Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
📸 SIGMA 85mm F1.4 DG HSM | Art — Nikon Mount
romeshnonis
Updated:
Yesterday at 3:56 PM
Google AI PRO - 18 Month
Sanathbh
Updated:
Yesterday at 2:42 PM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Monday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Monday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
True religion is yet to be found.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ආගමක් සහ දහමක් කියන්නෙ සම්පූර්ණයෙන්ම වෙනස් දෙකක් මිත්‍රයා. දර්ශනයක (philosophy) හැම කාරණයක්ම ඉදිරිපත් වෙන්නෙ යම්කිසි පදනමක පිහිටලා නිගමනයන් වෙත එළඹීමක් වගේම න්‍යායිකව (logically) ඉදිරියට යා නොහැකි අවස්ථාවක යම් කරුණු ගෙන දක්වලා එතැනින් යම් ආකාරයකට සහේතුකව ඉදිරියට ගිහින් කරුණු දැක්වීමක්. ඇරිස්ටෝටලීය න්‍යාය ගැන පොඩ්ඩක් හිතල බැලුවොත් අපි අද තර්ක විතර්ක කරන්න භාවිතා කරන්නෙ බටහිර ඇරිස්ටෝටලීය දර්ශනයෙන් බිහි වුණ මේ තාර්කණ ක්‍රමයෙන් (logic). එතැනින්ම පැහැදිලියි දර්ශනයක් කියන්නෙ න්‍යායන්ට වඩා මූලික මට්ටමක දෙයක්. ආගමක් කියන්නෙ ඇදහිල්ලක්. සම්පූර්ණ වෙනස් කතන්දරයක්. ආගමක් සහ දර්ශනයක් සංසන්දනය කරන්න බැහැ ඔය විදියට.

ඔබ ඔය කතා කරන මට්ටමෙන් සොබා දහම තේරුම් ගැනීම කරන්නෙ ආගමකින් හෝ දර්ශනයකින් නෙමෙයි විද්‍යාවෙන්. දර්ශනයක් සහ විද්‍යාවක් කියන්නෙ එකිනෙකින් සම්පූර්ණයෙන්ම වෙනස් අන්ත දෙකක් එක්තරා විදියකට. විද්‍යාව, නැත්නම් විද්‍යාත්මක ක්‍රමයෙදි ඇරිස්ටෝටලීය න්‍යාය මගින් අපෝහනය කළ නොහැකි කිසිම දෙයක් සත්‍ය ලෙස පිලි ගන්නෙ නැහැ. එහෙනම් එතැනදිත් පැහැදිලියි දර්ශනය කියන්නෙ විද්‍යාවකට වඩා මූලික කාරණයක්. හේතුව විද්‍යාත්මක ක්‍රමය, විද්‍යාව කියන දේත් බිහි වෙන්නෙ දර්ශනවාදයේ අතුරු ඵලයක් විදියට.

ආගමක් මිනිසාට අවශ්‍ය වෙන්නෙ ලෝකය ගැන හොයන්න කියන කාරණය මම බැහැර කරනවා. හේතුව ආගමක් කියන්නෙ ඇදහිල්ලක්, විද්‍යාත්මක නැහැ. සමහර විට මුස්ලිම් මිත්‍රයෙක් ඉදිරිපත් වෙයි විද්‍යාව මගින් ඉස්ලාම් ආගම උගන්නන්න. නැත්නම් බෞද්ධ මිත්‍රයෙක් බුද්ධ ආගම උගන්නන්න. ඒක හරියටම කියනව නම් විද්‍යාවෙන් අවිද්‍යාව උගන්නන්න කරන උත්සාහයක්. එහෙම කලොත් ඔහු කරන්නෙ පොදුවේ පවතින අනවබෝධය ප්‍රයෝජනයට අරන් තමංගෙ විශ්වාසයන් ඇදහිලි අනිත් අයටත් බෝ කරන්න කරන උත්සාහයක්ම පමණයි.

මම කිව්ව ලෝකයේ බිහි වීම වගේ කාරණා ගැන කතා කරන්නෙ විද්‍යාවෙන් කියල. විද්‍යාව කියන්නෙ හරිම පටු කවුලුවක් මිත්‍රයා. ඒක එක්තරා දර්ශනයක් මගින් පමණක් පෝශනය වෙලා අද හැම අස්සක් මුල්ලක් නෑර පැතිරිලා තියන්නෙ ඒක මගින් ඔය වගේ කාරණා ගැන තේරුම් ගැනීමට උත්සාහ කරන අය ලබල තියන 'සාර්ථකත්වය' නිසා. ඒත් මේ සාර්ථකත්වය කියන දේ රාමු වෙලා තියනව 'යතාර්ථය' (reality) කියල දේකට. මේක සංකල්පයක්. අපේ මනස්ගාතයක්. දර්ශනයකින් කෙරෙන දේ ඔබ සිතා සිටින විදියට ඔය මනස්ගාතය ප්‍රචලිත කිරීම නෙමෙයි මිත්‍රයා.

ආගම් ගැන කතා කරනව නම්, මම දකින්නෙ ආගම් කියන දේ සමාජ අවශ්‍යතාවක්. ආගම් නැතුව බැහැ සමාජයකට. හැම මට්ටමකම මනුස්සයෙකුටම තමංගෙ සමාජ වටපිටාවෙ අනෙක් අයටත් පොදු ඇදහිල්ලක් හෝ තියෙන්න ඕනෙ. හැමෝටම දාර්ශනිකයෙක් වෙන්න බැහැ. හැමෝටම දර්ශනවාදය් හෝ දර්ශනය කියන්නෙ මොකක් දැයි ග්‍රහණය කරගන්න බැහැ. ඒ තියා අඩුම තරමෙ විද්‍යාව වත් ග්‍රහණය කරගන්න හැමෝටම බැරි නම්, සරල විසඳුමක් අත්‍යවශ්‍යයි. ඒ විසඳුම තමයි ආගම කියල කියන්නෙ.

[QUOTE="djHiran, post: 9516992, member: 6429"] [COLOR="Sienna"][SIZE="4"]ආගමක් සහ දහමක් කියන්නෙ සම්පූර්ණයෙන්ම වෙනස් දෙකක් මිත්‍රයා. දර්ශනයක (philosophy) හැම කාරණයක්ම ඉදිරිපත් වෙන්නෙ යම්කිසි පදනමක පිහිටලා නිගමනයන් වෙත එළඹීමක් වගේම න්‍යායිකව (logically) ඉදිරියට යා නොහැකි අවස්ථාවක යම් කරුණු ගෙන දක්වලා එතැනින් යම් ආකාරයකට සහේතුකව ඉදිරියට ගිහින් කරුණු දැක්වීමක්. ඇරිස්ටෝටලීය න්‍යාය ගැන පොඩ්ඩක් හිතල බැලුවොත් අපි අද තර්ක විතර්ක කරන්න භාවිතා කරන්නෙ බටහිර ඇරිස්ටෝටලීය දර්ශනයෙන් බිහි වුණ මේ තාර්කණ ක්‍රමයෙන් (logic). එතැනින්ම පැහැදිලියි දර්ශනයක් කියන්නෙ න්‍යායන්ට වඩා මූලික මට්ටමක දෙයක්. ආගමක් කියන්නෙ ඇදහිල්ලක්. සම්පූර්ණ වෙනස් කතන්දරයක්. ආගමක් සහ දර්ශනයක් සංසන්දනය කරන්න බැහැ ඔය විදියට. ඔබ ඔය කතා කරන මට්ටමෙන් සොබා දහම තේරුම් ගැනීම කරන්නෙ ආගමකින් හෝ දර්ශනයකින් නෙමෙයි විද්‍යාවෙන්. දර්ශනයක් සහ විද්‍යාවක් කියන්නෙ එකිනෙකින් සම්පූර්ණයෙන්ම වෙනස් අන්ත දෙකක් එක්තරා විදියකට. විද්‍යාව, නැත්නම් විද්‍යාත්මක ක්‍රමයෙදි ඇරිස්ටෝටලීය න්‍යාය මගින් අපෝහනය කළ නොහැකි කිසිම දෙයක් සත්‍ය ලෙස පිලි ගන්නෙ නැහැ. එහෙනම් එතැනදිත් පැහැදිලියි දර්ශනය කියන්නෙ විද්‍යාවකට වඩා මූලික කාරණයක්. හේතුව විද්‍යාත්මක ක්‍රමය, විද්‍යාව කියන දේත් බිහි වෙන්නෙ දර්ශනවාදයේ අතුරු ඵලයක් විදියට. ආගමක් මිනිසාට අවශ්‍ය වෙන්නෙ ලෝකය ගැන හොයන්න කියන කාරණය මම බැහැර කරනවා. හේතුව ආගමක් කියන්නෙ ඇදහිල්ලක්, විද්‍යාත්මක නැහැ. සමහර විට මුස්ලිම් මිත්‍රයෙක් ඉදිරිපත් වෙයි විද්‍යාව මගින් ඉස්ලාම් ආගම උගන්නන්න. නැත්නම් බෞද්ධ මිත්‍රයෙක් බුද්ධ ආගම උගන්නන්න. ඒක හරියටම කියනව නම් විද්‍යාවෙන් අවිද්‍යාව උගන්නන්න කරන උත්සාහයක්. එහෙම කලොත් ඔහු කරන්නෙ පොදුවේ පවතින අනවබෝධය ප්‍රයෝජනයට අරන් තමංගෙ විශ්වාසයන් ඇදහිලි අනිත් අයටත් බෝ කරන්න කරන උත්සාහයක්ම පමණයි. මම කිව්ව ලෝකයේ බිහි වීම වගේ කාරණා ගැන කතා කරන්නෙ විද්‍යාවෙන් කියල. විද්‍යාව කියන්නෙ හරිම පටු කවුලුවක් මිත්‍රයා. ඒක එක්තරා දර්ශනයක් මගින් පමණක් පෝශනය වෙලා අද හැම අස්සක් මුල්ලක් නෑර පැතිරිලා තියන්නෙ ඒක මගින් ඔය වගේ කාරණා ගැන තේරුම් ගැනීමට උත්සාහ කරන අය ලබල තියන 'සාර්ථකත්වය' නිසා. ඒත් මේ සාර්ථකත්වය කියන දේ රාමු වෙලා තියනව 'යතාර්ථය' (reality) කියල දේකට. මේක සංකල්පයක්. අපේ මනස්ගාතයක්. දර්ශනයකින් කෙරෙන දේ ඔබ සිතා සිටින විදියට ඔය මනස්ගාතය ප්‍රචලිත කිරීම නෙමෙයි මිත්‍රයා. ආගම් ගැන කතා කරනව නම්, මම දකින්නෙ ආගම් කියන දේ සමාජ අවශ්‍යතාවක්. ආගම් නැතුව බැහැ සමාජයකට. හැම මට්ටමකම මනුස්සයෙකුටම තමංගෙ සමාජ වටපිටාවෙ අනෙක් අයටත් පොදු ඇදහිල්ලක් හෝ තියෙන්න ඕනෙ. හැමෝටම දාර්ශනිකයෙක් වෙන්න බැහැ. හැමෝටම දර්ශනවාදය් හෝ දර්ශනය කියන්නෙ මොකක් දැයි ග්‍රහණය කරගන්න බැහැ. ඒ තියා අඩුම තරමෙ විද්‍යාව වත් ග්‍රහණය කරගන්න හැමෝටම බැරි නම්, සරල විසඳුමක් අත්‍යවශ්‍යයි. ඒ විසඳුම තමයි ආගම කියල කියන්නෙ.[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom