Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Yesterday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
WTF is going on bro
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

menna mehema hallak tibba aththada dan na

අද ඩොලර් එක රුපියල 348 ගාණකට වැටුන නිසා කට්ටියම ෆුල් හොල්මන් වෙලා ඉන්න වෙලේ මේ සිද්ධිය ගැන සම්පූර්ණ සමබර විග්‍රහයක් හම්බුනා. කියවලා බලන්න, හොඳ knowledge එකක් ගන්න පුළුවන්.

ඩොලරය කඩා වැටීම.

ඩොලරයක මිල වේගයෙන් පහත වැටෙමින් තිබෙනවා. අද (මාර්තු 2) අන්තර් බැංකු ඩොලර් වෙළඳපොළේ ඩොලරයක මැදි මිල රුපියල් 353.65යි. වාණිජ බැංකු විසින් ඩොලරයක් වෙනුවෙන් ගෙවන මිල රුපියල් 340 පමණ දක්වා පහත වැටී තිබෙනවා. ඇතැම් වාණිජ බැංකු වල ඩොලරයක ගැනුම් මිල ඊටත් අඩුයි. මේ වෙන්නේ කුමක්ද?

ඩොලරයක මිල අඩු වෙන්නේ ඉල්ලුම හා සැපයුම අනුව බව පහසුවෙන්ම කෙනෙකුට කියන්න පුළුවන්. ඩොලරයක මිල ඉල්ලුම හා සැපයුම අනුව නිදහසේ තීරණය වුවත්, ඉල්ලුම හා සැපයුම තීරණය වන්නේ නිදහසේ නොව මහ බැංකුවේ (හා ආණ්ඩුවේ) අවශ්‍යතාවය පරිදියි. ඒ අනුව, මහ බැංකුව විසින් ඩොලරයක මිල පහත වැටෙන්නට ඉඩ සලසා ඇතැයි කිවහොත් එය වැරදි නැහැ.

කාලයක් තිස්සේම මහ බැංකුව විසින් අන්තර්බැංකු වෙළඳපොළෙහි ඩොලරයක මිල විචලනය විය හැකි සීමාව තීරණය කරමින් සිටියා. මගේ මතය නිවැරදිනම්, ආරම්භයේදී මෙම සීමාව වූයේ දෙපැත්තටම රුපියල් 3.60ක්. මෙය ආසන්න වශයෙන් 1%ක විචලනයකට ඉඩ දීමක්.

එහෙත්, ඉතා කෙටි කාලයක් තුළ මහ බැංකුව විසින් ඩොලරයක මිල ඉහළ යා හැකි සීමාව රුපියකට සීමා කළා. ඒ මගින් මහ බැංකුව විසින් වාණිජ බැංකු වලට සංඥා කළේ ඩොලරයක මිල තවත් ඉහළ යනු දැකීම මහ බැංකුවේ අපේක්ෂාව නොවන බවයි.

මෙම සංඥාව වාණිජ බැංකු විසින් ග්‍රහණය කර ගැනීමෙන් අනතුරුව වාණිජ බැංකු විසින් ඩොලරයක මිල තවත් වැඩි නොකර, ඒ වෙනුවට ඩොලර් විකිණීම සීමා කර, තම තමන්ගේ ඩොලර් ඉල්ලුම හා සැපයුම කළමනාකරණය කර ගත්තා. හරියටම කිවුවොත් ඩොලර් ලැබෙන ප්‍රමාණයට ඩොලර් විකිණීම සීමා කළා. පසුව මහ බැංකුව විසින් නැවත ඉහත සීමාව රුපියල් 2.60 දක්වා ඉහළ දමනු ලැබුවේ ඩොලරයක මිල රුපියල් 360 ආසන්නව ස්ථාවර වී ඇති බවත්, රුපියල් 2.60 සීමාව දක්වා වුවද මිල ඉහළ නොයන බවත් තහවුරු කර ගැනීමෙන් පසුවයි. මහ බැංකුවේ අපේක්ෂාව පරිදිම විණිමය අනුපාතය තීරණය වුනා.

මගේ ලියවිලි තුළ මා මහ බැංකුවේ ඉහත ප්‍රවේශය වෙනුවෙන් පෙනී සිටියා. එසේ පෙනී සිටි හේතුවද මා විසින් නැවත නැවත විස්තර කර තිබෙනවා. පැවති තත්ත්වය තුළ ඩොලරයක මිල ඉහළ ගියේ සමපේක්ෂණ ඩොලර් ඉල්ලුම මතයි. සමපේක්ෂණය මත මිල ඉහළ යද්දී එය ස්ථාවර විය හැකි සෛද්ධාන්තික සීමාවක් නැහැ. ඒ නිසා, මිල ඉහළ යන්නට ඉඩ දීමෙන් රටේ ආර්ථිකය තවතවත් අස්ථාවර වනු මිස ස්ථාවර වීමක් සිදු වන්නේ නැහැ. ඒ විදිහට දිගින් දිගටම ඩොලරයක මිල ඉහළ ගියේනම් එය කෙළවර විය හැකිව තිබුණේ රුපියල කිසිදු වටිනාකමක් නැති මුදල් ඒකකයක් බවට පත් වීමෙන් පසුවයි.

ගෙවුණු සඳුදා දිනයේ (පෙබරවාරි 27) මහ බැංකුව විසින් ඩොලරයක මිල මත වූ රුපියල් 2.60 විචලන සීමාව රුපියල් 5.00 දක්වා වැඩි කළා. ඒ, ඊට සමාන්තරව, වාණිජ බැංකු වලට ලැබෙන විදේශ විණිමය ප්‍රමාණයෙන් 25%ක් අනිවාර්යයෙන්ම මහ බැංකුව වෙත විකිණිය යුතු බවට වූ නියමයද 15% දක්වා ලිහිල් කරන අතරයි. මේ හරහා වාණිජ බැංකු වල ඩොලර් ද්‍රවශීලතාව සැලකිය යුතු ලෙස ඉහළ දමන අතරයි. අද වන විට එම සීමාව රුපියල් 7.50 දක්වා ඉහළ දමා තිබෙනවා.

මේ තරම් කෙටි කාලාන්තරයක් තුළ ඉහත සීමාව පුළුල් කිරීම මගින් මහ බැංකුව අපේක්ෂා කරන්නේ කුමක්ද? පවතින වෙළඳපොළ තත්ත්වයන් තුළ ඩොලරයක මිල පහත යාමේ ඉඩක් මිස ඉහළ යාමේ ඉඩක් නැහැ. ඒ අනුව, රුපියල් 7.50 ඉහළ සීමාවෙහි තව දුරටත් තේරුමක් නැහැ. පවතින වෙළඳපොළ තුළ අදාළ වන්නේ පහළ සීමාවයි. ඉහළ සීමාව වැඩි කිරීම පහළ සීමාව වැඩි කිරීම සඳහා යොදාගෙන තිබෙන ආවරණයක් පමණයි.

ඩොලරයක මිල දිනක් තුළ පහළ හා හැකි උපරිම සීමාව රුපියල් 7.50 දක්වා වැඩි කිරීම මගින් මහ බැංකුව විසින් වාණිජ බැංකු වෙත පැහැදිලි ලෙසම සංඥා කර තිබෙන්නේ ඩොලරයක මිල පහත යනු දැකීම මහ බැංකුවේ අපේක්ෂාව බවයි. මෙවැනි තත්ත්වයක් තුළ වාණිජ බැංකු විසින් තමන් වෙත ලැබෙන ඩොලර් හැකි ඉක්මණින් විකුණා දමනු මිස අතේ තියා ගන්නට පෙළඹෙන්නේ නැහැ. මෙහි ප්‍රතිඵලය බැංකු විසින් ඩොලර් විකිණීමට පෙළඹෙන තරමට ඩොලර් මිල දී ගැනීමට පෙළඹීමක් නැති වීමයි. එනම් ඩොලර් ඉල්ලුමට වඩා ඩොලර් සැපයුම වැඩි වීමයි. මෙවැනි තත්ත්වයක් තුළ අනාගතයේ ලැබෙන්නට නියමිත ඩොලර් පවා බැංකු විසින් කලින්ම විකිණීම (short selling) සාමාන්‍ය තත්ත්වයයි.

මේ වගේ තත්ත්වයක් තුළ බැංකු වලින් පිටත සිටින ගනුදෙනුකරුවන් කටයුතු කරන්නේ කෙසේද?

ලංකාවට ඩොලර් එවන අයගේ පැත්තෙන් බැලූ විට මේ වෙලාවේ වාසිදායකම දෙය දවසක් හෝ කලින් සල්ලි එවන එකයි. එමෙන්ම අපනයනකරුවන්ට වාසිදායක හැකි ඉක්මණින් තමන්ගේ ඩොලර් රටට රැගෙන එන එකයි. මේ අනුව පවතින තත්ත්වය තුළ කෙටිකාලීනව රට තුළට ක්ෂණිකව ඩොලර් ප්‍රවාහ ගලා ඒමක් අපේක්ෂා කළ හැකියි. මීට අමතරව මෙවැනි තත්ත්වයක් තුළ ඩොලර් රුපියල් කර භාණ්ඩාගාර බිල්පත් වල ආයෝජනය කරන අයෙකුට 30% පොලියට අමතරව රුපියල ශක්තිමත් වීමේ වාසියද ලබාගත හැකියි. මේ සියල්ලේ ප්‍රතිඵලය කෙටිකාලීනව රුපියල තව තවත් ශක්තිමත් වීමයි.

මේ ආකාරයෙන් රුපියල ශක්තිමත් වීමට ඉඩ හැරීම නිවැරදිද? මගේ අදහස මෙය නිවැරදි නැති බවයි. දේශපාලනික ඉලක්ක නැත්නම්, මහ බැංකුව විසින් කළ යුත්තේ වෙළඳපොළෙන් ඩොලර් මිල දී ගැනීම මගින් ඩොලරයක මිල පහත වැටීම පාලනය කිරීමයි. සමපේක්ෂනය මත පදනම්ව මිල ඉහළ යාම මහ බැංකුව විසින් පාලනය කළ අයුරින්ම, සමපේක්ෂනය මත පදනම්ව මිල පහළ යාමද මහ බැංකුව විසින් පාලනය කළ යුතුයි.

තවමත් කියන්නට කල් වැඩි වුවත්, මහ බැංකුවේ අපේක්ෂාව මෙය නොවන්නට පුළුවන්. පැවති සාර්ව ආර්ථික තත්ත්වයන් තුළ විශාල විදේශ විණිමය ප්‍රමාණයක් රටෙන් එළියට ගියා. ඩොලරය අඩු මිලක තියාගෙන සල්ලි අච්චු ගහද්දී ඒ අච්චු ගැසූ රුපියල් ඩොලර් වී රටෙන් එළියට ගියා. බැංකු පද්ධතියට එන ඩොලර් නොලැබී ගියේ මෙම හුවමාරුව බැංකු පද්ධතියෙන් පිටතදී සිදු වූ නිසයි.

මහ බැංකුවේ අපේක්ෂාව මෙසේ රටින් පිටතට ගිය විදේශ විණිමය නැවත රටට ආකර්ෂණය කර ගැනීමනම් එහි වරදක් නැහැ. ඒ සඳහා, ඩොලරයක මිල යම් තරමකින් පහත වැටෙන්නට ඉඩ හැරියද එහි වරදක් නැහැ. එහෙත්, දේශපාලනික ඉලක්ක නැත්නම්, ඩොලරයක මිල මේ තරම්ම වේගයෙන් පහත වැටෙන්නට ඉඩ හරින්නට අවශ්‍ය නැහැ. ඉහත ඩොලර් ප්‍රමාණය ආකර්ශනය කර ගැනීම සඳහා රුපියල සුළු වශයෙන් අධිප්‍රමාණය වීම ප්‍රමාණවත්.

අපි පරිකල්පනීය තත්ත්වයන් දෙකක් ගැන හිතමු.

පළමු පරිකල්පනීය තත්ත්වය: ඉතා ඉක්මණින් මැතිවරණයක් පවත්වනු ලැබීමට ඉඩකඩ ඇති පසුබිමක දේශපාලන ඉලක්කයක් වෙනුවෙන් කටයුතු කරන රජයකට සහ එම රජය සමඟ සහයෝගයෙන් කටයුතු කරන මහ බැංකුවකට මේ වගේ වෙලාවක කටයුතු කළ හැක්කේ කෙසේද?

බැංකු පද්ධතිය තුළ ඩොලර් ඉල්ලුම හා සැපයුම මත ඩොලරයක මිල වේගයෙන් පහත වැටේ. මහ බැංකුව විසින් ඩොලර් මිල දී ගන්නා නමුත් ඉහත සඳහන් පහත වැටීම පාලනය වන තරමට ඩොලර් මිල දී නොගනී. මේ තත්ත්වය තුළ පසුගිය දෙවසර තුළ රටින් පිට රඳවාගත් ඩොලර් සැලකිය යුතු ප්‍රමාණයක් මසක් වැනි කෙටිකලක් තුළ රටට පැමිණේ. බැංකු පද්ධතියට ලැබෙන ශ්‍රමික ප්‍රේෂණද ඉහළ යයි. ඩොලරයක මිල තවතවත් පහළ යයි. ඩොලරයක මිල විශාල ලෙස පහත යාම මත පදනම්ව රජය විසින් ඉන්ධන මිල අඩු කරයි. ආනයනික භාණ්ඩ බොහොමයක මිල අඩු වෙයි. උද්ධමනය කොහොමටත් අඩුවීමට නියමිතව ඇති පසුබිමක මිල විශාල ලෙස අඩුවීම අවධමන තත්ත්වයක් ඇති කරයි. මහ බැංකුව විසින් අවධමන තත්ත්වය වළක්වමින් මුදල් සැපයුම වැඩි කරයි. මුදල් සැපයුම වැඩි කරද්දී පොලී අනුපාතික වේගයෙන් පහළ යයි. රටේ මධ්‍යම පන්තිය අතේ නැවතත් මුදල් ගැවසෙන්නට පටන් ගනී. ආනයන වෙළඳපොළ නැවත විවෘත වෙයි. මේ සියල්ල මාස දෙකක පමණ කාලයක් තුළ ඉතා ඉක්මණින් සිදු වේ. එහෙත්, මාස හතර පහක් යද්දී සමපේක්ෂණ ඩොලර් පැමිණ අවසන් වන නිසා නැවතත් විණිමය අනුපාතය මත පීඩනය ඉහළ යයි.

දෙවන පරිකල්පනීය තත්ත්වය: දිගුකාලීනව රටේ ආර්ථිකය ස්ථායී කිරීමේ ඉලක්කයක් ඇතිව කටයුතු කරන රජයකට සහ මහ බැංකුවකට මේ වගේ වෙලාවක කටයුතු කළ හැක්කේ කෙසේද?

බැංකු පද්ධතිය තුළ ඩොලර් ඉල්ලුම හා සැපයුම මත ඩොලරයක මිල වේගයෙන් පහත වැටේ. මහ බැංකුව විසින් සක්‍රිය ලෙස මැදිහත්ව වෙළඳපොළෙන් ඩොලර් මිල දී ගනිමින් ඉහත සඳහන් පහත වැටීම බොහෝ දුරට පාලනය කරයි. එහෙත් ඩොලරයක මිල අඩු වේගයකින්, යම් තරමකින් පහත වැටෙන්නට ඉඩ හරී. මේ තත්ත්වය තුළ පසුගිය දෙවසර තුළ රටින් පිට රඳවාගත් ඩොලර් යම් ප්‍රමාණයක් ක්‍රමක්‍රමයෙන් රට තුළට පැමිණේ. බැංකු පද්ධතියට ලැබෙන ශ්‍රමික ප්‍රේෂණද තරමක් ඉහළ යයි. ඩොලරයක මිල යම් තරමකින් පහළ යන නමුත් විශාල ලෙස පහළ නොයයි. ඩොලරයක මිල පහත යාම මත පදනම්ව රජය විසින් ඉන්ධන මිල අඩු නොකරයි. එයින් ලැබෙන අමතර ලාබය තෙල් සංස්ථාවේ අලාබ පියවීම සඳහා යොදා ගනී. ආනයනික භාණ්ඩ වල මිල තවදුරටත් වැඩි නොවන නමුත් අඩු වන්නේද නැත. උද්ධමනය අපේක්ෂිත පරිදි අඩුවේ. එහෙත් අවධමන තත්ත්වයක් ඇති නොවේ. මහ බැංකුව විසින් මුදල් සැපයුම වැඩි නොකරයි. ඩොලර් මිල දී ගැනීමේදී ඉහළ යන මුදල් සැපයුම මහ බැංකුව සතු භාණ්ඩාගාර බිල්පත් විකිණීම මගින් නැවත එකතු කර ගනී. රජයට විදේශ ණය ලැබීමට අනුරූපව මිස සල්ලි අච්චු ගැසීම නිසා පොලී අනුපාතික පහළ නොයයි. ආනයන වෙළඳපොළ නැවත විවෘත වන නමුත් ඉහළ විණිමය අනුපාතය හේතුවෙන් තව දුරටත් ආනයන අධෛර්යමත් වේ. විණිමය අනුපාතය තිරසාර ලෙස පවත්වා ගත හැක.

පළමු පරිකල්පනීය තත්ත්වය සිදුවෙයි කියා මම නොහිතන තත්ත්වයක්. මහ බැංකුව විසින් ඩොලරයක මිල ඉහළ යාම පාලනය කළ අයුරින්ම ඩොලරයක මිල පහළ යාමද පාලනය කරයි කියා මම හිතනවා.

[QUOTE="33000v, post: 28652217, member: 484272"] menna mehema hallak tibba aththada dan na අද ඩොලර් එක රුපියල 348 ගාණකට වැටුන නිසා කට්ටියම ෆුල් හොල්මන් වෙලා ඉන්න වෙලේ මේ සිද්ධිය ගැන සම්පූර්ණ සමබර විග්‍රහයක් හම්බුනා. කියවලා බලන්න, හොඳ knowledge එකක් ගන්න පුළුවන්. ඩොලරය කඩා වැටීම. ඩොලරයක මිල වේගයෙන් පහත වැටෙමින් තිබෙනවා. අද (මාර්තු 2) අන්තර් බැංකු ඩොලර් වෙළඳපොළේ ඩොලරයක මැදි මිල රුපියල් 353.65යි. වාණිජ බැංකු විසින් ඩොලරයක් වෙනුවෙන් ගෙවන මිල රුපියල් 340 පමණ දක්වා පහත වැටී තිබෙනවා. ඇතැම් වාණිජ බැංකු වල ඩොලරයක ගැනුම් මිල ඊටත් අඩුයි. මේ වෙන්නේ කුමක්ද? ඩොලරයක මිල අඩු වෙන්නේ ඉල්ලුම හා සැපයුම අනුව බව පහසුවෙන්ම කෙනෙකුට කියන්න පුළුවන්. ඩොලරයක මිල ඉල්ලුම හා සැපයුම අනුව නිදහසේ තීරණය වුවත්, ඉල්ලුම හා සැපයුම තීරණය වන්නේ නිදහසේ නොව මහ බැංකුවේ (හා ආණ්ඩුවේ) අවශ්‍යතාවය පරිදියි. ඒ අනුව, මහ බැංකුව විසින් ඩොලරයක මිල පහත වැටෙන්නට ඉඩ සලසා ඇතැයි කිවහොත් එය වැරදි නැහැ. කාලයක් තිස්සේම මහ බැංකුව විසින් අන්තර්බැංකු වෙළඳපොළෙහි ඩොලරයක මිල විචලනය විය හැකි සීමාව තීරණය කරමින් සිටියා. මගේ මතය නිවැරදිනම්, ආරම්භයේදී මෙම සීමාව වූයේ දෙපැත්තටම රුපියල් 3.60ක්. මෙය ආසන්න වශයෙන් 1%ක විචලනයකට ඉඩ දීමක්. එහෙත්, ඉතා කෙටි කාලයක් තුළ මහ බැංකුව විසින් ඩොලරයක මිල ඉහළ යා හැකි සීමාව රුපියකට සීමා කළා. ඒ මගින් මහ බැංකුව විසින් වාණිජ බැංකු වලට සංඥා කළේ ඩොලරයක මිල තවත් ඉහළ යනු දැකීම මහ බැංකුවේ අපේක්ෂාව නොවන බවයි. මෙම සංඥාව වාණිජ බැංකු විසින් ග්‍රහණය කර ගැනීමෙන් අනතුරුව වාණිජ බැංකු විසින් ඩොලරයක මිල තවත් වැඩි නොකර, ඒ වෙනුවට ඩොලර් විකිණීම සීමා කර, තම තමන්ගේ ඩොලර් ඉල්ලුම හා සැපයුම කළමනාකරණය කර ගත්තා. හරියටම කිවුවොත් ඩොලර් ලැබෙන ප්‍රමාණයට ඩොලර් විකිණීම සීමා කළා. පසුව මහ බැංකුව විසින් නැවත ඉහත සීමාව රුපියල් 2.60 දක්වා ඉහළ දමනු ලැබුවේ ඩොලරයක මිල රුපියල් 360 ආසන්නව ස්ථාවර වී ඇති බවත්, රුපියල් 2.60 සීමාව දක්වා වුවද මිල ඉහළ නොයන බවත් තහවුරු කර ගැනීමෙන් පසුවයි. මහ බැංකුවේ අපේක්ෂාව පරිදිම විණිමය අනුපාතය තීරණය වුනා. මගේ ලියවිලි තුළ මා මහ බැංකුවේ ඉහත ප්‍රවේශය වෙනුවෙන් පෙනී සිටියා. එසේ පෙනී සිටි හේතුවද මා විසින් නැවත නැවත විස්තර කර තිබෙනවා. පැවති තත්ත්වය තුළ ඩොලරයක මිල ඉහළ ගියේ සමපේක්ෂණ ඩොලර් ඉල්ලුම මතයි. සමපේක්ෂණය මත මිල ඉහළ යද්දී එය ස්ථාවර විය හැකි සෛද්ධාන්තික සීමාවක් නැහැ. ඒ නිසා, මිල ඉහළ යන්නට ඉඩ දීමෙන් රටේ ආර්ථිකය තවතවත් අස්ථාවර වනු මිස ස්ථාවර වීමක් සිදු වන්නේ නැහැ. ඒ විදිහට දිගින් දිගටම ඩොලරයක මිල ඉහළ ගියේනම් එය කෙළවර විය හැකිව තිබුණේ රුපියල කිසිදු වටිනාකමක් නැති මුදල් ඒකකයක් බවට පත් වීමෙන් පසුවයි. ගෙවුණු සඳුදා දිනයේ (පෙබරවාරි 27) මහ බැංකුව විසින් ඩොලරයක මිල මත වූ රුපියල් 2.60 විචලන සීමාව රුපියල් 5.00 දක්වා වැඩි කළා. ඒ, ඊට සමාන්තරව, වාණිජ බැංකු වලට ලැබෙන විදේශ විණිමය ප්‍රමාණයෙන් 25%ක් අනිවාර්යයෙන්ම මහ බැංකුව වෙත විකිණිය යුතු බවට වූ නියමයද 15% දක්වා ලිහිල් කරන අතරයි. මේ හරහා වාණිජ බැංකු වල ඩොලර් ද්‍රවශීලතාව සැලකිය යුතු ලෙස ඉහළ දමන අතරයි. අද වන විට එම සීමාව රුපියල් 7.50 දක්වා ඉහළ දමා තිබෙනවා. මේ තරම් කෙටි කාලාන්තරයක් තුළ ඉහත සීමාව පුළුල් කිරීම මගින් මහ බැංකුව අපේක්ෂා කරන්නේ කුමක්ද? පවතින වෙළඳපොළ තත්ත්වයන් තුළ ඩොලරයක මිල පහත යාමේ ඉඩක් මිස ඉහළ යාමේ ඉඩක් නැහැ. ඒ අනුව, රුපියල් 7.50 ඉහළ සීමාවෙහි තව දුරටත් තේරුමක් නැහැ. පවතින වෙළඳපොළ තුළ අදාළ වන්නේ පහළ සීමාවයි. ඉහළ සීමාව වැඩි කිරීම පහළ සීමාව වැඩි කිරීම සඳහා යොදාගෙන තිබෙන ආවරණයක් පමණයි. ඩොලරයක මිල දිනක් තුළ පහළ හා හැකි උපරිම සීමාව රුපියල් 7.50 දක්වා වැඩි කිරීම මගින් මහ බැංකුව විසින් වාණිජ බැංකු වෙත පැහැදිලි ලෙසම සංඥා කර තිබෙන්නේ ඩොලරයක මිල පහත යනු දැකීම මහ බැංකුවේ අපේක්ෂාව බවයි. මෙවැනි තත්ත්වයක් තුළ වාණිජ බැංකු විසින් තමන් වෙත ලැබෙන ඩොලර් හැකි ඉක්මණින් විකුණා දමනු මිස අතේ තියා ගන්නට පෙළඹෙන්නේ නැහැ. මෙහි ප්‍රතිඵලය බැංකු විසින් ඩොලර් විකිණීමට පෙළඹෙන තරමට ඩොලර් මිල දී ගැනීමට පෙළඹීමක් නැති වීමයි. එනම් ඩොලර් ඉල්ලුමට වඩා ඩොලර් සැපයුම වැඩි වීමයි. මෙවැනි තත්ත්වයක් තුළ අනාගතයේ ලැබෙන්නට නියමිත ඩොලර් පවා බැංකු විසින් කලින්ම විකිණීම (short selling) සාමාන්‍ය තත්ත්වයයි. මේ වගේ තත්ත්වයක් තුළ බැංකු වලින් පිටත සිටින ගනුදෙනුකරුවන් කටයුතු කරන්නේ කෙසේද? ලංකාවට ඩොලර් එවන අයගේ පැත්තෙන් බැලූ විට මේ වෙලාවේ වාසිදායකම දෙය දවසක් හෝ කලින් සල්ලි එවන එකයි. එමෙන්ම අපනයනකරුවන්ට වාසිදායක හැකි ඉක්මණින් තමන්ගේ ඩොලර් රටට රැගෙන එන එකයි. මේ අනුව පවතින තත්ත්වය තුළ කෙටිකාලීනව රට තුළට ක්ෂණිකව ඩොලර් ප්‍රවාහ ගලා ඒමක් අපේක්ෂා කළ හැකියි. මීට අමතරව මෙවැනි තත්ත්වයක් තුළ ඩොලර් රුපියල් කර භාණ්ඩාගාර බිල්පත් වල ආයෝජනය කරන අයෙකුට 30% පොලියට අමතරව රුපියල ශක්තිමත් වීමේ වාසියද ලබාගත හැකියි. මේ සියල්ලේ ප්‍රතිඵලය කෙටිකාලීනව රුපියල තව තවත් ශක්තිමත් වීමයි. මේ ආකාරයෙන් රුපියල ශක්තිමත් වීමට ඉඩ හැරීම නිවැරදිද? මගේ අදහස මෙය නිවැරදි නැති බවයි. දේශපාලනික ඉලක්ක නැත්නම්, මහ බැංකුව විසින් කළ යුත්තේ වෙළඳපොළෙන් ඩොලර් මිල දී ගැනීම මගින් ඩොලරයක මිල පහත වැටීම පාලනය කිරීමයි. සමපේක්ෂනය මත පදනම්ව මිල ඉහළ යාම මහ බැංකුව විසින් පාලනය කළ අයුරින්ම, සමපේක්ෂනය මත පදනම්ව මිල පහළ යාමද මහ බැංකුව විසින් පාලනය කළ යුතුයි. තවමත් කියන්නට කල් වැඩි වුවත්, මහ බැංකුවේ අපේක්ෂාව මෙය නොවන්නට පුළුවන්. පැවති සාර්ව ආර්ථික තත්ත්වයන් තුළ විශාල විදේශ විණිමය ප්‍රමාණයක් රටෙන් එළියට ගියා. ඩොලරය අඩු මිලක තියාගෙන සල්ලි අච්චු ගහද්දී ඒ අච්චු ගැසූ රුපියල් ඩොලර් වී රටෙන් එළියට ගියා. බැංකු පද්ධතියට එන ඩොලර් නොලැබී ගියේ මෙම හුවමාරුව බැංකු පද්ධතියෙන් පිටතදී සිදු වූ නිසයි. මහ බැංකුවේ අපේක්ෂාව මෙසේ රටින් පිටතට ගිය විදේශ විණිමය නැවත රටට ආකර්ෂණය කර ගැනීමනම් එහි වරදක් නැහැ. ඒ සඳහා, ඩොලරයක මිල යම් තරමකින් පහත වැටෙන්නට ඉඩ හැරියද එහි වරදක් නැහැ. එහෙත්, දේශපාලනික ඉලක්ක නැත්නම්, ඩොලරයක මිල මේ තරම්ම වේගයෙන් පහත වැටෙන්නට ඉඩ හරින්නට අවශ්‍ය නැහැ. ඉහත ඩොලර් ප්‍රමාණය ආකර්ශනය කර ගැනීම සඳහා රුපියල සුළු වශයෙන් අධිප්‍රමාණය වීම ප්‍රමාණවත්. අපි පරිකල්පනීය තත්ත්වයන් දෙකක් ගැන හිතමු. පළමු පරිකල්පනීය තත්ත්වය: ඉතා ඉක්මණින් මැතිවරණයක් පවත්වනු ලැබීමට ඉඩකඩ ඇති පසුබිමක දේශපාලන ඉලක්කයක් වෙනුවෙන් කටයුතු කරන රජයකට සහ එම රජය සමඟ සහයෝගයෙන් කටයුතු කරන මහ බැංකුවකට මේ වගේ වෙලාවක කටයුතු කළ හැක්කේ කෙසේද? බැංකු පද්ධතිය තුළ ඩොලර් ඉල්ලුම හා සැපයුම මත ඩොලරයක මිල වේගයෙන් පහත වැටේ. මහ බැංකුව විසින් ඩොලර් මිල දී ගන්නා නමුත් ඉහත සඳහන් පහත වැටීම පාලනය වන තරමට ඩොලර් මිල දී නොගනී. මේ තත්ත්වය තුළ පසුගිය දෙවසර තුළ රටින් පිට රඳවාගත් ඩොලර් සැලකිය යුතු ප්‍රමාණයක් මසක් වැනි කෙටිකලක් තුළ රටට පැමිණේ. බැංකු පද්ධතියට ලැබෙන ශ්‍රමික ප්‍රේෂණද ඉහළ යයි. ඩොලරයක මිල තවතවත් පහළ යයි. ඩොලරයක මිල විශාල ලෙස පහත යාම මත පදනම්ව රජය විසින් ඉන්ධන මිල අඩු කරයි. ආනයනික භාණ්ඩ බොහොමයක මිල අඩු වෙයි. උද්ධමනය කොහොමටත් අඩුවීමට නියමිතව ඇති පසුබිමක මිල විශාල ලෙස අඩුවීම අවධමන තත්ත්වයක් ඇති කරයි. මහ බැංකුව විසින් අවධමන තත්ත්වය වළක්වමින් මුදල් සැපයුම වැඩි කරයි. මුදල් සැපයුම වැඩි කරද්දී පොලී අනුපාතික වේගයෙන් පහළ යයි. රටේ මධ්‍යම පන්තිය අතේ නැවතත් මුදල් ගැවසෙන්නට පටන් ගනී. ආනයන වෙළඳපොළ නැවත විවෘත වෙයි. මේ සියල්ල මාස දෙකක පමණ කාලයක් තුළ ඉතා ඉක්මණින් සිදු වේ. එහෙත්, මාස හතර පහක් යද්දී සමපේක්ෂණ ඩොලර් පැමිණ අවසන් වන නිසා නැවතත් විණිමය අනුපාතය මත පීඩනය ඉහළ යයි. දෙවන පරිකල්පනීය තත්ත්වය: දිගුකාලීනව රටේ ආර්ථිකය ස්ථායී කිරීමේ ඉලක්කයක් ඇතිව කටයුතු කරන රජයකට සහ මහ බැංකුවකට මේ වගේ වෙලාවක කටයුතු කළ හැක්කේ කෙසේද? බැංකු පද්ධතිය තුළ ඩොලර් ඉල්ලුම හා සැපයුම මත ඩොලරයක මිල වේගයෙන් පහත වැටේ. මහ බැංකුව විසින් සක්‍රිය ලෙස මැදිහත්ව වෙළඳපොළෙන් ඩොලර් මිල දී ගනිමින් ඉහත සඳහන් පහත වැටීම බොහෝ දුරට පාලනය කරයි. එහෙත් ඩොලරයක මිල අඩු වේගයකින්, යම් තරමකින් පහත වැටෙන්නට ඉඩ හරී. මේ තත්ත්වය තුළ පසුගිය දෙවසර තුළ රටින් පිට රඳවාගත් ඩොලර් යම් ප්‍රමාණයක් ක්‍රමක්‍රමයෙන් රට තුළට පැමිණේ. බැංකු පද්ධතියට ලැබෙන ශ්‍රමික ප්‍රේෂණද තරමක් ඉහළ යයි. ඩොලරයක මිල යම් තරමකින් පහළ යන නමුත් විශාල ලෙස පහළ නොයයි. ඩොලරයක මිල පහත යාම මත පදනම්ව රජය විසින් ඉන්ධන මිල අඩු නොකරයි. එයින් ලැබෙන අමතර ලාබය තෙල් සංස්ථාවේ අලාබ පියවීම සඳහා යොදා ගනී. ආනයනික භාණ්ඩ වල මිල තවදුරටත් වැඩි නොවන නමුත් අඩු වන්නේද නැත. උද්ධමනය අපේක්ෂිත පරිදි අඩුවේ. එහෙත් අවධමන තත්ත්වයක් ඇති නොවේ. මහ බැංකුව විසින් මුදල් සැපයුම වැඩි නොකරයි. ඩොලර් මිල දී ගැනීමේදී ඉහළ යන මුදල් සැපයුම මහ බැංකුව සතු භාණ්ඩාගාර බිල්පත් විකිණීම මගින් නැවත එකතු කර ගනී. රජයට විදේශ ණය ලැබීමට අනුරූපව මිස සල්ලි අච්චු ගැසීම නිසා පොලී අනුපාතික පහළ නොයයි. ආනයන වෙළඳපොළ නැවත විවෘත වන නමුත් ඉහළ විණිමය අනුපාතය හේතුවෙන් තව දුරටත් ආනයන අධෛර්යමත් වේ. විණිමය අනුපාතය තිරසාර ලෙස පවත්වා ගත හැක. පළමු පරිකල්පනීය තත්ත්වය සිදුවෙයි කියා මම නොහිතන තත්ත්වයක්. මහ බැංකුව විසින් ඩොලරයක මිල ඉහළ යාම පාලනය කළ අයුරින්ම ඩොලරයක මිල පහළ යාමද පාලනය කරයි කියා මම හිතනවා. [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom