Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Thursday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Thursday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Wednesday at 5:34 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Touch Screen
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මොකක්ද මේ Capacitive Touch Screen කියන්නෙ?

ඔයාලා ෆෝන් එකක් ගන්න කලින් මොකක් ද කරන්නෙ? ඉන්ටර්නෙට් එක පීර පීර ෆෝන් එකේ ෆීචර්ස් හොයනව නැත්නම් දන්න කෙනෙක් ගෙන් විස්තර අහනව. ෆෝන් එකක් ගන්න ගියත්, ටැබ් එකක් ගන්න ගියත් අපි විශේෂ අවධානයක් දෙනවා screen එකට. අපිට ෆෝන් එකේ / ටැබ් එකේ දේවල් පේන්න විතරක් නෙවෙයි, සියළු ආදාන, එහෙම නැත්නම් input දෙන්නත් අපිට තියෙන්නෙ මේ screen එක. එහෙම නේද? සාමාන්‍යයෙන් ස්මාට් ෆෝන් වල, ටැබ් වල තියෙන්නෙ touch screen එකක්. ඒ කිව්වේ අපේ ඇඟිල්ලෙන් හසුරුවන්න පුළුවන් තිරයක් තමා තියෙන්නෙ. ෆෝන් වල / ටැබ් වල ෆීචර්ස් බලද්දි අපි දකිනවා Capasitive Touch Screen කියලා. Touch කියන්නෙ නම් ස්පර්ශ සංවේදී කියන අදහස. එතකොට මොකක් ද මේ capacitive කියන්නෙ? අන්න ඒ ගැන ඉගෙනගන්න ආස අය කියවන්න මේක.

Capacitive Sensing

sensing කියන්නෙ සංවේදනය කියන එක. එහෙමත් නැත්නම් සංවේදීතාව, දැනීම කියන එක. එතකොට මොකක් ද මේ Capacitive Sensing කියන්නෙ? හොඳයි අපි මේක සරලව ඉගෙනගනිමු. මොකද මේක ටිකක් බැරෑරුම් විෂය පථයක්.

Capacitive Sensing වලට මූලික වුණු තාක්ෂණය තමා capacitive coupling තාක්ෂණය. ඉලෙක්ට්‍රොනික විද්‍යාවෙ දී coupling කියන්නේ වයර් එකකින් හරි ෆයිබර් තන්තුවක් වගේ මාධ්‍යයකින් තවත් මාධ්‍යයකට ඉබේම වෙන හරි, කෙනෙක් උවමනාවෙන් ම කරන හරි ශක්ති හුවමාරුවීමකට කියන නම.

එතකොට මේ capacitive coupling කියන්නෙ, විද්‍යුත් ජාලයක (සර්කිට් එකක් කියල ගන්නකො) පරිපථ අග්‍ර දෙකක ධාරණතාවය (capacitance - මේක මම පැහැදිලි කරන්නම්) උපයෝගී කර සිදුකරන ශක්තිය හුවමාරු කිරීමකට, transfer කිරීමකට.

එතකොට මොකක්ද මේ capacitance (ධාරණාතාවය) කියන්නෙ?

ධාරණාතාවය කියන්නේ ළමයි, මොකක් හරි වස්තුවකට... (වස්තුව කියද්දි කෑල්ල මතක් වෙනව නම් අමතක කරලා මේකට කන් දීපම් ඈ) තියෙන විද්‍යුත් ආරෝපණ ගබඩා කිරීමේ හැකියාව විද්‍යුත් ආරෝපණ ගබඩා කරන්න පුළුවන් නම්, අපි කියනවා ඒ වස්තුවට ධාරණතාවක්, එහෙමත් නැත්නම් capacitance එකක් තියෙනවා කියලා... හරිද?

එතකොට මෙන්න මේ capacitance එක උපයෝගී කරගෙන කරන ශක්තිය හුවමාරුවකට තමා අපි කියන්නේ, capasitive coupling කියලා.

දැන් අපි දන්නව capasitive sensing වලට එහෙමත් නැත්නම් capacitive screen හදන්න මුල් වුණ තාක්ෂණයට හේතු වුණ මූලික තාක්ෂණය.

අපි ෆෝන් එක ටච් කරද්දි අපේ screen එකට දැනෙන්නෙ අපේ ඇඟිල්ලේ තියෙන විද්‍යුත් අරෝපණ වෙනස. අන්න ඒකයි යාන්තම් පොඩ්ඩක් ඇල්ලුවත් screen එකට දැනෙන්නෙ. අපේ ඇගිල්ල සහ screen එක යන දෙකම capasistance එක තියෙනවා. මොකද මිනිස් ශරීරයේ අරෝපණ ගබඩා වෙලා තියෙනවා ඒ වගේම screen එකත් ආරෝපිතයි. ඉතින් මේ ආරෝපණ ආකර්ෂණ විකරණ නිසා තමයි screen එකට touch sensing හැකියාව ලැබිලා තියෙන්නෙ.

ඇත්තටම ෆෝන් එකට තියෙන්නෙ touch sense එක නෙවෙයි නෙ? අර capasitive sense එක ඒ කියන්නෙ ආරෝපිත වස්තුවක් ගෑවුණාම දැනෙන සංවේදනය.

අපි ඇඟිල්ල screen එක උඩ තියද්දි වෙන්නේ අපේ අරෝපිත ඇඟිල්ල සහ අරෝපිත screen එක අතර capacitive coupling වීමක් තමා ඒ සමඟම screen එකට දැනෙනව ආරෝපිත යමක් ගැටුණු බව. එතකොට ඒක touch වීමක් කියලා ලබාගන්නව. දැන් අලුතින් නිපදවන touch screen බොහොම සංකීර්ණ තාක්ෂණයක් සහිත ඉතාමත් සංවේදී ඒවා. බොහෝවිට ස්පර්ශ 10ක් විතර වෙන් වෙන් වශයෙන් හඳුනාගැනීමේ හැකියාව මේ screen වලට තියෙනවා. multi touch කියලා අපි ලොකුවටම කියන්නෙ අන්න ඒකට තමා.

[QUOTE="teen_wolf, post: 18975975, member: 528505"] [SIZE="5"]මොකක්ද මේ Capacitive Touch Screen කියන්නෙ?[/SIZE] [SIZE="3"] ඔයාලා ෆෝන් එකක් ගන්න කලින් මොකක් ද කරන්නෙ? ඉන්ටර්නෙට් එක පීර පීර ෆෝන් එකේ ෆීචර්ස් හොයනව නැත්නම් දන්න කෙනෙක් ගෙන් විස්තර අහනව. ෆෝන් එකක් ගන්න ගියත්, ටැබ් එකක් ගන්න ගියත් අපි විශේෂ අවධානයක් දෙනවා screen එකට. අපිට ෆෝන් එකේ / ටැබ් එකේ දේවල් පේන්න විතරක් නෙවෙයි, සියළු ආදාන, එහෙම නැත්නම් input දෙන්නත් අපිට තියෙන්නෙ මේ screen එක. එහෙම නේද? සාමාන්‍යයෙන් ස්මාට් ෆෝන් වල, ටැබ් වල තියෙන්නෙ touch screen එකක්. ඒ කිව්වේ අපේ ඇඟිල්ලෙන් හසුරුවන්න පුළුවන් තිරයක් තමා තියෙන්නෙ. ෆෝන් වල / ටැබ් වල ෆීචර්ස් බලද්දි අපි දකිනවා Capasitive Touch Screen කියලා. Touch කියන්නෙ නම් ස්පර්ශ සංවේදී කියන අදහස. එතකොට මොකක් ද මේ capacitive කියන්නෙ? අන්න ඒ ගැන ඉගෙනගන්න ආස අය කියවන්න මේක. Capacitive Sensing sensing කියන්නෙ සංවේදනය කියන එක. එහෙමත් නැත්නම් සංවේදීතාව, දැනීම කියන එක. එතකොට මොකක් ද මේ Capacitive Sensing කියන්නෙ? හොඳයි අපි මේක සරලව ඉගෙනගනිමු. මොකද මේක ටිකක් බැරෑරුම් විෂය පථයක්. Capacitive Sensing වලට මූලික වුණු තාක්ෂණය තමා capacitive coupling තාක්ෂණය. ඉලෙක්ට්‍රොනික විද්‍යාවෙ දී coupling කියන්නේ වයර් එකකින් හරි ෆයිබර් තන්තුවක් වගේ මාධ්‍යයකින් තවත් මාධ්‍යයකට ඉබේම වෙන හරි, කෙනෙක් උවමනාවෙන් ම කරන හරි ශක්ති හුවමාරුවීමකට කියන නම. එතකොට මේ capacitive coupling කියන්නෙ, විද්‍යුත් ජාලයක (සර්කිට් එකක් කියල ගන්නකො) පරිපථ අග්‍ර දෙකක ධාරණතාවය (capacitance - මේක මම පැහැදිලි කරන්නම්) උපයෝගී කර සිදුකරන ශක්තිය හුවමාරු කිරීමකට, transfer කිරීමකට. එතකොට මොකක්ද මේ capacitance (ධාරණාතාවය) කියන්නෙ? ධාරණාතාවය කියන්නේ ළමයි, මොකක් හරි වස්තුවකට... (වස්තුව කියද්දි කෑල්ල මතක් වෙනව නම් අමතක කරලා මේකට කන් දීපම් ඈ) තියෙන විද්‍යුත් ආරෝපණ ගබඩා කිරීමේ හැකියාව විද්‍යුත් ආරෝපණ ගබඩා කරන්න පුළුවන් නම්, අපි කියනවා ඒ වස්තුවට ධාරණතාවක්, එහෙමත් නැත්නම් capacitance එකක් තියෙනවා කියලා... හරිද? එතකොට මෙන්න මේ capacitance එක උපයෝගී කරගෙන කරන ශක්තිය හුවමාරුවකට තමා අපි කියන්නේ, capasitive coupling කියලා. දැන් අපි දන්නව capasitive sensing වලට එහෙමත් නැත්නම් capacitive screen හදන්න මුල් වුණ තාක්ෂණයට හේතු වුණ මූලික තාක්ෂණය. අපි ෆෝන් එක ටච් කරද්දි අපේ screen එකට දැනෙන්නෙ අපේ ඇඟිල්ලේ තියෙන විද්‍යුත් අරෝපණ වෙනස. අන්න ඒකයි යාන්තම් පොඩ්ඩක් ඇල්ලුවත් screen එකට දැනෙන්නෙ. අපේ ඇගිල්ල සහ screen එක යන දෙකම capasistance එක තියෙනවා. මොකද මිනිස් ශරීරයේ අරෝපණ ගබඩා වෙලා තියෙනවා ඒ වගේම screen එකත් ආරෝපිතයි. ඉතින් මේ ආරෝපණ ආකර්ෂණ විකරණ නිසා තමයි screen එකට touch sensing හැකියාව ලැබිලා තියෙන්නෙ. ඇත්තටම ෆෝන් එකට තියෙන්නෙ touch sense එක නෙවෙයි නෙ? අර capasitive sense එක ඒ කියන්නෙ ආරෝපිත වස්තුවක් ගෑවුණාම දැනෙන සංවේදනය. අපි ඇඟිල්ල screen එක උඩ තියද්දි වෙන්නේ අපේ අරෝපිත ඇඟිල්ල සහ අරෝපිත screen එක අතර capacitive coupling වීමක් තමා ඒ සමඟම screen එකට දැනෙනව ආරෝපිත යමක් ගැටුණු බව. එතකොට ඒක touch වීමක් කියලා ලබාගන්නව. දැන් අලුතින් නිපදවන touch screen බොහොම සංකීර්ණ තාක්ෂණයක් සහිත ඉතාමත් සංවේදී ඒවා. බොහෝවිට ස්පර්ශ 10ක් විතර වෙන් වෙන් වශයෙන් හඳුනාගැනීමේ හැකියාව මේ screen වලට තියෙනවා. multi touch කියලා අපි ලොකුවටම කියන්නෙ අන්න ඒකට තමා.[/SIZE] :):):eek: [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom