Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Yesterday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
World War 2 Sri Lanka
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අනිවා කියවන්න ඕන කතාවක්. ඒ කාලෙ ලංකාව තිබ්බෙ මොන වගේ තත්වෙකද කියල හිතාගන්න. ආයෙ ඒ වගේ තතවෙක ලංකාව ඇද වැටුනොත් කොහොම වෙයිද අපිට? වෙන රටවල් බලන් ඉන්නෙ ඒක වෙනකන් තමා

දෙවැනි ලෝක සංග්‍රාමයේ ආරම්භය 1939 සැප්තැම්බර් 1 වෙනි දින ඇඩොල්ෆ් හිට්ලර් පෝලන්තයට එල්ල කරන ලද ප්රහාරයන් සමගය. පෝලන්තය පහසුවෙන් යටත් කර ගත්හ. ඊට පසු ජර්මනියට අවශ්‍ය වූයේ ඩෙන්මාර්කය, නෝර්වේ, ස්වීඩනය, ඕලන්දය අල්ලා ගැනීමයි. ඒවාද පහසුවෙන් ජය ගත්හ. මේ අතර ජපානයට අවශ්‍ය වූයේ ලංකාව ආක්‍රමණය කිරීමයි. ජපනා ලංකාව ආක්‍රමණය කිරීමට දිනයක් නියම කර ගත්හ. දිනය 1942 අප්‍රේල් මස 5 වැනි සිකුරාදා උදේ 7.00ටය. එදින අහස වළාකුලින් බර වූ අඳුරු දිනයක් විය. එදින උදේ 7.00ට පමණ කොළඹ පැත්තෙන් අහස් යානා 50ක් 60ක් පමණ ඉතාමත් සීරුවෙන් ඉදිරියට පැමිණියා. අපගේ ආරක්ෂක අංශ ඉතාමත් ඕනෑකමින් ඒ දෙස බලා සිටියා. සියලුම යානා තටුවල ඉංග්‍රීසි කොඩිය සටහන් කර තිබූ බැවින් මිත්‍ර පක්ෂයේ යානා නිසා ඉතා සතුටින් බලා සිටියා.

නමුත් යානා ඇතුළේ සිටියේ ජපන් නියමුවෝ. සිදු වූයේ කුමක් ද? වරායේ නැව් 03කට බෝම්බ දැම්මා. නැව් තුනක් ගිනි ගත්තා. රත්මලානේ ගුවන් තොටුපොළට බෝම්බ දැම්මා. එවිට අපේ ගුවන් නියමුවන් ඉක්මනින් අහසට නැංගා. නමුත් සියලුම යානාවල ඉංග්‍රීසි කොඩිය තිබෙනවා. සිදුවූයේ කුමක්ද? අපේ යානා අපගේ යානාවලටම පහර දුන්නා. අපේ යානා හතරක් තලවතුගොඩ කරඳගස්කුඹුරේ වැටුණා. මේ අතර යානා 2ක් අපගේ නිවසේ පියස්ස උඩ වෙඩි තබා ගත්තා. යානාවක දොරක් කඩාගෙන පාරට වැටුණා. ඒ සමගම එකක් ගිනි ගත්තා. ගිනිගත් යානය ළඟම ඇති තලංගම වැවට පාත්කෙරුවා. එවිට ඉදිරිපස නිවසේ සිටි ඒඩින් පෙරේරා මහතා මාත් සමග වැව පැත්තට ඉක්මනට දිව්වා. යානය වැව මැදටම වැටී තිබුණා. අපි දෙදෙනා වැවට බැස අඩි දෙකක් ජබුර වතුර ප්‍රදේශයට බැස්සා. එවිට මස් පෑගෙනවා වගේ කකුල්වලට දැනුනා. එය උස්සා බලන විට හිස නැති කඳක් මතු වුණා. පසුව අපි දෙදෙනා හිස නැති කඳ උස්සාගෙන ගොඩට ආවා. වැවේ බැම්ම උඩ කඳ තිබ්බා. නැවතත් වැවට බැස හිසසොයා බැලුවා. නමුත් සොයා ගැනීමට හැකියාවක් තිබුණේ නැහැ. ජපනා ලංකාවට හිස දන් දුන් බව පෙනී ගියා. ඊට පසුව රාජකාරියක් වශයෙන් පොලිසියට දැනුම් දුන්නා. පොලිසිය කිව්වා, මේ රාජකාරිය හමුදාවට අයිති එකක් නිසා අපි රාජකාරි කරන්නේ නැතැයි කියා. අපි ආපසු ආවා. එදින රාත්‍රියේ අවට ලඳු කැලෑවේ සිටි නරි රංචුව පැමිණ ජපන් මාංශ රස බලා තිබුණා. පසුව බලන විට බාගයක්ම නරි කාලා. පසුව මේ හිස නැති කඳ මිහිදන් කළා. ජපනා සිංගප්පූරුව ආක්‍රමණය කර එහි තිබූ ඉංග්‍රීසි යානා සියල්ලම අල්ලා ගත්තා. ලංකාව ආක්‍රමණය කිරීමට මේ යානා ඉදිරියට දැම්මා.

මේ කූට උපක්‍රමය නිසා අපගේ යානා කිහිපයකුත් නියමුවන් කිහිප දෙනකුත් අපට අහිමි වුණා. මේ අහස් යුද්ධය හෝකන්දරත් තලවතුගොඩත් අතර ප්‍රදේශයේ තදින් ක්‍රියාත්මක වුණා. මේ අහස් යුද්ධය පැයකට වැඩි කාලයක් අහසේ ගිගුරුම් දුන්නේ නැහැ. අවසානයට ජපනා අංගොඩ මානසික ආරෝග්‍යශාලාවට (පිස්සන්කොටුව) බෝම්බ හෙලුවා. බෝම්බ වැටුණේ රෝහලේ මුළුතැන් ගේ පැත්තටයි. එහි සිටි මානසික රෝගීන් 17 දෙනෙක් මරණයට පත් වුණා. සියලුම රෝගීන් රෝහලෙන් පිටවී තමන්ගේ නිවෙස්වලට ගියා. රෝහල හිස් වුණා. මේ අතර ඉතාමත් බරපතළ චෝදනා මිනීමැරුම්වලට අසුවී බොරු පිස්සු අරගෙන සිටි කිහිප දෙනෙකුත් සිටියා. ඔවුන් පැන ගොස් තිබුණා. පිට පළාත්වල විහාරස්ථානවලට ගොස් සිවුරු පොරවා ගත්තා. තැන තැන පිටි පිස්සන් එකතු කිරීමට රජයට සෑහෙන කාලයක් ගත වුණා. ජපනාගේ එක ගුවන් යානයක් බිම හෙළා ගැනීමට අපගේ ගුවන් නියමුවන්ට හැකි වුණා. ඒ යානාව තලංගම වැවට වැටුණා. මේ අතර ජපනා ඉක්මනින් ලංකාවෙන් පිට වුණා. මේ අතර ඉන්දියන් සාගරයේ ආධිපත්‍යය බොහෝ සෙයින් ජපනා අතට පත් වෙමින් තිබුණා. මේ අතර බි්රතාන්ය සතුව තිබූ විශාල යුද නැවක් වූ ප්‍රින්ස් ඔෆ් වේල්ස් සහ රිපල්ස් යන නැව් දෙක ගිල්වා දැමීමට ජපනා සබ්මැරින් වලින් ටෝපිඩෝ කර බැලුවා. නමුත් හරි ගියේ නැත.

හේතුව නැව් දෙකේම වතුරෙන් යට තට්ටුව අඟල් 18ක් ඝනකම ඇති වානේ තහඩුවකින් නිම කර තිබුණු නිසාය. පසුව ජපනා මරාගෙන මැරෙන හමුදා බටයින් දෙදෙනකුගේ බඬේ බෝම්බ බැඳ ගෙන නැවේ එන්ජින් රූම් එක ළඟ සවිකර තිබූ දුම්බට දෙක ඇතුළට පැන්නා. නැව් දෙකම ගිලුන අතර ජීවිත රාශියක් විනාශ වුණා. මුහුදු සටනත් අහස් යුද්ධයත් ගැන ජපනාට විශේෂ දක්ෂතාවයක් තිබුණා. බි්රතාන්ය සතු යුද නැව් දෙක නැතිවීමෙන් මාගේ දකුණු අත කැඩුණා කියා චර්චිල් පැවසුවා.

මේ අවස්ථාව වන විට ජපානය නාවික හා ගුවන් බලශක්තිය මෙන්ම පාබල හමුදා ශක්තිය අතින් ශක්තිමත්ව සිටියේය. කොළඹට බෝම්බ දැමීමෙන් පසු කොළඹ පැල්පත්වල සිටි සියලු දෙනා බරකරත්තවලින් බඩු පටවාගෙන ඈත පිටිසර ගම්වලට පදිංචියට ගියා. කොළඹ නගරයේ ජපනුන්ගේ සාප්පු කිහිපයකුත් තිබුණා. ඒවායේ සිටි ජපනුන් සියලු දේ අතහැර දමා පැන ගියා. ඒවායේ සේවය කළ සේවකයින් සියලු දේ අත්පත් කර ගත්තා. ලංකාවේ අණදෙන නිලධාරියා වශයෙන් සර් ජෙෆ්රි ලේටන් මහතා පත් කළා. මේ අතර ලංකාවට එන ආහාර නැව් සබ්මැරීන්වලින් ටෝර්පිඩෝ කර මුහුදේ ගිල්ලවීමට පටන් ගත්තා.

ඒ කාලයේ ලංකාවට අවශ්‍ය ආහාර වර්ග සියල්ල ආනයනය කරන ලද්දේ පිටරටින්ය. හාල් ඉන්දියාව, බුරුමය, මෙන්ම සියම වැනි රටවලින්ය. කුළුබඩු වර්ග ද එසේමය. ආහාර නැව් ගිල්ලවීම නිසා ආහාර හිඟයක් ලංකාවේ ඇති විය. ගමේ සිල්ලර කඬේ තිබුණේ ආටා පිටිත්, බජිරිත් පමණකි. හාල් ඇටයක්වත් නැත. ඒ කාලයේ කුඹුරු සරුවට නොතිබුණි. වරායට බෝම්බ දැමීම නිසා වරායේ කම්කරුවන් රැකියාවට ආවේ නැත. ඒනිසා වරායේ නවතා තිබූ ආහාර නැව් කිහිපයක්ම වරායේ මාස ගණනක් හිර විය. එබැවින් ආහාර හිඟය තවදුරටත් උග්‍ර විය. හාල් කොන්ට්‍රෝල් විය. රෙදි කොන්ට්‍රෝල් විය. සතියකට එක් අයකුට හාල් සේරු දෙකක් දෙන්නට නියම විය. සේරු දෙක ටික දිනකින් එක හමාරක් බවට පත් විය. එක හමාර හාල් සේරුව බවට පත් විය. සතියකට හාල් සේරුවකින් ජීවත් විය හැකිද? ඒ කාලයේ එතරම් ජනගහණයක් නොසිටි අතර, එක් අයෙකුට ඉඩම් අක්කරයක් දෙකක් තිබුණි. ඒවායේ කොස්, දෙල් වගාව තිබුණි. අල බතල මඤ්ඤොක්කා වැනි දෑ ද වගා කර තිබුණි. එම නිසා හාල් සේරුව පිරිමසා ගැනුණි. කුඹුරු හිමියන් පමණක් දෙවේල බත් කෑවේය. කුඹුරු හිමියන් ගොයම් පාගනා දිනය ගම් මුලාදෑනියාට දැන්විය යුතුය. එදිනට ගම් මුලාදෑනියා වී මනින බුසලත් රැගෙන කමතට එයි.

අස්වැන්න මැන හරියටම බාගයක් රජයට ගනිති. ඒවාට මුදල් ගෙවා කුඹුරු හිමියාට දෙකෙන් පංගුවක් දෙන ලදී. හාල් කූපන් පත් මෙන්ම රෙදි කූපන් පත් ද මුද්‍රණය කෙරුණි. ළදරුවන්ට සතියකට හාල් හුණ්ඩු දෙකක් නියම කෙරුණි. ළදරුවන්ට කිරි පිටි නොමැති විය. ඒ අතර ගමේ එළදෙනුන්ගේ කිරි වලින් ළදරුවන් පෝෂණය විය. ගමේ එළකිරි කොළඹටත් ප්‍රවාහනය කෙරුණි. මේ අතර ගමේ ජනතාවගේ ආරක්ෂාව සඳහා සෑම නිවසකම උමන් ගෙයක් කපන්නට නියම කරන ලදී. බොරැල්ලේ බස් ස්ටෑන්ඞ් එක විශාල උමගක් බවට පත් කළා. බොරැල්ලේ සවිකර ඇති අනතුරු අඟවන යන්ත්‍රය ක්‍රියාත්මක වූ විට සියලු දෙනාම උමං ගෙවල් ඇතුළට යා යුතුයි.

එවකට ආරක්ෂක කොමසාරිස් තුමා වශයෙන් පත්ව සිටියේ සර් ඔලිවර් ගුණතිලක මහතායි. ඒ කාලයේ සිංහල යුද භටයන් කිසිවකු ලංකාවේ සිටියේ නැත. ඉක්මනින් යුද ශක්තිය තර කර ගැනීමට තරුණයින් යුද හමුදාවට බඳවා ගැනීමට පුවත්පත්වලින් දැන්වීම් පළ කෙරිණි. බෝම්බවලට ඇති බය නිසා තරුණයින් ඉදිරිපත් වූයේ නැත. පසුව තරුණයින් බලෙන් බන්ඳවා ගන්නවා කියා පළ කෙරිණි. ඉන් පසු ටික දෙනෙක් ඉදිරිපත් විය. බඳවා ගන්නා ස්ථානය වශයෙන් කොල්ලුපිටියේ 399 දරන ගොඩනැගිල්ල තබා ගැනුණි. ආධුනිකයින් බඳවා ගන්නා නිලධාරියා වශයෙන් මර්වින් ජෝසප් මහතා පත් කළේය. ඒ කාලයේ යුද හමුදාවට බැඳීමට කිසිම සහතිකයක් අවශ්‍ය වූයේ නැත. වයස සීමාවක් ද නොතිබුණි. පාසල් යමින් සිටි මමත් ගෙදරින් පැනගොස් ලංකා පා බල හමුදාවට බැඳුනෙමි. යුද හමුදාවට බැඳුණු තරුණයින් වෙන් වෙන් වශයෙන් කොටස් කිහිපයකට බඳවා ගැනුණි. ලංකා පා බල හමුදාව, ලංකා කාලතුවක්කු හමුදාව, ලංකා ඉංජිනේරු හමුදාව, ලංකා ගිනි නිවන හමුදාව වශයෙනි. මේ අයට ඉක්මනින් යුද පුහුණුව ලබාදෙන ලදී. ලංකා පා බල හමුදාවට දියතලාවේ යුද පුහුණුව ලබා දුනි. මටද දියතලාවේදී යුද පුහුණුව ලැබුණි. ඉංජිනේරු හමුදාවට මරදානේ ටෙක්නිකල් කොලේජ් එක හමුදා බාරයට ගැනුණි.

එහිදී කාර්මික අංශය පුහුණු කෙරුණි. කාලතුවක්කු හමුදාවට අහස්යානාවලට වෙඩි තැබීමට පුහුණු කළහ. එකල හමුදා පඩිය රුපියල් 30ක් විය. මේ අතර යටත් විජිත රටවල්වලින් පුහුණු යුද භටයින් ගෙන්වා ගන්නා ලදී. කොළඹ නගරයේ තිබුණු පාසල් ආනන්ද, නාලන්ද, රෝයල් හමුදා භාරයට ගැනුණි. ඒවායේ ඇමෙරිකන්, එංගලන්ත, කැනේඩියන්, ඕස්ටේ්රලියන් යුද භටයින් පදිංචි විය. අධ්‍යාපනය ගම්පහට ගෙන යන ලදී. පන්ජාබ්, කාබේරි භටයන් ගොඩබැසීය. කාබේරි භටයන්ව පාලනය කරනු ලැබුවේ ඕස්ටේ්රලියන් හමුදා නිලධාරීන් විසින්ය. ඔවුන් පාලනය කිරීම එතරම් පහසු කාර්යයක් නොවීය. ඔවුන් ඉතාමත් තද කළු, උස මහත කිසිම ශිෂ්ඨාචාරයක් නැති මනුෂ්‍ය වර්ගයකි. ස්නානය කරන්නේ කිසිම වස්ත්‍රයක් ශරීරයේ නොමැතිවය. කාබේරි හමුදාව තැන් තැන්වල කැලෑව එළිකරගෙන කඳවුරු බැඳගත්හ. කොග්ගල කඳවුරේ සිටි කාබේරි භටයින් කබරගෝයි මරාගෙන කා 15 දෙනෙක් පමණ මරණයට පත් විය. යුද නීතිය ප්‍රකාශයට පත් කරන ලදී. අඳුරු නීතිය කොළඹ නගරයේ ඉතාමත් තදින් ක්‍රියාත්මක විය. සවස 6.30ට පසු කිසිම වාහනයක් කොළඹ නගරයට ඇතුල්වීම තහනම් විය. එකල එතරම් වාහනද තිබුණේ නැත. සියලු වාහනවල ඉදිරිපස ලාම්පු දෙක බාගයක් කළු පැහැති කරන ලදී. දුම්රිය ධාවනය ද කොළඹ නගරය තුළ තහනම් විය. අඳුරු නීතිය තදින් ක්‍රියාත්මක විය. නිවස තුළ පත්තු කරනු ලබන ලාම්පු එළිය නිවසින් පිටතට නොපෙනෙන ලෙස තිබිය යුතු විය.

රාත්‍රි කාලයේ කිසිදු එළියක් හමුදා කඳවුරක ද නොමැති විය. සවස 6 වන විට හමුදා කඳවුරුවල රාත්‍රි ආහාරය ගෙන අවසන් කළ යුතු විය. මේ කාලයේ ලංකාවේ පරිහරණය වූ මුදල් සියල්ල පිරිසිදු රිදී කාසිය. ශත 5, ශත 10, ශත 25 සහ ශත 50. රුපියල සියල්ලම ආරක්ෂක අංශ එකතු කළහ. ඒවාට කුමක් සිදුවී ද? ඒවා වෙනුවට තඹ, පිත්තල වලින් මුදල් අච්චු ගැසීය. ශත පහටත්, ශත දහයටත් නෝට්ටු මුද්‍රණය කරන ලදී. කොළඹ නගරයේ ආරක්ෂාව තවදුරටත් තර කර ගැනීමට යම් කිසි විදියකින් ජපනා කොළඹ නගරයට පහරදීමට මුහුදෙන් පැමිණියහොත් ඉක්මනින් රට ඇතුළට ඇතුළු වීමට නොහැකි වන සේ ගෝල්ෆේස් පිට්ටනියේ පටන් ගැනීමේ පටන් වරායේ බ්රේක් වෝටර් බැම්ම දක්වා විශාල යකඩ කණු සිටුවා කටු කම්බි රෝලිවලින් වට කළා. වික්ටෝරියා පාලමටත් කෝට්ටේ පාලමටත් බෝම්බ සවි කළා. පන්ජාබ් හමුදා භටයින් විසින් පාලම් මුර කරන ලදී. යම් කිසි විදියකින් ජපනා මුහුදෙන් පැමිණියහොත් මෙම පාලම් දෙකේම බෝම්බ පුපුරවනවා. වික්ටෝරියා පාලම කැඩුවොත් සතුරාට රට ඇතුඵට යාමට නොහැකිය. කෝට්ටේ පාලම කැඩුව හොත් සතුරාට දියවන්නා ඔයෙන් ගොඩබිමට ඇතුල්වීමට නොහැකිය. සතුරාට ජලය නොපෙනෙන ලෙස ජපන් පාසිවලින් වසා දැම්මා. එවිට දුවගෙන එන සතුරා දියවන්නා ඔයේ ගිලෙනවා. කොළඹ නගරයට පිට පළාත්වලින් රැකියාවට එන අය සවස 3.30ට කොළඹ නගරයෙන් පිට විය යුතුයි. ජපනාගේ ඊළඟ ඉලක්කය වූයේ ත්‍රිකුණාමලයේ වරායට පහරදීමයි.

ත්‍රිකුණාමලයේ චයිනාබේ තිබූ තෙල් ටැංකිවල තෙල් නළ සවිකර තිබුණේ වරායටයි. ජපන්නු සබ්මැරීන්වලින් ඇතුල්වී තෙල් නළවල කරාම ගලවා පැන ගියහ. ත්‍රිකුණාමලය වරාය කළු තෙල්වලින් පිරුණි. ත්‍රිකුණාමලය වරාය පිහිටි වරායකි. ත්‍රිකුණාමලයේ වරාය කොළඹ වරාය මෙන් දෙගුණයක් විශාල විය. එය චයිනාබේ දක්වා විහිදෙයි. කොළඹ වරායේ වතුර ප්‍රමාණය අක්කර 603කි. ගොඩබිම ගබඩා ආදිය අක්කර 22කි. නැව් 52ක් පාක් කිරීමට හැකියාවක් ඇත. ඒ කාලයේ එතරම් කාලතුවක්කු තිබුණේ නැත. ඒ වෙනුවට විශාල හොර ගස් කපා කුට්ටි කර ඒවායේ තාර ආලේප කර කාලතුවක්කු සවිකර තිබෙන බව පෙනෙන්නට සැලැස්වීය. ඈත සිට බලන සතුරාට පෙනෙන්නේ විශාල කාලතුවක්කු සවිකර ඇති බවකි. එය දැක සතුරා ආපසු යයි. ත්‍රිකුණාමලය අවට යුද කඳවුරු ශක්තිමත් කළා. මේ හොර කොටන් කාලතුවක්කු සවිකිරීමට ලංකා පා බල හමුදාවේ සිටි මමත් විශාල මහන්සියක් දැරුවා. ඒ කාලයේ බැංකෝ යන්ත්‍ර තිබුණේ නැත.

මේ අතර උඩින් එන සතුරාට වරායේ නැව් නොපෙනෙන සේ දුම් පටලයක් ඇති කරන ලදී. දුම් කුඩු වර්ගයක් පිරවූ බැරල් වරාය වටේ සවි කළා. මේ බැරල්වලට යන්ත්‍රයකින් දුම් බට සවි කළා. මේ යන්ත්‍රය ක්‍රියාත්මක වූ විට දුම් බටවලින් දුමක් පිටවිය. ඒ දුම ඝන දුම් පටලයකින් නිමවී තිබිණ. ඒ දුම් සුළඟට සෙලවෙන්නේ නැත. පැය බාගයක් පමණ එක තැන රැඳී පවතියි. මේ දුම් අහසට නැගුණ විට අහසින් එන සතුරාට වරයේ නැව් නොපෙනුණි. මේ අතර හමුදාවෙන් පැන යන භටයින්ට දඬුවම් දීමට වෙනම හමුදා බන්ධනාගාරයක් මහර නගරයේ ඉදිකරන ලදී.

හමුදා භටයින්ට දඬුවම් දෙන්නේ යුද්ධාධිකරණයෙනි. හමුදාවෙන් පැන ගියොත් මාස 6ක් සිර දඬුවම් විඳීමට සිදු විය. වැරදි කරන කාබේරි භටයින්ට දඬුවම් දෙනු ලැබුවේ ඔස්ටේ්රලියාවේ හමුදා නිලධාරීන් විසින්ය. මේ අතර රුසියන් හමුදාව බර්ලින් නගරයට පහරදීමත් සමඟ හිට්ලර්ගේ බල බිඳුණි. තවදුරටත් සටන් කිරීම නිශ්ඵල බව වටහා ගත් ජර්මනිය 1945 මැයි 8 වෙනිදා යටත්වීමේ ලේඛනයට අත්සන් කරන ලදී. පැසිපික් සාගරයේ පැවති යුද්ධය තවදුරටත් ඇවිලී ගියේය. ජපනා පර්ල් වරායට බෝම්බ දැමීමෙන් පසු ඇමෙරිකාව ජපනාට නියම පාඩම උගන්වන අදහසින් ඉතිහාසයේ මහා ඛේදවාචකයක් සටහන් කරමින් ඇමෙරිකාව ජපානයේ හිරෝෂිමා සහ නාගසාකි නගරවලට පරමානු බෝම්බ හෙළන ලදී. ජීවිත ලක්ෂ ගණනක් විනාශ කරමින් දෙවැනි ලෝක යුද්ධය අවසන් විය.

එංගලන්තයේ මහ රැජිණ යුද්ධය ජය ගැනීමේ ප්‍රීතියට සියලු යුද භටයින්ට දින 03ක් දිගටම ජය පානය දුණි. බියර් පීප්ප යුද කඳවුරුවලට ගෙනැවිත් තිබුණි. ඔවුන් දින තුනම බියර් බී විනෝද විය. ලංකාවේ සිටි සිංහල භටයින් දිනකට 500ක් දෙනා නිදහස් කර නිවෙස්වලට යවන ලදී. රෙදි කූපන් නිසා සුදු කලිසම් රෙදි යාර දොළහක් දෙන ලදී. දුම්රියෙන් යන අයට දුම්රිය බලපත් නිකුත් කරන ලදී. පිටරටවලින් පැමිණ සිටි භටයින් තම තමන්ගේ රටවලට පිටත් කර හරින ලදී. මටද සුදු කලිසම් රෙදි යාර 12ක් ලැබුණි. අස්වීමේ සහතිකයක්ද ලැබුණි. එංගලන්තයේ මහ රැජින ඒ වෙලාවේ රට වෙනුවෙන් ඉදිරිපත් වූ තරුණයින්ට අධ්‍යාපන සුදුසුකම් නොබලාම රැකියාවල් දුන්නා. ගොවිතැන් කිරීමට කැමති අයට පොළොන්නරුවෙන් අක්කර 12 බැගින් දුන්නා. මටද පොලීසියේ රැකියාවක් ලැබුණි. එදා හමුදාවට බැඳී අද වයස්ගත වී අසරණ තත්ත්වයේ සිටින අයට කොළඹ කොටුවේ බි්රස්ටල් වීදියේ සේවාමුක්ත භටයින්ගේ සංගමයෙන් ආධාර මුදලක් ගෙවනවා.

රට බේරා ගැනීම සඳහා හමුදාවට බැඳී අවුරුදු 3කුත් මාස 9ක් සේවය කළ මම ඉන්පසු පොලිස් සේවාවට බැඳී වසර 32ක කාලයක් සේවය කර විශ්‍රාම ලැබුවෙමි. දැනට මාගේ වයස අවුරුදු 91කි. දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා.

sourse - http://www.lankadeepa.lk/index.php/articles/436436

[QUOTE="manarrow, post: 20410580, member: 524640"] [SIZE="5"][COLOR="Red"]අනිවා කියවන්න ඕන කතාවක්. ඒ කාලෙ ලංකාව තිබ්බෙ මොන වගේ තත්වෙකද කියල හිතාගන්න. ආයෙ ඒ වගේ තතවෙක ලංකාව ඇද වැටුනොත් කොහොම වෙයිද අපිට? වෙන රටවල් බලන් ඉන්නෙ ඒක වෙනකන් තමා [/COLOR][/SIZE] [SIZE="4"][COLOR="Blue"]දෙවැනි ලෝක සංග්‍රාමයේ ආරම්භය 1939 සැප්තැම්බර් 1 වෙනි දින ඇඩොල්ෆ් හිට්ලර් පෝලන්තයට එල්ල කරන ලද ප්රහාරයන් සමගය. පෝලන්තය පහසුවෙන් යටත් කර ගත්හ. ඊට පසු ජර්මනියට අවශ්‍ය වූයේ ඩෙන්මාර්කය, නෝර්වේ, ස්වීඩනය, ඕලන්දය අල්ලා ගැනීමයි. ඒවාද පහසුවෙන් ජය ගත්හ. මේ අතර ජපානයට අවශ්‍ය වූයේ ලංකාව ආක්‍රමණය කිරීමයි. ජපනා ලංකාව ආක්‍රමණය කිරීමට දිනයක් නියම කර ගත්හ. දිනය 1942 අප්‍රේල් මස 5 වැනි සිකුරාදා උදේ 7.00ටය. එදින අහස වළාකුලින් බර වූ අඳුරු දිනයක් විය. එදින උදේ 7.00ට පමණ කොළඹ පැත්තෙන් අහස් යානා 50ක් 60ක් පමණ ඉතාමත් සීරුවෙන් ඉදිරියට පැමිණියා. අපගේ ආරක්ෂක අංශ ඉතාමත් ඕනෑකමින් ඒ දෙස බලා සිටියා. සියලුම යානා තටුවල ඉංග්‍රීසි කොඩිය සටහන් කර තිබූ බැවින් මිත්‍ර පක්ෂයේ යානා නිසා ඉතා සතුටින් බලා සිටියා. නමුත් යානා ඇතුළේ සිටියේ ජපන් නියමුවෝ. සිදු වූයේ කුමක් ද? වරායේ නැව් 03කට බෝම්බ දැම්මා. නැව් තුනක් ගිනි ගත්තා. රත්මලානේ ගුවන් තොටුපොළට බෝම්බ දැම්මා. එවිට අපේ ගුවන් නියමුවන් ඉක්මනින් අහසට නැංගා. නමුත් සියලුම යානාවල ඉංග්‍රීසි කොඩිය තිබෙනවා. සිදුවූයේ කුමක්ද? අපේ යානා අපගේ යානාවලටම පහර දුන්නා. අපේ යානා හතරක් තලවතුගොඩ කරඳගස්කුඹුරේ වැටුණා. මේ අතර යානා 2ක් අපගේ නිවසේ පියස්ස උඩ වෙඩි තබා ගත්තා. යානාවක දොරක් කඩාගෙන පාරට වැටුණා. ඒ සමගම එකක් ගිනි ගත්තා. ගිනිගත් යානය ළඟම ඇති තලංගම වැවට පාත්කෙරුවා. එවිට ඉදිරිපස නිවසේ සිටි ඒඩින් පෙරේරා මහතා මාත් සමග වැව පැත්තට ඉක්මනට දිව්වා. යානය වැව මැදටම වැටී තිබුණා. අපි දෙදෙනා වැවට බැස අඩි දෙකක් ජබුර වතුර ප්‍රදේශයට බැස්සා. එවිට මස් පෑගෙනවා වගේ කකුල්වලට දැනුනා. එය උස්සා බලන විට හිස නැති කඳක් මතු වුණා. පසුව අපි දෙදෙනා හිස නැති කඳ උස්සාගෙන ගොඩට ආවා. වැවේ බැම්ම උඩ කඳ තිබ්බා. නැවතත් වැවට බැස හිසසොයා බැලුවා. නමුත් සොයා ගැනීමට හැකියාවක් තිබුණේ නැහැ. ජපනා ලංකාවට හිස දන් දුන් බව පෙනී ගියා. ඊට පසුව රාජකාරියක් වශයෙන් පොලිසියට දැනුම් දුන්නා. පොලිසිය කිව්වා, මේ රාජකාරිය හමුදාවට අයිති එකක් නිසා අපි රාජකාරි කරන්නේ නැතැයි කියා. අපි ආපසු ආවා. එදින රාත්‍රියේ අවට ලඳු කැලෑවේ සිටි නරි රංචුව පැමිණ ජපන් මාංශ රස බලා තිබුණා. පසුව බලන විට බාගයක්ම නරි කාලා. පසුව මේ හිස නැති කඳ මිහිදන් කළා. ජපනා සිංගප්පූරුව ආක්‍රමණය කර එහි තිබූ ඉංග්‍රීසි යානා සියල්ලම අල්ලා ගත්තා. ලංකාව ආක්‍රමණය කිරීමට මේ යානා ඉදිරියට දැම්මා. මේ කූට උපක්‍රමය නිසා අපගේ යානා කිහිපයකුත් නියමුවන් කිහිප දෙනකුත් අපට අහිමි වුණා. මේ අහස් යුද්ධය හෝකන්දරත් තලවතුගොඩත් අතර ප්‍රදේශයේ තදින් ක්‍රියාත්මක වුණා. මේ අහස් යුද්ධය පැයකට වැඩි කාලයක් අහසේ ගිගුරුම් දුන්නේ නැහැ. අවසානයට ජපනා අංගොඩ මානසික ආරෝග්‍යශාලාවට (පිස්සන්කොටුව) බෝම්බ හෙලුවා. බෝම්බ වැටුණේ රෝහලේ මුළුතැන් ගේ පැත්තටයි. එහි සිටි මානසික රෝගීන් 17 දෙනෙක් මරණයට පත් වුණා. සියලුම රෝගීන් රෝහලෙන් පිටවී තමන්ගේ නිවෙස්වලට ගියා. රෝහල හිස් වුණා. මේ අතර ඉතාමත් බරපතළ චෝදනා මිනීමැරුම්වලට අසුවී බොරු පිස්සු අරගෙන සිටි කිහිප දෙනෙකුත් සිටියා. ඔවුන් පැන ගොස් තිබුණා. පිට පළාත්වල විහාරස්ථානවලට ගොස් සිවුරු පොරවා ගත්තා. තැන තැන පිටි පිස්සන් එකතු කිරීමට රජයට සෑහෙන කාලයක් ගත වුණා. ජපනාගේ එක ගුවන් යානයක් බිම හෙළා ගැනීමට අපගේ ගුවන් නියමුවන්ට හැකි වුණා. ඒ යානාව තලංගම වැවට වැටුණා. මේ අතර ජපනා ඉක්මනින් ලංකාවෙන් පිට වුණා. මේ අතර ඉන්දියන් සාගරයේ ආධිපත්‍යය බොහෝ සෙයින් ජපනා අතට පත් වෙමින් තිබුණා. මේ අතර බි්රතාන්ය සතුව තිබූ විශාල යුද නැවක් වූ ප්‍රින්ස් ඔෆ් වේල්ස් සහ රිපල්ස් යන නැව් දෙක ගිල්වා දැමීමට ජපනා සබ්මැරින් වලින් ටෝපිඩෝ කර බැලුවා. නමුත් හරි ගියේ නැත. හේතුව නැව් දෙකේම වතුරෙන් යට තට්ටුව අඟල් 18ක් ඝනකම ඇති වානේ තහඩුවකින් නිම කර තිබුණු නිසාය. පසුව ජපනා මරාගෙන මැරෙන හමුදා බටයින් දෙදෙනකුගේ බඬේ බෝම්බ බැඳ ගෙන නැවේ එන්ජින් රූම් එක ළඟ සවිකර තිබූ දුම්බට දෙක ඇතුළට පැන්නා. නැව් දෙකම ගිලුන අතර ජීවිත රාශියක් විනාශ වුණා. මුහුදු සටනත් අහස් යුද්ධයත් ගැන ජපනාට විශේෂ දක්ෂතාවයක් තිබුණා. බි්රතාන්ය සතු යුද නැව් දෙක නැතිවීමෙන් මාගේ දකුණු අත කැඩුණා කියා චර්චිල් පැවසුවා. මේ අවස්ථාව වන විට ජපානය නාවික හා ගුවන් බලශක්තිය මෙන්ම පාබල හමුදා ශක්තිය අතින් ශක්තිමත්ව සිටියේය. කොළඹට බෝම්බ දැමීමෙන් පසු කොළඹ පැල්පත්වල සිටි සියලු දෙනා බරකරත්තවලින් බඩු පටවාගෙන ඈත පිටිසර ගම්වලට පදිංචියට ගියා. කොළඹ නගරයේ ජපනුන්ගේ සාප්පු කිහිපයකුත් තිබුණා. ඒවායේ සිටි ජපනුන් සියලු දේ අතහැර දමා පැන ගියා. ඒවායේ සේවය කළ සේවකයින් සියලු දේ අත්පත් කර ගත්තා. ලංකාවේ අණදෙන නිලධාරියා වශයෙන් සර් ජෙෆ්රි ලේටන් මහතා පත් කළා. මේ අතර ලංකාවට එන ආහාර නැව් සබ්මැරීන්වලින් ටෝර්පිඩෝ කර මුහුදේ ගිල්ලවීමට පටන් ගත්තා. ඒ කාලයේ ලංකාවට අවශ්‍ය ආහාර වර්ග සියල්ල ආනයනය කරන ලද්දේ පිටරටින්ය. හාල් ඉන්දියාව, බුරුමය, මෙන්ම සියම වැනි රටවලින්ය. කුළුබඩු වර්ග ද එසේමය. ආහාර නැව් ගිල්ලවීම නිසා ආහාර හිඟයක් ලංකාවේ ඇති විය. ගමේ සිල්ලර කඬේ තිබුණේ ආටා පිටිත්, බජිරිත් පමණකි. හාල් ඇටයක්වත් නැත. ඒ කාලයේ කුඹුරු සරුවට නොතිබුණි. වරායට බෝම්බ දැමීම නිසා වරායේ කම්කරුවන් රැකියාවට ආවේ නැත. ඒනිසා වරායේ නවතා තිබූ ආහාර නැව් කිහිපයක්ම වරායේ මාස ගණනක් හිර විය. එබැවින් ආහාර හිඟය තවදුරටත් උග්‍ර විය. හාල් කොන්ට්‍රෝල් විය. රෙදි කොන්ට්‍රෝල් විය. සතියකට එක් අයකුට හාල් සේරු දෙකක් දෙන්නට නියම විය. සේරු දෙක ටික දිනකින් එක හමාරක් බවට පත් විය. එක හමාර හාල් සේරුව බවට පත් විය. සතියකට හාල් සේරුවකින් ජීවත් විය හැකිද? ඒ කාලයේ එතරම් ජනගහණයක් නොසිටි අතර, එක් අයෙකුට ඉඩම් අක්කරයක් දෙකක් තිබුණි. ඒවායේ කොස්, දෙල් වගාව තිබුණි. අල බතල මඤ්ඤොක්කා වැනි දෑ ද වගා කර තිබුණි. එම නිසා හාල් සේරුව පිරිමසා ගැනුණි. කුඹුරු හිමියන් පමණක් දෙවේල බත් කෑවේය. කුඹුරු හිමියන් ගොයම් පාගනා දිනය ගම් මුලාදෑනියාට දැන්විය යුතුය. එදිනට ගම් මුලාදෑනියා වී මනින බුසලත් රැගෙන කමතට එයි. අස්වැන්න මැන හරියටම බාගයක් රජයට ගනිති. ඒවාට මුදල් ගෙවා කුඹුරු හිමියාට දෙකෙන් පංගුවක් දෙන ලදී. හාල් කූපන් පත් මෙන්ම රෙදි කූපන් පත් ද මුද්‍රණය කෙරුණි. ළදරුවන්ට සතියකට හාල් හුණ්ඩු දෙකක් නියම කෙරුණි. ළදරුවන්ට කිරි පිටි නොමැති විය. ඒ අතර ගමේ එළදෙනුන්ගේ කිරි වලින් ළදරුවන් පෝෂණය විය. ගමේ එළකිරි කොළඹටත් ප්‍රවාහනය කෙරුණි. මේ අතර ගමේ ජනතාවගේ ආරක්ෂාව සඳහා සෑම නිවසකම උමන් ගෙයක් කපන්නට නියම කරන ලදී. බොරැල්ලේ බස් ස්ටෑන්ඞ් එක විශාල උමගක් බවට පත් කළා. බොරැල්ලේ සවිකර ඇති අනතුරු අඟවන යන්ත්‍රය ක්‍රියාත්මක වූ විට සියලු දෙනාම උමං ගෙවල් ඇතුළට යා යුතුයි. එවකට ආරක්ෂක කොමසාරිස් තුමා වශයෙන් පත්ව සිටියේ සර් ඔලිවර් ගුණතිලක මහතායි. ඒ කාලයේ සිංහල යුද භටයන් කිසිවකු ලංකාවේ සිටියේ නැත. ඉක්මනින් යුද ශක්තිය තර කර ගැනීමට තරුණයින් යුද හමුදාවට බඳවා ගැනීමට පුවත්පත්වලින් දැන්වීම් පළ කෙරිණි. බෝම්බවලට ඇති බය නිසා තරුණයින් ඉදිරිපත් වූයේ නැත. පසුව තරුණයින් බලෙන් බන්ඳවා ගන්නවා කියා පළ කෙරිණි. ඉන් පසු ටික දෙනෙක් ඉදිරිපත් විය. බඳවා ගන්නා ස්ථානය වශයෙන් කොල්ලුපිටියේ 399 දරන ගොඩනැගිල්ල තබා ගැනුණි. ආධුනිකයින් බඳවා ගන්නා නිලධාරියා වශයෙන් මර්වින් ජෝසප් මහතා පත් කළේය. ඒ කාලයේ යුද හමුදාවට බැඳීමට කිසිම සහතිකයක් අවශ්‍ය වූයේ නැත. වයස සීමාවක් ද නොතිබුණි. පාසල් යමින් සිටි මමත් ගෙදරින් පැනගොස් ලංකා පා බල හමුදාවට බැඳුනෙමි. යුද හමුදාවට බැඳුණු තරුණයින් වෙන් වෙන් වශයෙන් කොටස් කිහිපයකට බඳවා ගැනුණි. ලංකා පා බල හමුදාව, ලංකා කාලතුවක්කු හමුදාව, ලංකා ඉංජිනේරු හමුදාව, ලංකා ගිනි නිවන හමුදාව වශයෙනි. මේ අයට ඉක්මනින් යුද පුහුණුව ලබාදෙන ලදී. ලංකා පා බල හමුදාවට දියතලාවේ යුද පුහුණුව ලබා දුනි. මටද දියතලාවේදී යුද පුහුණුව ලැබුණි. ඉංජිනේරු හමුදාවට මරදානේ ටෙක්නිකල් කොලේජ් එක හමුදා බාරයට ගැනුණි. එහිදී කාර්මික අංශය පුහුණු කෙරුණි. කාලතුවක්කු හමුදාවට අහස්යානාවලට වෙඩි තැබීමට පුහුණු කළහ. එකල හමුදා පඩිය රුපියල් 30ක් විය. මේ අතර යටත් විජිත රටවල්වලින් පුහුණු යුද භටයින් ගෙන්වා ගන්නා ලදී. කොළඹ නගරයේ තිබුණු පාසල් ආනන්ද, නාලන්ද, රෝයල් හමුදා භාරයට ගැනුණි. ඒවායේ ඇමෙරිකන්, එංගලන්ත, කැනේඩියන්, ඕස්ටේ්රලියන් යුද භටයින් පදිංචි විය. අධ්‍යාපනය ගම්පහට ගෙන යන ලදී. පන්ජාබ්, කාබේරි භටයන් ගොඩබැසීය. කාබේරි භටයන්ව පාලනය කරනු ලැබුවේ ඕස්ටේ්රලියන් හමුදා නිලධාරීන් විසින්ය. ඔවුන් පාලනය කිරීම එතරම් පහසු කාර්යයක් නොවීය. ඔවුන් ඉතාමත් තද කළු, උස මහත කිසිම ශිෂ්ඨාචාරයක් නැති මනුෂ්‍ය වර්ගයකි. ස්නානය කරන්නේ කිසිම වස්ත්‍රයක් ශරීරයේ නොමැතිවය. කාබේරි හමුදාව තැන් තැන්වල කැලෑව එළිකරගෙන කඳවුරු බැඳගත්හ. කොග්ගල කඳවුරේ සිටි කාබේරි භටයින් කබරගෝයි මරාගෙන කා 15 දෙනෙක් පමණ මරණයට පත් විය. යුද නීතිය ප්‍රකාශයට පත් කරන ලදී. අඳුරු නීතිය කොළඹ නගරයේ ඉතාමත් තදින් ක්‍රියාත්මක විය. සවස 6.30ට පසු කිසිම වාහනයක් කොළඹ නගරයට ඇතුල්වීම තහනම් විය. එකල එතරම් වාහනද තිබුණේ නැත. සියලු වාහනවල ඉදිරිපස ලාම්පු දෙක බාගයක් කළු පැහැති කරන ලදී. දුම්රිය ධාවනය ද කොළඹ නගරය තුළ තහනම් විය. අඳුරු නීතිය තදින් ක්‍රියාත්මක විය. නිවස තුළ පත්තු කරනු ලබන ලාම්පු එළිය නිවසින් පිටතට නොපෙනෙන ලෙස තිබිය යුතු විය. රාත්‍රි කාලයේ කිසිදු එළියක් හමුදා කඳවුරක ද නොමැති විය. සවස 6 වන විට හමුදා කඳවුරුවල රාත්‍රි ආහාරය ගෙන අවසන් කළ යුතු විය. මේ කාලයේ ලංකාවේ පරිහරණය වූ මුදල් සියල්ල පිරිසිදු රිදී කාසිය. ශත 5, ශත 10, ශත 25 සහ ශත 50. රුපියල සියල්ලම ආරක්ෂක අංශ එකතු කළහ. ඒවාට කුමක් සිදුවී ද? ඒවා වෙනුවට තඹ, පිත්තල වලින් මුදල් අච්චු ගැසීය. ශත පහටත්, ශත දහයටත් නෝට්ටු මුද්‍රණය කරන ලදී. කොළඹ නගරයේ ආරක්ෂාව තවදුරටත් තර කර ගැනීමට යම් කිසි විදියකින් ජපනා කොළඹ නගරයට පහරදීමට මුහුදෙන් පැමිණියහොත් ඉක්මනින් රට ඇතුළට ඇතුළු වීමට නොහැකි වන සේ ගෝල්ෆේස් පිට්ටනියේ පටන් ගැනීමේ පටන් වරායේ බ්රේක් වෝටර් බැම්ම දක්වා විශාල යකඩ කණු සිටුවා කටු කම්බි රෝලිවලින් වට කළා. වික්ටෝරියා පාලමටත් කෝට්ටේ පාලමටත් බෝම්බ සවි කළා. පන්ජාබ් හමුදා භටයින් විසින් පාලම් මුර කරන ලදී. යම් කිසි විදියකින් ජපනා මුහුදෙන් පැමිණියහොත් මෙම පාලම් දෙකේම බෝම්බ පුපුරවනවා. වික්ටෝරියා පාලම කැඩුවොත් සතුරාට රට ඇතුඵට යාමට නොහැකිය. කෝට්ටේ පාලම කැඩුව හොත් සතුරාට දියවන්නා ඔයෙන් ගොඩබිමට ඇතුල්වීමට නොහැකිය. සතුරාට ජලය නොපෙනෙන ලෙස ජපන් පාසිවලින් වසා දැම්මා. එවිට දුවගෙන එන සතුරා දියවන්නා ඔයේ ගිලෙනවා. කොළඹ නගරයට පිට පළාත්වලින් රැකියාවට එන අය සවස 3.30ට කොළඹ නගරයෙන් පිට විය යුතුයි. ජපනාගේ ඊළඟ ඉලක්කය වූයේ ත්‍රිකුණාමලයේ වරායට පහරදීමයි. ත්‍රිකුණාමලයේ චයිනාබේ තිබූ තෙල් ටැංකිවල තෙල් නළ සවිකර තිබුණේ වරායටයි. ජපන්නු සබ්මැරීන්වලින් ඇතුල්වී තෙල් නළවල කරාම ගලවා පැන ගියහ. ත්‍රිකුණාමලය වරාය කළු තෙල්වලින් පිරුණි. ත්‍රිකුණාමලය වරාය පිහිටි වරායකි. ත්‍රිකුණාමලයේ වරාය කොළඹ වරාය මෙන් දෙගුණයක් විශාල විය. එය චයිනාබේ දක්වා විහිදෙයි. කොළඹ වරායේ වතුර ප්‍රමාණය අක්කර 603කි. ගොඩබිම ගබඩා ආදිය අක්කර 22කි. නැව් 52ක් පාක් කිරීමට හැකියාවක් ඇත. ඒ කාලයේ එතරම් කාලතුවක්කු තිබුණේ නැත. ඒ වෙනුවට විශාල හොර ගස් කපා කුට්ටි කර ඒවායේ තාර ආලේප කර කාලතුවක්කු සවිකර තිබෙන බව පෙනෙන්නට සැලැස්වීය. ඈත සිට බලන සතුරාට පෙනෙන්නේ විශාල කාලතුවක්කු සවිකර ඇති බවකි. එය දැක සතුරා ආපසු යයි. ත්‍රිකුණාමලය අවට යුද කඳවුරු ශක්තිමත් කළා. මේ හොර කොටන් කාලතුවක්කු සවිකිරීමට ලංකා පා බල හමුදාවේ සිටි මමත් විශාල මහන්සියක් දැරුවා. ඒ කාලයේ බැංකෝ යන්ත්‍ර තිබුණේ නැත. මේ අතර උඩින් එන සතුරාට වරායේ නැව් නොපෙනෙන සේ දුම් පටලයක් ඇති කරන ලදී. දුම් කුඩු වර්ගයක් පිරවූ බැරල් වරාය වටේ සවි කළා. මේ බැරල්වලට යන්ත්‍රයකින් දුම් බට සවි කළා. මේ යන්ත්‍රය ක්‍රියාත්මක වූ විට දුම් බටවලින් දුමක් පිටවිය. ඒ දුම ඝන දුම් පටලයකින් නිමවී තිබිණ. ඒ දුම් සුළඟට සෙලවෙන්නේ නැත. පැය බාගයක් පමණ එක තැන රැඳී පවතියි. මේ දුම් අහසට නැගුණ විට අහසින් එන සතුරාට වරයේ නැව් නොපෙනුණි. මේ අතර හමුදාවෙන් පැන යන භටයින්ට දඬුවම් දීමට වෙනම හමුදා බන්ධනාගාරයක් මහර නගරයේ ඉදිකරන ලදී. හමුදා භටයින්ට දඬුවම් දෙන්නේ යුද්ධාධිකරණයෙනි. හමුදාවෙන් පැන ගියොත් මාස 6ක් සිර දඬුවම් විඳීමට සිදු විය. වැරදි කරන කාබේරි භටයින්ට දඬුවම් දෙනු ලැබුවේ ඔස්ටේ්රලියාවේ හමුදා නිලධාරීන් විසින්ය. මේ අතර රුසියන් හමුදාව බර්ලින් නගරයට පහරදීමත් සමඟ හිට්ලර්ගේ බල බිඳුණි. තවදුරටත් සටන් කිරීම නිශ්ඵල බව වටහා ගත් ජර්මනිය 1945 මැයි 8 වෙනිදා යටත්වීමේ ලේඛනයට අත්සන් කරන ලදී. පැසිපික් සාගරයේ පැවති යුද්ධය තවදුරටත් ඇවිලී ගියේය. ජපනා පර්ල් වරායට බෝම්බ දැමීමෙන් පසු ඇමෙරිකාව ජපනාට නියම පාඩම උගන්වන අදහසින් ඉතිහාසයේ මහා ඛේදවාචකයක් සටහන් කරමින් ඇමෙරිකාව ජපානයේ හිරෝෂිමා සහ නාගසාකි නගරවලට පරමානු බෝම්බ හෙළන ලදී. ජීවිත ලක්ෂ ගණනක් විනාශ කරමින් දෙවැනි ලෝක යුද්ධය අවසන් විය. එංගලන්තයේ මහ රැජිණ යුද්ධය ජය ගැනීමේ ප්‍රීතියට සියලු යුද භටයින්ට දින 03ක් දිගටම ජය පානය දුණි. බියර් පීප්ප යුද කඳවුරුවලට ගෙනැවිත් තිබුණි. ඔවුන් දින තුනම බියර් බී විනෝද විය. ලංකාවේ සිටි සිංහල භටයින් දිනකට 500ක් දෙනා නිදහස් කර නිවෙස්වලට යවන ලදී. රෙදි කූපන් නිසා සුදු කලිසම් රෙදි යාර දොළහක් දෙන ලදී. දුම්රියෙන් යන අයට දුම්රිය බලපත් නිකුත් කරන ලදී. පිටරටවලින් පැමිණ සිටි භටයින් තම තමන්ගේ රටවලට පිටත් කර හරින ලදී. මටද සුදු කලිසම් රෙදි යාර 12ක් ලැබුණි. අස්වීමේ සහතිකයක්ද ලැබුණි. එංගලන්තයේ මහ රැජින ඒ වෙලාවේ රට වෙනුවෙන් ඉදිරිපත් වූ තරුණයින්ට අධ්‍යාපන සුදුසුකම් නොබලාම රැකියාවල් දුන්නා. ගොවිතැන් කිරීමට කැමති අයට පොළොන්නරුවෙන් අක්කර 12 බැගින් දුන්නා. මටද පොලීසියේ රැකියාවක් ලැබුණි. එදා හමුදාවට බැඳී අද වයස්ගත වී අසරණ තත්ත්වයේ සිටින අයට කොළඹ කොටුවේ බි්රස්ටල් වීදියේ සේවාමුක්ත භටයින්ගේ සංගමයෙන් ආධාර මුදලක් ගෙවනවා. රට බේරා ගැනීම සඳහා හමුදාවට බැඳී අවුරුදු 3කුත් මාස 9ක් සේවය කළ මම ඉන්පසු පොලිස් සේවාවට බැඳී වසර 32ක කාලයක් සේවය කර විශ්‍රාම ලැබුවෙමි. දැනට මාගේ වයස අවුරුදු 91කි. දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා. [/COLOR][/SIZE] [SIZE="4"][COLOR="Red"]sourse [/COLOR][/SIZE]- [url]http://www.lankadeepa.lk/index.php/articles/436436[/url] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom