Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Today at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Today at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
trekmentor.com වැරදවීම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Complete trekmentor.com article by Kamal Wickramanayake.

හිස් වචන: ඔබ සියල්ල අතහරින්න. එවිට ඔබට සියල්ලම ලැබේවි...

Submitted by Kamal Wickramanayake on January 2, 2015 - 22:57

"ඔබ සියල්ල අතහරින්න. එවිට ඔබට සියල්ලම ලැබේවී. ඔබට මේ සියල්ලම ලැබෙද්දී, මේ කිසිවක් ඔබට අවශ්‍ය නොවේ. මන්ද මේ සියල්ල අනිත්‍ය වශයෙන් ඔබ අවබෝධ කර ඇති නිසාය"

- රාජගිරියේ අරියඥාණ හිමි

ඉහත වදන් පෙළ ලොව සුන්දරම වචන පෙළ ලෙස රාජගිරියේ අරියඥාණ හිමියන් විසින් දක්වා ඇති අතර එම වදන් පෙළ නිතර නිතර සිහි කරන ලෙස පවසා ඇත [http://www.divaina.com/2011/12/18/feature08.html]. එය පිළිගත් බොහෝ පිරිස් විසින් බුදු පියානන් විසින් පවසන ලද සද්ධර්මය සංක්ෂිප්ත ලෙසින් මෙම වදන් පෙළේ කවර ආකාරයකට හෝ දැක්වේ යැයි හිතමින් මෙම වදන් පෙළ බොහෝ තැන් වල භාවිතා කරන බවද පෙනේ (Google වැනි අන්තර්ජාල සෙවුම් යන්ත්‍රයක "ඔබ සියල්ල අතහරින්න" යන්න යොදා බලන්න).

පළමුව පැවසිය යුත්තේ ඉහත වදන් පෙළ බුදු රජානන් වහන්සේ විසින් පවසන ලද බුද්ධ භාෂිතයක් නොවන බවයි.

දෙවනුව පැවසිය යුත්තේ ඉහත වදන් පෙළ අර්ථ රහිත හිස් වදන් පෙළක් බවයි. මෙම වදන් පෙළේ අර්ථ රසයක්, ධර්ම රසයක් හෝ සත්‍ය රසයක් නොමැත. මෙවන් වදන් පෙළක් හිස් බව නිසාම සද්ධර්මයේ පැවතීමට හැකියාවක්ද නොමැත.

බුද්ධ දේශනාවන් අවබෝධ කරගැනීම පිණිසත්, පවත්නා විචිකිච්චාවන් ප්‍රහීණ කර ගැනීමටත්, නොපවත්නා විචිකිච්චාවන් ඉපැදීම වැලැක්වීමටත් නුවනින් විමසීම [http://thripitaka.org/view/sp/sp12/46] භාවිතා වේ. මේ නිසා සද්ධර්මයට අනුව ඉහත වදන් පෙළින් කියවෙන්නේ කුමක්දැයි අප මනා සේ විමසා බැලිය යුතුය. මේ සඳහා ඉහත වදන් පෙළ පහත ප්‍රශ්න තුලින් විමසා බලමු:

"ඔබ සියල්ල අතහරින්න." යන්නෙහි "සියල්ල" යනු කුමක්ද?

"ඔබ සියල්ල අතහරින්න." යන්නෙහි "අතහරින්න" යනු කුමක්ද?

"එවිට ඔබට සියල්ලම ලැබේවී" යන්නෙහි "සියල්ලම" යනු කුමක්ද?

"එවිට ඔබට සියල්ලම ලැබේවී" යන්නෙහි "ලැබේවි" යන්න කුමක්ද?

සියල්ල අතහැරිය විට සියල්ල ලැබෙන්නේ කවර ආකාරයකින්ද?

මෙම ප්‍රශ්න වලින් කිහිපයකට පමණක් නොව සියලු ප්රශ්නයන්ටම සද්ධර්මයට අනුකූල ලෙස සහ සම්පූර්ණ වදන් පෙළෙහි අරුත් (තේරුමක්) ඇති අයුරින් උත්තර දීමට හැකිදැයි විමසා බලන්න. එසේ විමසන්නට යෑමේදී බුද්ධ භාෂිතයන්ට අනුව නම් "ඔබ සියල්ල අතහරින්න. එවිට ඔබට සියල්ලම ලැබේවී" යන වදන් පෙළ අරුත් දක්වන්න බැරි බව වැටහේ. බුද්ධ භාෂිතයන් නුවනින් මෙනෙහි කරමින් මනා සේ විමසන විට එසේ නුවනින් මෙනෙහි කරන්නාට අර්ථය වැටහීම සහ එම අර්ථ රසය හා ධර්ම රසය හේතුවෙන් ප්රමෝදයක් උපදී, විචිකිච්චාව පහව යයි. නමුත් ඉහත වදන් පෙළ විමසන්නට යන කෙනාට කවර අරුත් මෙම වදන් වල ඇත්දැයි තේරුම් ගන්න බැරිවීමක් සහ "සියල්ල" යන වචනය ප්‍රතිවිරුද්ධ අරුත් සහිතව එකම වැකියක භාවිතා කර ඇත්දෝයි අරුත්හි පටලැවෙන බවක්, සැක ඇතිවීමක්, බුද්ධ භාෂිතයන් ඇසුරෙන් මෙම වදන් අරුත් ගන්වන්න අපහසු බවක් ඇති බවම වැටහේ.

"ඔබ සියල්ල අතහරින්න. එවිට ඔබට සියල්ලම ලැබේවී" යන වදන් අසා එහි අරුත් කුමක්දැයි විමසන්න යන බුද්ධ භාෂිතයන් බොහෝ සෙයින් නොදන්නා ගිහි පින්වතෙකුට තමාට හරි හැටි මෙම වදන් පෙළෙහි අරුත් නොතේරුනත් බුද්ධ භාෂිතයන් මනා සේ දන්නා අයට හා නුවනැත්තන්ට මෙම වදන් පෙළෙහි අරුත අවබෝධ විය හැකි යැයි සිතෙන්න හැකිය. එසේ සිතේ නම් එය නිවැරදි සිතීමක් නොවේ. සත්‍ය නම් බුද්ධ භාෂිතයන් ඇසුරෙන් මෙම වදන් පෙළෙහි අරුත් කුමක්දැයි විමසන්න යන විට පහසුවෙන්ම මෙම වදන් පෙළ අර්ථ රහිත හිස් වදන් පෙළක් බව වැටහේ. එසේ වන්නේ බුදු පියානන් සියල්ල යනු කුමක්දැයි මනා සේ (තම තමා කැමැති කැමති ආකාරයට අරුත් ගන්වන්න බැරි අයුරින්) පවසා තිබීමයි. එසේම බුදු පියානන් පවසා ඇති අයුරට වෙනස් අයුරකින් සියල්ල යනු කුමක්දැයි පැනවීමක් කරන අයගේ අනවබෝධය කෙබදු දැයිද බුදු පියානන් පවසා ඇත. මේ ගැන සංයුක්ත නිකායේ සළායතන වග්ගයේ සබ්බ සූත්‍රයේ [http://thripitaka.org/view/sp/sp10/56] සඳහන්ව පවතී.

මේ නිසා සබ්බ සූත්‍රයට අනුව (එනම් බුද්ධ භාෂිතයට අනුව) සියල්ල යනු කුමක්දැයි තේරුම් ගෙන එම අරුත ඇතිව "ඔබ සියල්ල අතහරින්න. එවිට ඔබට සියල්ලම ලැබේවී. ඔබට මේ සියල්ලම ලැබෙද්දී, මේ කිසිවක් ඔබට අවශ්‍ය නොවේ. මන්ද මේ සියල්ල අනිත්‍ය වශයෙන් ඔබ අවබෝධ කර ඇති නිසාය" යන්න අරුත් ගන්වන්න, අරුත තේරුම් ගන්න යෑමේදි මෙම වදන් පෙළ අර්ථ රහිත හිස් වදන් පෙළක් බව පහසුවෙන්ම වැටහේ.

"ඔබ සියල්ල අතහරින්න. එවිට ඔබට සියල්ලම ලැබේවී." යන්නෙහි "සියල්ල" යන වචනය භාවිතා වී ඇති තැන් දෙකට අරුත් දෙකක් දී යමෙක් මෙම සම්පූර්ණ ප්රකාශනය අරුත් ගන්වන්න යනවා නම් එවන් අයෙකුගේ ප්රකාශනයන් "සියල්ල" යන්නට අරුත් දෙකක් දීම නිසා සබ්බ සූත්‍රයට අනුව (එනම් බුද්ධ භාෂිතයට අනුව) චවන මාත්‍රම පමණකි. තවද සබ්බ සූත්‍රයට අනුව (එනම් බුද්ධ භාෂිතයට අනුව) එම පුද්ගලයා එසේ පවසන්නේ එම කරුණ එම පුද්ගලයාට අවිෂය කරුණක් බැවිනි (එසේ පවසන පුද්ගලයාටවත් තමා කියන දෙයෙහි සැබැ තේරුම කුමක්දැයි අවබෝධයක් නැත).

මෙසේ විමසා බැලූ විට ලොව සුන්දරම වචන පෙළ ලෙස දක්වා ඇති "ඔබ සියල්ල අතහරින්න. එවිට ඔබට සියල්ලම ලැබේවී. ඔබට මේ සියල්ලම ලැබෙද්දී, මේ කිසිවක් ඔබට අවශ්‍ය නොවේ. මන්ද මේ සියල්ල අනිත්‍ය වශයෙන් ඔබ අවබෝධ කර ඇති නිසාය" යන වදන් පෙළ අර්ථ රහිත හිස් වදන් පෙළක් බව පැහැදිලි වේ.

මෙවන් හිස් වදන් පෙළක් යමෙක් බුදු පියානන් විසින් පවසන ලදැයි හෝ එම වදන් පෙළින් සද්ධර්මය සංක්ෂිප්ත ලෙස කවර ආකාරයකට හෝ දැක්වේ යැයි හෝ එම වදන් පෙළ කවර අයුරකින් හෝ සද්ධර්මයට ගැලපේ යැයි සිතුවොත් එය කෙතරම් විනාශයක්ද? එවන් මතයක් සමාජගත උවහොත් එය මහා විනාශයකි. කවර ලෙසකින් එය මහා විනාශයක් වන්නේද?

පළමුවම එවන් කරුණක් බුදු රජානන් වහන්සේ විසින් දෙසූ සද්ධර්මයට යම් හො සම්බන්ධයක් ඇතැයි පිළිගැනීම මිත්‍යා පිළිගැනීමකි. දෙවනුව එසේ අන් අයටත් පවසයි නම් එය මුසා වාදයක් වේ (මිත්‍යා වාචාවක් වේ), එයින් එසේ පවසන්නා දුසිල්වත් බව ඇති කර ගනී. මෙවන් මිත්‍යා අවබෝධයක්, මිත්‍යා වාචා බවක් සම්මා දෘෂ්ඨි හා සම්මා වාචා අඩංගු අරි අට මඟ ලෙස හෝ ඊට අනුකූල යැයි යමෙක් පෙන්වයි නම් එම පුද්ගලයා අරි අට මඟ වැරදවීමත් සිදු කරයි. එය එම කරුණ යහපත් යැයි, නිවැරදි යැයි පිළිගන්නා අයගේ දුක් පිණිසම වන කරුණක්ද වේ.

වරදවන ලද මඟ බැවින් දුගතිය කරා සත්වයින් යොමු කිරීමකට නිවන් මගයැයි කීමත්, එසේ අරුත් රහිත හිස් වදන් පෙළක් සම්මා සම්බුදු රජානන් වහන්සේ දෙසූ සද්ධර්මය ලෙස හෝ එම සද්ධර්මයට අනුකූල යැයි ගෙන හැර දැක්වීමෙන් එම සද්ධර්මය හිස් බවින් යුතු දෙයකට සමාන කිරීමත්, එසේ කිරීම නිසා දෙසූ සෑම භාෂිතයක්ම සුභාෂිත වූ සම්මා සම්බුදු රජානන් වහන්සේ හිස් බසින් යුත් අයෙකු ලෙස දැක්වීමත්, එසේ කිරීම නිසා එම බුදුන් සරණ යන හා එම දහම් සරණ යන භික්ෂූ, භික්ෂුණී, උපාසක, උපාසිකාවන්ගෙන් යුත් සිව්වනක් පිරිස හිස් දෙයක්ම සරණ කොට ඇති අන්ධ පිරිසක් ලෙස දැක්වීමත්, වැරදි යොමු කිරීම නිසා හිස් බස බුදුන්ගේ සුභාෂිතයයැයි සම්මත කරගන්නා සිව්වනක් පිරිසට එම හිස් බස හිස් නිසාම අරුත් ගැන්වීමට නොහැකි බැවින් අන් අයට එහි අරුත් දැක්වීමට නොහැකිවීමෙන් සම්මා සම්බුදු රජානන් වහන්සේත්, සිව්වනක් පිරිසත් සද්ධර්මය නම් හිස් ප්‍රකාශන පිළිගන්නෝ යැයි අන්යාගමිකයින්ගේත් විහිළුවට ලක්වීමට හේතු වීමත්, මෙසේ වීමෙන් දැන් ඉන්නා සහ මතු ඉන්නා සිව්වනක් පිරිස සහ අන්‍යාගමිකයින් නොදැනම බුදුන්ටත්, සද්ධර්මයටත්, ආර්යය මහා සංඝරතනයටත්, අන් ආර්යයන්ටත්, නිවැරදි ප්‍රතිපදාවේ යෙදෙන අන් පිරිසටත් අක්‍රෝෂ හා පරිභව කිරීම හේතුවෙන් ඔවුන් අති මහත් අකුසල් කරගැනීමට හේතු වීමත්, එයින්ම හිස් බස් පවසන්නා සහ අති මහත් අන් සත්ව ප්රජාවකගේ දුගතිය පිණිස එය හේතු වීමත්, අති මහත් සත්ව සංහතියකට සද්ධර්මය මේ යැයි අධර්මයක්ම පෙන්වා මහා අන්ධකාරයකට යොමුකිරීමෙන් සම්බුද්ධ ශාසනය අතුරුදහන් කිරීමට ඉමහත් රුකුල් දීමකුත් මෙසේ ධර්මය වරදවා ගැනීමෙන් සිදුවේ.

මේ නිසා "ඔබ සියල්ල අතහරින්න. එවිට ඔබට සියල්ලම ලැබේවී. ඔබට මේ සියල්ලම ලැබෙද්දී, මේ කිසිවක් ඔබට අවශ්‍ය නොවේ. මන්ද මේ සියල්ල අනිත්‍ය වශයෙන් ඔබ අවබෝධ කර ඇති නිසාය" යන්න මහ රහතුන් වැඩි මඟ යැයි ගෙන හැර පෑම සැබෑ නිවන් මඟ අපැහැදිලි කරන ප්රකාශනයකි. සැබෑ ලෙසම මහ රහතුන් වහන්සේලා වැඩි මඟක් ඇත්ද එය නොපෙනෙන බවට පත් කිරීමකි, එම සැබෑ මඟ බොරු හා හිස් ප්රකාශනයකින් වසා දැමීමකි, නිර්වාණ මාර්ගය අවබෝධ කරන්න උත්සාහ කරන අය අන්ධකාරයේ හෙලීමකි, නිර්වාණ මාර්ගය යැයි අපාය මාර්ගයක් පෙන්වීමකි. එය එසේ වන්නේ හිස් බසක් සැබැවින්ම සුභාෂිතයකැයි පිළිගැනීම පිනිස අනුවනකමින් මෙනෙහි කිරීමම අවශ්‍ය වන බැවිනි. මේ නිසා හිස් බසක් සුභාෂිතයැයි දකින්න උත්සාය කිරීමේදී අනුවනකමින් මෙනෙහි කිරීමම වැඩි දියුණු වේ. මේ හේතුවෙන් එසේ අනුවනකමින් මෙනෙහි කරන්නන් තුල නූපන් විචිකිච්චාවන් උපදී, උපන් විචිකිච්චාචන් තව තවත් වැඩි දියුණු වේ [http://thripitaka.org/view/sp/sp12/44]. එවිට නීවරණ ප්රහාණය වෙනුවට අනුවනකමින් මෙනෙහි කරන්නා නීවරණ වැඩි දියුණු කරගැනීමක් සිදු කර ගනී. එබැවින් මෙවන් හිස් බසක් සුභාෂිතයැයි ගෙන හැර දක්වන්නෝ අපාය මාර්ගයක්ම මහ රහතුන් වැඩි මඟ යැයි ගෙන හැර දැක්වීමක් කරන්නෝ වෙති, අපාය මාර්ගයකට සත්වයින් යොමු කරන්නෝ වෙති.

තවද මෙවන් හිස් බසක් සුභාෂිතයකැයි සලකා නිතර නිතර සිහි කරන්න යැයි කී විට එය පිළිගෙන එසේ කරන්නන්ට වන්නේ කුමක්ද? එවිට එසේ සිහි කරන්නා හිස් බස සුභාෂිතයකැයි යම් අනුවනකමින් කරන විමසීමක් තුලින් දැක්කාද එසේම නිතර නිතර සිහිකිරීමෙන් එම අනුවන විමසන අයුරෙහි දැඩි ලෙසම බැඳේ, දැඩි ලෙසම එල්ඹ ගැනීම වේ. එසේ අනුවනකම බැහැර නොකර පැවැත්මක් සිදුකිරීම නූපන් විචිකිච්චාවන් ඉපදීමටත්, උපන් විචිකිච්චාචන් තව තවත් වැඩි දියුණු වීමටත් හේතුවකි. සුභාෂිතයන් සුභාෂිතයන් ලෙසම දැක නිතර නිතර සිහි කිරීම අභිවෘද්ධිය පිනිසම හේතු වේ. නමුත් දුභාෂිතයන් සුභාෂිතයන් ලෙස දැක ඒවා නිතර නිතර සිහි කිරීම එසේ සිහිකරන්න්ගේ ප්‍රඥාවේ අන්ධ භාවයටත්, පරිහානිය පිනිසත් හේතු වේ.

එලෙසම "ඔබ සියල්ල අතහරින්න. එවිට ඔබට සියල්ලම ලැබේවී. ඔබට මේ සියල්ලම ලැබෙද්දී, මේ කිසිවක් ඔබට අවශ්‍ය නොවේ. මන්ද මේ සියල්ල අනිත්‍ය වශයෙන් ඔබ අවබෝධ කර ඇති නිසාය" යැයි පවසන අය සබ්බ සූත්‍රයට අනුව (එනම් බුද්ධ භාෂිතයට අනුව) ඔවුන් පවසන්නේ කුමක්දැයි ඔවුන්ටම අවබෝධයක් නොමැති පිරිසකි. ඔවුන් කර ඇත්තේ වචන හරඹයක් පමණි. වදන් වල තේරුම වත් නොදැන සාරයක් නොමැති ලෙස වදන් පෙළක් ගලපා එම අසාර වදන් පෙළෙහි සාරයක් ඇතැයි දැකීම ඔවුන් තුල පවත්නා අනුවනකමයි.

එලෙසම "ඔබ සියල්ල අතහරින්න. එවිට ඔබට සියල්ලම ලැබේවී. ඔබට මේ සියල්ලම ලැබෙද්දී, මේ කිසිවක් ඔබට අවශ්‍ය නොවේ. මන්ද මේ සියල්ල අනිත්‍ය වශයෙන් ඔබ අවබෝධ කර ඇති නිසාය" යන්න සුභාෂිතයකැයි පිළිගන්නා අය සබ්බ සූත්‍රයට අනුව (එනම් බුද්ධ භාෂිතයට අනුව) තමන් පිළිගන්නා ලද්දේ කුමක්දැයි අරුතින් නොදන්නා අයම වේ. ඔවුන් අසන ලද හිස් බසක් සුභාෂිතයකැයි වචන මාත්‍රයෙන් පිළිගන්නා ලද අන්ධ පිරිසකි.

මෙවන් හිස් ප්රකාශනයක් බුදුන් දෙසූ සුභාෂිතයකැයි හෝ ඊට අනුකූල යැයි හෝ පවසන්නෝ අන්ධ බවින් ගෞතම සම්මා සම්බුදු සසුන මේ යැයි අධර්මයක්ම සමාජයට ගෙන හැර දක්වන, එයින්ම ගෞතම සම්මා සම්බුදු සසුන අතුරුදහන් කිරීමට කටයුතු කරන පිරිසකි. එසේ කරන අනුවනයින්ට කවර නම් විපාකමය විදීමක් වේද?

ආර්ය විනයෙහි යමෙක් තමන්ගේ වැරැද්ද වැරැද්ද ලෙස දැක දහම් අනුව ඊට ප්‍රතික්‍රියා කරයි නම් එය එම වැරැද්ද කරන ලද පුද්ගලයාගේ මතු සංවරභාවය, මතු අභිවෘද්ධිය පිණිසම පවතී.

[QUOTE="Superuser, post: 21123238, member: 546689"] [B][SIZE=3]Complete trekmentor.com article by Kamal Wickramanayake.[/SIZE][/B] [B]හිස් වචන: ඔබ සියල්ල අතහරින්න. එවිට ඔබට සියල්ලම ලැබේවි... [/B] Submitted by Kamal Wickramanayake on January 2, 2015 - 22:57 "ඔබ සියල්ල අතහරින්න. එවිට ඔබට සියල්ලම ලැබේවී. ඔබට මේ සියල්ලම ලැබෙද්දී, මේ කිසිවක් ඔබට අවශ්‍ය නොවේ. මන්ද මේ සියල්ල අනිත්‍ය වශයෙන් ඔබ අවබෝධ කර ඇති නිසාය" - රාජගිරියේ අරියඥාණ හිමි ඉහත වදන් පෙළ ලොව සුන්දරම වචන පෙළ ලෙස රාජගිරියේ අරියඥාණ හිමියන් විසින් දක්වා ඇති අතර එම වදන් පෙළ නිතර නිතර සිහි කරන ලෙස පවසා ඇත [[URL]http://www.divaina.com/2011/12/18/feature08.html[/URL]]. එය පිළිගත් බොහෝ පිරිස් විසින් බුදු පියානන් විසින් පවසන ලද සද්ධර්මය සංක්ෂිප්ත ලෙසින් මෙම වදන් පෙළේ කවර ආකාරයකට හෝ දැක්වේ යැයි හිතමින් මෙම වදන් පෙළ බොහෝ තැන් වල භාවිතා කරන බවද පෙනේ (Google වැනි අන්තර්ජාල සෙවුම් යන්ත්‍රයක "ඔබ සියල්ල අතහරින්න" යන්න යොදා බලන්න). පළමුව පැවසිය යුත්තේ ඉහත වදන් පෙළ බුදු රජානන් වහන්සේ විසින් පවසන ලද බුද්ධ භාෂිතයක් නොවන බවයි. දෙවනුව පැවසිය යුත්තේ ඉහත වදන් පෙළ අර්ථ රහිත හිස් වදන් පෙළක් බවයි. මෙම වදන් පෙළේ අර්ථ රසයක්, ධර්ම රසයක් හෝ සත්‍ය රසයක් නොමැත. මෙවන් වදන් පෙළක් හිස් බව නිසාම සද්ධර්මයේ පැවතීමට හැකියාවක්ද නොමැත. බුද්ධ දේශනාවන් අවබෝධ කරගැනීම පිණිසත්, පවත්නා විචිකිච්චාවන් ප්‍රහීණ කර ගැනීමටත්, නොපවත්නා විචිකිච්චාවන් ඉපැදීම වැලැක්වීමටත් නුවනින් විමසීම [[URL]http://thripitaka.org/view/sp/sp12/46[/URL]] භාවිතා වේ. මේ නිසා සද්ධර්මයට අනුව ඉහත වදන් පෙළින් කියවෙන්නේ කුමක්දැයි අප මනා සේ විමසා බැලිය යුතුය. මේ සඳහා ඉහත වදන් පෙළ පහත ප්‍රශ්න තුලින් විමසා බලමු: [LIST=1] [*]"ඔබ සියල්ල අතහරින්න." යන්නෙහි "සියල්ල" යනු කුමක්ද? [*]"ඔබ සියල්ල අතහරින්න." යන්නෙහි "අතහරින්න" යනු කුමක්ද? [*]"එවිට ඔබට සියල්ලම ලැබේවී" යන්නෙහි "සියල්ලම" යනු කුමක්ද? [*]"එවිට ඔබට සියල්ලම ලැබේවී" යන්නෙහි "ලැබේවි" යන්න කුමක්ද? [*]සියල්ල අතහැරිය විට සියල්ල ලැබෙන්නේ කවර ආකාරයකින්ද? [/LIST] මෙම ප්‍රශ්න වලින් කිහිපයකට පමණක් නොව සියලු ප්රශ්නයන්ටම සද්ධර්මයට අනුකූල ලෙස සහ සම්පූර්ණ වදන් පෙළෙහි අරුත් (තේරුමක්) ඇති අයුරින් උත්තර දීමට හැකිදැයි විමසා බලන්න. එසේ විමසන්නට යෑමේදී බුද්ධ භාෂිතයන්ට අනුව නම් "ඔබ සියල්ල අතහරින්න. එවිට ඔබට සියල්ලම ලැබේවී" යන වදන් පෙළ අරුත් දක්වන්න බැරි බව වැටහේ. බුද්ධ භාෂිතයන් නුවනින් මෙනෙහි කරමින් මනා සේ විමසන විට එසේ නුවනින් මෙනෙහි කරන්නාට අර්ථය වැටහීම සහ එම අර්ථ රසය හා ධර්ම රසය හේතුවෙන් ප්රමෝදයක් උපදී, විචිකිච්චාව පහව යයි. නමුත් ඉහත වදන් පෙළ විමසන්නට යන කෙනාට කවර අරුත් මෙම වදන් වල ඇත්දැයි තේරුම් ගන්න බැරිවීමක් සහ "සියල්ල" යන වචනය ප්‍රතිවිරුද්ධ අරුත් සහිතව එකම වැකියක භාවිතා කර ඇත්දෝයි අරුත්හි පටලැවෙන බවක්, සැක ඇතිවීමක්, බුද්ධ භාෂිතයන් ඇසුරෙන් මෙම වදන් අරුත් ගන්වන්න අපහසු බවක් ඇති බවම වැටහේ. "ඔබ සියල්ල අතහරින්න. එවිට ඔබට සියල්ලම ලැබේවී" යන වදන් අසා එහි අරුත් කුමක්දැයි විමසන්න යන බුද්ධ භාෂිතයන් බොහෝ සෙයින් නොදන්නා ගිහි පින්වතෙකුට තමාට හරි හැටි මෙම වදන් පෙළෙහි අරුත් නොතේරුනත් බුද්ධ භාෂිතයන් මනා සේ දන්නා අයට හා නුවනැත්තන්ට මෙම වදන් පෙළෙහි අරුත අවබෝධ විය හැකි යැයි සිතෙන්න හැකිය. එසේ සිතේ නම් එය නිවැරදි සිතීමක් නොවේ. සත්‍ය නම් බුද්ධ භාෂිතයන් ඇසුරෙන් මෙම වදන් පෙළෙහි අරුත් කුමක්දැයි විමසන්න යන විට පහසුවෙන්ම මෙම වදන් පෙළ අර්ථ රහිත හිස් වදන් පෙළක් බව වැටහේ. එසේ වන්නේ බුදු පියානන් සියල්ල යනු කුමක්දැයි මනා සේ (තම තමා කැමැති කැමති ආකාරයට අරුත් ගන්වන්න බැරි අයුරින්) පවසා තිබීමයි. එසේම බුදු පියානන් පවසා ඇති අයුරට වෙනස් අයුරකින් සියල්ල යනු කුමක්දැයි පැනවීමක් කරන අයගේ අනවබෝධය කෙබදු දැයිද බුදු පියානන් පවසා ඇත. මේ ගැන සංයුක්ත නිකායේ සළායතන වග්ගයේ සබ්බ සූත්‍රයේ [[URL]http://thripitaka.org/view/sp/sp10/56[/URL]] සඳහන්ව පවතී. මේ නිසා සබ්බ සූත්‍රයට අනුව (එනම් බුද්ධ භාෂිතයට අනුව) සියල්ල යනු කුමක්දැයි තේරුම් ගෙන එම අරුත ඇතිව "ඔබ සියල්ල අතහරින්න. එවිට ඔබට සියල්ලම ලැබේවී. ඔබට මේ සියල්ලම ලැබෙද්දී, මේ කිසිවක් ඔබට අවශ්‍ය නොවේ. මන්ද මේ සියල්ල අනිත්‍ය වශයෙන් ඔබ අවබෝධ කර ඇති නිසාය" යන්න අරුත් ගන්වන්න, අරුත තේරුම් ගන්න යෑමේදි මෙම වදන් පෙළ අර්ථ රහිත හිස් වදන් පෙළක් බව පහසුවෙන්ම වැටහේ. "ඔබ සියල්ල අතහරින්න. එවිට ඔබට සියල්ලම ලැබේවී." යන්නෙහි "සියල්ල" යන වචනය භාවිතා වී ඇති තැන් දෙකට අරුත් දෙකක් දී යමෙක් මෙම සම්පූර්ණ ප්රකාශනය අරුත් ගන්වන්න යනවා නම් එවන් අයෙකුගේ ප්රකාශනයන් "සියල්ල" යන්නට අරුත් දෙකක් දීම නිසා සබ්බ සූත්‍රයට අනුව (එනම් බුද්ධ භාෂිතයට අනුව) චවන මාත්‍රම පමණකි. තවද සබ්බ සූත්‍රයට අනුව (එනම් බුද්ධ භාෂිතයට අනුව) එම පුද්ගලයා එසේ පවසන්නේ එම කරුණ එම පුද්ගලයාට අවිෂය කරුණක් බැවිනි (එසේ පවසන පුද්ගලයාටවත් තමා කියන දෙයෙහි සැබැ තේරුම කුමක්දැයි අවබෝධයක් නැත). මෙසේ විමසා බැලූ විට ලොව සුන්දරම වචන පෙළ ලෙස දක්වා ඇති "ඔබ සියල්ල අතහරින්න. එවිට ඔබට සියල්ලම ලැබේවී. ඔබට මේ සියල්ලම ලැබෙද්දී, මේ කිසිවක් ඔබට අවශ්‍ය නොවේ. මන්ද මේ සියල්ල අනිත්‍ය වශයෙන් ඔබ අවබෝධ කර ඇති නිසාය" යන වදන් පෙළ අර්ථ රහිත හිස් වදන් පෙළක් බව පැහැදිලි වේ. මෙවන් හිස් වදන් පෙළක් යමෙක් බුදු පියානන් විසින් පවසන ලදැයි හෝ එම වදන් පෙළින් සද්ධර්මය සංක්ෂිප්ත ලෙස කවර ආකාරයකට හෝ දැක්වේ යැයි හෝ එම වදන් පෙළ කවර අයුරකින් හෝ සද්ධර්මයට ගැලපේ යැයි සිතුවොත් එය කෙතරම් විනාශයක්ද? එවන් මතයක් සමාජගත උවහොත් එය මහා විනාශයකි. කවර ලෙසකින් එය මහා විනාශයක් වන්නේද? පළමුවම එවන් කරුණක් බුදු රජානන් වහන්සේ විසින් දෙසූ සද්ධර්මයට යම් හො සම්බන්ධයක් ඇතැයි පිළිගැනීම මිත්‍යා පිළිගැනීමකි. දෙවනුව එසේ අන් අයටත් පවසයි නම් එය මුසා වාදයක් වේ (මිත්‍යා වාචාවක් වේ), එයින් එසේ පවසන්නා දුසිල්වත් බව ඇති කර ගනී. මෙවන් මිත්‍යා අවබෝධයක්, මිත්‍යා වාචා බවක් සම්මා දෘෂ්ඨි හා සම්මා වාචා අඩංගු අරි අට මඟ ලෙස හෝ ඊට අනුකූල යැයි යමෙක් පෙන්වයි නම් එම පුද්ගලයා අරි අට මඟ වැරදවීමත් සිදු කරයි. එය එම කරුණ යහපත් යැයි, නිවැරදි යැයි පිළිගන්නා අයගේ දුක් පිණිසම වන කරුණක්ද වේ. වරදවන ලද මඟ බැවින් දුගතිය කරා සත්වයින් යොමු කිරීමකට නිවන් මගයැයි කීමත්, එසේ අරුත් රහිත හිස් වදන් පෙළක් සම්මා සම්බුදු රජානන් වහන්සේ දෙසූ සද්ධර්මය ලෙස හෝ එම සද්ධර්මයට අනුකූල යැයි ගෙන හැර දැක්වීමෙන් එම සද්ධර්මය හිස් බවින් යුතු දෙයකට සමාන කිරීමත්, එසේ කිරීම නිසා දෙසූ සෑම භාෂිතයක්ම සුභාෂිත වූ සම්මා සම්බුදු රජානන් වහන්සේ හිස් බසින් යුත් අයෙකු ලෙස දැක්වීමත්, එසේ කිරීම නිසා එම බුදුන් සරණ යන හා එම දහම් සරණ යන භික්ෂූ, භික්ෂුණී, උපාසක, උපාසිකාවන්ගෙන් යුත් සිව්වනක් පිරිස හිස් දෙයක්ම සරණ කොට ඇති අන්ධ පිරිසක් ලෙස දැක්වීමත්, වැරදි යොමු කිරීම නිසා හිස් බස බුදුන්ගේ සුභාෂිතයයැයි සම්මත කරගන්නා සිව්වනක් පිරිසට එම හිස් බස හිස් නිසාම අරුත් ගැන්වීමට නොහැකි බැවින් අන් අයට එහි අරුත් දැක්වීමට නොහැකිවීමෙන් සම්මා සම්බුදු රජානන් වහන්සේත්, සිව්වනක් පිරිසත් සද්ධර්මය නම් හිස් ප්‍රකාශන පිළිගන්නෝ යැයි අන්යාගමිකයින්ගේත් විහිළුවට ලක්වීමට හේතු වීමත්, මෙසේ වීමෙන් දැන් ඉන්නා සහ මතු ඉන්නා සිව්වනක් පිරිස සහ අන්‍යාගමිකයින් නොදැනම බුදුන්ටත්, සද්ධර්මයටත්, ආර්යය මහා සංඝරතනයටත්, අන් ආර්යයන්ටත්, නිවැරදි ප්‍රතිපදාවේ යෙදෙන අන් පිරිසටත් අක්‍රෝෂ හා පරිභව කිරීම හේතුවෙන් ඔවුන් අති මහත් අකුසල් කරගැනීමට හේතු වීමත්, එයින්ම හිස් බස් පවසන්නා සහ අති මහත් අන් සත්ව ප්රජාවකගේ දුගතිය පිණිස එය හේතු වීමත්, අති මහත් සත්ව සංහතියකට සද්ධර්මය මේ යැයි අධර්මයක්ම පෙන්වා මහා අන්ධකාරයකට යොමුකිරීමෙන් සම්බුද්ධ ශාසනය අතුරුදහන් කිරීමට ඉමහත් රුකුල් දීමකුත් මෙසේ ධර්මය වරදවා ගැනීමෙන් සිදුවේ. මේ නිසා "ඔබ සියල්ල අතහරින්න. එවිට ඔබට සියල්ලම ලැබේවී. ඔබට මේ සියල්ලම ලැබෙද්දී, මේ කිසිවක් ඔබට අවශ්‍ය නොවේ. මන්ද මේ සියල්ල අනිත්‍ය වශයෙන් ඔබ අවබෝධ කර ඇති නිසාය" යන්න මහ රහතුන් වැඩි මඟ යැයි ගෙන හැර පෑම සැබෑ නිවන් මඟ අපැහැදිලි කරන ප්රකාශනයකි. සැබෑ ලෙසම මහ රහතුන් වහන්සේලා වැඩි මඟක් ඇත්ද එය නොපෙනෙන බවට පත් කිරීමකි, එම සැබෑ මඟ බොරු හා හිස් ප්රකාශනයකින් වසා දැමීමකි, නිර්වාණ මාර්ගය අවබෝධ කරන්න උත්සාහ කරන අය අන්ධකාරයේ හෙලීමකි, නිර්වාණ මාර්ගය යැයි අපාය මාර්ගයක් පෙන්වීමකි. එය එසේ වන්නේ හිස් බසක් සැබැවින්ම සුභාෂිතයකැයි පිළිගැනීම පිනිස අනුවනකමින් මෙනෙහි කිරීමම අවශ්‍ය වන බැවිනි. මේ නිසා හිස් බසක් සුභාෂිතයැයි දකින්න උත්සාය කිරීමේදී අනුවනකමින් මෙනෙහි කිරීමම වැඩි දියුණු වේ. මේ හේතුවෙන් එසේ අනුවනකමින් මෙනෙහි කරන්නන් තුල නූපන් විචිකිච්චාවන් උපදී, උපන් විචිකිච්චාචන් තව තවත් වැඩි දියුණු වේ [[URL]http://thripitaka.org/view/sp/sp12/44[/URL]]. එවිට නීවරණ ප්රහාණය වෙනුවට අනුවනකමින් මෙනෙහි කරන්නා නීවරණ වැඩි දියුණු කරගැනීමක් සිදු කර ගනී. එබැවින් මෙවන් හිස් බසක් සුභාෂිතයැයි ගෙන හැර දක්වන්නෝ අපාය මාර්ගයක්ම මහ රහතුන් වැඩි මඟ යැයි ගෙන හැර දැක්වීමක් කරන්නෝ වෙති, අපාය මාර්ගයකට සත්වයින් යොමු කරන්නෝ වෙති. තවද මෙවන් හිස් බසක් සුභාෂිතයකැයි සලකා නිතර නිතර සිහි කරන්න යැයි කී විට එය පිළිගෙන එසේ කරන්නන්ට වන්නේ කුමක්ද? එවිට එසේ සිහි කරන්නා හිස් බස සුභාෂිතයකැයි යම් අනුවනකමින් කරන විමසීමක් තුලින් දැක්කාද එසේම නිතර නිතර සිහිකිරීමෙන් එම අනුවන විමසන අයුරෙහි දැඩි ලෙසම බැඳේ, දැඩි ලෙසම එල්ඹ ගැනීම වේ. එසේ අනුවනකම බැහැර නොකර පැවැත්මක් සිදුකිරීම නූපන් විචිකිච්චාවන් ඉපදීමටත්, උපන් විචිකිච්චාචන් තව තවත් වැඩි දියුණු වීමටත් හේතුවකි. සුභාෂිතයන් සුභාෂිතයන් ලෙසම දැක නිතර නිතර සිහි කිරීම අභිවෘද්ධිය පිනිසම හේතු වේ. නමුත් දුභාෂිතයන් සුභාෂිතයන් ලෙස දැක ඒවා නිතර නිතර සිහි කිරීම එසේ සිහිකරන්න්ගේ ප්‍රඥාවේ අන්ධ භාවයටත්, පරිහානිය පිනිසත් හේතු වේ. එලෙසම "ඔබ සියල්ල අතහරින්න. එවිට ඔබට සියල්ලම ලැබේවී. ඔබට මේ සියල්ලම ලැබෙද්දී, මේ කිසිවක් ඔබට අවශ්‍ය නොවේ. මන්ද මේ සියල්ල අනිත්‍ය වශයෙන් ඔබ අවබෝධ කර ඇති නිසාය" යැයි පවසන අය [URL="http://thripitaka.org/view/sp/sp10/56"]සබ්බ සූත්‍රයට[/URL] අනුව (එනම් බුද්ධ භාෂිතයට අනුව) ඔවුන් පවසන්නේ කුමක්දැයි ඔවුන්ටම අවබෝධයක් නොමැති පිරිසකි. ඔවුන් කර ඇත්තේ වචන හරඹයක් පමණි. වදන් වල තේරුම වත් නොදැන සාරයක් නොමැති ලෙස වදන් පෙළක් ගලපා එම අසාර වදන් පෙළෙහි සාරයක් ඇතැයි දැකීම ඔවුන් තුල පවත්නා අනුවනකමයි. එලෙසම "ඔබ සියල්ල අතහරින්න. එවිට ඔබට සියල්ලම ලැබේවී. ඔබට මේ සියල්ලම ලැබෙද්දී, මේ කිසිවක් ඔබට අවශ්‍ය නොවේ. මන්ද මේ සියල්ල අනිත්‍ය වශයෙන් ඔබ අවබෝධ කර ඇති නිසාය" යන්න සුභාෂිතයකැයි පිළිගන්නා අය[URL="http://thripitaka.org/view/sp/sp10/56"] සබ්බ සූත්‍රයට[/URL] අනුව (එනම් බුද්ධ භාෂිතයට අනුව) තමන් පිළිගන්නා ලද්දේ කුමක්දැයි අරුතින් නොදන්නා අයම වේ. ඔවුන් අසන ලද හිස් බසක් සුභාෂිතයකැයි වචන මාත්‍රයෙන් පිළිගන්නා ලද අන්ධ පිරිසකි. මෙවන් හිස් ප්රකාශනයක් බුදුන් දෙසූ සුභාෂිතයකැයි හෝ ඊට අනුකූල යැයි හෝ පවසන්නෝ අන්ධ බවින් ගෞතම සම්මා සම්බුදු සසුන මේ යැයි අධර්මයක්ම සමාජයට ගෙන හැර දක්වන, එයින්ම ගෞතම සම්මා සම්බුදු සසුන අතුරුදහන් කිරීමට කටයුතු කරන පිරිසකි. එසේ කරන අනුවනයින්ට කවර නම් විපාකමය විදීමක් වේද? ආර්ය විනයෙහි යමෙක් තමන්ගේ වැරැද්ද වැරැද්ද ලෙස දැක දහම් අනුව ඊට ප්‍රතික්‍රියා කරයි නම් එය එම වැරැද්ද කරන ලද පුද්ගලයාගේ මතු සංවරභාවය, මතු අභිවෘද්ධිය පිණිසම පවතී. [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom