Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
History
What exactly we know about the Greatest king on this earth- King Sri Ravana
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ශාස්ත්‍රපති සිරිපාල මාදුවගේ

ආදිතම යුගවලදී සොබාදහම මනාව අවබෝධ කරගත නොහැකි වූ පැරැන්නෝ බිය චකිතයෙන් යුතුව ස්වභාවික වස්තුන් දෙස බලමින් ඊට මහා ශක්තියක් ආරෝපණය කළහ. තමනට ඵලාඵල සිදුවන්නේ ඒ ඔස්සේ යැයි සලකමින් පුද පූජා පැවැත්වූහ. ස්වභාවික වස්තූ®න් දේවත්වයේලා සැලකූ®හ. ඇතැම්විට ඒ ඒ ප්‍රදේශවල යම් යම් ගති පැවති මිනිසුන් මිය ගිය කල ඔවුන් දේවත්වයේ ලා සැලකූහ. ප්‍රාදේශීය පුද පූජා පවත්වන එබඳු දෙවියන් අතර රංවල දෙවි, මොරටු දෙවි,ගනේගොඩ දෙවි ආදි බොහෝ වෙති. විෂ්ණු, කතරගම, සමන්, උපුල්වන්, විභීෂණ, පත්තිනි, ගම්බාර, කඩවර, අයියනායක , වන්නි බණ්ඩාර, ආදි නොයෙක් දෙවි දේවතාවුන් පිළිබඳව ඇදහිලි විශ්වාස, පුද පුජා සිරිත් විරිත් එමටය. සමනළ කන්දට අරක්ගත් සුමන හෙවත් සමන් දෙවි බුදු සිරිපතුල සමනළ පිහිටවීම හා සමග වඩ වඩාත් ජනතාවගේ ගෞරව පුද පූජාවන් ලබන්නට විය. සබරගමු ප්‍රදේශවාසීන් වඩාත් අදහන දෙවියන් වන්නේ සමන් දෙවියන්ය.

දිලෙන විමන සැදි වසන සුමන කූටේ - තෙද

සුරිඳුනි ඔබ පද නමදිමු බැඳදිලි වසන සුමන කූටේ

දිලෙන විමන තුළ සමනොළ ගිරි කු ළ

වසන පිනෙනි සුල කල සිරිපළ ක ල

නිතින වඩින හෙළ ඇතු වාහන දු ල

සුමන සුරිඳු නිළ තුර රතු තෙද බ ල

පොරණ සිරිලක කරනා කල ත ණ

හරහා එරකුසු කරනා යුද සෙ න

සැරලා රනදුන් හෙළලා හරිමි න

වැරලා රකුසන් මඬලා ජය ගෙ න

සුමන සමන් දෙවි කවරෙක්දැයි කවියා කියයි. ජනතාව සියලු කරුණු කාරණා ඉටුකර ගැනීමේදි සමන් දෙවියන් පිළිබඳව විශ්වාසය පළ කළහ. දෙවන ලෝක යුද්ධයේදී යුද ගිනි නිවාලනු පිණිස සමන් දෙවිදුගෙන් ඉල්ලයි.

යුද්ධය ඇතිවී මෙරට වැසියෝ ශෝකෙන් බිය පත්වී ඉන්නේ

රට සිට ඇවිදින් අහස් යන්තරා මේ රට හැම තැන කැරකෙනවා

සද්දය ඇසිලා පුදුමවෙලා සිට බැලුවම උඩුගුවනේ දුවනා

සිද්ද සමන් දෙවි යුද්දෙ නිමාකර දුප්පත් සෙනගගෙ නිති නිවනා

සමන් දෙවිඳුන් පිළිබඳ කථා කරන සෑම තැන්හිම සිරිපාද පිහිටීම ගැන කීමට අමතක නොකරයි. කැලණියට වැඩි බුදුරදුන්ට සුමන දෙවි කළ ඇරැයුම පිළිගනිමින් සමනොළ වැඩ සිරිපා පිහිටුවීම ගැන ජන කවීහු කීහ. සමන් දෙවියන් පිළිබඳව අතිශය වැදගත් ප්‍රකටම සිද්ධිය වන්නේද සිරිපා පිහිටුවීම පිළිබඳ කථා පුවතය.

මුනිඳුන් අහසින් වඩිමින් කැලණිය

පතිඳුන් උරණය සිඳීමින් හැරකල

ඇවිදින් බැහැදැක වඳීමින් විදිසර

සුරිඳුන් එසුමන ඇයදුම් පිළිගෙන

ඉන්ද්‍රා දින වඩිමින්දා සමනොළ

බැන්දා මන තබමින්දා සිරිපද

වැන්දා සුර සුවනින්දා බැතිසිත

සෙන්දා අප මුනින්දා පදනල

සුමන සමන් දෙවි අරක්ගත් බුදුරජාණන් වහන්සේ ශ්‍රීපාද ලාඤ්ඡනය පිහිටි සමනොළ පර්වතය ගැන ජනකවියා දුටහ. එහිදී සමනළ කන්ද ලංකාවේ ප්‍රධානම උසින් වැඩිම කන්ද ලෙස වර්ණනා කළ අයුරු බලනවිට මුනි සිරිපා රැදි සමනොළ ගිර පිළිබඳව පැවති ශ්‍රද්ධා භක්ති ගෞරවය පිළිබිඹු වෙයි.

ලංකාවට අධිපති පර්වත මුදු නේ

සිංහාසනේ වද මුනිඳුට පහළ උ නේ

පිහිටි සිරිපාද පර්වත කොත මුදු නේ

ගංගා සතර පර්වතයෙහි උපත උනේ

සමනොළ කන්ද ගැන පවත්නා බලවත් ගෞරවය පෙනේ.

සමන් දෙවිදුන් වැඩ සිටින මහ සමන් දේවාලය පිහිටියේ රත්නපුරයේය. සබරගමු මහ සමන් දේවාලය නමින් ප්‍රකට මෙම දෙවොලට ජනතාව තුළ පවත්නේ මහත් ගෞරවයකි. භක්තියකි. සමන් දේවාලය ගැන මෙසේ කියැවේ.

කන්ද උඩින් බසින කලට පෙනේය උළු මාලිගා ව

රෑ දාවල් අඳුර නැතිව රන්කොත් බබළන සුබා ව

දුම්බරකින් සෙනග ඇවිත් රුවට කෙරුව මාලිගා ව

ලංකාවට තිලකයක්ය සබරගමුවෙ මාලිගා ව

හෙල මුදුනෙන් බැස්ස කලට පෙනේය උළු මාලිගාව

රෑ දාවල් එළිය ඇතුව රන්කොත් බබළන සුබාව

බිම්බරකට සෙනග ඇවිත් සෑදෙව් උළු මාලිගාව

මුළු රටටම පාරට්ටුයි සබරගමුවෙ මාලිගාව

සමන් දෙවිඳුන්ට වාහනය ලෙස ඇත්තේ සුදු ඇතෙකි. සමනළ ප්‍රදේශයේ සැරිසරන සුදු ඇතෙක් ගැනද ජනතාව තුළ විශ්වාසය පවතී.

සුද්ද ලෙසින් නිති ගත බබලන්නේ නේ

සුද්ද ඇතා පිට වද වැඩ ඉන් නේ

බුද්ද ශාසනයේ දියුණු කරන් නේ

සුද්ද සමන් දෙවියෝය වඩින් නේ

සමන් දෙවි ප්‍රාදේශීය වශයෙන් රත්නපුර ප්‍රදේශයේ සබරගමු, පළාතේ ප්‍රධාන දෙවි ලෙස කියැවෙතත් ලක්වැසියන් ගරු කරන සිව්වරම් දෙවිවරුන් අතරට ගැනේ. ගමනක් බිමනක් යනවිට, වැදගත් කටයුත්තක් කරන විට සමන් දෙවිඳුන්ගේ ආශිර්වාදය ලබා ගැනීම සිරිතය.

“ගමන් යන්ට නැකතින් පාරු පැදගෙ න

සමන් දෙවියන්ට පුද පඬුරු දීගෙ න

මෙවන් කළු ගඟේ කදුහෙල් බලා ගෙ න

අපිත් යමුව බැස දෙවියන්ට වැදගෙ න

ශ්‍රීපාද වන්දනාවේ යන විට සියල්ලන්ම අපේක්ෂා කරන්නේ සමන් දෙවිඳුන්ගේ ආශිර්වාදයයි.

ඉහළ නගින මේ කෝඩුට

සුමන සමන් දෙවි පිහිටයි

කරුණාවයි කරුණාවයි

සමන් දෙවිඳු කරුණාවයි

කිරි කොඩුල වන්දවන්න

සමන් දෙවිඳු පිහිට වෙන්න

දම්වැලෙ එල්ලී දඹේ නගින් නේ

සමන් දෙවිඳුනේ අප රැක දෙන්නේ

සමන් දෙවිඳුන්ගේ ආරක්ෂාව පිහිට පතා ශ්‍රීපාද වන්දනා කරුවෝ තමන්ගේ පුණ්‍ය කර්මයන්හි පින් සමන් සුරිඳුන්ට අනුමෝදන් කරති.

“ඉදිකටු” නූලුත් සුරතට ගන්නේ

ගෙත්තන් කර දෙවිඳුට පින් දෙන්නේ”

“ සුමන සමන්දෙවි මේ පින් ගන්නේ

සාදු සාදු හිමෙ නගිනු කියන්නේ

පුද පූජාකොට පින් ලැබ ගන්නේ

සුමන සමන් දෙවි මේ පින් ගන්නේ

සුමන සමන්දෙවි පිළිබඳව වාර්ෂික මහා පෙරහර පුණ්‍යෙීත්සවය රත්නපුර මහ සමන් දේවාලය ප්රමුඛ කරගෙන සිදු කෙරේ. සමන් සුරිඳු ශ්‍රී ලාංකික ජන සමාජය හා බෙහෙවින් බැඳී සිටිති. දිවයිනේ බොහෝ ප්‍රදේශවල සමන් දෙවි වෙනුවෙන් දේවාල වන්නේය. පුද පූජා පින්කම් වන්නේය.

උපුටා ගැනීම

[QUOTE="hemalsilva, post: 7308777, member: 7335"] [IMG]http://www.lakehouse.lk/budusarana/2010/03/15/z_p10-sri.jpg[/IMG] ශාස්ත්‍රපති සිරිපාල මාදුවගේ ආදිතම යුගවලදී සොබාදහම මනාව අවබෝධ කරගත නොහැකි වූ පැරැන්නෝ බිය චකිතයෙන් යුතුව ස්වභාවික වස්තුන් දෙස බලමින් ඊට මහා ශක්තියක් ආරෝපණය කළහ. තමනට ඵලාඵල සිදුවන්නේ ඒ ඔස්සේ යැයි සලකමින් පුද පූජා පැවැත්වූහ. ස්වභාවික වස්තූ®න් දේවත්වයේලා සැලකූ®හ. ඇතැම්විට ඒ ඒ ප්‍රදේශවල යම් යම් ගති පැවති මිනිසුන් මිය ගිය කල ඔවුන් දේවත්වයේ ලා සැලකූහ. ප්‍රාදේශීය පුද පූජා පවත්වන එබඳු දෙවියන් අතර රංවල දෙවි, මොරටු දෙවි,ගනේගොඩ දෙවි ආදි බොහෝ වෙති. විෂ්ණු, කතරගම, සමන්, උපුල්වන්, විභීෂණ, පත්තිනි, ගම්බාර, කඩවර, අයියනායක , වන්නි බණ්ඩාර, ආදි නොයෙක් දෙවි දේවතාවුන් පිළිබඳව ඇදහිලි විශ්වාස, පුද පුජා සිරිත් විරිත් එමටය. සමනළ කන්දට අරක්ගත් සුමන හෙවත් සමන් දෙවි බුදු සිරිපතුල සමනළ පිහිටවීම හා සමග වඩ වඩාත් ජනතාවගේ ගෞරව පුද පූජාවන් ලබන්නට විය. සබරගමු ප්‍රදේශවාසීන් වඩාත් අදහන දෙවියන් වන්නේ සමන් දෙවියන්ය. දිලෙන විමන සැදි වසන සුමන කූටේ - තෙද සුරිඳුනි ඔබ පද නමදිමු බැඳදිලි වසන සුමන කූටේ දිලෙන විමන තුළ සමනොළ ගිරි කු ළ වසන පිනෙනි සුල කල සිරිපළ ක ල නිතින වඩින හෙළ ඇතු වාහන දු ල සුමන සුරිඳු නිළ තුර රතු තෙද බ ල පොරණ සිරිලක කරනා කල ත ණ හරහා එරකුසු කරනා යුද සෙ න සැරලා රනදුන් හෙළලා හරිමි න වැරලා රකුසන් මඬලා ජය ගෙ න සුමන සමන් දෙවි කවරෙක්දැයි කවියා කියයි. ජනතාව සියලු කරුණු කාරණා ඉටුකර ගැනීමේදි සමන් දෙවියන් පිළිබඳව විශ්වාසය පළ කළහ. දෙවන ලෝක යුද්ධයේදී යුද ගිනි නිවාලනු පිණිස සමන් දෙවිදුගෙන් ඉල්ලයි. යුද්ධය ඇතිවී මෙරට වැසියෝ ශෝකෙන් බිය පත්වී ඉන්නේ රට සිට ඇවිදින් අහස් යන්තරා මේ රට හැම තැන කැරකෙනවා සද්දය ඇසිලා පුදුමවෙලා සිට බැලුවම උඩුගුවනේ දුවනා සිද්ද සමන් දෙවි යුද්දෙ නිමාකර දුප්පත් සෙනගගෙ නිති නිවනා සමන් දෙවිඳුන් පිළිබඳ කථා කරන සෑම තැන්හිම සිරිපාද පිහිටීම ගැන කීමට අමතක නොකරයි. කැලණියට වැඩි බුදුරදුන්ට සුමන දෙවි කළ ඇරැයුම පිළිගනිමින් සමනොළ වැඩ සිරිපා පිහිටුවීම ගැන ජන කවීහු කීහ. සමන් දෙවියන් පිළිබඳව අතිශය වැදගත් ප්‍රකටම සිද්ධිය වන්නේද සිරිපා පිහිටුවීම පිළිබඳ කථා පුවතය. මුනිඳුන් අහසින් වඩිමින් කැලණිය පතිඳුන් උරණය සිඳීමින් හැරකල ඇවිදින් බැහැදැක වඳීමින් විදිසර සුරිඳුන් එසුමන ඇයදුම් පිළිගෙන ඉන්ද්‍රා දින වඩිමින්දා සමනොළ බැන්දා මන තබමින්දා සිරිපද වැන්දා සුර සුවනින්දා බැතිසිත සෙන්දා අප මුනින්දා පදනල සුමන සමන් දෙවි අරක්ගත් බුදුරජාණන් වහන්සේ ශ්‍රීපාද ලාඤ්ඡනය පිහිටි සමනොළ පර්වතය ගැන ජනකවියා දුටහ. එහිදී සමනළ කන්ද ලංකාවේ ප්‍රධානම උසින් වැඩිම කන්ද ලෙස වර්ණනා කළ අයුරු බලනවිට මුනි සිරිපා රැදි සමනොළ ගිර පිළිබඳව පැවති ශ්‍රද්ධා භක්ති ගෞරවය පිළිබිඹු වෙයි. ලංකාවට අධිපති පර්වත මුදු නේ සිංහාසනේ වද මුනිඳුට පහළ උ නේ පිහිටි සිරිපාද පර්වත කොත මුදු නේ ගංගා සතර පර්වතයෙහි උපත උනේ සමනොළ කන්ද ගැන පවත්නා බලවත් ගෞරවය පෙනේ. සමන් දෙවිදුන් වැඩ සිටින මහ සමන් දේවාලය පිහිටියේ රත්නපුරයේය. සබරගමු මහ සමන් දේවාලය නමින් ප්‍රකට මෙම දෙවොලට ජනතාව තුළ පවත්නේ මහත් ගෞරවයකි. භක්තියකි. සමන් දේවාලය ගැන මෙසේ කියැවේ. කන්ද උඩින් බසින කලට පෙනේය උළු මාලිගා ව රෑ දාවල් අඳුර නැතිව රන්කොත් බබළන සුබා ව දුම්බරකින් සෙනග ඇවිත් රුවට කෙරුව මාලිගා ව ලංකාවට තිලකයක්ය සබරගමුවෙ මාලිගා ව හෙල මුදුනෙන් බැස්ස කලට පෙනේය උළු මාලිගාව රෑ දාවල් එළිය ඇතුව රන්කොත් බබළන සුබාව බිම්බරකට සෙනග ඇවිත් සෑදෙව් උළු මාලිගාව මුළු රටටම පාරට්ටුයි සබරගමුවෙ මාලිගාව සමන් දෙවිඳුන්ට වාහනය ලෙස ඇත්තේ සුදු ඇතෙකි. සමනළ ප්‍රදේශයේ සැරිසරන සුදු ඇතෙක් ගැනද ජනතාව තුළ විශ්වාසය පවතී. සුද්ද ලෙසින් නිති ගත බබලන්නේ නේ සුද්ද ඇතා පිට වද වැඩ ඉන් නේ බුද්ද ශාසනයේ දියුණු කරන් නේ සුද්ද සමන් දෙවියෝය වඩින් නේ සමන් දෙවි ප්‍රාදේශීය වශයෙන් රත්නපුර ප්‍රදේශයේ සබරගමු, පළාතේ ප්‍රධාන දෙවි ලෙස කියැවෙතත් ලක්වැසියන් ගරු කරන සිව්වරම් දෙවිවරුන් අතරට ගැනේ. ගමනක් බිමනක් යනවිට, වැදගත් කටයුත්තක් කරන විට සමන් දෙවිඳුන්ගේ ආශිර්වාදය ලබා ගැනීම සිරිතය. “ගමන් යන්ට නැකතින් පාරු පැදගෙ න සමන් දෙවියන්ට පුද පඬුරු දීගෙ න මෙවන් කළු ගඟේ කදුහෙල් බලා ගෙ න අපිත් යමුව බැස දෙවියන්ට වැදගෙ න ශ්‍රීපාද වන්දනාවේ යන විට සියල්ලන්ම අපේක්ෂා කරන්නේ සමන් දෙවිඳුන්ගේ ආශිර්වාදයයි. ඉහළ නගින මේ කෝඩුට සුමන සමන් දෙවි පිහිටයි කරුණාවයි කරුණාවයි සමන් දෙවිඳු කරුණාවයි කිරි කොඩුල වන්දවන්න සමන් දෙවිඳු පිහිට වෙන්න දම්වැලෙ එල්ලී දඹේ නගින් නේ සමන් දෙවිඳුනේ අප රැක දෙන්නේ සමන් දෙවිඳුන්ගේ ආරක්ෂාව පිහිට පතා ශ්‍රීපාද වන්දනා කරුවෝ තමන්ගේ පුණ්‍ය කර්මයන්හි පින් සමන් සුරිඳුන්ට අනුමෝදන් කරති. “ඉදිකටු” නූලුත් සුරතට ගන්නේ ගෙත්තන් කර දෙවිඳුට පින් දෙන්නේ” “ සුමන සමන්දෙවි මේ පින් ගන්නේ සාදු සාදු හිමෙ නගිනු කියන්නේ පුද පූජාකොට පින් ලැබ ගන්නේ සුමන සමන් දෙවි මේ පින් ගන්නේ සුමන සමන්දෙවි පිළිබඳව වාර්ෂික මහා පෙරහර පුණ්‍යෙීත්සවය රත්නපුර මහ සමන් දේවාලය ප්රමුඛ කරගෙන සිදු කෙරේ. සමන් සුරිඳු ශ්‍රී ලාංකික ජන සමාජය හා බෙහෙවින් බැඳී සිටිති. දිවයිනේ බොහෝ ප්‍රදේශවල සමන් දෙවි වෙනුවෙන් දේවාල වන්නේය. පුද පූජා පින්කම් වන්නේය. [URL="http://www.lakehouse.lk/budusarana/2010/03/15/tmp.asp?ID=fea06"] උපුටා ගැනීම[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom