Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Wednesday at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Jul 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
why did Rohana wejeweera fail ????
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රෝහණ විජේවීර මහතා මා පළමුවෙන් දුටුවේ 1971 පෙබරවාරි මස අග දිනකදීය . ඒ හයිඩ් පිටියේ ජවිපෙ රැළියේදීය. 71 කැරැල්ලට පෙර ජවිපෙ පැවැත්වූ අවසාන රැළිය එය විය යුතුය . රැළියට පැමිණි පිරිසගෙන් හයිඩ් පිටිය මුලුමනිනුත් අවට මාවත් යම් තරමිකිනුත් පිරි තිබිණි . බහුතරය තරුණ තරුණියෝ වුහ. හවස හතර වන විට ඇරඹුණු රැස්වීම රාත්‍රී හත අට වන තුරු ම වාගේ පැවතින. එම රැස්වීමේදී ජවිපෙ වෘත්තීය සමිතියක් වෙනුවෙන් කවුරුදෝ පන නැති කතාවක් කළේය. ඒ ,ගුණසේකර නම් පුද්ගලයෙක් විය යුතුය. ශිෂ්‍යයන් නියෝජනය කරමින් විද්‍යෝදය (ජයවර්ධනපුර ) විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය නායකයා වූ මහින්ද විජේසේකර සිත් වශිකරන කතාවක් කළ බව මට ඉතා හොඳින් මතකය .ඔහු එකළ කෙසඟ සිරුරකින් යුක්ත විය .( පසු කාලයේ ඔහු ඇමතිවරයෙක් වූ කළ කෙසඟ කම ආගිය අතක් නැති විය ). විජේවීර කතාව ආරම්භ කළේ සවස 5 ට විතරය . මා සිටියේ වේදිකාවට ආසන්නවය.එබැවින් විජේවීරගේ සැම ඉරියව්වක් වාගේම දැක ගැනීමට මට හැකි විය . එකල පැවතී ශ්‍රීලංකා + සමසමාජ+ කොමියුනිස්ට් ආණ්ඩුවට බනිමින් පැයක් පමණ රැස්වීම ඇමතු ඔහු පක්ෂයට මුදල් අවශ්‍ය බැවින් මුදල් හෝ මුදල් කරගත හැකි ද්‍රව්‍ය වලින් ආධාර ලබා දෙන ඉල්ලු ඔහු තමා දැන් වේදිකාව ඉදිරිපසට එන බවත් ඔහු අතට ආධාර ගෙනවුත් දෙන ලෙසත් ඉල්ලා සිටියේය. එසේ කි විජේවීර වේදිකාව ඉදිරියට පැමිණ දෙපා පහලට සිටින සේ වේදිකාව මත වාඩිවිය. තරුණ තරුණියන් පනහක් හැටක් පමණ පිරිසක් පැමිණ මුදල් , අත්ඔරලෝසු (එකල අත් ඔරලෝසු දුලබ වූ අතර මිල අධික සුඛෝපභෝගී භාණ්ඩයක් විය ) කරාබු , මාල ආදිය විජේවීර අතට දුන්නෝය . ඉන් පසු නැවතත් රැස්වීම ඇමතු ඔහු රාත්‍රී හත පනින තුරුද කතා කළේය . ඔහුගේ වචන තරුණ අප තුල ඇති කළේ බලවත් විප්ලවාදී හැඟීම්ය . විජේවීර කී ඇතැම් වදන් තවමත් මට මතකය .

" සමහරු අහනවා කවදද අපි විප්ලවය කරන්නේ කියල. අපි ධනපති පන්තියට කියනව , උඹල අපිව කවදද මහා පරිමාණයෙන් අපිව මර්ධනය කරන්නේ . අන්න එදාට මේ රටේ විප්ලවය සිද්ධ වෙනවා කියල ."

ඔහු කි කරුණු බොහොමයක් දැන් මට අමතකය .ඔහු කතාව අවසන් කළේ 'කම්කරුවන්ගේද , ගොවියන්ගේද , ශිෂ්‍යන්ගේද, සෙබලුන්ගේද විප්ලවයට ජයවේවා . ලංකාවේ විජයබා නැව අවුරෝරා නැවක් වේවා ." කියමිනි .

( ඔහුගේ කතාවෙන් පසු රහස් පොලිසිය විජයබා නැවට ගොස් ප්‍රශ්න කිරීමෙන් අනතුරුව නාවික භටයන් කීප දෙනෙකු අත් අඩංගුවට ගත් බව 71 මහ නඩුව අතර තුර හෙලිදරව් විය .)

ඉන්පසු යලි මා විජේවීර දුටුවේ 1977 දිය . ඒ 77 මහා මැතිවරණයෙන් ජය ලැබූ ජේ .ආර් ආණ්ඩුව ඔහු ඇතුළු පිරිස නිදහස් කිරීමෙන් පසු කොළඹ නගර සභා පිටියේ පැවතී ජවිපෙ රැළියේදීය. එම රැළියට 50 දහසක් පැමිණ සිටි බව මට මතකය එතක මෙතක් කලක් මා දුටු විශාලතම ජන ගංගාව එය විය .රැලිය සංවිධානය කර තිබුනේ කෙලි සේනානායකගේ මුලිකත්වයෙනි. රැස්වීමේ මෙහෙයවූවේ ලයනල් බෝපගේ විසිනි .කල් යල් ඇතුව ගිය බැවින් වේදිකාව ආසන්නයේ සිට කථිකයන්ට සවන්දීමට මට හැකි විය .

හොඳටම රැවුල වවාගෙන සිටි විජේවීර හිර ගෙදරදී හොඳටම කෙට්ටු වී තිබිණි . රැලිය අතර තුරදී වේදිකාවට නගින පඩිපෙළ අසලට ගිය මවක් සමග තරුණියක් කිසිවෙකු අත පණිවිඩයක් යැවූ විට වේදිකාවේ වාඩිවී සිටි විජේවීර වේදිකා පඩිපෙළ මතට පැමිණ තරුණිය සමග කතා කරන්නට පටන් ගත්තේය. එතනට දුවගෙන ආ පත්තර චායාරුප ශිල්පියෙකු වහා ඔවුන්ගේ පින්තුරයක් ගත්තේය .විජේවීර චායාරුප ශිල්පියා දෙස බැලුවේ චායාරුප ශිල්පියා දැවී අළුවී යන තරම් සැර බැල්මකිනි. මහත් අපහසු තාවයට පත් චායාරුප ශිල්පියා වහා පසු බැස්සේය .

විජේවීර පැය දෙකකට අධික කාලයක් කතා කළේය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටත් සමසමාජ පක්ෂයටත් කොමියුනිස්ට් පක්ෂයටත් පලු පැලෙන්න බැන්නේය.. ජේ.ආර්ගේ ආණ්ඩුව ගැන කළ එකම විවේචනය යුඑන්පි කාරයන් දැන් කසාය බීපු ගොළුවන් බවට පත්ව ඇත යන්න පමණය . ලයනල් බෝපගේ හිරගෙදර සිටියදී දාස් කැපිටාල් ග්‍රන්ථය නිදිමරමින් සිංහලට පරිවර්තනය කළබවද එය ඉක්මනින් මුද්‍රණය කරන බවද වීජේවීර ඔහුගේ කතාවේදී කිවේය. එමෙන්ම 71 කැරලි කරුවන් නිදහස් කරන ලෙස ඉල්ලා දිගින් දිගටම උද්ඝෝෂණය කළ සංවිධාන වලටද ඔහු ස්තුති කළේය ස්තුති කළඅය අතර බාල තම්පෝ , ලංකා ගුරු සංගමය සහ ඇම්නස්ටි ඉන්ටනැෂනල් නමැති ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධානයද විය

ඉන්පසු මා ජවිපෙ හිතවතෙකු බවට පත්වීමත්, එකල බලවත්ම ගුරු සංගමය වූ ලංකා ගුරු සංගමයේ මධ්‍යම කාරක සභිකයෙකු බවට පත්වීමත් නිසා විජේවීර හඳුනා ගන්නට අවස්ථාව මට ලැබිණ . දහ පාලොස් වරක් ඔහු සමග කතා බහ කරන්නට හැකි වීම නිසා ඔහු සහ මා අතර තරමක කිට්ටු සම්බන්ධයක් ගොඩ නැගුනේය .වරක් ඔහු මට නමක්ද පට බැන්දේය . නම KGB විය. KGB යනුවෙන් හැඳින්වුයේ සෝවියට් දේශයේ ඔත්තු සේවයයි . ජවිපෙ පත්තරවලට ලිපි ලියන්නට මට ආරාධනාවක් ලැබුණු විට මා පළමුවෙන්ම ලියාගෙන ගොස් විජේවීර අතට දුන් ලිපිය වුයේ කම්පුචියාවේ ( කාම්බෝජයේ ) පොල්පොට් පාලනය විසින් 30 ලක්ෂයක් මිනිසුන් මරා දැමීම ගැනය . එය කියවූ විජේවීර මෙය පළකළහොත් මිනිසුන් බියට පත් වෙන බවත් මෙහි තිබෙන්නේ KGB ඔත්තු සේවය විසින් ගොතන ලද බොරු බවත් එබැවින් එය පළකළ නොහැකි බවත් කිය. " පක්ෂයට KGB ලයින් ගෙනාවොත් මරනවා " යයි ඉන්පසු දවසක සිනහවෙමින් විජේවීර මට කිව්වේය . මා එය සිනහවකින් නොසලකා හැරියද මගේ බිරියට එය කි විට එය බරපතල ප්‍රකාශයක් සහ තර්ජනයක් ලෙස ඇය සැලකුවාය.

1980 ජුලි මහා වැඩ වර්ජනයේදී ජවිපෙ එය කඩාකප්පල් කිරීමට රහසිගත මෙහෙයුමක් කළ බැවින් 1980 ජුලි මාසයේ ජවිපෙ ඉවත් වීමට මට සිදුවිය.වැඩ වර්ජනය සාර්ථක වුවහොත් එහි ජයග්‍රහණය අත් වෙන්නේ වමේ පක්ෂවල වෘත්තීය සමිති නායකයන්ට බැවින් ඔවුන් කම්කරුවන් අතර තව දුරටත් ජනප්‍රිය වෙනු ඇතැයි විජේවීර බියට පත් විය . වර්ජනය කඩා කප්පල් වුවහොත් වෘත්තීය සමිති නායකයන්ගේ රැකියා අහිමි වූ විට එම සමිතිවල සිටින ජවිපෙ හිතවතුන් මගින් වෘත්තීය සමිතිවල බලය අල්ලා ගැනීම විජේවීරගේ සැලසුම විය . ප්‍රසිද්ධියේ වර්ජයට සහය දුන් ජවිපෙ , වර්ජනයට සහභාගී නොවන ලෙස සිය හිතවතුන්ට රහසිගතව උපදෙස් දුන් අතර වර්ජනය කළ තම හිතවතුනට වර්ජනයෙන් ඉවත්ව නැවත සේවයට යන ලෙස උපදෙස් දුන්නේය . ලංකා ගුරු සංගමයේ සිටි ජවිපෙ ට දැඩි හිතවත් කම් දැක්වූ අයටද එවැනි උපදෙස් දුන් බව සංගමයට වාර්තා වීම නිසා ජවිපෙන් ඉවත් වීමට ගුරු සංගමය තීරණය කළේය. එවක ගුරු සංගමයේ නායකයා වුයේ විජේවීරගේ බිරිඳගේ අය්යා වූ එච්. එන්. ප්‍රනාන්දුය .

විජේවීර දක්ෂ සංවිධායකයෙක් , දක්ෂ කතිකයෙක් සහ දක්ෂ ලේඛයෙක් බවට කිසිදු සැකයක් නැත තම පක්ෂය ගොඩ නැගීම සඳහා ඔහු තරමට කැපවූ වෙනත් වමේ නායකයෙකු නැති තරම්ය. සමාජවාදී පාලනයක් ඔහුගේ ජීවිත කාලය තුල ලංකාවේ පිහිටුවීම ඔහුගේ එකම ඉලක්කය විය . ඔහු සිහිනෙන් දුටුවේත් සමාජවාදය මිස වෙන යමක් නොවන බවට කිසිදු සැකයක් නැත .ඔහු තරම් දක්ෂ සංවිධායකයෙකු ලංකා දේශපාලනයේ සිටියේ නම් ඒ ජේ ආර් ජයවර්ධන පමණය .

එහෙත් රාජ්‍ය බලය අල්ලාගැනීම සඳහා ඔහු ගත් තීරණ අදුරදර්ශී විය .1970 බලයට පැමිණි ආණ්ඩුව 1971 අප්‍රේල් මාසයේදී පෙරලන්නට යාම ගැන මැදහත්ව සිතන අයෙකු එය පිළිගනු ඇත.1971 වන විටත් සිරිමා බණ්ඩාරනායකගේ ආණ්ඩුව මහජනයා අතර ජනප්‍රිය විය. එබැවින් 71 කැරැල්ල පරාජය කිරීමට ආණ්ඩුව සමග මහජනයා අත්වැල් බැඳ ගත්හ. පැනයන කැරලි කරුවනට වතුර ටිකක් දීමටවත් මහා ජනයා කැමති වුයේ නැත .ඔවුන් අල්ලා දීමට මිනිස්සු ආණ්ඩුවේ හමුදාවනට සහ පොලිසියට සහය වුහ .

1987 දෙවෙනි කැරැල්ල අරඹන විට මහජනයාගෙන් බහුතරයක් ජේ. ආර්ගේ ආණ්ඩුවට විරුද්ධව සිටි බවට නිගමනය කිරීම සාධාරණය. එහෙත් 1989 වන විට රටේ ජනගහනයෙන් 90%ක් ජවිපෙට විරුද්ධ විය. සමසමාජ පක්ෂය කොමියුනිස්ට් පක්ෂය , විජය කුමාරතුංග නායකත්වය දැරූ මහජන පක්ෂය , වාසු දේව සහ වික්‍රමබාහු කරුණාරතන නායකත්වය දරු නව සම සමාජ පක්ෂය ආදී පක්ෂවල ඇතැම් නායකයන්ද ක්‍රියාකාරීන්ද මරා දැමීම නිසා ඔවුන් ජවිපෙට කිසිදු අනුකම්පාවක් නොදැක්වූ අතර ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් සහ යුඑන්පි කාරයන් මරා දැමීම නිසා ඔවුන්ද ජවිපෙට විරුද්ධ වුහ . වමේ කුඩා කණ්ඩායමක් වූ කම්කරු මාවත දේශපාලනය කළ කමකරුවන්ටද ,ජවිපෙ දේශපාලන කොට ඉන් ඉවත්ව වෙනත් දේශපාලනයක් කළ අයටද ජවිපෙ තුවක්කුව එල්ල විය . තුවක්කුවේ බලය යොදා නොකඩවා වැඩ වර්ජන මෙහෙයවීම නිසා රටේ එදිනෙදා කටයුතු නිරන්තරයෙන්ම අඩපණ වීම නිසාත් , විජය කුමාරතුංග වැනි ජනප්‍රිය මිනිසුන් ඝාතනය කිරීම නිසාත් මධ්‍යස්ථ මත දරන්නන්ද ජවිපෙට විරුද්ධ සිටගත්හ . මේ නිසා 1989 අවසානය වන විට ජවිපෙ සන්නද්ධ ව්‍යාපාරය මුළුමනින්ම විනාශ කිරීමට ප්‍රේමදාස ආණ්ඩුවට පහසු විය..

ජවිපෙ , වමේ මිනිස්සුන්ට තුවක්කුව ඉස්සුවේ ඔවුන් ජවිපෙට එරෙහිව තුවක්කු එල්ල කල නිසා නොවේ. ඉන්දු ලංකා ගිවිසුම යටතේ පිහිටවූ පළාත් සභාවලට පක්ෂ වූ නිසාය එක දිගට වමේ මිනිසුන් මරන්නට වූ විට එයට යටවී ජීවිත නැති කරගන්නවාද නැතහොත් තුවක්කු අතට ගෙන එයට මුහුණ දෙනවද යන ප්රශ්නය ඔවුන්ට තීරණය කරන්නට සිදුවිය. ප්‍රා සංවිධානය හැදුනේ එහි ප්‍රතිඵලයක් ලෙසය . ප්‍රා සංවිධානය, ජවිපෙ තුවක්කු කරුවන් තමන් වෙත ඒමට පෙර ඔවුන් සොයා ගොස් මරා දැම්මේය . තුවක්කුවත් අතට ගත් පුද්ගලයා තව දුරටත් සාමාන්‍ය මිනිසෙකු නොවේ. ඔහු ලේ දැකීමේ ආශාවෙන් පෙලෙයි . ඔහුගේ ආශාව හැකි පමණ සතුරන් වැනසීමය. ප්‍රා සංවිධානයේ හැසිරීමද එසේ විය . ඔවුහු ජවිපෙ සාමාජිකයන් අල්ලාගෙන වද හිංසා පැමිණවූ බව කියනු ලැබේ .

කැරැල්ල උග්‍රව පැතිරෙමින් තිබුණු සමයේ ප්‍රේමදාස ආණ්ඩුව සාම සාකච්චා කිරීමට ජවිපෙට ආරාධනා කළ විට ජවිපෙ එය පිළිගත්තේ නම් දස දහස් ගණන් ජවිපෙ සාමාජිකයන්ගේ ජීවිත ආරක්ෂා කරගැනීමට හැකිවෙනු නොඅනුමානය . එතෙත් ජවිපෙට තමන්ගේ ශක්තියත් ආණ්ඩුවේ ශක්තියත් පිළිබඳව නිවැරදි තක්සේරුවක් කර ගැනීමට තරම් බුද්ධියක් නොතිබුණු බැවින් සාම සාකච්චා ප්‍රතික්ෂේප කළේය. ආණ්ඩුව සමග මහජනයා හිටගත් බැවින් ආණ්ඩුවේ හමුදා හතර වටෙන්ම ජවිපෙ වටකරගත් විට ඔවුන්ට සහය දෙන්නට කිසිවෙකු නොසිටියේය. හැංගි පන බේරා ගන්නට වර්ග සැතපුම් 25000 ක් වූ භුමිය තුල ඔවුන්ට ඉඩ කඩ තිබුනේ මහපොළොව යට පමණි .

ජවිපෙ සාමාජිකයනට එවැනි ඛෙද ජනක ඉරණමක් අත් වීම අතිශයින් කනගාටු දායකය . විජේවීර ඇතුළු නායකත්වය එජාප විරෝධී මිනිසුන් අමනාප නොවන පරිද්දෙන් කැරැල්ල මෙහෙයවූවේ නම් සැලකිය යුතු අන්දමින් හානි අඩු කරගත හැකි වෙනු නිසැකය .

[QUOTE="maduranga90, post: 22500866, member: 523379"] රෝහණ විජේවීර මහතා මා පළමුවෙන් දුටුවේ 1971 පෙබරවාරි මස අග දිනකදීය . ඒ හයිඩ් පිටියේ ජවිපෙ රැළියේදීය. 71 කැරැල්ලට පෙර ජවිපෙ පැවැත්වූ අවසාන රැළිය එය විය යුතුය . රැළියට පැමිණි පිරිසගෙන් හයිඩ් පිටිය මුලුමනිනුත් අවට මාවත් යම් තරමිකිනුත් පිරි තිබිණි . බහුතරය තරුණ තරුණියෝ වුහ. හවස හතර වන විට ඇරඹුණු රැස්වීම රාත්‍රී හත අට වන තුරු ම වාගේ පැවතින. එම රැස්වීමේදී ජවිපෙ වෘත්තීය සමිතියක් වෙනුවෙන් කවුරුදෝ පන නැති කතාවක් කළේය. ඒ ,ගුණසේකර නම් පුද්ගලයෙක් විය යුතුය. ශිෂ්‍යයන් නියෝජනය කරමින් විද්‍යෝදය (ජයවර්ධනපුර ) විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය නායකයා වූ මහින්ද විජේසේකර සිත් වශිකරන කතාවක් කළ බව මට ඉතා හොඳින් මතකය .ඔහු එකළ කෙසඟ සිරුරකින් යුක්ත විය .( පසු කාලයේ ඔහු ඇමතිවරයෙක් වූ කළ කෙසඟ කම ආගිය අතක් නැති විය ). විජේවීර කතාව ආරම්භ කළේ සවස 5 ට විතරය . මා සිටියේ වේදිකාවට ආසන්නවය.එබැවින් විජේවීරගේ සැම ඉරියව්වක් වාගේම දැක ගැනීමට මට හැකි විය . එකල පැවතී ශ්‍රීලංකා + සමසමාජ+ කොමියුනිස්ට් ආණ්ඩුවට බනිමින් පැයක් පමණ රැස්වීම ඇමතු ඔහු පක්ෂයට මුදල් අවශ්‍ය බැවින් මුදල් හෝ මුදල් කරගත හැකි ද්‍රව්‍ය වලින් ආධාර ලබා දෙන ඉල්ලු ඔහු තමා දැන් වේදිකාව ඉදිරිපසට එන බවත් ඔහු අතට ආධාර ගෙනවුත් දෙන ලෙසත් ඉල්ලා සිටියේය. එසේ කි විජේවීර වේදිකාව ඉදිරියට පැමිණ දෙපා පහලට සිටින සේ වේදිකාව මත වාඩිවිය. තරුණ තරුණියන් පනහක් හැටක් පමණ පිරිසක් පැමිණ මුදල් , අත්ඔරලෝසු (එකල අත් ඔරලෝසු දුලබ වූ අතර මිල අධික සුඛෝපභෝගී භාණ්ඩයක් විය ) කරාබු , මාල ආදිය විජේවීර අතට දුන්නෝය . ඉන් පසු නැවතත් රැස්වීම ඇමතු ඔහු රාත්‍රී හත පනින තුරුද කතා කළේය . ඔහුගේ වචන තරුණ අප තුල ඇති කළේ බලවත් විප්ලවාදී හැඟීම්ය . විජේවීර කී ඇතැම් වදන් තවමත් මට මතකය . " සමහරු අහනවා කවදද අපි විප්ලවය කරන්නේ කියල. අපි ධනපති පන්තියට කියනව , උඹල අපිව කවදද මහා පරිමාණයෙන් අපිව මර්ධනය කරන්නේ . අන්න එදාට මේ රටේ විප්ලවය සිද්ධ වෙනවා කියල ." ඔහු කි කරුණු බොහොමයක් දැන් මට අමතකය .ඔහු කතාව අවසන් කළේ 'කම්කරුවන්ගේද , ගොවියන්ගේද , ශිෂ්‍යන්ගේද, සෙබලුන්ගේද විප්ලවයට ජයවේවා . ලංකාවේ විජයබා නැව අවුරෝරා නැවක් වේවා ." කියමිනි . ( ඔහුගේ කතාවෙන් පසු රහස් පොලිසිය විජයබා නැවට ගොස් ප්‍රශ්න කිරීමෙන් අනතුරුව නාවික භටයන් කීප දෙනෙකු අත් අඩංගුවට ගත් බව 71 මහ නඩුව අතර තුර හෙලිදරව් විය .) ඉන්පසු යලි මා විජේවීර දුටුවේ 1977 දිය . ඒ 77 මහා මැතිවරණයෙන් ජය ලැබූ ජේ .ආර් ආණ්ඩුව ඔහු ඇතුළු පිරිස නිදහස් කිරීමෙන් පසු කොළඹ නගර සභා පිටියේ පැවතී ජවිපෙ රැළියේදීය. එම රැළියට 50 දහසක් පැමිණ සිටි බව මට මතකය එතක මෙතක් කලක් මා දුටු විශාලතම ජන ගංගාව එය විය .රැලිය සංවිධානය කර තිබුනේ කෙලි සේනානායකගේ මුලිකත්වයෙනි. රැස්වීමේ මෙහෙයවූවේ ලයනල් බෝපගේ විසිනි .කල් යල් ඇතුව ගිය බැවින් වේදිකාව ආසන්නයේ සිට කථිකයන්ට සවන්දීමට මට හැකි විය . හොඳටම රැවුල වවාගෙන සිටි විජේවීර හිර ගෙදරදී හොඳටම කෙට්ටු වී තිබිණි . රැලිය අතර තුරදී වේදිකාවට නගින පඩිපෙළ අසලට ගිය මවක් සමග තරුණියක් කිසිවෙකු අත පණිවිඩයක් යැවූ විට වේදිකාවේ වාඩිවී සිටි විජේවීර වේදිකා පඩිපෙළ මතට පැමිණ තරුණිය සමග කතා කරන්නට පටන් ගත්තේය. එතනට දුවගෙන ආ පත්තර චායාරුප ශිල්පියෙකු වහා ඔවුන්ගේ පින්තුරයක් ගත්තේය .විජේවීර චායාරුප ශිල්පියා දෙස බැලුවේ චායාරුප ශිල්පියා දැවී අළුවී යන තරම් සැර බැල්මකිනි. මහත් අපහසු තාවයට පත් චායාරුප ශිල්පියා වහා පසු බැස්සේය . විජේවීර පැය දෙකකට අධික කාලයක් කතා කළේය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටත් සමසමාජ පක්ෂයටත් කොමියුනිස්ට් පක්ෂයටත් පලු පැලෙන්න බැන්නේය.. ජේ.ආර්ගේ ආණ්ඩුව ගැන කළ එකම විවේචනය යුඑන්පි කාරයන් දැන් කසාය බීපු ගොළුවන් බවට පත්ව ඇත යන්න පමණය . ලයනල් බෝපගේ හිරගෙදර සිටියදී දාස් කැපිටාල් ග්‍රන්ථය නිදිමරමින් සිංහලට පරිවර්තනය කළබවද එය ඉක්මනින් මුද්‍රණය කරන බවද වීජේවීර ඔහුගේ කතාවේදී කිවේය. එමෙන්ම 71 කැරලි කරුවන් නිදහස් කරන ලෙස ඉල්ලා දිගින් දිගටම උද්ඝෝෂණය කළ සංවිධාන වලටද ඔහු ස්තුති කළේය ස්තුති කළඅය අතර බාල තම්පෝ , ලංකා ගුරු සංගමය සහ ඇම්නස්ටි ඉන්ටනැෂනල් නමැති ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධානයද විය ඉන්පසු මා ජවිපෙ හිතවතෙකු බවට පත්වීමත්, එකල බලවත්ම ගුරු සංගමය වූ ලංකා ගුරු සංගමයේ මධ්‍යම කාරක සභිකයෙකු බවට පත්වීමත් නිසා විජේවීර හඳුනා ගන්නට අවස්ථාව මට ලැබිණ . දහ පාලොස් වරක් ඔහු සමග කතා බහ කරන්නට හැකි වීම නිසා ඔහු සහ මා අතර තරමක කිට්ටු සම්බන්ධයක් ගොඩ නැගුනේය .වරක් ඔහු මට නමක්ද පට බැන්දේය . නම KGB විය. KGB යනුවෙන් හැඳින්වුයේ සෝවියට් දේශයේ ඔත්තු සේවයයි . ජවිපෙ පත්තරවලට ලිපි ලියන්නට මට ආරාධනාවක් ලැබුණු විට මා පළමුවෙන්ම ලියාගෙන ගොස් විජේවීර අතට දුන් ලිපිය වුයේ කම්පුචියාවේ ( කාම්බෝජයේ ) පොල්පොට් පාලනය විසින් 30 ලක්ෂයක් මිනිසුන් මරා දැමීම ගැනය . එය කියවූ විජේවීර මෙය පළකළහොත් මිනිසුන් බියට පත් වෙන බවත් මෙහි තිබෙන්නේ KGB ඔත්තු සේවය විසින් ගොතන ලද බොරු බවත් එබැවින් එය පළකළ නොහැකි බවත් කිය. " පක්ෂයට KGB ලයින් ගෙනාවොත් මරනවා " යයි ඉන්පසු දවසක සිනහවෙමින් විජේවීර මට කිව්වේය . මා එය සිනහවකින් නොසලකා හැරියද මගේ බිරියට එය කි විට එය බරපතල ප්‍රකාශයක් සහ තර්ජනයක් ලෙස ඇය සැලකුවාය. 1980 ජුලි මහා වැඩ වර්ජනයේදී ජවිපෙ එය කඩාකප්පල් කිරීමට රහසිගත මෙහෙයුමක් කළ බැවින් 1980 ජුලි මාසයේ ජවිපෙ ඉවත් වීමට මට සිදුවිය.වැඩ වර්ජනය සාර්ථක වුවහොත් එහි ජයග්‍රහණය අත් වෙන්නේ වමේ පක්ෂවල වෘත්තීය සමිති නායකයන්ට බැවින් ඔවුන් කම්කරුවන් අතර තව දුරටත් ජනප්‍රිය වෙනු ඇතැයි විජේවීර බියට පත් විය . වර්ජනය කඩා කප්පල් වුවහොත් වෘත්තීය සමිති නායකයන්ගේ රැකියා අහිමි වූ විට එම සමිතිවල සිටින ජවිපෙ හිතවතුන් මගින් වෘත්තීය සමිතිවල බලය අල්ලා ගැනීම විජේවීරගේ සැලසුම විය . ප්‍රසිද්ධියේ වර්ජයට සහය දුන් ජවිපෙ , වර්ජනයට සහභාගී නොවන ලෙස සිය හිතවතුන්ට රහසිගතව උපදෙස් දුන් අතර වර්ජනය කළ තම හිතවතුනට වර්ජනයෙන් ඉවත්ව නැවත සේවයට යන ලෙස උපදෙස් දුන්නේය . ලංකා ගුරු සංගමයේ සිටි ජවිපෙ ට දැඩි හිතවත් කම් දැක්වූ අයටද එවැනි උපදෙස් දුන් බව සංගමයට වාර්තා වීම නිසා ජවිපෙන් ඉවත් වීමට ගුරු සංගමය තීරණය කළේය. එවක ගුරු සංගමයේ නායකයා වුයේ විජේවීරගේ බිරිඳගේ අය්යා වූ එච්. එන්. ප්‍රනාන්දුය . විජේවීර දක්ෂ සංවිධායකයෙක් , දක්ෂ කතිකයෙක් සහ දක්ෂ ලේඛයෙක් බවට කිසිදු සැකයක් නැත තම පක්ෂය ගොඩ නැගීම සඳහා ඔහු තරමට කැපවූ වෙනත් වමේ නායකයෙකු නැති තරම්ය. සමාජවාදී පාලනයක් ඔහුගේ ජීවිත කාලය තුල ලංකාවේ පිහිටුවීම ඔහුගේ එකම ඉලක්කය විය . ඔහු සිහිනෙන් දුටුවේත් සමාජවාදය මිස වෙන යමක් නොවන බවට කිසිදු සැකයක් නැත .ඔහු තරම් දක්ෂ සංවිධායකයෙකු ලංකා දේශපාලනයේ සිටියේ නම් ඒ ජේ ආර් ජයවර්ධන පමණය . එහෙත් රාජ්‍ය බලය අල්ලාගැනීම සඳහා ඔහු ගත් තීරණ අදුරදර්ශී විය .1970 බලයට පැමිණි ආණ්ඩුව 1971 අප්‍රේල් මාසයේදී පෙරලන්නට යාම ගැන මැදහත්ව සිතන අයෙකු එය පිළිගනු ඇත.1971 වන විටත් සිරිමා බණ්ඩාරනායකගේ ආණ්ඩුව මහජනයා අතර ජනප්‍රිය විය. එබැවින් 71 කැරැල්ල පරාජය කිරීමට ආණ්ඩුව සමග මහජනයා අත්වැල් බැඳ ගත්හ. පැනයන කැරලි කරුවනට වතුර ටිකක් දීමටවත් මහා ජනයා කැමති වුයේ නැත .ඔවුන් අල්ලා දීමට මිනිස්සු ආණ්ඩුවේ හමුදාවනට සහ පොලිසියට සහය වුහ . 1987 දෙවෙනි කැරැල්ල අරඹන විට මහජනයාගෙන් බහුතරයක් ජේ. ආර්ගේ ආණ්ඩුවට විරුද්ධව සිටි බවට නිගමනය කිරීම සාධාරණය. එහෙත් 1989 වන විට රටේ ජනගහනයෙන් 90%ක් ජවිපෙට විරුද්ධ විය. සමසමාජ පක්ෂය කොමියුනිස්ට් පක්ෂය , විජය කුමාරතුංග නායකත්වය දැරූ මහජන පක්ෂය , වාසු දේව සහ වික්‍රමබාහු කරුණාරතන නායකත්වය දරු නව සම සමාජ පක්ෂය ආදී පක්ෂවල ඇතැම් නායකයන්ද ක්‍රියාකාරීන්ද මරා දැමීම නිසා ඔවුන් ජවිපෙට කිසිදු අනුකම්පාවක් නොදැක්වූ අතර ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් සහ යුඑන්පි කාරයන් මරා දැමීම නිසා ඔවුන්ද ජවිපෙට විරුද්ධ වුහ . වමේ කුඩා කණ්ඩායමක් වූ කම්කරු මාවත දේශපාලනය කළ කමකරුවන්ටද ,ජවිපෙ දේශපාලන කොට ඉන් ඉවත්ව වෙනත් දේශපාලනයක් කළ අයටද ජවිපෙ තුවක්කුව එල්ල විය . තුවක්කුවේ බලය යොදා නොකඩවා වැඩ වර්ජන මෙහෙයවීම නිසා රටේ එදිනෙදා කටයුතු නිරන්තරයෙන්ම අඩපණ වීම නිසාත් , විජය කුමාරතුංග වැනි ජනප්‍රිය මිනිසුන් ඝාතනය කිරීම නිසාත් මධ්‍යස්ථ මත දරන්නන්ද ජවිපෙට විරුද්ධ සිටගත්හ . මේ නිසා 1989 අවසානය වන විට ජවිපෙ සන්නද්ධ ව්‍යාපාරය මුළුමනින්ම විනාශ කිරීමට ප්‍රේමදාස ආණ්ඩුවට පහසු විය.. ජවිපෙ , වමේ මිනිස්සුන්ට තුවක්කුව ඉස්සුවේ ඔවුන් ජවිපෙට එරෙහිව තුවක්කු එල්ල කල නිසා නොවේ. ඉන්දු ලංකා ගිවිසුම යටතේ පිහිටවූ පළාත් සභාවලට පක්ෂ වූ නිසාය එක දිගට වමේ මිනිසුන් මරන්නට වූ විට එයට යටවී ජීවිත නැති කරගන්නවාද නැතහොත් තුවක්කු අතට ගෙන එයට මුහුණ දෙනවද යන ප්රශ්නය ඔවුන්ට තීරණය කරන්නට සිදුවිය. ප්‍රා සංවිධානය හැදුනේ එහි ප්‍රතිඵලයක් ලෙසය . ප්‍රා සංවිධානය, ජවිපෙ තුවක්කු කරුවන් තමන් වෙත ඒමට පෙර ඔවුන් සොයා ගොස් මරා දැම්මේය . තුවක්කුවත් අතට ගත් පුද්ගලයා තව දුරටත් සාමාන්‍ය මිනිසෙකු නොවේ. ඔහු ලේ දැකීමේ ආශාවෙන් පෙලෙයි . ඔහුගේ ආශාව හැකි පමණ සතුරන් වැනසීමය. ප්‍රා සංවිධානයේ හැසිරීමද එසේ විය . ඔවුහු ජවිපෙ සාමාජිකයන් අල්ලාගෙන වද හිංසා පැමිණවූ බව කියනු ලැබේ . කැරැල්ල උග්‍රව පැතිරෙමින් තිබුණු සමයේ ප්‍රේමදාස ආණ්ඩුව සාම සාකච්චා කිරීමට ජවිපෙට ආරාධනා කළ විට ජවිපෙ එය පිළිගත්තේ නම් දස දහස් ගණන් ජවිපෙ සාමාජිකයන්ගේ ජීවිත ආරක්ෂා කරගැනීමට හැකිවෙනු නොඅනුමානය . එතෙත් ජවිපෙට තමන්ගේ ශක්තියත් ආණ්ඩුවේ ශක්තියත් පිළිබඳව නිවැරදි තක්සේරුවක් කර ගැනීමට තරම් බුද්ධියක් නොතිබුණු බැවින් සාම සාකච්චා ප්‍රතික්ෂේප කළේය. ආණ්ඩුව සමග මහජනයා හිටගත් බැවින් ආණ්ඩුවේ හමුදා හතර වටෙන්ම ජවිපෙ වටකරගත් විට ඔවුන්ට සහය දෙන්නට කිසිවෙකු නොසිටියේය. හැංගි පන බේරා ගන්නට වර්ග සැතපුම් 25000 ක් වූ භුමිය තුල ඔවුන්ට ඉඩ කඩ තිබුනේ මහපොළොව යට පමණි . ජවිපෙ සාමාජිකයනට එවැනි ඛෙද ජනක ඉරණමක් අත් වීම අතිශයින් කනගාටු දායකය . විජේවීර ඇතුළු නායකත්වය එජාප විරෝධී මිනිසුන් අමනාප නොවන පරිද්දෙන් කැරැල්ල මෙහෙයවූවේ නම් සැලකිය යුතු අන්දමින් හානි අඩු කරගත හැකි වෙනු නිසැකය . [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom