Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Victor
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

From facebook...

මේ දිනවල සුප්‍රසිද්ධ කලා කරුවකුගේ පුද්ගලික ජීවිතය සම්බන්ධ යම් ආරෝවක් ප්‍රචාරය වෙමින් පවතී. වැඩි වශයෙන් පළ වෙන්නේ කුණු රස ඇවිස්සීමේ උනන්දුව බැවින් කිසිවක් නොලියා සිටීමට මුලින් සිතුවත්, පසුව යමක් ලිවීමට සිත් විය. මේ සම්බන්ධයෙන් මූණුපොතේ පළවන විචාරවල වැඩි වශයෙන් කියැවෙන්නේ මේ කලාකරුවාගේ බිරිය මිය ගොස් සිටින නිසාත් දරුවන් ලොකු මහත් වී ඇති නිසාත් ඔහුට තම පුද්ගලික ජීවිතය සම්බන්ධයෙන් තමන්ට අභිමත තීරණයක් ගැනීම සමාජය හෝ දරුවන් ප්‍රශ්නයක් කර ගත නොයුතුය යන්න හෝ ඊට සමාන අදහස්ය. මේ ප්‍රකාශවල එතරම් වරදක් බැලූබැල්මට නොපෙනේ. මා සමඟ පුද්ගලිකව කතා කළ අයෙක් ද කීවේ ඒ කලාකරුවාගේ තීරණය නිවැරදි බවයි. මේ තැනැත්තාගේ මව් මිය ගොස් සිටි අතර පියාගේ වයස 75 ඉක්මවා තිබිණි. මා පෙරළා ඇසුවේ "ඔබේ පියා ඔබට වඩා අවූරුදු පහකින් පමණ බාල වයස අවුරුදු 33 තරුණියක් විවාහ කරගන්නවාට කැමතිද?" යන ප්රශ්නයයි. එවිට ඒ තැනැත්තා නිරුත්තර විය. මේ අවස්ථාවේ මට මතක් වෙන්නේ මූණුපොතේ අයෙක් කලකට පෙර කළ ප්‍රකාශයකි:

"ප්රශ්නය තමන්ගේ නොවන තාක් කල් ඊට ඔබේ පිළිතුර දාර්ශනිකත්වයෙන් සහ වීරත්වයෙන් පිරුණ එකකි".

මේ කලාකරුවාට තමන්ගේ පුද්ගලික ජීවිතය සම්බන්ධයෙන් තීරණ ගැනීමට ඇති නිදහස මෙන්ම, ඒ තීරණ සම්බන්ධයෙන් දරුවන් පත්වන අපහසුතාවය, වේදනාව සම්බන්ධයෙන් ද සමාජය සානුකම්පිකව සලකා බැලිය යුතුය. මෙවන් දෙයක් ඔබට වූවා නම් ඔබත් හැසිරෙන්නේ එලෙසම විය හැක.

තමන්ගේ ජීවිතය සම්බන්ධයෙන් තමන්ට තීරණ ගත හැකිය යන කාරණාව පුද්ගල නිදහස සම්බන්ධ නූතනත්ව චින්තනය හා බැඳී පවතින්නකි. විශේෂයෙන් විවාහ වැනි කාරණා සම්බන්ධයෙන් මෙය විශේෂිතය. විවාහයේ පාර්ශවකරුවන් වන්නේ විවාහ යුවළ පමණක් නොවේ දරුවෝද විවාහයක පාර්ශවකරුවෝ වෙති. විවාහ යුවළකගේ අදහස් නොගැලපේ නම් ඔවුන් වෙන්ව යා යුතුය යන අදහස නූතන ලිබරල් සමාජය විසින් පුද්ගල නිදහස සම්බන්ධ ඉහළ අදහසක් ලෙස සලකයි. එහිදී දරුවන්ට වන අගතිය සම්බන්ධයෙන් ඔවුන්ට කිසි වගක් නැත. විවාහය යනු පුද්ගලයන් දෙදෙනෙකු අතර වන සම්බන්ධයක් පමණක් නොවේ. එය පවුල් දෙකක් අතර වන සම්බන්ධයකි. නූතනත්ව අදහස කුමක් වුවත් අපේ සමාජයේ විවාහය යනු එවන් සංකල්පයකි. මේ සංකල්ප වලින් මුළුමනින් බිඳී යාමේ හැකියාවක් අපට නැති අතර එසේ වීම අවශ්‍ය ද නොවේ.

මහළු වියේ සිටින මිනිසකු (විශේෂයෙන් ධනය සහ බලය ඇති ) හා විවාහවන තරුණ ස්ත්‍රියක් බොහෝ විට එලෙස විවාහ වනෙන ධනය සම්බන්ධ වුවමනාවන් මතය. ඉංගිරිසියෙන් මොවුන් හඳුන්වන්නේ "ගෝල්ඩ් ඩිගර්ස්" යන වදනෙනි. බටහිර සමාජයේ මෙවන් දේ සුලබය. මෙල් ගිබ්සන් වැනි ලෝ පතළ කලාකරුවන් පමණක් නොව මෑත් අපේ ඉතිහාසයේ ෆ්‍රෙඩී සිල්වා වැනි කලාකරුවන්ට සිදු වූ දේ මීට සමාන වර්තමාන නිදසුන්ය.

තරුණ බිරියක් විවාහ කර ගන්නා මහලු මිනිසාගේ ජීවිතය පරිහාණියටම යයි. මේ පිළිබඳව බුදුන් වහන්සේ පරාභව සූත්‍රයේ පැහැදිලිව දේශනා කර ඇත:

"ඉක්මගිය යෞවන වයස් ඇති පුරුෂයෙක් තෙම තිඹිරි ඵල වැනි තන ඇති තරුණියක් සරණ පාවාගෙන ඇය තරුණ පුරුෂයකු පතාදෝ යන ඊර්ෂ්‍යාවෙන් රාත්‍රියෙහි නොනිදාද, ඒ කරණය පිරිහීමට කාරණයයි."

මේ කලාකරුවානන් සිංහල ගීත කලාවට කරන ලද සේවයට ලැබිය යුතු ගෞරවය මේ නිසා බිඳකුදු අඩු නොවන බවත් සඳහන් කළ යුතුය. එසේ වුවද ඒ නිසාවෙන් ඔහු ගන්නා වෙනත් තීරණ සියල්ලද හරි යැයි කීමටද අප ඉදිරිපත් නොවිය යුතුය.

[QUOTE="rajitha_ks, post: 21309102, member: 162025"] [SIZE=3]From facebook...[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]මේ දිනවල සුප්‍රසිද්ධ කලා කරුවකුගේ පුද්ගලික ජීවිතය සම්බන්ධ යම් ආරෝවක් ප්‍රචාරය වෙමින් පවතී. වැඩි වශයෙන් පළ වෙන්නේ කුණු රස ඇවිස්සීමේ උනන්දුව බැවින් කිසිවක් නොලියා සිටීමට මුලින් සිතුවත්, පසුව යමක් ලිවීමට සිත් විය. මේ සම්බන්ධයෙන් මූණුපොතේ පළවන විචාරවල වැඩි වශයෙන් කියැවෙන්නේ මේ කලාකරුවාගේ බිරිය මිය ගොස් සිටින නිසාත් දරුවන් ලොකු මහත් වී ඇති නිසාත් ඔහුට තම පුද්ගලික ජීවිතය සම්බන්ධයෙන් තමන්ට අභිමත තීරණයක් ගැනීම සමාජය හෝ දරුවන් ප්‍රශ්නයක් කර ගත නොයුතුය යන්න හෝ ඊට සමාන අදහස්ය. මේ ප්‍රකාශවල එතරම් වරදක් බැලූබැල්මට නොපෙනේ. මා සමඟ පුද්ගලිකව කතා කළ අයෙක් ද කීවේ ඒ කලාකරුවාගේ තීරණය නිවැරදි බවයි. මේ තැනැත්තාගේ මව් මිය ගොස් සිටි අතර පියාගේ වයස 75 ඉක්මවා තිබිණි. මා පෙරළා ඇසුවේ "ඔබේ පියා ඔබට වඩා අවූරුදු පහකින් පමණ බාල වයස අවුරුදු 33 තරුණියක් විවාහ කරගන්නවාට කැමතිද?" යන ප්රශ්නයයි. එවිට ඒ තැනැත්තා නිරුත්තර විය. මේ අවස්ථාවේ මට මතක් වෙන්නේ මූණුපොතේ අයෙක් කලකට පෙර කළ ප්‍රකාශයකි: [B]"ප්රශ්නය තමන්ගේ නොවන තාක් කල් ඊට ඔබේ පිළිතුර දාර්ශනිකත්වයෙන් සහ වීරත්වයෙන් පිරුණ එකකි"[/B]. [/SIZE] [SIZE=3] මේ කලාකරුවාට තමන්ගේ පුද්ගලික ජීවිතය සම්බන්ධයෙන් තීරණ ගැනීමට ඇති නිදහස මෙන්ම, ඒ තීරණ සම්බන්ධයෙන් දරුවන් පත්වන අපහසුතාවය, වේදනාව සම්බන්ධයෙන් ද සමාජය සානුකම්පිකව සලකා බැලිය යුතුය. මෙවන් දෙයක් ඔබට වූවා නම් ඔබත් හැසිරෙන්නේ එලෙසම විය හැක. තමන්ගේ ජීවිතය සම්බන්ධයෙන් තමන්ට තීරණ ගත හැකිය යන කාරණාව පුද්ගල නිදහස සම්බන්ධ නූතනත්ව චින්තනය හා බැඳී පවතින්නකි. විශේෂයෙන් විවාහ වැනි කාරණා සම්බන්ධයෙන් මෙය විශේෂිතය. විවාහයේ පාර්ශවකරුවන් වන්නේ විවාහ යුවළ පමණක් නොවේ දරුවෝද විවාහයක පාර්ශවකරුවෝ වෙති. විවාහ යුවළකගේ අදහස් නොගැලපේ නම් ඔවුන් වෙන්ව යා යුතුය යන අදහස නූතන ලිබරල් සමාජය විසින් පුද්ගල නිදහස සම්බන්ධ ඉහළ අදහසක් ලෙස සලකයි. එහිදී දරුවන්ට වන අගතිය සම්බන්ධයෙන් ඔවුන්ට කිසි වගක් නැත. විවාහය යනු පුද්ගලයන් දෙදෙනෙකු අතර වන සම්බන්ධයක් පමණක් නොවේ. එය පවුල් දෙකක් අතර වන සම්බන්ධයකි. නූතනත්ව අදහස කුමක් වුවත් අපේ සමාජයේ විවාහය යනු එවන් සංකල්පයකි. මේ සංකල්ප වලින් මුළුමනින් බිඳී යාමේ හැකියාවක් අපට නැති අතර එසේ වීම අවශ්‍ය ද නොවේ. [/SIZE] [SIZE=3] මහළු වියේ සිටින මිනිසකු (විශේෂයෙන් ධනය සහ බලය ඇති ) හා විවාහවන තරුණ ස්ත්‍රියක් බොහෝ විට එලෙස විවාහ වනෙන ධනය සම්බන්ධ වුවමනාවන් මතය. ඉංගිරිසියෙන් මොවුන් හඳුන්වන්නේ "ගෝල්ඩ් ඩිගර්ස්" යන වදනෙනි. බටහිර සමාජයේ මෙවන් දේ සුලබය. මෙල් ගිබ්සන් වැනි ලෝ පතළ කලාකරුවන් පමණක් නොව මෑත් අපේ ඉතිහාසයේ ෆ්‍රෙඩී සිල්වා වැනි කලාකරුවන්ට සිදු වූ දේ මීට සමාන වර්තමාන නිදසුන්ය. [/SIZE] [SIZE=3] තරුණ බිරියක් විවාහ කර ගන්නා මහලු මිනිසාගේ ජීවිතය පරිහාණියටම යයි. මේ පිළිබඳව බුදුන් වහන්සේ පරාභව සූත්‍රයේ පැහැදිලිව දේශනා කර ඇත: [/SIZE] [SIZE=3] "ඉක්මගිය යෞවන වයස් ඇති පුරුෂයෙක් තෙම තිඹිරි ඵල වැනි තන ඇති තරුණියක් සරණ පාවාගෙන ඇය තරුණ පුරුෂයකු පතාදෝ යන ඊර්ෂ්‍යාවෙන් රාත්‍රියෙහි නොනිදාද, ඒ කරණය පිරිහීමට කාරණයයි." [/SIZE] [SIZE=3] මේ කලාකරුවානන් සිංහල ගීත කලාවට කරන ලද සේවයට ලැබිය යුතු ගෞරවය මේ නිසා බිඳකුදු අඩු නොවන බවත් සඳහන් කළ යුතුය. එසේ වුවද ඒ නිසාවෙන් ඔහු ගන්නා වෙනත් තීරණ සියල්ලද හරි යැයි කීමටද අප ඉදිරිපත් නොවිය යුතුය.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom