Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Tuesday at 12:57 PM
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Monday at 4:56 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
Urewela Kashyapa Damanaya
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

From: https://www.facebook.com/pages/Buddhist-Quotes/274624019273197

උරුවෙල කාශ්‍යපයන් දමනය කල ආකාරය තථාගතයන් වහන්සේගේ පුරිස දම්ම සාරති ගුණය විදහා දක්වන අවස්ථාවකි. මේ ඒ කතාන්දරයයි.

සවස් කාලයෙක්හි තථාගතයන් වහන්සේ උරුවෙල කාශ්‍යප තවුසා වෙත එළඹ, "කාශ්‍යපය, ඔබට බරක් නොවේනම් එක් රැයක් මේ ගිනිහල් ගෙයි වාසය කරමි" යි වදාළ හ. "මහ මහණ, මටනම් බරක් නැත. එහි ඝෝර විෂ ඇති නපුරු නාග රාජයෙක් වෙසෙයි. උගෙන් ඔබට නපුරක් විය හැකිය" යි උරුවෙල කාශ්‍යප කීය. ඉක්බිති තථාගතයන් වහන්සේ "කාශ්‍යපය, නාගරාජයා මට හිංසා නොකරනු ඇත. ඔබ මා හට එහි විසීමට අවකාශ දුන මානව " යි වදාළහ. එකල්හි උරුවෙල කාශ්‍යප, "මහණ, රිසිසේ වාසය කරනු මැනව" යි කීහ. තථාගතයන් වහන්සේ ගිනිහලට පිවිස තණ අතුරා එහි වැඩ හුන් සේක. කිසිවකු ඇතුළු නොවන ඔහුගේ භවනට කිසි ගරු සරුවක් නැතිව කෙනෙකු ඇතුළු වී හිඳීම ගැන නාරජු කිපුනේය. කිපුණු නාරජු බුදුරදුන් පලවා හැරීමට විෂ දුම් පිට කළේය. තථාගතයන් වහන්සේද ඔහු දමනය කරනු පිණිස දුම් හළහ. නාගයාගේ දුමින් බුදුනට පීඩාවක් නොවිණ. තථාගතයන් වහන්සේගේ දුමින් නාගයා පෙලිණ. එයින් ඔහු තවත් කිපී ගිනි පිට කරන්නට විය. තථාගතයන් වහන්සේද එසේ කළහ. නාගයාගේ ගින්නෙන් තථාගතයන් වහන්සේට අපහසුවක් නැත. තථාගතයන් වහන්සේගේ ගින්නෙන් නාරජු පෙලෙයි. දෙදෙනා ම ගිනි පිට කරන්නට වන් කල්හි ගිනිහල ගිනි දලුයෙන් වැසී ගියේය. ගින්න දැක තවුසෝ එහි පැමිණ ගිනිහල වටා බලා සිටිමින්, "අනේ ලස්සන මහණ නාග රාජයා විසින් නසනු ලැබෙය " යි ඔවුනොවුහු කතා කලෝය. තථාගතයන් වහන්සේ තමන් වහන්සේගේ ඍද්ධි බලයෙන් නාරජුගේ තේජස යට කොට , ඔහු දමනය කොට පාත්‍රයෙහි ලා පසුදින, "මේ ඔබේ ආනුභාව සම්පන්න නාගයාය " යි උරුවෙල කාශ්‍යප ට දැක්වූහ. උරුවෙල කාශ්‍යප නාගයා බලා "මහ මහණ නයින් දමනයට සමත් වුවද ඔහුට අපට මෙන් රහත් බවක් නම් නැතය" යි සිතී ය.

නාග දමනයෙන් පසු තථාගතයන් වහන්සේ උරුවෙල කාශ්‍යප ගේ අසපුව සමීපයේ වන ලැහැබක විසූ සේක. රාත්‍රියෙහි සතර දිගට අධිපති දෙවිවරු සතර දෙන එහි පැමිණ මහා ගිනි කඳන් සතරක් මෙන් දිලිසෙමින් බුදුන් වහන්සේ සමීපයේ සිට ගත්තෝය . උරුවෙල කාශ්‍යප දෙවියන් පැමිණ සිටිනු දුටුවේය. ඔහු බුදුන් වහන්සේ වෙත ගොස් ඒ කවරහුදැයි ඇසීය. "සතරවරම් දෙව් රජවරු දහම් ඇසීමට පැමිණියෝය" යි තථාගතයන් වහන්සේ වදාළහ. එය අසා "මහ මහණ කරා "සතරවරම් දෙව් රජවරුත් දහම් ඇසීමට පැමිණෙති. එහෙත් ඔහු අප සේ රහත් නොවෙති " යි උරුවෙල කාශ්‍යප සිතා ගත්තේය.

තවත් දිනෙක රාත්‍රියේ ඒ වන ලැබෙහි කලින් දුටු ගිනි කඳන් වලට මහත් වූද පැහැපත් වූද ගිනි කඳක් වැනි පුද්ගලයෙකු උරුවෙල කාශ්‍යප දුටුවේ ය. පසුදින ඔහු ඒ ඇවිත් සිටියේ කව්දැයි විචාළේය . ඒ ශක්රදේවේන්ද්රයා බව වදාළ කල්හි පෙර සේම "මහා ශ්‍රමණයා කරා ශක්‍රයා පැමිණෙතත් ඔහු අප සේ රහත් නොවෙති" යි සිතා ගත්තේය.

තවත් දිනෙක රාත්‍රියේ සහම්පති බ්‍රහ්ම රාජයා බුදුන් වහන්සේ වෙත පැමිණ සිටියේය. උරුවෙල කාශ්‍යප ඔහු දැක පසුදින තථාගතයන් වහන්සේගෙන් රාත්‍රියේ පැමිණ සිටි අමුත්තා කවරේදැයි අසා ඒ සහම්පති බ්‍රහ්ම රාජයා බව වදාළ කල්හි පෙර සේම "මහ මහණ කරා බ්‍රහ්මයා පැමිණෙන නමුත් ඔහු අප සේ රහත් නොවේය" යි සිතා ගත්තේය.

භාග්‍යවතුන් වහන්සේ උරුවෙල් දනව්වෙහි වැඩ වෙසෙන කාලයේ උරුවෙල කාශ්‍යපයන් වෙත අඟු මගධ දෙරට වැසියන් බොහෝ දෙනෙකුන් බොහෝ දේ ගෙන පැමිණෙන උත්සව දිනයක් ලං විය. ඒ උත්සව දිනයට පෙර දින උරුවෙල කාශ්‍යප සිතනුයේ, "සෙට මෙහි අඟු මගධ දෙරට වැසි බොහෝ දෙනෙකුන් පැමිණෙන්නාහ. ඉතින් සෙට මහමහණ ප්රාතිහාර්යයක් කෙළේ නම් ඔහුට ලාභ සත්කාර බොහෝ වන්නේය. මම ලාභයෙන් පිරිහෙන්නිමි. සෙට දවස මහමහණ මෙහි නොආවොත් සොඳය" යි සිතුවේය. තථාගතයන් වහන්සේ ඔහුගේ සිත දැන උතුරුකුරු දිවයිනට වැඩම කොට පිඬු සිඟා ගෙන අනවතප්ත විල සමීපයෙහි වළඳා දහවල් කාලයෙහි එහිම විසු සේක. උරුවෙල කාශ්‍යප පසු දින භාග්‍යවතුන් වහන්සේ වෙත ගොස්, "ඇයි ඊයේ ඔබ නො පැමිණියේ ? ඊයේ අපට බොහෝ දේ ලැබුනේය. අපි ඔබ සිහි කළෙමු. ඔබගේ පන්ගුවද තැබුවෙමු." යි කීහ. "ඇයි කාශ්‍යප, ඔබට ඊයේ මහමහණ නො පැමිණියොත් හොඳය යි සිතුනේ නොවේද?" යි තථාගතයන් වහන්සේ වදාළහ. කාශ්‍යප ලජ්ජා වී , "මේ මහමහණ මහත් වූ ඍද්ධි ඇතියෙක, පර සිත් දන්නෙක. එහෙත් ඔහුට අපට මෙන් රහත් කමක් නම් නැතය" යි සිතුවේය. භාග්‍යවතුන් වහන්සේ උරුවෙල් කාශ්‍යපයන් පිරිනැමූ අහර වළඳා ඒ වන ලැහැබෙහිම විසු සේක.

එක දවසක් තථාගතයන් වහන්සේ ට පාංසුකූලයක් ලැබුනේය. එය සෝදා ගැනීමට තැනක් නොවීය. එකල්හි සක් දෙව් රජු තථාගතයන් වහන්සේ ගේ අදහස දැන එය සේදීම සඳහා පොකුණක් හාරා , ගලක්ද ගෙනවුත් තැබීය. වස්ත්‍රය සෝදා වැනීමට මහා කළු ගලක්ද ගෙනවුත් තැබීය. තථාගතයන් වහන්සේ හට අල්ලාගෙන පොකුණෙන් ගොඩ වීම සඳහා සමීපයේ කුඹුක් ගසෙහි දෙවියා ඒ ගසේ අත්තක් පොකුණට නමා ලීය. පසු දින කාශ්‍යප තවුසා බුදුරදුන් වෙත එළඹ වැළඳීමේ කාලය දන්වා, "මහමහණ කලින් මෙහි පොකුණක් නොතිබිණ. මේ ගලද නොතිබිණ. කුඹුක් අත්තක්ද නැමී නොතිබිණ. මේ කිමෙක් ද" යි කීය. තථාගතයන් වහන්සේ තමන් වහන්සේට ලැබුණු පාංසුකූලය සෝදන්නට ශක්‍රයා විසින් මේ පොකුණ කණින ලද බවත්, ගල ගෙනවිත් තබන ලද බවත්, කුඹුක් ගස දෙවියා අත්ත නමා ලූ බවත් වදාළහ. එකල්හි උරුවෙල කාශ්‍යප "ශක්‍ර දෙවෙන්ද්රයත් වැඩ කර දෙන මේ මහන මහානුභාවසම්පන්න ඇතියෙක. එහෙත් අපට මෙන් රහත් කමක් ඔහුට නැතය. "යි සිතා ගත්තයේ.

පසු දින කාශ්‍යප තථාගතයන් වහන්සේ කරා ගොස් දාන වෙලාව දැන්වූ කල "කාශ්‍යප, තෙපි යව. මම එමි" යි කියා ඔහු පිටත් කර භාග්‍යවතුන් වහන්සේ දඹදිව මහා දඹ ගස වෙත ගොස් ඒ ගසින් ගෙඩියක් ගෙන උරුවෙල කාශ්‍යපට කලින්ම ගිනිහලට පැමිණ එහි වැඩ හුන් සේක. උරුවෙල කාශ්‍යප, බුදුරදුන් වැඩ සිටි වන ලහෙබෙහි සිට පා ගමනින් අවුත් ගිනිහල වැඩහුන් භාග්‍යවතුන් වහන්සේ දැක පුදුම වී "මහන, ඔබ කිනම් මගකින් මට පළමුවෙන් මෙහි ආයෙහි ද" යි කීය. "කාශ්‍යප, මම ඔබ පිටත් කොට යම් දඹ ගසක් නිසා මේ දිවයිනට දඹදිව යි කියත් ද, ඒ දඹ ගසින් පලයක්ද ගෙන මෙහි පැමිණ හිඳ ගතිමි " යි කීහ. "කාශ්‍යපය, මේ දඹ ඵලය මනා වර්ණයෙන් හා සුවඳින් ද රසයෙන් ද යුක්තය. ඔබ කැමති නම් මෙය වලඳව" යි තථාගතයන් වහන්සේ වදාළහ. එකල්හි කාශ්‍යප, "මහමහණ, ඔබ ගෙන දඹ ඵලය ඔබම වළඳන්න" යයි කියා "මහමහණ මහත් ඍද්ධි ඇතියෙක. එහෙත් අපට මෙන් අර්හත්වයක් නම් මොහුට නැතය" යි සිතුවේය.

මෝඩකම ම රහත් බව ලෙස සලක ගෙන සිටින උරුවෙල කාශ්‍යප තවුසාට මෙතෙක් ප්රාතිහාර්ය දක්වීමෙන්ද තමා නොරහත් බව නොවැටහින. ඔහු දමනය කරනු වස් තථාගතයන් වහන්සේ පසු දින ඒ දඹ ගස සමීපයේ තිබෙන නෙල්ලි ගසින් නෙල්ලි ගෙඩිද, ඊට පසු දින අරළු ගසින් අරළු ගෙදිඩ්, ඊට පසුදින තව්තිසා දෙව්ලොව පරසතු ගසින් මල්ද ගෙනවුත් උරුවෙල කාශ්‍යපට දැක්වුහ. කාශ්‍යප ඒ සෑම අවස්ථාවකදීම "ඍද්ධියක් මිස තමාට මෙන් රහත් බවක් මහමහණ ට නැත " යි සිතුවේය.

එක දිනක් තවුසෝ පන්සිය දෙන ගිනි පුදනු පිණිස දර පලන්නට තැත් කළහ. එක දර කැබැල්ලකදු නොපැලෙන්නේය. "මෙයත් මහමහණ ගේ ප්රාතිහාර්යයක් ය" යි තවුසෝ සිතූහ. එකල්හි තථාගතයන් වහන්සේ, "කාශ්‍යප, දර පලන්නද? " යි අසා වදාළහ. "පලන්න මහමහණ" යි ඔහු කීය. එකෙනෙහිම දර කොට පන්සියය පැලී ගියේය. ඉක්බිති තවුසෝ ගිනි දල්වන්නට තැත් කළහ. කොතෙක් උත්සාහ කලද එක දර කැබැල්ලකටවත් ගිනි නො ඇවිලෙයි. ඔවුහු, "මෙයත් මහමහණ ගේ ඍද්ධියක්" යයි සිතූහ. තථාගතයන් වහන්සේ "ගිනි අවුලුවන්නද කාශ්‍යප?" යි වදාළහ. "එසේය මහමහණ" යි කාශ්‍යප කීය. එකෙනෙහි පන්සීය තැනක ගිනි දැල්විණි. තවුසෝ ගිනි පුදා නිවන්නට උත්සාහ කළහ. කොතෙක් ජලය වත් කලද ගිනි නො නිවෙයි. "මෙයත් මහමහණ ගේ ප්රාතිහාර්යයක් ය" යි තවුසෝ සිතූහ. තථාගතයන් වහන්සේ, "කාශ්‍යප, ගිනි නිවන්නද? " යි වදාළහ. "එසේය" යි කී කල්හි සෑම තැන ගිනි නිවිණි. කාශ්‍යප පෙර සේම සිතුවේය.

ශීත ඍතුවේ හිම වැටෙන කාලයේ එක රාත්‍රියක තවුසෝ නෙරංජලා ගංගාවෙහි දියෙහි ගිලීම මතුවීම කරන්නට පටන් ගත්හ. ඔවුන්ට ගඟින් නැගී ගිනි තැපීම සඳහා තථාගතයන් වහන්සේ ගිනි කබල් පන්සියයක් නිර්මාණය කළහ. තවුසෝ "මෙයත් මහමහණ ගේ ප්රාතිහාර්යයක් ය" යි සිතූහ. උරුවෙල කාශ්‍යප සිරිත් පරිදි "මහමහණ ඍද්ධිමතෙකු වුවද අපට මෙන් ඔහුට රහත් බවක් නැත" යි සිතුවේය.

තථාගතයන් වහන්සේ එහි වෙසෙන සමයෙහි එක දිනෙක අකල් වැස්සක් වස උන්වහන්සේ විසූ පෙදෙස ජලයෙන් යටවී ගියේය. තථාගතයන් වහන්සේ (ඍද්ධියෙන්) එක තැනක් ජලය ඉවත් කොට වියලි දූලි නගින්නා වූ බිම සක්මන් කරමින් උන් සේක. උරුවෙල කාශ්‍යප "මහමහණ බේරා ගනිමුය" යි තවත් තවුසන්ද සමග ඔරුවකට නැගී එහි ගියේය. ඔහු ජලය මද වියලි පොළොවෙහි සක්මන් කරන තථාගතයන් වහන්සේ දැක විශ්මිත වුයේ, "මේ මහමහණ ද ?" යි කීය. "කාශ්‍යප, ඒ මමය" යි වදාරා තථාගතයන් වහන්සේ අහසට නැගී ඔහුගේ යාත්‍රාවෙහි සිටි සේක. උරුවෙල කාශ්‍යප පෙර පරිදිම "සිටිනා තැනට ජලය පවා ගලා නොඑන මේ මහමහණ මහත් ඍද්ධි ඇතියෙක. එහෙත් ඔහු අප මෙන් රහත් නොවෙති" යි සිතුවේය.

එකල්හි තථාගතයන් වහන්සේ "මේ මෝඝ පුරුෂයාට සංවේගය ඇති කිරීමට මේ සුදුසු කාලය" යි සිතා "කාශ්‍යප, නුඹට ඇති රහත් කමකුත් නැත. නුඹ රහත් වීමේ මගට පැමිනියෙක්ද නොවෙහිය . රහත් වීමේ ප්‍රතිපදාවක් නුඹට නැතය " යි වදාළහ. එකල්හි උරුවෙල කාශ්‍යප ගේ මානය බිඳී ගොස් දමනය වී ඔහු තථාගතයන් වහන්සේ ගේ පාමුල වැඳ වැටී "ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, මාහට පැවිද්ද හා උපසම්පදාව ලැබේවා " යි ඇයද සිටියේය....

උරුවෙල කාශ්‍යප ස්වාමින් වහන්සේ පසු කලෙක රහත් වී, මේ බුදු සසුනෙහි මහා පිරිස් ඇත්තන් අතර අග තනතුරද ලැබූහ.

Reference Books:

"Su Wisi Maha Gunaya" by Ven.Prof. Rerukane Chandawimala Thero

[QUOTE="dumpy_dublev, post: 12178135, member: 356115"] [LEFT][COLOR=#333333][FONT=lucida grande]From: [URL]https://www.facebook.com/pages/Buddhist-Quotes/274624019273197[/URL][/FONT][/COLOR] [COLOR=#333333][FONT=lucida grande] [/FONT][/COLOR] [COLOR=#333333][FONT=lucida grande]උරුවෙල කාශ්‍යපයන් දමනය කල ආකාරය තථාගතයන් වහන්සේගේ පුරිස දම්ම සාරති ගුණය විදහා දක්වන අවස්ථාවකි. මේ ඒ කතාන්දරයයි. [/FONT][/COLOR] [COLOR=#333333][FONT=lucida grande][/FONT][/COLOR] [COLOR=#333333][FONT=lucida grande] [/FONT][/COLOR][/LEFT] [INDENT]සවස් කාලයෙක්හි තථාගතයන් වහන්සේ උරුවෙල කාශ්‍යප තවුසා වෙත එළඹ, "කාශ්‍යපය, ඔබට බරක් නොවේනම් එක් රැයක් මේ ගිනිහල් ගෙයි වාසය කරමි" යි වදාළ හ. "මහ මහණ, මටනම් බරක් නැත. එහි ඝෝර විෂ ඇති නපුරු නාග රාජයෙක් වෙසෙයි. උගෙන් ඔබට නපුරක් විය හැකිය" යි උරුවෙල කාශ්‍යප කීය. ඉක්බිති තථාගතයන් වහන්සේ "කාශ්‍යපය, නාගරාජයා මට හිංසා නොකරනු ඇත. ඔබ මා හට එහි විසීමට අවකාශ දුන මානව " යි වදාළහ. එකල්හි උරුවෙල කාශ්‍යප, "මහණ, රිසිසේ වාසය කරනු මැනව" යි කීහ. තථාගතයන් වහන්සේ ගිනිහලට පිවිස තණ අතුරා එහි වැඩ හුන් සේක. කිසිවකු ඇතුළු නොවන ඔහුගේ භවනට කිසි ගරු සරුවක් නැතිව කෙනෙකු ඇතුළු වී හිඳීම ගැන නාරජු කිපුනේය. කිපුණු නාරජු බුදුරදුන් පලවා හැරීමට විෂ දුම් පිට කළේය. තථාගතයන් වහන්සේද ඔහු දමනය කරනු පිණිස දුම් හළහ. නාගයාගේ දුමින් බුදුනට පීඩාවක් නොවිණ. තථාගතයන් වහන්සේගේ දුමින් නාගයා පෙලිණ. එයින් ඔහු තවත් කිපී ගිනි පිට කරන්නට විය. තථාගතයන් වහන්සේද එසේ කළහ. නාගයාගේ ගින්නෙන් තථාගතයන් වහන්සේට අපහසුවක් නැත. තථාගතයන් වහන්සේගේ ගින්නෙන් නාරජු පෙලෙයි. දෙදෙනා ම ගිනි පිට කරන්නට වන් කල්හි ගිනිහල ගිනි දලුයෙන් වැසී ගියේය. ගින්න දැක තවුසෝ එහි පැමිණ ගිනිහල වටා බලා සිටිමින්, "අනේ ලස්සන මහණ නාග රාජයා විසින් නසනු ලැබෙය " යි ඔවුනොවුහු කතා කලෝය. තථාගතයන් වහන්සේ තමන් වහන්සේගේ ඍද්ධි බලයෙන් නාරජුගේ තේජස යට කොට , ඔහු දමනය කොට පාත්‍රයෙහි ලා පසුදින, "මේ ඔබේ ආනුභාව සම්පන්න නාගයාය " යි උරුවෙල කාශ්‍යප ට දැක්වූහ. උරුවෙල කාශ්‍යප නාගයා බලා "මහ මහණ නයින් දමනයට සමත් වුවද ඔහුට අපට මෙන් රහත් බවක් නම් නැතය" යි සිතී ය. නාග දමනයෙන් පසු තථාගතයන් වහන්සේ උරුවෙල කාශ්‍යප ගේ අසපුව සමීපයේ වන ලැහැබක විසූ සේක. රාත්‍රියෙහි සතර දිගට අධිපති දෙවිවරු සතර දෙන එහි පැමිණ මහා ගිනි කඳන් සතරක් මෙන් දිලිසෙමින් බුදුන් වහන්සේ සමීපයේ සිට ගත්තෝය . උරුවෙල කාශ්‍යප දෙවියන් පැමිණ සිටිනු දුටුවේය. ඔහු බුදුන් වහන්සේ වෙත ගොස් ඒ කවරහුදැයි ඇසීය. "සතරවරම් දෙව් රජවරු දහම් ඇසීමට පැමිණියෝය" යි තථාගතයන් වහන්සේ වදාළහ. එය අසා "මහ මහණ කරා "සතරවරම් දෙව් රජවරුත් දහම් ඇසීමට පැමිණෙති. එහෙත් ඔහු අප සේ රහත් නොවෙති " යි උරුවෙල කාශ්‍යප සිතා ගත්තේය. තවත් දිනෙක රාත්‍රියේ ඒ වන ලැබෙහි කලින් දුටු ගිනි කඳන් වලට මහත් වූද පැහැපත් වූද ගිනි කඳක් වැනි පුද්ගලයෙකු උරුවෙල කාශ්‍යප දුටුවේ ය. පසුදින ඔහු ඒ ඇවිත් සිටියේ කව්දැයි විචාළේය . ඒ ශක්රදේවේන්ද්රයා බව වදාළ කල්හි පෙර සේම "මහා ශ්‍රමණයා කරා ශක්‍රයා පැමිණෙතත් ඔහු අප සේ රහත් නොවෙති" යි සිතා ගත්තේය. තවත් දිනෙක රාත්‍රියේ සහම්පති බ්‍රහ්ම රාජයා බුදුන් වහන්සේ වෙත පැමිණ සිටියේය. උරුවෙල කාශ්‍යප ඔහු දැක පසුදින තථාගතයන් වහන්සේගෙන් රාත්‍රියේ පැමිණ සිටි අමුත්තා කවරේදැයි අසා ඒ සහම්පති බ්‍රහ්ම රාජයා බව වදාළ කල්හි පෙර සේම "මහ මහණ කරා බ්‍රහ්මයා පැමිණෙන නමුත් ඔහු අප සේ රහත් නොවේය" යි සිතා ගත්තේය. භාග්‍යවතුන් වහන්සේ උරුවෙල් දනව්වෙහි වැඩ වෙසෙන කාලයේ උරුවෙල කාශ්‍යපයන් වෙත අඟු මගධ දෙරට වැසියන් බොහෝ දෙනෙකුන් බොහෝ දේ ගෙන පැමිණෙන උත්සව දිනයක් ලං විය. ඒ උත්සව දිනයට පෙර දින උරුවෙල කාශ්‍යප සිතනුයේ, "සෙට මෙහි අඟු මගධ දෙරට වැසි බොහෝ දෙනෙකුන් පැමිණෙන්නාහ. ඉතින් සෙට මහමහණ ප්රාතිහාර්යයක් කෙළේ නම් ඔහුට ලාභ සත්කාර බොහෝ වන්නේය. මම ලාභයෙන් පිරිහෙන්නිමි. සෙට දවස මහමහණ මෙහි නොආවොත් සොඳය" යි සිතුවේය. තථාගතයන් වහන්සේ ඔහුගේ සිත දැන උතුරුකුරු දිවයිනට වැඩම කොට පිඬු සිඟා ගෙන අනවතප්ත විල සමීපයෙහි වළඳා දහවල් කාලයෙහි එහිම විසු සේක. උරුවෙල කාශ්‍යප පසු දින භාග්‍යවතුන් වහන්සේ වෙත ගොස්, "ඇයි ඊයේ ඔබ නො පැමිණියේ ? ඊයේ අපට බොහෝ දේ ලැබුනේය. අපි ඔබ සිහි කළෙමු. ඔබගේ පන්ගුවද තැබුවෙමු." යි කීහ. "ඇයි කාශ්‍යප, ඔබට ඊයේ මහමහණ නො පැමිණියොත් හොඳය යි සිතුනේ නොවේද?" යි තථාගතයන් වහන්සේ වදාළහ. කාශ්‍යප ලජ්ජා වී , "මේ මහමහණ මහත් වූ ඍද්ධි ඇතියෙක, පර සිත් දන්නෙක. එහෙත් ඔහුට අපට මෙන් රහත් කමක් නම් නැතය" යි සිතුවේය. භාග්‍යවතුන් වහන්සේ උරුවෙල් කාශ්‍යපයන් පිරිනැමූ අහර වළඳා ඒ වන ලැහැබෙහිම විසු සේක. එක දවසක් තථාගතයන් වහන්සේ ට පාංසුකූලයක් ලැබුනේය. එය සෝදා ගැනීමට තැනක් නොවීය. එකල්හි සක් දෙව් රජු තථාගතයන් වහන්සේ ගේ අදහස දැන එය සේදීම සඳහා පොකුණක් හාරා , ගලක්ද ගෙනවුත් තැබීය. වස්ත්‍රය සෝදා වැනීමට මහා කළු ගලක්ද ගෙනවුත් තැබීය. තථාගතයන් වහන්සේ හට අල්ලාගෙන පොකුණෙන් ගොඩ වීම සඳහා සමීපයේ කුඹුක් ගසෙහි දෙවියා ඒ ගසේ අත්තක් පොකුණට නමා ලීය. පසු දින කාශ්‍යප තවුසා බුදුරදුන් වෙත එළඹ වැළඳීමේ කාලය දන්වා, "මහමහණ කලින් මෙහි පොකුණක් නොතිබිණ. මේ ගලද නොතිබිණ. කුඹුක් අත්තක්ද නැමී නොතිබිණ. මේ කිමෙක් ද" යි කීය. තථාගතයන් වහන්සේ තමන් වහන්සේට ලැබුණු පාංසුකූලය සෝදන්නට ශක්‍රයා විසින් මේ පොකුණ කණින ලද බවත්, ගල ගෙනවිත් තබන ලද බවත්, කුඹුක් ගස දෙවියා අත්ත නමා ලූ බවත් වදාළහ. එකල්හි උරුවෙල කාශ්‍යප "ශක්‍ර දෙවෙන්ද්රයත් වැඩ කර දෙන මේ මහන මහානුභාවසම්පන්න ඇතියෙක. එහෙත් අපට මෙන් රහත් කමක් ඔහුට නැතය. "යි සිතා ගත්තයේ. පසු දින කාශ්‍යප තථාගතයන් වහන්සේ කරා ගොස් දාන වෙලාව දැන්වූ කල "කාශ්‍යප, තෙපි යව. මම එමි" යි කියා ඔහු පිටත් කර භාග්‍යවතුන් වහන්සේ දඹදිව මහා දඹ ගස වෙත ගොස් ඒ ගසින් ගෙඩියක් ගෙන උරුවෙල කාශ්‍යපට කලින්ම ගිනිහලට පැමිණ එහි වැඩ හුන් සේක. උරුවෙල කාශ්‍යප, බුදුරදුන් වැඩ සිටි වන ලහෙබෙහි සිට පා ගමනින් අවුත් ගිනිහල වැඩහුන් භාග්‍යවතුන් වහන්සේ දැක පුදුම වී "මහන, ඔබ කිනම් මගකින් මට පළමුවෙන් මෙහි ආයෙහි ද" යි කීය. "කාශ්‍යප, මම ඔබ පිටත් කොට යම් දඹ ගසක් නිසා මේ දිවයිනට දඹදිව යි කියත් ද, ඒ දඹ ගසින් පලයක්ද ගෙන මෙහි පැමිණ හිඳ ගතිමි " යි කීහ. "කාශ්‍යපය, මේ දඹ ඵලය මනා වර්ණයෙන් හා සුවඳින් ද රසයෙන් ද යුක්තය. ඔබ කැමති නම් මෙය වලඳව" යි තථාගතයන් වහන්සේ වදාළහ. එකල්හි කාශ්‍යප, "මහමහණ, ඔබ ගෙන දඹ ඵලය ඔබම වළඳන්න" යයි කියා "මහමහණ මහත් ඍද්ධි ඇතියෙක. එහෙත් අපට මෙන් අර්හත්වයක් නම් මොහුට නැතය" යි සිතුවේය. මෝඩකම ම රහත් බව ලෙස සලක ගෙන සිටින උරුවෙල කාශ්‍යප තවුසාට මෙතෙක් ප්රාතිහාර්ය දක්වීමෙන්ද තමා නොරහත් බව නොවැටහින. ඔහු දමනය කරනු වස් තථාගතයන් වහන්සේ පසු දින ඒ දඹ ගස සමීපයේ තිබෙන නෙල්ලි ගසින් නෙල්ලි ගෙඩිද, ඊට පසු දින අරළු ගසින් අරළු ගෙදිඩ්, ඊට පසුදින තව්තිසා දෙව්ලොව පරසතු ගසින් මල්ද ගෙනවුත් උරුවෙල කාශ්‍යපට දැක්වුහ. කාශ්‍යප ඒ සෑම අවස්ථාවකදීම "ඍද්ධියක් මිස තමාට මෙන් රහත් බවක් මහමහණ ට නැත " යි සිතුවේය. එක දිනක් තවුසෝ පන්සිය දෙන ගිනි පුදනු පිණිස දර පලන්නට තැත් කළහ. එක දර කැබැල්ලකදු නොපැලෙන්නේය. "මෙයත් මහමහණ ගේ ප්රාතිහාර්යයක් ය" යි තවුසෝ සිතූහ. එකල්හි තථාගතයන් වහන්සේ, "කාශ්‍යප, දර පලන්නද? " යි අසා වදාළහ. "පලන්න මහමහණ" යි ඔහු කීය. එකෙනෙහිම දර කොට පන්සියය පැලී ගියේය. ඉක්බිති තවුසෝ ගිනි දල්වන්නට තැත් කළහ. කොතෙක් උත්සාහ කලද එක දර කැබැල්ලකටවත් ගිනි නො ඇවිලෙයි. ඔවුහු, "මෙයත් මහමහණ ගේ ඍද්ධියක්" යයි සිතූහ. තථාගතයන් වහන්සේ "ගිනි අවුලුවන්නද කාශ්‍යප?" යි වදාළහ. "එසේය මහමහණ" යි කාශ්‍යප කීය. එකෙනෙහි පන්සීය තැනක ගිනි දැල්විණි. තවුසෝ ගිනි පුදා නිවන්නට උත්සාහ කළහ. කොතෙක් ජලය වත් කලද ගිනි නො නිවෙයි. "මෙයත් මහමහණ ගේ ප්රාතිහාර්යයක් ය" යි තවුසෝ සිතූහ. තථාගතයන් වහන්සේ, "කාශ්‍යප, ගිනි නිවන්නද? " යි වදාළහ. "එසේය" යි කී කල්හි සෑම තැන ගිනි නිවිණි. කාශ්‍යප පෙර සේම සිතුවේය. ශීත ඍතුවේ හිම වැටෙන කාලයේ එක රාත්‍රියක තවුසෝ නෙරංජලා ගංගාවෙහි දියෙහි ගිලීම මතුවීම කරන්නට පටන් ගත්හ. ඔවුන්ට ගඟින් නැගී ගිනි තැපීම සඳහා තථාගතයන් වහන්සේ ගිනි කබල් පන්සියයක් නිර්මාණය කළහ. තවුසෝ "මෙයත් මහමහණ ගේ ප්රාතිහාර්යයක් ය" යි සිතූහ. උරුවෙල කාශ්‍යප සිරිත් පරිදි "මහමහණ ඍද්ධිමතෙකු වුවද අපට මෙන් ඔහුට රහත් බවක් නැත" යි සිතුවේය. තථාගතයන් වහන්සේ එහි වෙසෙන සමයෙහි එක දිනෙක අකල් වැස්සක් වස උන්වහන්සේ විසූ පෙදෙස ජලයෙන් යටවී ගියේය. තථාගතයන් වහන්සේ (ඍද්ධියෙන්) එක තැනක් ජලය ඉවත් කොට වියලි දූලි නගින්නා වූ බිම සක්මන් කරමින් උන් සේක. උරුවෙල කාශ්‍යප "මහමහණ බේරා ගනිමුය" යි තවත් තවුසන්ද සමග ඔරුවකට නැගී එහි ගියේය. ඔහු ජලය මද වියලි පොළොවෙහි සක්මන් කරන තථාගතයන් වහන්සේ දැක විශ්මිත වුයේ, "මේ මහමහණ ද ?" යි කීය. "කාශ්‍යප, ඒ මමය" යි වදාරා තථාගතයන් වහන්සේ අහසට නැගී ඔහුගේ යාත්‍රාවෙහි සිටි සේක. උරුවෙල කාශ්‍යප පෙර පරිදිම "සිටිනා තැනට ජලය පවා ගලා නොඑන මේ මහමහණ මහත් ඍද්ධි ඇතියෙක. එහෙත් ඔහු අප මෙන් රහත් නොවෙති" යි සිතුවේය. එකල්හි තථාගතයන් වහන්සේ "මේ මෝඝ පුරුෂයාට සංවේගය ඇති කිරීමට මේ සුදුසු කාලය" යි සිතා "කාශ්‍යප, නුඹට ඇති රහත් කමකුත් නැත. නුඹ රහත් වීමේ මගට පැමිනියෙක්ද නොවෙහිය . රහත් වීමේ ප්‍රතිපදාවක් නුඹට නැතය " යි වදාළහ. එකල්හි උරුවෙල කාශ්‍යප ගේ මානය බිඳී ගොස් දමනය වී ඔහු තථාගතයන් වහන්සේ ගේ පාමුල වැඳ වැටී "ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, මාහට පැවිද්ද හා උපසම්පදාව ලැබේවා " යි ඇයද සිටියේය.... උරුවෙල කාශ්‍යප ස්වාමින් වහන්සේ පසු කලෙක රහත් වී, මේ බුදු සසුනෙහි මහා පිරිස් ඇත්තන් අතර අග තනතුරද ලැබූහ. [/INDENT][LEFT][COLOR=#333333][FONT=lucida grande]Reference Books:[/FONT][/COLOR] [COLOR=#333333][FONT=lucida grande]"Su Wisi Maha Gunaya" by Ven.Prof. Rerukane Chandawimala Thero[/FONT][/COLOR][/LEFT] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom