Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Today at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Times ~ බෞද්ධ භික්ෂුවක් ත්‍රස්තවාදියෙක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Times ~ බෞද්ධ භික්ෂුවක් ත්‍රස්තවාදියෙක්

බෞද්ධ ත්රස්තවාදයේ මුහුණුවර

උක්ත ශීර්ෂ පාඨයෙන් පළවූ ටයිම්ස් සඟරාවේ (Times Magazine) ලිපියක්මේ සතියේ නිකුත් වූ කලාපයෙහි ඇතුලත් විය. සඟරාවේ කවරය සැරසුනේ බුරුමයේ අන්තවාදී භික්ෂුවක් වන අශින් විරාතුගේ ඡායාරූපයෙන් සහ “බෞද්ධ ත්රස්තවාදයේ මුහුණුවර” යන වදනින්ය. ටයිම්ස් සඟරාවේ ලිපියෙන් සාකච්චා වුයේ බුරුමයේ මුස්ලිම්-විරෝධී ප්රචණ්ඩ රැල්ලත්, එම රැල්ලට ප්‍රධාන හේතුවක් වන අශින් විරාතු භික්ෂුවත් ය.

බුරුමය හෙවත් මියන්මාරයේ මිලියන හැටකට අධික ජනගහනයෙන් 89%ක බහුතරය බෞද්ධයන් වන අතර මුසල්මානුවන් සමස්ත ජනගහනයෙන් 4%ක් වන්නේය. නොසැලකිය හැකි ඡන්ද කොට්ඨාශයක් වන සුළු ජාතිකයන් ගැන පාලකයන්ගේද අවධානයක් පෙනෙන්නට නැත. මෙම ලිපිය පිළිබඳව මියන්මාර ජනාධිපති අප්‍රසාදය පල කර ඇති අතර, එරට රජය සමගිය සමාදානය කෙරෙහි කැපවී කටයුතු කරන බවත් විරාතු භික්ෂුව උත්තරීතර පුද්ගලයෙක් බවත් බුද්ධ පුත්‍රයෙක් බවත් ප්‍රකාශ කර ඇත. එසේම මේ වන තුරු ටයිම්ස් සගරාව මියන්මාරයේ තහනම් කර ඇති බව වාර්තා වේ.

බුරුම රජය සාමයට කැපවී ඇති බව ප්‍රකාශ කලද, එම ප්‍රකාශයේ ගැටළුවක් ඇත. එනම් විරාතු සාදු ප්‍රසිද්ධියේම අන්තවාදය වපුරනවා වීමයි. ඔහුගේ අන්තවාදී ප්රකාශනයක් ග්ලෝබල් පොස්ට් පුවත් පත මෙසේ වාර්තා කරයි:

“මුස්ලිම් ජනතාව අප්‍රකානු කාප් මසුන් මෙන් වෙති. ඔවුන් ඉක්මනින් බෝ වන අතර ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරෙති. තම වර්ගයාම භක්ෂණය කරති. ඔවුන් සුළුතරයක් වන නමුත් අප හට බරක් වී ඇත.” තවද විරාතු සාදු විසින් මුස්ලිම් ව්‍යාපාර වර්ජනය කරන ලෙස පැවසීම වැනි ප්‍රකාශ නිසා විරාතු සාදු ඇතුළු පිරිස ජර්මන් නට්සි කණ්ඩායම සමග සැසඳීමට ලක්වේ. නට්සි ජර්මනියේ යුදෙව්වන් මීයන්ට සම කරමින්, ඔවුන් මනුෂ්‍යය පරිහානියට හේතුවක් වන බව පවසමින්, යුදෙව්වන් පෙලීමක් සිදුවිය.

මුස්ලිම් විරෝධය ඇති කිරීම සඳහා විරාතු විසින් අභූත චෝදනා මගින් භීතිය සහ ද්වේශය භාවිත කරන අයුරු මෙම වීඩියෝවෙන්දැක ගත හැක. මෙහිදී ඔහු විසින් මතුකරන විවිධ අභූත අදහස් අතර ප්රමුඛ ලෙස ප්‍රකාශ කරන්නේ බුරුමයේ ගමක් ගමක් පාසා මුසල්මානුවන් ලිංගික අපරාධ සිදු කරන බවය. එවැනි සිදුවීම් සම්බන්ධයෙන් පොලිස් වාර්තාවක් තබා ප්රවෘත්ති වාර්තාවක්ද නැත. බුරුමයේ 4%ක් වන මුසල්මානුවන් හට එසේ කල හැකි වන්නේ කෙසේද යන පැනයට පිළිතුරු ද නැත. අන්තවාදීන් හට පිළිතුරු අවශ්‍ය වන්නේද නැත. මෑතකදී බොදු බල සංවිධානයේ චීවරයක් ඔතා ගත් කෙනෙකු විසින් කල ප්‍රකාශයක් මෙහිදී සිහියට නැගෙන්නේය. ඔහු පවසා සිටියේ මුසල්මානුවන් අන්‍යාගමිකයන්ට ආහාර පාන දෙන විට ඒවාට කෙල ගසා දෙන බවයි. ඕනෑම බොරුවක් මුඛයෙන් හෝ අධෝ මුඛයෙන් හෝ පිට කරමින් ද්වේශය වැපිරීම අන්තවාදීන්ගේ අරමුණ බව පෙනේ.

විරාතුගේ මුස්ලිම් භීතිකාව හමුවේ 969 නම් බෞද්ධ කණ්ඩායමක් ආරම්භ වී ඇත. කණ්ඩායමේ නම සඳහා මෙම අංකය යොදා ගෙන තිබෙන්නේ මුස්ලිම් ජාතිකයන් භාවිතා කරන 786 යන අංකයට පිළිතුරක් ලෙසය. මුසල්මානුවන් විසින් 786 යන අංකය යොදා ගෙන ඇත්තේ “පරම දයාබර සහ කරුණාවන්ත අල්ලාහ් දේවින්ගේ නාමයෙන්” යන වාක්‍ය නිරූපණය කිරීමටය. එය යම් කිසි අංක විද්‍යාවක් භාවිත කරගෙන ලබාගත්තකි. “දෙවි පිහිටයි” වැනි ස්ටිකර් විවිධ හේතූන් මත අලවා ගන්නා සේ, 786 යන අංකය මුසල්මානුවන් විසින් භාවිත කරති. බුරුමයේ බෞද්ධ අන්තවාදීන් මෙම අංකය මගින් නිරූපණය වන්නේ 7+8+6=21, එනම් 21 වැනි සියවසේ මුසල්මානුවන් ලොව ආක්‍රමණය කරන බව තීරණය කර ඊට පිළිතුරක් ලෙස 969 යන කණ්ඩායම නිර්මාණය කර ගෙන ඇත. 969 යන්නෙන් නිරූපණය වන්නේ ත්‍රිවිධ රත්නය වන බව පැවසේ. 969 කණ්ඩායම මේ වන විට බුද්ධාගම ආරක්ෂා කිරීම මුවාවෙන් අන්තවාදී කටයුතු කරන කණ්ඩායමක් ලෙස හැඳින්වේ.

බුරුමයේ ඇතිවී තිබෙන තත්වයත්, ලංකාවේ ජාත්‍යාලය මුවාවෙන් ඇතිවී තිබෙන අන්තවාදී කණ්ඩායම් වල තත්වයත් අතර බොහෝ සමානතා පෙනෙන්නට ඇත. දෙරටේම බෞද්ධ අන්තවාදීන් මුස්ලිම්-විරෝධී අදහස් ඇති කරන්නේ සාමාන්යට ජනතාව අතර ඇති අනවබෝදය සහ දුර්මත ප්‍රයෝජනයට ගනිමින් බව පෙනේ. මෙම අන්තවාදී කණ්ඩායම් වලට තරමක් හෝ විරෝධයක් ලංකාවේ බෞද්ධයන් අතරින් මතුවී ඇත්තේ, විවිධ ජනවර්ග හරි හරියට සිටින කොළඹින් වීම අහඹුවක් නොවේ.

[QUOTE="එලකිරි auditor, post: 15202012, member: 421829"] [b]Times ~ බෞද්ධ භික්ෂුවක් ත්‍රස්තවාදියෙක්[/b] [SIZE=3] [IMG]https://m.ak.fbcdn.net/sphotos-c.ak/hphotos-ak-ash3/1012125_482743498472496_46495192_n.jpg[/IMG] බෞද්ධ ත්රස්තවාදයේ මුහුණුවර උක්ත ශීර්ෂ පාඨයෙන් පළවූ ටයිම්ස් සඟරාවේ (Times Magazine) ලිපියක්මේ සතියේ නිකුත් වූ කලාපයෙහි ඇතුලත් විය. සඟරාවේ කවරය සැරසුනේ බුරුමයේ අන්තවාදී භික්ෂුවක් වන අශින් විරාතුගේ ඡායාරූපයෙන් සහ “බෞද්ධ ත්රස්තවාදයේ මුහුණුවර” යන වදනින්ය. ටයිම්ස් සඟරාවේ ලිපියෙන් සාකච්චා වුයේ බුරුමයේ මුස්ලිම්-විරෝධී ප්රචණ්ඩ රැල්ලත්, එම රැල්ලට ප්‍රධාන හේතුවක් වන අශින් විරාතු භික්ෂුවත් ය. බුරුමය හෙවත් මියන්මාරයේ මිලියන හැටකට අධික ජනගහනයෙන් 89%ක බහුතරය බෞද්ධයන් වන අතර මුසල්මානුවන් සමස්ත ජනගහනයෙන් 4%ක් වන්නේය. නොසැලකිය හැකි ඡන්ද කොට්ඨාශයක් වන සුළු ජාතිකයන් ගැන පාලකයන්ගේද අවධානයක් පෙනෙන්නට නැත. මෙම ලිපිය පිළිබඳව මියන්මාර ජනාධිපති අප්‍රසාදය පල කර ඇති අතර, එරට රජය සමගිය සමාදානය කෙරෙහි කැපවී කටයුතු කරන බවත් විරාතු භික්ෂුව උත්තරීතර පුද්ගලයෙක් බවත් බුද්ධ පුත්‍රයෙක් බවත් ප්‍රකාශ කර ඇත. එසේම මේ වන තුරු ටයිම්ස් සගරාව මියන්මාරයේ තහනම් කර ඇති බව වාර්තා වේ. බුරුම රජය සාමයට කැපවී ඇති බව ප්‍රකාශ කලද, එම ප්‍රකාශයේ ගැටළුවක් ඇත. එනම් විරාතු සාදු ප්‍රසිද්ධියේම අන්තවාදය වපුරනවා වීමයි. ඔහුගේ අන්තවාදී ප්රකාශනයක් ග්ලෝබල් පොස්ට් පුවත් පත මෙසේ වාර්තා කරයි: “මුස්ලිම් ජනතාව අප්‍රකානු කාප් මසුන් මෙන් වෙති. ඔවුන් ඉක්මනින් බෝ වන අතර ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරෙති. තම වර්ගයාම භක්ෂණය කරති. ඔවුන් සුළුතරයක් වන නමුත් අප හට බරක් වී ඇත.” තවද විරාතු සාදු විසින් මුස්ලිම් ව්‍යාපාර වර්ජනය කරන ලෙස පැවසීම වැනි ප්‍රකාශ නිසා විරාතු සාදු ඇතුළු පිරිස ජර්මන් නට්සි කණ්ඩායම සමග සැසඳීමට ලක්වේ. නට්සි ජර්මනියේ යුදෙව්වන් මීයන්ට සම කරමින්, ඔවුන් මනුෂ්‍යය පරිහානියට හේතුවක් වන බව පවසමින්, යුදෙව්වන් පෙලීමක් සිදුවිය. මුස්ලිම් විරෝධය ඇති කිරීම සඳහා විරාතු විසින් අභූත චෝදනා මගින් භීතිය සහ ද්වේශය භාවිත කරන අයුරු මෙම වීඩියෝවෙන්දැක ගත හැක. මෙහිදී ඔහු විසින් මතුකරන විවිධ අභූත අදහස් අතර ප්රමුඛ ලෙස ප්‍රකාශ කරන්නේ බුරුමයේ ගමක් ගමක් පාසා මුසල්මානුවන් ලිංගික අපරාධ සිදු කරන බවය. එවැනි සිදුවීම් සම්බන්ධයෙන් පොලිස් වාර්තාවක් තබා ප්රවෘත්ති වාර්තාවක්ද නැත. බුරුමයේ 4%ක් වන මුසල්මානුවන් හට එසේ කල හැකි වන්නේ කෙසේද යන පැනයට පිළිතුරු ද නැත. අන්තවාදීන් හට පිළිතුරු අවශ්‍ය වන්නේද නැත. මෑතකදී බොදු බල සංවිධානයේ චීවරයක් ඔතා ගත් කෙනෙකු විසින් කල ප්‍රකාශයක් මෙහිදී සිහියට නැගෙන්නේය. ඔහු පවසා සිටියේ මුසල්මානුවන් අන්‍යාගමිකයන්ට ආහාර පාන දෙන විට ඒවාට කෙල ගසා දෙන බවයි. ඕනෑම බොරුවක් මුඛයෙන් හෝ අධෝ මුඛයෙන් හෝ පිට කරමින් ද්වේශය වැපිරීම අන්තවාදීන්ගේ අරමුණ බව පෙනේ. විරාතුගේ මුස්ලිම් භීතිකාව හමුවේ 969 නම් බෞද්ධ කණ්ඩායමක් ආරම්භ වී ඇත. කණ්ඩායමේ නම සඳහා මෙම අංකය යොදා ගෙන තිබෙන්නේ මුස්ලිම් ජාතිකයන් භාවිතා කරන 786 යන අංකයට පිළිතුරක් ලෙසය. මුසල්මානුවන් විසින් 786 යන අංකය යොදා ගෙන ඇත්තේ “පරම දයාබර සහ කරුණාවන්ත අල්ලාහ් දේවින්ගේ නාමයෙන්” යන වාක්‍ය නිරූපණය කිරීමටය. එය යම් කිසි අංක විද්‍යාවක් භාවිත කරගෙන ලබාගත්තකි. “දෙවි පිහිටයි” වැනි ස්ටිකර් විවිධ හේතූන් මත අලවා ගන්නා සේ, 786 යන අංකය මුසල්මානුවන් විසින් භාවිත කරති. බුරුමයේ බෞද්ධ අන්තවාදීන් මෙම අංකය මගින් නිරූපණය වන්නේ 7+8+6=21, එනම් 21 වැනි සියවසේ මුසල්මානුවන් ලොව ආක්‍රමණය කරන බව තීරණය කර ඊට පිළිතුරක් ලෙස 969 යන කණ්ඩායම නිර්මාණය කර ගෙන ඇත. 969 යන්නෙන් නිරූපණය වන්නේ ත්‍රිවිධ රත්නය වන බව පැවසේ. 969 කණ්ඩායම මේ වන විට බුද්ධාගම ආරක්ෂා කිරීම මුවාවෙන් අන්තවාදී කටයුතු කරන කණ්ඩායමක් ලෙස හැඳින්වේ. බුරුමයේ ඇතිවී තිබෙන තත්වයත්, ලංකාවේ ජාත්‍යාලය මුවාවෙන් ඇතිවී තිබෙන අන්තවාදී කණ්ඩායම් වල තත්වයත් අතර බොහෝ සමානතා පෙනෙන්නට ඇත. දෙරටේම බෞද්ධ අන්තවාදීන් මුස්ලිම්-විරෝධී අදහස් ඇති කරන්නේ සාමාන්යට ජනතාව අතර ඇති අනවබෝදය සහ දුර්මත ප්‍රයෝජනයට ගනිමින් බව පෙනේ. මෙම අන්තවාදී කණ්ඩායම් වලට තරමක් හෝ විරෝධයක් ලංකාවේ බෞද්ධයන් අතරින් මතුවී ඇත්තේ, විවිධ ජනවර්ග හරි හරියට සිටින කොළඹින් වීම අහඹුවක් නොවේ.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom