nalinweer

Well-known member
  • Sep 12, 2009
    1,978
    360
    83
    බ්‍රිතාන්‍යයේ ස්ථීර පදිංචිය ගැනීමේ නීති ලිහිල් වේ
    Thursday, 17 March 2011 15:50


    වීසා රෙගුලාසි අළුතින් හඳුන්වා දෙයි

    ආයෝජකයින් ඇතුළු විශේෂ කුසලතාවයක් සහිත පුද්ගලයින්ට ඉක්මනින් පදිංචිය ලබාදෙන ආකාරයට බ්‍රිතාන්‍යය විසින් සිය වීසා රෙගුලාසි වෙනස් කරයි.

    මේ අනුව, මහා බ්‍රිතාන්‍යයේ නව වීසා රෙගුලාසි වලට අනුව එරට මහා පරිමාණයෙන් ආයෝජනය කර රැකියා උත්පාදනය කරන ව්‍යවසායකයින්ට ඉතාමත් ඉක්මනින් එරට ස්ථීර පදිංචිය ලබාගත හැකිබව මෙරට පිහිටි බ්‍රිතාන්‍යය මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කරයි.

    බ්‍රිතාන්‍යයේ ආර්ථික වර්ධන ක්‍රියාවලිය සඳහා ඉන්දියාව වැනි රටවලින් ධනවත් හා බුද්ධිමත් පිරිස් වැඩි වශයෙන් අද්දවා ගැනීම සඳහා මෙම නව වීසා ලබාදීමේ ක්‍රමවේදය හඳුන්වා දී තිබේ.

    මේ අනුව, බ්‍රිතාන්‍යයේ පවුම් මිලියන පහක් ආයෝජනය කරන්නෙකුට වසර තුනක් ගිය පසුව එරට ස්ථීර පදිංචියද, පවුම් මිලියන දහයක් හෝ ඊට වැඩිපුර ආයෝජනය කරන්නෙකුට වසර දෙකක් ගිය පසු එරට ස්ථීර පදිංචියද ලබාගත හැකිබව සඳහන්ය.

    මීට පෙර, බ්‍රිතාන්‍යයේ ස්ථීර පදිංචිය ලබාගැනීමට මෙම කාලයට වඩා කාලයක් එරට රැඳී සිටිය යුතුව තිබුණි.
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    පවුම් මිලියන 5ක් තියෙනවනම් කවුද බං ඔහේ යන්නේ..අනික උන්ගේ දැන් තියෙන්නේ බොරු ලොකුකම විතරයි..රට බංකොලොත්.
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අම්මටසිරි! දැන්මම ගිහින් බලන්න ඕන ඇකවුන් එකේ පවුම් මිලියන 5ක් තියෙනවද කියලා! :lol: