Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Friday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Tuesday at 12:30 PM
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
May 30, 2026
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Health & Lifestyle
~.:Varicose:.~
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පාදවල නහර ගැටගැසීම (Varicose Veins) පිළිබඳව හැඳින්වීමක් කරන්නේ නම්;

මෙම රෝගී තත්ත්වය වර්තමානයේ ඉතාම බහුල රෝගයක් බවට පත්වී තිබෙනවා. කාන්තාවන්ගෙන් සියයට 30කට 40කට ආසන්න පිරිසකටත්, පුරුෂයින්ගෙන් සියයට 10කට 20කට ආසන්න පිරිසකටත් මෙම රෝගය තිබෙනවා. බොහෝ දෙනකුගේ පාදවල මෙම රෝග තත්ත්වය ඇති වුවත් දෑත්වලත් ඇතිවීමේ හැකියාවක් තිබෙනවා. මෙම රෝගය වැළඳී කලක් ගතවූ පසුවයි, රෝගයක් ලෙස දැනීමට පටන් ගන්නේ. රෝගයේ සංකූලතා ඇතිවන්නේත් රෝගය ඇතිවී කලක් ගතවූ පසුවයි. එතෙක් රෝගියාට වැඩි අපහසුතාවයක් දැනෙන්නේ නෑ.

සාමාන්‍යයෙන් මෙම රෝගයේ ප්‍රධානම ලක්ෂණය වන්නේ පාදවල නහර ඉදිමී, නිල්පැහැ ගැන්වී එම නහර හැකිලී විකෘති වීමයි. රෝගයේ මුල් අවස්ථාවේදී මෙම ලක්ෂණ පෙන්වන්නේ පාදයේ දණහිසින් පහළ කොටසේ. රෝගය උග්රවන විට එම තත්ත්වය පාදයේ ඉහළ කොටස දක්වා විහිදෙනවා.

මෙම රෝගයට ගොදුරු වූ උදවියට දැනෙන රෝග ලක්ෂණ වන්නේ පළමුව පාදයේ වළලුකර අසළ කොටස ඉදිමීමයි. එය බොහෝවිට සිදුවන්නේ සවස් කාලයේදී. දිනය පුරා රැකියාව කිරීමෙන් අනතුරුව සවසට නිවෙසට ගිය විට පාදයේ වළලුකර ආශ්රිත ප්‍රදේශය ඉදිමී ඇති බව පෙනී යනවා. එමෙන්ම සවස් වන විට පාදවල බර ස්වභාවයක් දැනීමට පටන් ගන්නවා. පාද එක ඉරියව්වක තබාගෙන සිටිය නොහැකි ආකාරයේ අපහසුතාවයක් ඇතිවෙනවා.

එමෙන්ම පාදයේ වළලුකර ආශ්රිත ප්‍රදේශය කැසීමට පටන් ගන්නවා. මෙය දදයක ආකාරයෙන් කසන පුද්ගලයින් සිටිනවා. මෙම සෑම රෝග ලක්ෂණයක්ම උදෑසනට වඩා දහවල් වන විට උග්‍රයි. එමෙන්ම පාදයේ පහළ කෙළවර සමේ පැහැයේ වෙනසක් ඇතිවීමට පටන් ගන්නවා. එම ප්‍රදේශයේ සම තිත් තිත් ස්වභාවයක් ඇතිවෙනවා. එසේ නැතිනම් පාදයේ ඉතිරි ප්‍රදේශයේ සමේ පැහැයට වඩා තද පැහැයකට හැරීමට පටන් ගන්නවා. එමෙන්ම එම සම ඝන වෙනවා.

සාමාන්‍යයෙන් පාදයේ සම, පාදයේ ප්‍රධාන අස්ථියට මතුපිටින් ලෙහෙසියෙන් ගමන්කරන ස්වභාවයකුයි පවතින්නේ. එහෙත් මෙම රෝගය ඇතිවීමෙන් පසුව එම ප්‍රදේශයේ ඇති සම අස්ථියට ඇලෙන ස්වභාවයකට පත්වෙනවා.

ඒ; තරමක් සරල රෝග ලක්ෂණ. සරල මෙන්ම බිය උපදවන රෝග ලක්ෂණ ද මෙම රෝගයේදී පෙන්නුම් කරනවා. ඒ; ඇතැම්විට පාදය කැසීමෙන් පසුව හෝ නොදැනුවත්වම හෝ රුධිරය ගැලීමට පටන් ගැනීමයි. එය හදිසියේ සිදුවන දෙයක්. එය බොහෝවිට බිය උපදවන කාරණයක්. මෙහිදී රුධිරය ගලා ඒමක් සිදුවුවත් වේදනාවක් දැනෙන්නේ නෑ. බොහෝවිට මෙවැනි රෝගීන්ගේ පාදයෙන් රුධිරය ගැලීමක් දකින්නේ අසළ සිටින වෙනත් අයෙක් විය හැකියි. පාදවල නහර ගැටගැසීමේ රෝගය රුධිරය ගලායාමක් දක්වා වර්ධනය වූ පසුව නැවත එය නොදැනුවත්වම භයානක රෝගී තත්ත්වයක් දක්වා වර්ධනය වීමේ අවස්ථාවද උදාවිය හැකියි.

Varicose Veins වැනි රෝගයක් ඇතිවන්නේ ඇයි?

අපගේ ශරීරයේ සෑම අවයවයකටම රුධිරය ගමන් කරනවා. එම නාළ හඳුන්වන්නේ ධමනි නමින්. ශරීරය පුරා ගමන් කළ රුධිරය නැවත හෘදය වෙත ගෙන එන නාළ හඳුන්වන්නේ ශිරා නමින්. මෙම ධමනි පද්ධතියත් ශිරා පද්ධතියත් වෙන වෙනම ක්‍රියාකරනවා. මේ දෙකට අමතර ව වසා නාළ ලෙස තවත් කුඩා රුධිර නාළ පද්ධතියක් ද ශරීරයේ තිබෙනවා. නහර ගැටගැසීම හෙවත් Varicose Veins රෝගය ඇතිවන්නේ ශිරා තුළ. මෙම තත්ත්වය බහුලව ඇතිවන්නේ පාදවල. අපගේ පාදවල ශිරා පද්ධති දෙකක් තිබෙනවා. ඒ මතුපිටින් තිබෙන ශිරා පද්ධතිය (Superficial Veins) සහ ශරීරයේ ඇතුළතින් තිබෙන ශිරා පද්ධතිය (Deep Veins) යනුවෙන්. Superficial Veins රෝගය ඇතිවන්නේ මතුපිටින් තිබෙන ශිරා තුළයි.

නහර ගැටගැසීම ලෙස හඳුන්වන රෝගයේදී Superficial Veins මඟින් සිදුකෙරෙන කාර්ය වෙනස් වෙනවා. එනම් අපිරිසුදු රුධිරය හෘදය වෙත ගමන් කිරීමේ කාර්ය වෙනස් වෙනවා. මෙයට හේතුවන්නේ ශිරාවල කපාට අක්‍රියවීමයි. අප සිටගෙන සිටින අවස්ථාවක වුවත්, අපගේ පාදවල තිබෙන අපිරිසුදු රුධිරය ශරිරයේ ඉහළින් තිබෙන හෘදය වෙත ගමන් කරනවා. ඒ සඳහා උපකාර වන්නේ ශිරා තුළ ඇති කපාටවල අපූරු ක්‍රියාකාරිත්වයයි. පාදවල මස් පිඬුවල තෙරපීම නිසා ශිරා තුළ ඇති කපාට ඉහළට ඇරී අපිරිසුදු රුධිරය ඉහළට ගමන් කරනවා. සාමාන්‍යයෙන් එම රුධිරය පහළට ගමන් කරන්නේ නෑ.

ඒ; අපිරිසුදු රුධිරය පහළින් ඉහළට පොම්ප වූ විට කපාට වැසී රුධිරය පහළට ගමන් කිරීම වැළකීම නිසයි. ශිරා තුළ ඇති කපාටවල ක්‍රියාකාරිත්වය අඩපණ වූ විට පාදවල ඉහළට ගමන් කරන රුධිරය නැවත පහළට ගමන් කිරීමට පෙලඹෙනවා. ඒ කපාට විවර වී තිබීම නිසයි. එහි ප්‍රතිඵලය වන්නේ ශිරා තුළ අපිරිසුදු රුධිරය එක්රැස්වීමයි.

මේ නිසා එම ශිරා දික් වී, ඇදවී විකෘති වෙනවා. එවිට එම ශිරා පෙනෙන්නේ ගැටගැසී ඇති ආකාරයෙන්. සරළව හැඳින්වූවොත් Varicose Veins යනු විකෘති වූ ශිරාවක්. මෙම විකෘති ශිරා මඟින් කළ යුතු කාර්ය (රුධිරය ඉහළට ගමන් කිරීම) සිදුවන්නේ නෑ. එහෙත් ශරීරය ඇතුළත ඇති Deep Vains මගින් පහළ තිබෙන අපිරිසුදු රුධිරය හෘදය වෙත ගමන් කරනවා. එහෙත් යමකුගේ Deep Vains වලද කිසියම් ගැටලුවක් මතුවුවහොත් රෝගියා අසීරු තත්ත්වයට පත්වෙනවා.

මෙම රෝගයට ගොදුරුවූ විට ශිරා තුළ පීඩනය වැඩිවෙනවා. ඇතැම් විට එය රසදිය මිලිමීටර් 200ටත් වැඩිවෙනවා. එම පීඩනය නිසයි විකෘති නහර ඇතිවන්නේ. ඒ පීඩනය නිසයි රෝගීන් නොදැනුවත්වම පාදවල ශිරා පැලීමෙන් රුධිරය පිටතට ගලන්නේ. රුධිරය පිටතට නොගැලුවත් පාද ඉදිමෙන්නේත් මෙම පීඩනය වැඩිවී රුධිර සෛල, තරලය පිටතට පැමිණීම නිසයි.

මෙම රෝගයට ගොදුරු වූ විට පාදවල ශිරා තුළ අපිරිසුදු රුධිරය පිරී තිබීම නිසා ඒවාට පිරිසුදු රුධිරය ඒම වළකිනවා. ඒ නිසයි එම ශිරා සහිත ප්‍රදේශය කළු පැහැ ගැන්වෙන්නේ. එසේම සම ඝනවන්නේ Varicose Veins නිසා තුවාලයක් ඇතිවූ විට දිනකින් දෙකකින් එම තුවාල විශාල වෙනවා. එහෙත් නිසි ප්‍රතිකාර කිරීමෙන් දින කීපයකින් එම තුවාල සම්පූර්ණයෙන්ම සුව කර ගත හැකිවෙනවා. ඒ නිසයි මෙම රෝගය ඇතිවූ විට සුවවෙවී නැවත ඇතිවන තුවාල සහිතව රෝගීන් වෛද්‍යවරුන් වෙත පැමිණෙන්නේ. මෙම තුවාල බොහෝ කලක් පැවතීමත් ඊට නිසි ප්‍රතිකාර නොකිරීමත් නිසා පිළිකා දක්වා වර්ධනය විය හැකියි.

ශිරා තුළ තිබෙන කපාට අක්‍රිය වීමට බලපාන හේතු?

එම කපාට මත අධික පීඩනයක් ඇතිවීමයි ප්‍රධානම හේතුව. කාන්තාවන් තුළ නහර ගැටගැසීමේ රෝගය බහුල බව අප මුලින්ම සඳහන් කළා. එයිනුත් දරුවන් ලද මව්වරු අතරයි මෙම රෝගය බහුලව පවතින්නේ. දරුවා මව් කුස තුළ සිටින කාලයේ දරුවාගේ හිස මඟින් විශාල පීඩනයක් මවගේ ශ්‍රෝණි ප්‍රදේශයේ තිබෙන ශිරා මත ඇතිකරනවා.

එවිට එම ගර්භණී කාන්තාවගේ පාදවල තිබෙන රුධිර නාළවල පීඩනය ඉතා වැඩිවෙනවා. ඒ නිසයි දරුවන් ලැබීමට සිටින කාන්තාවන්ගේ පාද ඉදිමෙන්නේ. මෙම තත්ත්වය කාන්තාවන් තුළ පසුකාලීනව Varicose Veins  ඇතිවීමට බලපානවා. එමෙන්ම ශිරා තුළට කිසියම් විෂබීජයක් ඇතුළුවීම මඟිනුත් ශිරාවල තිබෙන කපාට අක්‍රියවීමට හේතුවෙනවා. එම ප්‍රධාන කරුණු දෙකට අමතරව පාරම්පරිකව ද මෙම රෝගය ඇතිවීමේ හැකියාවක් තිබෙනවා.

මේ සඳහා ඇති ප්‍රතිකාර මොනවාද?

ප්‍රතිකාර තීරණය වන්නේ රෝගියාගේ තත්ත්වය අනුවයි. මෙම රෝගයට වැඩියෙන් ගොදුරුවන්නේ දවසේ වැඩි වේලාවක් එකම ඉරියව්වෙන් ගතකරන උදවියයි. එම ඉරියව්ව සිටගෙන සිටින ඉරියව්වක් හෝ වාඩිවී සිටින ඉරියව්වක් හෝ විය හැකියි. මෙම රෝගයෙන් වැළකී සිටීමට ඇති හොඳම ක්‍රමය වන්නේ එකම ඉරියව්වකින් පැය ගණනක් එක දිගට ගත නොකිරීමයි. වඩා සුදුසුවන්නේ පැයකට පමණ පසුව විනාඩි කීපයක් ඉරියව්ව වෙනස් කිරිමයි.

පාද ඉදිමී ඇත්නම්, රාත්රියේදී එම පාද ඉහළින් තබාගෙන සිටීම සුදුසුයි. මෙම රෝගය ඇතිවූ මුල් අවස්ථාවේ වෛද්‍යවරුන් උපදෙස් දෙන්නේ එම පාදයට මේස් එකක් පැලඳ සිටින ලෙසයි. එය තරමක් අසීරු වුවත් සාර්ථක ප්‍රතිකර්මයක්. එසේ නැතිනම් බැන්ඩේජ් පටියකින් කකුල වෙළීමට උපදෙස් දෙනවා. බැන්ඩේජ් එක පැලඳිය යුත්තේ දහවල් කාලයේදී. රාත්‍රියේ පැලඳීමෙන් ප්‍රයෝජනයක් අත්වන්නේ නෑ. බැන්ඩේජ් එකක් පැලඳීම කළ යුත්තේ වෛද්‍ය උපදෙස් සහ නිර්දේශ මත පමණයි. එමෙන්ම එය පැලඳීම ඉතාම නිවැරැදිව කළ යුතුයි. එසේ නොවුණහොත් බලාපොරොත්තු නොවන අහිතකර ප්‍රතිඵල ඇතිවීමට ඉඩ තිබෙනවා.

එම ප්‍රතිකර්ම දෙක මඟින් රෝගය වර්ධනය වීම පාලනය වෙනවා. එහෙත් රෝගය සුව වන්නේ නෑ. රෝගය උස්සන්න වූ විට ශල්‍ය වෛද්‍ය උපදෙස් ගත යුතුයි. ස්කෑන් පරීක්ෂාවක් මඟින් කපාටවල ක්‍රියාකාරිත්වය පරීක්ෂා කළ යුතුයි. එවිට ප්‍රතිකාර ආරම්භ කළ හැකියි. මෙහිදී මූලිකම වෛද්‍ය ප්‍රතිකාරය වන්නේ ශිරා සඳහා එන්නත් ලබාදීමයි. එන්නත් මඟින් ඇතිවන්නේ තාවකාලික සුවයක් පමණයි.

රෝගය බරපතළ නම් කළ යුතු වන්නේ ශල්‍යකර්මයක් මඟින් අදාළ ශිරා සැකසීම හෝ ඉවත් කිරීමයි. මෙසේ ශිරා ඉවත් කිරීමෙන් කිසිදු හානියක් සිදුවන්නේ නෑ. ඒ; රුධිරය ගමන් කිරීමට ඇති තරම් ශිරා අපගේ ශරීරයේ තිබෙන නිසයි. රෝගය උස්සන්න අවස්ථාවක නැති නම් ලේසර් ප්‍රතිකාර ද ලබාදිය හැකියි. එහෙත් වඩාත්ම සුදුසු වන්නේ ශල්‍යකර්මයකට යොමුවීමයි.

ශල්‍යකර්මයකින් පසුව නැවත රෝගය ඇතිවිය හැකිද?

ශල්‍යකර්මයකින් පසුව නැවත රෝගය මතුවිය හැක්කේ, 5%කට වැනි ඉතාම සුළු පිරිසකට පමණයි. රෝගයට ලක්වූ නාළය ඉවත් කිරීමෙන් පමණක් රෝගය ශරීරයෙන් ඉවත් වන්නේ නෑ. ඒ සඳහා රෝගයට හේතුවන ජීවන රටාවේ වෙනස්කම් ද අප ඇතිකර ගත යුතු වෙනවා. මෙම ශල්‍යකර්මය ඉතාම සුළු ශල්‍යකර්මයක්. උදෑසන රෝහලට පැමිණ සවස නිවෙසට යා හැකි ආකාරයේ සරල එකක්. මෙහිදී නිර්වින්දනය කිරීමක් ද සිදුවන්නේ නෑ.

මෙම ශල්‍යකර්මයෙන් පසුව දින කීපයක් එක්තැන් වී සිටීම සුදුසු වන්නේ නෑ. සෙනසුරාදා ශල්‍යකර්මයට භාජනය වුවහොත් සඳුදා රැකියාවට යා හැකියි. ශල්‍යකර්මයෙන් දිනකට පසුව ඇවිදීම ඉතා සුදුසුයි. දියවැඩියාව, හෘද රෝග සහිත පුද්ගලයින් ගේ එම රෝග තත්ත්වයන් මෙම ශල්‍යකර්මය සිදු නොකිරීමට හේතු නොවේ. දියවැඩියාවට ගොදුරුවූවන් ඉක්මනින් මේ ශල්‍යකර්මය සිදුකරගැනීම ඉතා වැදගත්.

[QUOTE="coollifestyle4u, post: 6794008, member: 106845"] [CENTER] [SIZE=4][COLOR=Navy]පාදවල නහර ගැටගැසීම [FONT=Verdana](Varicose Veins)[/FONT] පිළිබඳව හැඳින්වීමක් කරන්නේ නම්;[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE][/CENTER] [SIZE=4]මෙම රෝගී තත්ත්වය වර්තමානයේ ඉතාම බහුල රෝගයක් බවට පත්වී තිබෙනවා. කාන්තාවන්ගෙන් සියයට 30කට 40කට ආසන්න පිරිසකටත්, පුරුෂයින්ගෙන් සියයට 10කට 20කට ආසන්න පිරිසකටත් මෙම රෝගය තිබෙනවා. බොහෝ දෙනකුගේ පාදවල මෙම රෝග තත්ත්වය ඇති වුවත් දෑත්වලත් ඇතිවීමේ හැකියාවක් තිබෙනවා. මෙම රෝගය වැළඳී කලක් ගතවූ පසුවයි, රෝගයක් ලෙස දැනීමට පටන් ගන්නේ. රෝගයේ සංකූලතා ඇතිවන්නේත් රෝගය ඇතිවී කලක් ගතවූ පසුවයි. එතෙක් රෝගියාට වැඩි අපහසුතාවයක් දැනෙන්නේ නෑ.[/SIZE] [SIZE=4] සාමාන්‍යයෙන් මෙම රෝගයේ ප්‍රධානම ලක්ෂණය වන්නේ පාදවල නහර ඉදිමී, නිල්පැහැ ගැන්වී එම නහර හැකිලී විකෘති වීමයි. රෝගයේ මුල් අවස්ථාවේදී මෙම ලක්ෂණ පෙන්වන්නේ පාදයේ දණහිසින් පහළ කොටසේ. රෝගය උග්රවන විට එම තත්ත්වය පාදයේ ඉහළ කොටස දක්වා විහිදෙනවා.[/SIZE] [SIZE=4] මෙම රෝගයට ගොදුරු වූ උදවියට දැනෙන රෝග ලක්ෂණ වන්නේ පළමුව පාදයේ වළලුකර අසළ කොටස ඉදිමීමයි. එය බොහෝවිට සිදුවන්නේ සවස් කාලයේදී. දිනය පුරා රැකියාව කිරීමෙන් අනතුරුව සවසට නිවෙසට ගිය විට පාදයේ වළලුකර ආශ්රිත ප්‍රදේශය ඉදිමී ඇති බව පෙනී යනවා. එමෙන්ම සවස් වන විට පාදවල බර ස්වභාවයක් දැනීමට පටන් ගන්නවා. පාද එක ඉරියව්වක තබාගෙන සිටිය නොහැකි ආකාරයේ අපහසුතාවයක් ඇතිවෙනවා. [/SIZE] [SIZE=4] එමෙන්ම පාදයේ වළලුකර ආශ්රිත ප්‍රදේශය කැසීමට පටන් ගන්නවා. මෙය දදයක ආකාරයෙන් කසන පුද්ගලයින් සිටිනවා. මෙම සෑම රෝග ලක්ෂණයක්ම උදෑසනට වඩා දහවල් වන විට උග්‍රයි. එමෙන්ම පාදයේ පහළ කෙළවර සමේ පැහැයේ වෙනසක් ඇතිවීමට පටන් ගන්නවා. එම ප්‍රදේශයේ සම තිත් තිත් ස්වභාවයක් ඇතිවෙනවා. එසේ නැතිනම් පාදයේ ඉතිරි ප්‍රදේශයේ සමේ පැහැයට වඩා තද පැහැයකට හැරීමට පටන් ගන්නවා. එමෙන්ම එම සම ඝන වෙනවා.[/SIZE] [SIZE=4] සාමාන්‍යයෙන් පාදයේ සම, පාදයේ ප්‍රධාන අස්ථියට මතුපිටින් ලෙහෙසියෙන් ගමන්කරන ස්වභාවයකුයි පවතින්නේ. එහෙත් මෙම රෝගය ඇතිවීමෙන් පසුව එම ප්‍රදේශයේ ඇති සම අස්ථියට ඇලෙන ස්වභාවයකට පත්වෙනවා. [/SIZE] [SIZE=4] ඒ; තරමක් සරල රෝග ලක්ෂණ. සරල මෙන්ම බිය උපදවන රෝග ලක්ෂණ ද මෙම රෝගයේදී පෙන්නුම් කරනවා. ඒ; ඇතැම්විට පාදය කැසීමෙන් පසුව හෝ නොදැනුවත්වම හෝ රුධිරය ගැලීමට පටන් ගැනීමයි. එය හදිසියේ සිදුවන දෙයක්. එය බොහෝවිට බිය උපදවන කාරණයක්. මෙහිදී රුධිරය ගලා ඒමක් සිදුවුවත් වේදනාවක් දැනෙන්නේ නෑ. බොහෝවිට මෙවැනි රෝගීන්ගේ පාදයෙන් රුධිරය ගැලීමක් දකින්නේ අසළ සිටින වෙනත් අයෙක් විය හැකියි. පාදවල නහර ගැටගැසීමේ රෝගය රුධිරය ගලායාමක් දක්වා වර්ධනය වූ පසුව නැවත එය නොදැනුවත්වම භයානක රෝගී තත්ත්වයක් දක්වා වර්ධනය වීමේ අවස්ථාවද උදාවිය හැකියි.[/SIZE] [SIZE=4] [/SIZE] [CENTER] [COLOR=Navy][FONT=Verdana][SIZE=4]Varicose Veins[/SIZE][/FONT][SIZE=4] වැනි රෝගයක් ඇතිවන්නේ ඇයි?[/SIZE][/COLOR] [COLOR=#990099][B][SIZE=4] [/SIZE][/B][/COLOR] [COLOR=#990099][B][IMG]http://www.silumina.lk/2010/02/21/av1002211-2.jpg[/IMG][/B][/COLOR][/CENTER] [SIZE=4]අපගේ ශරීරයේ සෑම අවයවයකටම රුධිරය ගමන් කරනවා. එම නාළ හඳුන්වන්නේ ධමනි නමින්. ශරීරය පුරා ගමන් කළ රුධිරය නැවත හෘදය වෙත ගෙන එන නාළ හඳුන්වන්නේ ශිරා නමින්. මෙම ධමනි පද්ධතියත් ශිරා පද්ධතියත් වෙන වෙනම ක්‍රියාකරනවා. මේ දෙකට අමතර ව වසා නාළ ලෙස තවත් කුඩා රුධිර නාළ පද්ධතියක් ද ශරීරයේ තිබෙනවා. නහර ගැටගැසීම හෙවත් [/SIZE][FONT=Verdana][SIZE=4]Varicose Veins[/SIZE][/FONT][SIZE=4] රෝගය ඇතිවන්නේ ශිරා තුළ. මෙම තත්ත්වය බහුලව ඇතිවන්නේ පාදවල. අපගේ පාදවල ශිරා පද්ධති දෙකක් තිබෙනවා. ඒ මතුපිටින් තිබෙන ශිරා පද්ධතිය [/SIZE][FONT=Verdana][SIZE=4](Superficial Veins)[/SIZE][/FONT][SIZE=4] සහ ශරීරයේ ඇතුළතින් තිබෙන ශිරා පද්ධතිය [/SIZE][FONT=Verdana][SIZE=4](Deep Veins) [/SIZE][/FONT][SIZE=4]යනුවෙන්. [/SIZE][FONT=Verdana][SIZE=4]Superficial Veins[/SIZE][/FONT][SIZE=4] රෝගය ඇතිවන්නේ මතුපිටින් තිබෙන ශිරා තුළයි.[/SIZE] [SIZE=4] නහර ගැටගැසීම ලෙස හඳුන්වන රෝගයේදී [/SIZE][FONT=Verdana][SIZE=4]Superficial Veins[/SIZE][/FONT][SIZE=4] මඟින් සිදුකෙරෙන කාර්ය වෙනස් වෙනවා. එනම් අපිරිසුදු රුධිරය හෘදය වෙත ගමන් කිරීමේ කාර්ය වෙනස් වෙනවා. මෙයට හේතුවන්නේ ශිරාවල කපාට අක්‍රියවීමයි. අප සිටගෙන සිටින අවස්ථාවක වුවත්, අපගේ පාදවල තිබෙන අපිරිසුදු රුධිරය ශරිරයේ ඉහළින් තිබෙන හෘදය වෙත ගමන් කරනවා. ඒ සඳහා උපකාර වන්නේ ශිරා තුළ ඇති කපාටවල අපූරු ක්‍රියාකාරිත්වයයි. පාදවල මස් පිඬුවල තෙරපීම නිසා ශිරා තුළ ඇති කපාට ඉහළට ඇරී අපිරිසුදු රුධිරය ඉහළට ගමන් කරනවා. සාමාන්‍යයෙන් එම රුධිරය පහළට ගමන් කරන්නේ නෑ. [/SIZE] [SIZE=4] ඒ; අපිරිසුදු රුධිරය පහළින් ඉහළට පොම්ප වූ විට කපාට වැසී රුධිරය පහළට ගමන් කිරීම වැළකීම නිසයි. ශිරා තුළ ඇති කපාටවල ක්‍රියාකාරිත්වය අඩපණ වූ විට පාදවල ඉහළට ගමන් කරන රුධිරය නැවත පහළට ගමන් කිරීමට පෙලඹෙනවා. ඒ කපාට විවර වී තිබීම නිසයි. එහි ප්‍රතිඵලය වන්නේ ශිරා තුළ අපිරිසුදු රුධිරය එක්රැස්වීමයි. [/SIZE] [SIZE=4] මේ නිසා එම ශිරා දික් වී, ඇදවී විකෘති වෙනවා. එවිට එම ශිරා පෙනෙන්නේ ගැටගැසී ඇති ආකාරයෙන්. සරළව හැඳින්වූවොත් [/SIZE][FONT=Verdana][SIZE=4]Varicose Veins[/SIZE][/FONT][SIZE=4] යනු විකෘති වූ ශිරාවක්. මෙම විකෘති ශිරා මඟින් කළ යුතු කාර්ය (රුධිරය ඉහළට ගමන් කිරීම) සිදුවන්නේ නෑ. එහෙත් ශරීරය ඇතුළත ඇති [/SIZE][FONT=Verdana][SIZE=4]Deep Vains [/SIZE][/FONT][SIZE=4]මගින් පහළ තිබෙන අපිරිසුදු රුධිරය හෘදය වෙත ගමන් කරනවා. එහෙත් යමකුගේ [/SIZE][FONT=Verdana][SIZE=4]Deep Vains[/SIZE][/FONT][SIZE=4] වලද කිසියම් ගැටලුවක් මතුවුවහොත් රෝගියා අසීරු තත්ත්වයට පත්වෙනවා.[/SIZE] [SIZE=4] මෙම රෝගයට ගොදුරුවූ විට ශිරා තුළ පීඩනය වැඩිවෙනවා. ඇතැම් විට එය රසදිය මිලිමීටර් 200ටත් වැඩිවෙනවා. එම පීඩනය නිසයි විකෘති නහර ඇතිවන්නේ. ඒ පීඩනය නිසයි රෝගීන් නොදැනුවත්වම පාදවල ශිරා පැලීමෙන් රුධිරය පිටතට ගලන්නේ. රුධිරය පිටතට නොගැලුවත් පාද ඉදිමෙන්නේත් මෙම පීඩනය වැඩිවී රුධිර සෛල, තරලය පිටතට පැමිණීම නිසයි.[/SIZE] [SIZE=4] මෙම රෝගයට ගොදුරු වූ විට පාදවල ශිරා තුළ අපිරිසුදු රුධිරය පිරී තිබීම නිසා ඒවාට පිරිසුදු රුධිරය ඒම වළකිනවා. ඒ නිසයි එම ශිරා සහිත ප්‍රදේශය කළු පැහැ ගැන්වෙන්නේ. එසේම සම ඝනවන්නේ [/SIZE][FONT=Verdana][SIZE=4]Varicose Veins [/SIZE][/FONT][SIZE=4]නිසා තුවාලයක් ඇතිවූ විට දිනකින් දෙකකින් එම තුවාල විශාල වෙනවා. එහෙත් නිසි ප්‍රතිකාර කිරීමෙන් දින කීපයකින් එම තුවාල සම්පූර්ණයෙන්ම සුව කර ගත හැකිවෙනවා. ඒ නිසයි මෙම රෝගය ඇතිවූ විට සුවවෙවී නැවත ඇතිවන තුවාල සහිතව රෝගීන් වෛද්‍යවරුන් වෙත පැමිණෙන්නේ. මෙම තුවාල බොහෝ කලක් පැවතීමත් ඊට නිසි ප්‍රතිකාර නොකිරීමත් නිසා පිළිකා දක්වා වර්ධනය විය හැකියි.[/SIZE] [SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy]ශිරා තුළ තිබෙන කපාට අක්‍රිය වීමට බලපාන හේතු?[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=4] එම කපාට මත අධික පීඩනයක් ඇතිවීමයි ප්‍රධානම හේතුව. කාන්තාවන් තුළ නහර ගැටගැසීමේ රෝගය බහුල බව අප මුලින්ම සඳහන් කළා. එයිනුත් දරුවන් ලද මව්වරු අතරයි මෙම රෝගය බහුලව පවතින්නේ. දරුවා මව් කුස තුළ සිටින කාලයේ දරුවාගේ හිස මඟින් විශාල පීඩනයක් මවගේ ශ්‍රෝණි ප්‍රදේශයේ තිබෙන ශිරා මත ඇතිකරනවා. [/SIZE] [SIZE=4] එවිට එම ගර්භණී කාන්තාවගේ පාදවල තිබෙන රුධිර නාළවල පීඩනය ඉතා වැඩිවෙනවා. ඒ නිසයි දරුවන් ලැබීමට සිටින කාන්තාවන්ගේ පාද ඉදිමෙන්නේ. මෙම තත්ත්වය කාන්තාවන් තුළ පසුකාලීනව[/SIZE][FONT=Verdana][SIZE=4] Varicose Veins [/SIZE][/FONT][SIZE=4] ඇතිවීමට බලපානවා. එමෙන්ම ශිරා තුළට කිසියම් විෂබීජයක් ඇතුළුවීම මඟිනුත් ශිරාවල තිබෙන කපාට අක්‍රියවීමට හේතුවෙනවා. එම ප්‍රධාන කරුණු දෙකට අමතරව පාරම්පරිකව ද මෙම රෝගය ඇතිවීමේ හැකියාවක් තිබෙනවා.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=Navy]මේ සඳහා ඇති ප්‍රතිකාර මොනවාද?[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=4]ප්‍රතිකාර තීරණය වන්නේ රෝගියාගේ තත්ත්වය අනුවයි. මෙම රෝගයට වැඩියෙන් ගොදුරුවන්නේ දවසේ වැඩි වේලාවක් එකම ඉරියව්වෙන් ගතකරන උදවියයි. එම ඉරියව්ව සිටගෙන සිටින ඉරියව්වක් හෝ වාඩිවී සිටින ඉරියව්වක් හෝ විය හැකියි. මෙම රෝගයෙන් වැළකී සිටීමට ඇති හොඳම ක්‍රමය වන්නේ එකම ඉරියව්වකින් පැය ගණනක් එක දිගට ගත නොකිරීමයි. වඩා සුදුසුවන්නේ පැයකට පමණ පසුව විනාඩි කීපයක් ඉරියව්ව වෙනස් කිරිමයි.[/SIZE] [SIZE=4] පාද ඉදිමී ඇත්නම්, රාත්රියේදී එම පාද ඉහළින් තබාගෙන සිටීම සුදුසුයි. මෙම රෝගය ඇතිවූ මුල් අවස්ථාවේ වෛද්‍යවරුන් උපදෙස් දෙන්නේ එම පාදයට මේස් එකක් පැලඳ සිටින ලෙසයි. එය තරමක් අසීරු වුවත් සාර්ථක ප්‍රතිකර්මයක්. එසේ නැතිනම් බැන්ඩේජ් පටියකින් කකුල වෙළීමට උපදෙස් දෙනවා. බැන්ඩේජ් එක පැලඳිය යුත්තේ දහවල් කාලයේදී. රාත්‍රියේ පැලඳීමෙන් ප්‍රයෝජනයක් අත්වන්නේ නෑ. බැන්ඩේජ් එකක් පැලඳීම කළ යුත්තේ වෛද්‍ය උපදෙස් සහ නිර්දේශ මත පමණයි. එමෙන්ම එය පැලඳීම ඉතාම නිවැරැදිව කළ යුතුයි. එසේ නොවුණහොත් බලාපොරොත්තු නොවන අහිතකර ප්‍රතිඵල ඇතිවීමට ඉඩ තිබෙනවා. [/SIZE] [SIZE=4] එම ප්‍රතිකර්ම දෙක මඟින් රෝගය වර්ධනය වීම පාලනය වෙනවා. එහෙත් රෝගය සුව වන්නේ නෑ. රෝගය උස්සන්න වූ විට ශල්‍ය වෛද්‍ය උපදෙස් ගත යුතුයි. ස්කෑන් පරීක්ෂාවක් මඟින් කපාටවල ක්‍රියාකාරිත්වය පරීක්ෂා කළ යුතුයි. එවිට ප්‍රතිකාර ආරම්භ කළ හැකියි. මෙහිදී මූලිකම වෛද්‍ය ප්‍රතිකාරය වන්නේ ශිරා සඳහා එන්නත් ලබාදීමයි. එන්නත් මඟින් ඇතිවන්නේ තාවකාලික සුවයක් පමණයි. [/SIZE] [SIZE=4] රෝගය බරපතළ නම් කළ යුතු වන්නේ ශල්‍යකර්මයක් මඟින් අදාළ ශිරා සැකසීම හෝ ඉවත් කිරීමයි. මෙසේ ශිරා ඉවත් කිරීමෙන් කිසිදු හානියක් සිදුවන්නේ නෑ. ඒ; රුධිරය ගමන් කිරීමට ඇති තරම් ශිරා අපගේ ශරීරයේ තිබෙන නිසයි. රෝගය උස්සන්න අවස්ථාවක නැති නම් ලේසර් ප්‍රතිකාර ද ලබාදිය හැකියි. එහෙත් වඩාත්ම සුදුසු වන්නේ ශල්‍යකර්මයකට යොමුවීමයි.[/SIZE] [SIZE=4][COLOR=Indigo] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo]ශල්‍යකර්මයකින් පසුව නැවත රෝගය ඇතිවිය හැකිද?[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo] [/COLOR][/SIZE] [SIZE=4]ශල්‍යකර්මයකින් පසුව නැවත රෝගය මතුවිය හැක්කේ, 5%කට වැනි ඉතාම සුළු පිරිසකට පමණයි. රෝගයට ලක්වූ නාළය ඉවත් කිරීමෙන් පමණක් රෝගය ශරීරයෙන් ඉවත් වන්නේ නෑ. ඒ සඳහා රෝගයට හේතුවන ජීවන රටාවේ වෙනස්කම් ද අප ඇතිකර ගත යුතු වෙනවා. මෙම ශල්‍යකර්මය ඉතාම සුළු ශල්‍යකර්මයක්. උදෑසන රෝහලට පැමිණ සවස නිවෙසට යා හැකි ආකාරයේ සරල එකක්. මෙහිදී නිර්වින්දනය කිරීමක් ද සිදුවන්නේ නෑ. [/SIZE] [SIZE=4] මෙම ශල්‍යකර්මයෙන් පසුව දින කීපයක් එක්තැන් වී සිටීම සුදුසු වන්නේ නෑ. සෙනසුරාදා ශල්‍යකර්මයට භාජනය වුවහොත් සඳුදා රැකියාවට යා හැකියි. ශල්‍යකර්මයෙන් දිනකට පසුව ඇවිදීම ඉතා සුදුසුයි. දියවැඩියාව, හෘද රෝග සහිත පුද්ගලයින් ගේ එම රෝග තත්ත්වයන් මෙම ශල්‍යකර්මය සිදු නොකිරීමට හේතු නොවේ. දියවැඩියාවට ගොදුරුවූවන් ඉක්මනින් මේ ශල්‍යකර්මය සිදුකරගැනීම ඉතා වැදගත්.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom