Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
TIN එක ගන්න ඕනේ අවුරුදු 18 ට වැඩි සියලුම අයද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අවුරුදු 18 ට වැඩි සියලු දෙනා දේශීය ආදායම් පනතේ 102 වගන්තිය යටතේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි විය යුතු බව මුදල් අමාත්‍යවරයා 2023 මැයි 31 වැනිදා නිකුත් කළ ගැසට් නිවේනයේ සඳහන් වෙයි. ඒ නියෝගය 2024 ජනවාරි 01වැනිදා සිට ක්‍රියාත්මක විය යුතු බව ද ඒ ගැසට් නිවේදනයේ සඳහන් වෙයි. මුදල් අමාත්‍යවරයා ඒ නියෝගය කරන්නේ 2017 අංක 24 දරන දේශීය ආදායම් පනතේ 102 වගන්තිය යටතේ බවද ඒ ගැසට් නිවේදනයේ සඳහන් වෙයි.

ඒ ගැසට් නිවේදනයට අනුව වයස අවුරුදු 18 ට වැඩි සියලු දෙනා 2024 ජනවාරි 01 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි විය යුතුමය. බදු ගෙවන්නා හඳුනා ගැනීමේ අංකයක් (TIN) ද අනිවාර්යයෙන්ම ලබාගත යුතුය. එසේ ලියාපදිංචි නොවන පුද්ගලයන් බලහත්කාරයෙන් ලියාපදිංචි කරන බවත් ඔවුන්ට රුපියල් 50,000 නොඉක්මවන දඩයක් නියම කරන බවත් දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් කියයි.

බදු ගෙවන්නා හඳුනා ගැනීමේ අංකය සම්බන්ධයෙන් රජය වෙනත් තීරණ දෙකක් ගෙන තිබේ. ඒ තීරණ කරළියට පැමිණියේ 2024 අය වැය යෝජනා මගිනි. ඒ තීරණ දෙකෙන් එකක් වන්නේ ඉඩම් හෝ වාහන අනෙකුන්ට පැවරීමේ දී බදු ගෙවන්නා හඳුනා ගැනීමේ අංකය ඉදිරිපත් කිරීම අනිවාර්යය කිරීමය. එසේම බැංකුවක ජංගම ගිණුමක් ආරම්භ කිරීමේ දී ද බදු ගෙවන්නා හඳුනා ගැනීමේ අංකය ඉදිරිපත් කිරීම අනිවාර්යය කර තිබේ. ඒ තීරණය 2024 පෙබරවාරි 01 වැනිදා සිට ක්‍රියාත්මක කරන බව ආණ්ඩුව දැන් කියයි.

2024 අය වැයෙන් කරළියට ගෙනා අනෙක් තීරණය වන්නේ අවුරුදු 18 ට වැඩි සියලුම නේවාසිකයන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචිවීම සහ බදු ගෙවන්නා හඳුනා ගැනීමේ අංකයක් ලබා ගැනීම අනිවාර්යය කර තිබීමයි. ආණ්ඩුව කියන හැටියට රටේ නේවාසිකයන් සියලු දෙනා එසේ කළ යුත්තේ තමන්ට වයස අවුරුදු 18 පිරීම නිසාය. නැතිව ආදායම් ඉපයීම හෝ සේවා ලබා ගැනීම යනාදි වෙනත් හේතුවක් හෝ හේතු නිසා නොවෙයි. මේ තීරණය ගෙන තිබෙන්නේ දේශීය ආදායම් පනතේ 102 (3) වගන්තිය යටතේ බව 2023 මැයි 31 වැනිදා මුදල් අමාත්‍යවරයා නිකුත් කළ 2334/21දරන ගැසට් නිවේදනයේ සඳහන් වෙයි. ඒ ගැන සඳහන් වන්නේ ඒ ගැසට් පත්‍රයේ ‘‘ආ” කොටසේ ය. ඒ ගැසට්ටුවේ ‘‘අ” කොටසේ සඳහන් පරිදි ‘‘යම් ආයතනයක සේවාවක් ලබා ගැනීමේ දී” බදු ගෙවන්නා හඳුනා ගැනීමේ අංකය ඉදිරිපත් කළ යුතු බවට තිබෙන නියමය සමඟ මම එකඟ වෙමි. එහෙත් වයස අවුරුදු 18 පිරීම නිසාම දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි විය යුතුය සහ බදු ගෙවන්නා හඳුනා ගැනීමේ අංකයක් ලබාගත යුතුය යන නියමයට අභියෝග කිරීමට මම කැමැත්තෙමි.

රටේ දැනට පවතින නීතිය අනුව වයස අවුරුදු 18 ට වැඩි සියලු දෙනා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී බදු ගෙවන්නා හඳුනා ගැනීමේ අංකයක් ලබාගත යුතුය කියා නියම කිරීමට හෝ නියෝග දීමට දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්ට හෝ මුදල් ඇමැතිට දේශීය ආදායම් පනතේ 102 වගන්තියෙන් කිසිදු නීතිමය බලයක් නොපැවරෙයි.

දේශීය ආදායම් පනතේ 102 (1) වගන්තියෙහි සඳහන් වන්නේ ‘‘තක්සේරු වර්ෂය සඳහා ආදායම් වාර්තාවක් සැපයීමේ වගකීමක් පැවරෙන සෑම තැනැත්තකුම දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා ළඟ ලියාපදිංචි විය යුතු” බවය. ඒ වගන්තියේ ඉතා පැහැදිලිව සඳහන් වන පරිදි දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචිවීම අනිවාර්යය කර තිබෙන්නේ ‘‘ආදායම් වාර්තාවක් සැපයීමට බැඳී සිටින” පුද්ගලයන්ය. ආදායම් වාර්තාවක් සැපයිය යුත්තේ කවුරුන්දැයි දේශීය ආදායම් පනතේ 126 (1) වගන්තියෙහි සඳහන් වෙයි. ඒ වගන්තියට අනුව බදු වාර්තාවක් සැපයිය යුත්තේ ‘‘ආදායම් බදු අය කිරීමට යටත් වන සියලු පුද්ගලයන්” ය. ආදායම් බදු ගෙවිය යුත්තේ අවුරුද්දකට රුපියල් ලක්ෂ 12 කට වැඩි ශුද්ධ ආදායමක් ලබන පුද්ගලයන් මිස අවුරුදු 18 පිරුණු සියලු දෙනා නොවෙයි.

දේශීය ආදායම් පනතේ 102 (1) වගන්තියෙහි සඳහන් වන්නේ ‘‘තක්සේරු වර්ෂය සඳහා ආදායම් වාර්තාවක් සැපයීමේ වගකීමක් පැවරෙන සෑම තැනැත්තකුම දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා ළඟ ලියාපදිංචි විය යුතු” බවය. එහෙයින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචිවීම අනිවාර්යය වන්නේ ‘‘ආදායම් වාර්තාවක් සැපයීමට බැඳී සිටින පුද්ගලයන්” බව ඉතා පැහැදිලිය.

ආදායම් බදු අය කරනු ලබන සියලු පුද්ගලයන් බදු වාර්තාවක් ඉදිරිපත් කළ යුතු බව දේශීය ආදායම් පනතේ 126 (1) වගන්තියෙහි සඳහන් වෙයි. ඒ අනුව බදු වාර්තාවක් සැපයිය යුත්තෝ අවුරුද්දකට රුපියල් ලක්ෂ 12 කට වැඩි ආදායමක් ලබන පුද්ගලයෝය. දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී බදු ගෙවන්නා හඳුනා ගැනීමේ අංකයක් ලබාගත යුත්තේ බදු ගෙවීමේ වගකීමක් සහිත පුද්ගලයන් බව පනතේ 102 වගන්තියෙන් අනාවරණය වෙයි. එහෙයින් පුද්ගලයන්ගේ ආදායම මත නොව ඔවුන්ගේ වයස මත බදු ගෙවීම සඳහා ලියාපදිංචි විය යුතුය කීම බලහත්කාරය පෑමකි. එසේ බලහත්කාරය පෑමේ බලයක් රටේ නීතියෙන් අමාත්‍යවරයාට පවරා නැත.

එහෙයින් නීතියෙන් පවරා නැති බලයක් ක්‍රියාත්මක කිරීම නීති විරෝධී ය. අමාත්‍යවරයා 2023 මැයි 31 වැනිදා නිකුත් කළ ගැසට් නිවේදනයේ ‘‘අ” සහ ‘‘ආ” ලෙස කොටස් දෙකකි. අ කොටසේ සඳහන් වන්නේ යම් ආදායමක් ලබන පුද්ගලයන් සහ වෘත්තිකයන් ගැන කියමින් ඔවුන් දේශීය ආදායම් කොමසාරිස් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී බදු ගෙවන්නා හඳුනා ගැනීමේ අංකයක් ලබාගත යුතු බවය. එසේ කීම අභියෝගයට ලක් කළ නොහැකිය. එසේම නීත්‍යනුකූලය. එහෙත් ඒ ගැසට් නිවේනයේ ‘‘ආ” කොටසේ සඳහන් වන්නේ වයස අවුරුදු 18 පිරුණු සියලු දෙනා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචිවී බදු ගෙවන්නා හඳුනා ගැනීමේ අංකයක් ලබාගත යුතු බවය. එසේ නියම කිරීමේ බලයක් අමාත්‍යවරයාට රටේ නීතියෙන් පැවරී නැත. එහෙයින් රටේ නීතියෙන් පැවරී නැති බලයක් ආරූඩ කර ගැනීම අනීතිකය. නීති විරෝධීය.

අමාත්‍යවරයා නිකුත් කළ ගැසට් නිවේදනය අනුව යමින් දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා ප්‍රසිද්ධියට පත්කර තිබෙන නිවේදනයක සඳහන් වන්නේ වයස අවුරුදු 18 ට වැඩි සියලු පුද්ගලයන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී බදු ගෙවන්නා හඳුනා ගැනීමේ අංකයක් ලබාගත යුතු බවය. ස්වේච්ඡාවෙන් එසේ නොකරන පුද්ගලයන් බලහත්කාරයෙන් ලියාපදිංචි කරවන බවය. එසේම ලියාපදිංචි නොවන සහ බදු ගෙවන්නා හඳුනා ගැනීමේ අංකයක් ලබා නොගන්නා පුද්ගලයන්ට රුපියල් 50,000 කට නොවැඩි දඩයක් පමුණුවන බවය. දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්ගේ ඒ නිවේදනය අනුව වයස අවුරුදු 18 ට වැඩි සියලු පුද්ගලයන් එනම් සමෘද්ධි සහ අස්වැසුම සහනාධාර ලබන්නන් සහ පින් පඩි ලබන්නන් සේම යාචකයන් ද දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි විය යුතුය. බදු ගෙවන්නා හඳුනා ගැනීමේ අංකයක් ලබාගත යුතුය. එසේ නොවුණොත් බලහත්කාරයෙන් ඔවුහු ලියාපදිංචි කරවනු ලබති. රුපියල් 50,000කට නොවැඩි අගයකින් දඩ ද ගසති. කොමසාරිස් ජනරාල්ගේ ඒ ස්ථාවරය අනුව දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි නොවී බදු ගෙවන්නා හඳුනා ගැනීමේ අංකයක් ලබානොගන්නා පින් පඩි ලබන වකුගඩු රෝගීන් ඇතුළු ඒ අසරණයන් සේම යාචකයන් ද රුපියල් 50,000 කට නොවැඩි දඩයකට ගොදුරු වීමේ අවදානමක් පවතියි.

එහෙත් කොමසාරිස් ජනරාල්වරයා සහ මුදල් අමාත්‍යවරයා මේ ක්‍රියාත්මක කිරීමට සැරසෙන්නේ රටේ නීතියෙන් තමන්ට පැවරී නැති ආරූඩ කරගත් බලයකි. එහෙයින් ඔවුන්ගේ ඒ ක්‍රියාව නීතිය ඉදිරියේ අභියෝගයට ලක් වීමේ ඉඩකඩ ඉතා ඉහළය.

දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයාගේ මතය අනුව අවුරුද්දකට රුපියල් ලක්ෂ 12 කට වැඩි ශුද්ධ ආදායමක් ලබන ඕනෑම පුද්ගලයකු දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කරගැනීම සහ ඔහුට බදු ගෙවන්නා හඳුනා ගැනීමේ අංකයක් පිරිනැමීම නීත්‍යනුකූලය. එහෙත් ආදායම නොසලකා වයස පමණක් සලකා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි විය යුතුය, බදු ගෙවන්නා හඳුනා ගැනීමේ අංකයක් ලබාගත යුතුය, එසේ නොකළහොත් බලහත්කාරයෙන් ලියාපදිංචි කරවන්නේය, රුපියල් 50,000 කට නොවැඩි දඩයක් ගසන්නේය කීමේ බලයක් දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්ට රටේ නීතියෙන් පැවරී නැත. එහෙයින් එය නැති බලයක් ආරූඪ කර ගැනීමකි. එසේ කළහොත් දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයාට එරෙහිව අධිකරණයට යාමේ අයිතියක් සහ හැකියාවක් පුරවැසියන්ට ලැබෙයි.

දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයාට හැකියාව තිබෙන්නේ පුද්ගලයන්ගේ ආදායම් මට්ටම අනුව ඒ පුද්ගලයන් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කරගෙන ඔවුන්ගෙන් බදු අය කරගැනීමේ බලයයි. වයස අනුව රටේ ජනතාව ලියාපදිංචි කරගැනීමේ බලය පැවරී තිබෙන්නේ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ කොමසාරිස්ට මිස දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්ට නොවෙයි.

ලොව දියුණු රටවල ජනතාවට උපත ලබද්දීම අංකයක් ලැබෙයි. එය පින් (PIN) අංකය හෙවත් Personal Identification Number නමින් හඳුන්වයි. පාසලකට ඇතුළත් වෙද්දී, රෝහලකින් බෙහෙත් ගනිද්දී, රියැදුරු බලපත්‍ර හා විදේශ ගමන් බලපත්‍ර ලබා ගනිද්දී, බැංකු ගිණුමක් ආරම්භ කරද්දී, ඉඩමක් හෝ නිවසක් මිලදී ගනිද්දී යනාදී ජීවිතයේ සෑම කටයුත්තකදීම ඔවුනට ඒ පින් අංකය අවශ්‍ය වෙයි. උපතේ සිට මරණය දක්වාම ඔවුන් ඒ පින් අංකය භාවිත කළ යුතුය. ඒ අංකය දෙන්නේ රජයෙනි.

එහෙත් ලංකාවේ ආණ්ඩුව දෙන්නට යන්නේ පින් අංකයක් නොව ටින් අංකයකි. එය බදු ගෙවන්නා හඳුනා ගැනීමේ අංකය හෙවත් Taxpayer Identification Number නමින් හැඳින්වෙයි. රටේ ජනතාවට ආණ්ඩුව ටින් අංකය දෙන්නට යන්නේ වැරැදි ක්රමයකටය. වයස අවුරුදු 18 පිරුණු පුද්ගලයන් කව්ද? ඔවුන් පදිංචිව සිටින්නේ කොහේද?, ඔවුන් කරන රැකියා මොනවාද? යනාදි සියලු තොරතුරු මැතිවරණ කොමිසම සතුව පවතියි. මැතිවරණ කොමිසම සතු ඒ තොරතුරු අවුරුද්දක් පාසා යාවත්කාලීන වෙයි. එහෙයින් අවුරුදු 18 පිරුණු සියලු පුද්ගලයන්ගේ තොරතුරු මැතිවරණ කොමිසමෙන් ලබාගත හැකිය. දේශීය ආදායම් බදු පනතට එක් කළ සංශෝධනයකට අනුව දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් ඒ තොරතුරු ඉල්ලා සිටින අවස්ථාවක ඒ තොරතුරු ලබාදීමට මැතිවරණ කොමිසම නීතියෙන් බැඳී සිටියි.

මුදල් අමාත්‍යවරයා කියන ආකාරයට අවුරුදු 18 ට වැඩි සියලු දෙනාට ටින් අංකයක් ගන්න කියන්නේ ඒ සියලු දෙනාගෙන් බදු අය කරගැනීමට නොවෙයි. වයස අවුරුදු 18 ට වැඩි පුද්ගලයන්ගේ තොරතුරු පද්ධතියක් නඩත්තු කිරීමටය. වයස අවුරුදු 18 ට වැඩි පුද්ගලයන්ගේ තොරතුරු පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව සතුව ද පවතියි. එහෙත් ඒ දෙපාර්තමේන්තුව සතු තොරතුරු යාවත්කාලීන නොවෙයි. අවුරුදු පතා යාවත්කාලීන වන තොරතුරු තිබෙන මැතිවරණ කොමිසමෙන් තොරතුරු රැගෙන වයස අවුරුදු 18 ට වැඩි පුද්ගලයන්ගේ තොරතුරු පද්ධතියක් ඉතා පහසුවෙන් නඩත්තු කිරීමේ හැකියාවක් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ද තිබේ. ආණ්ඩුවට අවශ්‍ය දෙය පහසුවෙන් ඉටු කරගැනීමට අවශ්‍ය තොරතුරු ආණ්ඩුව සතුවම තිබිය දී අනවශ්‍ය ලෙස රටේ ජනතාව බියගැන්වීම අදහාගත නොහැකි අමනෝඥ ක්‍රියාවකි.

වයස අවුරුදු 18 ට වැඩි සියලු දෙනා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී බදු ගෙවන්නා හඳුනා ගැනීමේ අංකයක් ලබාගත යුතු බවට නියෝග කරමින් මුදල් අමාත්‍යවරයා 2023 මැයි 31 වැනිදා නිකුත් කළ ගැසට් නිවේදනය අදටත් වලංගු ය. එය අවලංගු කරගත හැක්කේ අධිකරණ ක්‍රියා මාර්ගයකිනි.

-ලංකාදීප-

[QUOTE="ranatheman, post: 29507639, member: 262342"] [B]අවුරුදු 18 ට වැඩි සියලු දෙනා දේශීය ආදායම් පනතේ 102 වගන්තිය යටතේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි විය යුතු බව මුදල් අමාත්‍යවරයා 2023 මැයි 31 වැනිදා නිකුත් කළ ගැසට් නිවේනයේ සඳහන් වෙයි. ඒ නියෝගය 2024 ජනවාරි 01වැනිදා සිට ක්‍රියාත්මක විය යුතු බව ද ඒ ගැසට් නිවේදනයේ සඳහන් වෙයි. මුදල් අමාත්‍යවරයා ඒ නියෝගය කරන්නේ 2017 අංක 24 දරන දේශීය ආදායම් පනතේ 102 වගන්තිය යටතේ බවද ඒ ගැසට් නිවේදනයේ සඳහන් වෙයි.[/B] ඒ ගැසට් නිවේදනයට අනුව වයස අවුරුදු 18 ට වැඩි සියලු දෙනා 2024 ජනවාරි 01 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි විය යුතුමය. බදු ගෙවන්නා හඳුනා ගැනීමේ අංකයක් (TIN) ද අනිවාර්යයෙන්ම ලබාගත යුතුය. එසේ ලියාපදිංචි නොවන පුද්ගලයන් බලහත්කාරයෙන් ලියාපදිංචි කරන බවත් ඔවුන්ට රුපියල් 50,000 නොඉක්මවන දඩයක් නියම කරන බවත් දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් කියයි. බදු ගෙවන්නා හඳුනා ගැනීමේ අංකය සම්බන්ධයෙන් රජය වෙනත් තීරණ දෙකක් ගෙන තිබේ. ඒ තීරණ කරළියට පැමිණියේ 2024 අය වැය යෝජනා මගිනි. ඒ තීරණ දෙකෙන් එකක් වන්නේ ඉඩම් හෝ වාහන අනෙකුන්ට පැවරීමේ දී බදු ගෙවන්නා හඳුනා ගැනීමේ අංකය ඉදිරිපත් කිරීම අනිවාර්යය කිරීමය. එසේම බැංකුවක ජංගම ගිණුමක් ආරම්භ කිරීමේ දී ද බදු ගෙවන්නා හඳුනා ගැනීමේ අංකය ඉදිරිපත් කිරීම අනිවාර්යය කර තිබේ. ඒ තීරණය 2024 පෙබරවාරි 01 වැනිදා සිට ක්‍රියාත්මක කරන බව ආණ්ඩුව දැන් කියයි. 2024 අය වැයෙන් කරළියට ගෙනා අනෙක් තීරණය වන්නේ අවුරුදු 18 ට වැඩි සියලුම නේවාසිකයන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචිවීම සහ බදු ගෙවන්නා හඳුනා ගැනීමේ අංකයක් ලබා ගැනීම අනිවාර්යය කර තිබීමයි. ආණ්ඩුව කියන හැටියට රටේ නේවාසිකයන් සියලු දෙනා එසේ කළ යුත්තේ තමන්ට වයස අවුරුදු 18 පිරීම නිසාය. නැතිව ආදායම් ඉපයීම හෝ සේවා ලබා ගැනීම යනාදි වෙනත් හේතුවක් හෝ හේතු නිසා නොවෙයි. මේ තීරණය ගෙන තිබෙන්නේ දේශීය ආදායම් පනතේ 102 (3) වගන්තිය යටතේ බව 2023 මැයි 31 වැනිදා මුදල් අමාත්‍යවරයා නිකුත් කළ 2334/21දරන ගැසට් නිවේදනයේ සඳහන් වෙයි. ඒ ගැන සඳහන් වන්නේ ඒ ගැසට් පත්‍රයේ ‘‘ආ” කොටසේ ය. ඒ ගැසට්ටුවේ ‘‘අ” කොටසේ සඳහන් පරිදි ‘‘යම් ආයතනයක සේවාවක් ලබා ගැනීමේ දී” බදු ගෙවන්නා හඳුනා ගැනීමේ අංකය ඉදිරිපත් කළ යුතු බවට තිබෙන නියමය සමඟ මම එකඟ වෙමි. එහෙත් වයස අවුරුදු 18 පිරීම නිසාම දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි විය යුතුය සහ බදු ගෙවන්නා හඳුනා ගැනීමේ අංකයක් ලබාගත යුතුය යන නියමයට අභියෝග කිරීමට මම කැමැත්තෙමි. රටේ දැනට පවතින නීතිය අනුව වයස අවුරුදු 18 ට වැඩි සියලු දෙනා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී බදු ගෙවන්නා හඳුනා ගැනීමේ අංකයක් ලබාගත යුතුය කියා නියම කිරීමට හෝ නියෝග දීමට දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්ට හෝ මුදල් ඇමැතිට දේශීය ආදායම් පනතේ 102 වගන්තියෙන් කිසිදු නීතිමය බලයක් නොපැවරෙයි. දේශීය ආදායම් පනතේ 102 (1) වගන්තියෙහි සඳහන් වන්නේ ‘‘තක්සේරු වර්ෂය සඳහා ආදායම් වාර්තාවක් සැපයීමේ වගකීමක් පැවරෙන සෑම තැනැත්තකුම දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා ළඟ ලියාපදිංචි විය යුතු” බවය. ඒ වගන්තියේ ඉතා පැහැදිලිව සඳහන් වන පරිදි දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචිවීම අනිවාර්යය කර තිබෙන්නේ ‘‘ආදායම් වාර්තාවක් සැපයීමට බැඳී සිටින” පුද්ගලයන්ය. ආදායම් වාර්තාවක් සැපයිය යුත්තේ කවුරුන්දැයි දේශීය ආදායම් පනතේ 126 (1) වගන්තියෙහි සඳහන් වෙයි. ඒ වගන්තියට අනුව බදු වාර්තාවක් සැපයිය යුත්තේ ‘‘ආදායම් බදු අය කිරීමට යටත් වන සියලු පුද්ගලයන්” ය. ආදායම් බදු ගෙවිය යුත්තේ අවුරුද්දකට රුපියල් ලක්ෂ 12 කට වැඩි ශුද්ධ ආදායමක් ලබන පුද්ගලයන් මිස අවුරුදු 18 පිරුණු සියලු දෙනා නොවෙයි. දේශීය ආදායම් පනතේ 102 (1) වගන්තියෙහි සඳහන් වන්නේ ‘‘තක්සේරු වර්ෂය සඳහා ආදායම් වාර්තාවක් සැපයීමේ වගකීමක් පැවරෙන සෑම තැනැත්තකුම දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා ළඟ ලියාපදිංචි විය යුතු” බවය. එහෙයින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචිවීම අනිවාර්යය වන්නේ ‘‘ආදායම් වාර්තාවක් සැපයීමට බැඳී සිටින පුද්ගලයන්” බව ඉතා පැහැදිලිය. ආදායම් බදු අය කරනු ලබන සියලු පුද්ගලයන් බදු වාර්තාවක් ඉදිරිපත් කළ යුතු බව දේශීය ආදායම් පනතේ 126 (1) වගන්තියෙහි සඳහන් වෙයි. ඒ අනුව බදු වාර්තාවක් සැපයිය යුත්තෝ අවුරුද්දකට රුපියල් ලක්ෂ 12 කට වැඩි ආදායමක් ලබන පුද්ගලයෝය. දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී බදු ගෙවන්නා හඳුනා ගැනීමේ අංකයක් ලබාගත යුත්තේ බදු ගෙවීමේ වගකීමක් සහිත පුද්ගලයන් බව පනතේ 102 වගන්තියෙන් අනාවරණය වෙයි. එහෙයින් පුද්ගලයන්ගේ ආදායම මත නොව ඔවුන්ගේ වයස මත බදු ගෙවීම සඳහා ලියාපදිංචි විය යුතුය කීම බලහත්කාරය පෑමකි. එසේ බලහත්කාරය පෑමේ බලයක් රටේ නීතියෙන් අමාත්‍යවරයාට පවරා නැත. එහෙයින් නීතියෙන් පවරා නැති බලයක් ක්‍රියාත්මක කිරීම නීති විරෝධී ය. අමාත්‍යවරයා 2023 මැයි 31 වැනිදා නිකුත් කළ ගැසට් නිවේදනයේ ‘‘අ” සහ ‘‘ආ” ලෙස කොටස් දෙකකි. අ කොටසේ සඳහන් වන්නේ යම් ආදායමක් ලබන පුද්ගලයන් සහ වෘත්තිකයන් ගැන කියමින් ඔවුන් දේශීය ආදායම් කොමසාරිස් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී බදු ගෙවන්නා හඳුනා ගැනීමේ අංකයක් ලබාගත යුතු බවය. එසේ කීම අභියෝගයට ලක් කළ නොහැකිය. එසේම නීත්‍යනුකූලය. එහෙත් ඒ ගැසට් නිවේනයේ ‘‘ආ” කොටසේ සඳහන් වන්නේ වයස අවුරුදු 18 පිරුණු සියලු දෙනා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචිවී බදු ගෙවන්නා හඳුනා ගැනීමේ අංකයක් ලබාගත යුතු බවය. එසේ නියම කිරීමේ බලයක් අමාත්‍යවරයාට රටේ නීතියෙන් පැවරී නැත. එහෙයින් රටේ නීතියෙන් පැවරී නැති බලයක් ආරූඩ කර ගැනීම අනීතිකය. නීති විරෝධීය. අමාත්‍යවරයා නිකුත් කළ ගැසට් නිවේදනය අනුව යමින් දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා ප්‍රසිද්ධියට පත්කර තිබෙන නිවේදනයක සඳහන් වන්නේ වයස අවුරුදු 18 ට වැඩි සියලු පුද්ගලයන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී බදු ගෙවන්නා හඳුනා ගැනීමේ අංකයක් ලබාගත යුතු බවය. ස්වේච්ඡාවෙන් එසේ නොකරන පුද්ගලයන් බලහත්කාරයෙන් ලියාපදිංචි කරවන බවය. එසේම ලියාපදිංචි නොවන සහ බදු ගෙවන්නා හඳුනා ගැනීමේ අංකයක් ලබා නොගන්නා පුද්ගලයන්ට රුපියල් 50,000 කට නොවැඩි දඩයක් පමුණුවන බවය. දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්ගේ ඒ නිවේදනය අනුව වයස අවුරුදු 18 ට වැඩි සියලු පුද්ගලයන් එනම් සමෘද්ධි සහ අස්වැසුම සහනාධාර ලබන්නන් සහ පින් පඩි ලබන්නන් සේම යාචකයන් ද දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි විය යුතුය. බදු ගෙවන්නා හඳුනා ගැනීමේ අංකයක් ලබාගත යුතුය. එසේ නොවුණොත් බලහත්කාරයෙන් ඔවුහු ලියාපදිංචි කරවනු ලබති. රුපියල් 50,000කට නොවැඩි අගයකින් දඩ ද ගසති. කොමසාරිස් ජනරාල්ගේ ඒ ස්ථාවරය අනුව දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි නොවී බදු ගෙවන්නා හඳුනා ගැනීමේ අංකයක් ලබානොගන්නා පින් පඩි ලබන වකුගඩු රෝගීන් ඇතුළු ඒ අසරණයන් සේම යාචකයන් ද රුපියල් 50,000 කට නොවැඩි දඩයකට ගොදුරු වීමේ අවදානමක් පවතියි. එහෙත් කොමසාරිස් ජනරාල්වරයා සහ මුදල් අමාත්‍යවරයා මේ ක්‍රියාත්මක කිරීමට සැරසෙන්නේ රටේ නීතියෙන් තමන්ට පැවරී නැති ආරූඩ කරගත් බලයකි. එහෙයින් ඔවුන්ගේ ඒ ක්‍රියාව නීතිය ඉදිරියේ අභියෝගයට ලක් වීමේ ඉඩකඩ ඉතා ඉහළය. දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයාගේ මතය අනුව අවුරුද්දකට රුපියල් ලක්ෂ 12 කට වැඩි ශුද්ධ ආදායමක් ලබන ඕනෑම පුද්ගලයකු දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කරගැනීම සහ ඔහුට බදු ගෙවන්නා හඳුනා ගැනීමේ අංකයක් පිරිනැමීම නීත්‍යනුකූලය. එහෙත් ආදායම නොසලකා වයස පමණක් සලකා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි විය යුතුය, බදු ගෙවන්නා හඳුනා ගැනීමේ අංකයක් ලබාගත යුතුය, එසේ නොකළහොත් බලහත්කාරයෙන් ලියාපදිංචි කරවන්නේය, රුපියල් 50,000 කට නොවැඩි දඩයක් ගසන්නේය කීමේ බලයක් දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්ට රටේ නීතියෙන් පැවරී නැත. එහෙයින් එය නැති බලයක් ආරූඪ කර ගැනීමකි. එසේ කළහොත් දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයාට එරෙහිව අධිකරණයට යාමේ අයිතියක් සහ හැකියාවක් පුරවැසියන්ට ලැබෙයි. දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයාට හැකියාව තිබෙන්නේ පුද්ගලයන්ගේ ආදායම් මට්ටම අනුව ඒ පුද්ගලයන් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කරගෙන ඔවුන්ගෙන් බදු