Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Today at 9:50 AM
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Women bus driver in southern expressway
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අධිවේගී මාර්ගයේ මගී ප්රවාහන බසයක් පදවන එකම කාන්තාව ලක්ෂි සචින්තාය. ඇය පදවන්නේ එසේ මෙසේ බසයක් නොව මගීන් පනස් දෙදෙනෙකු ගමන් ගන්නා සුඛෝපභෝගී බසයකි.

තිස්තුන් හැවිරිදි ලක්ෂි සචින්තා මෙලොව උපන්නේ රිදී හැන්ද මුවින් දරාගත් කුමාරිකාවක ලෙස නොව සුක්කානම අතින් දරා ගත් කුමාරියක ලෙස බව අපට සිතේ. ඒ ඇගේ පියාද ගරාජයක හිමිකරුවෙකු වූ බැවිනි. එපමණක් නොව ලක්ෂිගේ පියාට වාහන කීපයක් ද තිබුණේය.

ලක්ෂි අකුරු කරන්නට ගියේ මාතර සුජාතා බාලිකා විදුහලටය. ඉස්කෝලේ යන කාලයේ පටන් ලක්ෂිගේ හිත ගියේ යාන වාහනවලටය.

ඇයට අවුරුදු 13-14 පමණ වන විට පියා ඇයට චැලි වර්ගයේ මෝටර් සයිකලයක් ගෙනවිත් දුන්නේය. පැටි වයසේදී ඇයට චැලි බයිසිලකය ගෙනයාමට හොඳින් හැකිවිය.

ඒ කාලයේ ලක්ෂිගේ පියාට තිබුණේ ජීප් රථයකි. ලක්ෂි මුලින්ම සුක්කානම අතට ගත්තේ පියාගේ ජීප් රියෙනි. පියා ඇයට රිය පුහුණුව මැනවින් කියා දුන්නේය.පාසල් අධ්යාපනය නිමාවීමෙන් පසු ලක්ෂිගේ මිතුරියන් නීතිඥවරුන්, දොස්තරවරුන්, ඉංජිනේරුවරියන් වීමට පෙරුම් පුරන විට ඇය කල්පනා කළේ රියැදුරුවරියක වීමටය.

පියාගෙන් රිය පුහුණුව හොඳින් හදාරා තිබූ බැවින් ලක්ෂිට අමුතුවෙන් රියැදුරු පාසල්වලට මුදල් වැයකරන්නට සිද්ධ වූයේ නැත. ලක්ෂි සැහැල්ලු වාහන සඳහා රියැදුරු බලපත්රය ගත්තේ 1999දී ය. 2008දී ඇය බර වාහන රියැදුරු බලපත්රය ගත්තාය. ඉක්බිතිව ය ඇය කල්පනා කළේ බසයක් පැදවීමටය.

ඒ ගැන මුලින් ඇයට විචිකිච්ඡාවක් තිබුණේ කාන්තාවන්ට බස් පැදවීමට රියැදුරු බලපත්රයක් ගත හැකිදැයි කල්පනා වූ බැවිණි. නමුත් මෝටර් රථ පරීක්ෂකවරයා ඇයට කීවේ නියමිත සුදුසුකම් සපුරා ඇත්නම් කාන්තාවන්ට බස් පැදවීමට බලපත්ර ගැනීමට නීතියෙන් කිසිදු බාධාවක් නැති බවය. ඒ අනුව ඇය මගී බස් රථ පැදවීමට ද බලපත්ර ලබා ගත්තාය.

ඇය මුලින්ම සුක්කානම අතට ගත්තේ පාසල් ළමුන් ගෙනයන කුඩා බස් රථයකය. මාතර නගරයේ පාසල් කිහිපයකට ඇය ළමුන් රැගෙන යාමට භාර ගත්තාය. සුපරීක්ෂාවෙන් වාහන පදවන ඇයට තම ළමුන් භාරදීමට දෙමාපියෝ නොපැකිළුණෝය. හැරත් කාන්තාවක් රිය පදවන බැවින් තම ගැහැනු දරුවන්ට අමතර ආරක්ෂාවක් ලැබෙන බවද දෙමාපියෝ කල්පනා කළෝය.

ලක්ෂි වසර 11ක් එකදිගටම පාසල් දරුවන් ගෙන යන බස් රථයක රියැදුරුවරියක ලෙස කටයුතු කළාය. ඇතැම් දිනයන්වල ඇය පැදවූ ආසන 25 පාසල් බස් රථය කිසියම් හේතුවක් නිසා ගෙනයාමට නොහැකි වූ විට ලක්ෂි අතට ගන්නේ ආසන 48කින් යුතු අශෝක් ලේලන්ඩ් බස් රථයේ සුක්කානමය. ඒ බසය පදවන විට පාරේ බස් පදවන රියැදුරෝද ලක්ෂි දෙස මහා පුදුමයෙන් බැලුවේ කාන්තාවක් මීට පෙර විශාල බස් පදවන අයුරු දැක නැති බැවිනි.

“මගී ප්රවාහන සේවයට වඩා පාසල් බස් රථයක වැඩකරන එක වගකීම වැඩියි. ඊට ලොකු කැපකිරීමක් කරන්න වෙනවා. මගේ දරුවෙක් මෙන්ම මම ලෙඩ වුණත් මට නොගිහින් ඉන්න බැරිවෙනවා. මම වෙනුවට වෙන කෙනෙක් යවන එකත් සාර්ථක වෙන්නේ නැහැ. පාසල් බස් රථය හා දරුවන්ගේ ආරක්ෂාව, වගකීම ගැන මට නිතරම බලන්න වෙනවා.

දෙමව්පියෝ තමන්ගේ දරුවා පාසලට එක්ක ගිහින් ආපසු එක්ක එන්නට මට භාරදෙන්නේ ලොකු විශ්වාසයකින්. දරුවන් ඒ අයුරින් පාසල් රැගෙන යාම මගේ හිතට ලොකු සතුටක්ද වුණා. ඔවුන් සමග යන එන කොට කාලය ගතවෙනවා දැනෙන්නේ නැහැ. ඔවුන් මගේම දරුවන් වගේ මම ආරක්ෂා කළා”

ලක්ෂි එසේ කියන්නීය. මේ අතරේ ලක්ෂිට අලුත් අදහසක් ආවේය. ඒ මහාමාර්ගයේ ගමන් කරන බසයක් පැදවීමටය. ඇගේ ඒ අදහසට ලක්ෂිගේ සැමියා වන තිස්ස කුමාරගෙන්ද විරෝධයක් පළ නොවීය.

“2004 දී මම ඇය හඳුනාගන්නා විටත් ලක්ෂි බසයක් පදවමින් සිටියා. රිය පැදවීම ගැන ඇයට මනා පුහුණුවක් තිබෙනවා. මොකද එයාගේ තාත්තාත් වාහන ගැන හොඳට දන්න කෙනෙක් නිසා. ඉතින් මම ලක්ෂිගේ අදහසට විරුද්ධ වුණේ නෑ”

තිස්ස කියන්නේය. ඔහු සේවය කරන්නේ මාතර පරිවාස කාර්යාලයේ ස්ථාන භාර නිලධාරි ලෙසය. තිස්සගේත් ලක්ෂිගේත් දරු දෙන්නා කුඩා දරුවෝය. වැඩිමලා වන රිද්මි තමාලි ඉගෙනුම ලබන්නේ මාතර සුජාතා බාලිකාවේ දෙවැනි වසරේය. බාලයා වන තරිඳු ප්රවීන් තවමත් තුන් හැවිරිදිය. ඔහු පෙර පාසල් සිසුවෙකි.

ගාලු මාතර දක්ෂිණ අධිවේගී මාර්ගය තනා නිමකළ පසු ඊට බස් සේවයක්ද එක්වූ මොහොතේ ලක්ෂි ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේ අධිවේගී මගට බසයක් යෙදවීමට තමන්ට බලපත්රයක් දෙන ලෙසය. නමුත් ඊට ආණ්ඩුවෙන් ප්රතිචාරයක් නොවීය. මේ අතරේ ලක්ෂිගේ සහෝදරයා වන අරුණ හල්පගේ ඇයට යෝජනාවක් කළේය.

ඒ දක්ෂිණ අධිවේගී මාර්ගයේ ධාවනය කරන ඔහුට අයත් බස් රථයක රියැදුරු ලෙස කටයුතු කරන ලෙසට ඔහුගෙන් ඉල්ලීමක් ලැබුණා. ඒ ඉල්ලීම ලක්ෂි සතුටින් භාර ගත්තාය. ඉක්බිතිව ඇය ජාතික ගමනා ගමන කොමිෂන් සභාවට අවසර පතක් ගැනීමට අයැදුම් කළාය. ඒ අයැදුම්පත පිළිගත් කොමිසම ඇයට තාවකාලික අවසර පත්රයක් නිකුත් කළේය.

“මට එවැනි ඉල්ලීමක් කරන්න හිතුණේ ජාතික ගමනා ගමන කොමිෂන් සභාවේ නව සභාපති රේණුක දුෂ්මන්ත පෙරේරා මහතා පවසා තිබුණා දක්ෂිණ අධිවේගී මාර්ගයේ බස් රථ සඳහා රියැදුරු, කොන්දොස්තර සඳහා කාන්තාවන් යෙදවීමට අදහස් කර ඇති බව. ඔහුගේ සංකල්පයක් මත මෙම තීරණය ක්රියාත්මක කරන බව පවසා තිබූ නිසා මම ඒ සඳහා ඉල්ලුම් කළා. මම හිතන විදියට ඒ සඳහා මුලින්ම ඉල්ලුම් කළේ මමයි. ඒ අනුව දක්ෂිණ අධිවේගී මාර්ගයේ ධාවනය වන ආසන 50කින් යුතු අංක එම්.බි 7537 දරණ අශෝක් ලේලන්ඩ් බස් රථයේ රියැදුරු ලෙස කටයුතු කරන්නට මට හැකිවුණා” ඇය කියන්නීය.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ වේගයෙන් බසය පදවන විට බියක් හිතුණේ නැද්දැයි අපි ඇගෙන් ඇසුවෙමු.

“මුල් දවසේ බස් රථය ගෙන යන කොට පොඩි චකිතයක් ඇතිවුණා. එදා මගේ අයියත් මා ළඟම හිටියා. මට ඒ නිසා ලොකු බයක් දැනුණේ නැහැ. මම බස් රථය ධාවනය කරන කොට හැම දෙනාම මා දිහා බැලුවෙ හරි අමුතුවෙන්. ඔවුන්ටත් එය විශේෂ අත්දැකීමක් වුණා. මොකද මෙච්චර කල් පාරේ දුවන බස්වල රියැදුරුකම කළේ පිරිමි අය. වෙනත් සැහැල්ලු වාහනයක් කාන්තා අය ගෙන ගියාට බර වාහනයක් ගෙන යනවා දකින්න ලැබිලා නැහැ. ලංකාවේ මේ දක්වා මෙවැනි මගී බස් රථයක රියැදුරෙක් ලෙස කාන්තාවක් ගිය බවක් අසන්නට ලැබිලා නැහැ.

අධිවේගී පාරේ බස් එක යනකොට හෙමින් ගිහිල්ලත් බැහැ. මොකද මගීන් අධිවේගී පාරේ බස් රථයක යන්නේ ගමන ඉක්මණින් යන්නයි. සාමාන්යයෙන් මාතර ඉඳලා කොට්ටාවට පැය එකහමාරකින් යන්න වෙනවා. මම මුල් දවසේ හරියටම පැය එකහමාරට ගියා.

මම කාන්තාවක් කියල අනෙක් බස් සමග පසුබැස ගිහිල්ලා වැඩක් නැහැ. ඒ අය සමග කරට කර යන්න මට හැකිවුණා. මම අධිවේගී පාරේ පැයට කිලෝ මීටර් 107ක වේගයෙන් ගිහිල්ලා පොලිසියෙන් දඩ කොලයක්ද ලැබුණා”

ඇය කියන්නේ සිනාසෙමිනි.

“මම බස් එසේ රියැදුරු ලෙස කටයුතු කරනකොට බසයට ගොඩවෙන එහි යන එන මගීන් මට ලොකු සහයක් දෙනවා. බොහෝ දෙනෙකු බසයෙන් බහින කොට මට ස්තූති කරලා මාව අගය කරනවා. වයසක අය බොහෝ දෙනෙක් මට යනකොට බුදු සරණයි දුවේ කියල යනවා. හැමදෙනාම වගේ මට ලොකු සහායක් දෙනවා. ඒ නිසා මට එය ලොකු ශක්තියක් වුණා කිව්වොත් වැරදි නැහැ.

බොහෝ දෙනෙක් මම බස් එක ගෙනයනකොට ඒ අයට අලුත් දෙයක් නිසා අමුතු විදියට බලනවා. අධිවේගී පාරෙන් ගිහිල්ලා සාමාන්ය පාරට ගියාම යන්න ටිකක් අමාරුයි. ත්රීවීල් මෝටර් සයිකල් එකපාරට පාර හරහා යනවා. ඉතින් බොහොම පරිස්සමින් යන්න වෙන්නේ. කොට්ටාව මහරගම ටිකේ තමයි යන්න ටිකක් අමාරු වෙන්නේ. සමහර අය වැරදි පැත්තෙන් වාහන දමනවා. ඉතින් ඒ දේවල් වලින් බේරිලා රිය පදවන්න ඕනේ”ඇය කියන්නීය.

පාරේ බස් පදවන විට ටයරයක හුළං ගියොත් හෝ කාර්මික ආපදාවකට ලක් වුවහොත් කරන්නේ කුමක්දැයි අප ඇයගෙන් ඇසූ විට ලක්ෂි කීවේ, වාහන පිළිබඳ පියාගෙන් ලද දැනුම නිසා තමාට සුළු සුළු අලුත්වැඩියා කරගත හැකි බවය. “ටයර් එකේ හුළං බැස්සොත් කාගෙන් හරි සහය අරන් ටයර් එක ගලවලා අමතර රෝදය දාගන්න මට පුළුවන්.” ඇය කියන්නීය.

“අපේ රටේ සෑම ක්ෂේත්රයකම කාන්තාවන් රැකියාවක් කළාට මෙවැනි දෙයක් කරන්න කව්රුවත් ඉදිරිපත් වෙලා නැහැ. ඉතින් අනෙක් රස්සාවල් වගේ තමයි මේ රස්සාවත්. කාන්තාවන්ට අමාරු දෙයක් නොවෙයි. අද බොහෝ කාන්තාවන් පිටරටවල ගිහින් දුක් විඳිනවා. එයාලට කිසිම ආරක්ෂාවක් නැහැ කියනවා. විවිධ සිද්ධීන්ට ඔවුන්ට මුහුණ දෙන්නට සිදුවෙනවා. මම හිතනවා මම මේ දෙයට ඉදිරිපත් වුණ නිසා තවත් ඊට කැමැත්තක් දක්වන අය ඉදිරිපත් වෙයි කියල. ඉතින් මේ වෙනුවෙන් කාන්තාවන්ට දිරිය ලබා දෙන්නට ඕන.”

මම ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටින්නේ එක කාන්තාවකට හරි මාර්ග බලපත්රයක් දීලා ඊට සහාය දෙන්න කියල. මෙයට කලින් කාන්තාවන් බස් රථ ධාවනය කරල නැහැ. අපේ රටේ අනෙක් හැම ක්ෂේත්රයකම කාන්තාවන් පිරිමින් කරටකර වැඩ කළත් බස් ධාවනයට එක්වෙලා නැහැ. ලෝකයේ වෙනත් රටවල වගේ බස් රථ රියැදුරු සේවයට කාන්තාවන්ද නැඹුරු කළ යුතුයි. මෙහිදී ඊට කැමැත්තක් දක්වන විශාල පිරිසක් අපේ රට තුළද ඉන්නවා. ඔවුන්ට ඒ සඳහා යොමුවීමට අවස්ථාවක් තවමත් නොලැබිම කනගාටුවට කරුණක්” ඇය කියන්නීය.

මම ගෙනියන බස් රථයේ දැනට කොන්දොස්තර ලෙස කටයුතු කරන්නේ මගේ පියායි. මම ඉදිරියේදි ඒ සඳහා කාන්තාවක් යොදා ගන්නවා. දැනටම කිහිප දෙනෙක්ම කැමති වෙලා ඉන්නවා. ඒ සඳහා අවශ්ය පහසුකම් ලැබුණාම මගේ බස් රථයට කොන්දොස්තරවරියක් සේවයේ යොදා ගන්නවා. ඇත්තටම මම බස් රථයේ සේවයේ යෙදී සිටින්නේ ලොකු ආඩම්බරයකින්”ලක්ෂි කියන්නීය.

මේ ලිපියේ මුලින් කීපරිදි 'තොටිල්ල නළවන අත ලොව පාලනය කරයි' යනුවෙන් අපේ රටේ වැකියක් ලියවුණේ සිරිමාවෝ බණ්ඩාරනායක හා චන්ද්රිකා බණ්ඩාරනායක වෙනුවෙනි. ඒ ආකාරයට දැන් ලංකාවේ මගී ප්රවාහන ක්ෂේත්රය ගැන ලියැවෙන විට ලක්ෂිගේ නම ද 'තොටිල්ල නළවන අත සුක්කානම පාලනය කරයි' යනුවෙන්ද ලියැවෙනු ඇත.

[QUOTE="ජින්තුවා, post: 16976474, member: 502203"] [IMG]http://i58.tinypic.com/k9vtvs.jpg[/IMG] [SIZE="3"]අධිවේගී මාර්ගයේ මගී ප්රවාහන බසයක් පදවන එකම කාන්තාව ලක්ෂි සචින්තාය. ඇය පදවන්නේ එසේ මෙසේ බසයක් නොව මගීන් පනස් දෙදෙනෙකු ගමන් ගන්නා සුඛෝපභෝගී බසයකි. තිස්තුන් හැවිරිදි ලක්ෂි සචින්තා මෙලොව උපන්නේ රිදී හැන්ද මුවින් දරාගත් කුමාරිකාවක ලෙස නොව සුක්කානම අතින් දරා ගත් කුමාරියක ලෙස බව අපට සිතේ. ඒ ඇගේ පියාද ගරාජයක හිමිකරුවෙකු වූ බැවිනි. එපමණක් නොව ලක්ෂිගේ පියාට වාහන කීපයක් ද තිබුණේය. ලක්ෂි අකුරු කරන්නට ගියේ මාතර සුජාතා බාලිකා විදුහලටය. ඉස්කෝලේ යන කාලයේ පටන් ලක්ෂිගේ හිත ගියේ යාන වාහනවලටය. ඇයට අවුරුදු 13-14 පමණ වන විට පියා ඇයට චැලි වර්ගයේ මෝටර් සයිකලයක් ගෙනවිත් දුන්නේය. පැටි වයසේදී ඇයට චැලි බයිසිලකය ගෙනයාමට හොඳින් හැකිවිය. ඒ කාලයේ ලක්ෂිගේ පියාට තිබුණේ ජීප් රථයකි. ලක්ෂි මුලින්ම සුක්කානම අතට ගත්තේ පියාගේ ජීප් රියෙනි. පියා ඇයට රිය පුහුණුව මැනවින් කියා දුන්නේය.පාසල් අධ්යාපනය නිමාවීමෙන් පසු ලක්ෂිගේ මිතුරියන් නීතිඥවරුන්, දොස්තරවරුන්, ඉංජිනේරුවරියන් වීමට පෙරුම් පුරන විට ඇය කල්පනා කළේ රියැදුරුවරියක වීමටය. පියාගෙන් රිය පුහුණුව හොඳින් හදාරා තිබූ බැවින් ලක්ෂිට අමුතුවෙන් රියැදුරු පාසල්වලට මුදල් වැයකරන්නට සිද්ධ වූයේ නැත. ලක්ෂි සැහැල්ලු වාහන සඳහා රියැදුරු බලපත්රය ගත්තේ 1999දී ය. 2008දී ඇය බර වාහන රියැදුරු බලපත්රය ගත්තාය. ඉක්බිතිව ය ඇය කල්පනා කළේ බසයක් පැදවීමටය. ඒ ගැන මුලින් ඇයට විචිකිච්ඡාවක් තිබුණේ කාන්තාවන්ට බස් පැදවීමට රියැදුරු බලපත්රයක් ගත හැකිදැයි කල්පනා වූ බැවිණි. නමුත් මෝටර් රථ පරීක්ෂකවරයා ඇයට කීවේ නියමිත සුදුසුකම් සපුරා ඇත්නම් කාන්තාවන්ට බස් පැදවීමට බලපත්ර ගැනීමට නීතියෙන් කිසිදු බාධාවක් නැති බවය. ඒ අනුව ඇය මගී බස් රථ පැදවීමට ද බලපත්ර ලබා ගත්තාය. ඇය මුලින්ම සුක්කානම අතට ගත්තේ පාසල් ළමුන් ගෙනයන කුඩා බස් රථයකය. මාතර නගරයේ පාසල් කිහිපයකට ඇය ළමුන් රැගෙන යාමට භාර ගත්තාය. සුපරීක්ෂාවෙන් වාහන පදවන ඇයට තම ළමුන් භාරදීමට දෙමාපියෝ නොපැකිළුණෝය. හැරත් කාන්තාවක් රිය පදවන බැවින් තම ගැහැනු දරුවන්ට අමතර ආරක්ෂාවක් ලැබෙන බවද දෙමාපියෝ කල්පනා කළෝය. ලක්ෂි වසර 11ක් එකදිගටම පාසල් දරුවන් ගෙන යන බස් රථයක රියැදුරුවරියක ලෙස කටයුතු කළාය. ඇතැම් දිනයන්වල ඇය පැදවූ ආසන 25 පාසල් බස් රථය කිසියම් හේතුවක් නිසා ගෙනයාමට නොහැකි වූ විට ලක්ෂි අතට ගන්නේ ආසන 48කින් යුතු අශෝක් ලේලන්ඩ් බස් රථයේ සුක්කානමය. ඒ බසය පදවන විට පාරේ බස් පදවන රියැදුරෝද ලක්ෂි දෙස මහා පුදුමයෙන් බැලුවේ කාන්තාවක් මීට පෙර විශාල බස් පදවන අයුරු දැක නැති බැවිනි. “මගී ප්රවාහන සේවයට වඩා පාසල් බස් රථයක වැඩකරන එක වගකීම වැඩියි. ඊට ලොකු කැපකිරීමක් කරන්න වෙනවා. මගේ දරුවෙක් මෙන්ම මම ලෙඩ වුණත් මට නොගිහින් ඉන්න බැරිවෙනවා. මම වෙනුවට වෙන කෙනෙක් යවන එකත් සාර්ථක වෙන්නේ නැහැ. පාසල් බස් රථය හා දරුවන්ගේ ආරක්ෂාව, වගකීම ගැන මට නිතරම බලන්න වෙනවා. දෙමව්පියෝ තමන්ගේ දරුවා පාසලට එක්ක ගිහින් ආපසු එක්ක එන්නට මට භාරදෙන්නේ ලොකු විශ්වාසයකින්. දරුවන් ඒ අයුරින් පාසල් රැගෙන යාම මගේ හිතට ලොකු සතුටක්ද වුණා. ඔවුන් සමග යන එන කොට කාලය ගතවෙනවා දැනෙන්නේ නැහැ. ඔවුන් මගේම දරුවන් වගේ මම ආරක්ෂා කළා” ලක්ෂි එසේ කියන්නීය. මේ අතරේ ලක්ෂිට අලුත් අදහසක් ආවේය. ඒ මහාමාර්ගයේ ගමන් කරන බසයක් පැදවීමටය. ඇගේ ඒ අදහසට ලක්ෂිගේ සැමියා වන තිස්ස කුමාරගෙන්ද විරෝධයක් පළ නොවීය. “2004 දී මම ඇය හඳුනාගන්නා විටත් ලක්ෂි බසයක් පදවමින් සිටියා. රිය පැදවීම ගැන ඇයට මනා පුහුණුවක් තිබෙනවා. මොකද එයාගේ තාත්තාත් වාහන ගැන හොඳට දන්න කෙනෙක් නිසා. ඉතින් මම ලක්ෂිගේ අදහසට විරුද්ධ වුණේ නෑ” තිස්ස කියන්නේය. ඔහු සේවය කරන්නේ මාතර පරිවාස කාර්යාලයේ ස්ථාන භාර නිලධාරි ලෙසය. තිස්සගේත් ලක්ෂිගේත් දරු දෙන්නා කුඩා දරුවෝය. වැඩිමලා වන රිද්මි තමාලි ඉගෙනුම ලබන්නේ මාතර සුජාතා බාලිකාවේ දෙවැනි වසරේය. බාලයා වන තරිඳු ප්රවීන් තවමත් තුන් හැවිරිදිය. ඔහු පෙර පාසල් සිසුවෙකි. ගාලු මාතර දක්ෂිණ අධිවේගී මාර්ගය තනා නිමකළ පසු ඊට බස් සේවයක්ද එක්වූ මොහොතේ ලක්ෂි ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේ අධිවේගී මගට බසයක් යෙදවීමට තමන්ට බලපත්රයක් දෙන ලෙසය. නමුත් ඊට ආණ්ඩුවෙන් ප්රතිචාරයක් නොවීය. මේ අතරේ ලක්ෂිගේ සහෝදරයා වන අරුණ හල්පගේ ඇයට යෝජනාවක් කළේය. ඒ දක්ෂිණ අධිවේගී මාර්ගයේ ධාවනය කරන ඔහුට අයත් බස් රථයක රියැදුරු ලෙස කටයුතු කරන ලෙසට ඔහුගෙන් ඉල්ලීමක් ලැබුණා. ඒ ඉල්ලීම ලක්ෂි සතුටින් භාර ගත්තාය. ඉක්බිතිව ඇය ජාතික ගමනා ගමන කොමිෂන් සභාවට අවසර පතක් ගැනීමට අයැදුම් කළාය. ඒ අයැදුම්පත පිළිගත් කොමිසම ඇයට තාවකාලික අවසර පත්රයක් නිකුත් කළේය. “මට එවැනි ඉල්ලීමක් කරන්න හිතුණේ ජාතික ගමනා ගමන කොමිෂන් සභාවේ නව සභාපති රේණුක දුෂ්මන්ත පෙරේරා මහතා පවසා තිබුණා දක්ෂිණ අධිවේගී මාර්ගයේ බස් රථ සඳහා රියැදුරු, කොන්දොස්තර සඳහා කාන්තාවන් යෙදවීමට අදහස් කර ඇති බව. ඔහුගේ සංකල්පයක් මත මෙම තීරණය ක්රියාත්මක කරන බව පවසා තිබූ නිසා මම ඒ සඳහා ඉල්ලුම් කළා. මම හිතන විදියට ඒ සඳහා මුලින්ම ඉල්ලුම් කළේ මමයි. ඒ අනුව දක්ෂිණ අධිවේගී මාර්ගයේ ධාවනය වන ආසන 50කින් යුතු අංක එම්.බි 7537 දරණ අශෝක් ලේලන්ඩ් බස් රථයේ රියැදුරු ලෙස කටයුතු කරන්නට මට හැකිවුණා” ඇය කියන්නීය. දක්ෂිණ අධිවේගී මාර්ගයේ වේගයෙන් බසය පදවන විට බියක් හිතුණේ නැද්දැයි අපි ඇගෙන් ඇසුවෙමු. “මුල් දවසේ බස් රථය ගෙන යන කොට පොඩි චකිතයක් ඇතිවුණා. එදා මගේ අයියත් මා ළඟම හිටියා. මට ඒ නිසා ලොකු බයක් දැනුණේ නැහැ. මම බස් රථය ධාවනය කරන කොට හැම දෙනාම මා දිහා බැලුවෙ හරි අමුතුවෙන්. ඔවුන්ටත් එය විශේෂ අත්දැකීමක් වුණා. මොකද මෙච්චර කල් පාරේ දුවන බස්වල රියැදුරුකම කළේ පිරිමි අය. වෙනත් සැහැල්ලු වාහනයක් කාන්තා අය ගෙන ගියාට බර වාහනයක් ගෙන යනවා දකින්න ලැබිලා නැහැ. ලංකාවේ මේ දක්වා මෙවැනි මගී බස් රථයක රියැදුරෙක් ලෙස කාන්තාවක් ගිය බවක් අසන්නට ලැබිලා නැහැ. අධිවේගී පාරේ බස් එක යනකොට හෙමින් ගිහිල්ලත් බැහැ. මොකද මගීන් අධිවේගී පාරේ බස් රථයක යන්නේ ගමන ඉක්මණින් යන්නයි. සාමාන්යයෙන් මාතර ඉඳලා කොට්ටාවට පැය එකහමාරකින් යන්න වෙනවා. මම මුල් දවසේ හරියටම පැය එකහමාරට ගියා. මම කාන්තාවක් කියල අනෙක් බස් සමග පසුබැස ගිහිල්ලා වැඩක් නැහැ. ඒ අය සමග කරට කර යන්න මට හැකිවුණා. මම අධිවේගී පාරේ පැයට කිලෝ මීටර් 107ක වේගයෙන් ගිහිල්ලා පොලිසියෙන් දඩ කොලයක්ද ලැබුණා” ඇය කියන්නේ සිනාසෙමිනි. “මම බස් එසේ රියැදුරු ලෙස කටයුතු කරනකොට බසයට ගොඩවෙන එහි යන එන මගීන් මට ලොකු සහයක් දෙනවා. බොහෝ දෙනෙකු බසයෙන් බහින කොට මට ස්තූති කරලා මාව අගය කරනවා. වයසක අය බොහෝ දෙනෙක් මට යනකොට බුදු සරණයි දුවේ කියල යනවා. හැමදෙනාම වගේ මට ලොකු සහායක් දෙනවා. ඒ නිසා මට එය ලොකු ශක්තියක් වුණා කිව්වොත් වැරදි නැහැ. බොහෝ දෙනෙක් මම බස් එක ගෙනයනකොට ඒ අයට අලුත් දෙයක් නිසා අමුතු විදියට බලනවා. අධිවේගී පාරෙන් ගිහිල්ලා සාමාන්ය පාරට ගියාම යන්න ටිකක් අමාරුයි. ත්රීවීල් මෝටර් සයිකල් එකපාරට පාර හරහා යනවා. ඉතින් බොහොම පරිස්සමින් යන්න වෙන්නේ. කොට්ටාව මහරගම ටිකේ තමයි යන්න ටිකක් අමාරු වෙන්නේ. සමහර අය වැරදි පැත්තෙන් වාහන දමනවා. ඉතින් ඒ දේවල් වලින් බේරිලා රිය පදවන්න ඕනේ”ඇය කියන්නීය. පාරේ බස් පදවන විට ටයරයක හුළං ගියොත් හෝ කාර්මික ආපදාවකට ලක් වුවහොත් කරන්නේ කුමක්දැයි අප ඇයගෙන් ඇසූ විට ලක්ෂි කීවේ, වාහන පිළිබඳ පියාගෙන් ලද දැනුම නිසා තමාට සුළු සුළු අලුත්වැඩියා කරගත හැකි බවය. “ටයර් එකේ හුළං බැස්සොත් කාගෙන් හරි සහය අරන් ටයර් එක ගලවලා අමතර රෝදය දාගන්න මට පුළුවන්.” ඇය කියන්නීය. “අපේ රටේ සෑම ක්ෂේත්රයකම කාන්තාවන් රැකියාවක් කළාට මෙවැනි දෙයක් කරන්න කව්රුවත් ඉදිරිපත් වෙලා නැහැ. ඉතින් අනෙක් රස්සාවල් වගේ තමයි මේ රස්සාවත්. කාන්තාවන්ට අමාරු දෙයක් නොවෙයි. අද බොහෝ කාන්තාවන් පිටරටවල ගිහින් දුක් විඳිනවා. එයාලට කිසිම ආරක්ෂාවක් නැහැ කියනවා. විවිධ සිද්ධීන්ට ඔවුන්ට මුහුණ දෙන්නට සිදුවෙනවා. මම හිතනවා මම මේ දෙයට ඉදිරිපත් වුණ නිසා තවත් ඊට කැමැත්තක් දක්වන අය ඉදිරිපත් වෙයි කියල. ඉතින් මේ වෙනුවෙන් කාන්තාවන්ට දිරිය ලබා දෙන්නට ඕන.” මම ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටින්නේ එක කාන්තාවකට හරි මාර්ග බලපත්රයක් දීලා ඊට සහාය දෙන්න කියල. මෙයට කලින් කාන්තාවන් බස් රථ ධාවනය කරල නැහැ. අපේ රටේ අනෙක් හැම ක්ෂේත්රයකම කාන්තාවන් පිරිමින් කරටකර වැඩ කළත් බස් ධාවනයට එක්වෙලා නැහැ. ලෝකයේ වෙනත් රටවල වගේ බස් රථ රියැදුරු සේවයට කාන්තාවන්ද නැඹුරු කළ යුතුයි. මෙහිදී ඊට කැමැත්තක් දක්වන විශාල පිරිසක් අපේ රට තුළද ඉන්නවා. ඔවුන්ට ඒ සඳහා යොමුවීමට අවස්ථාවක් තවමත් නොලැබිම කනගාටුවට කරුණක්” ඇය කියන්නීය. මම ගෙනියන බස් රථයේ දැනට කොන්දොස්තර ලෙස කටයුතු කරන්නේ මගේ පියායි. මම ඉදිරියේදි ඒ සඳහා කාන්තාවක් යොදා ගන්නවා. දැනටම කිහිප දෙනෙක්ම කැමති වෙලා ඉන්නවා. ඒ සඳහා අවශ්ය පහසුකම් ලැබුණාම මගේ බස් රථයට කොන්දොස්තරවරියක් සේවයේ යොදා ගන්නවා. ඇත්තටම මම බස් රථයේ සේවයේ යෙදී සිටින්නේ ලොකු ආඩම්බරයකින්”ලක්ෂි කියන්නීය. මේ ලිපියේ මුලින් කීපරිදි 'තොටිල්ල නළවන අත ලොව පාලනය කරයි' යනුවෙන් අපේ රටේ වැකියක් ලියවුණේ සිරිමාවෝ බණ්ඩාරනායක හා චන්ද්රිකා බණ්ඩාරනායක වෙනුවෙනි. ඒ ආකාරයට දැන් ලංකාවේ මගී ප්රවාහන ක්ෂේත්රය ගැන ලියැවෙන විට ලක්ෂිගේ නම ද 'තොටිල්ල නළවන අත සුක්කානම පාලනය කරයි' යනුවෙන්ද ලියැවෙනු ඇත.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom