සමූලඝාතනයට ලක්වෙනවා.

ජනශූන ඇතෑන්සය ගිණිබත් කරන සර්ෂස්ගේ පර්සියානු හමුදාව සලාමීස් දූපත්වලට පහර දීම සඳහා ඔවුන්ගෙ නෟකා ගෙන්වාගන්නවා. එය මෙම සටනේ හැරවුම් ලක්ෂය වේවි කියා ඔවුන් නොසිතන්නට ඇති්. පර්සියානු නෞකා අතිවිශාල අතර වේගයෙන් හැරවීම් ආදිය අපහසු වුනා. ඇතෑන්සයත් සලාමීස් දූපත් අතර පිහිටි සමුද්‍ර සන්ධිය වැලිපරවලින් ගහණ වීම නිසා ඇතැම් නෞකා වැලිපර වල එරුනා. ග්‍රීකයන් බලාපොරොත්තු වූයේ මෙයයි. ඔවුන් සතු කුඩා නමුත් වේගවත් ප්‍රහාරක නෞකා සමඟ ඔවුන් ඇතිවිශාල පර්සියානු හමුදාව පරාජය කලා. පර්සියානු නෞකා මුහුදේ ගිලිී ගියා....

ජයග්‍රණය කිරීම කල නොහැකි බව තේරුම්ගන්නා සර්ශස් ගේ හමුදාව තමන් යටත් කල ග්‍රීක ප්‍රෙද්ශවල තම හමුදා නවතා නැවත පර්සියාවබලා පිටත් වෙනවා.

ටික කලක විරාමයක් ගන්නා ග්‍රීකයින් නැවත සේනා සංවිධානය කොට පර්සියානු හමුදා පරාජය කොට ග්‍රීක ප්‍රෙද්ශ මුලු මනින්ම මුදාගන්නවා.

අපි කාල රාමු සංසන්දනයක් කලොත් මේ සිදුවීම් වන්නෙ ් ශ්‍රී ලංකාවේ පඬුවස්දෙව් රජුගේ පාලන සමයේයි...

[QUOTE="a2mdb, post: 25404991, member: 488489"] [ATTACH type="full" alt="330px-Battle_of_Thermopylae_and_movements_to_Salamis,_480_BC.gif"]79285[/ATTACH] [ATTACH type="full" alt="thermopylae.jpg"]79286[/ATTACH] ඔබ සිනමාලෝලියෙකු නම් මේ වන විට මේ වැකියට අදාල දර්ශනය චිත්ත රූපයක් ලෙස මැවී ඇති. ඔබ සිනමාලෝලියෙකු නොවේ නම්... මේ වැකිය ඇත්තේ 300 නම් හොලිවූඩ් සිනමා සිත්තමක ඇති එක්තරා ප්‍රභල දර්ශනයකයි..... 300 සිනමා සිත්තම පදනම් වී ඇත්තේ අතීතයේ සිදුවූ එක්තරා සත්‍ය සිදුවීමක් මත. ක්‍රිස්තු පූර්ව පන්සිය ගණන්වල ලෝකයේ අතිශය ප්‍රභල අධිරාජ්යක් වූයේ පර්සියානු අධිරාජ්‍යයි (පර්සියාව යනු වත්මන් ඉරානයයි). තම අධිරාජ්‍ය යුරෝපය දෙසට ව්‍යාප්තකිරීමේ පියවරක් ලෙස ඔවුන් ක්‍රි.පූ 520 දී සුළු ආසියාවේත් ඊජියානු දූපත්වලත් තිබූ අයෝනියානු ග්‍රීක පෞර රාජ්‍ය යටත් කරගත්තා. වසර විසිපහකට පසු පර්සියානු පාලනයෙන් හෙම්බත්වූ අයෝනියානුවෝ ඇතැන්සය ඇතුල් තවත් ග්‍රීක පෞර රාජ්‍යවල උදව් උපකාර සහිතව පර්සියානු අධිරාජ්‍යට විරුද්ධව කැරැල්ලක් ඇති කලත් ඉන්පරාජයට පත්වුනා. එවකට පර්සියානු අධිරාජ්‍යයා වූයේ එම අධිරාජ්යේ සිටි ප්‍රභලම රජකු ලෙස සැලකෙන ඩේරියස්. ඔහුගේ විශිෂ්ඨත්වය නිසාම ඔහු හඳුන්වන්නේ මහා ඩේරියස් යනුවෙන්. සිදුවිය යුතු ලෙසම තම යටත් විජිතයන් කැරැල්ලකට උසිගැන්වීම හේතුවෙන් ඩේරියස් රජු ග්‍රීක පෞර රාජ්‍ය සමඟ වෛර බැඳගත්තා. ඉන් නොනැවතී ක්‍රි.පූ 490 දී පමණ පර්සියානු නෟකා 600ක මහා හමුදාවක් ග්‍රීක පෞර රාජ්‍ය ආක්‍රමණය කලා. හමුදා උපක්‍රමයක් ලෙස මේ මහා හමුදාවෙන් කොටසක් ඇතැන්සයට නුදුරු මැරතන් නම් ස්ථානයට ගොඩ බැස්වූ ඉතිරි නෟකා ඇතැන්සයට පහර දීම සඳහා ගියා. උපක්‍රමශීලී ග්‍රීකයෝ බලාපොරොත්තු රහිත කඩාවැදීමක් මඟින් මැරතන්හි සිටි පර්සියානු හමුදාව පරාජයට පත්කලා. මෙම පණිවිඩය ඇතැන්සය වෙතට ගෙනගිය පණිවිඩ කරු පිඩිපයිඩස් නමැති ධාවන ශූරයෙක්. කිලෝමීටර් 40ක පමණ දුරක් ගෙවා ඇතැ්සයට පැමිණි පිඩිපයිඩ්ස්ට පැවසීමට හැකිවූයේ “අපි දිනුවා.. ප්‍රීතිවන්න“ යන වැකිය පමණයි. ගමන් වෙහෙස නිසාවෙන් ඔහු ක්ෂණිකව මියගියා. දැන් මෙය කියවන ඇතැම් කෙනෙක්ට , ධාවන ශූරයෙකු කිලෝමීටර් 40ක පමණ දුරක් ගෙවා මියයෑම කුතුහලයට කාරනයක් විය හැකියි. නමුත් පිඩිපයිඩස්ට දිව යෑමට සිදුවූයේ කිලෝමීටර් 40ක් පමණ නොවේ. ඔහු එයට පෙර දෙදින පුරාවටම ඇතැන්සයත් ස්පාර්ටාවත් අතර කිලෝමීටර් 240ක් දුරක් දිව ගොස් තිබුනා. ඒ ස්පාටා ග්‍රීක පෞර රාජ්‍යෙයන් ඇතැන්සය සඳහා යුධ ආධාර ඉල්ලීමට. තව හමුදාවේ විශාල කොටසක් බලාපොරොත්තු විරහිත ලෙස විනාශවීම නිසා පර්සියානු හමුදාවට ආපසු යාම හැර විකල්පයක් තිබුනේ නැහැ.මෙසේ ඩේරියස් රජුගේ නාමට කැලලක් ඇතිකරමින් අසාර්ථක ග්‍රීක ආක්‍රමණය නිම වුනා.... මහා ඩේරියස්ගෙන් පසු බලයට පැමිණියේ සර්ශස්.. ඔහුගෙ පුත්‍රයා.සිය පියාට සිදුවූ අපකීර්තිය මකාදැමීම සඳහා අතිවිශාල හමුදාවක් රැගෙන ඔහු ග්‍රීක භූමියට කඩාවදිනවා. ග්‍රීක පෞර රාජ්‍ය 20ම ඇතැන්සයේ නාවික නායකත්වයත් ස්පාර්ටාවේ හමුදා නායකත්වයත් යටතේ පොදු සතුරාට විර්ද්ධව එකතු වුනත් අති විශාල පර්සියානු හමුදාව පරාජය කිරීම අපහසු ව ඔවුන් තේරුම්ගත්තා. යුද උපක්‍රමක් ලෙස ඔවුන් සලාමීස් දූපත්වලට පැනයාමට තිර්ණය කලත් එතෙක් පර්සියානු හමුදාව ප්‍රමාද කිරීම ගැටලුවක් උනා. මෙයට විසඳුම ලබාදුන්නෙ එවකට ස්පාටාවේ රජු. ලිඔනයිඩස්.. වර්තමානයේ හැඳන්වෙන ආකාරයට සුවිසයිඩ් මිෂන් එකක් සඳහා ඔහු සෙබලු 300ක් සමඟ පිටත්ව ගියා. ඇතැන්සයට පර්සියානු හමුදාව එන මාර්ගයේ පිහිටි තර්මොපයිලායි නමින් හැඳින්වෙන උණු දිය උල්පත් අතර පිහිටි කපොල්ලො ඔහු රකිනවා. මේ පටු කපොල්ල හරහා එක්වර ඇතුල්විය හැක්කෙ එක සේනාංකයට පමනක් වීමත් ... වෙහෙසට පත් එම සේනාංකයට මුහුණ දීමට සිදුවන්නේ කුඩා කාලයේ පටන් මනාව යුධ පුහුණුව ලැබූ ස්පාටා සෙබලුන්ට වීම නිසාත් ලිඔනයිඩස් හට මහා පර්සියානු හමුදාව දින 3ක් ප්‍රමාද කිරීමට හැකිවෙනවා. අවසානයේ සියලුම ග්‍රීකයෝ සලාමීස් දූපත්වලට පලායනවා. දින තුනක සටනකින් පසු ලිඔනයිඩස් සහ 300ක සෙබලු පර්සියානු හමුදාව අතින් සමූලඝාතනයට ලක්වෙනවා. ජනශූන ඇතෑන්සය ගිණිබත් කරන සර්ෂස්ගේ පර්සියානු හමුදාව සලාමීස් දූපත්වලට පහර දීම සඳහා ඔවුන්ගෙ නෟකා ගෙන්වාගන්නවා. එය මෙම සටනේ හැරවුම් ලක්ෂය වේවි කියා ඔවුන් නොසිතන්නට ඇති්. පර්සියානු නෞකා අතිවිශාල අතර වේගයෙන් හැරවීම් ආදිය අපහසු වුනා. ඇතෑන්සයත් සලාමීස් දූපත් අතර පිහිටි සමුද්‍ර සන්ධිය වැලිපරවලින් ගහණ වීම නිසා ඇතැම් නෞකා වැලිපර වල එරුනා. ග්‍රීකයන් බලාපොරොත්තු වූයේ මෙයයි. ඔවුන් සතු කුඩා නමුත් වේගවත් ප්‍රහාරක නෞකා සමඟ ඔවුන් ඇතිවිශාල පර්සියානු හමුදාව පරාජය කලා. පර්සියානු නෞකා මුහුදේ ගිලිී ගියා.... ජයග්‍රණය කිරීම කල නොහැකි බව තේරුම්ගන්නා සර්ශස් ගේ හමුදාව තමන් යටත් කල ග්‍රීක ප්‍රෙද්ශවල තම හමුදා නවතා නැවත පර්සියාවබලා පිටත් වෙනවා. ටික කලක විරාමයක් ගන්නා ග්‍රීකයින් නැවත සේනා සංවිධානය කොට පර්සියානු හමුදා පරාජය කොට ග්‍රීක ප්‍රෙද්ශ මුලු මනින්ම මුදාගන්නවා. අපි කාල රාමු සංසන්දනයක් කලොත් මේ සිදුවීම් වන්නෙ ් ශ්‍රී ලංකාවේ පඬුවස්දෙව් රජුගේ පාලන සමයේයි... [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom