Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Unilever සබන් වල ඇස් අන්ධ කරන විෂ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේද අම්ල භාෂ්මික ද්‍රාවණයක් සමඟ සිදු කෙරෙන ප්‍රතික්‍රියාවෙන් සෑදෙන මේද අම්ලයේ සෝඩියම් ලවණය ඔබ දිනපතා යොදා ගන්නේ කුමකට දැයි ඇසුවහොත්, බොහෝ දෙනකු තුෂ්නිම්භූත වනු ඇත්තේ, ඒ මොනවා දැයි හරිහැටි නොදන්නා නිසා ය. ඒ අන් කිසිවක් නොව වසර 3,000ක් තරම් අතීතයක් හිමි, එදා සිට අද දක්වාම මිනිසාගේ දෛනික පිරිසිදු කිරීමේ කටයුතු සඳහා යොදා ගන්නා සබන් ය. සෑම අයෙකුම දිනපතා සබන් පාවිච්චි කළ ද ඒවායේ රසායනික සංයුතිය ගැන සොයාබැලීමට කිසිවෙකු උනන්දු වන්නේ නැත. ඒ එසේ කිරීමට විශේෂ අවශ්‍යතාවක් නැති නිසාය.

එහෙත්, මේ වන විට ඒ ගැන ද සොයාබැලීමට සිදුව ඇත්තේ, ඒවා ගැන සොයා බැලිය යුතු ආයතන සහ බලධාරීන් නිසි සොයාබැලීමකින් තොරව රසායනිකව මිනිස් සමට අහිතකර සබන් වර්ග වෙළෙඳපොළට නිකුත් වෙද්දී ඇස් කන් පියාගෙන සිටින නිසා ය.

පොදු සම්මුතියට අනුව ලංකාවේ වෙළෙඳපොළ තුළ තිබෙන සබන් මූලිකව වර්ග තුනකට බෙදා තිබේ. ඒ බේබි සබන්, ඇඟ ගල්වන සබන් සහ ‘බේදින් බාර්’ වශයෙනි. ඒ අනුව ඒ ඒ වර්ගයේ අඩංගු රසායනික සංයුතීන් හි ද වෙනසක් තිබේ. එහි දී මූලිකව සලකනු ලබන්නේ TFM අගය කොපමණ ද යන්න වන අතර, බේබි සබන්වල එය 78%ක් සහ ඇඟ ගල්වන සබන්වල 76.5%ක් විය යුතු ය. බේදින් බාර්වල TFM අගය 40%කි.

TFM අගය යනු සමස්ත මේද පදාර්ථ ප්‍රමාණයයි. එනම් සබන්වල සේදුම්කාරක හැකියාව ලබා දෙන සැබෑ සබන් අංශු ප්‍රමාණයයි. ඉහළ TFM අගයකින් යුත් සබන් ඉතා සුමුදු, වැඩි පෙණ ප්‍රමාණයක් ලබා දෙන අතර, ඉහළ සේදීමේ හැකියාවකින් ද යුක්ත වේ. අතීතයේ දී මේ සඳහා සත්ත්ව මේදය යොදා ගනු ලැබුව ද වර්තමානයේ දී ඊට පොල්තෙල් හෝ පාම්තෙල් යොදා ගනු ලබයි. ඒ අනුව සබන් කැටයක් ස්වාභාවික තෙල්වලින් නිෂ්පාදිත, උසස් ප්‍රමිතියෙන් යුතු බවට සනාථ කිරීමට ඇති හොඳම දර්ශකය එහි ඇති ඔත්ඵ අගය වේ.

ප්‍රමිති ආයතනයේ ප්‍රමිතිය

2001 වසරේ දී බහුජාතික සමාගමක් වන ‘යුනිලීවර්’ සමාගමේ බලපෑම මත ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය ‘බේදින් බාර්’ යන සංයෝගය සඳහා SLS 1220:2001 නමැති ප්‍රමිතිය හඳුන්වා දුන් අතර, 2016දී කරන ලද සුළු සංශෝධනයකින් පසුව SLS 1220:2016 ලෙසින් එය මේ වන විට ද බලාත්මක වේ. ඒ නිසා ඇඟ ගල්වන සබන්වල TFM අගය 76.5% සිට 40% දක්වා අඩු කර එම අඩු කරන ලද TFM ප්‍රමාණය කෘත්‍රිම සේදුම්කාරක භාවිත කරමින් සපුරා ගැනීමට මෙම ‘බේදින් බාර් ප්‍රමිතිය’ මඟින් ඉඩ සැලසී තිබේ.

කෙසේ වෙතත්, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් නිකුත් කර ඇති ඉහත කී ප්‍රමිති නිර්ණායකය අනුව බේදින් බාර් ලෙස භාවිත කළ හැකි කෘත්‍රිම සේදුම්කාරක කාණ්ඩ 14ක් අනුමත කර තිබේ. මෙම කෘත්‍රිම සේදුම්කාරක අතර, ලොව විශාල වශයෙන්ම රෙදි සෝදන කුඩු සඳහා භාවිත කරන අමුද්‍රව්‍යයක් වන ‘ලීනියර් ඇල්කයිල් බෙන්සීන් සල්ෆොනේට්’ කාණ්ඩය ද 2001 වසරේ දී ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ ප්‍රමිතීන්ට ඇතුළත් ය.

සබන් වෙනුවට බේදින් බාර්

2001 වසරේ සිට යුනිලීවර් සමාගම විසින් ඉහත කී කාණ්ඩයේ සංයෝගයක් වන ‘සෝඩියම් ඩොඩෙසයිල් බෙන්සීන් සල්ෆොනේට්’ නම් රසායනිකය’ යන ඇඟ ගල්වන සබන් වර්ග තුන සඳහා ද භාවිත කරමින් සිටියි. එහෙත්, මේ වර්ග තුනම රසායනික සංයුතිය අනුව ඇඟ ගල්වන සබන් යටතට අයත් නොවන අතර ඒවා අයත් වෙන්නේ ‘බේදින් බාර්’ නමැති කාණ්ඩයටය.

නිෂ්පාදන වියදම අඩු කර උපරිම ලාභයක් ලබා ගැනීමේ අරමුණින් ඇතැම් බහුජාතික සමාගම් සබන් වෙනුවට බේදින් බාර් හඳුන්වා දෙනු ලැබුයේ ඌන සංවර්ධිත රටවල් ඉලක්ක කර ගනිමිනි. ඒ අනුව ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, ඉන්දියාව, පාකිස්ථානය, ලිබියාව වැනි රටවල සබන් මෙන්ම බේදින් බාර් ද භාවිතා කරනු ලබයි. නයිජීරියාව වැනි රටවල සබන් ඇත්තේම නැත. ඒ වෙනුවට ඇත්තේ බේදින් බාර් පමණි. සංවර්ධිත රටවල බේදින් බාර් භාවිත නොකරන අතර ඔවුන් සම්පූර්ණයෙන්ම සබන් භාවිත කරනු ලබයි.

හානිය

සෝඩියම් ඩොඩෙසයිල් බෙන්සීන් සල්ෆොනේට් සංයෝගය මිනිස් සමට සහ විශේෂයෙන්ම ඇස්වල පෙනීම අඩු වීමට බලපාන බව ශ්‍රී ලංකා රූපලාවන්‍ය නිෂ්පාදකයන්ගේ සංගමය පවසන අතර, ඒ සඳහා 2001 වසරේ සිට 2012 දක්වා ලංකාවේ වයස අවුරුදු 15 සිට 29 දක්වා තරුණ තරුණියන්ගේ ඇස් පෙනීමේ දුර්වලතාවේ වර්ධනය පිළිබඳව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද වාර්තාවක් ද උපුටා දක්වා තිබේ. ඒ අනුව එම කාල පරාසය තුළ තරුණ කාන්තාවන්ගේ ඇස් පෙනීමේ දුර්වලතාවන්ගේ වර්ධනය ආසන්න වශයෙන් 700%කින් වැඩි වී ඇත. එසේ ම එය පිරිමි පාර්ශ්වයට වඩා දෙගුණයක වැඩි වීමකි.

International Journal of Toxicology යන ලොව පිළිගත් පර්යේෂණ වාර්තා සඟරාවක පළ වී ඇති වාර්තාවක් අනුව ද සෝඩියම් ඩොඩෙසයිල් බෙන්සීන් සල්ෆොනේට් රසායනිකය 0.4%කට වැඩි වූ විට මිනිස් ඇසට බලපෑම් ඇති විය හැකි බව සඳහන් කර තිබේ.

ලංකාවේ සංයුතිය

යුනිලීවර් සමාගම විසින් නිෂ්පාදනය කරන ‘ලක්ස්’, ‘ලයිෆ්බෝයි’ මෙන්ම අලුතින් නිපදවන ‘ආයුෂ්’ යන බේදින් බාර් සඳහා එම රසායනිකයෙන් 3.1% සිට 5.1%ක් දක්වා ප්‍රමාණයක් භාවිත කරන බව ශ්‍රී ලංකා රූපලාවන්‍ය නිෂ්පාදකයන්ගේ සංගමය විසින් 2018 වසරේ මැයි මාසයේ සිට කිහිප වරක්ම ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය දැනුවත් කර තිබේ.

ශ්‍රී ලාංකිකයන්ට අඩු සැලකිලි

මෙසේ ජනතාවගේ පරිහරණයට නිකුත් කරන බේදින් බාර් යනු සබන් නොවන බවට මෙරට සබන් නිෂ්පාදනය කරන තවත් සමාගමක් යුනිලීවර් සමාගමට එරෙහිව කොළඹ වාණිජ මහාධිකරණයේ පනවා ඇති 29/2018/ IP දරන නඩුවේ අතුරු ඉන්ජන්ෂන් ඉල්ලීම සම්බන්ධයෙන් 2019.02.15 දින නිකුත් කර ඇති නියෝගය මඟින් කරුණු රැසක් අනාවරණය වී තිබේ. ඒ අනුව ලොව සමස්ත සෝඩියම් ඩොඩෙසයිල් බෙන්සීන් සල්ෆොනේට් රසායනිකයේ නිෂ්පාදනයෙන් 95%ක් පමණ භාවිත වනුයේ, රෙදි සෝදන කුඩු සඳහා වන අතර, ඉතිරි 5%න් වැඩි කොටසක් ඩිෂ් වොෂ්, කාර් වොෂ් සහ කාපට් ක්ලීනර් වැනි නිෂ්පාදන සඳහා භාවිත වන බවත් ‘ලක්ස්’ සහ ‘ලයිෆ්බෝයි’ සඳහා ඩිෂ්වොෂ්වලට භාවිත කරන ප්‍රමාණයටත් වඩා එම සංයෝගය භාවිත වන බවත් හෙළි වී ඇත. එසේම බැලූබැල්මට යුනිලීවර් සමාගම ශ්‍රී ලංකාවේ පාරිභෝගිකයන් නොමඟ යවන ආකාරයේ ක්‍රියාවක යෙදී සිටින බව පැහැදිලි බවත්, ශරීරය සේදීමට නොව වෙනත් ද්‍රව්‍ය සේදීමට භාවිත කරන එම රසායනික ද්‍රව්‍යය ඔවුන් භාවිත කර ඇත්තේ, ශ්‍රී ලංකාවේ දී පමණක් බවත්, එමඟින් ඔවුන් ශ්‍රී ලාංකිකයන්ට අඩු සැලැකිල්ලක් දක්වා ඇති බවත් ඉහත අතුරු ඉන්ජන්ෂන් ඉල්ලීම පිළිබඳ නියෝගය ලබා දෙමින් ගරු මහාධිකරණ විනිසුරුවරයා සිය නියෝගයේ සඳහන් කර තිබේ.

ප්‍රමිති ආයතනයට ඇති චෝදනා

මෙසේ ලංකාවේ දී පමණක් මෙම රසායනික සංයෝගය භාවිත කිරීම නිසා යුනිලීවර් සමාගම වසරකට රුපියල් මිලියන 300ක පමණ අමතර ලාභයක් උපයා ගන්නා අතර, එමඟින් මෙරට ජනතාවගේ අක්ෂි සෞඛ්‍යය බරපතළ අවදානමකට ලක්ව ඇත. මෙතැන ගැටලුව වන්නේ යුනිලීවර් සමාගම ලබන ලාභය නොවේ. ඒ වෙනුවෙන් ජන ජීවිතය අවදානමට හෙළීම ය. ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය පිහිටුවා ඇත්තේ ම මෙවැනි දේ නියාමනය කර පාරිභෝගිකයාට නිසි ප්‍රමිතියෙන් යුතු පාරිභෝගික භාණ්ඩ ලබා දීම සඳහා ය. එහෙත් එකපෙළට කරුණු අනාවරණය වෙමින් තිබිය දී ප්‍රමිති ආයතනය සබන් සම්බන්ධයෙන් ඇති මේ ගැටලුකාරී තත්ත්වයට මැදිහත් නොවන්නේ කුමන හේතුවක් නිසා දැයි පැහැදිලි නැත. ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ පාලනාධිකාරිය යුනිලීවර් සමාගමේ කොන්ත්‍රාත්තුවක් ඉටු කරමින් සිටින්නේ ය යන චෝදනාව ද මේ වන විට එල්ල වෙමින් තිබෙන්නේ ඒ නිසා ය. එපමණක් නොව විදෙස් රටවලින් මෙරටට ගෙන්වන ආහාර ද්‍රව්‍ය, ගොඩනැඟිලි ද්‍රව්‍ය පමණක් නොව මනුෂ්‍ය පරිභෝජනයට යොදා ගන්නා වෙනත් ද්‍රව්‍යවල ප්‍රමිතිය සම්බන්ධයෙන් ද ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය ලබා දෙන සහතිකය පිළිබඳ සැක මතුව තිබෙන බව පසුගිය කාලයේ මාධ්‍ය මඟින් වාර්තා කර තිබිණි. ඒ එම භාණ්ඩ ආනයනය කරන රටවලට ගොස් ඒවායේ තත්ත්වය පරීක්ෂා කරන්නේ ඒ ඒ භාණ්ඩ පිළිබඳ විශේෂඥ දැනුමක් නොමැති අය වීම නිසා ය. සිමෙන්තිවල ප්‍රමිතිය පරීක්ෂා කිරීමට ඉන්දියාවට සහ පාකිස්ථානයට ගොස් ඇත්තේ, ආහාර පිළිබඳ විෂය දැනුමක් ඇති පුද්ගලයන් ය. වියට්නාමයෙන් ගෙන්වන විදුලි උපකරණ පරීක්ෂාවට යවා ඇත්තේ ද එවැනිම පිරිසකි. ඊට අමතරව කිරිපිටි, ගෑස් ආදී බොහෝ දේ පිළිබඳ ප්‍රමිති පරීක්ෂාවට යැවූ අය පිළිබඳව ප්‍රමිති ආයතනයට චෝදනා එල්ල වී ඇත.

විශේෂයෙන් එම චෝදනා එල්ල වී තිබෙන්නේ ප්‍රමිති ආයතනයේ වත්මන් අධ්යක්ෂ ජනරාල්වරිය වෙත ය. බඳවා ගැනීමේ සුදුසුකම් පවා සපුරා නොමැති ඇයගේ ක්‍රියාකලාපය සහ ඥාති සංග්‍රහ සම්බන්ධයෙන් එහි සේවකයන්, සේවක සංගම්, විගණකාධිපතිවරයාට, විෂයභාර ඇමතිවරයාට පමණක් නොව ජනාධිපතිවරයාට ද ලිඛිතව මේ පිළිබඳව දැනුම් දී තිබේ. එහෙත්, තවමත් ඊට ද නිසි පිළිතුරක් ලැබී නොමැත.

ඒ නිසා දැන් නිසි ප්‍රමිතියෙන් තොරව ‘සබන්’ යැයි කියා ‘බේදින් බාර්’ ඇඟේ ගාන මෙරට ජනතාව ප්‍රමිතියෙන් තොර තවත් මොන මොනවා භාවිත කරන්නේ දැයි කිසිවෙක් දන්නේ නැත. වැටත්, නියරත් ගොයම් කන රටක නීතියත් වල්වැදී ඇත් නම් ප්‍රමිතිය ගැන කුමන කතා දැයි හිත හදා ගන්නේ ද, නැත්නම්, බහුජාතික සමාගම්වල වුවමනාවට මෙවැනි දේ තව දුරටත් සිදු වන්නට ඉඩ හරිනවා ද යන තීරණය ඇත්තේ ජනතාව අතේය.

- චතුර දිසානායක (උපුටා ගැනීම - ‘ලංකා’ සති අන්ත ජාතික පුවත්පත)

Source : [MEDIA=facebook]story_fbid=229665062004092:id=107000814270518[/MEDIA]

[QUOTE="Natsu_Drag001, post: 25981423, member: 567152"] [SIZE=4]මේද අම්ල භාෂ්මික ද්‍රාවණයක් සමඟ සිදු කෙරෙන ප්‍රතික්‍රියාවෙන් සෑදෙන මේද අම්ලයේ සෝඩියම් ලවණය ඔබ දිනපතා යොදා ගන්නේ කුමකට දැයි ඇසුවහොත්, බොහෝ දෙනකු තුෂ්නිම්භූත වනු ඇත්තේ, ඒ මොනවා දැයි හරිහැටි නොදන්නා නිසා ය. ඒ අන් කිසිවක් නොව වසර 3,000ක් තරම් අතීතයක් හිමි, එදා සිට අද දක්වාම මිනිසාගේ දෛනික පිරිසිදු කිරීමේ කටයුතු සඳහා යොදා ගන්නා සබන් ය. සෑම අයෙකුම දිනපතා සබන් පාවිච්චි කළ ද ඒවායේ රසායනික සංයුතිය ගැන සොයාබැලීමට කිසිවෙකු උනන්දු වන්නේ නැත. ඒ එසේ කිරීමට විශේෂ අවශ්‍යතාවක් නැති නිසාය. එහෙත්, මේ වන විට ඒ ගැන ද සොයාබැලීමට සිදුව ඇත්තේ, ඒවා ගැන සොයා බැලිය යුතු ආයතන සහ බලධාරීන් නිසි සොයාබැලීමකින් තොරව රසායනිකව මිනිස් සමට අහිතකර සබන් වර්ග වෙළෙඳපොළට නිකුත් වෙද්දී ඇස් කන් පියාගෙන සිටින නිසා ය. පොදු සම්මුතියට අනුව ලංකාවේ වෙළෙඳපොළ තුළ තිබෙන සබන් මූලිකව වර්ග තුනකට බෙදා තිබේ. ඒ බේබි සබන්, ඇඟ ගල්වන සබන් සහ ‘බේදින් බාර්’ වශයෙනි. ඒ අනුව ඒ ඒ වර්ගයේ අඩංගු රසායනික සංයුතීන් හි ද වෙනසක් තිබේ. එහි දී මූලිකව සලකනු ලබන්නේ TFM අගය කොපමණ ද යන්න වන අතර, බේබි සබන්වල එය 78%ක් සහ ඇඟ ගල්වන සබන්වල 76.5%ක් විය යුතු ය. බේදින් බාර්වල TFM අගය 40%කි. TFM අගය යනු සමස්ත මේද පදාර්ථ ප්‍රමාණයයි. එනම් සබන්වල සේදුම්කාරක හැකියාව ලබා දෙන සැබෑ සබන් අංශු ප්‍රමාණයයි. ඉහළ TFM අගයකින් යුත් සබන් ඉතා සුමුදු, වැඩි පෙණ ප්‍රමාණයක් ලබා දෙන අතර, ඉහළ සේදීමේ හැකියාවකින් ද යුක්ත වේ. අතීතයේ දී මේ සඳහා සත්ත්ව මේදය යොදා ගනු ලැබුව ද වර්තමානයේ දී ඊට පොල්තෙල් හෝ පාම්තෙල් යොදා ගනු ලබයි. ඒ අනුව සබන් කැටයක් ස්වාභාවික තෙල්වලින් නිෂ්පාදිත, උසස් ප්‍රමිතියෙන් යුතු බවට සනාථ කිරීමට ඇති හොඳම දර්ශකය එහි ඇති ඔත්ඵ අගය වේ. ප්‍රමිති ආයතනයේ ප්‍රමිතිය 2001 වසරේ දී බහුජාතික සමාගමක් වන ‘යුනිලීවර්’ සමාගමේ බලපෑම මත ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය ‘බේදින් බාර්’ යන සංයෝගය සඳහා SLS 1220:2001 නමැති ප්‍රමිතිය හඳුන්වා දුන් අතර, 2016දී කරන ලද සුළු සංශෝධනයකින් පසුව SLS 1220:2016 ලෙසින් එය මේ වන විට ද බලාත්මක වේ. ඒ නිසා ඇඟ ගල්වන සබන්වල TFM අගය 76.5% සිට 40% දක්වා අඩු කර එම අඩු කරන ලද TFM ප්‍රමාණය කෘත්‍රිම සේදුම්කාරක භාවිත කරමින් සපුරා ගැනීමට මෙම ‘බේදින් බාර් ප්‍රමිතිය’ මඟින් ඉඩ සැලසී තිබේ. කෙසේ වෙතත්, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් නිකුත් කර ඇති ඉහත කී ප්‍රමිති නිර්ණායකය අනුව බේදින් බාර් ලෙස භාවිත කළ හැකි කෘත්‍රිම සේදුම්කාරක කාණ්ඩ 14ක් අනුමත කර තිබේ. මෙම කෘත්‍රිම සේදුම්කාරක අතර, ලොව විශාල වශයෙන්ම රෙදි සෝදන කුඩු සඳහා භාවිත කරන අමුද්‍රව්‍යයක් වන ‘ලීනියර් ඇල්කයිල් බෙන්සීන් සල්ෆොනේට්’ කාණ්ඩය ද 2001 වසරේ දී ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ ප්‍රමිතීන්ට ඇතුළත් ය. සබන් වෙනුවට බේදින් බාර් 2001 වසරේ සිට යුනිලීවර් සමාගම විසින් ඉහත කී කාණ්ඩයේ සංයෝගයක් වන ‘සෝඩියම් ඩොඩෙසයිල් බෙන්සීන් සල්ෆොනේට්’ නම් රසායනිකය’ යන ඇඟ ගල්වන සබන් වර්ග තුන සඳහා ද භාවිත කරමින් සිටියි. එහෙත්, මේ වර්ග තුනම රසායනික සංයුතිය අනුව ඇඟ ගල්වන සබන් යටතට අයත් නොවන අතර ඒවා අයත් වෙන්නේ ‘බේදින් බාර්’ නමැති කාණ්ඩයටය. නිෂ්පාදන වියදම අඩු කර උපරිම ලාභයක් ලබා ගැනීමේ අරමුණින් ඇතැම් බහුජාතික සමාගම් සබන් වෙනුවට බේදින් බාර් හඳුන්වා දෙනු ලැබුයේ ඌන සංවර්ධිත රටවල් ඉලක්ක කර ගනිමිනි. ඒ අනුව ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, ඉන්දියාව, පාකිස්ථානය, ලිබියාව වැනි රටවල සබන් මෙන්ම බේදින් බාර් ද භාවිතා කරනු ලබයි. නයිජීරියාව වැනි රටවල සබන් ඇත්තේම නැත. ඒ වෙනුවට ඇත්තේ බේදින් බාර් පමණි. සංවර්ධිත රටවල බේදින් බාර් භාවිත නොකරන අතර ඔවුන් සම්පූර්ණයෙන්ම සබන් භාවිත කරනු ලබයි. හානිය සෝඩියම් ඩොඩෙසයිල් බෙන්සීන් සල්ෆොනේට් සංයෝගය මිනිස් සමට සහ විශේෂයෙන්ම ඇස්වල පෙනීම අඩු වීමට බලපාන බව ශ්‍රී ලංකා රූපලාවන්‍ය නිෂ්පාදකයන්ගේ සංගමය පවසන අතර, ඒ සඳහා 2001 වසරේ සිට 2012 දක්වා ලංකාවේ වයස අවුරුදු 15 සිට 29 දක්වා තරුණ තරුණියන්ගේ ඇස් පෙනීමේ දුර්වලතාවේ වර්ධනය පිළිබඳව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද වාර්තාවක් ද උපුටා දක්වා තිබේ. ඒ අනුව එම කාල පරාසය තුළ තරුණ කාන්තාවන්ගේ ඇස් පෙනීමේ දුර්වලතාවන්ගේ වර්ධනය ආසන්න වශයෙන් 700%කින් වැඩි වී ඇත. එසේ ම එය පිරිමි පාර්ශ්වයට වඩා දෙගුණයක වැඩි වීමකි. International Journal of Toxicology යන ලොව පිළිගත් පර්යේෂණ වාර්තා සඟරාවක පළ වී ඇති වාර්තාවක් අනුව ද සෝඩියම් ඩොඩෙසයිල් බෙන්සීන් සල්ෆොනේට් රසායනිකය 0.4%කට වැඩි වූ විට මිනිස් ඇසට බලපෑම් ඇති විය හැකි බව සඳහන් කර තිබේ. ලංකාවේ සංයුතිය යුනිලීවර් සමාගම විසින් නිෂ්පාදනය කරන ‘ලක්ස්’, ‘ලයිෆ්බෝයි’ මෙන්ම අලුතින් නිපදවන ‘ආයුෂ්’ යන බේදින් බාර් සඳහා එම රසායනිකයෙන් 3.1% සිට 5.1%ක් දක්වා ප්‍රමාණයක් භාවිත කරන බව ශ්‍රී ලංකා රූපලාවන්‍ය නිෂ්පාදකයන්ගේ සංගමය විසින් 2018 වසරේ මැයි මාසයේ සිට කිහිප වරක්ම ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය දැනුවත් කර තිබේ. ශ්‍රී ලාංකිකයන්ට අඩු සැලකිලි මෙසේ ජනතාවගේ පරිහරණයට නිකුත් කරන බේදින් බාර් යනු සබන් නොවන බවට මෙරට සබන් නිෂ්පාදනය කරන තවත් සමාගමක් යුනිලීවර් සමාගමට එරෙහිව කොළඹ වාණිජ මහාධිකරණයේ පනවා ඇති 29/2018/ IP දරන නඩුවේ අතුරු ඉන්ජන්ෂන් ඉල්ලීම සම්බන්ධයෙන් 2019.02.15 දින නිකුත් කර ඇති නියෝගය මඟින් කරුණු රැසක් අනාවරණය වී තිබේ. ඒ අනුව ලොව සමස්ත සෝඩියම් ඩොඩෙසයිල් බෙන්සීන් සල්ෆොනේට් රසායනිකයේ නිෂ්පාදනයෙන් 95%ක් පමණ භාවිත වනුයේ, රෙදි සෝදන කුඩු සඳහා වන අතර, ඉතිරි 5%න් වැඩි කොටසක් ඩිෂ් වොෂ්, කාර් වොෂ් සහ කාපට් ක්ලීනර් වැනි නිෂ්පාදන සඳහා භාවිත වන බවත් ‘ලක්ස්’ සහ ‘ලයිෆ්බෝයි’ සඳහා ඩිෂ්වොෂ්වලට භාවිත කරන ප්‍රමාණයටත් වඩා එම සංයෝගය භාවිත වන බවත් හෙළි වී ඇත. එසේම බැලූබැල්මට යුනිලීවර් සමාගම ශ්‍රී ලංකාවේ පාරිභෝගිකයන් නොමඟ යවන ආකාරයේ ක්‍රියාවක යෙදී සිටින බව පැහැදිලි බවත්, ශරීරය සේදීමට නොව වෙනත් ද්‍රව්‍ය සේදීමට භාවිත කරන එම රසායනික ද්‍රව්‍යය ඔවුන් භාවිත කර ඇත්තේ, ශ්‍රී ලංකාවේ දී පමණක් බවත්, එමඟින් ඔවුන් ශ්‍රී ලාංකිකයන්ට අඩු සැලැකිල්ලක් දක්වා ඇති බවත් ඉහත අතුරු ඉන්ජන්ෂන් ඉල්ලීම පිළිබඳ නියෝගය ලබා දෙමින් ගරු මහාධිකරණ විනිසුරුවරයා සිය නියෝගයේ සඳහන් කර තිබේ. ප්‍රමිති ආයතනයට ඇති චෝදනා මෙසේ ලංකාවේ දී පමණක් මෙම රසායනික සංයෝගය භාවිත කිරීම නිසා යුනිලීවර් සමාගම වසරකට රුපියල් මිලියන 300ක පමණ අමතර ලාභයක් උපයා ගන්නා අතර, එමඟින් මෙරට ජනතාවගේ අක්ෂි සෞඛ්‍යය බරපතළ අවදානමකට ලක්ව ඇත. මෙතැන ගැටලුව වන්නේ යුනිලීවර් සමාගම ලබන ලාභය නොවේ. ඒ වෙනුවෙන් ජන ජීවිතය අවදානමට හෙළීම ය. ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය පිහිටුවා ඇත්තේ ම මෙවැනි දේ නියාමනය කර පාරිභෝගිකයාට නිසි ප්‍රමිතියෙන් යුතු පාරිභෝගික භාණ්ඩ ලබා දීම සඳහා ය. එහෙත් එකපෙළට කරුණු අනාවරණය වෙමින් තිබිය දී ප්‍රමිති ආයතනය සබන් සම්බන්ධයෙන් ඇති මේ ගැටලුකාරී තත්ත්වයට මැදිහත් නොවන්නේ කුමන හේතුවක් නිසා දැයි පැහැදිලි නැත. ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ පාලනාධිකාරිය යුනිලීවර් සමාගමේ කොන්ත්‍රාත්තුවක් ඉටු කරමින් සිටින්නේ ය යන චෝදනාව ද මේ වන විට එල්ල වෙමින් තිබෙන්නේ ඒ නිසා ය. එපමණක් නොව විදෙස් රටවලින් මෙරටට ගෙන්වන ආහාර ද්‍රව්‍ය, ගොඩනැඟිලි ද්‍රව්‍ය පමණක් නොව මනුෂ්‍ය පරිභෝජනයට යොදා ගන්නා වෙනත් ද්‍රව්‍යවල ප්‍රමිතිය සම්බන්ධයෙන් ද ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය ලබා දෙන සහතිකය පිළිබඳ සැක මතුව තිබෙන බව පසුගිය කාලයේ මාධ්‍ය මඟින් වාර්තා කර තිබිණි. ඒ එම භාණ්ඩ ආනයනය කරන රටවලට ගොස් ඒවායේ තත්ත්වය පරීක්ෂා කරන්නේ ඒ ඒ භාණ්ඩ පිළිබඳ විශේෂඥ දැනුමක් නොමැති අය වීම නිසා ය. සිමෙන්තිවල ප්‍රමිතිය පරීක්ෂා කිරීමට ඉන්දියාවට සහ පාකිස්ථානයට ගොස් ඇත්තේ, ආහාර පිළිබඳ විෂය දැනුමක් ඇති පුද්ගලයන් ය. වියට්නාමයෙන් ගෙන්වන විදුලි උපකරණ පරීක්ෂාවට යවා ඇත්තේ ද එවැනිම පිරිසකි. ඊට අමතරව කිරිපිටි, ගෑස් ආදී බොහෝ දේ පිළිබඳ ප්‍රමිති පරීක්ෂාවට යැවූ අය පිළිබඳව ප්‍රමිති ආයතනයට චෝදනා එල්ල වී ඇත. විශේෂයෙන් එම චෝදනා එල්ල වී තිබෙන්නේ ප්‍රමිති ආයතනයේ වත්මන් අධ්යක්ෂ ජනරාල්වරිය වෙත ය. බඳවා ගැනීමේ සුදුසුකම් පවා සපුරා නොමැති ඇයගේ ක්‍රියාකලාපය සහ ඥාති සංග්‍රහ සම්බන්ධයෙන් එහි සේවකයන්, සේවක සංගම්, විගණකාධිපතිවරයාට, විෂයභාර ඇමතිවරයාට පමණක් නොව ජනාධිපතිවරයාට ද ලිඛිතව මේ පිළිබඳව දැනුම් දී තිබේ. එහෙත්, තවමත් ඊට ද නිසි පිළිතුරක් ලැබී නොමැත. ඒ නිසා දැන් නිසි ප්‍රමිතියෙන් තොරව ‘සබන්’ යැයි කියා ‘බේදින් බාර්’ ඇඟේ ගාන මෙරට ජනතාව ප්‍රමිතියෙන් තොර තවත් මොන මොනවා භාවිත කරන්නේ දැයි කිසිවෙක් දන්නේ නැත. වැටත්, නියරත් ගොයම් කන රටක නීතියත් වල්වැදී ඇත් නම් ප්‍රමිතිය ගැන කුමන කතා දැයි හිත හදා ගන්නේ ද, නැත්නම්, බහුජාතික සමාගම්වල වුවමනාවට මෙවැනි දේ තව දුරටත් සිදු වන්නට ඉඩ හරිනවා ද යන තීරණය ඇත්තේ ජනතාව අතේය. - චතුර දිසානායක (උපුටා ගැනීම - ‘ලංකා’ සති අන්ත ජාතික පුවත්පත) Source : [MEDIA=facebook]story_fbid=229665062004092:id=107000814270518[/MEDIA] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom