Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Trincomalee තෙල්_ටැංකි_ගැන මේ කරුණු දැන සිටියාද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Trincomalee තෙල්_ටැංකි_ගැන මේ කරුණු දැන සිටියාද?

ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ගැන මේ කරුණු දැන සිටියාද?

ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණය ඉන්දියාවට ලබාදීමට සැරසෙන බවට චෝදනා කරමින් ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සේවකයන් සඳුදා (අප්‍රේල් 24) දියත්කළ වැඩවර්ජනය හේතුවෙන් රටපුරාම ඉන්ධන බෙදාහැරීම ඇණහිට තිබුණි.තෙල් ටැංකි ඉන්දියාවට ලබාදීමේ කිසිදු සූදානමක් නැති බවට විෂය භාර අමාත්‍ය චන්දිම වීරක්කොඩි සහ රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් ප්‍රසිද්ධියේ ප්‍රතිඥා දුන්නත්, සඳුදා රාත්‍රියේ අගමැති රනිල් වික්‍රමසිංහ මුණගැසෙන තුරුම වර්ජනය අත්හැරීම සේවකයෝ ප්‍රතික්ෂේප කළහ.

එම සාකච්ඡාවේදී අගමැතිවරයා ලබාදුන් ලිඛිත පොරොන්දුවකින් අනතුරුව වර්ජනය අත්හැරීමට වෘත්තීය සමිති තීරණය කළහ.සිය ඉන්දීය සංචාරයේදී ඉන්දියාව තෙල් ටැංකිවලට අදාළ කිසිදු ගිවිසුමකට නොඑළඹෙන බවට අගමැතිවරයා වෘත්තීය සමිතිවලට ප්‍රතිඥාවක් දී තිබේ.

අගමැති රනිල් වික්‍රමසිංහ අඟහරුවාදා (අප්‍රේල් 25) ඉන්දියාවේ සංචාරයක් ආරම්භ කළේය.

අගමැතිවරයාගේ සංචාරයෙන් අනතුරුව ඉන්දීය අගමැති නරේන්ද්‍ර සිං මෝදි මැයි මස මුල භාගයේ ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරතවීමට නියමිත අතර, එහිදී දෙපාර්ශවය අතර ගිවිසුම් ගණනාවකට අත්සන් තැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

පළමු ලෝක යුද්ධයෙන් අනතුරුව බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් විසින් නිර්මාණය කරන ලද තෙල් ටැංකි සංකීර්ණය මුලින් ටැංකි 101 න් සමන්විතවූ අතර දැන් එයින් ඉතිරිව තිබෙන්නේ 99 ක් පමණි.

එය ඛනිජ තෙල් ගබඩා කිරීම සඳහා ශ්‍රී ලංකාව සතුව තිබෙන එකම තෙල් ටැංකි සංකීර්ණය වේ.

ජනාධිපති ජේආර් ජයවර්ධන සහ ඉන්දීය අගමැති රජීව් ගාන්ධි විසින් 1987 දී අත්සන් තබන ලද ඉන්දු ලංකා ගිවිසුම ප්‍රකාර ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණය සම්බන්ධයෙන් ඉන්දියාව හැර වෙනත් කිසිදු රටක් සමග ගනුදෙනු නොකිරීමට ශ්‍රී ලංකාව බැඳී සිටී.

දෙමළ කොටි සංවිධානය සමග සටන් විරාම ගිවිසුමට අත්සන් තැබීමෙන් අනතුරුව, 2003 දී අගමැති රනිල් වික්‍රමසිංහගේ එක්සත් ජාතික පක්ෂ පාලනය ඉන්දීය ඛනිජ තෙල් (IOC) සමාගම සමග ගිවිසුමකට අත්සන් තැබුවේය.එම ගිවිසුම ප්‍රකාර, ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි 99 වසර 37 ක කාලයක් සඳහා බදු දීම මෙන්ම ශ්‍රී ලංකාව තුළ ඛනිජ තෙල් බෙදාහැරීමේ කටයුතුවලින් තුනෙන් එකක් ඉන්දීය සමාගමට පැවරිණි.එවක් පටන් IOC සමාගම භාවිත කර තිබෙන්නේ ඒ අතරින් ටැංකි 14 ක් පමණි.

ඒ අවස්ථාවේ අගමැතිවරයා එවැනි ගිවිසුමකට අත්සන් තැබීමේ අවශ්‍යතාව නොතිබුණ බව පවසන ලංකා ඛනිජ තෙල් පොදු සේවක සංගමයේ සභාපති අසෝක රන්වල, එවක ජනාධිපතිනිය වූ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ඒ පිළිබඳව සිය විරෝධය ලිඛිතවම දන්වා තිබෙන බව ද බීබීසී සිංහල සේවය කළ විමසීමකදී සඳහන් කළේය.

එමෙන්ම අදාළ ගිවිසුම බලාත්මක වූයේ අත්සන් තැබීමෙන් මාස හයකට පසුව බැවින් නීතිය හමුවේ එය වලංගු නොවන බව වෘත්තීය සමිති නායකයාගේ තර්කය වේ.කෙසේ නමුත් ඉන්දීය සමාගම මෙතෙක් එම ටැංකි භුක්ති විඳ තිබෙන බැවින් ගිවිසුමේ කාලය අවසාන වනතුරු ඉන්දීය සමාගම දිගටම එම ටැංකි භාවිත කිරීම පිළිබඳව සිය විරෝධයක් නොමැති බවත් ඔහු සඳහන් කරයි.

එසේ නම් ඇයි මේ විරෝධය ?

IOC සමාගම දැනට භාවිත නොකරන තෙල් ටැංකි 85 යළි භාවිතයට ගැනීමට පෙර පූර්ණ අලුත්වැඩියාවක් කළ යුතුව තිබෙන බව ඒඑෆ්පී පුවත් සේවයේ කොළඹ ප්‍රධානී අමල් ජයසිංහ පෙන්වාදෙයි.එහෙත් ටැංකි 16 ක් සුළු අලුත්වැඩියාවකින් අනතුරුව භාවිත කළ හැකි මට්ටමේ පවතින බව ලංකා ඛනිජ තෙල් පොදු සේවක සංගමයේ සභාපතිවරයාගේ මතයයි.රුපියල් මිලියන 50 ක පමණ මුදලක් ඒ සඳහා වැය වනු ඇති බව පවසන ඔහු, ඉන් අනතුරුව ක්‍රමානුකූලව අනෙක් ටැංකි අලුත්වැඩියා කළ හැකි බව බීබීසී සිංහල සේවයට පැවසීය.

එබැවින් ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි කළමනාකරණය කිරීම පිණිස ඉන්දියාව සමග හවුල් ගිවිසුමකට අත්සන් තැබීමෙන් ශ්‍රී ලංකාවට කිසිදු ආර්ථික වාසියක් අත්නොවන බව වෘත්තීය සමිතිවල මතය වී ඇත.එම ටැංකිවල අයිතිය ලංකා ඛනිජ තෙල් සංස්ථාවට පවරන මෙන් ඉල්ලා සිටින වෘත්තීය සමිති, එය ශ්‍රී ලංකාවට විදේශ විනිමය ගලා එන ලාභදායී ව්‍යාපාරයක් බවට පත්කිරීමට තමන්ට හැකියාව තිබෙන බව අවධාරණය කරයි.

ආණ්ඩුවේ මතය කුමක්ද?

ත්‍රිකුණාමලයේ තෙල් ටැංකිවලින් වැඩි ප්‍රමාණයක් ඉන්දු-ශ්‍රී ලංකා හවුල් ව්‍යාපාරයක් ලෙස පවත්වා ගැනීම පිණිස IOC සමාගම සමග නව ගිවිසුමකට අත්සන් තැබීම ආණ්ඩුවේ උත්සාහය වී ඇත.

IOC සමාගම සමග දැනට පවතින ගිවිසුම මගින් ශ්‍රී ලංකාවට වසරකට ඩොලර් ලක්ෂයක මුදලක් ලැබෙන අතර, නව ගිවිසුම මගින් එම ආදායම ඉහළ යනු ඇති අතරම ටැංකි අලුත්වැඩියාව පිණිස වැයවන මුදල ද ශ්‍රී ලංකාවට පමණක් දරාගැනීමට සිදු නොවන බව ආණ්ඩුවේ ස්ථාවරය වේ.

නව ගිවිසුම කෙතරම් කාලයක් සඳහා බලාත්මක වන්නේද යන්න පිළිබඳව තවමත් අවසන් තීරණයකට එළඹී නැත.පැරණි ගිවිසුමේ නීත්‍යානුකූලභාවය පිළිබඳව ඇතැම් ගැටළු පවතින නමුත් 2003 සිට මේ දක්වා පැවති සෑම පක්ෂයටම අයත් ආණ්ඩු IOC සමාගමෙන් වසරකට ඩොලර් ලක්ෂයක ආදයමක් ලබාගෙන තිබෙන බව විෂය භාර අමාත්‍ය චන්දිම වීරක්කොඩි බීබීසී සිංහල සේවය කළ විමසීමකදී සඳහන් කළේය.

ඒ අනුව දැනට IOC සමාගම යටතේ පවතින ටැංකි 15 දිගටම එම සමාගමට බදු දීමටත්, ටැංකි 10 ක පාලනය ලංකා ඛනිජ තෙල් නීතිගත සමාගමට පැවරීමටත්, ඉතිරි ටැංකි 74 IOC සහ ලංකා ඛනිජ තෙල් නීතිගත සමාගම හවුලේ කොටස් අයිතිය දරන නව සමාගමක් මගින් සංවර්ධනය කිරීමටත් කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වී තිබේ."ලොකු දුර්මතයක් ගෙනියනවා ඒ තමයි මේක විකුණන්න හදනවා කියල," බව පවසන අමාත්‍ය චන්දිම වීරක්කොඩි තෙල් ටැංකි විකිණීමේ කිසිදු සැලසුමක් නොමැති බවද අවධාරණය කරයි.

Copyright © 2017 බී.බී.සී සිංහල

[QUOTE="dimuthmike, post: 21528310, member: 264240"] [b]Trincomalee තෙල්_ටැංකි_ගැන මේ කරුණු දැන සිටියාද?[/b] [CENTER][SIZE="5"][COLOR="Black"]ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ගැන මේ කරුණු දැන සිටියාද?[/COLOR][/SIZE][/CENTER] [SIZE="3"][COLOR="black"]ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණය ඉන්දියාවට ලබාදීමට සැරසෙන බවට චෝදනා කරමින් ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සේවකයන් සඳුදා (අප්‍රේල් 24) දියත්කළ වැඩවර්ජනය හේතුවෙන් රටපුරාම ඉන්ධන බෙදාහැරීම ඇණහිට තිබුණි.තෙල් ටැංකි ඉන්දියාවට ලබාදීමේ කිසිදු සූදානමක් නැති බවට විෂය භාර අමාත්‍ය චන්දිම වීරක්කොඩි සහ රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් ප්‍රසිද්ධියේ ප්‍රතිඥා දුන්නත්, සඳුදා රාත්‍රියේ අගමැති රනිල් වික්‍රමසිංහ මුණගැසෙන තුරුම වර්ජනය අත්හැරීම සේවකයෝ ප්‍රතික්ෂේප කළහ. [CENTER][IMG]https://ichef-1.bbci.co.uk/news/660/cpsprodpb/0D6F/production/_95793430_img_1382-2.jpg[/IMG][/CENTER] එම සාකච්ඡාවේදී අගමැතිවරයා ලබාදුන් ලිඛිත පොරොන්දුවකින් අනතුරුව වර්ජනය අත්හැරීමට වෘත්තීය සමිති තීරණය කළහ.සිය ඉන්දීය සංචාරයේදී ඉන්දියාව තෙල් ටැංකිවලට අදාළ කිසිදු ගිවිසුමකට නොඑළඹෙන බවට අගමැතිවරයා වෘත්තීය සමිතිවලට ප්‍රතිඥාවක් දී තිබේ. අගමැති රනිල් වික්‍රමසිංහ අඟහරුවාදා (අප්‍රේල් 25) ඉන්දියාවේ සංචාරයක් ආරම්භ කළේය. අගමැතිවරයාගේ සංචාරයෙන් අනතුරුව ඉන්දීය අගමැති නරේන්ද්‍ර සිං මෝදි මැයි මස මුල භාගයේ ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරතවීමට නියමිත අතර, එහිදී දෙපාර්ශවය අතර ගිවිසුම් ගණනාවකට අත්සන් තැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. [CENTER][IMG]https://ichef-1.bbci.co.uk/news/624/cpsprodpb/15B37/production/_95778888_15279038-93ab-4695-9a96-fd7faa1ecf30.jpg[/IMG] [/CENTER] පළමු ලෝක යුද්ධයෙන් අනතුරුව බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් විසින් නිර්මාණය කරන ලද තෙල් ටැංකි සංකීර්ණය මුලින් ටැංකි 101 න් සමන්විතවූ අතර දැන් එයින් ඉතිරිව තිබෙන්නේ 99 ක් පමණි. එය ඛනිජ තෙල් ගබඩා කිරීම සඳහා ශ්‍රී ලංකාව සතුව තිබෙන එකම තෙල් ටැංකි සංකීර්ණය වේ. ජනාධිපති ජේආර් ජයවර්ධන සහ ඉන්දීය අගමැති රජීව් ගාන්ධි විසින් 1987 දී අත්සන් තබන ලද ඉන්දු ලංකා ගිවිසුම ප්‍රකාර ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණය සම්බන්ධයෙන් ඉන්දියාව හැර වෙනත් කිසිදු රටක් සමග ගනුදෙනු නොකිරීමට ශ්‍රී ලංකාව බැඳී සිටී. [SIZE="4"]දෙමළ කොටි සංවිධානය සමග සටන් විරාම ගිවිසුමට අත්සන් තැබීමෙන් අනතුරුව, 2003 දී අගමැති රනිල් වික්‍රමසිංහගේ එක්සත් ජාතික පක්ෂ පාලනය ඉන්දීය ඛනිජ තෙල් (IOC) සමාගම සමග ගිවිසුමකට අත්සන් තැබුවේය.එම ගිවිසුම ප්‍රකාර, ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි 99 වසර 37 ක කාලයක් සඳහා බදු දීම මෙන්ම ශ්‍රී ලංකාව තුළ ඛනිජ තෙල් බෙදාහැරීමේ කටයුතුවලින් තුනෙන් එකක් ඉන්දීය සමාගමට පැවරිණි.එවක් පටන් IOC සමාගම භාවිත කර තිබෙන්නේ ඒ අතරින් ටැංකි 14 ක් පමණි.[/SIZE] ඒ අවස්ථාවේ අගමැතිවරයා එවැනි ගිවිසුමකට අත්සන් තැබීමේ අවශ්‍යතාව නොතිබුණ බව පවසන ලංකා ඛනිජ තෙල් පොදු සේවක සංගමයේ සභාපති අසෝක රන්වල, එවක ජනාධිපතිනිය වූ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ඒ පිළිබඳව සිය විරෝධය ලිඛිතවම දන්වා තිබෙන බව ද බීබීසී සිංහල සේවය කළ විමසීමකදී සඳහන් කළේය. එමෙන්ම අදාළ ගිවිසුම බලාත්මක වූයේ අත්සන් තැබීමෙන් මාස හයකට පසුව බැවින් නීතිය හමුවේ එය වලංගු නොවන බව වෘත්තීය සමිති නායකයාගේ තර්කය වේ.කෙසේ නමුත් ඉන්දීය සමාගම මෙතෙක් එම ටැංකි භුක්ති විඳ තිබෙන බැවින් ගිවිසුමේ කාලය අවසාන වනතුරු ඉන්දීය සමාගම දිගටම එම ටැංකි භාවිත කිරීම පිළිබඳව සිය විරෝධයක් නොමැති බවත් ඔහු සඳහන් කරයි. එසේ නම් ඇයි මේ විරෝධය ? IOC සමාගම දැනට භාවිත නොකරන තෙල් ටැංකි 85 යළි භාවිතයට ගැනීමට පෙර පූර්ණ අලුත්වැඩියාවක් කළ යුතුව තිබෙන බව ඒඑෆ්පී පුවත් සේවයේ කොළඹ ප්‍රධානී අමල් ජයසිංහ පෙන්වාදෙයි.එහෙත් ටැංකි 16 ක් සුළු අලුත්වැඩියාවකින් අනතුරුව භාවිත කළ හැකි මට්ටමේ පවතින බව ලංකා ඛනිජ තෙල් පොදු සේවක සංගමයේ සභාපතිවරයාගේ මතයයි.රුපියල් මිලියන 50 ක පමණ මුදලක් ඒ සඳහා වැය වනු ඇති බව පවසන ඔහු, ඉන් අනතුරුව ක්‍රමානුකූලව අනෙක් ටැංකි අලුත්වැඩියා කළ හැකි බව බීබීසී සිංහල සේවයට පැවසීය. එබැවින් ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි කළමනාකරණය කිරීම පිණිස ඉන්දියාව සමග හවුල් ගිවිසුමකට අත්සන් තැබීමෙන් ශ්‍රී ලංකාවට කිසිදු ආර්ථික වාසියක් අත්නොවන බව වෘත්තීය සමිතිවල මතය වී ඇත.එම ටැංකිවල අයිතිය ලංකා ඛනිජ තෙල් සංස්ථාවට පවරන මෙන් ඉල්ලා සිටින වෘත්තීය සමිති, එය ශ්‍රී ලංකාවට විදේශ විනිමය ගලා එන ලාභදායී ව්‍යාපාරයක් බවට පත්කිරීමට තමන්ට හැකියාව තිබෙන බව අවධාරණය කරයි. ආණ්ඩුවේ මතය කුමක්ද? ත්‍රිකුණාමලයේ තෙල් ටැංකිවලින් වැඩි ප්‍රමාණයක් ඉන්දු-ශ්‍රී ලංකා හවුල් ව්‍යාපාරයක් ලෙස පවත්වා ගැනීම පිණිස IOC සමාගම සමග නව ගිවිසුමකට අත්සන් තැබීම ආණ්ඩුවේ උත්සාහය වී ඇත. IOC සමාගම සමග දැනට පවතින ගිවිසුම මගින් ශ්‍රී ලංකාවට වසරකට ඩොලර් ලක්ෂයක මුදලක් ලැබෙන අතර, නව ගිවිසුම මගින් එම ආදායම ඉහළ යනු ඇති අතරම ටැංකි අලුත්වැඩියාව පිණිස වැයවන මුදල ද ශ්‍රී ලංකාවට පමණක් දරාගැනීමට සිදු නොවන බව ආණ්ඩුවේ ස්ථාවරය වේ. [CENTER][IMG]https://ichef-1.bbci.co.uk/news/624/cpsprodpb/BEF7/production/_95778884_trinco.jpg[/IMG][/CENTER] නව ගිවිසුම කෙතරම් කාලයක් සඳහා බලාත්මක වන්නේද යන්න පිළිබඳව තවමත් අවසන් තීරණයකට එළඹී නැත.පැරණි ගිවිසුමේ නීත්‍යානුකූලභාවය පිළිබඳව ඇතැම් ගැටළු පවතින නමුත් 2003 සිට මේ දක්වා පැවති සෑම පක්ෂයටම අයත් ආණ්ඩු IOC සමාගමෙන් වසරකට ඩොලර් ලක්ෂයක ආදයමක් ලබාගෙන තිබෙන බව විෂය භාර අමාත්‍ය චන්දිම වීරක්කොඩි බීබීසී සිංහල සේවය කළ විමසීමකදී සඳහන් කළේය. ඒ අනුව දැනට IOC සමාගම යටතේ පවතින ටැංකි 15 දිගටම එම සමාගමට බදු දීමටත්, ටැංකි 10 ක පාලනය ලංකා ඛනිජ තෙල් නීතිගත සමාගමට පැවරීමටත්, ඉතිරි ටැංකි 74 IOC සහ ලංකා ඛනිජ තෙල් නීතිගත සමාගම හවුලේ කොටස් අයිතිය දරන නව සමාගමක් මගින් සංවර්ධනය කිරීමටත් කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වී තිබේ."ලොකු දුර්මතයක් ගෙනියනවා ඒ තමයි මේක විකුණන්න හදනවා කියල," බව පවසන අමාත්‍ය චන්දිම වීරක්කොඩි තෙල් ටැංකි විකිණීමේ කිසිදු සැලසුමක් නොමැති බවද අවධාරණය කරයි.[/COLOR][/SIZE] [CENTER][IMG]http://static.bbci.co.uk/frameworks/barlesque/3.20.5/orb/4/img/bbc-blocks-dark.png[/IMG] Copyright © 2017 බී.බී.සී සිංහල[/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom