මතුගම ගිනි ඇවිලේ
නැවතත් ගිනි ඇවිලේ - මතුගමදී අයෙක් මරුට
මතුගම වැලිපැන්න ප්‍රදේශයේ ඊයේ (16) රාත්‍රීයේදී සිදුකළ ප්‍රහාරයකින් වෙලඳසැල් 10 කට පමණ හානි සිදු වී ඇති බවත් මතුගම, හේනේගම ප්‍රදේශයේ සත්ත්ව ගොවිපොළකට කිසියම් සිදු කළ පහරදීමකින් එක් අයෙකු මියගොස් ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා තහවුරු කළේය.
මතුගම වැලිපැන්න ප්‍රදේශයේ නොසන්සුන්කාරී සිද්ධීන් කිහිපයක් වාර්තා වී ඇති බවත් ප්‍රදේශයේ ආරක්ෂාව වෙනුවෙන් පොලීසිය හා විශේෂ කාර්ය බලකාය යොදවා ඇති බවත් හෙතෙම සඳහන් කළේය.
කිසියම් පිරිසක් ඊයේ රාත්‍රියේ වැලිපැන්න ප්‍රදේශයේ වෙලඳසැල් 10 කට පමණ පහරදීමක් සිදුකර ඇති බවත් ඒ ආසන්නයේ පිහිටි සේවා ස්ථානයකට ද පිරිසක් ගිනි තබා ඇති බවත් වාර්තා වෙයි.
ප්‍රහාරයට පුද්ගලයින් 150 කට ආසන්න පිරිසක් පැමිණ ඇති බවත් ඉන් ඇතැම් පුද්ගලයින් හඳුනාගෙන ඇති බවත් පොලීසිය පැවසීය.
මේ අතර මතුගම, හේනේගම ප්‍රදේශයේ සත්ත්ව ගොවිපොළක් වෙත කඩා වැදුණු පිරිසක් කළ පහරදීමකින් එක් පුද්ගලයෙකු මියගොස් ඇති අතර තවත් පුද්ගලයෙකු තුවාල ලබා මතුගම වෑත්තෑව රෝහලට ඇතුලත් කර තිබේ. පහරදීම සඳහා පැමිණි පිරිස මෙතෙක් හඳුනාගෙන නොමැත.
මේ අතර අලුත්ගම ප්‍රදේශයේ ප්‍රචණ්ඩකාරී සිද්ධිවලට සම්බන්ධ පුද්ගලයින් 7 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවත් වීඩියෝ දර්ශන හා ඡායාරූප අනුව සැකකරුවන් අත්අඩංගුවට ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසී ය.