YAKO MUTH HOREKDA ETHAKOTA??????????????කොළඹ මාධ්‍ය හමුවක්.. පොහොට්ටු ලේකම්ට වංචා දුෂණ චෝදනා රැසක්..

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

    අදාල කරුණු සම්බන්ධයෙන් කොළඹ පැවති මාධ්‍ය හමුවකදීද සංගමයේ සභාපතිවරයා කරුණු දැක්වූ අතර එම වීඩියෝවද පහතින් දැක්වෙයි.

    මාධ්‍ය නිවේදනය.

    2013 – 2015 වස‌ෙර් ලංකා විදුලි පුද්ගලික සමාගමේ සභාපති ලෙස කටයුතු කල වර්තමාන පාර්ලිමේන්තු මන්ත්‍රි පොහොට්ටුවේ ලේකම් සාගර කාරියවසම් විදුලි ව්‍යාපෘතියක් තමා අධ්‍යක්ෂක ලෙස කටයුතු කරන සමාගමකට දීලා!


    මෙරට විදුලි පාරිභෝගිකයාට විදුලි සම්බන්ධතා ලබා ගැනීම සදහා ආයතන දෙකක් පිහිටුවා ඇත. එම ආයතන වන්නේ ලංකා විදුලි බල මණ්ඩලය හා ලංකා විදුලි පුද්ගලික සමාගමයි. ලංකා විදුලි පුද්ගලික සමාගම යනු අර්ධ රාජ්‍ය ආයතනයකි.

    ලංකා විදුලි පුද්ගලික සමාගම දූෂණ හා වංචා සදහා ඉමහත් ප්‍රසිද්ධියක් උසුලන ආයතනයකි. සී/ස ලංකා විදුලි පුද්ගලික සමාගමේ වෘත්තීය සමිති එකමුතුව විසින් සී/ස ලංකා විදුලි පුද්ගලික සමාගමේ සිදුවූ හා සිදුවෙමින් පවතින වංචා හා දූෂණ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගන්නැයි එවකට අමාත්‍ය ධූරය දැරෑ රංජිත් සියඔලාපිටිය ඇමතිවරයාගෙන් කරන ලද ලිඛිත ඉල්ලීමකට අනුව 2018/6/19 දින අමාත්‍යාවරයා විසින් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන ලෙස විදුලිබල හා පුනර්ජනනීය අමාත්‍යාංශයේ ලේකම්වරයා නියෝග කරන ලදී. අනුව ලේකම්වරයා විසින් PE/1A/140 දරණ 2018/07/10 දිනැති ලිපිය මගින් පූර්ණ පංචපුද්ගල කමිටුවක් පත් කර ඇති අතර.එකී කමිටුවේ වාර්තාව 2018/10/09 වන දින එළ දක්වන ලදී.

    එම වාර්තාව මගින් සී/ස ලංකා විදුලි පුද්ගලික සමාගමේ සිදුවූ දූෂණ හා වංචා කිහිපයකට නරේන්ද්‍ර සිල්වා‌ගේ සම්බන්ධයක් ඇති බවට අනාවරණය කර ඇත. වැඩිදුරටත් එම වාර්තාවෙන් පෙන්වා දෙන්නේ ඉංජිනේරු අංශ ප්‍රධානී නරේන්ද්‍ර සිල්වා වරලත් ඉංජිනේරු සහතිකය ‌ෙනාමැතිව ඉංජිනේරු අංශයට බදවා ගෙන ඇති බවයි. ඔහුගේ සැළසුමකට අනුව නුගේගොඩ භූගත කේබල් ව්‍යාපෘතිය අසාර්ථක වූ බවද එම වාර්තාව සදහන් කරයි. තවද ඔහුගේ නිවසට නීති විරෝධී ආකාරයෙන් විදුලි සැපයුමක් ලබා ගෙන ඇති බවද නරේන්ද්‍ර සිල්වා ආයතනයේ වාහන ණය ලබා ගැනීමේදී සිදු වී ඇතැයි කියන අක්‍රමිකතා සම්බන්ධයෙන් පහත සදහන් නිගමනයන්ට එළඔ ඇත.

    1. නිළධාරියා විසින් ඔහුගේ භාර්යාවගේ නමට ඇති සහනදායි පදනම මත මෝටර් රථයක් ආනයනය කිරීමට ලද බලපත්‍රයක් මගින් ලෙකෝ සමාගමෙන් වාහණ ණය මුදලක් ලබා ගෙන මෝටර් රථයක් ආනයනය කර ඇත. මෙම ක්‍රමයට වාහනයක් ගෙන්වීම සදහා පවතින ආයතන චක්‍රලේඛණ වලින් ඉඩක් නොලැබෙන බව කමිටුවේ හැගීම බව.
    2. උක්ත කරුණ අනුව නරේන්ද්‍ර සිල්වා සිල්වා විසින් වාහනය මිලදී ගැනීමට ණය අයදුම්පත ඉදිරිපත් කරන අවස්ථාවේදී ඉදිරිපත් කර ඇති තොරතුරු නිවැරදි නොවන බව තහවුරුවන බව
    මේ වන විට දූෂිත නර්ද්‍ර සිල්වා ලංකා විදුලි පුද්ගලික සමාගමේ සාමාන්‍යධිකාරිවරයා ලෙස කටයතු කරනු ලබයි.

    නුගේගොඩ ලෙකෝ බල ප්‍රදේශයේ යටිබහන් එළිමේ ව්‍යාපෘතිය

    නුගේගොඩ ලෙකෝ බල ප්‍රදේශයේ යටිබහන් එළිමේ ව්‍යාපෘතිය සෙරන්ඩිබ් ඉංජිනේරින් ආයතනයට 2014/8/04 වන දින ලබා දී ඇත.මෙම කොන්ත්‍රාත්තුව අදාල සමාගමට ලබා දෙන අවස්ථාවේ ලංකා විදුලි පුද්ගලික සමාගමේ සභාපතිවරයා ලෙස කටයුතු කරමින් සිටියේ සාගර කාරියවසම් යන අයය. සාගර කාරියවසම් යනු පොදුජන පෙරමුණ හෙවත් පොහොට්ටුවේ ලේකම්වරයාය. ඔහු මෙම කොන්ත්‍රාත්තුව ලබා දී ඇති සමාගමේ අධ්‍යක්ෂකවරයකි. රාජ්‍ය ආයතනයක සභාපති වරයෙකු විසින් තමන් අධ්‍යක්ෂක ධූරයක් දරණ සමාගමට කොන්ත්‍රාත්තුවක් ලබා දීම නීති විරෝධී ක්‍රියාවකි. තවද මෙම කොන්ත්‍රාත්තුව අදාල සමාගමට ලබාදී ඇත්තේ නිසි ටෙන්ඩර් කැඳවීමකින් තොරව ය. මෙම ව්‍යාපෘතිය අසාර්ථක ව්‍යාපෘතියක් වන අතර මේ සඳහා ජනතා මුදල් මිලියන 400ක් පමණ වැය වී ඇත. එහෙත් මෙම ව්‍යාපෘතියෙන් කිසිදු ප්‍රයෝජනයක් නැත. සීමාසහිත ලංකා විදුලි පුද්ගලික සමාගම සිදුව ඇති හා සිදුවෙමින් පවතින දූෂණ වංචා පිළිබඳ කමිටු වාර්තාවේ අදාල නුගේගොඩ බල ප්‍රදේශය ඇති යටිබහන් එළිමේ ව්‍යාපෘතිය සම්බන්ධව මෙසේ සදහන්කර ඇත. ‘’කේබල් එළිම සඳහා වූ පිරිවැය පිළිබඳ සම්මත නිර්ණායකයන් ලෙකෝ සමාගම තුළ නොමැති බැවින් එස්. ටී. ගුණවර්ධනය යන අයගෙන් සමන්විත කමිටුවක් මගින් සම්මත මිලක් තීරණය කර ඒ සඳහා සාමාන්‍යාධිකාරී හා සභාපතිගේ අනුමැතිය ලබාගෙන ඇත. එහි ඇස්තමේන්තු මුදල රු.22,153,450.00 කි.

    එකී කමිටු වාර්තාවේ නුගේගොඩ ලෙකෝ බල ප්‍රදේශයේ යටිබහන් එළිමේ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් පහත නිගමන ඉදිරිපත් කර ඇත.

    ‘’උක්ත කරුණු අනුව නීරීක්ෂණය වන්නේ මෙම ව්‍යාපෘතිය නිෂ්චිත ප්‍රමාණවත් සැළසුමක් නොමැතිව ක්‍රියාත්මක් වී ඇති බවත් මෙම ව්‍යාපෘතිය සදහා මේ වන විට රුපියල් මිලියන 201 ක් පමණ වැය කර ඇතත් මේ දක්වා සාර්ථක ප්‍රතිපල / අපේක්ෂිත ප්‍රතිලාභ ලබා ගැනීමට අසමත් වී ඇති බවත් පෙනී යයි’’.

    එස්. ටී. ගුණවර්ධන නැමැති අයට වරලත් ඉංජිනේරු සහතිකය නොමැති වුවද ඔහු මේවන විට ප්‍රධාන ඉංජිනේරු ධුරයේ පිහිටුවීම සදහා කටයතු සුදානම් කරමින් සිටි.

    ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මැතිවරණ පොරොන්දු ප්‍රකාශයේ සදහන් වන්නේ දූෂණයෙන් තොර කාර්යක්ෂම පාලනයක් සහතික කරන බවය. එම ප්‍රකාශයේ තවදුරටත් සදහන් වන්නේ ‘’වංචා හා දූෂණ වලට සම්බන්ධ අප පක්ෂයේ ඔීනෑම තලයක මහජන නියොජිතයින් හෝ ඉහළ නිළධාරීන් වහාම පක්ෂයෙන් ඉවත් කරන අතර කිසිදු බලපෑමකින් තොරව නීතිය ක්‍රියාවේ යෙදවීමට සහය ලබා දෙනු ඇත.ඒ සදහා අල්ලස් හො දූෂණ විමර්ශණ කොමිෂන් සභාව ශක්තිමත් කරනු ලැබේ’’.

    මෙවැනි වංච හා දූෂණ නිසා විදුලි ඒකකයක මිල ඉහළ යන අතර ඒ වැඩි වන මුදල ගෙවීමට සිදුවන්නේ මෙරට විදුලි පාරිභෝගිකයින්ටය.

    ජනාධිපතිතුමනි වහාම රාජ්‍ය අංශයේ දූෂණ හා වංචා වැලැක්වීමට කටයතු කරන්න. දූෂිතයින්ට තරාතිරම නොබලා දඩුවම් ලබා දෙන්න.

    මීට විශ්වාසී,

    රංජිත් විතානගේ
    සභාපති
    පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,306
    1
    59,413
    113
    Kaduwela
    සාගර විමල්ගෙන් ගේම ඉල්ලුවා. මහින්දයා ගානට ගේම දුන්නා.
    මහින්දයයි බැසිලුයි ආතල් ගන්නවා, පුක දෙන එවුන් කෙලවගන්නවා.
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    සාගර විමල්ගෙන් ගේම ඉල්ලුවා. මහින්දයා ගානට ගේම දුන්නා.
    මහින්දයයි බැසිලුයි ආතල් ගන්නවා, පුක දෙන එවුන් කෙලවගන්නවා.

    othana serama passawal lowanne menna me nugath moda nawala handiye Jangi wikunana balli @2osama
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,331
    36,439
    113
    කෑගල්ල
    පොහොට්ටුව කීවොත් ඉතින් කම්ම්බ හොරු තමා 🤣🤣🤣. නැත්තම් මොකද ඔච්චර කෙප්ප ගොඩක් කෙලලා. අවුරුදු 5 පන්සල් ගානේ බඩගාලා ගාලා පච වපුරවලා මොඩයෝ ටික රවට්ටලා බලය ගත්තේ. හොරකම් කරන්න 🤣🤣🤣.
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,880
    8
    35,521
    113
    if so why these were not revealed till he attacked equally corrupt Wimal! Can we see any connection?
    Probably another episode of a continuing drama. Talking of corruption - Who isn't corrupt? They are all certified crooks right down from the President.
     
    • Like
    Reactions: nikdw

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    පක්ෂය හදපු ඵකත් පල් හොරෙක්නෙ..පවුලෙ ඉන්නෙත් හොරුයි, මිනීමරුවොයි විතරයි..ඉතිං ඒ පක්ෂයේ අනිත් උන් උපාසකයො වෙන්න බැහැනේ..😅😅

    Screenshot_2021-01-25-11-04-06_copy_476x476.png