අය කරගැනීමේ බලයයි. වයස අනුව රටේ ජනතාව ලියාපදිංචි කරගැනීමේ බලය පැවරී තිබෙන්නේ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ කොමසාරිස්ට මිස දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්ට නොවෙයි. ලොව දියුණු රටවල ජනතාවට උපත ලබද්දීම අංකයක් ලැබෙයි. එය පින් (PIN) අංකය හෙවත් Personal Identification Number නමින් හඳුන්වයි. පාසලකට ඇතුළත් වෙද්දී, රෝහලකින් බෙහෙත් ගනිද්දී, රියැදුරු බලපත්‍ර හා විදේශ ගමන් බලපත්‍ර ලබා ගනිද්දී, බැංකු ගිණුමක් ආරම්භ කරද්දී, ඉඩමක් හෝ නිවසක් මිලදී ගනිද්දී යනාදී ජීවිතයේ සෑම කටයුත්තකදීම ඔවුනට ඒ පින් අංකය අවශ්‍ය වෙයි. උපතේ සිට මරණය දක්වාම ඔවුන් ඒ පින් අංකය භාවිත කළ යුතුය. ඒ අංකය දෙන්නේ රජයෙනි. එහෙත් ලංකාවේ ආණ්ඩුව දෙන්නට යන්නේ පින් අංකයක් නොව ටින් අංකයකි. එය බදු ගෙවන්නා හඳුනා ගැනීමේ අංකය හෙවත් Taxpayer Identification Number නමින් හැඳින්වෙයි. රටේ ජනතාවට ආණ්ඩුව ටින් අංකය දෙන්නට යන්නේ වැරැදි ක්රමයකටය. වයස අවුරුදු 18 පිරුණු පුද්ගලයන් කව්ද? ඔවුන් පදිංචිව සිටින්නේ කොහේද?, ඔවුන් කරන රැකියා මොනවාද? යනාදි සියලු තොරතුරු මැතිවරණ කොමිසම සතුව පවතියි. මැතිවරණ කොමිසම සතු ඒ තොරතුරු අවුරුද්දක් පාසා යාවත්කාලීන වෙයි. එහෙයින් අවුරුදු 18 පිරුණු සියලු පුද්ගලයන්ගේ තොරතුරු මැතිවරණ කොමිසමෙන් ලබාගත හැකිය. දේශීය ආදායම් බදු පනතට එක් කළ සංශෝධනයකට අනුව දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් ඒ තොරතුරු ඉල්ලා සිටින අවස්ථාවක ඒ තොරතුරු ලබාදීමට මැතිවරණ කොමිසම නීතියෙන් බැඳී සිටියි. මුදල් අමාත්‍යවරයා කියන ආකාරයට අවුරුදු 18 ට වැඩි සියලු දෙනාට ටින් අංකයක් ගන්න කියන්නේ ඒ සියලු දෙනාගෙන් බදු අය කරගැනීමට නොවෙයි. වයස අවුරුදු 18 ට වැඩි පුද්ගලයන්ගේ තොරතුරු පද්ධතියක් නඩත්තු කිරීමටය. වයස අවුරුදු 18 ට වැඩි පුද්ගලයන්ගේ තොරතුරු පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව සතුව ද පවතියි. එහෙත් ඒ දෙපාර්තමේන්තුව සතු තොරතුරු යාවත්කාලීන නොවෙයි. අවුරුදු පතා යාවත්කාලීන වන තොරතුරු තිබෙන මැතිවරණ කොමිසමෙන් තොරතුරු රැගෙන වයස අවුරුදු 18 ට වැඩි පුද්ගලයන්ගේ තොරතුරු පද්ධතියක් ඉතා පහසුවෙන් නඩත්තු කිරීමේ හැකියාවක් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ද තිබේ. ආණ්ඩුවට අවශ්‍ය දෙය පහසුවෙන් ඉටු කරගැනීමට අවශ්‍ය තොරතුරු ආණ්ඩුව සතුවම තිබිය දී අනවශ්‍ය ලෙස රටේ ජනතාව බියගැන්වීම අදහාගත නොහැකි අමනෝඥ ක්‍රියාවකි. වයස අවුරුදු 18 ට වැඩි සියලු දෙනා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී බදු ගෙවන්නා හඳුනා ගැනීමේ අංකයක් ලබාගත යුතු බවට නියෝග කරමින් මුදල් අමාත්‍යවරයා 2023 මැයි 31 වැනිදා නිකුත් කළ ගැසට් නිවේදනය අදටත් වලංගු ය. එය අවලංගු කරගත හැක්කේ අධිකරණ ක්‍රියා මාර්ගයකිනි. -ලංකාදීප- [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom