Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Upul Shantha Sannasgala - u must read this
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඒ නිසා අම්මා බත් එකේ හංගලා බිත්තරයක් දෙන එක ඇතුළේ ‘පෝෂණය මදි’ කියන අර්ථයත් තියෙනවා. අම්මා මෙතැන දී ආදරය, මාතෘත්වය, අගය කිරීම උගන්වනවා.

උඩරට පළාත්වල සිරික් තියෙනවා සාමාන්‍යයෙන් කෝඩුකාරයෝ සිරීපාදේ නැඟල ආවාම උණු කැවුමක් හදාගෙන

”මයෙ අප්පා, කිරි කෝඩු කකුල්වලින් මහගිරිදඹේ නැංගද”

කිය කියා උණු කැවුමෙන් කකුල් තවනවා. ඒක අපේ අම්මා මටත් වෙනත් විදියකට කළා. අපෙ අම්මා මම ශිෂ්‍යත්වෙ පාස් වුණා ම පොඩි කැවුමක් හදාගෙන මගෙ අත් දෙකම තවන ගමන් අම්මා කියනවා;

”පුතේ, උඹ විභාගයක් පාස් ලු. මයෙ අප්පට කෝටියක් දේවල් ලියන්න ශක්තිය ලැබෙන්න ඕන. මහ මුහුද ගොඩ ගලනවා වාගේ සම්පත් ලැබෙන්න ඕක.”

කිලා අම්මා සිරීපාදේ ගිය එකෙක්ගෙ කකුල් තවන විදියට මගෙ අත් දෙකම තවනවා.

ඒ දවස්වල ඇතිවෙනවා මහා දුර්භික්ෂයක්. වර්ෂ වශයෙන් කිව්වොත් මට අවු.09දී විතර. 73 විතර. විශාල දුර්භික්ෂයක්. මේ ගැන මහාචාර්ය පුංචි බණ්ඩාර සන්නස්ගල මහතාගේ ‘සිංහල සාහිත්‍ය වංශය’ කියන පොතේ විශාල වශයෙන් දක්වල තිබ්බා. නමුත්, පසුකාලීනව දේශපාලන ආදී වූ විවිධ බලපෑම් නිසා ඒක ඉවත් කළා.

මේ දුර්භික්ෂයේ තරම කොයිතරම් ද කිව්වොත් පාන් කෑල්ලක් ගන්න පෝලිම්වල හිටපු මිනිස්සු ඇදගෙන වැටුණා. ඒ තරම් කුසගින්න. අපේ ගම්වල මිනිස්සු හබරල අල තම්බලා කෑවා. කෙසෙල්බඩ තම්බලා කෑවා බඩගින්නට. මේ කාලේ අපි දවස් 02ක් 03ක් විතර බඩගින්නෙ හිටියා.

මේ කාලේ අපි අක්කලා එක්ක ගිහින් එහා පැත්තෙ වත්තෙ වැවිලා තිබ්බා ‘බුත්සරණ’ කියලා අල ජාතියක්. මේ බුත්සරණ අල තම්බලා කෑවා. මේවා ගොඩක් කෑවම මත්වෙනව. මම අදටත් ආසාවට කන්න මේ පැළ ටිකක් හිටවගෙන තියෙනවා. මේ දවස්වල අපි වේල් 10,15 ඉරිඟු තම්බලා කෑවා.

එක දවසක් උදේක තුවායක් කරේ දාගෙන අම්මා උදේ 6ට 6.30ට විතර හපුතලේ කන්ද මුදුනෙන් ඉර පායනකොටම වගේ ගෙදරින් පිටත් වෙලා යනවා. ළමයින්ට කන්න දෙන්න කෑම හොයන්න.

අපි අඳුර වැටෙනකං බලන් හිටියා. අම්මා ආවෙ නෑ. රෑ 7.30ට 8ට විතර හපුතලේ කෝච්චිය හූවක් කියාගෙන පහළට බහිනවා ඇහෙනවා. ඒක තමයි සංඥාව අපි වෙලාව දැනගන්න. අම්මා තවම නෑ. අපි ඇඬුවා. හපුතලේ පහුකරගෙන ඉදල්ගස්හින්න පැත්තට බඩු කෝච්චිය ගියා ම අපි දන්නවා දැන් මධ්‍යම රාත්‍රියට ළඟයි කියලා. ඒක මුළු ගමට ම සංඥාවක්.

ඊට පස්සෙ රෑ 12.00ට විතර අම්මා ආවා ගෙදර. අම්මා උදේ ඉඳන් හපුතලේ ගම, වෙලන්හින්න, පහළ කඳුරුගමුව, විහාර කැලේ, දියතලාව, හපුතලේ, තංගමලේ කියන මේ හැම තැනකම ගෙවල් ගානේ ගිහින් ළමයින්ට කන්න මොනවා හරි අරන් එන්න. හැතැප්ම 10 – 15ක් උදේ ඉඳන් ඇවිදලා අම්මා අරං ආවේ එක පිටි ගුලියක්.

ඒ ගෙදර රොටි හදන්න අනපු පිටි ගුලියක් අම්මා අරන් ආවා. අම්මට ඒ පිටි ගුලිය දීලා තියෙන්නෙ පොඩිහාමිනේ නැන්දා. ඉතින් අම්මා මේකෙන් රොටියක් හදලා දීලා හැමෝටම කෑල්ල කෑල්ල කන්න දීලා අපිව නිදි කෙරෙව්වා.

ඒ තරමට මහා දුර්භික්ෂයක් තිබුණ කාලයක් ඒ.

ඊට පස්සෙ මට අම්මා ගැන කම්පාවෙන දවසක් එනකොට මම කැම්පස් එකේ දෙවන වසරේ. නිවාඩුවට ගමේ ගිය කාලෙක. ඒ දවස්වල ඉතින් ගමේ කොල්ලොත් එක්ක රස්තියාදු ගහලා,

කෙල්ලො බලන්න ගිහිල්ලා, චිත්‍රපටි බලලා ඇවිල්ලා නිදාගන්නවා. ඒ කාලෙ හරියට සිගරට් බොනවා. මේ කාලේ මහ තක්කඩි කාලයක් විදියට මම දකින්නේ. ඉතින් මෙහෙම ගිහිල්ලා ඇවිත් නිදාගත්තම උදේට නැගිටින්න පරක්කු වෙනවා.

තරුණ වයසනේ. ඉතින් එක දවසක් උදේ නැගිටිනකොට හොඳට ම පරක්කුවෙලා චිත්‍රපටිය බලන්න යන්න. ඒ කාලේ රීගල් ශාලාවෙ තමයි අපි චිත්‍රපටි බලන්න ගියේ. ඒ නිසා ඉක්මනට මුහුණකට හෝදගෙන බැලුවා කන්න මොනවද තියෙන්නෙ කියලා. රොටියක් තිබ්බා. දඩබඩ ගාලා රොටිය කාල ඇඳගෙන මිදුලට බහිනකොට අම්මා වත්තෙ තේ දළු කඩ කඩ හිටියෙ. (වත්තෙ කිව්වෙ අපේ ගේ ඉස්සරහ වවලා තිබ්බ තේ පාත්ති කිහිපයේ) මම එළියට බහිනකොට ම අම්මා ඈත ඉඳන් කෑ ගහලා මට කියනවා;

”මයෙ පුතේ, කුස්සියේ රොටියක් හදලා ඇති. මටත් කෑල්ලක් තියලා කාපං මයෙ අප්පා” කියලා.

අම්මා මේක කියනකොට මම මුළු රොටියම කාලා ඉවරයි.

දැන් අර සුගතපාල ද සිල්වා ගේ ‘මරාසාද්’ නාට්‍යයේ කියනවා වාගේ තමන්ගෙ ම කෙස් වල්ලෙන් තමන්ව ම අල්ලන් කණපිට ගහනවා වාගේ හැඟීමක් ඇතිවුණා. මම මොහොතක්වත් ගෙදර හිටියෙ නෑ. ඒ වෙලොවෙ ම ගියා චිත්‍රපටිය බලන්න.

දැන් මට මගේ බඩවැල් ටික අල්ලලා වමාරන්න තරමෙ ශක්තියක් ඇතිවුණා. ඇයි? අම්මට නොතියා මුළු රොටියම මම කෑවට.

මිනිස්සු ස්වයං දඬුවම් දී ගන්නවනේ. මමත් එදා දවල්, රෑ, පහුවදා උදේ දවල්, රෑ කෑවේ නෑ. මම කුසගින්නේ සිටිය හැකි ප්‍රමාණය කොතරම් ද මම එතරම් හිටියා අර වරදට වන්දි ගෙවන්න. ඒක තක්කඩි රොටි කෑමක් විදියට මට පෙනෙන්නෙ.

පහෙන් පස්සෙ මම ජනානන්ද මධ්‍ය මහා විද්‍යාලයෙන් සාමාන්‍ය පෙළ කරනවා. ඊට පස්සෙ මම ගෙදරින් පැනලා යනවා. ඊට පස්සෙ තමයි මම තර්ස්ටන් යන්නෙ.

පිංපියොත් එක්ක, ගණිකාවෝ එක්ක, කුඩුකාරයො, ගංජා කාරයෝ, රස්තියාදුකාරයෝ, සමලිංගිකයෝ, තක්කඩියොත් එක්ක හිටපු එකේ ප්‍රතිඵලය තමයි මම කොළඹ සරසවියට යන්නෙ. ඒ කාලෙ මං ගාලු මුවදොර පිටියේ බණ්ඩාරනායක ප්‍රතිමාව යට නිදාගත් දවස් තියෙනවා.

කෝච්චි පෙට්ටිවල නිදාගත්තා. තර්ස්ටන් වලට එන්නේ විවිධ උපක්‍රම යොදලා. ඒක හෙළි කරන්න බෑ. තර්ස්ටන් එකේ යාළුවො ඒක දන්නවා. ඒ වගේ ම මා ගාව තියෙන සහතික මිටියත් ඒකට සාක්ෂි.

ඒ කාලේ (කොළඹ ඉන්න කාලේ) මම වියදමට සල්ලි හොයාගත්තෙ ගල්කිස්සෙ බෞද්ධ බාලිකාව ළඟ තිබ්බ පොළේ ඉරිදා සෙනසුරාදා ක්‍රෝටන් වගේ පැළ විකුණලා. තර්ස්ටන් එකේ ඉන්නකොට මගේ කෑම බිල ගෙව්වෙ දැන් ඇමෙරිකාවෙ ඉන්න මගෙ යාළුවා.

පියල් සසංක තවම බත්තරමුල්ලේ ඉන්න ගිහාන් ශ්‍රීනාත් අල්විස් මගේ යාළුවෝ තමයි ඒ කාලේ මගේ රැකවරණ යාළුවෝ. එතකොට බ්‍රිගේඩියර් සත්‍යප්‍රිය ලියනගේ, මේජර් සමුදය, මහේන්ද්‍ර, මදන් මේ ඔක්කොම තර්ස්ටන් එකේ මගේ යාළුවෝ. තර්ස්ටන් එකේ්දී මගේ පෞරුෂය හැදුවෙ මේ යාළුවෝ.

මම විශ්වවිද්‍යාලෙට ගිහින් ලියනවා මගේ මුල් ම පොත ‘සරසවි දියණියෝ’. ඒක එළිදක්වන දවසෙ අම්මවයි, තාත්තවයි දෙන්නව ම මම කොළඹ එක්කන් එනවා. අම්මට අකුරක්වත් බෑ. අප්පච්චි අන්ධයි. ඉතින් මම මගේ මුල් ම පොතේ ‘පිදුම’ ලියන්නෙ අම්මටයි. අප්පච්චිටයි.

[QUOTE="thilankat, post: 7876176, member: 4549"] ඒ නිසා අම්මා බත් එකේ හංගලා බිත්තරයක් දෙන එක ඇතුළේ ‘පෝෂණය මදි’ කියන අර්ථයත් තියෙනවා. අම්මා මෙතැන දී ආදරය, මාතෘත්වය, අගය කිරීම උගන්වනවා. උඩරට පළාත්වල සිරික් තියෙනවා සාමාන්‍යයෙන් කෝඩුකාරයෝ සිරීපාදේ නැඟල ආවාම උණු කැවුමක් හදාගෙන ”මයෙ අප්පා, කිරි කෝඩු කකුල්වලින් මහගිරිදඹේ නැංගද” කිය කියා උණු කැවුමෙන් කකුල් තවනවා. ඒක අපේ අම්මා මටත් වෙනත් විදියකට කළා. අපෙ අම්මා මම ශිෂ්‍යත්වෙ පාස් වුණා ම පොඩි කැවුමක් හදාගෙන මගෙ අත් දෙකම තවන ගමන් අම්මා කියනවා; ”පුතේ, උඹ විභාගයක් පාස් ලු. මයෙ අප්පට කෝටියක් දේවල් ලියන්න ශක්තිය ලැබෙන්න ඕන. මහ මුහුද ගොඩ ගලනවා වාගේ සම්පත් ලැබෙන්න ඕක.” කිලා අම්මා සිරීපාදේ ගිය එකෙක්ගෙ කකුල් තවන විදියට මගෙ අත් දෙකම තවනවා. ඒ දවස්වල ඇතිවෙනවා මහා දුර්භික්ෂයක්. වර්ෂ වශයෙන් කිව්වොත් මට අවු.09දී විතර. 73 විතර. විශාල දුර්භික්ෂයක්. මේ ගැන මහාචාර්ය පුංචි බණ්ඩාර සන්නස්ගල මහතාගේ ‘සිංහල සාහිත්‍ය වංශය’ කියන පොතේ විශාල වශයෙන් දක්වල තිබ්බා. නමුත්, පසුකාලීනව දේශපාලන ආදී වූ විවිධ බලපෑම් නිසා ඒක ඉවත් කළා. මේ දුර්භික්ෂයේ තරම කොයිතරම් ද කිව්වොත් පාන් කෑල්ලක් ගන්න පෝලිම්වල හිටපු මිනිස්සු ඇදගෙන වැටුණා. ඒ තරම් කුසගින්න. අපේ ගම්වල මිනිස්සු හබරල අල තම්බලා කෑවා. කෙසෙල්බඩ තම්බලා කෑවා බඩගින්නට. මේ කාලේ අපි දවස් 02ක් 03ක් විතර බඩගින්නෙ හිටියා. මේ කාලේ අපි අක්කලා එක්ක ගිහින් එහා පැත්තෙ වත්තෙ වැවිලා තිබ්බා ‘බුත්සරණ’ කියලා අල ජාතියක්. මේ බුත්සරණ අල තම්බලා කෑවා. මේවා ගොඩක් කෑවම මත්වෙනව. මම අදටත් ආසාවට කන්න මේ පැළ ටිකක් හිටවගෙන තියෙනවා. මේ දවස්වල අපි වේල් 10,15 ඉරිඟු තම්බලා කෑවා. එක දවසක් උදේක තුවායක් කරේ දාගෙන අම්මා උදේ 6ට 6.30ට විතර හපුතලේ කන්ද මුදුනෙන් ඉර පායනකොටම වගේ ගෙදරින් පිටත් වෙලා යනවා. ළමයින්ට කන්න දෙන්න කෑම හොයන්න. අපි අඳුර වැටෙනකං බලන් හිටියා. අම්මා ආවෙ නෑ. රෑ 7.30ට 8ට විතර හපුතලේ කෝච්චිය හූවක් කියාගෙන පහළට බහිනවා ඇහෙනවා. ඒක තමයි සංඥාව අපි වෙලාව දැනගන්න. අම්මා තවම නෑ. අපි ඇඬුවා. හපුතලේ පහුකරගෙන ඉදල්ගස්හින්න පැත්තට බඩු කෝච්චිය ගියා ම අපි දන්නවා දැන් මධ්‍යම රාත්‍රියට ළඟයි කියලා. ඒක මුළු ගමට ම සංඥාවක්. ඊට පස්සෙ රෑ 12.00ට විතර අම්මා ආවා ගෙදර. අම්මා උදේ ඉඳන් හපුතලේ ගම, වෙලන්හින්න, පහළ කඳුරුගමුව, විහාර කැලේ, දියතලාව, හපුතලේ, තංගමලේ කියන මේ හැම තැනකම ගෙවල් ගානේ ගිහින් ළමයින්ට කන්න මොනවා හරි අරන් එන්න. හැතැප්ම 10 – 15ක් උදේ ඉඳන් ඇවිදලා අම්මා අරං ආවේ එක පිටි ගුලියක්. ඒ ගෙදර රොටි හදන්න අනපු පිටි ගුලියක් අම්මා අරන් ආවා. අම්මට ඒ පිටි ගුලිය දීලා තියෙන්නෙ පොඩිහාමිනේ නැන්දා. ඉතින් අම්මා මේකෙන් රොටියක් හදලා දීලා හැමෝටම කෑල්ල කෑල්ල කන්න දීලා අපිව නිදි කෙරෙව්වා. ඒ තරමට මහා දුර්භික්ෂයක් තිබුණ කාලයක් ඒ. ඊට පස්සෙ මට අම්මා ගැන කම්පාවෙන දවසක් එනකොට මම කැම්පස් එකේ දෙවන වසරේ. නිවාඩුවට ගමේ ගිය කාලෙක. ඒ දවස්වල ඉතින් ගමේ කොල්ලොත් එක්ක රස්තියාදු ගහලා, කෙල්ලො බලන්න ගිහිල්ලා, චිත්‍රපටි බලලා ඇවිල්ලා නිදාගන්නවා. ඒ කාලෙ හරියට සිගරට් බොනවා. මේ කාලේ මහ තක්කඩි කාලයක් විදියට මම දකින්නේ. ඉතින් මෙහෙම ගිහිල්ලා ඇවිත් නිදාගත්තම උදේට නැගිටින්න පරක්කු වෙනවා. තරුණ වයසනේ. ඉතින් එක දවසක් උදේ නැගිටිනකොට හොඳට ම පරක්කුවෙලා චිත්‍රපටිය බලන්න යන්න. ඒ කාලේ රීගල් ශාලාවෙ තමයි අපි චිත්‍රපටි බලන්න ගියේ. ඒ නිසා ඉක්මනට මුහුණකට හෝදගෙන බැලුවා කන්න මොනවද තියෙන්නෙ කියලා. රොටියක් තිබ්බා. දඩබඩ ගාලා රොටිය කාල ඇඳගෙන මිදුලට බහිනකොට අම්මා වත්තෙ තේ දළු කඩ කඩ හිටියෙ. (වත්තෙ කිව්වෙ අපේ ගේ ඉස්සරහ වවලා තිබ්බ තේ පාත්ති කිහිපයේ) මම එළියට බහිනකොට ම අම්මා ඈත ඉඳන් කෑ ගහලා මට කියනවා; ”මයෙ පුතේ, කුස්සියේ රොටියක් හදලා ඇති. මටත් කෑල්ලක් තියලා කාපං මයෙ අප්පා” කියලා. අම්මා මේක කියනකොට මම මුළු රොටියම කාලා ඉවරයි. දැන් අර සුගතපාල ද සිල්වා ගේ ‘මරාසාද්’ නාට්‍යයේ කියනවා වාගේ තමන්ගෙ ම කෙස් වල්ලෙන් තමන්ව ම අල්ලන් කණපිට ගහනවා වාගේ හැඟීමක් ඇතිවුණා. මම මොහොතක්වත් ගෙදර හිටියෙ නෑ. ඒ වෙලොවෙ ම ගියා චිත්‍රපටිය බලන්න. දැන් මට මගේ බඩවැල් ටික අල්ලලා වමාරන්න තරමෙ ශක්තියක් ඇතිවුණා. ඇයි? අම්මට නොතියා මුළු රොටියම මම කෑවට. මිනිස්සු ස්වයං දඬුවම් දී ගන්නවනේ. මමත් එදා දවල්, රෑ, පහුවදා උදේ දවල්, රෑ කෑවේ නෑ. මම කුසගින්නේ සිටිය හැකි ප්‍රමාණය කොතරම් ද මම එතරම් හිටියා අර වරදට වන්දි ගෙවන්න. ඒක තක්කඩි රොටි කෑමක් විදියට මට පෙනෙන්නෙ. පහෙන් පස්සෙ මම ජනානන්ද මධ්‍ය මහා විද්‍යාලයෙන් සාමාන්‍ය පෙළ කරනවා. ඊට පස්සෙ මම ගෙදරින් පැනලා යනවා. ඊට පස්සෙ තමයි මම තර්ස්ටන් යන්නෙ. පිංපියොත් එක්ක, ගණිකාවෝ එක්ක, කුඩුකාරයො, ගංජා කාරයෝ, රස්තියාදුකාරයෝ, සමලිංගිකයෝ, තක්කඩියොත් එක්ක හිටපු එකේ ප්‍රතිඵලය තමයි මම කොළඹ සරසවියට යන්නෙ. ඒ කාලෙ මං ගාලු මුවදොර පිටියේ බණ්ඩාරනායක ප්‍රතිමාව යට නිදාගත් දවස් තියෙනවා. කෝච්චි පෙට්ටිවල නිදාගත්තා. තර්ස්ටන් වලට එන්නේ විවිධ උපක්‍රම යොදලා. ඒක හෙළි කරන්න බෑ. තර්ස්ටන් එකේ යාළුවො ඒක දන්නවා. ඒ වගේ ම මා ගාව තියෙන සහතික මිටියත් ඒකට සාක්ෂි. ඒ කාලේ (කොළඹ ඉන්න කාලේ) මම වියදමට සල්ලි හොයාගත්තෙ ගල්කිස්සෙ බෞද්ධ බාලිකාව ළඟ තිබ්බ පොළේ ඉරිදා සෙනසුරාදා ක්‍රෝටන් වගේ පැළ විකුණලා. තර්ස්ටන් එකේ ඉන්නකොට මගේ කෑම බිල ගෙව්වෙ දැන් ඇමෙරිකාවෙ ඉන්න මගෙ යාළුවා. පියල් සසංක තවම බත්තරමුල්ලේ ඉන්න ගිහාන් ශ්‍රීනාත් අල්විස් මගේ යාළුවෝ තමයි ඒ කාලේ මගේ රැකවරණ යාළුවෝ. එතකොට බ්‍රිගේඩියර් සත්‍යප්‍රිය ලියනගේ, මේජර් සමුදය, මහේන්ද්‍ර, මදන් මේ ඔක්කොම තර්ස්ටන් එකේ මගේ යාළුවෝ. තර්ස්ටන් එකේ්දී මගේ පෞරුෂය හැදුවෙ මේ යාළුවෝ. මම විශ්වවිද්‍යාලෙට ගිහින් ලියනවා මගේ මුල් ම පොත ‘සරසවි දියණියෝ’. ඒක එළිදක්වන දවසෙ අම්මවයි, තාත්තවයි දෙන්නව ම මම කොළඹ එක්කන් එනවා. අම්මට අකුරක්වත් බෑ. අප්පච්චි අන්ධයි. ඉතින් මම මගේ මුල් ම පොතේ ‘පිදුම’ ලියන්නෙ අම්මටයි. අප්පච්චිටයි. [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom